27 July 2011

අති බිහිසුණු නඩයක් සමඟ වව්නියාවට ගමනේ යා...

මට මතක් වෙනවා මේ අවුරුද්දේ..ඔව් ඒ කියන්නේ මේ 2011 අවුරුද්දේ ජනවාරි මාසේ දිහාවේ දවසක්...

එදා තමා කාලෙකට පස්සේ මම ආයෙමත් මේ පොයින්ට් එකේ ස්ථීර වශයෙන් පදිංචියට ආවේ...කලින් වැඩ කල තැන හතර දෙනෙක්ගේ විතර වැඩ තනියම කරලා කරලා නැහිලා පුරුදු වෙලා හිටි මට එහෙම ආවට පස්සේ හරියට නිකං අපායෙන් පිටුවහල් කොරලා සුරලොවට ටිකට් එක දුන්නා වගේ උනා...එහෙ එක පැයකදී කරන වැඩවත් මෙහෙ මුළු දවසටම නැහැ..ඉතිං මං බලං උන්නා...

මං එහෙම වට පිට බලන් ඉඳලා කල්පනා කලා මොකද කරන්නේ කියලා..ආයේ ඉතිං දෙකක් නැහැනේ..මං දන්න හොඳම දේ..ලිව්වා බ්ලොග් පෝස්ට් එකක්...එහෙම ලියලා පබ්ලිස් කොරලා දැම්මා..දැන් මං ආයෙමත් බලන් ඉන්නවා..ම්හූ..හරියන්නේ නැහැ..ලිව්වා තව එකක්..ඒකත් දැම්මා..නැහැ එතනින් නැවතුනේ නැහැ..තුන් වැන්නත් ලිය උනා..අවසානේදී හතර වැන්නත් ලියලා පෝස්ට් කලා...එක දවසට පෝස්ට් හතරක්..මාගල්ද සමඟ

ඒත් දවස ඉතිරියි...ඒත් අන්තිමට අපේ ඔබාමා අයියාද කොහේද හෙන කොම්පෙලේන් එකක් කොලා..
"යකෝ උඹ මෙහෙම ලියන්න ගියාම අපි කියවන්නේ කොහොමද..?"

කාලා වරෙංකෝ..ඒකත් ඇත්ත..අනික ලියනවා කියලා ඔහොමත් ලියන්න හොඳයෑ..ඒ හින්දා මං බැළුවා වෙන මොකක් හරි අට මගලයක් කරන්ට..වෙන එහෙකට නෙවී..නිකං කාලේ ගෙවා ගන්ට...ඒ පාර මං බස් පදින්ට තියා ගත්තා..ටික දවසක් යනකොට බස් වල පැය 24න් වැඩි හරියක් ස්තීර පදිංචි ගොන්නෙන් එකෙක් බවට පත්වීම ගත්තා...

ඒත් මෙහෙම කාලේ යද්දී මට ආයෙමත් වෙනසක් ඕන උනා..මං හුගාක් දේවල් කලා..හුඟාක් දේවල්...ඒත් මගේ අර කොයි වෙලෙත් තියෙන මෙව්වා එකට ඒ කිසි දේකින් කිසිම ෆිට් එකක් ලැබුනේ නැහැ..

කොහොම හරි යන්තං ඊයේ වෙනකොට පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් එක්ක හිතට පොඩි මෙව්වා එකක් දැනීගෙන එනවා..ඒ තමා මගේ ස්ථාන මාරුව..දැන් ඉතිං අපේ අංකල් රොනීගේ පිහිටෙන් මං මේ මස 25 වෙනිදා සිට අළුත් නවාතැනකට සැපැත් උනා...ලේසි නැහැ පදිංචිය වෙනස් කරනවා කියන එක..තියෙන ලට්ට ලොට්ට තවියම ඇදගෙන අස්පස් කොරගෙන එන්ට එපැයි..කොහොම උනත් දැන් ඉස්සරහට මට නැවතත් ඉස්සර වගේම උයා පිහාගෙන කාලා බීලා ටිකක් නිදහසේ ජීවිතේ වින්දැකි...

ඒ විතරක්ද...අලි මදිවට කොටි වලස්සු කියන්නැහේ..මට සංචාරයකුත් සැට් උනා නෙව...

ඉතිං මේ මාසේ 29 වැනිදා හවස් අතේ මගේ කල්පනාව වැව්නිමාව නොහොත් වව්නියාව පෙදෙස බලා යකඩ යකාගේ නැගිලා ගාටන්ට තමා..දවස් දෙක හමාරක ගමනක්..මොනවයින් මොනවා වේවිද කියලා කියන්ට අමාරු අති බිහිසුණු ගමනක්..

ආ ආ..කස්ටිය කලබොල වෙන්ට දෙයක් නැහැ..මේක බිහිසුණු කිව්වේ වව්නියා යන හින්දා නෙවෙයි..ඒ අහ දැන් ඉස්සර වගේ කොටි හපුයියෝ හක්කලං කොරන්නේ නැහැ නෙව..ඒත් මට මේ ගමන යන්ට වෙලා තියෙන්නේ ඒ කොටි හපුයියන්ට හපන් ඈයො ටිකක් එක්ක..කොටි හොඳා කියලා හිතේවිද මංදා....

කොහොම හරි ඒ ගමන ගෙහුන් ඉරිදා රාත්තිරයේ ඇවිත් තවත් රාජකාරියකට පහුවදා උදහැනැක්කෙම ඇඹිළිපිටියට ගෙහුන් එන්ටත් යෙදිලා තියේ..ඒකනං බයිසි මෝටෝ එකේ.. ඒ ගමනෙ නං ලියන්ට දෙයක් නැති වෙයි..ඒත් අපේ අනුරාධපුරය හරහා වව්නියා බලා යන අති බිහිසුණු ගමන ගැනනං ලියන්ට බොහෝමයක් දේ තියේවි මං හිතන්නේ.. ඒත් ඒ කෝකටත් මං මේ වලස්සු රැලක් එක්ක ගෙහුන් පරිස්සමට එන්ටත් එපෑ...

ඉතිං ආයි බෝං ඒ ගමන ගෙහුන් ඇවිත්ම බලමු මොනවා ලිය වෙයිද කියලා...ආ තව එකක් මේ ගමනට තොරතුරු හොයද්දී මට සෑහෙන්න උදව් කොල ගෙහාන් චන්දික නොහොත් අපේ යකඩ යකා විරුදාවලී ලත් කෝච්චියා මහතාට මාගේ ප්‍රමාණය හො‍ඳේ...

29 comments:

  1. ආ..රට වටේ යාමේ සිහිනයත් හැබෑවෙලා වගේ එහෙනම්..ජය..ඔය වව්නියා යන එකේ යාපනේටම ගොහින් නාගදීපෙත් වැඳගෙනම ආවනම් නේද...

    ReplyDelete
  2. සතුට සපිරි සුබ ගමනකට ආසිරි ..ඇවිත් තව කතාවක් කියන්න , අපි හරි ආසාවෙන් ඉන්නවා , ඒ කතා අහන්නට

    ReplyDelete
  3. යන තැනක පරිස්සමින්, බුදු සරණයි .......
    මොනා හරි අපිටත් අරගෙ ආවා නං යන තැනකින් .....

    ReplyDelete
  4. චන්දික මල්ලි කිව්වා නම් ආයේ ඉතින් වරදින්න හැටියක් නැහැ, මාරයියෙ.... බය නැතිව ගිහින් එන්න... සුබ ගමන් හොඳේ...

    ReplyDelete
  5. ඕක නම් එච්චර හොඳ ලෙඩක් නෙමෙයි මාරයියෙ. ඔච්චර ඉක්මනට වෙනස් වෙනස් දේවල් ඕන වුනොත් කසාදයක් කරගත්ත දවසට විනාසයි. :P

    ReplyDelete
  6. එහෙනම් මාරයා අයියා පරිස්සමට ගොයින් එන්ටකෝ.. අපි බලන් ඉන්නවා කතාව අහන්ට

    ReplyDelete
  7. මගෙනුත් සුබ පැතුම් අයියේ.පරිස්සමෙන් ගෙහුන් එන්නකො

    ReplyDelete
  8. @ප්‍රසංග...

    නාගදීපේ... හපොයි නාගදීපේ තියා නාග දෂ්ඨනයකට අහු නොවී බේරිලා එන්ට ලැබුනොත් මදෑ..ඉස්තූතියි කිව්වා හො‍ඳේ...

    @මහේෂ් නිශාන්ත...

    බොහෝමත්ම ස්තූතියි සුභ පැතුමට..මාත් ආසයි ගෙහුන් ඇවිත් වෙච්ච දේවල් ලියන්ටනං..ඒත් මේ වන්දනාව එක්ක යන නඩේ ගුරා හරි දරුණුයි...වාරණ නියෝග පැනවෙන්ට ඉඩ තියේ..එහෙම උනොත් මෙච්චරයි මුළු ගමන ගැනම ලියන්ට වෙන්නේ..

    "අපි ගියා
    අපි ආවා.."

    ReplyDelete
  9. @පන්සල් හංදිය...

    බොහෝම ස්තූතියි..අපි බලමු මොනවා හරි ගේන්ට ඇහැකි වේවිද කියලා..අඩුම ගානේ මගේ කෑලි බෑලී ටික අඩු නැතිව ගේන්ට ඇහැකි උනොත් ඒත් මදෑ...

    @sansarasidu...

    අඩේ අප්පා මලයටත් අපි සිහි පරාද වෙලා තියෙන්නේ..බොහෝමත්ම තැන්කූ වේවා..!

    ReplyDelete
  10. @Kasun...

    ඒකනේ මේ එහෙම දෙයක් කොරගන්ට දඟලන්නේ නැතිව පාඩුවේ ඉන්නේ...එහෙම වෙනසක් උනදාට මේ ඔක්කෝම හබක් නෙව...

    ReplyDelete
  11. @යසයා...

    හොඳමයි හොඳමයි මලේ බලං ඉමුකෝ...

    @ඊ මේල් කවිකාරි ...

    ආ මේ ඉන්නේ තවත් දුර ගමනක් ගිය නෝනා මහතැන් කෙනෙක්..බොහෝම ස්තූතියි කිව්වා...

    ReplyDelete
  12. @නලිනි චන්දිමා...

    අම්මේ අද සුභ පැතීම් කප්පරයි..මගේ කන් දෙකත් එක්ක සීතල වෙලා ගියා..බොහෝම ස්තූතියි කිව්වා හො‍ඳේ...

    @දිල්...

    හොඳමයි නගේ..බොහෝම ස්තූතියි ඈ....

    ReplyDelete
  13. එහෙනම් මාරේ අයියා පරිස්සමට වව්නියාවට ගිහින් එන්ටකෝ.එන ගමන් අපට කියවන්න කතා මල්ලකුත් ගේන්න.

    ReplyDelete
  14. සුභ ගමන් මාරයියේ!

    ReplyDelete
  15. යන තැනක පරිස්සමෙන් ගිහිං වරෙන්. ගි‍හිං ආවට පස්සෙ අපිට මොනවහරි විස්තර ටිකක් අහගන්න බැරියැයි. සුබ ගමන්.

    අර ඇඹිලිපිටි පැත්තෙ යනකොට අපිවත් මතක් උනොත් මේ පැත්තෙ ඇවිල්ල පලයං.

    ReplyDelete
  16. පරිස්සමින් ගිහින් එන්න මාරයියේ...අපිත් ලබන මාසේ 11 යනවා යාපනේ දවස් හතරක.....කතා ගොන්නකුත් අරන් එන්නකෝ...

    ReplyDelete
  17. ඔය අති බිහිසුණු ගමන යන අනිත් උන් කවුද. පරිස්සමට ගිහින් එන්න අයියේ.

    ReplyDelete
  18. සුබ ගමන් !වැව්නිමාවෙදි මොනා හරි වෙන්න තියනව නම් අමතපන්...................

    ReplyDelete
  19. හප්පේ යන්තං මාගලක් නෙවේ. ඇත්තට එහෙම ලියන්න එපා බන් මාරයියේ. අද උදේ වරුවේ පැය දෙකක් විතර ගියා මේ ටික බලන්න.

    වව්නියාව කට්ට පැත්ත. අවුලක් නෑ. ගිහින් ඇවිත් විස්තර කියන්ට ඈ... පරිස්සමට ගිහින් වරෙන් ඔය වලස්සුත් එක්ක...

    ReplyDelete
  20. අනුරාජපුරෙන් නාකියාටත් එක්කාසු වෙන්න බැරිවෙයිද ඔය ගමනට.. බැරි වුනත් අවුලක් නෑ.. පරිස්සමින් ගිහින් එන්න ලැබේවා කියලා පතනවා..

    ReplyDelete
  21. වවුනියාවෙ යනවනං මඩු කන්දෙ දළදා විහාරෙ එහෙමත් වැඳගෙන වරෙං. අනික එහෙ ලස්සන ජම්බු වගේ ගෑණු ළමයි, පුලුවන්නං තලගොය්යෙකුත් මරාගනින්, ඉන් පස්සෙ බැරිය දිගටම පදින්න!

    සුභ ගමන්!

    ReplyDelete
  22. සුබ ගමන් කියන ගමන් ඔන්න මාත් ගොඩවුනා ඉස් ඉස්සෙල්ලම...! (ඔය ගමනට බස් පියාත් එකතු වෙනවද? වළස්සු රැළක් එක්ක යනවා කිව්ව හින්දයි ඇහුවෙ)

    ReplyDelete
  23. අති බිහිසුනු ලොමු දැහැගැන්වෙන චාරිකාව අතරේ මාරයාට කුම්ක් වේද , බඩු බනිස් වේද , ඇණ මුරිච්චි වේද , හතර හංදි අතරමං වේද , බලාපොරොත්තු වන්න The බිහිසූනු චාරිකාව සහ මාර පුත්තු

    ReplyDelete
  24. ටිකක් විතර රුසියාවයි!
    අපිට කොහෙද බූල් පූසො(එක්ක ට්‍රිප් යන්න වාසනාව)
    සුභ ගමන් මාරයියේ...

    ReplyDelete
  25. මට හෙන සැකයක් ඇතිවෙනව මේ බිහිසුණු නඩේ ගැන. ඒ හින්ද "සුභ ගමන්" කියන්ට ඉස්සෙල්ල උං කව්ද කියල දැනගත්තොත්, "යන්ට එපා මල්ලීඊඊඊඊඊ" කියන්නම වෙනව. මාළු කාරයො, දත් දොස්තරල, එහෙමත් එක්ක නෙමේ නං ඉතින් ප්‍රශ්නයක් නැහැ.

    ReplyDelete