14 July 2011

රාහුල...

මට තේරෙන්නෙ නැහැ මේක මං උඹට කොහොමද කියන්නෙ කියලා... උඹට මං කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලවත් මම දන්නෙ නැහැ..සමහර විට උඹ තේරුම් ගනීවි..ඒත් අද නෙවෙයි.. තව හුග කාලෙකට පස්සෙ...

ඇත්තටම මට ඕන උනේ නැහැ උඹව ගේන්න..උඹව මේ ලෝකෙට ගේන්න...ඒත් උඹ ආවා..මගේ කැමැත්ත ගැන කිසිම හෙවිල්ලක් බැළිල්ලක් නැතිව උඹ ආවා..මං දන්නවා මේක උඹ තනියම කරපු දෙයක් නෙවෙයි කියලා..මේකට අනිවාර්යෙන්ම අර ගෑනි සම්බන්ධයි..ඔව් වෙන කවුරුවත් නෙවෙයි උඹේ අම්මා..

මං ඔය මනුස්සයට කිව්වා...හොදාකාරවම කිව්වා...ඒත් මං කියපු දේවල් ඒකි තඹේකට මායිම් කරලා නැහැ.නැත්තං අද උඹ මෙතන නැහැනේ...

නැහැ නැහැ මේක උඹත් එක්ක මගේ පෞද්ගලික තරහක් නෙවෙයි..උඹ කවුද කියලවත් මම දන්නෙ නැහැ..උඹ කොහෙන් ආවද කියලවත් මම දන්නෙ නැහැ.. එහෙම තියෙද්දි මං උඹව තරහ කාරයෙක් හැටියට සලකන්නෙ නැහැ...ඒත් ඒත් බං... මං කැමති නැහැ. කොට්න්ම කිව්වොත් මට ඕන උනේ නැහැ මං වගේ තවත් එකෙක් මේ ලෝකේ උලා කන්න ගෙනත් දාන්න...

මං දන්නෙ නැහැ මං හරිද වැරදිද කියලා ඒත් මං විශ්වාස කරනවා දෙයක්..ඒ තමයි මේ මිනිහා කියන සතා ගෙන් මේ ලෝකෙට කිසිම වැඩක් නැහැ කියන එක.. ඌ කරන තරමක් කරන්නේ විනාස..බලහං මේ තනි මං හින්දා මේ ලොකේ කොයි තරංනං දේවල් මේ වෙන කොට විනාස වෙලා තියෙනවද...

මගේ බඩ කට පුරවන්න..ඔව් දවසකට තුන් වේලක්..යන්තං කෑම ටික ටික බඩට වැටෙන්න ගත්ත දවසේ ඉඳලා දවසින් දවස මං බඩට දාන ප්‍රමානය වැඩි උනා..අද වෙනකල්ම මං ඒ බඩ පුරවනවා..ඒ වෙනුවෙන් කොයි තරංනං ගස් කොලං..ගෙඩි..ඇට..පලතුරු.. නොයෙකුත් ජාති.. ඇයි ඒ විතරක්ද..? මං හින්දා කී තරමක්නං සත්තු මැරිල ඇද්ද..? හරක්..ඌරෝ..එළුවෝ.. ඔව් උන්නං ඒ හැටිම නැතිව ඇති..ඒත් එයින් එකෙක් හරි මං හින්දා මැරිලා තියෙනවා.. එතකොට කුකුලෝ..සෑහෙන්න මැරිලා ඇති...

ඒ විතරක්ද මගෙන් වැඩිම හානිය අර මහ මුහුදේ ඉන්න මාළුන්ට..උන් මට කොයි තරං ඈතින් හිටිය උනත් අන්තිමට මා වෙනුවෙන් මැරෙන්න වෙනවා...ඔතනින් අර පුංචිම එවුන්... ඔව් හාල්මැස්සෝ තමා..මේ වෙනකොට දහස් ගාණක් මා හින්දා උන්ගේ පණ නැති කරගෙන තියෙනවද..? හිතා ගන්නත් බැරි තරං..තව ඉස්සරහට මං වෙනුවෙන් මැරෙන්න කොයි තරංනං මාළු ලෑස්ති වෙලා ඉන්න ඕනද..?එහෙම බැළුවම මගෙන් මේ ලෝකේට වෙච්ච එක හොදක්වත් මට හිතා ගන්න බැහැ...

බම්බුව තමා...මහ ලොකුවට මිනිස්සු කියන්නෙ නං මිනිහෙක් උනහම ලෝකෙට සේවය කරන්න පැටියෙක් හදන්න ඕන කියලා..ඒක තමාළු මිනිහෙකුට මේ ලෝකෙ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවය කියලයි උන් කියන්නේ.. උන් මෙච්චර දවසක් කරලා තියෙන සේවේ මදිවටද දන්නෙ නැහැ..? රෙද්ද තමා..උන් කරන තරං විනාස මේ ලෝකෙට කරලා..තව ඒක කරන්න පැටවුත් හදලා තියන එක මහ ලොකු සේවයක්ද..?

මිනිහා තරං මේ ලොකේට හානිකර එක සතෙක්වත් මං දැකලා නැහැ... තිරිසන් සත්තු ගහකට කොලකට හානි කලත් ඒ කරන්නේ උන්ගේ බඩ පුරවගන්න විතරයි..ඒත් උන් කිසිම දවසක ගස් වැල් මුලින්ම කපන්නෙ නැහැ...හාවෙක් එළුවෙක් කොල ටිකක් කෑවට..අලියෙක් අතු ටිකක් කඩල කෑවට..හරකෙක් බිම උලා කෑවට උන් ඒ දේවල් නැත්තට නැති කරන්නේ නැහැ..ඒත් මිනිහා...

මිනිස්සුන්ට ගස් කොලන් පෙන්නන්න බැහැ..ලොකු කඳ බඩ මහත ගහක් දැක්ක ගමන් උන්ට පේන්නේ උළුවහු..අල්මාරි..දොර ජනෙල්..යට ලී බාල්ක...මොන මගුල හරි කරලා ඒ ගහ කපලා කුට්ටි කරනවා...

සත්තු කවදාවත් මේ මහ පොළොවට ඇළට දොළට ගංගාවට බලපෑමක් කරන්නේ නැහැ..උන් වතුරකට බැස්සොත් වතුර ටිකක් බොයි..ඔය අලියෙක් වගේ එකෙක් නං ඕනනං වැඩිම උනොත් වතුර ටිකක් බොර කරලා යයි..ඒත් ඒක පැයකින් දෙකකින් හරියනවා..ඒත් මිනිස්සු..?

ඇළක් දොළක් ගංගාවක් පේන්න බැහැ..පතුල හූරනවා..ටිකක් දිලිසෙන ගල් කෑලි ටික මහ ලොකු වටින දේවල් වගේ අරං බෙල්ලෙයි අත පයවලයි එල්ල ගන්නවා..ඊට පස්සේ වැලි ටික ගොඩ දා ගන්නවා.. වතුරට දාන්න තියෙන වස විස හැම දේම දානවා...කාලකණ්ණි ජාතිය...

පොලොවේ පස් ටිකට තියෙන්න දෙන්නෙ නැහැ..වතුර දාලා අනලා..හතරැස් කොරලා පුච්චලා ගෙවල්වල බිත්ති වලට හිර කරනවා..කළු ගලක් පේන්න බැහැ ඒක පුපුරවලා කෑලි කරලා ගෙනත් ගෙවල්වල අත්තිවාරමට යට කරනවා...ගස් කොලන් යට ලී බාල්ක කරවනවා..කොටින්ම කිව්වොත් එක මිනිහෙක් වෙනුවෙන් කොයි තරංනං මේ මහ පොළවට අයිති දේවල් විනාස වෙනවද..? එහෙම කරන එකද මුන් කියන මහ ලොකු සේවේ..බම්බුව...

ලොකේ තියෙන හැම දේම මුන් හූරං කනවා...වතුර ටික විතරක් නෙවෙයි තෙල් ටිකත්...ලෝහ වර්ග ටික..මේ හැම දේම...මුංගෙන් බේරිච්ච කිසිම දෙයක් මේ ලොකේ නැහැ..කවදා හරි දවසක මේ ලොකේ කොල පාට නිල් පාට අහක් වෙලා තනිකරම හම ගැහැව්ව ටෙනිස් බෝලෙක පාටට එනකල්ම මේ කාලකණ්ණි හැත්ත මේකට අර මොකක්ද එක කරනවා..ඔව් උන් ඒකට කියන්නේ දියුණු කරනවා කියලා..ඒක කරන්න හරි අපූරු සාත්තරයකුත් උන් හොයා ගෙන තියෙනවා..ඒකට කියන්නේ විද්‍යාව කියලා....ඒ විද්‍යාව කියන අපූරු සාස්තරේ දවසින් දවස අළුත් කර කර මුං ඒකෙන් මේ ලොකේ දියුණු කරනවා..මගුල තමා..මුළු ලෝක බෝලෙම මුන් වනසනවා..අනේ මුං කරන දියුණුව...

කැලේ සතෙක් බඩ ගින්නට තව සතෙක් මරං කන එක ඇත්ත..ඒත් මේ මිනිස්සු කියන ජාතිය එහෙමද..?උන් සතා සීපාවා මරලා නවතින්නේ නැහැ උන්ගේම ජාතියත් කිසිම වග විභාගයක් නැතිව දහස් ගණනින් මරලා දාන්නේ...එහෙම තමන්ගේ ජාතිය මරන්නම උන් හදලා තියෙනවා අහස් යාත්‍රා..නැව්.. සබ්මැරීන්.. යුධ ටැංකි..කාල තුවක්කු.. බෝම්බ.. තුවක්කු..කඩු..කිණිසි වගේ හුගාක් ජාති.. මං හිතන්නේ මේ ලෝකේ වැඩිම මහන්සියක් අරං මුං හදලා තියෙන්නෙම මිනිස්සුන්වම මරන්න ඕන දේවල්...

වෙඩිතියලා බෝම්බ දාලා මරන්න බැරිනං වස දීලා හරි මරනවා..ඒක කෙලින්ම බැරිනං කන බොන දේ හරහා හරි කරවනවා.. බෙහෙත් කියලා දෙන දේවල් හරහා හරි කරනවා...මොන විදියකින් හරි අනිත් උන්ව මරන්නමයි මුං හදන්නේ..ඒත් කතා කරන්නේ මිනිසාට සේවය කිරීම සහ ඒ වෙනුවෙන් තව තවත් මිනිස්සු උපද්දවන එක..ඇයි හත් ඉලව්වේ ඔය ඉන්න උන්ව මරන එක නවත්තලා ඉඳපල්ලාකෝ තව අළුතින් හදන්න හදන වෙලේ..එහෙව් කාලකණ්නි ජාතියක් අපි...

එහෙම ලෝකෙකට තවත් එකෙක් ගේනවා කියන්නේ ඊට වඩා කාලකණ්නි කමක් තවත් නැහැ. ඔව් උඹට මේවා කිව්වට මේ අනිත් මිනිස්සුන්ට මට මේවා කියන්න බැහැ.උන් ඒ ගැන හිතන් ඉන්නේ හරි උජාරුවට..හරියට ලොකේ තියෙන අමාරුම වැඩේ කොරලා වගේ... සමහර විට ඔතන ඇත්ත දන්න උන් ඉන්නවා ඇති..ඒත් උන් කියන්නේ නැහැ..ඒත් සමහර වෙලාවකටනං මට එහෙම එකෙක් දෙන්නෙක් හම්බ වෙලා තියෙනවා..

"අනේ බං සොමියට ගැහැව්වා අන්තිමේට හිටියා..දැන් ඉතිං මොනවා කරන්නද..?" එච්චරයි උන් කියන්නේ..

තවත් සමහරුනං "අපි වයසට ගිය දවසක වතුර ටිකක්වත් දෙන්න එකෙක් ඉන්න එපෑ.." අන්න ඇත්ත කියවෙනවා..උන් පැටවු හදන්නේ උන්ගෙම වැඩ කරවගන්න..නැතිව ලොකේට අර අහවල් එක කොරන්නවත්... ළමයින්ට ඇති අමුතු ආදරයකටවත් නෙවෙයි..හැබැයි මුං හරි ආදරෙයි පාටවුන්ට..ඒක උන්ගේ කතාවල් වලින් බේරෙනවා...ඒත් උන් ඒ කරන්නේ හෙන බොරුවක්ද මංදා...නැත්තං පැටවුන්ව නිකං මැෂින් වගේ හිර කරලා හදයියෑ..

අහවල් එක කොරලා පැටියෙක් හදා ගත්තට පස්සේ මහ එවුන් දෙන්නගේ වැඩේ ඒකාව නොමරා මරන එකයි..ඌට උගන්නනවා කියලා දස වදයක් දෙනවා..හරියට අවුරුදු දහස් ගානක් ජීවත් වෙන්න ආව එකෙක් වගේ හිතාගෙන...අන්තිමට උගේ ජීවිතෙන් බාගයක් ඉවරයි මහ උන් දෙන්නගේ ඕනෑ එපාකං වලට හරියන විදියට ඉගෙන ගන්න ගිහිල්ලම...පුදුම ආදරයක්...වෙන මොකවත් නෙවෙයි අර පැටියට ලොකු රස්සාවක් අරං දෙන්න..එතකොට ඌ ලොකු සල්ලියක් හොයලා මහ උන් දෙන්නව බලා ගනීනේ අන්තිමට..ඕක තමා අරමුණ..ඒත් කියන්නේ වෙන මල විකාර...

බැරි වෙලා හරි එහෙම හදන එකා මහ උන් දෙන්නට නොසලකා ඇරියම තමා බලා ගන්න පුළුවන් සෙල්ලමේ ලස්සන..එක අතකින් එහෙම වෙන එකමයි කාරිය..අර පැටියට පොඩි කාලේ ඉදලා ‍ආදරේ කිය කිය දෙන දස වදවල හැටියට...

ඒ වගේම මං හිත රවට්ට ගන්න කැමති නැහැ බොරුවට මං මහ ලොකු සේවයක් කලා කියලා මේ ලෝකෙට..උඹ උපන්නයින් මගේ අතින් වෙලා තියෙන්නේ මේ ලෝකෙට බරපතල හානියක්...හරියට මාව මේ ලෝකෙට ආවා වගේම හානියක්...උඹ මේ ලෝකේ ජීවත් වෙන්න ඕන සතා සීපාවුන්ගෙන් සෑහෙන ගණනකගේ මරණ වරෙන්තුවත් අරගෙනයි මේ ඇවිත් තියෙන්නේ...උඹ වෙනුවෙන් ගස් වැල්..ඇලදොල..හුගාක් විනාස වෙයි...ඒක සේවයක්නං..උඹත් මේ ලෝකේට සෑහෙන සේවයක් කරයි..ඒ වගේම උඹත් මේ ලෝකේ දියුණු කරයි...

උඹ ආවයින් පස්සේ මගේ ජීවිතෙත් වෙනස් වෙයි.අර ගෑනිට මං ආදරේ කියලා මොකක්ද කෑදරකමක් දක්වනවා. ඒ හින්දා ටිකක් හරි ඒකි කියන දේ අහන්න වෙනවා...මෙච්චර කලක් කලා වගේ ඒකිව බලා ගන්න ඕන..ඒත් ඒකි දැන් උඹව බලා ගන්න හින්දා මටත් ඒක කරන්න වෙනවා...ඒත් ඒකිත් එක්ක මුලින්ම නිදිවදින දවසෙත් මං කිව්වා මට බැඳීම් වැඩි කරවන්න එපා කියලා..ඒකිත් ඒකට කැමැති උනා...

ඇත්තටම ඒකිත් ඉස්සර හිතුවේ මං හිතන විදියටම තමා...අපි දෙන්නා ජීවත් උනෙත් එහෙමම තමා...ඒත් අන්තිමට ඒකි වෙනස් උනා.රටේ ලෝකේ ඉන්න අම්මණ්ඩිලා ඒකිගේ ඔළුවට විස පෙව්වා මං හිතන්නේ..කොහොම හරි ඒකිත් ඒ ලණුව කෑවා..මෙච්චර දවසක් ඇඳ පුටුවලට..අල්මාරිවලට භෞතික දේවල්වලට කෑදරකමක් නැතිව හිටිය එකී උඹ බඩට ආවත් එක්කම ටික ටික වෙනස් උනා..

මුලින් පටන් ගත්තේ උඹට ඇඳුම් එකතු කරන්න..ඊට පස්සේ තව මොන මොනවද හුගාක් දේවල් එකතු උනා..දැන් දැන් ගෙයි හිස්ව තිබුන තැන් දිහා බල බල මොනවදෝ කල්පනා කරනවා..මෙච්චර දවසක් මේ ගෙදර ඕනවට වඩා දේවල් තිබුනේ නැහැ..හරිම හිස් කමක් තිබුනේ..ඒත් ඒ හිස් කම මගේ හිතට ලොකු සහනයක්..උඹේ අම්මත් ඉස්සර ඒ හිස් කමට කැමැත්තෙන් හිටියේ..ඒත් දැන්නං මට තේරෙනවා ඒකිගේ හිත මොනවා නමුත් වෙනසකට පත් වේගන යන විත්තියක්..

උඹේ අම්මයි මමයි එකට හිටියට අපි අතර එකඟතාවයක් තිබුනා..ඒ තමා දෙන්නට මේ සම්බන්දේ ඇති කියලා හිතුන දවසට දෙන්නටම වෙන්වෙලා යන්න අයිතියක් තියෙන්න ඕන කියලා.... ඒ හින්දමයි අපි දෙන්නා සෑහෙන කාලයක් එක ගෙදර හිටියත් නීතියෙන් විවාහ වෙලා නොහිටියේ..ඒත් උඹ බඩට ඇවිල්ලා මාස තුනක් යද්දී නීතී පොත්වල අත්සන් තියන්නත් මට සිද්ධ උනා..ඒක මං කලේ අකමැත්තකින්මත් නොවුනට බලපං උඹ හින්දා මාව උඹ උපදින්නත් කලින්ම බැඳීමකට ලක් උනා..තව ඉස්සරහට මෙහෙම ගියොත් මොනවා වෙයිද..?අර ගෑනි ගෙයි හතරකොන් දිහා බල බල කල්පනා කරද්දී මං දන්නවා මට නිකං ඉන්න බැරි වෙයි..මේක මහ අවුලක් බං...

යුතුකං හා වගකීම් කියලා කියන දේ එක පැත්තක..අනිත් පැත්තෙන් මගේ ප්‍රතිපත්ති හා නිදහස..මේ දෙක අතරේ මං දෝලනය වෙනවා... සත්‍ය සොයා යනවා වගේ ලොකු වැඩක් කරන්න ම‍ගේ හිතේ කල්පනාවක් නැති හින්ද සිද්ධාර්ථ කරපු දේ මට අද රෑ කරන්න වෙන එකක් නැහැ...ඒත් එදා සිද්ධාර්ථ හිතපු දේවල් කොයි වගේද කියලා මගේ හිතට අදයි කල්පනා වෙන්නේ..උඹ මාත් එක්ක තරහා වෙන්න එපා මෙහෙම කියනවට..ඒත් ඇත්තටම උඹ මගේ ජීවිතේට ආව මහා බැදීමක්..දැන් ඉතිං මං ලොකු බැම්මකට අහු උන මිනිහෙක්...

මගේ හෙට දවස ගැන මට කියන්න බැහැ...අද රෑම මේ බැඳීම් අත ඇරලා පිට වෙනවද..නැත්තං තව ටිකක් ඉවසලා බැරි උන දවසට පිට වෙනවද..එහෙමත් නැත්තං හැමදාමත් කර බාගෙන මේ බැඳීම් ටිකත් කර පින්නගෙන ජීවත් වෙනවද..? ඒ කිසිම දෙයක් මට හිතා ගන්න බැහැ..

ඒ කොහොම උනත් කමක් නැහැ දැන් ඉතිං අද ඉඳලා උඹත් පටන් ගනින් මේ ලෝකේ උලා කන්න...
ඉතිං උඹට තේරෙනවද මං කියන්නේ මොකක්ද කියලා... මට උඹව ඕන නැහැ...උඹ ආවා උනත් මට කරන්න දෙයක් නැහැ...මං නිදහසේ ඉන්න කැමති මිනිහෙක්..මට ඹ්න පුළුවන් තරං බැඳීම් අඩුවෙන් ජීවත් වෙන්න..මං දන්නවා මං වගේ උන්ට ලෝකේ ඉන්න උන් කියන්නේ "ආත්මාර්ථකාමියා" කියලා.. ඒ තමන් ගැන විතරක් හිතන හින්දා කියලයි උන් කියන්නේ..උන් වගේ අනිත් උන් ගැනත් හිතන්න ඕනළු..එතකොටයි පරාර්ථකාමියෙක් වෙන්න පුළුවන්..අනේ උන් කොහොම කිව්වම මට මොකද..මං උන් කියන විදියට ආත්මාර්ථකාමි විදියටම ඉන්න නැමතියි.ඒත් බලපං දැන් උඹ ඇවිල්ලා මට කරපු දේ..?


82 comments:

  1. කොමෙන්ට්ස් පස්සෙ... උඹ මේ මහ රෑ නැගිටගෙන ලියන්නෙ...උඹට හෙට වැඩ නැද්ද ?

    ReplyDelete
  2. මාරය්යාගේ මේ ලිපිය බැලුවාම තේරුනේ .. මීට කලින් ලිපියක සදහන් කරල තිබුන ඔබ දරුවන් සැදීමට අකමැතිබව. මා ඒත් බැලුවා ඇයි එහෙම කිව්වේ කියලා.
    පිලිතුර මේ ලිපිය තුල තියෙනවා. මාත් එකගයි බොහෝ
    දුරට. අද පෝය දිනයෙ හොඳ බණක් ඇහුවා හා සමානයි

    ReplyDelete
  3. හප්පා මාරයා මල්ලි, හොර කොටුවක් පැනල අහු වුනා එහෙම නෙමේ නේද?

    ReplyDelete
  4. මාරයා මලක්වත් ගහලද?

    ReplyDelete
  5. වැඩ ගොඩක් ඔලුවේ තියාගෙන ඇහැරුණු මම, මේක දැකලා අවුල් උනා. වැදගත් බන පදයක් මේ පෝය දවසේ. ස්තුත්යි.

    ReplyDelete
  6. ආයි තර්ක විතර්ක නැති වෙන්නම දීල තියෙන්නේ . ...ආයේ ඉතින් කනට ගැහුවා වගේ උදේ පාන්දර , මක් කරන්නද අහන ඉන්නවා මිස . ඔය මොනවා කිව්වත් ලොක්කියි බනියි මේ ලෝකෙට ගෙනාවට පසු තැවීමක් නම් නැහැ ඕන්.

    ReplyDelete
  7. නියමයි... පෝය දවසේ උදේම...

    ReplyDelete
  8. කිව්වත් වගේ මනුස්සයා තරම් විසකුරු සතෙක් නෑ මේ මිහිපිට !!!

    ReplyDelete
  9. සාදු... සාදු... සාදු......

    ReplyDelete
  10. කවුරුත් නොකියන, ඒත් සම්පූර්ණ ඇත්ත. මාත් එකඟයි.

    ReplyDelete
  11. @සපතේරු උන්නැහේ...

    අන්න වැදගත් ප්‍රශ්නයක්..හරි අවුල‍ක් නෙව උනේ... ඊයේ හවස එක පාරට පොඩි නිදිමතක් ආවා..6ට විතර ඇති කන්න යන්නත් තව වෙලා තියෙන එකේ පොඩි ඇලට් එකක් දැම්මා..කෙල වෙලා තියෙයි කියහංකෝ. මලා වගේ නින්ද ගිහින්..එත් ඉතිං මගේ නින්දේ කෝටා එක දවසට පැය හතරයිනේ.. ඇහැරෙනකොට රෑ දහය හමාරට විතර ඇති..රෑට කන්නත් නැහැ..එතන ඉඳන් නින්දකුත් නැහැ...

    ඉතිං වෙන මොනවා කොරන්නද.. කාලෙක ඉඳන් හිතේ තිබ්බ ටිකක් අකුරු වෙලා එළියට පැන්නා.. හැබැයි ඕකට මේ ළගකදී එක්කෙනෙක් පෝර ටිකක් දාලා තිබුන හින්දා පොඩි ගැම්මකුත් තිබුනා...

    ReplyDelete
  12. බ්ලොග් අවකාශය තුල මෙතෙක් දුටු ඉතාම සුපිරි ලිපියක්.මේකෙ ලියල තියෙන දේවල් අපේ හදවතට කතා කරනවා.මනුස්ස ජීවිත වලට පන දෙන එක පවක් නොවුනත් අද කාලේ තත්ත්වය එක්ක බලන කොට මේ කතාවේ ඇත්තක් තියෙනවා.දැන් කාලේ මිනිස් අවශ්‍යතා ඉස්සර වගේ සරල නැහැ.ඇත්තටම කසාදයක් බැදගෙන පවුලක් කනවා කියන්නේ අද කාලේ බෙල්ලෙ වැල දාගෙන හිරවෙවී මැරි මැරී ජීවත් වෙනවා වගේ තමයි.මේ ලිපියෙන් තමාට පවුලක් නඩත්තු කිරීමට ඇති හැකියාව පිළිබදව මෙන්ම තමා තනි වේදෝයි යන්න ගැන මාරයාගේ සිතේ ඇති බිය සැක එළියට පැන ඇත.ඇත්තටම මාරයා වැඩි කාලයක් දෙමාපිය සහෝදර ඥතීන්ගෙන් ඉවත්ව හුදෙකළා ජීවිතයක් ගත කිරීමට හේතුවූ කරුණු කාරණා හරිහැටි නොදැන සිටියත් ජීවිතයේ අනිත්‍ය ගැන මාරයා ලියන විදියට ඇත්තටම කැමතියි.

    ReplyDelete
  13. @Gimhani...

    ස්තූතියි නංගි ටිකක්වත් තේරුං ගත්තනං...

    ReplyDelete
  14. අද ඇසළ පෝය දවස... උදෙන්ම ඇහැව්ව හොඳ බණ ටිකක්...
    “මහණෙනි.. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය. නොපමාව කුසල් දහමෙහි හැසිරෙන්න...“ ඉතිං මාරයියේ සියලු දේ මොහොතක් පාසා වෙනස්වන මේ විශ්වයෙ ඒ දේවලට කියන්න ඕනි දියුණුව කියලද.. විනාශය කියලද..නැත්නම් ලෝක ධර්මතාව කියලද..???

    ReplyDelete
  15. @ඔබා මාමා අයියා...

    ඔන්න කිව්වා කථාවක්..සිකේයියා...

    ReplyDelete
  16. @මයියා...

    ඒ අනිත් එකා...ඔබාමා අයියා හොඳයි තව..සික් සික්..

    ReplyDelete
  17. @Niroshan...

    අම්මපා අද පෝය කියලා මතක් උනේ උදේ පාරෙ සෙනග මොකද අඩු කියලා කල්පනා කරන කොට...

    ReplyDelete
  18. @Bindi...

    ස්තූතියි බින්දි.. ඔක්කෝටමත් වැඩිය අර කනට ගැහැව්වා වගේ කියපු කතාවට...මං හිතුවේ කට්ටිය මට කනට ගහයි කියලා මේක දැකලා...

    ReplyDelete
  19. @prasanna86k...

    පෝය නේද බං.. අනේ මංදා හඳත් මෝරනවා...

    ReplyDelete
  20. @මධුරංග...

    ආයෙත් අහලා..අර කවියකත් තිබුනේ මේකගේ සියොළඟම විසයි කියලා..

    ReplyDelete
  21. @ADK කොලුවා...

    යකෝ මට විතරක් නෙවේද පිස්සු..?

    ReplyDelete
  22. @beleka...

    මොකෝ බං කට ඇරිලා..?

    ReplyDelete
  23. @JHOTHISHALANKA...

    ස්තූතියි සහෝදරයා...

    "මේ ලිපියෙන් තමාට පවුලක් නඩත්තු කිරීමට ඇති හැකියාව පිළිබදව මෙන්ම තමා තනි වේදෝයි යන්න ගැන මාරයාගේ සිතේ ඇති බිය සැක එළියට පැන ඇත."

    පවුලක් නඩත්තු කිරීම ගැනනං ඔය හැටිම බය වෙන්න දෙයක් නැහැ...මොකද මං කාලයක් අපේ පවුලත් නඩත්තු කරපු හින්දා ..පවුලක තියෙන වගකීම් අවශ්‍යතා ගැන හොඳටම අවබෝධයක් සහ ඇතිවන අභියෝගත් ඒවට මුහුණ දෙන හැටිත් මං තේරුං ගත්තේ සහ ඒ අනුව කටයුතු කලේ බොහෝම අඩු වයසෙන්... එකම දේ ඒ ඇතුලේ ඇති මානසික පීඩනය දරාගන්න මං දැන් ඒ හැටි කැමැත්තක් නැති වීමයි..

    දෙවැනි කාරණාව තනි වීම... ඒ ගැන නං මං හිතන්නේ වෙනස් විදියකට තනි වෙන එක හැමෝටම පොදු දෙයක්..ඒත් සමහරු දන්නෙත් නැහැ තමුන් තනි වෙලා කියලා..මං ඒක හොදටම අවබෝධ කරගෙන ඉන්න එකෙක්. ඒ වගේම ඒකට සූදානමින් ඉන්න එකෙක්... බොහෝම අයට තියෙන අවුල තමා තනිවීමට වඩා අවසාන කාලේ තමන්ට සාත්තු සප්පායම් කිරීමට කෙනෙක් නැති වෙයි කියලා තියෙන බිය.. ඒත් ඒකට විසඳුම දරුවෝ තුලින් පවුල් තුලින්ම හොයන්න ඕන නැහැ කියලයි මං හිතන්නේ...

    ස්තූතියි මතු කරපු කාරණාවලට..

    ReplyDelete
  24. @ප්‍රසංග...

    ලෝක ධර්මතාවය..ඒක තමා හරිම දේ...ඒ ධර්මතාවයට අනුව අවසානයේ ඇත්තටම වෙන්නේ විනාශයක්..ඒත් අපි ඒකට දියුණුව කියන ලස්සන ඇඳුමක් අන්දගෙන ඒකේ හැඩ බල බල ඉන්නවා..ඒකයි කතන්දරේ...

    ReplyDelete
  25. @වෙද ගෙදර මහ වෙදනා...

    සමා වෙන්න පිළිවෙලට එද්දී මඟ ඇරුනා...

    බොහෝම ස්තූතියි..අමුතුවෙන් නොකිව්වට හුගක් දෙනා මේ කතාව දන්නවා..සමහරු පිළි ගන්නත් බයයි..ඒත් පිළිගන්න අයත් ඉන්නවා ඔබ වගේ බොහෝම අතළොස්සක්...

    ReplyDelete
  26. හ්ම්ම්... මාරයියට ළමයෙක් ඉන්නව කියන්නෙ! කොහොමද ඩයල් එක මෙච්චර දවස් බැඳලවත් නෑ වගේ හිටියෙ.

    ඒක නෙමෙයි අයියෙ, ඇයි රාහුල කියල නම දැම්මෙ? අද කාලෙට හරියන නමක් දාන්න එපාය. කල්හාර, විහඟ, මිනුජ වගේ එකක්!

    ReplyDelete
  27. ............නමුත් පොඩ්ඩක් හිතපන් අද ඉදන් මේ ලෝකෙන් මිනිස්සු අයින් කළා කියල, එතකොට මේ ලෝකේ ඉතුරුවෙනවද ? මිනිස්සු කියන සත්වයෝ බිහි උනේ ලෝකේ සමබර කරන්න නම් මිනිස්සු බිහි වෙන එක නෙවෙත්වීමෙන් අරමුණ ඉටු වේද ? එකද වෙන්න ඕනේ ?
    ආත්මර්තකමියා.........

    ReplyDelete
  28. පූජකයන් සහ තනිකඩයින් නොමග ගිය උන්ය කියල කවුද කියල තිබුන

    ReplyDelete
  29. මම ඩයරියේ ලියාගෙන තියෙන දෙයක් මතක් වුණා... මතකෙන් ලියන්නේ...

    "අඥාන මිනිසා තමාට බොහෝ ධනය ඇතැයි, බොහෝ පුතුන් ඇතැයි සතු‍ටු වෙයි... තමාට තමාවත් හිමි නැති කල, කුමන පුතුන්ද, කුමන ධනයද..?"

    ගාථාව ලියන්න හරියටම මතක නෑ... උඹ ලියපන්...

    ප/ලි : ඔෆීසියේ යාළුවෙක්ගේ අම්මාගෙයි තාත්තගෙයි වෙඩින් ඇනිවසරි කාඩ් එකේ මොනවා හරි ලියලා දෙන්න කියලා දුන්නම මම ඕක ලිව්වයි කියලා, එයා දවස් කීපයක් තරහා වෙලත් හිටියා... :D:D:D

    ReplyDelete
  30. @Kasun...

    හුටා..බඩු මාට්ටු නේද..ෂැහ්..

    ඇත්ත ඇත්ත බං හොඳ නමක් දාන්න තමා තිබුනේ...හිටිංකෝ ළමය උපදිනකල්..:D

    ReplyDelete
  31. @Anonymous...

    "නමුත් පොඩ්ඩක් හිතපන් අද ඉදන් මේ ලෝකෙන් මිනිස්සු අයින් කළා කියල, එතකොට මේ ලෝකේ ඉතුරුවෙනවද ? මිනිස්සු කියන සත්වයෝ බිහි උනේ ලෝකේ සමබර කරන්න නම් මිනිස්සු බිහි වෙන එක නෙවෙත්වීමෙන් අරමුණ ඉටු වේද ?"

    මල මගුලයි..මිනිස්සු කියන උන් බිහි උනේ..මේක සමබර කරන්නද.. මං ඔය වගක් දැනං උන්නේ නැහැනේ..මල කෙලි 17යි.. අම්මපා කාගෙද බොලේ ඔය අරමුණ..?

    ReplyDelete
  32. @චතුරංග ජයවර්ධන...

    හිතල බලන්ටකෝ ඔය දෙකම කලවං උනහම කොහොම නොමග යෑමක් යන්ට ඕනද හැබෑට..? සන්තෝසේ බැරුවා...

    ReplyDelete
  33. @Beetle...

    "පුත්ථා මත්ථී ධනං මත්ථී..
    ඉති බාලෝ විහංඤති..
    අත්තාහි අත්තනෝ නත්ථී..
    කුතෝ පුත්ථා කුතෝ ධනං..."

    අරෙහෙම ලියලා දීලා ඇති උඹ මැරුං නොකා බේරුනා...

    ReplyDelete
  34. හොද ලිපියක් අයියෙ

    ReplyDelete
  35. @පිස්සු පුසා...

    ස්තූතියි මල්ලියා...

    ReplyDelete
  36. මොකටද මගෙ කට.....ආත්මාර්ථකාමියා නොකියා වෙන මොකක් කියන්නද ?
    ඉතුරු ටික ඇවිල්ලම කියන්නද ?

    Luckey.

    ReplyDelete
  37. දැන් මාරයා අයියා කියන්නෙ මම කෝල් එක දෙනකොටත් මාරයා නිදි කියලද? හා කෝ :D

    ReplyDelete
  38. @මාරයා,

    මැරුම් කෑවා නම් ඊට වැඩිය හොඳයි... මාව බෑනා කරගත්තා... :D :D :D

    ReplyDelete
  39. ඇත්තටම සුපිරි ලියවිල්ලක්. දැන් තමයි මං ඒක කියෙව්වෙ :D

    ReplyDelete
  40. @Luckey...

    හුටා..පස්සේ පස්සේ..දැන්ම එපා..තව මාසෙකින් විතර ආවනං...
    (ඊට කලින් යනවා නේද..?)

    ReplyDelete
  41. දෙමාපියො දරුවො හදන්නෙ උන්ගෙන් කන්නවත්, නැත්තං සොමියට ගහල කරුමෙට හිටි හින්දමවත් නෙමෙයි. සමහරවිට ඒ දෙකෙන් එකක් උඹට අදාල ඇති, නමුත් හැමෝටම එහෙම නෑ. දරුවො හැදීම කියන්නෙ වර්ගයා බෝ කිරීම නමැති සියලු සතුන්ට පොදු ලොවේ ජීවය පවත්වාගෙන යෑමේ අත්වශ්‍ය කරුණයි. ඉපදෙන දරුවො කරන්නෙ ලෝකෙ විනාස කිරීම නම් ඒකට විසඳුම උප්පද්දවන එක නවත්තන එකනම් ඒ දරුවො නොහද මේක ඉතුරු කරන්නෙ කා වෙනුවෙන්ද?
    පාරෙ වේස ගෑණුන්ට හැදෙන ළමයයි ඇට හම යනකල් හැමනිලත් අවුරුදු ගාණක් දරුවො නැතුව ඉඳල ලැබෙන දරුවයි සැලකුම් ලබන්නෙ හැදෙන්නෙ එකම විදියට නෙමෙයි. උඹට ලෝකෙ ගැන උඹේ විදියට බලන්න අයිතියක් තීනව වගේම තව කෙනෙකුට ඒක් උගේ විදියට දකින්නත් ඒ අයිතියම තීනව. අපි පස්සෙ වැඩි විස්තර කතා කරමු. දැං මං වැඩ..!

    ReplyDelete
  42. @Ansh Lucky Sri Jay...

    නිදි යකෝ නිදි..හැබැයි පස්සේ ෆෝන් එක දැක්කට පස්සෙත් සද්ද නැතිව හිටියේනං කම්මැලි කමට..

    තැන්කූ ඈ...

    ReplyDelete
  43. @Beetle...

    දෙන්න තියෙන හොඳම දඬුවම දීලා..
    (මේ පෝස්ට් එකට වැටුන හොඳම කමෙන්ට් එකද මංදා බං..හිනා කාලා මලා)

    ReplyDelete
  44. @ඉන්දික උපශාන්ත...

    "දරුවො හැදීම කියන්නෙ වර්ගයා බෝ කිරීම නමැති සියලු සතුන්ට පොදු ලොවේ ජීවය පවත්වාගෙන යෑමේ අත්වශ්‍ය කරුණයි."

    "දරුවො නොහද මේක ඉතුරු කරන්නෙ කා වෙනුවෙන්ද?"

    "උඹට ලෝකෙ ගැන උඹේ විදියට බලන්න අයිතියක් තීනව වගේම තව කෙනෙකුට ඒක් උගේ විදියට දකින්නත් ඒ අයිතියම තීනව"

    ඔය අන්තිම තැනින් ගමුකෝ මචං..මේ තමයි මම දැක්ක විදිය ඉතිං මං මගේ අයිතිය පාවිච්චි කරලා ලියලා දැම්මා මෙහෙම..

    ඇත්තටම මේක කාටවත් ඉතිරි කරන්න කියලා මං කියන්නේ නැහැ..ඒත් මේක වනසන්නේ සහ මිනිස්සු..ඒත් ඒ හරහා අවසානයේ පොදුවේ වැනසෙන්නේ හැම සත්වයම..

    එතකොට අපිට මුල්ම තැනට එන්න පුළුවන්කමක් තියෙනවා..
    අර කිව්ව ජීවය පවත්වාගෙන යෑමේ පොදු අයිතිය මිනිහට තිබ්බත්..ඒක විනාස කරන්න විතරක් තනි අයිතියක් මිනිහට ලැබුනේ කොහොමද..?

    ඇදගෙන යන්න තරං කතාවක් මං දකින්නේ නැහැ මචෝ..ඒත් ඔය තමා දැක්ක දේ දැක්ක හැටියෙන් කියා පෑම..

    ReplyDelete
  45. මම මේකට වැදගත් කෙමෙන්ට් එකක් දාන්න කියලා හිතුවේ..අද පෝය දවස නේ...
    මේ පෝස්ට් එකේ අපි හැමෝගෙම ජීවිත පොඩ්ඩ පොඩ්ඩ හරි තියනවා...එහෙම නෑ කියලා මොකෙක් හරි කිව්වොත් ඒකා ජීවත් වෙන එකෙක් නෙමේ....

    ReplyDelete
  46. මිනිහා තමුන්ගෙ සුඛ විහරණයට ලෝකෙ වනසන එකට අත් දෙකම උඩ.

    අර ළමයි කතාව ටිකක් විතර අන්තවාදී ගතියක් තියෙනව නේද මාරයියා?

    මොකද මිනිහා කියන සතා චින්තකයෙක් සහ ශිෂ්ඨාචාරය කියන දේ වර්ධනය කරපු නිසානෙ බල්ලො බලල්ලු වගේ අහවල් එක පාරෙම අහු උණ එකා එක්ක නොකර පවුල් සංවිධානයක් ඇතුලෙ (සමහරු ගැන නෙමෙයි බහුතරය) ජීවිතේ ගොඩ නගන්නෙ


    මේ කොල්ලට හිතුණ දේ..

    ReplyDelete
  47. කමෙන්ට් එක දැම්මට පස්සෙ මතක් උණේ කියන්ඩ අමතක උණා නේද කියල. ගෑනියෙක්ගෙ හෙළුව දැක්කම පිරිමියෙක්ට අහවල් එක වෙන්නෙත් ස්වබාවධර්මෙ නිසා නෙමෙයිද?

    ReplyDelete
  48. මඟුලක් කතා කරනවා.... මම ඔක්තෝබර් නිවාඩු යන්ඩ ඉන්නේ බං.....

    ReplyDelete
  49. ..........මට කණගාටු උබ වගේ කෙනෙක් මිනිස්සු කියන සත්වයා දිහා බලපු විදිහට, ලෝකේ විනාස වෙන්නේ සමබර නැති උන දවසට මිසක් ලෝකෙන් මිනිස්සු නෙති උන දවසට නමේ....ලෝකෙට උපදින්න ඉන්න ජීවීන්ට ඉඩක් දීපන් අපි දැකපු ලෝකේ දකින්න......කියල දීපන් උන්ටත් කොහොමද ලෝකේ රැකගන්නේ කියල.

    ReplyDelete
  50. පිස්සෙක්

    ReplyDelete
  51. ඌව අතරමං කරන්න එපා බන්... ඇහැක් වගේ බලා ගනින්... මුන් ඔක්කොම හිතන් ඉන්නේ උඹ බණක් කිව්වා කියලනේ.....

    ReplyDelete
  52. නියම බන කතාවක් ඈහුව අද පොය දවසේ මිනිසා තරම් විස කුරු සතෙක් තවත් නෑ මෙ මිහිපිට

    ReplyDelete
  53. සම්පූර්ණ ඇත්ත. ආසාව තමා හැම තිස්සෙම බැඳීම් ඇති කරන්නේ. අර බරීස් පලෙවොයි ගේ "සැබෑ මිනිසෙකුගේ කතාවක් " පොතේ තියෙනවා " රුසියානු කාන්තාව හරිම පුදුම කෙනෙක්. මොකක් හරි දෙයකට හැමතිස්සෙම බැඳිලා ඉන්නේ. ළමයෙක් හැදුවොත් ඒ ළමයට කවල පොවලා හදනව... " ඔන්න ඔය වගේ කතාවක්. මන් හිතන්නේ මිනිස්සු ඔක්කොම ඒවගේ ඇති, . හැමතිස්සෙම ආශාවන් පස්සේ යනවා. ආසාවන් වැඩි වෙන්න වෙන්න තෘෂ්ණාව ඇති වෙනවා. තව තව ඕනේ වෙනවා. හිතන්නකෝ පොඩි කාලේ ගෙදර කාට හරි එක්කෙනෙක්ට විතරක් මොකක් හරි සෙල්ලම් බඩුවක් ගෙනාවම මුලින්ම කියවෙන්නේ " මටත් එකක් ඕනේ " කියලනේ. අනික් සත්තුන්ටත් ආසාවන් තියෙනවා හැබැයි මිනිස්සුන්ට හිතන්න පුළුවන් නිසා වෙන්න ඇති ඒ ආස්සාවන් පස්සේ ගිහිල්ල කොහොම හරි ලබාගන්නේ, එක නිසානෙ මෙච්චර ලොකු විනාසයක් වෙලා තියෙන්නේ. හැබැයි අනික් අය යන පාරේම යනවද කියන අන්තිම තීරණය තියෙන්නේ තනි තනි පුද්ගලයා අතේ. මිනිස්සුන්ට ලෝකේ වෙනස් කරන්න විශේෂ අයිතියක් නැති බව ඇත්ත. හැබැයි මිනිස්සු පරිනාමය වෙන්න පටන් ගත්ත කාලේ ඉඳලම කලේ ලෝකේ වෙනස් කරපු එක. සමතුලිතතාව නැති කරපු එක. චිෆ් සියැටල් කිව්වා වගේ "Man did not weave the web of life, he is merely a strand in it. Whatever he does to the web he does to himself." ලස්සන ලිපියක් :-)

    ReplyDelete
  54. මෙන්න පිලිවෙල . . . .
    1. තමංගෙම කියල බිස්නස් එකක් පටංගත්ත
    2. තනියම වැඩ ටික කරගන්න අමරුයි කියල කෙල්ලෙක්ව වැඩට ගත්ත
    3. ටික දවසක් සිරියහනේ පාලුව ගැන කතා, කවි ලියන්න පටං ගත්ත
    4. ඔහොම ටික දවසක් ගත උනා
    5. හැම දෙයක්ම අතෑරල බයික් එක අරගෙන හිස හැරුන අතේ යනව කීව
    6."රාහුලයෙක් උපන්නේය . . . . බන්ධනයක්ද උපන්නේය"

    ReplyDelete
  55. ඕනය,
    ඉතින් උඹ මොකද දැන් කියන්නෙ?

    ReplyDelete
  56. ජීවිත වල තියෙන එක් තිත්ත යථාර්ථයක් විග්‍රහ කිරීමට ගත් උත්හාසයක් විදියටයි මං දකින්නෙ..මිනිසා තමන්ගෙ නිරුවත දකින්ට බයයි..යථාර්ථයෙ නිරුවත හරියටම දැක්කොත් බයටම මැරිල වැටෙනව..ඒ හින්ද තමයි හීන ලෝකවල ජීවත් වෙන්න කැමති. ඇහැරෙන්නෙත් නැහැ.. ඇහැරවන්න දෙන්නෙත් නැහැ..
    "Welcome to the Real World" - Matrix

    ReplyDelete
  57. නියම විග්‍රහයක්නෙ කරල තියෙන්නෙ.

    කොහොමහරි මාරයටත් පොතේ අත්සන් කරන්න උනා එහෙනං.

    ReplyDelete
  58. @රත්ගමයා...

    ඔව් මල්ලි..
    (මූ වැදගත් උනාම කිසිම ගතියක් නැහැ වගේ අප්පා..)

    ReplyDelete
  59. @අලුත් කොල්ලා...

    මල්ලි කියලා තියෙන කාරණාව ගැන තව පෝස්ට් එකක් ලියන්න වෙයි වගේ... අනිතවාදීයි කියනවට වඩා ත්‍රස්තවාදීයි වගේ කිව්වත් කමක් නැහැ.

    ස්තූතියි මල්ලි දිගට හිතුවට..

    ReplyDelete
  60. @Jeew...

    හක් හක් හා..මදැයි කොලා..උඹ මේක අමතකම කරලා දාලා පලයං..නරක හීනයක් දැක්කා කියලා හිතලා..නැත්තං තව කෙලියක්..

    ReplyDelete
  61. @Cool Boy...

    දැන් ඔය සමබර කම නැති වෙනවා කියන්නේ කොයි වගේ දෙයක්ද..?

    ඊ ළගට මෙච්චර කාලයක් ඒ කියන්නේ කවුරුවත්ම මේක රැක ගන්න කියා දීලා නැතිවද..?

    අනික් දේ තමා ඇයි මං වගේ මිනිහෙක් මෙහෙම දකින එකේ ඇති වරද..?අමතක කරන්න එපා..මේ මං කතා කරන්නේ මාත් ඇතුළු මිනිස්සු ගැන මිසක්..මම නැති කොට්ඨාශයක් ගැන නෙවෙයි...

    ReplyDelete
  62. @Ano...

    අනිවාර්යයෙන්ම...

    ReplyDelete
  63. @අභීත...

    උඹත් එක්ක බැහැ බං...සික්..අනිත් උන්ටත් මීටර් වෙන්න බැරි නැහැ...

    ReplyDelete
  64. @ශ්‍රීමා සෙනෙවිරත්න...

    ඔය උඩ ඉන්න අභීත මහත්තයා කියලා තියෙන දේත් බලන්නකෝ...

    ස්තූතියි...

    ReplyDelete
  65. @Shenya de Silva...

    මට අත ඇරුන ඒවත් හුගක් කියලා නෙව..බොහෝමත්ම ස්තූතියි...

    ReplyDelete
  66. @ඕනයා...

    මොකද මචං කොමිසමකට සාක්කි දෙනවවද්දෑ..?

    ReplyDelete
  67. @Observer...

    ඕනයට මොනවා හරි ඕන වෙලා වගේ..?

    ReplyDelete
  68. @Weni...

    බොහෝම ස්තූතියි..හඳුනා ගැනීම පිළීබඳවත් ඒ වගේම අර අවසන් උපුටනයටත්..
    මාත් බොහෝම ආසාවෙන් බලපු..ඒ වගේම අදටත් හිතන්න දෙයක් මට ඉතිරි කරපු සිනමා පට කිහිපයක්

    ReplyDelete
  69. @Praසන්ன...

    ඒකනේ කවුද හිතුවේ එහෙම දෙයක්...

    ReplyDelete
  70. @නිශ්...

    නිකං නෙවයි බං.. මල විකාර...

    ReplyDelete
  71. රබර් කියන ගහ මේ ලෝකේ තියෙන්නේ අහවල් දේකටද?
    රාහුල ලා කෙලින් ම යන්න නියමිත රබර් කොපු ඇතුලටයි!

    ReplyDelete
  72. අන්ධයන්ගෙ රටේ මක් කරනවද?

    ReplyDelete
  73. නරියත් මිදි ඇඹුලයි කිවුවලු කඩාගන්න ගන්න බැරි උනාම... මාරෙ අය්යටත් වැඩේ වැරදුනාම සිස්ටම් එකට බනිනවා.. :D කොයි දේකත් දෙපැත්තක් තියෙනවා..අර කතන්දර කියන්න වගේ ඔය බැදී වලට අකමැතිව ආතල් එකට ගන්නනම් රබර් කොපු විතරක් නෙවෙයි තව කොච්චර සෙල්ලන් තියෙද..

    ආතල් එකට ගැහුවා කරුමෙට හිටියා උනාම බැනල වැඩක් නෑ... ලිපියෙ ලියල තියෙන විදියටනම් මම එකග නෑ.. නමුත් සමහර කරුණු 100% ඇත්ත ළමයා හැදුව උනාට උගේ ජීවිතේට අම්ම තාත්ත කියල අයිතියක් අරගෙන ඌට නීති සීමා පනවන්න කිසිම මිනිහෙට ගෑනියෙක්ට අයිතියක් නෑ... ඒ අයිතිය මමය මාගේ කියන හැගීම නිසා මිනිස්සු හදා ගත්ත දෙයක්..

    ReplyDelete
  74. උඹ හඳගමගෙ චන්දකින්නරී බලල තියෙනවද.. මට මතක් වුනේ ඒක...:D

    මම නම් මේක කියවන්නෙ අපූරු නිර්මාණයක් විදිහට මිසක් ආත්ම ප්‍රකාශනයක් හැටියට නෙමෙයි....ඒ වගේම මේකෙ හෙඩිම "රාහුල" මිසක් "හැම තාත්තෙකුගෙම සිතිවිලි" නොවන බවත් හිතේ තියාගෙන..

    මැද හරියෙදි සියැටල් උන්නැහැ වත් මතක් වුනා..

    රාහුලගෙ කොටස කවියක් හරි නිසඳැසක් හරි විදිහටත්... මනුස්සය ලෝකෙට කරන දේ ගැන වෙනම කතාබහක් හැටියටත් හොඳ පෝස්ට් දෙකක් කරන්න තිබුණ කියලත් හිතෙනව...

    ReplyDelete
  75. මනසින් උසස් නිසාද මන්ද පිස්සුම කෙළින්නේ බහුතරයක්, හැම නිතරම...
    වෙනිය කිව්ව වගේ යථාර්තය බොහොම අමිහිරියි ඕං....

    ReplyDelete
  76. ඕක හරි උඹේ අම්මට ඉ තාත්ත ට ඉ

    ReplyDelete
  77. බොහොම දාර්ශනික වටිනාකමක් තියෙන ලිපියක්. සපතේරු උන්නැහැ කියනවිදියට මේ ලිපිය දිහා බැලුවනං හොඳයි. හුඟක් දෙනා තමන්ගේ අත්ගමගෞරවයට වැදුණු පහරක් හැටියට සලකා තිබෙන බව පේනවා. ඒකනෙ සමහර යට ඩෝන් ගිහිල්ල තියෙන්නේ.

    ReplyDelete
  78. මගේ අදහස නම් ලෝක ධර්මතාවය වෙනස් කරන්න යන්න නැතුව, තමන්ට කල හැකි අයුරින් පිනක් දහමක් කරගෙන, හිත දියුණු කරගෙන ලැබුනු ජීවිතය කාටවත් කරදරයක් නැතුව ගත කල යුතුය යන්නයි .......

    ReplyDelete
  79. අද තමයි මේ පැත්තට එන්න ලැබුනෙ.

    සම්පූර්ණ ඇත්ත කතාව මාරයියා. දැන් කරන්න දෙයක් නෑ. බැදීම ඇති කරගෙන ඉවරනෙ. මේ ටික හිතන්න තිබුනෙ ඒක කරන්න කලින්. දැන් ඉතින් මේ බැදිම් එක්ක කරබාගෙන දිගටම ජීවත් වෙන්න වෙනවා.....

    ReplyDelete
  80. අපරාදේ අරුන් හඳට යන වෙලා ඔයා උන්න නම් දාල යවන්න තිබුන එහෙටම වෙලා ඉන්න...... ඇයි ඉතින් එහෙ ඕව මොකුත් වෙන්නේ නැහැනේ නේද ?

    ReplyDelete