17 July 2011

කසිප්පු බීම පමණක් තහනම් ඇයිද... වැටේ සුදා නුඹේ නමට...

සිටු මාළිගා රජ මැදුරේ රැඳී නැතී..
ධනවතුනගේ මුව පහසේ උරුම නැතී..
උගත් වියත් අය හට දැකුමත් නොමැතී..
එහෙත් බොහෝ දන නුඹ හා කල් යවතී..

විසිතුරු නේක කැටයම් කල ඇසුරුමක..
දිලිසෙන පැහැය ඇති හැඩ වැඩ පෙට්ටියක..
නොයෙකුත් හැඬැති මන බඳිනා මේසයක..
නුඹ සිටි බවක් නම් නැත මගේ මතකයක..

අවන් හලක මකරුන් සිටිනා තැනක..
ගිමන් හලක තරු පහ හය රැඳුන තැන..
විසල් ලැඟුම් හල් දිලෙනා ඇති නේක..
කිසිත් කලෙක එහි පහසක් නුඹට නැත..

වෙදුන් බනිති නුඹ ගැන කිසි හොඳක් නැත..
ලිපිත් ලියති නුඹටම එරෙහිව සැවොම..
පොලිස් අතත් ගෙන දෙන නුඹටම ගැහැට..
උතුම් නීතියත් නුඹටම කපයි වල..

කියනා කිසිත් අගයක් නැත නුඹ ගාව..
ප්‍රමිතිය ගැනත් ඇත සෑහෙන අවලාද..
මේ වන් ගැහැට විඳ අවමන් අපහාස..
තවමත් නුඹ සිටී නොසැලී අප ගාව..

දාහක් දෙනා හඬ නැගුවත් විරුද්ධව..
ලෝකයේ කිසිත් අගයත් නැතුවත් නුඹට..
ඒ කිසි දොසක් ගැන නොම වී අමනාප..
පොඩි මිනිහාගේ දුක නිවනා හැටි තාම..

වත්තේ කොනේ බඩ වැටීයේ සැග වීලා..
දොළ පහරේ ඇළ අයිනේ නිපදීලා..
සමහර විටක සති ගානක් පල් වීලා..
නුඹ ඉපදෙනා හැටි ඇත රහසක් වීලා..

යකඩ බැරලයක් පෙරලා පැත්තකට..
එහි උඩ පැත්තේ කට කපලා ගානකට..
සීනිත් සමඟ ඊසුත් මුසු කොට යසට..
වතුරත් යොදා පැසවති හොඳ පදමකට..

මහ ගණ වනේ හෝ නිවසේ කුස්සියක..
ලිං මිදුලේ සඳ ඇති දින මහ රැයක..
දර ගිනි ගොඩේ හෝ වෙනයම් හෝ ලිපක..
දැල් වෙන ගින්න මත රත්වනු ඇත දිනක..

තඹ බටයෙන් සැදි දඟරය තුලින් යවා..
ගිනි රස්නය සීතල වතුරෙන් නහවා..
හුමාලයන් පිණී බිඳු සේ යළි හරවා..
බිඳුවෙන් බිඳුව ඉස්පිරිතුව එක් කරවා..

පදමට සරිලනා සේ වතුරත් මුහුව..
අඩු වැඩි නැතිව බූලිය තුල වී සිරව..
සඟවා තැනින් තැන බොහො රැකවල් ඇතිව..
අවසන විකුණනා අඩු මිලකට නිමව...

මිල අඩු උනත් නැත රසයේ කිසි අඩුවක්..
මොන තරමකින් හෝ නොවෙතිය දෙවැනි තැනක්..
රසවතුනගේ මන පිනවන බොහොම කලක්.
දුප්පතුනගේ සිත පිනවන දිව ඔසුවක්..

නසනා දුක සෝක ඇඟපත ඇති වෙහෙස..
නිවනා සිතේ ගිනි ගිනි වතුරෙන් සවස..
ගෙවනා ජීවිතේ රැ‍ඳෙමින් ළග ගැවස..
මිනිසුන් දුක නසයි නුඹ නැතිකර පවස..

රජවරු සිටුවරුන් අතරේ පමණක්ද..
දුප්පත් දනා හට මත්බව අකැපයිද..
සල්ලිය බාගේ නැති කම මහ වරදක්ද..
කසිප්පු බීම පමණක් තහනම් ඇයිද..

-ලියන්න අදහස දුන්න මාගේ මිතුරාට ස්තූතිය...


52 comments:

  1. මරු කවි පෙල.
    කසිප්පු වලට විතරක් තහනම තියෙන්නෙ රජයට බදු නොලැබෙන නිසයි. ලියාපදිංචි කරල තහනම ඉවත් කරන්න ගියොත් බාර් මුදලාලිල කොක්ක අදියි.

    ReplyDelete
  2. ඔය තියෙන්නෙ බඩු නියමෙට.

    ReplyDelete
  3. හ්ම් ඔය අහු වෙලා තියෙන්නේ සේකරට අත්හැරුන එකක්.
    හැබැයි වැඩිය හොඳයිලු කටුස්සෙක් දෙන්නෙක් දම්මාම ..

    ReplyDelete
  4. අෆ්ෆා මාරයියා කසියා ගහන්නද යන්නේ :D

    ReplyDelete
  5. ඇයි රා...ඒකත් ඉතිං දුප්පතාගෙ හිතවතා තමා...නියම කවි ටික නිෂ්පාදනය,බෙදාහැරීම,අලවිය සියල්ල ඇතුලත්ව...

    මාරයො ඔය බැරල් එකට කටුස්සො,තලගොයි,ගැරඬි,කටු කම්බි එහෙමත් දානවලු..පදම එන්න වෙන්නැති නේද...

    ReplyDelete
  6. දුම් “නොබොන්නෝ” දිනපතා මියයති…

    http://mothagamanaya.wordpress.com/2011/07/17/smoke-more/

    ReplyDelete
  7. ගිම්හානිත් පට්ට ඒවා කියන්නෙ...

    පළතුරුවලින් දෙනවානම් අගය වැඩී
    බාල එකෙන් ගත්තෝතින් ගඳත් වැඩී
    උගුරට හලා ගමු පොඩ්ඩක් එපා වැඩී
    දෙවියෝ රැකදේවා... අපෙ කෂිය වඩී

    ReplyDelete
  8. කිව්වත් වගේ රට බීම වලට කිසි කරදරයක් නෑ. කසිප්පු ටිකට තමා මේ හෙනේ !!!!

    කසිප්පු වලිනුත් කුට්ටිය ලබෙනවනම් ඒකත් නීති ගතකරලා ප්‍රාදේශිය ස්කාගාර හදයි.

    ගිඛානි අක්කා කිව්වත් වගේ කටුස්සෙක් ගැරඬියෙක් කටු කම්බි කෑල්ලක් දැම්මම තමා හොද !!!!!

    ReplyDelete
  9. මිල අඩු උනත් නැත රසයේ කිසි අඩුවක්..
    ලෝකල් ෆැන්ටා රස ! යම්............

    ReplyDelete
  10. මම කලිනුත් කිවුවා... දැන් නිතරම ලියවෙන්නෙ මත් ජාති ගැන කියලා.... බියර් විතරයි බොන්නෙ කිවුවා... දැන් දේශීය කර්මාන්තෙට අත හිත දෙන්නද යන්නෙ ??

    ReplyDelete
  11. සමහර තැන්වල
    සහ පොඩි බාර් වල.
    ඇතිය රා නම් ලැබ
    කසිය බව දන්නෙ නම් බිව් අය........

    නොයෙක් විස ඇත්තූ
    ගැරඩි වැනි සත්තු
    හමා ගසා ගත්තූ
    කතී වෙන රටවැලැ වු ඇත්තූ....

    සතුන් උන් එහි ඇත්තේ
    නැත විස බෝමැ ඇත්තේ
    සැදෙන විස ඇත්තේ
    ඒක නෙව නුසුදුසුයි කියන්නේ
    මාර මුත්තේ.........

    ReplyDelete
  12. සියරට දේ සිරිසෑප දේ

    ReplyDelete
  13. කෝ මඩ ගහන්න ආවට ගහන්න මඩක් නෑ නේ...
    මේඩ් ඉන් සිරි ලංකා ගමේ බඩු....

    ReplyDelete
  14. ආ මේ දේශීය නිෂ්පාදනනේ..

    මේක මුදල් ගෙවා පලකල දැන්වීමක්ද?

    ReplyDelete
  15. පට්ට කවි සෙට් එක... මාරයා අයියට සුදුවන් ටිකක් ලගදි සෙට් වෙලා වගේ..

    පුදුම කරුමයක් කියන්නේ කොමෙන්ටුවක් දාන්න දෙපාරක් ටයිප් කරනකොට ලයිට් ගියා.. මේ තුන වෙනි පාර එකම කොමෙන්ටුව ගහන.. තව ලියන්න ගියොත් ආයෙත් ලයිට් යාවිද දන්නේ නෑ. ඔන්න පොස්ට් කරා...

    ReplyDelete
  16. ඔය තියෙන්නෙ උඹට සේකර නොලියපු මාත්තුරුකාවක් අහුවෙලා.. :)

    ReplyDelete
  17. යකෝ කසියා වලට කවි ලියන්නේ සොට් එකක් දාගෙනවත්ද? :DDD

    ReplyDelete
  18. සුරාවේ ගුනයත්
    එහි ඇති මනා රසයත්
    බොන සුදනන් මිසක්
    නොබොන දුදනෝ කෙසේ හඳුනත්?

    ReplyDelete
  19. කවි ටික නම් තිතට ගලපලා.....නියමයි,,,,,,,කවද ඉදලද කසිප්පු පෙරන්නෙ?

    ReplyDelete
  20. කසිප්පු කවියේ රස විද ඇත අද දින බොහෝ පිරිසක්.

    ReplyDelete
  21. මාරය මල්ලි,
    ඔය විෂය ගැන කතාකොරන කොට "දංකොටුව" අමතක බැරි කොරන්න කොරන්න බැරි ප්‍රදේශයක්. "දංකොටුව" ස්පෙෂල් ට්‍රය් කොරල තියෙනව නං "රංග" ලියන විස්කි අනං මනං සම්පුරණයෙන් මතක බැරි කොරල දාන්න පුලුහං.
    දැන් කොහොමද දන්නැහැ අවරුදු තිහකට විතර ඉස්සර වගෙ අපි මොනව හරි ලංගම වැඩකට බදුල්ල, බණ්ඩාරවෙල, පැත්තෙ යනකොට ෂුවර් එකටම සල්ලි නොගෙනිච්චත්, "දංකොටුව" ගැලුමක්, දෙකක්, බ්රේක් ඩවුන් වෑන් එකේ දාගෙන තමා යන්නෙ. ඉඳුම් හිටුම්, කෑම බීම, සුමානයක් එහෙ හිටියත් කවදාවත් ප්‍රශ්නයක් වෙලා නැහැ.
    කුලියාපිටිය, උඩුබද්දාව, පැත්තෙ බඩුත් නරක නැහැ, හැබැය් සුවඳටය්, රසටය් ගහන්න "දංකොටුව" ස්පෙෂල් තරං නිෂ්පාදනයක් දැක්කෙම නැහැ. මං ඒ කාලෙ පිටරටින් ආපු කස්ටියටත් දීල තියෙනව.

    මේව ගැන කතා කොරන කොට දොස්තර නෝනල, මහත්තුරු එහෙම උඹව හම ගහල නිකා ඉඳීද මාවත් හම ගහය්ද දන්නෙ නැහැ, අපේ ගෑනි නං මේ වෙලාවේ බුදි.

    ReplyDelete
  22. මාරයාගේ කවි පංතියට අදාල නොවන, නමුත් කොමෙන්ට්ස් වල කියවුන වෙල් පැන්ටා නිශ්පාදනය සම්බන්ද දුර්මත කීපයක් වෙනුවෙනි,

    වෙල් පැන්ටා නිශ්පාදන ක්‍රියාවලියේදී "කාඩියට" ක‍ටුස්සන්,මීයන්, ගැරඩින් වැනි සතුන් නිශ්පාදක මහතුන් විසින් හිතා මතා නොදමන බව කරුනාවෙන් සලකන්න. කාඩියේ ඇති පලතුරු පැසීමේ ක්‍රියාවලියේදී නිකුත්වන ඉමිහිරි සුවඳට ආකර්ශනයවන සතුන් කාඩියට වැටී මියයාම පමනක් මෙහිදී සිදුවෙයි. ඇල්කොහොල් නිශ්පාදනයේදී එවැනි ක්‍රියාවලියක් "හිතාමතා" සිදු කරන්නේ මා දන්නා පරිදි "වැට් 69" නිශ්පාදනයේදී පමනි.

    මුල් කාලයේ නිශ්පාදකයන් කාඩිය ගසා ඇති තහඩු බැරලයේ අඩංගු "ගැල්වනයිස්"තට්‍ටුව කාඩියට දියවී එකතුවන බවත්, ඒහේතුව නිසා අවසන් නිශ්පාදනයේ රසය වැඩිවන බවත් සොයාගන්නා ලදි. එම ක්‍රියාවලිය වඩාත් හොඳින් සිදුකර ගැනීමට අහල පහල වතුවල මායිම් වලට ගසා ඇති ක‍ටු කම්බි රෝල් පිටින් ගලවා කාඩියට දැමීම අරඹන ලදි.

    ක‍ටුස්සන්, සර්පයින්, මීයන්, මදුරු කොයිල්, ක‍ටු කම්බි ආදිය එක් නොකරන ලද "අති සුපිරි ෆෘට් අන්ඩ් නට්" වර්ගයේ දේශීය නිශ්පාදනද ඇති බවට දංකො‍ටුව වැනි පලාත්වල බේබද්දන් සාක්ෂි දරනු ඇති.

    ප.ලි.
    හික් හික්....
    තව ඕනෙද ????

    ReplyDelete
  23. මාරයියේ අලුත් බෝඩිම ළඟ කස්කාගාරයක් තියෙනවා වගේ..

    ඔක්කොමත් හරි , ඕනයා අයියාගේ දැනුම ... හප්පේ මම මාළු ගැන විතරය්ක් නෙවෙයි වගේ ඔයාගේ විශේසඥතාව තියෙන්නේ...කොහොම වුනත් බයිට් එකට වැඩියෙම ගන්නේ මාළු වෙන්ටැති.

    තව මම අහලා තියෙනවා සිමෙන්ති එකතු කරනවා කියලා. එකට හේතුවක් කවුරුවත් දන්නවාද?

    ReplyDelete
  24. මචන් උබල ගැන මට දුකඊ බන් .....
    Ai අපි බොන්නේ ? අර්තල් ගන්න නේ ද ? කසියා ගහල ඇස් පොට්ට උනොත් වැඩක් තියෙනවද බන් ??
    අපි නම් බොන්න ගත්තේ බන් එස්කොලේ year 8 වලටත් කලින් බන් .... අපි නම් හුගක් ජාති ට්‍රය් කේරල තියෙනවා බන් ...
    බිව්වා කියල කොල්ලෝ වෙන්නේ නෑ බන්.. එක අර්තල් ගන්න උබේ චෝඉචේ එකක් විතරඊ .....
    මම දන්නා දෙයක් තමඊ බොන උන් බොන එක ගැන එච්හෙර කියවන්නේ නෑ බන් .......... බීල සතුටු වෙයල්ලා බන් ... එත් කොල්ලෝ වෙන්න බොන්න එපා බන්.....

    not a personal comment to anyone ... i respect Maraya for many reasons... not targeted for him at all...

    ReplyDelete
  25. මොකුත් කොටන්න බැ බන් ...ටිකක් වැඩි වගේ..

    ReplyDelete
  26. හොඳටම ඉදුනු කජු පුහුලම් ගෙන කොටලා
    මලකඩ කාපු කටු කම්බියකුත් දාලා
    මදුරු කොයිල් ඩබලක් එයටම දාලා
    රත් කර ගත යුතුය අඩියෙන් ගිනි දාලා

    සිමෙන්ති කොට්ටයක් දැමුවොත් බැරලයට
    ඇතිවෙන පෑදුමෙන් ලැබෙනා රිද්මයට
    බොන කෙනෙකුට ලැබෙනා රජ කික් එකට
    කොන්ක්‍රීට් බිත්ති කුඩුවෙයි හැපුනොත් ඇඟක

    බූලියකම මිල රුපියල් දාහක් ය
    බජට් එකට එලටම ගැලපෙන ගතිය
    පැරණි කරන තරමට ගුනයෙන් වැඩිය
    තැඹිලි ගෙඩි තුලද සඟවා ගත හැකිය

    ගමේ දේට අපි හැමදාමත් ලැදිය
    රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය
    ස්ව්‍ය රැකියාවන්ට අතහිත දිය යුතුය
    ෆුඩ් සිටි වලත් කසිප්පු විකිනිය යුතුය

    (ගහන්ඩ බයින්ඩ එපා මේක කවියක් විතරයි !)

    ReplyDelete
  27. ඉඳුනිල් . . .
    සිමෙන්ති එකතුකරන්නෙ අවසාන ආසෘති (ඩිස්ටිලේශන්) ක්‍රියාවලිය වෙනුවට. ස්ප්‍රිතු වෙන්කරගන්න කරන ආසෘති (අකුරු හරිද දන්නෙ නෑ) ක්‍රියාවලිය සඳහා කාඩිය රත්කිරීමට ගින්දර අවුලුවන්න වෙනව. එතකොට දුර ඉන්න පොලීසියට පේනව. ඒ නිසා ගින්දර වෙනුවට ආපු හොඳම ආදේශකය තමයි "සිමෙන්ති".
    කාඩියට කෙලිංම සිමෙන්ති දැම්මාම ආයෙ ගින්දර ගහන්න ඕනෙ නෑ .....කූලිං බට ඕනෙ වෙන්නෙත් නෑ....සිමෙන්ති දාල ටික වෙලාවකින් ස්ප්‍රිතු වෙන්වෙලා උඩ මතු වෙනව.

    ReplyDelete
  28. පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි ඕනයා අයියා.

    මාරයියගේ කවි පෙළත් ඕනයියගේ කමෙන්ටුත් නිසා දැන් අවශ්‍ය කෙනෙකුට පුද්ගලික පාවිචිචියට ගෙදරදීම කසියා හදන්න අවශ්‍ය තොරතුරු මෙතන තියෙනවා.

    ReplyDelete
  29. නියම කවි ටික ඒවගේම සැහෙන්න දැනුමක් ලබාගත්තා,

    ReplyDelete
  30. හික් හික්.. අපි ඔය ෆෘට් ඇන්ඩ් නට් ඒවා පෙරුවා A/L Chemistry practical වලට.. දැන් වුනත් ඉතිං අවශයනං පෙරාගන්ට පුළුවන්.. :)

    @ඕනයා,

    ඒ ගමන්ම අර වැට් 69 එකට අස්සයෙක් දාන කතාවත් කියපං හුදී ජන පහන් සංවේගය උදෙසා..

    ReplyDelete
  31. එලය, බොහෝම ස්තූතීය. මාරයගේ පෝස්ට් එකෙත් සියළු කමෙන්‍ටුවලත් [විශේෂයෙන්ම ඕනයාගේ] ආනුභාවගෙන් මං ගේ පිටිපස්සේ ඇලේ ස්වයං‍රැකියාවක් පටන්ගතිමි. වැඩේ හරිගියපසු සියළුම බේබාලාට දන්සැලක් දෙමි. [ගම් වාසීන්ගේ ආධාර කිසිවක් නැතිවම]

    ReplyDelete
  32. පද ටිකනම් අපුරුයි...බොන්නේ නෑ කියල ආයේ පටන් ගත්තද දන්නේ නෑ අයියා

    ReplyDelete
  33. @ඔබ්සර්වර්:
    තවමත් දංකො‍ටුව ඉස්පැසල් "වෙනිවැල්" බෝතල් කීපයක් නොවැරදීම දෙසැම්බර් මාසෙ වෙනකොට මගෙ ලොකු මාමට ලැබෙනව. අයිය දන්නවනෙ බුවා මොන විදියෙ ඩයල් එකක්ද කියල . . . . හලාවත ඩිපෝ එකේ ඉන්න කාලෙ සෙට් වෙච්ච බුවාල තමයි තාම ඔය සප්ලයි එක දෙන්නෙ. දෙසැම්බරේ ගමේ ගියාම එකාට එක ගානෙ සීයෙ ශොට් එකක් දෙනව . . . සැහ් . . . එවන් රසයක් . . .!!!! වචන නැත . . . .!!!

    @බුරතීනෝ:
    ඒක මං අහල තියන කතාවක් විතරයි මචෝ . . . . ටක්කෙටම විදින්න බැරුව නිකං හත්පොලේ ගාගන්න ඕනෙ නෑ නේද ඔය සුවර් නැති මගුල් කියන්න ගිහිං . . . ???

    @නවම්:
    ඇලට බහින්න ඕනෙ නෑ මචං . . . ගෙදර කුස්සියෙ පුලුවං සුලු පරිමානෙන් කරන්න. ඕනෙ වෙන්නෙ ලොකු සාස්පානකුයි, ප්‍රෙශර් කුකර් එකයි, තව අංගොඩ හංදියෙන්ම මිලට ගන්න පුලුවන් පොඩි පොඩි ගැජට් කෑලි කීපයකුයි විතරයි . . . .
    (‍ෆ්‍රීස් කරගන්න ටිකක් අමාරුයි තමයි ඒත් රුපියල් 10යෙ බීම පැකට් විදියට සෙට් කරගත්ත නං . . . . උඹට ගේ ඉස්සරහ විතරක් නෙමේ . . . . නෝන-වාට්‍ටුව ඉස්සරහත් වික්කෑකි)

    ReplyDelete
  34. ඔනය සයිඩ් කසිප්පු ගෑන තවත් දෑනුම වෑඩි උනා. මමත් අහල තිබුන කසිප්පු වලට සිමෙන්ති දානව කියල විස්වාස කලෙ නෑ................ ස්තුති....

    ReplyDelete
  35. හොදට පෙරාපු කසියා සහ වොඩ්කා වල වෙනසක් නොදැනේ. මම නම් දැන් පාවිච්චි කරන්නේ තැබිලි vine
    ගෙදරම පෙරා ගන්න නිසා හැම අතින්ම පහසුඉ.

    ReplyDelete
  36. @ බුරා & ඕනයා,
    "වැට් 69" කතාව මං අහල තියෙන විදියට නං, විස්කි පදම් කරන්න කල් තබන විශාල ලී වැට් එකකට (කල්දේරමකට) ස්කාගාරෙ වැඩ කරන මනුස්සයෙක් වැටිල. අතුරු කතා තියෙනව පොර පදම් වෙන්න දාල තිබ්බ විස්කි හොරෙන් බීල, වෙරි වැඩි වෙලා වැට් එක ඇතුලට වැටිල කියල. කොහොම හරි මනුස්සය ඒකෙ මැරිල හිටිය බව කව්රුත් දැනගෙන ඉඳල නැහැ. අවුරුදු ගාන සම්පුර්ණ වුනාට පස්සෙ මේ මනුස්සය මැරිල හිටිය නොම්මර 69 දරන වැට් එකේ විස්කි බෝතල් කරන්න පටන් අරන්. බෝතල් කරන්න ඉස්සෙල්ල ටේස්ට් කරන විට මේ වැට් එකේ විස්කි රසය වෙනස් බව දැනිල තියෙනව, රසය හොඳය් වගේ දැනුන නිසා බඩු මාර්කට් එකට යවල. මේ විස්කි වල රසයට පාරිභෝගිකයො ලොකු කැමැත්තක් දක්වපු බවත් නිෂ්පාදක සමාගමට දැනගන්න ලැබිල. වැට් එකේ අඩිය හරි බෝතල් කරනකොට තමා ඇටසැකිල්ල හෝ මොනව හරි මැරුණු මනුස්සයගෙ ඉතුරු හරිය දකින්න ලැබිල තියෙන්නෙ. නොම්මර 69 වැට් ඒකෙ විස්කි වලට තිබුන ඩිමාන්ඩ් එක නිසා නිෂ්පාදක සමාගම හොයල තියෙනව මනුස්ස මාංශයට සමාන සංයුතියක් තියෙන මාංශය මොකද්ද කියල. එතකොට එයාලට දැනගන්න ලැබිල තියෙනව අශ්ව මස් ගැන. ඊට පස්සෙ ඒ විස්කි පදම් කරනකොට වැට් එකට අශ්වයෙකුත් මරල දාන්න පටන් අරන්. විස්කි වලට "වැට් 69" කියල නම දාල.

    පුද්ගලිකව, "වැට් 69" එතරම් ප්රිජනක විස්කි වර්ගයක් නෙමේ.

    ReplyDelete
  37. පුද්ගලිකව කිසිම විස්කි වර්ගයක් මට ප්‍රියජනක නොවේ.. මගේ පානය වොඩ්කා හා රම් පමනි.. :D

    ReplyDelete
  38. මමත් බීල තියෙනව දOකොටුවෙ මුල් බෝතල් දහයේ ඒවා.....එහෙමත් සොමියක් බොල.....
    තාමත් බොන්නෙ කසිප්පු කියහන්කො ඉතිං සති අන්තෙට....අනේ කාලේ...

    ReplyDelete
  39. ඔය වැට් 69 කථාව නම් මමත් අහල තියනව. ඒත් ඉතිං ඕකට අස්සයෙකුත් දාල ඔය ගානට දෙන්නෙ කොහොමද කියලයි මට තියන ප්‍රශ්නෙ. ඇයි දෙයියනේ අස්සයෙක් කීවාම ඉතිං සුවල්ප ගානක් වෙනව කියලැයි..
    මාරයියෙ, කසිප්පු ගැන ලියන්න හිතුනෙ ලඟදි කසියා පාරකටවත් සෙට් උනාද?

    ReplyDelete
  40. මමත් මේක දැකලා ආවේ අපේ පැත්තනේ මෙවාට ප්‍රසිදම වෙන්නප්පුව හලාවත පැත්තට ආවානම් කොහොම ද මෙකේ ඇත්ත හොයන්න පුලුවන් අපේ නම් පුද්ගලික මතය එයයි..........

    රෙස්ලින්. lk කන්ඩායම

    ReplyDelete
  41. මාරයාගේ මෙම ලිපියට නැවතත් ප්‍රණාමය.....
    කසියා ගැන පැහැදිලි කොල සියල්ලටත් තෑන්කූ කීවා.....
    මම ඔය කසියා වලට සිමෙන්ති දාන සීන් එකයි ඒකට හේතුවයි තව ඔය වැට් 69 කථාවයි දැනං හිට්යෙ නෑ නොව...

    ReplyDelete
  42. මාරයාගේ හෝරාව කොයිවගේද කියල බලාගන්ඩ අද තමා මේ පැත්තේ ඉස්ඉස්සෙලම ආවේ. කවදාහරි ඔය හෝරාව ගතකරන්ඩ අපි හැමෝටම සිද්දවෙන නිසා වේලාසන පොඩි අත්දැකීමක් ලබන එකත් හොඳයිනෙ.

    මේ කවි ටිකයි කමෙන්ට්ටු ටිකයි කියෙව්වම මට මතක් උනේ වේදිකා නාට්‍යයක්. ඔය වැට්69 කතාවයි, ස්පාඥ ජාතිකයෝ ලතින් ඇමරිකානු රටවල් යටත් කරගත්ත කතාවයි එක්කහු කරලා කේ. බී. හේරත් මහත්තය අපූරු වේදිකා නාට්‍යයක් කලා. ඒ තමයි "නාග ගුරුලා". ඒ වසරේ හොඳම නාට්‍යය ලෙස රාජ්‍ය සම්මාන දිනුව මයෙ හිතේ.

    අනේ කසිප්පු බොන එකනං හොඳ නැහැ තමා. ඒත් හුඟක් බර වැඩ කරන කම්කරුවන්ට තමන්ගේ ඇඟේ පතේ තෙහෙට්ටුව නිවාගන්න තියෙන එකම ක්‍රමය කසිප්පු ටිකක් තොල ගෑම බවට පත් වෙලා. ඊට ඉහළ දෙයක් වෙනුවෙන් වියදම් කරන්නත් ඒ මිනිස්සුන්ට මුදල් හදල් නැහැනේ. ඕකෙ නරකම පැත්ත තමා ඊළඟට ගෙදර ගියාම ඇඟේ පතේ හිරි යවාගන්ට ගෑණිවයි ළමයින්වයි පාවිච්චි කරන එක. උන්ට හිංසා කරලා වැටිලා බුදියගෙන පහුවදා ආයෙත් කම්කරු වැඩ. මේ මිනිස්සුන්ව ඔය විෂම චක්‍රයෙන් ගලවගන්ඩ ක්‍රමයක් කවද හැදෙයිද?

    ReplyDelete
  43. කශිප්පු ගැන ඔන්න අද ඔක්කොම දැන ගත්තා,වැට් 69 නම් මීට කලින් අහල තියෙනවා. . ස්තුතියි කට්ටියටම. අද තමා මේ මාරයියගෙ බ්ලොග් එක දැක්කේ.වටිනා ලිපි ටිකක් තියෙනව දැක්කා, හිමීට කියවන්නම්කෝ.

    ReplyDelete
  44. @ඕනයා, මාරයා,
    මගෙත් මේ දවස්වල ආර්ථිකේ අමාරුයි, හොඳට ගෙවන්නම්, ඇතුලෙ යන්න උනොත් ඒකටත් වියදම් කරන්නම් මොකද කියන්නෙ වැඩේට බහිමුද ............

    ReplyDelete