28 July 2011

මුර කරුවාගේ දුක...රාත්‍රි මුර සංචාරය...


මේ පෝස්ට් එක දාන්න හිතං හිටියේ දැන් ටික දවසක ඉඳලම. ඒත් කොහොම කොහොම හරි පරක්කු උනා..ඒත් දැන් හදිසියේ මතක් උනේ මේකත් දාන්න ඕන නේද කියලා...

මේ පින්තූරේ තියෙන්නේ මගේ ෆෝන් එකේ කැමරාවෙන් ගත්ත ඡායාරූප තුනක් කපලා එකතු කරලා හදපු එක ඡායාරූපයක්...මොකද මං වෙන වෙනම මේ ඡායාරූප අප්ලෝඩ් කරන්න ගියානං මේ ටික පිළී වෙලට ගන්න බැහැ..එහෙම පිළි වෙලට ගන්න විදිය මං තාම දන්නේ නැහැ..ඒ හින්දා දාන්න ඕන පිළී වෙළට මං එකතු කලා..

මේ ළගදී දවසක මං කලින් වැඩ කරපු තැන රාජකාරියකට මට යන්න උන විත්තිය මං මෙයිට කලින් පෝස්ට් එහෙක දාලා ඇති..මේ එදා රෑ එහෙදී ගත්ත පොටෝ කෑලි ටිකක් තමා...

අපේ ආරක්ෂක අංශයේ සේවයට අළුතින් ගත්ත ආරක්ෂක නිලධාරී මහත්තයෙක් විසින් එම ස්ථානයේ ඇති රාත්‍රී මුර සංචාර පොතේ දාලා තිබුනු සටහන් දෙකක් තමා මේ...නිකං ඉන්න ගමන් පොත්පත් ටික පරීක්ෂා කරනකොට මට අහු උනේ...එය වගේ සටහන් හරියට අහුවෙනවා උනත්..මේ ඊයේ පෙරේදා ආව උන්නැහේ ටිකක් අමුතුම ආකාරයකට මේක ලියලා තියෙනවා දැක්කම මට හිතුනා මේක කට්ටියට පෙන්නන්න හොඳ සටහනක් කියලා...ඒකයි අරගෙන ආවේ...

ඒ ආයතන භූමිය අක්කර ගානක් තියෙන තැනක්..ඉතිං රෑට පැයෙන් පැයට වටේ යන්න ඕන..ඒ එක වටයක් කිලෝ මීටරයක් විතර තියෙනවා..නිකං නෙවෙයි වේලා සටහන් යන්ත්‍රය නැත්තං සිංහලෙන් පන්චින් මැෂින් එක කියලා අපි කෙටියෙන් අදුන්වන පොඩි පෙට්ටියක් වගේ එහෙකුත් අරං තමා යන්නේ..

ඒ පෙට්ටියේ තියෙනවා යතුරු කටක්..ඒ කටට හරියන යතුරු හත අටක් ආයතන භූමිය වටා තැන් තැන් වල ස්ථාවරව සවි කරලා තියෙනවා..ඉතිං අර වටේ යන හාදයා ඒ හැම යතුරක්ම ඔය වටේ යන ගමන් පිළීවෙලට මේ යන්තරේට දාලා කරකවන්න ඒන..එතකොට යන්තරේ ඇති කඩදාසි පටියක ඒ යතුර කරකවාපු දිනය..වේලාව..යතුරු අංකය එහෙම සටහන් වෙනවා..

ඉතිං පහුවදාට ඔය කඩදාසි පටිය අහක් කලහම බලා ගත්තෑකි රෑ තිස්සේ මුර සංචාරේ ගිය අය හරියට වැඩේ කරලද කියලා...ඒ විතරක් නෙවෙයි ඒ යන හැම වාරයක් ගැනම මං ඔය කිව්ව රාත්‍රී මුර සංචාර පොතේ සටහනක් දාන්න ඕන..ඉතිං මේ මුර සේවයේ තියෙන ලස්සන කතා කිහිපයකටම ඔය මුර සංචාර පොත හේතුවක් වෙලා තියෙනවා..මං පස්සේ වෙලාවක ඒ කතාවක් එහෙමත් කියන්නං...

මේ දාලා තියෙන්නේ එහෙම මුර සංචාරයේ යෙදුන ප්‍රනාන්දු නම් වූ කණිෂ්ඨ ආරක්ෂක නිලධාරී උන්නැහේගේ පැමිණිල්ල තමා..ඇත්තටම මේ තමා මේ ජොබ් එකේ තියෙන දුක...

කොහොම උනත් ලබන මාසේ පළවෙනිදයින් එතන හිටිය අපේ අයගේ දුක ඉවර වෙනවා..ඒත් ඊට වඩා දුකක් තමුන්ට ඇවිල්ලා..ඒ කියන්නේ මේ මාසේ 31 වෙනිදයින් පස්සේ ඒ ආයතනය සමඟ අපේ ආරක්ෂක සේවයේ තිබුනු කොන්තරාත්තුව අවසන් කරලා තියෙනවා.. ඒ හින්දා අපේ අට දෙනෙකුට රස්සා නැති වෙන එක තමා සිද්ධ වෙන්න නියමිත දේ...

29 comments:

  1. ඔවා ඔහොම තමයි මම කරන වැඩේ වැඩක්මත් නෙමේ අපේ වත්ත ගමේ තියන අක්කර 20 ක් මැද ඉදන් තමයි මාත් මේ ලියන්නේ මට නම් මුරකමක් වාගේ දෙයක් තමයි අපේ ගෙදර වෙලත් කරන්න තියෙන්නේ රැට බල්ලෙක්වත් නැ...

    ReplyDelete
  2. මොකක් කියන්නද කියලා මට හිතා ගන්න බැහැ. මොනවා කිව්වත් වැඩක් නැති බව දැන දැන මුකුත් කියන එකේ තේරුමකුත් නෑ.

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
    කියල ලොකු සුසුමක් පිට උනා

    ReplyDelete
  4. මිනිහෙකුට රස්සාවක් නැති වෙන එකනං හරි අපරාදෙ ! හැබෑට දැන් ඔය පැමිනිල්ල දාලා තියන කාරණා විසදිලා ද ?

    ReplyDelete
  5. අපි බොහෝ දෙනෙක් වැඩකට නැති රැකියා ලෙස සළකන රැකියා වල තියන වටිනාකමත් දුෂුකර කමත් දැනගන්න ඒක කරන්නම වෙනවා අයියා.


    හ්ම්ම්ම්ම්ම් ‍මාස දෙකකටත් වැඩිද මංදා මං මේ පැත්තේ. අතඇරුණ ලිස්ට් එක කියවන්න ගත්තම තමා පණ යන්නේ. එහෙමයි කියලා නොකියවන්නයැ.

    ReplyDelete
  6. මේ තරම් ජිවිතේ දුකයි කියලා දැනෙනකොට මෙහෙම දුක හිතෙනවා නම් ඒ දුක විදින අය කොයි තරම් පපුවේ ගින්දරකින් ඔය 15000 , 20000 වෙනුවෙන් මැරෙනවා ඇතිද?????????

    ReplyDelete
  7. ජීවිතය දුකයි... එනමුත් දුක විඳිය යුතුයි...

    ReplyDelete
  8. ජීවිතේ දුකයි බං .. . සමහරු පුටුවේ වාඩි වෙලා සල්ලි තමන් ලඟට එනකම් බලාන ඉන්නවා සමහරු සල්ලි පස්සේ වේදනා විඳ විඳ දුවනවා .. මුල වැරදුන එකාට සල්ලි හොයාන දුවන්න වෙනවා ..

    මම වැඩකරන තැන හිටපු මගේ සහෝදර සේවකයෝ සේරමල්ලා ඊයේ ඉල්ලා අස් වුණා දැන් මම විතරක් තනියම ..අලුත් එවුං එයි ඒත් අර පරන ෆිට් එක මට හදාගන්න බැරි වෙයි ..සල්ලි කොල ටික නැතිකරගෙන බැරි නිසාම මම අයිං වෙන්නැතුව තවමත් ඔලුව නමාගෙන ඉන්නවා ..

    මුල වැරදුන හෙනේ නේද බං මේ විඳවන්නේ ..?

    ReplyDelete
  9. ඔහොම තමා ගොඩක් ජොබ්,,මේ සල්ලි පස්සේ නේ දුවන්නේ,,,අනේ මන්දා

    ReplyDelete
  10. අපි කරන රැකියා විවිධාකාරයි වගේම, රැකියාව කරන තැන්වලදී සෙට් වෙන අයත් විවිධාකාරයි. සමහර අය වෙන කරන්න දෙයක් නැති කමට ඒ රැකියාවකරනවා මිසක්, ඊට වඩා හොඳ රැකියාවක් කරන්න සුදුසුකම් තියෙන අය. මට මේක දැක්කම හිතුනේ එහෙමයි!

    ReplyDelete
  11. මමනම් දන්න තරමින් සුපෝඛභෝගී රස්සවල් කියලා නම් නෑ. හැම රස්සවකදිම දුක විඳින්න වෙනවා. ශාරීරිකව හෝ මානසිකව ආතතියට පත් වෙනවා. හැබැයි ඒ කරන රස්සාවෙන් "සැටිස්ෆැක්ෂන්" එකක් තියෙනවනම් විතරයි ඒක ඵලදායී වෙන්නේ...!

    සඳරු මල්ලි, හැඟීම් වලට මුල් තැන දීලා ජීවිතයේ තීරණ ගත්තෝතින් නම් පස්සෙ කාලෙකදි පසු තැවෙන්න වෙනවා. රස්සවක් මාරුකරනකොට, කරන්නන්වාලේ නොකර, හොඳ සැලැස්මක් එක්ක හැම පැත්තක්ම සලකලා තමයි තීරණයක් ගන්න ඕනෙ. හදීසියේ ගන්න තීරණ වලට යන්න නරකයි.

    ReplyDelete
  12. මමනම් මොකක්දෝ පිනක් කරල කරදරයක් නැති ජොබ් එකක් ලැබිල තියනවා. ඒත් මිනිස්සු කීයක් හරි සොයාගන්න විදින දුකක්..

    ReplyDelete
  13. නන්දා මාලිනියගේ ගීතයක් තියෙනවා, මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින තුරා..
    බයිසිකලයෙන් යන එක දුකයි;
    වැඩ කරන එක දුකක් කියා හිතන්න පුරුදු උන අයට මොනව කලත් දුකයි;
    රුපියල් 50 ක් දීල ත්‍රී වීල් එකේ යනවට වැඩියෙ ඇවිදින එක දුකයි.
    ශරීරෙට හිතකර පාන්දර නැගිටීම දුකයි;
    කටට රස, අගුනයක් නැති ,පොල්සම්බෝලයි බතුයි කෑම දුකයි ශරීරෙට අගුන සොසේජ් කන්න නැති නිසා,
    රෑට වැඩ කරන එකේ හොඳ පැත්තකුත් තියෙනවා, දවල්ට ගෙදර, භාර්යාවට උදව් වෙන්න පුලුවන්, ලමයින්ගේ වැඩට උදව්වෙන්න පුලුවන්, පාසලට ගිහින් සොයා බලන්න පුලුවන්, මොනව හරි වගා කරගන්න පුලුවන්, ලාබෙට බඩු මුට්ටු මිලදීගන්න වෙලාව තියෙනවා, ඔක්කොටොම වැඩියෙ හොඳ කැල්ල තමයි බැඳපු අයට නම් මරු, ගෙදර විගහින් ආවොත් බිරිඳ විතරයි ගෙදර!

    ReplyDelete
  14. පොරගෙ රචනා ශය්ලිය පොඩි එකාගේ ලියුම වගේ වුනත් (මගෙත් එහෙම තමා) ලියල තියෙන දේවල් නං ඇත්ත. මාරයා පොරගෙ ජ්‍යෙෂ්ට නිලධාරියා නෙමේ නේද? ලොග් පොත් වල මොනව හරි ලිව්වම කපා හැරිය යුතු දේවල් තනි ඉරකින් පමණක් කපන්න (කපපු කොටස කියවිය හැකි ලෙස) කියල කනිෂ්ට නිලධාරීන්ට උපදෙස් දීල නැද්ද?

    ReplyDelete
  15. නරකද අතිරේක ආදායම් මාර්ගය මූලික ආදායම් මාර්ගය කර ගත්තොත්?

    ReplyDelete
  16. කිසිවක් නොකියමි....

    ReplyDelete
  17. අපරාදේ !!!! අට දෙනෙකුට රස්සා නැති වෙනවා කියන්නේ මාරම අපරාදයක් නේ. මොනා කරන්න කියලා යෑ.

    ReplyDelete
  18. මුර සේවයේ තියන බැරෑරුම්කම පෙන්නන පෝටෝ එකක් තමයි උඩින් තියෙන්නෙ.
    හැබැයි මම දන්න සමහර තැන් තියනවා මුර කරන්න ඇවිල්ලා රෑ වෙනකොට හීනියට(සමහර විට කට් වෙන්නම) දෙකක් දාගෙන උදේ හය වෙනකන් නිදාගන්න පුළුවන්.

    ReplyDelete
  19. පින්තූර පොඩි ලැපකින් බලන කොට ලොග් එන්ට්‍රියක් කුරුටු ගාල වගෙ දැක්කෙ, පස්සෙ ලොකු සක්‍රීන් එකකින් බලන කොට තේරුනේ කර්මාන්ත ශාලාවේ නම මාරයා කපා හැරල කියල. සොරි වෙන්ඩ ඕනෙ.

    ReplyDelete
  20. මොනව නැතත් අර කලුතෙල් කතාවනං ඇත්ත වගෙයි. මොකද අර කර්මාන්ත ශාලාවෙ නම උඩිනුත් කලුතෙල් ගෑවිලා තියෙන්නෙ.

    ReplyDelete
  21. මීට හපන් රස්සාවල් හොයාගෙන රට ගිය සමහරකගේ තත්වේ. හොඳ ඉගෙනගත්ත කොල්ලෝ මෙහෙ ඇවිත් දුක්විඳිනවා හෝටල් වල වේටර් වැඩ කම්කරු වැඩ වගේ දේ කර කර. ඇවිත් තියෙන්නේ IT අංශයේ වගේ ඉහල වැඩ වලටයි රැවටිල්ල බොහොම දරුණුයි.. ගොඩක බොරු විස දීල එවනවා. මෙහෙ පාරවල් ගැනේ රස්තියාදු වෙලා අන්තිමට පන්සලේ රැකවරණයට එනවා. සමහරක කාන්තා පක්ෂේ ය වෙන රස්සා වලට හුරු වෙලා කියලත් ආරංචියි.. සුද්දෝ කොපි වවන්න ඉඩම් බලෙන් ගත්ත. ඊට පස්සේ ඒවගේ කුලී වැඩට අපේ මිනිස්සු කැමති නුන නිසයි ඉන්දියාවෙන් වහල් සේවයට අහිංසක මිනිස්සු උස්සන් ආවේ. අද අපේ මිනිස්සු ගැනු අරාබියේ වහල් සේවයට යවල හම්බකරන් කන තත්වයට වැටිලා..

    ReplyDelete
  22. මාරයියෙ මටත් කියන්න තියෙන්නෙ අපේ වෛද්‍යතුමිය කියල තියෙන ටිකම තමා..

    ReplyDelete
  23. ගොඩක් අමාරු ජොබ් එකක් තමයි. කොච්චර හොදට කලත් ගොඩක් වෙලාවට නරක නාමෙ එන්නෙ ආරක්ෂක නිළධාරීන්ට තමයි.

    ජොබ එක නැති වෙන එකනම් මාර පාඩුවක්. වෙන තැනක් බලන්න වෙයි මාරයියා.

    ReplyDelete
  24. කොයි රාජකාරියෙත් අමාරු දුෂ්කර පැති තියෙනව.. වඩා වැදගත් තමන් කරන රැකියාව එන්ජෝයි කරන්න ඉගෙන ගන්න එකයි...
    මට මුනගැහිල තියෙනව රෙස්ටුරන්ට් වේටර්ල,ට්‍රක් ඩ්‍රයිවර්ල,ධීවරයො,රිගර්ස් ල ඉතාම සංතෝසෙන් තමන්ගෙ රැකියාව කරන...
    ඒ වගේම පයිලට් ල,ෆැක්ටරි මැනේජර් ල,වගේම අපේ retail field එකෙත් ලොකු කලමනාකරුවො, තමන් කරන වැඩ ගැන තෘප්තිමත් නැති...

    ඉතින් මට හිතෙන්නෙ රැකියාවක් අමාරු හෝ ලේසි කියල නෑ... ඒක තමන් බාරගන්න හැටි..

    රැකියාව අහිමිවෙන්න යන අටදෙනා ගැන හදවතින්ම කනගාටුයි....

    ReplyDelete
  25. මොනා කලත් අහිංසක මිනිස්සුන්ගේ ජොබ් නම් අපරාදේ ...

    ReplyDelete
  26. අටදෙනෙක්ට රස්සාව නැතිවෙනව කියන්නෙ මාර අපරාදයක්නෙ... එයාල වැඩට ගන්නෙ කොන්ත්‍රාත්තුව ඉවර වෙන්කම් විතරද ?

    ReplyDelete
  27. මොනවා කියන්නද ..ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන අය දිහා බලන්න ..සල්ලි තියෙනව එත් සැපක් විඳින්න වෙලාවක් නැහැ . ඔන්න මම මේ යසට ගෙදර ඉඳගෙනත් දාල ආව රස්සාව ගැන දුක් වෙනවා. ඕක ජිවිත සොභාවය .

    කොන්ත්‍රාත්තුව අවසන් වීමයි අට දෙනෙක්ට රස්සා නැති වීමයි ඇහුවම දෙවෙනි ලෝක යුද්ධ කාලේ කතාවක් මතක් වුනා . හිනාවෙනවා නම් නෙමේ . මේ දෙක සංසන්දනය කරනවා විතරයි .

    යුද්ධෙදි මාස ගණන් වුනත් එකම ඇඳුම ඇඳන් ඉන්න වෙනවනේ . උඩ ඇඳුම් සහ යට ඇඳුම් සේරටම එකම කල . එක දවසක් එහෙම කලක් සටන් කල සෙබළු කණ්ඩායමක් ඉදිරියට ආ ලොක්කෙක් මෙහෙම කිව්වා .

    මන් ළඟ හොඳ පුවතක් සහ නරක පුවතක් තියෙනවා මුලින් ඕන මොකක්ද

    සෙබළු ; හොඳ පුවත ඉල්ලුවා

    ඔයාලට අද අලුත් යට ඇඳුමක් ලැබෙනවා .

    ප්‍රීතියෙන් පිනා ගිය සෙබළුන් නරක පුවත ඉල්ලනවා .

    ලොක්කා ;;''තමන්ගේ යට ඇඳුම ළඟ ඉන්න කෙනාට දෙන්න ''

    ReplyDelete