20 July 2011

කොට්ටෝරු.lk..කුනුහරප කොමෙන්ට් දැමූ පොල් බූරූවෙක් මාට්ටු විය...



මේ ටිකේ පෝස්ට් එකක් ලියන්න තුන් හිතකවත් තිබුනේු නැහැ..එහෙව් අවු අස්සේ ඕන්න එක බූරු පුතෙක් හින්දා මෙහෙම ලිපියක් ලියන්න උනා.

අද මං උදේ ටිකක් නෙට් එකේ සැරි සරලා..ඊට පස්සේ මගේ වැඩපල කර කර ඉදලා මේ රෑ වෙන්ට ඇරලා ආයෙහත් ආවේ මේ පැත්ත බලන්ට..ඒ ඇවිත් පුරුදු විදියටම මගේ ජීමේල් එකවුන්ට් එකට ලොග් වෙලා ඉන් බොක්ස් එකේ තියෙන මේල් බලන්ට ගත්තා අන්න ඒ වෙලාවේ තමා මේ කියන කෙලිය උනේ...

ඒ මේල් අස්සේ මගේ බ්ලොග් එකේ මෙන්න මේ පෝස්ට් (ලින්ක් එක දුන්නට ඕක බලන්න යන්න එපා ඕකේ දැනට මුකුත්ම නැහැ) එකට දාපු කමෙන්ට් එකක් ඇවිල්ලා තිබුනා..ඒක දාලා තිබුනේ ඇනෝ කෙනෙක්..අන්තර්ගතය කුණුහරප... මං ඉතිං ඕක ගණන් ගත්තේ නැහැ..ඔය වගේ දේවල් කොහොමටත් ඉඳ හිට මීට කලිනුත් වෙලා තිබුන හින්දා වගේම මේ දවස්වල මාව අපුල්ලන සෙට් එහෙකුත් ඉන්න හින්දා..මං කලේ මගේ බ්ලොග් එකේ සෙටින්ග්ස් වලට ගිහින් ඒක ස්පෑම් ලෙස සලකුණු කරලා හංගපු එකයි..

එහෙම කරලා ඇවිල්ලා ආයෙමත් මේල් චෙක් කරනකොට මෙන්න බොලේ ඊට කලින් මගේ මේන්න මේ පෝස්ට් එකටත් (ආ ඕක බැළුවට කමක් නැහැ ඒකේ තියෙනවා සාක්කිවලින් කෑල්ලක්) අර කොමෙන්ට් එකම දාලා..හැබැයි අර අනිත් එක වගේ නෙවෙයි ඒකනං දාලා තියෙන්නේ පහුගිය දවස්වල මේ බ්ලොග් අවකාශේ හැමෝටම ඇනයක් වෙලා තිබුන බ්ලොග් එහෙක අයිඩී එහෙකින්..මං පටස් ගාලා ඒ පෝස්ට් එකට ගිහින් බැළුවා..ඒ යනකොට ඒ කොමෙන්ට් එක දාපු කෙනා විසින්ම මකලා..ඒත් එතන තියෙන කමෙන්ට් කරපු බ්ලොග් එකේ ලින්ක් එක දිගේ ගියාම ආයේ වෙන කොහේවත් නැතිව අඳාල බ්ලොග් එකටම ගියහැකි.

මොකද ඒකත් මං බැළුවේ..සමහරු වෙන අයගේ බ්ලොග්වල නම් පාවිච්චි කරලා ඒ වගේම පේන විදියට අනුන්ගේ බ්ලොග්වල කොමෙන්ට් කරන බවකුත් පහුගිය කාලේ මං දැකලා තිබුන හින්දයි... ඉතිං නිවැරුද්දේ කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න කලින් හරියට තහවුරු කර ගන්න එපායි..

අනේ ඇස්වහක් කටවහක් නැහැ..අර කිව්ව බූරු පුත්තු ටිකක් කරන බ්ලොග් එකෙන්ම තමා කොමෙන්ටුව වැටිලා තියෙන්නේ.. මං ඉතිං ඔය ටිකත් බලාගෙන අදාල දර්ශනවල ස්ක්‍රීන් ෂොට් ටිකක් එහෙමත් අරගෙන ගියා ගූගල් බස් එකට මේ ගැන පොඩ්ඩක් කට්ටියට කියන්න..එහෙම කරලා බස් එකක් දාලා පොඩ්ඩක් පහත බැළුවා අනිත් බස්වල තත්වේ බලන්න..

හුටා ජලා..යකෝ මට විතරක් නෙවෙයි අද හුග දෙනෙකුට මේ යෝධයා මේ කොමෙන්ටුව දාලා තියෙන වග එතන දාලා තියෙන බස් වලින් දැන ගත්තා..අනිත් අයගෙනුත් ඒ අයට දාලා තියෙන කමෙන්ටු ගැන ඇහැවුවම මේ කොමෙන්ටුවම තමා හැමෝටම ඇවිත් තියෙන්නේ...නයි කයිද රෝස් පාන්..?

ආයේ ඉතිං කතා දෙකක් නැහැ වැඩේ කිරි ගහට මල්ටි බැරල් ගැහැවුවා වගේ තමා...

ඇත්තටම ඔය බූරු පුතාලගේ බ්ලොග් අඩවිය ගැන පහුගිය කාලේ මහ හිරිකිත පුචාරණයක් දීගෙන ගියා..හැබැයි ඒ කරගෙන යන ප්‍රචාරණයේ තිබුණ මෝඩ ගතිය හින්දම මට තේරිලා තිබුන දෙයක් තමා ඒක කරන ළමයි එක්කෝ අවුරුදු 12-13 වගේ පොඩි උන් ටිකක් වෙන්න ඒන..එහෙමත් නැත්තං ඇඟ මොරපු ගානට මොලේ මෝරපු නැති බූරු පුතාලා ටිකක් වෙන්න ඕන කියන කාරණාව...

කොහොම හරි අද උන්දලා ටික කොටාගෙන කොටාගෙන ගෙහුං කොටලා තියෙන්නේ කෙහෙල් ගහකට...ඔයිට කලින් ඔය වගේ කොමෙන්ට් කරන අය හිටියා..ඒත් ඒ එකෙක්වත් ලේසියට මෙච්චර මෝඩ විදියට මාට්ටු උනේ නැහැ...මේ මෝඩ පුත්තු ටිකනං ආයේ නැති වෙන්නම මාට්ටු උනා කියලා විතරයි මට කියන්න තියෙන්නේ...

ඊ ළග දේ තමා මෙහෙම අයට මොකක්ද කරන්න පුළුවන් කියලා හොයලා බලන එක...කාටවත් දඩුවම් දෙන්න මං ලොක්කෙක් නොවුනත්..කුණු හරප කොමෙන්ටුවක් දැමීම නිසා අගතියට පත් වෙච්ච පාර්ශවේ කෙනෙක් හැටියට මගෙත් ඉල්ලීමක් තියෙනවා මේ සඳහා ඉල්ලීමක් කරන්න...ඒ අනුව මගේ තියෙනවා යෝජනා කිහිපයක්ම...අනිත් අයත් එකඟයි නම් සහ කල හැකිනම් ඒ දේවල් කරන්න බලන්න..

1.පළමු දේ තමා කෙනා මොකාද කියලා දැන ගත්ත පලියට ඒ බ්ලොග් එක බලන්න යන එකෙන් වලකින එක..

2.තම තමන්ගේ බ්ලොග් රෝල් වල ඉන්නවනං ඉවත් කරලා දාන එක..එහෙමත් නැත්තං ෆලෝ කරන එක නවත්තන එක..

3."කාරණාව හොයා බලා තහවුරු කරගෙන" සින්ඩිවල පාලකවරුන්ට හැකි නම් අඳාළ බ්ලොග් එක සින්ඩි වලින් ඉවත් කිරීමට කටයුතු කිරීම.

4.සමූහයක් වශයෙන් එකතු වෙලා හැකි නම් බ්ලොග් එක රිපෝට් කරන්න උත්සහ ගැනීම...

මේ බ්ලොග් අවකාශේ එකතු වෙලා වැඩ කරන එක ලේසි නැති උනත්..බැරි කමකුත් නැහැ... තීරණය අනිත් අයගේ අතෙයි තියෙන්නේ...

කොහොම උනත් අර කෙහෙල් ගහට කොටපු කොට්ටෝරු වංශික බූරු පුතාලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

"අනේ බුරූ පුතේ... මීට පස්සෙවත් දෙයක් හරියට කරන්න බැරිනං නොකර නිකා හිටිං..ඒක නම්බුයි..නැත්තං පව් උඹලගේ ගෙවල්වල ඉන්න අර අම්මලා තාත්තලා.."




134 comments:

  1. හප්පා එහෙම නම් මගේ සැකේ හරි වගේ. නිකමට හිතුන මේ සෙට් එක ඔය දේ කරගනී කියල එත් පුදුමේ තියෙන්නේ මේ ය අයි ඊයෙයි අප්ඩේට් වෙච්ච බ්ලොග් වලට විතරයි මේ දේ කරලා තියෙන්නේ

    ReplyDelete
  2. උන් සෙට් එක කාලයක් බ්ලොග් වල ලින්ක් දදා පජාත උනා. දැන් කමෙන්ට් වලට කුණුහරුප දාන්න පටන් අරන් !!!!!!

    පව් අර අසරණ දෙමව්පියෝ !!!!!
    හැදිච්ච අම්මලාගේ නැහැදිච්ච දරුවෝ !!!!!!

    ශික් !!!! මූට මන් හැදෙන්න අවවාද දුන්නත් එක්ක !!!!!

    ReplyDelete
  3. හෆොයි මටත් ඕක ඔහොමම දාල තිබුනනෙ. මගේ ඇනෝ කමෙන්ට් ඔන් කරල තිබුනෙ. මම ඒක අයින් කලාම ආයෙත් ඇවිත් තිබුන. ආයෙත් අයින් කලාම ආයෙත් දාල තිබුන. ඒ පාර ඇනෝ කමෙන්ට් ඩිසේබල් කලා. මම වැරදි දෙයක් ලියලද කියල මම දෙතුන් පාරක්ම කියවල බැලුව. මම හෙන අවුලෙන් හිටියෙ. දැන් බලාගෙන ගියාම මේ තවත් එක මීහරක් සෙට් එකකගෙ මීහරක් වැඩක්. මාරය අයිය ඕක දාපු එක හොඳයි. අනිවා මොකක් හරි කරන්න ඕන අයියෙ. අයිය කියල තියන වැඩ ටික කරල බලමු.

    ReplyDelete
  4. පව් අර අසරණ දෙමව්පියෝ !!!!!
    හැදිච්ච අම්මලාගේ නැහැදිච්ච දරුවෝ !!!!!!

    ReplyDelete
  5. බනින්න වචන කටට ආවත් කියන්න/ලියන්න කලින් හිතන්න පොඩි හරි මොලයක් කියලා දෙයක් තියන නිසා කියන්නේ නෑ....

    ReplyDelete
  6. මාරම ලෝකයක්නේ බන් මේක.. මටනම් ඔය බස් අරව මේව තේරෙන්නෙ නෑ.. යන්තමට තමයි තේරෙන්නෙ මොකක්ද වෙලා තියෙන්නෙ කියල..

    ReplyDelete
  7. සැහෙන්න කට්ටියකට වධයක් වෙලා කියලා නම් පෙනුනා මෙයා, මදැයි ඉතින් ඉල්ලන්ම කාලානේ :D

    ReplyDelete
  8. ඉල්ලගෙනම කාලා දැන් යන එන මං නැති වෙවි... :P මාර අයියා.. මාරයි ම තමයි.. :)අදම අහු වුණ එක හොදයි.. :)

    ReplyDelete
  9. මාරයා අයියටත් මේ සික් ඇනෝ කමෙන්ට් දාලානේ..අපි හිතුවේ අපි සෙට් එකට විතරයි කියලා..කොහොමහරි දැන් ඉතින් බඩුත් එක්ක හොරු මාට්‌ටු නේ..මගේ එකෙත් දාලා තිබ්බේ ඔය කමෙන්ට් එකම තමා..ඒකත් කොපි -පේස්ට් කිරිල්ලක් යන්නේ බලන් යනකොට...

    පව් අසහන කාරයෝ ! ! !

    ReplyDelete
  10. මෙන්න මෙයාගෙ අනික් සයිට් එක. මේකා අනුන් හදන්න යන්නේ http://appleworldsuks.blogspot.com/2011/07/blog-post_19.html

    ReplyDelete
  11. ආ...මගෙ බ්ලොග් එකෙත් මේ කොමෙන්ට් එක, එකම පෝස්ට් එකේ තැන් දෙකක දාලා. හික් හික්!! නියම රිටර්න් එක. ඇපත් නෑ ආයෙ

    ReplyDelete
  12. ඕකට තමයි කියන්නේ අනිත් අයට මඩ ගහන්න ගිහින් තමන් ගූ නාගන්නවා කියන්නේ හොද වැඩේ.

    ReplyDelete
  13. ඕකුන්ගෙ දෙමාපියන්ට පවු ඉතිං... ඊට වඩා දෙයක් කියන්න ඕන නෑ. මාරය අයියගෙ යෝජනා වලට අපෙත් පුල් සප් එක හොඳේ...

    ඔය මෝඩයින්ට බනින්න කාලෙ කන එක අපරාදෙ... ඊට හොඳා බීරි අලින්ට වීණා වැයුවනම්..උන් ඇහෙන්නෙ නැති වුනත් කොරන දේ ඇස් දෙකෙන් හරි බලන් ඉඳී..ඔය මෝඩයො බැනල හදන්න බෑ...

    ReplyDelete
  14. බැරිද දන්නෑ මටත් උන්ගේ teem එකෙන් සමාජික කමක් ගන්න :D

    මේ ලිපිය සිංඩි වල දැක්කාම එදා වගේ මම හිතුවා වල්ගේ පාගම් මටම ලියපු එකක් කියලා. මාර අයියා මේ වගේ මඩ ලිපි හැමදාම දානවනම් මරු නියම ලිපිය

    ReplyDelete
  15. පව්නේ මාරයියේ මිනිහට පොඩි වැරදීමක් වෙන්න ඇති :D ඒකනේ ආයේ ඒක වෙන තැනක දැම්මේ....
    ඇනෝ කමෙන්ට්ස් බුරුතු පිටින් වැටෙන බ්ලොග් එකකට ගිහින් කමෙන්ට්ස් ටිකක් කියෙව්වනම් මිනිහට ටිකක් විතර තේරුම් ගන්න තිබ්බා වැඩේ කරන හැටි ගැන :D

    ReplyDelete
  16. marayye buruwanta apahasa karannepa ane :D oka karapu ekata buruwek kiyana eka buruwanta apahasayak

    ReplyDelete
  17. කොයි කොට්ටෝරුවත් කෙහෙල් ගහට කොටනවාලු....:D
    හික් හික්.

    ReplyDelete
  18. බලපන් අපි සිතුව්ලි පවුරෙන් ම ලියලා පෙන්වන්නම් තොට


    රෙස්ලින්.lk

    ReplyDelete
  19. නියම රෙස්ලින්.lk මම වෙම් කරුනාකර මාරයාගේ හොරාව මට නුබව සම්බන් ද email eka mekata send karana ( sohanluck1@gmail.com කව්ශාල ලෙස මා හා සම්බන්ද අපහාසාත්මක මඩ ප්‍රහාරයක් පැතිරි යනවා කරුනාකල දැනට මා ව්ශ්වාස කරන්න මට වෙන පුලුවන් කිසි දෙයක් නැත මම සියලු ව්ස්තර පැහැදිලි කරම්

    ReplyDelete
  20. ඔය සයිට් එකත් කරන්නෙ හීරෝ නමින් කාලයක් ආව කෙනාමද මන්දා. ඒ කෙනාව නම් ඉතින් අපි හැමෝම දන්න කෙනෙක් නෙව.
    කෝක නමුත් නියම වැඩේ වෙලා තියෙන්නෙ :D :D

    ReplyDelete
  21. @රෙස්ලින්.lk...

    කිසි අවුලක් නැහැ..වෙන තැන්වලදී කතාවක් ඕන කරන්නේ නැහැ..පැහැදිලි කිරීම මෙහෙමම දාන්න බලන්න කොමෙන්ට් එකක් හැටියට..අනිත් අයත් පහදවා ගන්න පුළුවන් එතකොට...

    ReplyDelete
  22. හික් හික් කිව්වළු.

    ReplyDelete
  23. මාරයාගේ හොරාව බොලොගයේ කුනු හරුප ලිව්ම සහ අනෙකුත් අඩව් වල කුනු හරුප ලියුවාට

    පලමුව මට පැවසිය හැක්කේ මේ වැරදි සිදු වු සියලු දෙනාටම සමා වන්න ............ දැන් මම ව්ස්තර කරන්නම් මොනවාද ඔනේ කියලා පලමුව කියන්න ඔනේ රෙස්ලින්.lk පවත්වාගෙන යනුයේ මා ව්සින් බව මේ සියලු කුනු හරුප හා අනෙකුත් දේ මාගේ සහොදරයාගේ ක්‍රියා වේ මාගේ සහොදරයා හට සුලු මොලයේ ආබාදයක් පවති ඔහු ව්සින් තමයි කාලයක් බොද ම්දුම් බොලොගය කරගෙන ගියේ ඉතින් අද දවස තමයි ඉතාමත් නරක ලෙස මුලු දවස පුරාම සියලු බොලොග් වල කුනු හරුප ලියා ඇත්තේ එයට හේතුව මාගේ එ කියන්නේ රෙස්ලින්.lk අඩව්යේ මුර පදය මාගේ සහොදරයාට සමු ව් ඇත සුලු මොලේ ආබාදයක් තිබුනත් ඔහුට බොලොග් පිලිබදව සුලු දැනිමක් ඇත මේක තමයි මට කියන්නට ඇත්තේ කරුනාකර මට සමා වෙන්න ආයේ ඔහුට මේ බොලොග් අවකාශයට එමට මම ඉඩ නොතබම්,

    ReplyDelete
  24. අප්පට සිරි ...
    අතේ මාට්ටු
    නෝන්ඩි කෝටියයි !!

    රෙස්ලින්ට ප්‍රසිද්දියේ සමාව ගන්නවා ඇරෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නෑ ..

    ReplyDelete
  25. රෙස්ලින්.lk @ අනුන් පිට තියෙලා උබ බේරන්නද හදන්නේ කොලුවෝ අපි අහු වෙයි උබේ හුරතල් කතා වලට

    ReplyDelete
  26. රෙස්ලින්.lk @ ලැජ්ජයි

    ReplyDelete
  27. @රෙස්ලින්.lk...

    මල්ලි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියලා කෙනෙක් ගැන අහලා තියේද..?

    තව දෙයක්..අර මොලේ ආබාදේ තියෙන මල්ලි හරි දක්ෂයිනේ..ඇනෝ ඇවිත් කොමෙන්ට් දාලා..වැරදීමකින් ඔයාගේ අයිඩී එකෙනුත් දාලා..ඊට පස්සේ පටස් ගාලා ඒක මකන්න තරං ඒ මල්ලිගේ මොලේ අවුල්..?

    ඒ කියන්නේ ඒ මල්ලිගේ මොලේ අමාරුව තිබුනා උනත් ඒ මල්ලිත් දන්නවා වැරදීමකින් අයිඩී එක මාට්ටු උනා කියන එක..

    මල්ලි දැන් අපි ඔටුවොද..?ඔයා බබාද.?

    ReplyDelete
  28. මේක ඇත්තකි කරුනාකර ව්ශ්වාස කරන්න මාගේ එකම සහොදරයා මෙයට වගකිය යුතුය

    ReplyDelete
  29. @රෙස්ලිං = අම්මපල්ල කියලා දිවුරපන් අපිට උඹලව සුවර් නෑ

    ReplyDelete
  30. රෙස්ලින්.lk @ උබේ අම්මා වෙන්න ඇති ඔය අසමත් ජාති වැඩ කලේ.

    ReplyDelete
  31. නියමයි මාරයා, කරන්න තියෙන දේ පරක්කු නොවී කරපු එක ලොකු දෙයක්. උඹ දෙන්න ඕන උත්තරේ නියමෙට දීල තියෙනවා.

    මාරයා හැමෝගෙන්ම ඉල්ල තියෙන විදිහටම මේකට දෙන්න පුළුවං හොඳම දේ තමයි බ්‍රහ්ම දණ්ඩණය.

    1) මේ පුද්ගලයා සම්භන්ධ සියළුම බ්ලොග් වර්ජනය කිරීම
    2) සින්ඩි වලින් ඒ සියල්ල ඉවත් කිරීම

    සදාචාරාත්මක බ්ලොග් සංස්කෘතියක් ගොඩ නැගීම සඳහා...

    ReplyDelete
  32. මුලින්ම කියවන් යද්දි මොලේ වයර් වුනා මොකක්ද මේ කේස් එක කියල... පස්සෙනෙ වැඩේ තේරුනේ...

    මෙච්චර කාලයක් කමෙන්ට් වලට ආරක්ෂක පියවර නොගත්තට ‍දැන් ගන්න වෙයි වගේ....

    ReplyDelete
  33. අඩේ,, අප්පා වලියක් වලියක්....

    අඩෝ කව්ද ඩෝ අපේ වැටේ සුදාට සද්දෙ දැම්මෙ.. අඩෝව්ව්ව්ව්ව්ව්ව්ව්ව්.. ඕකව උස්සල හතරමං හන්දියක තියල හතර හංදි කඩලා වීසි කැත්තෙන් කොන්ඩෙ කපනව ඩෝ...

    ReplyDelete
  34. කරුනාකර මට සමාවෙන්න මේ වැඩේට පොඩ්ඩක් හිතලා බලන්න මොලේ ඇති කෙනෙකු මෙවන් දෙයක් කරයි ද සමාවෙන්න.....

    ReplyDelete
  35. රෙස්ලින්.lk @ උබ නොන්ඩි වෙලා ඉවරයි සමාවෙන් මොනවා කරන්නද

    ReplyDelete
  36. අඩේ පට්ට ආතල් සීන් එක,

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. ජෝ...........න් සීනා... අපෙ මාරයාගෙ ඔලුවට ගහලා.....

    ReplyDelete
  39. රෙස්ලින් ගොයිය හත්පොලේම ගා‍ගෙන ව‍ගේ.
    හැබැයි මේකෙන් ඔය ලෙඩා‍ට හොඳ මාකටිං පාරක් සෙට්වෙනවා.


    ඔය ලෙඩ්ඩුන්ගෙ නියම අනන්‍යතාව හොයාගෙනම හොඳ පාඩමක් ඉගැන්නුවනම්.
    ආයෙ කවුරුවත් ඔය ව‍ගේ වැඩ කරන එකක් නැහැ.

    ReplyDelete
  40. මාර නාන කාමරයේ නායි රෙස්ලිනා......................

    ReplyDelete
  41. @JHOTHISHALANKA
    හොදයි ඔය මල්ලිවයි ඔයාවයි එකට තියල ෆොටෝ එකක් ගහල අපිට බලන්න අප්ලෝඩ් කරපන් රෙස්ලින් මලේ.ඔන්න එතකොට පුළුවන් කතාව ඇත්තද බොරුද කියල දැනගෙන ඔයාට සමාව දෙන්න.හැබැයි ෆොටෝ එකේ ලකුණු කරපන් මේ ඉන්නේ මම මේ ඉන්නේ මොලේ අමාරුව තියෙන මල්ලි කියලා නැත්නම් අපිට දෙන්නව මාරුවේවි.

    hey man dont encourage such thing, if this guy is telling d truth, he might try to do that , and its against humanity.

    ReplyDelete
  42. ඔය වගේ මොලේ අමාරු කාරයෝ ඉන්නවා අය්යේ. ඒත් වැරැද්දට ආයුශ අඩුයි.ඕවා අවධානය ගන්න කරන වැඩ.
    වැරදි එක්කෙනත් එක්ක පටලෙන්න අවිත් තියෙන්නේ නේද?

    ReplyDelete
  43. ඒ වගේ අය කරන දේවල් නිසා අනික්අයට තියෙන අවස්ථා නැතිවෙනවා..( ඇනෝ කමෙන්ට් දාන පහසුකම, කමෙන්ට් කරපුගමන්ම පෙන්වන පහසුකම වගේ දේවල්..)

    ReplyDelete
  44. දැන් ඕකට කරන්න දෙයක් නෑ මුකුත්. සහෝදරය කරත් තමන් කරත්. මීට පස්සෙ තමන්ගෙ අයි. ඩී. එක ආරක්ෂා කරගෙන වැඩ කරගන්න. තමන්ගෙ මොලේ හොඳ නැති මල්ලිට පුලුවන්ම නම් කියල දෙන්න ඇනෝනිමස් පාවිච්චි කරල කුණුහරුප කමෙන්ට් දාන එකේ කිසි වටිනාකමක් ඒ ඇනෝනිමස්ට නැති බවත්. මොනව වුනත් මේකෙන් රෙස්ලින්ගෙ මල්ලිට රෙස්ලින් වෙබ් අඩවියට හොඳ (නරක) අවධානයක් අරගෙන දුන්නාට ස්තූති කරන්නත් අමතක කරන්න එපා.
    ඇනෝනිමස් තියන්නෙ කුණුහරුපෙන් කමෙන්ට් කරන්න නෙවෙයි. තමන්ට හිතට එනදේ ආරක්ෂාකාරීව කෙලින්ම මූනටම කියල දාන්න. ඒක ප්‍රයෝජනවත්ව පාවිච්චි කරන්න.

    ReplyDelete
  45. @රෙස්ලින් :
    මල්ලි උබ නිකන් මෙතන බබා පාට් ඩාන්න එපා යකෝ !!!! මම් තොට හැදෙන්න කොච්චර නම් දේවල් කියලා තියෙනවද ? උබ ඒ එකක්වත් අහලා හැදුනා යෑ.

    උබ වැරැද්ද පිලිගන්නේ නැතුව තව සුරංගනා කතාත් කියනවා !!!! උබ ඕවා කියපන් කොණ්ඩේ බැදපු චීනුන්ට !!!!

    උබ ඔය කරපු ජරා වැඩේට ගෙදර ඉන්න අනිත් එවුන් පටලවන්නේ නැතුව උබම ඒක පිලිගනින් !!!!

    උබට ඔය තරම්ම ලැජ්ජාවක් තියෙනවනම් ප්‍රසිද්ධියේ සමාව ගනින්. එතකොට සමාවක් දෙන්න බලන්නම්. බලන්නම් කියලා විතරයි කිව්වේ සමාවක් දෙනවා කියලා කිව්වේ නෑ !!!!!!

    ReplyDelete
  46. @රෙස්ලින්.. අම්මට සිරී.. උඹ මගේ බ්ලොග් එකෙත් ඔය බොදමීදුම් සීං එක දාලා,. මල්ලිව ඇල්ලුවා නේද ?
    මොකද මල්ලි බූට් එකක් කාලද ? මං බලපු විදියට ඔය කියන මලයා, ලොකූ ප්‍රශ්ණෙකිං.. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නව්වා නම් හරි නේද ? එහෙම නැත්නම් ඔය කියන මල්ලිට කම්පියුටරය අල්ලන්න දෙන එක නවත්තන්න..!

    ReplyDelete
  47. @රෙස්ලින් :
    July 20, 2011 11:16 PM
    ඔය ඇනෝ කමෙන්ට් එකයි. ඊට පහලින් තියෙන රෙස්ලින්.lk කමෙන්ට් එකයි දැම්මේ එකම එකා නේ !!!!

    ඒ දෙකම දැම්මේ රෙස්ලින්.lk කියන උබම නේ !!!!
    බලපන් යකෝ කමෙන්ට් කරපු වෙලාව. එක විනාඩියයි පරතරය තියෙන්නේ.දෙන්නෙක් කමෙන්ට් කලා නම් අඩුම තරමේ විනාඩි පහක්වත් කාල පරතරය තියෙනවා.

    ඇනෝ කමෙන්ට් කරලා තියෙන්නේ 11:16 PM ට උබ කමෙන්ට් කලේ 11:17 PM ට. උබ මේකට මොකද කියන්නේ !!!!!

    ReplyDelete
  48. මගෙ බ්ලොග් පෝස්ට් එකකටත් ඔය කොමෙන්ට් එකම දාලා තිබ්බ.මටනම් දැක්ක ගමන් ගිනා ගියා,මේ මොකෑ බොල මේ කියල.

    අර "පෝස්ට් එක හොදයි" කියල එයාලගෙ බ්ලොග් ලින්ක් එකක් අනිත් අයගෙ බ්ලොග් වල පේස්ට් කර කර ගිය අය, එහෙනම් මේ වැඩේ කරල තීයෙන්නෙ.

    ඕකට තමා කියන්නෙ, දෙයක් කරන්න කලින් 10 පාරක්වත් හොදට හිතන්න කියල :)

    අනේ අනිච්චං

    ReplyDelete
  49. මානසික රෝගියෙක් නම් නිසි ප්‍රතිකාරයකට යොමු කරන්න , නැතිනම් මීටත් වඩා අවාසනාවන්ත තත්ත්වයක් සමාජයට ඇති කරන්න හරි , සමහර විට තමාටම කර ගන්න හරි පුළුවන් ,එහෙම වුනොත් මීටත් වඩා අවාසනාවක්, ඒ නිසා කරුණාකර නිසි වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු කරන්න,
    මේ මානසික රෝගියා මගේ පැටවුන් ලියන http://dinithimithili.blogspot.com/ සටහනතටත් මේ වගේ ගඳ වසුරු හෙලල තිබුණා , ඒත් මේ සයිබර් අවකාශයේ සුන්දර සහ වැදගත් මිනිසුන් කෙතරම් සිටීද යන්න තහවුරු කරමින් එම සිදුවීමෙන් තත්ත්පර ගණනක් තුල කසුන් (http://askasunfeel.blogspot.com) මගේ email එකට මේ තත්ත්වය දැනුම් දුන්නා ,
    මගේ මේ සටහන මානසික රෝගීන් ගැන නොවෙයි ඒ ගැන මගේ “සොදුරු සුව අසපුවේ“ ලියල තියෙනවා , මගේ අරමුණ අපේ සිංහල බ්ලොග් අවකාශය තුල කෙතරම් සොඳුරු , නියම මිනිසුන් ඉන්නවාදැයි පෙන්වීම පමණකි

    ReplyDelete
  50. වෙච්ච දේ වෙලා ඉවරයි... මට තේරෙන විදියකටනං මේ දේ මේ කොහේවත් ඉන්න මල්ලි කෙනෙකුට පටවන්න බැහැ..අර මධුරංග කිව්ව දේ හරි...ඇනෝ විදියට ඇවිත්
    ____________________________
    July 20, 2011 11:16 PM
    Anonymous said...
    බලපන් අපි සිතුව්ලි පවුරෙන් ම ලියලා පෙන්වන්නම් තොට


    රෙස්ලින්.lk
    ____________________________

    ඔන්න ඔය කොමෙන්ට් එක දාලා හරියටම විනාඩියක් වගේ කාලෙකදී..
    ____________________________
    July 20, 2011 11:17 PM
    රෙස්ලින්.lk said...
    නියම රෙස්ලින්.lk මම වෙම් කරුනාකර මාරයාගේ හොරාව මට නුබව සම්බන් ද email eka mekata send karana ( sohanluck1@gmail.com කව්ශාල ලෙස මා හා සම්බන්ද අපහාසාත්මක මඩ ප්‍රහාරයක් පැතිරි යනවා කරුනාකල දැනට මා ව්ශ්වාස කරන්න මට වෙන පුලුවන් කිසි දෙයක් නැත මම සියලු ව්ස්තර පැහැදිලි කරම්
    __________________________

    ඔන්න ඔය කොමෙන්ට් එක දානවා... ආයේ මෙතන අමුතුවෙන් තේරුං ගන්න දෙයක් නැහැ..අනිත් දේ තමා කලින් අර හැම බ්ලොග් එකකම ඔය රෙස්ලින් අඩවිය ගැන දදා ගිය මෙලෝ තේරුමක් නැති ඇඩි ටික දැක්කහම මට හිතුනෙත් මොනවා හරි මානසික ආබාධයක් ඇති ළමයෙක් වෙන්න ඕන මේක කරනවා ඇත්තේ කියලා.

    ඒ හින්දයි ගණන් ගන්නේ නැතිව හිටියේ.පහුගිය ටිකේම තමන්ට අවධානය ගන්න කරපු තේරුමක් නැති උත්සහය හොඳටම අපි කාටත් පේන්න තිබුණෘ.

    එහෙම බැළුවම ඔය කුණූහරප කිය කිය දාපු කමෙන්ට්වලයි..අර කලින් හැම තැනම ඇඩ් දදා ගිය කෙනයි දෙන්නම මානසික ආබාධ තියෙන අය කියලා තමයි මටනං හිතෙන්නේ..සමහර විට ඔයාටත් මල්ලිට වගේම අසනීපයක් තියේද..එහෙමත් නැත්තං දෙන්නම එක්කෙනෙක්ද කියලා හොය හොය කාලේ කනවට වඩා අපිට වැඩ තියෙනවා

    මම පෞද්ගලිකවම මේ ළගදී හිතවතෙක් එක්ක චැට් කරන ගමන් කතා උනෙත් අපි පුළු පුළුවන් විදියට පොඩ්ඩක් අවධානය ඔයාට අරන් දෙමු කියලා..මොකද අසනීපයක් තියෙන කෙනෙක් එක්ක කතා කරනවට වඩා..එයාට ඕන දේ දීලා හිත සතුටු කලානං ඒකත් මදෑ කියලා...

    ඒත් අන්තිමට ඔයා අවධානය ගන්න සමත් උනා..ඒත් ඒ අවධානයෙන් තඹ සත 5ක වැඩක් නැහැ මල්ලි...කරුණාකරලා දැන්වත් ඔය මෝඩ ආතල් ගන්න එක නවත්තන්න..මෙතන ඉන්න මිනිස්සු හරක්වත් ඔටුවොවත් නෙවෙයි.

    ඇත්ත කතාව කියලා කැමතිනං ඊයේ දවස ඇතුලදී ඔයා ගිහින් කැත කරපු අඩවිවල අයගෙන් සමාව අරගන්න. අපි මේක අල්ලලා දාලා නිකං ඉන්නං.එහෙම නැතිව ඔය මල්ලි කෙනෙක් ගැන තව තවත් බොරු කිය කිය ඇවිදලා තවත් විහිළුවක් වෙන්න එපා...

    මිනිස්සුන්ට අසනීප තියෙනවා..ඔයාට විතරක් නෙවෙයි මේ මට උනත් ඒක පොදු දෙයක්.ඒත් එහෙමයි කියලා ඒක හැම තැනකදීම නිදහසට කාරණාවක් වෙන්නේ නැහැ. ඔයාට මොනවා හරි අසනීපයක් තියෙනවනං අපිත් එක්ක කේන්ති ගන්නේ නැතිව අම්මට තාත්තට කියලා හරි..හොඳම යාළුවෙකුට කියලා හරි ඒ අසනීපෙට ප්‍රතිකාර ගන්න බලන්න.

    එහෙම කියන්න කෙනෙක් නැත්නං පොඩ්ඩක් බලන්න මේ බ්ලොග් අවකාශෙම ඉන්නවා එහෙම දේවල් වලට අත හිත දෙන අය...අන්න එහෙම කෙනෙක් හොයාගෙන උදව් ගන්න... ලැජ්ජ වෙන්න කාරණාවක් නැහැ...

    අන්තිම පාරට කියන්නේ ආයෙත් මෙහෙම වැඩ කරන්න යන්න එපා. මොකද ඔයා ඒකට දක්ෂ නැහැ.අනිත් දේ තමා මොන විදියකින් හරි ඔයාට යම් තරමක ප්‍රසිද්ධියක් ලැබුනනේ දැන්. ඒකවත් ප්‍රයෝජනයට අරන් ඔයාගේ බ්ලොග් එක කරගෙන යන්න..

    ආ ඒත් එකක් කියන්න ඕන..ඒක ඔයාගේ දියුණුවට උදව්වක් කරගන්න..ඔයාගේ ලිවීමේ හුගක් අඩුපාඩු තියෙනවා..සිංහල ලිවීම හුගාක් දුර්වලයි..ඔහොම රචනා ශෛලීයක් අපි මීට පෙර අවස්ථා කිහිපයකදී දැකලා තියෙනවා..ඒ කවුරු ලියපුවද කියලා මෙතන ඉන්න අය දන්නවා.මං නම නොකිව්වට. ඒ හින්දා පුළුවන් තරං උත්සහ කරන්න ලිවීම දියුණු කරගන්න..එහෙම නැතිව මේ වගේ බොළඳ වැඩ කර කර කාලේ කන්න එපා...

    ReplyDelete
  51. කියලා කට ගන්න උනේ නැහැ..ඔන්න උඩින් ඉන්නවා ඔයාට යම් උදව්වක් කරන්න පුළුවන් කෙනෙක්..පොඩ්ඩක් ඒ මහත්මයව සම්බන්ධ කරගෙන උපදෙස් ගන්න...

    ReplyDelete
  52. Gimhani
    නරකද හිස කුඩිච්චියක් දෑම්මෙව්වොත්.

    ReplyDelete
  53. මාරයාගේ හෝරාව ලියන ඔබට මගේ විශේෂ ගෞරව සහ ස්තුතිය පුද කරන්නේ , මෙවැනි සිදුවීමකදී එකිනෙකා සැක කරමින් මේ සිංහල බ්ලොග් අවකාශය “නොසරුබිමක්“ වන්නට තිබූ ඉඩ හසර නැතිකරලමින් , වරද කොතැනදැයි නිවැරදිව හදුනා ගැනීමට අවස්ථාව ලබා දීම ගැන , ඇත්තෙන්ම ඔබ සිංහල බ්ලොග් අවකාශයේ පවත්වාගෙන යන ජේෂඨත්වය Seniority නැවත නැවතත් තහවුරු කළා සේ මට දැනේ , ස්තුතියි ඔබටග

    ReplyDelete
  54. නියමයි මාරයියේ.. ගැමෝටම හිසරදයක් වෙලා තිබුනේ මේ ඇනෝ කමෙන්ට්.. නියමයි..

    ReplyDelete
  55. නියමයි මාරය මලේ, උබ උබේ ජේෂ්ඨත්වය පෙන්නුවා. රෙස්ලින් මල්ලී මේ වැඩ නවත්තන්න. අපි කවුරුත් මේවා ලියන්නේ කාගෙන්වත් හොද අහන්නවත්, මොනවත් ලැබෙනවටවත් නෙමේ. අපේ හිතේ සතුටට ඔඅයත් ලියන්න. අපි කා අතිනුත් වැරදි වෙනවා. ඒත් හිතල වැරදි කරන්න එපා. කාටවත් මඩ ගහන්න එපා. ඒවා කැරකෙනවා තමන්ටම කවදා හරි. කමක් නැහැ. ගියදේ ගියාවේ ඔයාල තාම පොඩි ලමයි. අපි ගොඩක් ජීවිතේ අත්දැකීම ලබලා තියනවා. ( ඔයාලගේ දැණුමට අපි ගරු කරනවා. ඒකට ලොකු පොඩි භේදයක් නැහැ.)කොහොම හරි ජීවිතේ හොඳට හදා ගන්න. කවදාවත් කාටවත් කරදරයක් වෙන්න එපා. හැම කෙනෙක්ටම අවශ්‍යවන කෙනෙක් වෙන්න බලන්න. එතකොට හැමදේම තමන් ලඟට ඒවි. ජය.

    ReplyDelete
  56. ඔය මල්ලි කියන්නේ කණ්නාඩියකින් බැලුවම ඉන්න මල්ලි වෙන්න ඇති නේද

    බොරු කතා වැඩේ මාට්ටු උනාම මල්ලි පිටින් යවනවා. මල්ලි වෙන්න ඇති පට ගාලා කමෙන්ට් මකන්නේ වැඩේ අහු උනාම. මාර මල්ලියෙක් ඈ

    අර තව එකෙක් නාගෙන තිබ්බා වෙන බ්ලොග් එකක ඌ රෙදි ඇඳන් තව මෙතන ඇවිත් ඒ ජාතියේම උන්ට කින්ඩි දානවත් එක්ක

    ReplyDelete
  57. හපොයි... වෙච්ච දෙයක්.

    ReplyDelete
  58. බ්ලොග් අවකාශයේ ප්‍රබලයෝ මේ ගැන වැරදියට හිතන්න එපා.ඊයෙ රෑ ප්‍රාර්ථනා අක්කගෙ "තනිකඩ අහසට" post එකේ මුල්ම් කමෙන්ට් එකත් ඔහොම එකක්.ඒක දාල ගොඩක් වෙලා මම දකිනකොට..මම බැලුවා මුලින්ම දාපු එක මෙච්චර චාටර් වෙලත් මොකද අයින් කරල නැත්තේ කියල..
    ඒ කමෙන්ට් එක ගැන බැනල මම දාපු කමෙන්ට් එක සුලු මොහොතකින් අයින් කරල තිබුනා.අනේ මම නම් දන්නේ නෑ වැඩිය ඕව ගැන.ඒත් මට මුලදිම හිතුනා ඕකට සිතුවිලි පවුරේ ඇඩ්මින් ගේ account එකේ සම්බන්ධයක් ඇති කියල..කෙලින්ම චෝදනා කරනව නෙවෙයි..වැරදියට තෙරුම් ගන්න නම් එපා.

    ReplyDelete
  59. උබලා ඔක්කොම ගැන මම ඉස්සරහට බලා ගන්නම්........

    ReplyDelete
  60. මමනම් කියන්නේ ඕක ඉපදෙන කාලේ ඕකගේ ගෙවල් පැත්තේ බෙඩ් ෂිට් විකුණන පොරක් ඉදල නෑ.. හිටියනම් අද ඕක මෙතන නෑ.. බෙඩ් ෂිට් ඒකෙ.. අම්මල තාත්තල ජොලියට _____, කරුමෙට ඉපදෙන පුත්තු බං... හැම තැනම ඉන්නවා ඔය වගේ කරුමක් කාරයෝ... මොනව කරන්නද?? ඕකත් එක්තරා විදියක අසහනයක් තමා..

    ReplyDelete
  61. රෙස්ලින් මල්ලී, මම බ්ලොග් අඩවියක් අලුතින්ම පටන්ගත්තු එකෙක්.කොමෙන්ටු වැඩි වෙනවනම් හිට්ස් වැඩි වෙනවනම් ගොඩාක් කට්ටිය මගේ බ්ලොගේට එනව නම් මාත් කැමතියි.ඒත් ප්‍රසිද්ධිය ගන්න මේවගේ දේවල් හොදනෑ.මගේ පෝස්ට් එකකට මාරයා කොමෙන්ටුවක් දාපු වෙලේ මට ලොකු සතුටක් ඇතිවුනා.මොකද කවුරුහරි අවකාශෙ ජනප්‍රිය කෙනෙක් කොමෙන්ටුවක් දාන එක අපිවගේ අයට ලොකු හයියක් නිසා.හොද දේවල් ලබාගන්න හොද දේවල් ලියන්න වෙනවා.ඒකට කෙටි ක්‍රම නම් නෑ.ඒක මතක තියාගන්න.අනිත් එක මල්ලි ගැන කියපු කතා තාර්කික නෑ කියලා ‍මේ යසට ඔප්පු කරලා තියෙන්නෙ තර්කානුකූලව
    "තව දෙයක්..අර මොලේ ආබාදේ තියෙන මල්ලි හරි දක්ෂයිනේ..ඇනෝ ඇවිත් කොමෙන්ට් දාලා..වැරදීමකින් ඔයාගේ අයිඩී එකෙනුත් දාලා..ඊට පස්සේ පටස් ගාලා ඒක මකන්න තරං ඒ මල්ලිගේ මොලේ අවුල්..?

    ඒ කියන්නේ ඒ මල්ලිගේ මොලේ අමාරුව තිබුනා උනත් ඒ මල්ලිත් දන්නවා වැරදීමකින් අයිඩී එක මාට්ටු උනා කියන එක.."
    එතකොට මේ ප්‍රකාශය-
    "මල්ලි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියලා කෙනෙක් ගැන අහලා තියේද..?"
    :D ය,හික්ස් ය, ලොල් ය..බ්ලා බ්ලා බ්ලා ය.

    ReplyDelete
  62. ayya,mamath asai blog ekak karanna.eth man mokuth dannene.bohoma amaruwen blog ekak heduwa...ane blog liyana heti kiyala dena post ekak dannako........

    ReplyDelete
  63. රෙස්ලිං.lk හොඳයි........
    රෙස්ලිං.lk ගේ මල්ලි හොඳා................යි... :D

    ReplyDelete
  64. හප්පා... යාන්තන් ඒක බේරගෙන නේද? ඔය හාදයා බොඳබීදුම් නමින් මගේ බ්ලොග් එකේ ‘නාකි‘ කථාවක් කියලා කමෙන්ට් කරලා තිබුණා. මම ඒවා ස්පෑම් කලා. මම හිතන්නේ ඌ මේ පාර වැරදි මිනිහගේ බ්ලොග් එකේ කෙටුවේ. මාරයා කියන නම වත් දන්නෑ කියන්නේ ඌ මොලේ අමාරු කාරයෙක්ම තමා. සිතුවිලි පවුරේ ඇඩ්මින් මල්ලිටත් කියන්න ඕනේ මුන් වවගේ පිස්සන්ව අයින් කරන්න කියලා. මාරයියා වැඩේ නියමෙට දීලා...ජයවේවා....!

    ReplyDelete
  65. හික්!
    කියන්න මුකුත් නෑ අප්පා කියන්න තියෙන ඒවා ඔක්කොම කියල නෙ හැමෝම

    ReplyDelete
  66. ඔන්න මම බ්ලොග් එකක දාන ඉස්සෙලම කොමෙන්ට් එක.. ආගන්තුකයගෙ ප්‍රශ්නෙට මෙතනින්(http://sithuwili-pawra.blogspot.com/2011/07/blog-post_1849.html) ගියාම උත්තර ලැබෙයි.. (මේක ඇඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
  67. මාරයියා ගැන මෙතන අයට පැහැදිලි කරන්න ඕනි නැහැ.ඒත් කොට්ටෝරු මල්ලිට තේරිලා නෑ වගේ..

    කොට්ටෝරු මල්ලිට හැදෙන්න හොඳ අවස්ථාවක්. හරි විදියට එනවානම් ඔයාට උදවු කරන්න බොහෝ දෙනෙක් ඉඳීවි.ඔබේ අසහනයට විසඳුමක් එත කොට ලැබේවි.

    ReplyDelete
  68. සිතුවිලි පවුරේ ඇඩ්මින් බොරු කියන්න එපා යකෝ උබයි මමයි එක පන්තියේ යාලුවෝනේ.

    ReplyDelete
  69. කරුනාකර මෙතනින් පසුවත් දාන කොමන්ට් ගැන සැලකිලිමත් වෙන්න ආයේ ඉතින් බොරු කියන්න ඔනේ යැ මම මට පුලුවන් ව්දිහට සිද්දිය ව්ස්තර කරා මම ව්සින් මේ වැරැද්ද සම්පුර්නයේන් පිලිගන්නවා මේ තමයි ඇත්ත රෙස්ලින් .lk කියනා දෙය සිතුව්ලි පවුරටත් සිදු වු සියලු වැරදි වලට මම සමාව ඉල්ලා සිට්ම් මේ ව්දිහට වැරැද්ද පිලිගෙන තවත් ඇනො කොමොන්ට් දානවාද කරුනාකර ඇනො කොමොන්ට් දාන ගෙනා ගැන සොයා බලන්න තවත් දුරටත් රෙස්ලින්.lk කුජිත වැඩකරන්නේ නැත........

    ReplyDelete
  70. ජෝ...න්.. සීනා.. මුගේ මලයාගේ ඔලුවට ගහලා.. :D :D

    ReplyDelete
  71. සියලුම ඇනො රචකයෝ මානසික රෝගියෝ විදියට වර්ග කිරීම නම් වැරදි දෙයක්.මමත් ඇනෝ කෙනෙක්.මට එහෙම වෙන්න සාදාරන හේතු තියෙනවා.මමත් පොඩි දරුවන්ගේ බ්ලොග් අඩවියට නිතරම ගොඩවදින කෙනෙක්.ඒ දරුවන් දිරිගැන්වෙන යමක් ලියල මම යනවා.ඒ වගේම කියන්න ඕන අපි වගේ සාදාරන ඇනෝ කාරයන්ට මග අහුරන්න ඔයාල හිතුවොත්,ඔයාලට සාදාරන විවේචන නොලැබේවි.ඒ වෙනුවට හැම දේටම හොදඊ කියන බොරු සෝබන කතා විතරක් ඉතුරු වේවි.අර කසුන් මහත්තයත් තමන්ගේ බ්ලොග් අඩවිය යොදාගෙන බල්ලෝ වගේ වචන භවිතා කල එක වැරදි කියල කියන්න ඕනේ.

    ReplyDelete
  72. Bunny පාරේදි අහු වෙයන් මරනවා දැන ගනින්





    රෙස්ලින්.lk

    ReplyDelete
  73. රෙස්ලින්.lk මගේ සහෝදරයා. සොහොනා වෙමි. :D

    ReplyDelete
  74. රෙස්ලිං මල්ලිගේ අල උණු හීනය.. ඔහොම පබ්ලිසිටි ගන්න බැ බං.. අන්න මං ක්‍රමේ දාලා ඇති මගේ බ්ලොග් එකේ :D

    ReplyDelete
  75. කාලෙකට පාරක් කොහොමත් මේ කෙලිය එනවනෙ. ඔකුන්ව වඳ ක‍රන්න අමාරුයි. මොලේ අමාරුකාර යක්කුනේ. ආයෙ වෙන නමකින් ඒයි බබා වගේ ටික කලක් ගිහින්.

    ReplyDelete
  76. මා.....රයා..... රෙස්ලිනාගේ ඔලුවට ගහලා...

    ReplyDelete
  77. අඩෝ මේහ් මාරයා, තෝ නයාට ගහල පොල්ල වරද්ද ගත්ත කියල හිතාගනිං හරි, මගෙ මල්ලිට තෝ එක එක සද්දි දාන්න ආවොත් අනිනවා හොම්බ කට කුඩු වෙන්න...

    යූ කාන් සී මී (මයි ඈස්!)
    ජෝන් සීනා.

    ReplyDelete
  78. "Anonymous said...

    සියලුම ඇනො රචකයෝ මානසික රෝගියෝ විදියට වර්ග කිරීම නම් වැරදි දෙයක්.මමත් ඇනෝ කෙනෙක්.මට එහෙම වෙන්න සාදාරන හේතු තියෙනවා...."

    මෙන්න මේ කමෙන්ට් එක දාපු මහත්මයාට මේ කියන්නෙ.

    මෙතන කිසිම කෙනෙක් සියලුම ඇනෝලව මානසික රෝගීන් කියල වර්ග කරල නෑ. මේ සිද්ධියට සම්බන්ධ කෙනා ගැන විතරයි මේ කියල කියල තියෙන්නෙ. ඒක වරදව වටහා ගන්න එපා. ඇත්ත, ගොඩක් වෙලාවට ඇනෝල තමයි ඇත්තම විවේචන දෙන්නෙ, ඒක කවුරුත් දන්නව. ඒකයි ගොඩක් දෙනා ඇනෝ කමෙන්ට් ඔන් කරල තියෙන්නෙ. ඒත් මේ වගේ පහත් වැඩ කරන ඇනෝල ඉන්නකොට ඒකට පිළියමක් විදියට ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරන්න වෙනව, එහෙම නැත්තන් කමෙන්ට් මොඩරේශන් දාන්න වෙනව. වෙන ඉතින් විසඳුමක් නෑ. අපි කවුරුවත් කැමති වෙන්නෙ නෑ නෙ මහත්මය අපේ අඩවියේ කවුරුවත් කුණුහරුප ලියල යනවට.

    ඊලඟට අර බල්ලො කියල පාවිච්චි කරපු එක වැරදියි කියල ඔබතුමා කියනව. හිතල බලන්නකො ඉතින් ඒ කරල තියන වැඩේ බලු වැඩක් නෙමෙයිද කියල. අපි අමාරුවෙන් ගැටගහල දෙයක් ලිව්වම, එතන ඇවිත් ජරා කරන එක බලු වැඩක් නේද? අනිත් එක තුවාලෙ තියන කෙනානෙ ඒකෙ වේදනාව දන්නෙ. මට ඒ වෙලාවෙ දැනුන වේදනාව, ආවේගය ඔබතුමා තේරුම් ගන්න එකක් නෑ. ඇත්තටම හිතට ආපු තරහ නිසයි ඒ වගේ වචනයක් පාවිච්චි කලේ.

    මම ආයෙත් කියන්නෙ, මෙතන කිසිම කෙනෙක් ලියපු දෙයක්වත්, මම ලියපු දේ වත් පොදුවේ ඇනෝලට කියපු දේවල් නෙමෙයි. ඒ හැම දෙයක්ම මේ සිද්ධියට අදාල අය ගැන විතරයි. කරුණකරල ඒක වටහා ගන්න.

    ReplyDelete
  79. @ ඇනෝ.. මෙවැනි මෝඩ ආතල් ගැනීමෙන් වලකින්න.

    ReplyDelete
  80. ඇත්තටම මේ වගේ දේවල් ගැන සොයන්න කමෙන්ට් කරන්න ඇඟේ අමාරුවක් මටත් නෑ.ඒ වුනාට මම මේ කමෙන්ට් එක දාන්නේ හරි වගකීමෙන්.සිතුවිලි පවුරේ ඇඩ්මින් හා ඔය කියන රෙස්ලින් මල්ලි දෙන්න එකතුවෙලා මේ වැඩේ කරන්නේ. සමහර විට මේ දෙන්නා එකම කෙනා වෙන්න පුළුවන්.මමනම් කියන්නේ ඒකේ රෙජිස්ටර් වෙලා ඉන්න හොද වැදගත් ලේඛකයෝ එතනින් ඉවත්වෙන්න කියලා.අච්චර නරකයි කියන ඇනෝනිමස් පවා අපේ කමෙන්ට් පල නොකර ඉන්නේ නැහැ.

    ReplyDelete
  81. Great Job! I'm Proud of You......

    -emailkavikaari-

    ReplyDelete
  82. මූට නං ඒත් ලැජ්ජා නැද්ද කොහෙදෝ.කාලේ කන කාලකන්නියෙක්....

    ReplyDelete
  83. ඔහොම ඔක්කොම හිනා වෙයල්ලා සිතුවිලි පවුරෙන්ම මගේ යාලුවගේ උෘට කියලා හොද කුනුහරුප ලිපි දෙකක් ලියලා මෙතන මට වැඩියෙන් හිනා උන උන්ගේ කර පිට ලස්සනට තියන්නම් අද හිනා වෙයල්ලා හෙට අඩපල්ලා

    ReplyDelete
  84. බ්ලොග් අවකාශයෙන් මම පලිගන්නවා යක්කුනේ බලමු ඉස්සරහට හොද සෙල්ලම්.

    ReplyDelete
  85. මුන් දිය යටින් ගින්දර අරන් යන්න හදන්නේ

    ReplyDelete
  86. වැප් හෙට අඩපන්

    ReplyDelete
  87. නියම රෙස්ලින්.lk මෙතන සිට් තව දුරටත් ඇනො කොමොන්ටු දැම්මට මට අවශන නැත

    ReplyDelete
  88. බොග ෆෑන් එකේ !!!!!! (Shit Hits The Fan) :D

    අහුනොවී කුණුහරුප කොමෙන්ට් දාන හැටි ගැන හීරෝගේ සිංහල ටියුටෝරියල් එකක් ළඟදීම යූ ටියුබ් එකෙන් බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  89. @ රෙස්ලින්.lk ලැජ්ජයි

    ReplyDelete
  90. ANE MUNTA JALABEETHIKAAWADA KOHEDA.

    ReplyDelete
  91. පිස්සු යක්කු.....ඔය රෙස්ලින් කථාව නම් මටත් ඇවිත් තිබුනා... අනේ අර එක සැරයක් කලාවගේ මොකක් හරි ඉවෙන්ට් එකක් කරලා අරමුදලක් එකතු කරලා අරෑගේ මානසික ආබාධයක් තියෙන මල්ලිව සනීප කරලා දෙමුකෝ.... ඌ පවු බොලල්ලා....

    ReplyDelete
  92. මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ මම හිතුවා වරදිමකින් මගේ එකට වැටිලා තිබුනු කමෙන්ට් එකක්නේ.... අඩුම තරමෙන් බ්ලොග් එක ලියන්නේ පිරිමියෙක්ද ගැහැනියෙක්ද කියලාවත් නොබල කමෙන්ට් තිබුන නිසා මම හිතුවේ වැරදිමක් කියලා...

    මාරයා අය්යේ ඔයා නියම දෙයක් කරලා තියෙන්නේ.... අයේ කතා කරන එකක් නැ ඒ ගැන...

    මධුරංග ඔබ සමගද අනිත් කමෙන්ට් කල අය සමගද එකග වෙමි.... මාරයා අය්යේ ඔයා කිවා වගේ එකතු විමක් මෙතන වෙලා තියනවා... ඒ වෙනුවෙන් කල හැකි හැමදේකටම මේ සියලු දෙනා සහයොගය දක්වයි....

    ReplyDelete
  93. ඉස්සරහට බලමු සිතුවිලි පවුර තියනකම් අපි බය නෑ

    ReplyDelete
  94. රෙස්ලින්.lkJuly 21, 2011 at 11:42 PM

    ----------------------------------------------

    ReplyDelete
  95. ඇනො තවත් ව්කාර නටා පලක් නැත රෙස්ලින්.lk හට තවත් ඇනොගේ පාට් එකෙන් කිසිම කොමොන්ටුවක් දමා පලක් නැත සියලු දේ සිදු ව් අවසානය 101 කියා දැමුවේ නියම රෙස්ලින්.lk විසින් ය.

    ReplyDelete
  96. @රෙස්ලින්.lk :
    මොකටද මල්ලි 101 කියලා දැම්මේ ? උබේ මොලේ මැල්ලුං ද !!! මල්ලිගේ ලෙඩේ අයියට ඇවිල්ලද !!!

    ReplyDelete
  97. මේක ඇත්තටම මානසික රෝගියකුගෙ වැඩක් , මේ කොල්ලා ( කොල්ලද නැත්තන් වෙන එකෙක්ද ) කොමෙන්ට් කරන විදිහෙන් ඒක බලා ගන්න පුලුවන් , සින්හල භාශාව නිසිලෙස හසුරුවන්න බැරි නිවරදිව ලිපියක් තබා කොමෙන්ට් 1 ක් ලියාගන්න බැරි 1 ක් .
    රෙස්ලින් බලලාම ඔලුව විකාර වෙලා මානසික රෝගියෙක් වෙලා . කොහොමත් මෙවැනි විකාර රෑපී ප්‍රරචන්ඩත්වය මාකට් කරන තරග බලන්නෙත් යම්කිසි පරපීඩක මානසිකත්වයක් ඇති අයෙක් පමනයි .

    ReplyDelete
  98. This comment has been removed by the author.

    ReplyDelete
  99. "සිතුවිලි පවුර" ඇඩ්මින් මාගේ කමෙන්ටු වාරණය කරන බැවින් ඔහුගෙන් ඇසිය යුතු ගැටළු කීපයක් මෙතන අසමි.
    1) රෙස්ලින් කණ්ඩායම සමඟ ඔබගේ ඇති සම්බන්ධය කුමක්ද?
    2)ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා වල පවා තහනම් කරන ලද "රෙස්ලින්" සම්බන්ධ ලිපි ලියන්නන්ගේ ලේඛන ශෛල්‍ය ඉතා පහළ මට්ටමක තිබියදී සිතුවිලි පවුරට බදවා ගත්තේ ඇයිද?
    3) තමන්ගේ ලේඛකයන්ගේ ලිපිවලට කුණුහරුප කමෙන්ට් වැටුණු විට ඒවා ඉවත් නොකර දිගු වේලාවක් තබා එම අසභ්‍ය කමෙන්ටු වලට බැන වෙනත් අය එවන කමෙන්ටු ක්‍ෂණිකව ඉවත් කරන්නේ මන්ද?
    4) සිතුවිලි පවුරේ ඇඩ්මින්ගේ ලිපි හා කමෙන්ටුවල රෙස්ලින් කණ්ඩායමේ බාල ලේඛන ශෛලයේ සෙවනැල්ලක් පෙනෙන්නේ මන්ද?
    උදා - පහල ලිපියේ ඇඩ්මින් දමා ඇති කමෙන්ටුව බලන්න
    http://sithuwili-pawra.blogspot.com/2011/07/facebook-chat.html
    "තැන්කූ වේවා.. ඉතා වැදගත් පෝස්‍ටුවක්!"

    5) සිතුවිලි පවුරට ලේඛකයන් බදවා ගන්නා පෝරමයේ ස්වභාවය අනුව කොල්ලන් බල්ලන් ඕනෑම කෙනෙකුට ඊට සම්බන්ධ විය හැක.ඉවත් කළ රෙස්ලින් කණ්ඩායමේ අයට පවා වෙනත් ෆ්‍රොපයිල් වලින් නැවත ඊට සම්බන්ධ විය හැකි නොවේද?

    ReplyDelete
  100. This comment has been removed by the author.

    ReplyDelete
  101. ආදරනීය රෙස්ලිං මලේ . . . . .
    නිකං තියන *කේ අතිං අරං තියාගන්නවා කියන්නේ ඔන්න ඔය වගේ වැඩ වලටයි . . .

    ReplyDelete
  102. @JOTHISALANKA: අප මෙතෙක් කල් මේ පිළිබදව නිහඩ පිළිවෙතක් අනුගමනය කලෙත් ඔබ සහ තවත් කිහිප දෙනෙකු විසින් සිතුවිලි පවුරේ පලකල කොමෙන්‍ටු වාරණය කලේත් හුදෙක් සිතුවිලි පවුර ආරක්ෂා කරගැනීමට සහ බ්ලොග් අවකාශයේ සහෝදර කතෘවරු අතර ගැටලු පැන නැගීම නැවැත්වීමටය.
    නමුත් ඔබ වැන්නන් දිගින් දිගටම ගෙනයන පදනම් විරහිත චෝදනාවන්ට පිලිතුරු සැපයීමෙන් වැළකී සිටියහොත් සිතිවිලි පවුර පිළිබද අප්‍රසාදයක් ගොඩනැගිය හැකි බැවින් අප ඔබට මෙසේ පවසන්නම්
    මුලින්ම පැවසිය යුතු කාරණය නම් සිතුවිලි පවුරේ සිටින්නෙ එක් ඇඩ්මින් වරයෙකු නොවන බව.. සිතුවිලි පවුර ගැන ගන්නා ඕනෑම තීරණයක් එම ඇඩ්මින් වරුන්ගේ සහකතුවරුන්ගේ බහුතර මතයෙන් ගන්නා බව ඔබ නොදන්නවා ඇති.
    1)රෙස්ලින්.lk කණ්ඩායම සමග සිතුවිලි පවුරේ යම්කිසි සබදතාවයක් තිබුනා නම් ඒ ඔවුන්ගේ නමින් සිතුවිලි පවුරේ කතුවරයෙක් සිටි එක පමණි. නමුත් මේ පිලිබදව දැනගත් වහාම අප ඔහුව සිතුවිලි පවුරෙන් ඉවත් කිරීම සිදුකලා
    2) සිතුවිලි පවුර යනු යම්කිසි කොන්දේසි මාලාවක් යටතේ ලිපි ලිවිය හැකි බ්ලොගයක් උවත් පුලුල් පරාසයක ලිපි ලිවිය හැකි බ්ලොගයක්.. සිතුවිලි පවුරේ කොන්දේසි වලට අනුව රෙස්ලින් යනු අසභ්‍ය දෙයක්වත් යම්කිසි අයකුට මඩ ප්‍රහාර එල්ල කර හැකි ආකාරයක් වත් නොවන නිසා එම ලිපි සිතුවිලි පවුරට සුදුසු බවයි තීරණය උනේ. ඒ වගේම ඔබ සිතුවිලි පවුරේ අයදුම් පත්‍රය ඇති පි‍ටුව හොදින් කියවා ඇත්නම් ඔබට වැටහේවි ආධුනික බ්ලොග් කරුවන්ට අතදීම අපගේ මූලික අරමුණු වලින් එකක් බව.. එබැවින් ලේඛන ශෛලිය දුර්වල වීම අපට ගැටලුවක් නොවේ.. මන්ද අනික් අය එම දුර්වලතා පෙන්වා දෙන විට ඔහුට ඒවා හදුනා ගැනීමට සහ හදා ගැනීමට අවස්ථාව ලැබෙන නිසා.
    3) අප සතියේ දින 7හිම පැය විසිහතරෙහිම බ්ලොග් සමග ඇලී ගැලී ඉන්නවා යයි ඔබ සිතනවා ඇති. අපට තබා කිසිවෙකුටත් එසේ කිරීමට නොහැකි බව ඔබගේ ඔය මොළ ගෙඩියට තේරුම් නොයාම පිළිබද අපගේ බලවත් කණගා‍ටුව. සිතුවිලි පවුරේ අසභ්‍ය කොමෙන්‍ටු පලවූ බව දැනගත් සැනින් අප එය ඉවත් කිරීමට පියවර ගත්තෙමු. අවාසනාවකට මෙන් අප සියලුම කොමෙන්‍ටු මොඩරේට් කිරීමකට ලක් කලද බ්ලොගර් වල දෝෂයක් නිසා එම කොමෙන්‍ටුව ඇතුලු වෙනත් කොමෙන්‍ටු කිහිපයක් අපගේ අනුදැනුම රහිතව පල වී තිබුනි. එසේ පල උන අසභ්‍ය කොමෙන්‍ටු සමග ඒවාට විරෝධය පලකර දමා තිබූ කොමෙන්‍ටුද ඉවත් කිරීමට සිදුවූයේ සිතුවිලි පවුරේ ලියන පෝස්‍ටුවකට එවැනි ප්‍රතිචාර ලැබුන විට කතුවරයෙකුට ඇතිවන මානසික පසුබෑම වැළැක්වීම සදහා පමණි. ඒ හැර එසේ කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත් එසේ කිරීමෙන් සිතුවිලි පවුරට අයත් වන අමතර වාසියක් හෝ නොවන බවත් මොළයක් ඇති ඕනෑම කෙනෙකුට තේරුම් යන කාරණයක්.. ඒ වගේම ඔයා ඔය පෙන්නලා තියෙන කොමෙන්‍ටුවෙන් පැහැදිළි වෙන්නෙ පහත් රචනා විලාසයක් නෙමේ, සිතුවිලි පවුරේ ඇඩ්මින් කියා අනෙක් කතුවරු අතර වෙනසක් නැති බව හා සිතුවිලි පවුරේ ඇඩ්මින් සහ කතුවරු අතර සුහදත්වය

    4) සිතුවිලි පවුරේ ඇඩ්මින් බලතල සහිත පුද්ගලයනුත් මේ බ්ලොග් අවකාශේ කතුවරු.. ඔවුන්ට ඇඩ්මින් බලතල තිබුනා යැයි කියා කිසිදු උසස් බවක් හෝ වෙනනම තැනැක් ලබා දී නොතිබීම තමා සිතුවිලි පවුරේ සුවිශේෂීත්වය.. අප ඇඩ්මින් එකවුන්ට් එකක් පවත්වාගෙන යන්නෙ සිතුවිලි පවුරේ කතුවරු විසින් ගන්නා තීරණ නිවේදනය, සිතුවිලි පවුර පාඨකයා අතරට ගෙනයාම, සහ තීරණ ක්‍රියාත්මක කිරීමට පමණයි.. ඒ හැර අද වන තුරු සිතුවිලි පවුරේ ඇඩ්මින් බලතල සහිත පුද්ගලයන් කවුරුන්ද යන්නවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර නැහැ.

    5) මේ ගැන දැනටමත් සිතුවිලි පවුරේ කතුවරු අතර සාඛච්ඡා කෙරිලා හමාරයි.. ඒ වගේම මේ සදහා විසදුමකුත් සොයාගෙන තිබෙනවා.
    <<>>

    ReplyDelete
  103. මම හිතනවා දැන් ඔබගේ සියලු ප්‍රශ්ණ වලට පිළිතුලුරු ලැබුනා කියලා.. එහෙනම් මං ඔබ ගැන හිතන ටිකත් කියන්නම්.. ඉස්සෙල්ලම මං ඔබ සිතුවිලි පවුරට දමා තිබූ කොමෙන්‍ටුවක් පලකරන්නම්
    (("සිතුවිලි පවුරේ" එක්කෙනෙක් කරපු වරදට හැමෝටම දොස් අහන්න වුනානේ.මාරයා වුනත් ඔයගොල්ලො හැමෝටම දොස් කිව්වේ "සිතුවිලි පවුර" අඩවියට ලේඛකයන් තෝරා ගැනීමේදී කොල්ලොයි බල්ලොයි සේරම දා ගත්ත හින්දමයි.බලන්න මාරයාගේ පෝස්ට් එකෙන් උපුටා ගත්තු පල්ලෙහා ඡේද කීපය
    ---------------------------------------------------------------------
    "අනේ ඇස්වහක් කටවහක් නැහැ..අර කිව්ව බූරු පුත්තු ටිකක් කරන බ්ලොග් එකෙන්ම තමා කොමෙන්ටුව වැටිලා තියෙන්නේ.."
    ----------------------------------------------------------------------
    "ඇත්තටම ඔය බූරු පුතාලගේ බ්ලොග් අඩවිය ගැන පහුගිය කාලේ මහ හිරිකිත පුචාරණයක් දීගෙන ගියා..හැබැයි ඒ කරගෙන යන ප්‍රචාරණයේ තිබුණ මෝඩ ගතිය හින්දම මට තේරිලා තිබුන දෙයක් තමා ඒක කරන ළමයි එක්කෝ අවුරුදු 12-13 වගේ පොඩි උන් ටිකක් වෙන්න ඒන..එහෙමත් නැත්තං ඇඟ මොරපු ගානට මොලේ මෝරපු නැති බූරු පුතාලා ටිකක් වෙන්න ඕන කියන කාරණාව...

    කොහොම හරි අද උන්දලා ටික කොටාගෙන කොටාගෙන ගෙහුං කොටලා තියෙන්නේ කෙහෙල් ගහකට...ඔයිට කලින් ඔය වගේ කොමෙන්ට් කරන අය හිටියා..ඒත් ඒ එකෙක්වත් ලේසියට මෙච්චර මෝඩ විදියට මාට්ටු උනේ නැහැ...මේ මෝඩ පුත්තු ටිකනං ආයේ නැති වෙන්නම මාට්ටු උනා කියලා විතරයි මට කියන්න තියෙන්නේ..."
    -----------------------------------------------------------------------

    ඇත්තටම ඔයවගේ දෙයක් වුනහම මාරයාට විතරක් නෙවෙයි අපිටත් ඕගොල්ලන්ව පේන්නේ "සයිබර් අවකාශය තුල බූරු වන්නමක් නැටූ බූරු රැලක්" ලෙසම තමයි.
    දැන් බලන්න ඕගොල්ලන්ගෙ අඩවියට ලේඛකයන් බදවා ගන්න පෝරමයේ හැටි.දැන් ඔය කුනුහරුප කමෙන්ට් දාපු රෙස්ලින්ටම පුළුවන් වෙනින් එකවුන්ට් එකකින් ෆ්‍රොපයිල් එකක් හදාගෙන ආපසු ඔයාලගේ අඩවියට එන්න.ඇවිල්ල මුලින් හොද ලිපි කීපයක් දාලා එකපාරටම උබලා හැමෝටම කලින් කළා වගේ අසූචි ප්‍රහාරයක් එල්ල කරන්න.ඒක මේකට වඩා දරුණු වෙන්න පුළුවන්.ඒක අසූචි බෝම්බයක් වගේ වේවි කොච්චර හේදුවත් ඒ අසූචි ගද ඔබලා ගාවින් කාළයක් යනතුරු එවි. ))
    ඔබ මේ කොමෙන්‍ටුවේ සදහන් කරන විදියට මාරයා අයියා "බුරූ ‍රැලක්" කියල සදහන් කරල තිබෙන්නෙ අපි ගැන නොවේ.. රෙස්ලින්.lk කණ්ඩායම පිළිබදව.. මං මාරය අයියාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ බව මෙම බූරුවාට පැහැදිලි කර දෙන ලෙසට...

    ඒ වාගේම ඔබ මෙම ලිපියේ ඉහල පල කර ඇති කොමෙන්‍ටුවේ කියවෙන විදියට ඔබ ඉල්ලා සිටිනවා කතුවරුන්ට සිතුවිලි පවුරෙන් ඉවත් වන ලෙසට.. ඔබම පවසනා ආකාරයට සිතිවිලි පවුරේ ඇඩ්මින් පාලනයේ යම් වරදක් තිබෙනවානම් එය පිළිගෙන ඇඩ්මින් පාලනයෙන් ඉවත් වන්න අප සූදානම්.. කතුවරු ඉවත් වනවාට වඩා එයයි හොද..
    ඔබ ඉහල දාල තියෙන කොමෙන්ට් එකක කොටසක් මං උපුටගන්නම්
    ((ඇත්තටම මේ වගේ දේවල් ගැන සොයන්න කමෙන්ට් කරන්න ඇඟේ අමාරුවක් මටත් නෑ.ඒ වුනාට මම මේ කමෙන්ට් එක දාන්නේ හරි වගකීමෙන්))..

    ඔබ මෙහෙම කියනකොට මන් අහන්න කැමති මොකක්ද ඔබ ඔය කියන වගකීම.. ඔබට අවම වශයෙන් එකම එක සාක්කියක් වත් තියෙනවද රෙස්ලින්.lk සහ සිතුවිලි පවුරේ ඇඩ්මින් එක්කෙනෙක් යැයි කියන්න.. කොහොමත් තියෙන්නත් බෑ.. මොකද සිතුවිලි පවුරේ ඉන්නෙ එක ඇඩ්මින් කෙනෙක් නොවන නිසා..

    මේක ලියන මට තාම වයස අවුරුදු 20යි.. ඒත් මාරය අයියගේ පෝස්‍ටුව සහ කොමෙන්‍ටු වගේම උන දේවල් මොළයෙන් විමසා බැලුවම මට තේරුම් ගන්න පුලුවන් මොකක්ද මෙතන ඇත්ත කියලා, ඒක තේරුම් ගත්ත ඕන කෙනෙකුටත් තේරෙනවා ඇති ඔයා සිතුවිලි පවුර කඩා ඉහිරවන්න හදන විත්තිය.. ඒත් මතක තියාගන්න.. සිතුවිලි පවුර කියන්නෙ කතුවරු 100ක් බැම්මක්.. ඔහෙට 100 එක්ක හැරෙන්නවත් බැරි වෙයි.. ඒ නිසා ඔබගේ ඉරිසියාව සහ කුහක කම ප්‍රදර්ශනය නොකර වටිනා කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න කියල තමයි මට කියන්න තියෙන්නෙ

    ReplyDelete
  104. මුලින්ම කියන්න තියෙන්නේ මම වලිග පාගත්ත එකට සමාවෙන්න කියන එක.ඇත්තටම ආගන්තුකයා කමෙන්ට් එකේ කියල තිබුණා වගේ දෙයක් මටත් වුනා.සිතුවිලි පවුරේ ඉතා වැඩි කාලයක් තිබුණු කුණුහරුප කමෙන්ටුවකට බැන වැදී මා දැමූ කමෙන්ටුවක් ඉතාම අඩු කාලයකින් මැකී තිබුණා.(කුණුහරුප කමෙන්ටුව සමඟම)ඉතින් එහෙම වුනාම කාටත් සැක පහළ වෙනවනේ.(මගේ කමෙන්ටුව ඔයාලා වාරණය කරපු එකෙන් මගේ වැරදි වැටහීම තව වැඩිවුනා.)බූරු රැළ කියලා මාරයා කියල තියෙන්නේ ඔයාලා නොවන බව මාරයා මට ඒ වෙලාවෙම කිව්වා.එතකොට මම ඔය කමෙන්ට් එක දාලා තිබුණා.හැමෝවම අපිට වටිනවා.ඔයා ඒ ගැන කියල තිබුණ දේවල් මම පිළිගන්නවා.ඒත් මල්ලි ඔයා අර 100 බලය ගැන නොලිය හිටියානම් හොදයි.එතන කල්ලි වාදයක්, ඉදිමිච්ච කමක් නිරූපනය වෙනවා.බ්ලොග් ලියන අපි එක පවුලක් වගේ.අපි ලියන ඒවා වැඩි හරියක් බලන්නේ කියවන්නේ අපි අපිම තමයි.
    මගේ අතින් වැරැද්දක් වෙලා මම ඒක පිළිගත්ත බව පේන්න මේ කමෙන්ටු පේන්න තිබුණාවේ.මේ කමෙන්ටුවෙන් මම ඒක නිවැරදි කරන්නම්.ආ මේ ඇනෝ පිස්සගෙ කමෙන්ටු පටලවා ගන්න එපා.මාරයාඒවා සුද්ද කරලා දාවී.
    "සිතුවිලි පවුරට ජය"

    ReplyDelete
  105. මුලින්ම මමත් සහෝදරයගෙන් සමාව ඉල්ලා සිටිනවා.. මෙතන සිදුවෙලා තියෙන්නෙ වැරදි වැටහීමක්.. මගේ හිතට ගොඩක් අමාරුයි අන්තිමට මං කියල තිබ්බ ඒවා ගැන.. මට සමාව දෙන්න.. අපි හිතාගෙන හිටියෙ අයියා අපිව වට්ටන්න මෙහෙම කරනව කියලා.. ඒකයි දුකටම ඒවා ලිව්වෙ.. සමාවෙන්න නැවත වාරයක්.. අපිත් කැමති නෑ අයියා බ්ලොග් අවකාශෙ අය කල්ලි ගැහෙනවට.. අයියා මගේ ඇත්ත නම හරි බ්ලොග් එක හරි දන්නවනම් මං මේ කල්ලි ගැහෙන එකට කොච්චර විරුද්ධද කියල දැනගන්න පුලුවන්..ඒත් මට ඒක කියන්න බෑනේ.. අපිට සිතුවිලි පවුර 100කට සීමා කරන්න උනේ බ්ලොගර් වල එක බ්ලොග් එකකට ඉන්න පුලුවන් උපරිම කතුවරු ගාන 100ක් නිසා.. නැත්තම් මේ බ්ලොග් එක 100න් අපි කවදාවත් නවත්තන්නෙ නෑ.. අයියාව ගැන මට බ්ලොග් වලට ආපු දවස් වල ඉදලම ලොකු පැහැදීමක් තිබ්බ.. ඒත් මෙ උන සිද්ධි වලින් ඒක නැති වෙලා ඊට වඩා හොද පැහැදීමක් ඇති උනා.. නැවත වාරයක් සමාව ඉල්ලා සිටිනවා.. සිදුවුන දේවල් අමතක කරලා අපි හොද බ්ලොග් සහෘදයෝ වෙමු!

    ReplyDelete
  106. අවසානයේ තවත් සොඳුරු නිමාවක් වුනා , අපි කවුරුත් අපේ අඩු පාඩු හදාගෙන නිවැරදිව මේ සිංහල බ්ලොග් අවකාශය , ඉදිරියට ගෙනයමු , මොකද සිංහල බ්ලොග් සම්පත තියෙන්නේ ශ්‍රී ලාංකීය අපි වෙනුවෙන් එය පවත්වා ගත යුත්තෙත් අපිමයි ,කිසිම විටක ඉන්දියන් ජාතිකයෙක් හරි අමෙරිකානු ජාතිකයෙක් හරි සිංහල බ්ලොග් නිර්මාණ කරන එකක් නැහැ , කළත් අතිශ්‍ය සීමිත අවස්ථාවක් වේවි , ඉතින් අපි හැමෝම සාර්ථක සිංහල බිලොග් කළාවක් නිර්මාණය කරමු , තමන්ටම වරද හදුනාගන්නට අපහසු විටකදි වෙනත් අයෙක් ඒ වරද පෙන්වා දෙත්දි අපිට පුළුවන් නම් අපේ වරද හදුනාගන්න , නිවැරදි වෙන්න , කොයි තරම් සුන්දරද ?

    ReplyDelete
  107. අහෝ රෙස්ලින්....
    නොදිටි මොඛ්පුර.. ...

    ReplyDelete
  108. ඔය රෙස්ලින්.lk කරන්නෙනම් පිස්සෙක් තමයි... නටපු නාඩගම එලිවෙනවට තාව එක එක සෙල්ලන් පෙන්නනවා... රෙස්ලින් කොල්ලෝ... උබ ඇවිත් අපේ ගෙදර ඉස්ස්‍රහ හෙලුවෙන් නැටුවම අපි කරන්නෙ ගෙදර දොර වහන එකයි.... මිනිස්සු ගල්ගහන්නෙ උඹටයි.......

    ඇත්තටම් මේ වගේ එවුන් බ්ලොග් අවකාශයෙන් එලවන්න විදියක් නැද්ද ?

    ReplyDelete
  109. මාරෙ...

    උඹ මේ කරපු වැඩේ වටින්නෙ මෙතෙන්ට විතරක් නෙමෙයි... ඉස්සරහට ඔය වගේ ගොන්පාට් දාන්න හිතාගෙන ඉන්න ගොං පැටවුන්ටත් මේක හොඳ පාඩමක්...

    //ඇත්තටම් මේ වගේ එවුන් බ්ලොග් අවකාශයෙන් එලවන්න විදියක් නැද්ද ?//

    පොඩි මෑන් කියන මේ කතාව නම් හිතන්න වටින වැඩක්...

    ReplyDelete
  110. දන්න කියන කෙනෙක්July 23, 2011 at 6:02 PM

    මම රෙස්ලින්.lk බ්ලොග් එක පැත්තේ ගියා. ඒකේ නිතර භාවිතා වෙලා තියෙන වචනයක් තමයි "බොලොගය".
    හොඳින් නිරීක්ෂණය කරන කෙනෙකුට ඒකෙනුත් සෑහෙන්න දේවල් හොයාගන්න පුලුවනි.

    ReplyDelete
  111. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  112. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  113. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  114. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  115. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  116. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  117. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  118. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  119. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  120. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  121. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  122. දැන් යන්න බැනේ
    http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  123. සිරාවටම මාරයියා මට හිතෙන්නෙ මු මේ වැඩේ හරහා ප්‍රසිද්දියක් ගන්න ගියා කියලා. කොහොමහරි අන්තිමට කෙලවුනා. දන් ඒ බොග් එක නැ. මටත් ඊයේ ටිකක් ඔය වගේ ඇනෝ කමෙන්ට් එකක් තිබුනා. ඔය වගේ වුන් අතුගාලම දාන්න ඕනෙ බ්ලොග් අවකාශයෙන්ම........

    ReplyDelete
  124. ෂිකට ෂිකේ...
    රෙස්ලින් සරමක් ඇදගෙන සරමෙ යට වාටිය උඩට අරන් ඔලුව හංග ගත්තා වගේ වැඩනේ කරලා තියෙන්නේ.... චී..... කියලා හිතෙනවානේ...

    ReplyDelete
  125. අම්මා මේ රෙස්ලින් සින් එක කරේ මම ම්ට අවුරුදු3 කට කලින් මගේ වයස එදා අවු17 අද වයස අවු 20 දැන් මෙක කියවද්දි මට හිනාත් ගියා එදා මම කියපු බොරු ව්ලට හැබැයි එදා ඉදලා මම ආසාවටවත් කුනුහරුපයක් ලියුවේ නැ මේක ආයේ බලද්දි මට දුක හිතුනා එදා මොනවා කරන්නද මුකුත් තෙරෙන්නේ නැති කාලනේ මොනවා උනත් මේ කරපු වැඩේට මට සමාව දෙන්න

    ReplyDelete