16 July 2011

ඇයි මට මෙහෙම කලේ..?

සේකර උඹනං හරි වස නපුරා..
ලියන්න හිටි මං බොහොම හිතාගෙන..
හැම කවියක්මත් උඹ ඇත ලියලා..
ලියන්න දේවල් දැන් නැත ඒ හැර.
උඹ කල විපතක මහතක් මේ මට..

මීවිත ගෙනෙනා රස සුව අගනා..
ඒ ගැන දැනටත් උඹ ඇත ලියලා..
එතෙකින් නොනැවත මහ කිවි හතුරා..
බියර් ගැනත් ඇත කවි පද ලියලා..

මරණය නම් වූ අපූරු මිතුරා..
දිවියේ අවසන සැනසුම ගෙනෙනා..
ඒ ගැන ලියනට සිතු සිත සපුරා..
එකෙත් ඇති සුව උඹ ඇත ලියලා..

ඉතින් කියාපන් කරනෙම් මොනවා..
ලියන්න කිසිවක් දැන් මට නැතිවා..
මේ කල විපතට සරිලන විලසා..
නුඹට දෝස් මුර තබනෙමි මෙලෙසා..

41 comments:

  1. ඉතිං මාරයියේ... මේ විදියට සේකරට බැනලම ලියන්නකො... මාරයිය විතරනෙ එහෙම ලියල තියෙන්නෙ... වෙන කවුරුත් නෑ.. මොකද සේකරම සේකරට බැනල කවි ලියල තියෙනවද ?
    නෑනෙ

    ReplyDelete
  2. මුකුත්ම ඉතුරු කරලා නැද්ද? පෙනෙයිද මේ මිනිහා.

    ReplyDelete
  3. හරිම ලස්සන අවවාදාත්මක කවි පෙලක්

    ReplyDelete
  4. සේකරට බනින්න එපා තද වෙනව හරි...

    ReplyDelete
  5. සේකරයා මුකුත්ම ඉතුරු කරලා නෑ වගේ !!!
    බනින්න නෙමෙයි මුට ගහන්න වටින්නේ.

    ReplyDelete
  6. මීට සමාන අදහසක් ඇති ප්‍රසිද්ධ සීගිරි කුරුටු ගීයක් තියෙනවනේ.

    බුදල්මි.
    සියොවැ ආමි.
    සිහිගිරි බැලීමි.
    බැලූ බැලූ බොහො දනා කව් ලියාලු හෙයින් මම නොලීමි ...

    :)

    ReplyDelete
  7. ඉහි..ඉහි.. මමයි සේකරට බනින්න හිටියෙ මේ මිනිහා ඌටත් බැනල නෙව.. දැන් මං මක්කැයි කොරන්නේ.. :D

    (විහිළුවට කිව්වේ ගනන් ගන්න එපා) නියම කවි ටික මාරයෝ...

    ReplyDelete
  8. අඩෝව්.. කවුද ඩෝ සේකර..
    ජයසේකරද, සුමනසේකරද, වීරසේකරද, අමරසේකරද..
    අත ඇරපන් මාරය මාව..
    මගේ මාරය අවුස්සන්නෙ නැතුව...

    (ලියන්නද බන් දෙවල් නැත්තේ....)

    ReplyDelete
  9. "මේක හරි කෙලියක්නෙ! " නේද මාරයා අයියේ? බැරිද නොලියපු දෙයක් හොයාගන්න?

    ReplyDelete
  10. ඇයි මාරයියෙ බ්ලොග් ගැන ලියන්නකො.සේකර හිටිය කාලෙ බ්ලොග් තිබ්බෙ නෑනෙ

    ReplyDelete
  11. සේකර මහත්තය පව් නැද්ද බොලේ..

    ReplyDelete
  12. සේකර කියන්නේ කවුද කියලා දන්නැතුව කොහොමද මම අදහසක් දෙන්නේ ?

    මම හිතන්නේ ඔය කියන්නේ මලලසේකර ශබ්දකෝෂය ගැන් ! . මම නිවැරදියි නේද ?

    ReplyDelete
  13. සේකර කියන්නෙ මොන සේකර,ද කියල දන්නෙ නම් නෑ....... කවි ටික නම් නියමයි......

    ReplyDelete
  14. මේ මනුස්සයව තියන්න වටින්නෙ නෑ නෙ ඉතින් මාරයියට කරපු අසාධාරණේට. නාඬා හිටින් අයියෙ, අපි සේකර ලියපු නැති එකක් කොහෙන් හරි හොයා ගනිමු.

    ReplyDelete
  15. සේකරගෙනුත් ගේම ඉල්ලුවා එහෙනම්.
    හා හා ඔහොම යන් ඔහොම යන්.
    JH

    ReplyDelete
  16. මාරයෝ.... මාරයිනෙ ... !!! මරු කවි ටික... !!!

    ReplyDelete
  17. එහෙනම් ඉතින් දැන් කරන්න තියෙන්නේ සේකරගේ කවියක්
    මොඩිෆයි කරල ලියන එක. වෙන මොනා කරන්නද ඉතින්..
    මැරුන මිනිහෙක්ට බැනලා පලක් නෑනේ.

    ReplyDelete
  18. අරක්කු, බියර් ගැන විතරනෙ ලියල තියෙන්නෙ. අපි ලියමුකො ලෝකල් බඩු ගැන.

    ReplyDelete
  19. ඈ බං, දැන් උබයි සේකරයි එකතුවෙලා අපිට කෙලවන්නද හදන්නේ? උබලා දෙන්න ඔක්කොම ලීවහම, අපි ලියන්නේ මොන බනිස් ගෙඩිය ගැනද?

    ReplyDelete
  20. අහ් ඩෝනට් වොරි මාරයියෙ ....ඔයා ලින්න කැමති නැද්ද බ්ලොග් ගැන කවියක් ...බුදු ෂුවර් බ්ලොග් ගැන සේකරයා දන්නෙ නැහැ....

    :))

    ReplyDelete
  21. මාරයාගේ කවි ටික නං අපූරුයි. මේක සේකරට බැනිල්ලක් නෙවේ, සේකරයන් ගැන වර්ණනාවක්. ඒත් මේ සඳරුවයි, ශ්‍රීමයි එක්ක නං තදවෙනවා. සිංහලයෝ වෙලා සේකර ගැන දන්නෙනැති එක ගැන.

    අපි හැමදාම ආදරෙන් මතක් කරන සේකර වෙන කව්රුවත් නෙමේ "මහගම සේකර".
    සේකරව දන්නේ නෑ කියල විහිළුවටවත් කියන්ඩ එපා. සිංහලයෙක් වෙලා එහෙම කියන එක පව්.
    දන්නෙම නැති අය ඉන්නවනං මෙතනින් බලාගන්ඩ.

    http://www.mahagamasekera.org/

    ReplyDelete
  22. සේකරත් කරන වැඩ.. මාරයියට ලියන්නම දෙයක් නැති කරානේ...

    ReplyDelete
  23. @පොත් ගුල්ලා...

    ඇත්තටම මේක තමා මට කිරන්න පුළුවන් විදියේ වර්නනාව...සේකර ගාවදී අපි මොක්කුද කියලා හිතෙන කොට..මෙහෙම නොලියා මොනවා කොරන්නද..?

    ඇත්තටම සේකර ගැන මට ඊරිසියාවක් වගේ හැගීමක් දැනෙනවා වෙලාවකට..ඒ ඔහුගේ ප්‍රතිභාවත්...ඒ වගේ ප්‍රතිභාවක් ඇති අයකු ළගදී මං වගේ එකෙකුට තියෙන තැන හරියට මහා රූස්ස ගහක් ලගදී තුත්තිරි ගහක් හා සමානයි කියලා හිතෙද්දී...

    ඉතිං මීට වඩා වෙන මොනවද..?

    සේකර ගැන දන්නේ නැති කස්ටියනං එල්ලන්ටයි වටින්නේ..අම්මපා ඔව්...

    ආ අනිත් ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහෝමත්ම ස්තූතියි..විශේෂයෙන්ස මේ පෝස්ට් එකට වැටුන කමෙන්ට් හරහා මට ඊ ළග පෝස්ටුවට මාත්තුරුකාවක් දුන්න අයට එහෙම...

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. @රෙස්ලින්.lk...

    අඩේ මෝඩ පැටියෝ..උඹ මේ කොමෙන්ට් එක මකලා ඒකම ගිහින් මගේ අනිත් පෝස්ට් එකේ ඇනෝ ඇවිත් දැම්මා නේද..? බූරු පුතේ..උඹ මේක මැකුවට ඒකේ කොපියක් මගේ මේල් එකවුන්ට් එකට එනවා...

    දැනට වැඩි දෙයක් ඕන නැහැ උඹ වගේ මෝඩ පුතෙක් හැදුව අම්මටනං මං මුකුත් කියන්න යන්නේ නැහැ..මොකද උඹ වගේ පුතෙක් හැදුවට පස්සේ ඒ අම්මට කොහොමත් උඹම ඔය කිව්ව ටික කරන හින්දා....පස්සේ වෙලාවක අපි කතා කරමුකෝ හො‍ඳේ...

    ReplyDelete
    Replies
    1. http://wrestlingsl.blogspot.com/2011/07/lk_28.html

      Delete
  26. පවු දෙයියනේ ඇදගෙන නාලද??? :-D

    ReplyDelete
  27. @ම...

    කියලා වැඩක් නැහැ බූරු පුතා හත්පොලේ ගා ගත්තා..:D

    ReplyDelete
  28. හයියෝ රෙස්ලින් බඩ කපාගෙන මැරෙන්න වටින සිද්දියක්නෙ!

    ReplyDelete
  29. එකෙක් නිසා රෙස්ලින්.lk ටීම් එකටම නෝන්ඩි.අපරාදේ නිකන් නම කැත කරගන්නවා.ගිහින් වෙන ෆේක් එකක් හදන් වරෙන් කොල්ලෝ

    ReplyDelete
  30. මුත් නිකන් අර සොහොනා වගේ කමෙන්ට් කරන්නේ :P

    ReplyDelete
  31. හික් හික් හික්

    ReplyDelete
  32. හියැහ් පුහ්!!! හික් හික් හික්!!!

    ReplyDelete
  33. මේ මොලේ අමාරුව තියන මල්ලි ගැන කථාව අහල මටත් නිකන් පිස්සු වගේ , ගලේ පහර ගන්න එක කමක් නැ කියමුකො ඒත් ඇඟපුරාම ගා ගාන්න එක නම් චාටර් . දැන්වත් වරද පිලි අරන් සමාව අරගෙන වැඩෙ ඉවරයක් කරන්න

    ReplyDelete
  34. කොටලා නේද මාරයාටම :D

    ReplyDelete
  35. පවු දෙයියනේ.............. :D

    ReplyDelete
  36. මිනිස්සු හෙනට බැලුවට රෙස්ලින් කියන්නෙත් බොරුවනෙ ඉතින්.

    ReplyDelete
  37. බොග ෆෑන් එකේ !!!!!! (Shit Hits The Fan) :D

    ReplyDelete
  38. ලියනවා නං ලියන්න කොච්චර දේවල් තියනවද, පොඩි අඩියක් ගහලා නිසංසල පොට් එකකට යන්නකෝ, මතක් නොවෙන දෙයක් නැහැ .........

    ReplyDelete
  39. බ්ලොගර් එකට ගිහින් ටෙම්ප්ලේට් එකක් දාගෙන ඔහේ මොනවහරි ටිකක් ලිව්වම අපේ සමහර එවුන් හිතන් ඉන්නෙ උන්ට වඩා පොරවල් මේ ලෝකෙ තවත් නෑ කියල. රෙස්ලින්.lk කරන එවුනුත් ඒ ජාතියෙ තමයි!

    ReplyDelete