03 August 2011

බූලාගේ චාරිකා අංක-01..ලියන්නේ මාරයා...


අනේ අම්මෝ මට වෙච්ච හරියක්...කොහොම තිබුන බ්ලොග් එකක්ද මේ අම්බලමක් ගානට ගියේ...දවස් ගානකින් මොකුත්ම ලියලා නැහැ... ලියන්න ඕන කම තිබුනත් ඒකට වෙලාවක් නැතිව හිටියේ...

කස්ටිය දන්නවනේ පහු ගිය දවස් ටිකේ මං හෙන රස්තියාදුවක් ගැහැවුවා කියලා..කොහොමින් කොහොම හරි රට වටේ ගෙහුන් ඊයේ (02 වැනිදා) පාන්දර 01.10 ට මං ගෙදරට කඩන් පාත් උනා..ඇත්තටම එන්න හිටියේ ඊයේ හවස් අතේ..ඒත් නොවැලක්විය හේතුවක් මත ටිකක් කලින් මට ගමන අවසන් කරන්න උනා.

හරි මං මුලින්ම පටන් ගන්නංකෝ මගේ පළමු සංචාරය ගැන...

මං මුලින්ම..අහ් වැරදියි..අපි..ඔව් අපි මුලින්ම ගියේ..ආ නැහැ නැහැ මුලින්ම මං තමා..මංතුමා 29 වැනිදා සවස් ජාමේ වේයන්ගොඩ දුම්රිය පොලෙන් රේල්ලුවක නැගිලා ගියා නෙව කොඹළ දුම්රිය ඉස්තානෙට..ඒ යනකොට වෙලාව හවස හයට විතර ඇති..ඊට පස්සේ තමා අපි උනේ..හපොයි මං යනකොටත් අර වසවර්තියෝ රැල එතනට ඇවිදින් නෙව එක දූතිකාවක් ඇර... මං ගෙහුන් ටික වෙලාවකින් ඒ අඩු වෙලා හිටිය මන මෝහිනීත් කඩං පාත් උනා...

ආ ඒ වෙනකොට එතන හිටියා තව සෙට් එකක්..

ලොං හැළුණ පූසෙක්...
කූඹියෙක්..
ගෝරිල්ලෙක්..සහ සර්කිට් එක අප්ෂැට් ගහපු මැඩොම් කෙනෙක්...

ඉතිං අවසානෙට ආව අර මෝහිනී නංගියි අති උත්තම මංතුමයි ඇතුළුව හය දෙනෙක් තමා මේ ගමනට සැට් වෙලා හිටියේ...ආ ඔය උඩ තියෙන පින්තූරේ ඉන්න පිලිවෙලට කිව්වොත් වමේ සිට දකුණට...
ගෝරිල්ලාස්..ලොං නැති පූෂා..මංතුමා..මැඩම් අප්ෂැට් සර්කිට්...මෝහීනී...කුහුඹුවා...පැහැදිලිනේ කස්ටියට...

හයක් කිව්වට මොකද හරියට පණහක් හැටක් ගියා වගේ තමා... ඒ තරමට අප්සැට් ජොකියෝ රැලක් මේ සැට්වෙලා හිටියේ...කොහොම හරි කෝච්චිය තිබුනේ රෑ 08.30 ට නෙව..එතකල් කාලේ ගත කොරන්න කියලා අපි ගියා තොප්පි ටිකක් හොයා ගන්ටය කියලා..ඒ ගෙහුන් අර පිට ඔටුවේ හිටිය තොප්පි කඩ කාරයෝ කීප දෙනෙකුට වාත වෙවී හිටියා නෙව..කොහොම හරි අවසානේදී උන්ව වාත කරපු වාත කිරිල්ලට හරියන්ටත් එක්ක ඒ එක තොප්පි වෙළෙන්දෙක් අපිට රුපියල් සීයේ කැප් තොප්පි හයක් එකක් තුන්ෂීය ගානේ විකුණුවා..ඔඳ වැඩේ උන්ව බයිට් කොරන්න ගියාට...මං හිතන්නේ ඒ අර වඳුරන්ට තොප්පි විසි කරපු වෙළෙන්දගේ පරම්පරාවේ එකෙක්ද කොහේද..? නැත්තං හරියටම අපිව අඳුර ගනීයෑ අර ගහේ හිටිය කෂ්ටියගේ මී මුණුපුරෝ ෂැට් එක කියලා...

කොහොමින් කොහොම හරි ඒ රටක් වටින තොප්පි ටිකත් දාගෙන අපි මංගැච්චුවා ආයේමත් ඉස්ටේසම ඇතුලට...හැබැයි මට වගේම අපේ අනිත් එවුවන්ටත් හරි ෂතුටුයි මොකද තොප්පියක් දාන්න හරි ඔළුවක් කියලා එකක් තිබුන එක ගැන...හා හා එහෙම කිව්ව ගමන් මං දන්නවා දැන් බොලාලා මගෙන් අහනවා අර ඉහළ තියෙන පොටෝවේ මංතුමා ඇයි තොප්පිය දාගෙන නැත්තේ කියලා.. එහෙම හි‍ටියේ ආයුබෝවන්ඩ මගේ රටක් වටින අර සිරියාවන්ත මූණු පොඩ්ඩ ඔහෙලට පෙන්නන්ට..එහෙම නැතිව මට තොප්පිය දාන්ට ඔළුවක් නැති හින්දයි කියලනං හිතන්ට එපා..එහෙම හිතුවත් කියන්ට එපා ඕං...

ඉතිං එහෙම ඉස්ටේසමට ඇවිත් කාත් කවුරුවත් නැති හරියකට ගෙහුන් අපි පටන් ගත්තා අපේ පළමු ප්‍රහාරය..ඒ කිව්වේ අර මෝහිනී ගෙනත් තිබුන නූඩ්ල්ස් දෙක තුනට වග කියන්න..අපරාදේ කියන්න බැහැ එකෙක් ඇර අනිත් පස් දෙනාම වැල ගෙඩියට වහපු කපුටෝ රැල වගේ නූඩ්ල්ස් ටික වාස්ප කලා..ආ දැන් අහන්ටකෝ ඇයි එකෙක් ඇර කිව්වේ කියලා.. එහෙම කියන්ට හේතුව තමා අර ගෝරිල්ලා මල්ලි වෙජිටේරියන් ගෝරිල්ලෙක් වීම..ඒ හින්දා ඒකා ගෙනත් තිබුන පාන් පෙති ටිකක් කිඹුලා කිරි මැටි ගිලින්නැහේ උගුරට බස්සනවා මං දැක්කා..

හැබැයි අපරාදේ කියන්ට බැහැ ඔය වෙජිටේරියන් ගෝරිල්ල අනුරාජපුරේදී චිකන් ප්‍රයිඩ් රයිස් වගයක්නං උගුරට හොරා බඩට බස්සනවත් අපි බලාගෙන උන්නා..ඒකා මස් නොකන මස් හොඳි විතරක් කන ජාතියේ නිර්මාංෂික ගෝරිල්ලෙක් වග මං තේරුං ගත්තේ ඒ වෙලාවේ තමා...

හරි කොහොමින් කොහොම හරි පලවෙනි වටේ අවසන් කොරලා අපි බණ්ඩිය පුරවගෙන වතුර ටිකක් එහෙම බීලා ලකලෑස්ති උනා කොච්චියේ එල්ලෙන්ට...

අනේ අපේ අර ලොං හැලිච්ච පූෂා අපිට කලින් කියලා තිබුනේ දැනට ලංකාවේ තියෙන ඉස්පැෂොල්ම කෝච්චිය තමා අපේ ගමනට සූජානං කොරලා තියෙන්නේ කියලා..අනේ ඒ ඉස්පැෂොල් කම කොහොම උනත් සුද්දා ලංකාව දාලා ගිය අවදියේ හරි සමහර විට ඊටත් කලින් අර ශ්‍රී වික්‍රම රාජසිංහ රාජසිංහ රජ්ජුරුවොත් පාවිච්චි කොලයි කියලා හිතන්ට ඇහැකි ජාතියේ පස්ට පරණ කෝච්චියක් නෙව අන්තිමට අපට ලැබුනේ..පූෂා නෙවෙයි ඒක දැකලා මීක් කිව්වේ...

කොහොමින් හරි ඔන්න අපි හරි බරි ගැහිලා වාඩි උනා කියමුකෝ..මෙන්න කෝච්චිය පස්සෙන් පස්සට යනවා කියලා අපේ එවුවෝ බෙරිහන් දෙන්ට තිබා ගත්තා..යන්තං කෝච්චි වල පෙට්ටි පිහිටලා තියෙන විදිය කියලා දීලා මේකලාගේ කටවල් ටික ෂීල් කොරලා දාගෙන ගමන යන්ට තිබා ගත්තේ බොහෝම මහන්සි වෙලා ආයිබෝං...

ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි අපි පාන්දර 3ට විනාඩියක් තියලා වව්නියාව ඉස්ටේසමෙට ලගා උනා..ආ ඒ අතර මගදී වෙච්ච සංගදිනං එමටයි..ලොකුම විපත්තිය උනේ මං තුමාට තමා..ඒකට හේතුව උනේ අර ලොං නැතිහොරිකඩ පූෂාගේ සහ මහ දඩ ඇඟක් තිබ්බට කාන්තාරෙට තුත්තිරි ගස් වගේ යන්තං එහෙං මෙහෙං මිසක් හරි හමන් විදියට ලොං ගහක් නොතිබ්බ අර ගෝරිල්ලාගේ පැහැදිලි ඉරිසියාවට මංතුමා ලක් වීම තමා..මුං දෙන්නට මගේ මේ ශ්‍රී ශරීරය පුරාවට යහමින් වැවිලා තිබ්බ රෝම ධාතුව දැක්ක වෙලේ ඉඳන් ඉරිසියාව ඉස්මුරුත්තාවට ඇවිදින් යන දිගට මගේ රෝමයන් එකින් එක ගැලෙව්වා කියමුකෝ..ඒකටම හරියව අර මැඩම් අප්ෂැට්..උන්දැත් ඕවට බොහෝම කැමැත්තෙන් උල්පන්දං දුන්නා නෙව..කොහොම හරි උන්දලා තුන් දෙනාම මගේ රෝම ධාතූන් ගෙවල්වලට අරන් ගියා කියලා පෂ්ෂේ තමා හරියටම දැන ගත්තේ.. අම්මපා මුං ඒවා නිධන් කොරලා වෙහෙ බඳීද..නැත්තං වෙන මොනවා හරි ගුරුකොමක්වත් කොරයිද කියලා මං තාමත් කල්පනා කොරනවා..මොනවා කොලහම මයේ මොකද..?

ඒ විතරක්යෑ..ඔය රෝම ඉගිලීමේ වියාප්පුරුතිය යන අස්සේ මගේ ශ්‍රී මුඛයෙන් පිට වෙච්ච සුමිහිරි නාද මාලාව අහලා අපේ එහා පැත්තෙන් ගිය අපත පෙනුමක් ඇති බුවා සහ ඒකාගේ බුවී අපිව පණ පිටින් වළඳන්ට වගේ රෑ පුරාවටම හෙළපු ආදරනීය බැල්ම ගැනත් කියන්ටම ඕන..ඌ හිතන්ට ඇති අපි බය වෙයි කියලා..හැබැයි මං අර වගේ මිහිරි ස්වර නිකුත් කරන්නට කරන්ට අර බුවා සහ බුවී හරියට නිකං කහඹිළියා ගැවිච්ච මොකුන්ද වගේ අපි පැත්තට හෙලන ඇල්ම බැල්ම වැඩි වෙන්ට වෙන්ට අපේ පූෂයි මැඩම් අප්ෂැටුයි මට කොරන හිංසා පීඩා තරමක් අඩු කෙරුවා..මාත් ඒ තත්වය හොඳට තේරුං අරං මගේ රෝම ධාතුවට අත තියන වාරයක් වාරයක් පසා මහ හඩින් මගේ ස්වර පරාසයන් මුදා හැරියා..එහෙම නොකලනං අද මේ වෙනකොට මගේ ඇගේ බෙහෙතකටවත් මයිල් ගහක් හොයා ගන්ට වෙන්නේ නැහැ..මගේ අර ඉස්තානෝචිත මෙව්ව එක හින්දම හොඳයි නේද මෙයාලා..?

හරි හරි ඔන්න ඔහොම අපි ආවානේ වව්නියාවට..ආ අවට විස්තරද..ඒවා අහන්ට එපා..අර පට්ට කරුවලේ මොන අවට දර්ශනද..?අපි ඉතිං කෑ ගගහා පොටෝ ගගහා හිටි හැටියේ කුකුළත් ගගහා ආවා...

දැන් තමා හොඳම හරිය...පාන්දර තුනට වව්නියාවේ අහවල් එකක් බලන්ටද..?හොඳ වෙලාවට මං යමින් ගමන් අපේ හය දෙනාටම සෑහෙන්ට මීටර් දෙකේ ඉටි රෙදි කෑලි 6ක් ගෙනිහුං තිබුනේ..වෙනදටනං මං ගෙනියන්නේ සිළුමිණ පත්තරයක් තමා..ඒත් මේ පිස්සු හුටංලට එහෙම දොයියන්ට ඇහැකි වේවිද කියලා විස්වාස කොරන්ට අමාරු හින්දා කෝකටත් කියලා අරෙහෙම ගෙනිච්චා..දැන් මොකක් කොරන්ටද ඉතිං පාන්දර 3ට වව්නියාව ඉස්ටේසමේ ෆ්ලැට් ෆෝම් එකේ කෙරවලේ අර දූවිලි ගොඩේ... හිඟන පැටව් ටික වගේ අපි හය දෙනා දොයි...මොන සෝක්ද අප්පා..බිම තියෙන චූටි චූටි ගල් කැට ඇනි ඇනි..තාරුකා වියන යට පුදුම ෂනීපෙට නිදා ගත්තා නෙව..ආ ඒ විතරක්යෑ..ඒ මදිවට අර අප්ෂැට් මැඩොම් ගෙනල්ලා තිබුන චොකලට් වගයකුත් බෙදුවේ ඒ වෙලාවේ නෙව..හිතලා බලන්ටකෝ පාන්දර 3ට චොකලට් කකා වැලි ගොඩේ දොයියන වැදගත් නෝනාලා සහ මහත්තුරු ටිකක් ගැන...

අනේ ඉතිං මට සැරෙන් සැරේට ඇහෙනවා පේනවා අහල පහල ඉන්න බලු තඩියෝ එහෙම ඇවිත් අපිව ඉව කොරලා යන හැටි එහෙමත්..අපරාදේ කියන්ට බැහැ උන් එකෙක්වත් අපිට කරදර කොලේ නැහැ...ඒ අස්සේ ඉස්ටේසම හරහා යන අහල පහල බුවාලා කම්පා වෙච්ච දෑසින් යුක්තව බැළුම් හෙලමින් යනවත් මං දැක්කා..ආ තව එතන තිබුන සුදු මල් ගස් පේලියක මල් කඩන්න ආව වයසක මනුස්සයෙක් අපේ ඇගවල් උඩින් පැන පැන ගෙහුන් මල් ගස් හූරනවත් මං බලාගෙන උන්නා.. ඔන්න ඔහොම හරි වැදගත් විදියට තමා අපේ චාරිකාව ආරම්භ උනේ...

ඉතිං මේක කියවන ඔයාලා මේක එක හුස්මට කියවයිද කියලා මං දන්නේ නැහැ..ඒත් ලියන මටනං එක හුෂ්මට ලියන්න අමාරුයි... ඒ හින්දා අපි ඊ ළග කොටෂකින් ඉතිරි හරිය බලමු..ඒත් සමහර විට ඒ හරිය නොලිය වෙන්නත් ඉඩ තියේ..හැබැයි එහෙම දෙයක් උනොත් ඔහේලා දැන ගන්න ඕන ඒකට හේතුව අර හොරිකඩ පූෂා සහ මැඩොම් අප්ෂෙට්ගේ මාධ්‍ය මර්ධනයට මගේ ලිවීමේ අයිතිය යට උනා කියන කාරණාව..ඕං කිව්වා...

ආ ‍එහෙම නොවුනොත් තව කියන්ට හුගාක් විස්තර තියේ මං ගාව...ඔය ගමන විතරක් නෙවෙයි මගේ ඊ ළග ගමන ගැනත් කෙටි සටහනක් හරි තියන්ට ඕන..ආ ඒ විතරක් නෙවෙයි ඒ චාරිකාව අතරතුරෙදී පැයට කිලෝමීටර් හැට පන්නලා යන බයිසි මොටෝ එකේ සිට මංතුමා ගත්ත අපූරූ ඡායාරූප කිහිපයකුත් ඔහේලට බලන්ට දෙන්න තමා මං හිතං ඉන්නේ... එහෙනං..සෙස්ස පස්සට කිව්වා මෙන්න මං කැපුනා...

ආ තවත් එකක් ඔය මාත්තුරුකාවේ ඉන්න බූලා වෙන කවුරුවත් නෙවෙයි අර හොරිකඩ පූෂා සහ අප්ෂැට් සර්කිට් මැඩම් විසින් මට චාරිකාවේදී ආමණ්ත්‍රණය කල ආදරණීය නාමය තමා "බූලා"....ඉතිං උන්දලාට ගෞරවයක් පිණීස මං එහෙමම මේ චාරිකාවට නම තිබ්බා ආයිබෝං... කමක් නැහැ නේද..?



48 comments:

  1. යකෝ එහෙනම් මාර තුමත් චාරිකාවක් ගොහින් නොවැ :DDD

    ReplyDelete
  2. @වැප්...

    ඔව් වැප්ස් බොලා මීමුරේ කන කොට මං වව්නියාවේ ඉඳලා ඕමන්තෙට යනකල් කෑවා..:D

    ReplyDelete
  3. මාරයාටම හරියන වසවර්තී මාරයෝ සහ අපායේ අලුත් දඩුවම නිදාගැනීමට නොදී මවිල් ගැලවීම...හික්...හික්...
    වව්නියාවෙ උන් බලන්න ඇති කවුද මේ අලුතින් ආපු හිඟන්නො ටික කියල...
    දැන් නම් මයෙහිතේ බූලා කියන්න බැරුව ඇති නේද...

    ReplyDelete
  4. පොස්ට් ටයිටල් එක "මාර චාරිකා අංක 1" උනොත් මොකද :D

    ReplyDelete
  5. මාරයිනේ . හරිම රසවත් . එක හුස්මට කියෙව්වා . දැන් ඔව්වෝ ටික ඉතුරු බුල් ටිකත් ගලවයි මේක කියවල .

    ReplyDelete
  6. හපොයි ..පන පිටින් ආපු එකත් මදෑ...

    ඉස්සර නම් කෝච්චි වල පොකට් ගහන් සීන් විතරයි තිබුනෙ,...දැන් ඉන්න එවුන් රෝම කූපත් ගලවනවනෙ...( හැබෑටම කොයි හරියෙන්ද ඕවා ගලවන්නෙ....
    -
    -
    -

    මම කිව්වෙ කුරුනෑගල පහු වුනා ම හරි පාලුයිනෙ,,, හික්ස් )

    ReplyDelete
  7. බූලා :D හා හා මාරයියා ආසයි වගේ :D

    ReplyDelete
  8. බූලා බලාගෙන හිටු.. මම දානවා ඇත්ත කතන්දරේ.. ගිහින් එනකම්ම මග දිගට බූලා කෙල්ලොන්ට පැණි හල හල ගිය හැටි හැර ඉතුරු විස්තරේ ඔක්කොම කියල බ්ලොග් පෝස්ට් එකක් දානවා...

    ReplyDelete
  9. වව්නියාවෙ දුම්රියපොලක අන්ත අසරණ වූ මාර බූලාගෙ අතිදුර්ලභ ජායා රූප කිහිපයක්


    http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/250269_2227454215549_1523619897_2385760_2186967_n.jpg


    http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/223004_2227453455530_1523619897_2385759_7206158_n.jpg

    ReplyDelete
  10. කට්ටිය සවාරියක් ඇදලා වගේ .. එහෙනම් ගත්තු ෆොටෝ ටික ඔය පේන තැනකින් එල්ලන්න බලන්න ..

    @පුෂා = ඇයි බං මාරේ අයියගේ බූල් ගැලෙවුවේ ?

    ReplyDelete
  11. ඔලුවෙ කෙස් ටික ඉතුරු උන එක පුදුමයි..........

    ReplyDelete
  12. බූලා තවම පරිණාමය වෙලා නැහැ.හෝමෝ ඉරෙක්ටස් වගේ නිකම්.. ඒකයි ඔච්චර බූල්.. අපි හැදුවෙ බූලානන්දව මනුස්සයෙක් කරන්න.

    ReplyDelete
  13. අර බලු තඩිය කට්ටිය නිදා ඉන්න තැන සිමා මායිම් ලකුණු කරන්න හෙම හැදුවෙ නැද්ද...

    ..............

    දොස්තර නෝන කියපු ඉට්ටේසං කතාව සැටමෝල් උනේ දැනුයි...

    ReplyDelete
  14. මාරයාට මාර දඩුවම.. ---> මයිල් ගැලවීම :)
    ඉතුරු ටිකත් ලියමු බලන්ඩ..

    ReplyDelete
  15. ඔවාට ඉතින් මේ අපි වාගේ කස්ට්යටත් කියුවානම් එනවානේ අනිත් ට්‍රිප යද්දි පොඩ් ඇඩ් පාරක් දැම්මනම් අපිත් නැව්ත් ඉන්නේ..නැ,,,
    ලිපියේ ඉතුරු ට්කත් ඉක්මනට දැම්මනම්.....

    ReplyDelete
  16. යකෝ මුන් සේරම හතර වටේ යනවා. මම යනවා වාගැටේ. එකෙක් එන්න එපා. මම තනියම යන්නේ.

    ReplyDelete
  17. මූ දවස් දෙක තුනට හෙනට ඇදිලා ගිහින් වගේ

    ReplyDelete
  18. අනුරාජපුරේදී චිකන් "ප්‍රයිඩ් රයිස්" වගයක්නං උගුරට හොරා බඩට

    මාරයා මල්ලි, ඔය කියන "ආඩම්බර බත්" අනුරාජපුරේ පැත්තෙ විතරද තියෙන්නෙ? හෙහ්..හෙහ්..හෙහ්..

    ReplyDelete
  19. @ප්‍රසංග...

    බූලා තියා දැන් පාන් කියා ගන්නත් බැරි තරං..ආ හිඟන්නෝ කිව්වම මතක් උනේ..අපි එහෙ ගෙහුං හිඟා කාපු හැටිත් තියේ..මං ඒවත් දාඤ්ඤංකෝ..:D

    @ChammA...

    එහෙමත් දාන්ට තිබ්බා..ඒත් මේක මේ මගේ ගමනක් විතරක් නෙවී නොවැ..ඒ හින්දා අරුංදලාගේ ඉල්ලීමට ඉඩ දුන්නා..

    @Bindi...

    අනේ බින්දි..ඔයා හරී ඔඳා අප්පා..එක හුෂ්මටම කියවලනේ..බූල් නෙවී අන්න අරුං ටික මගේ රෙදිත් ගලවන්ට පැලෑන් කොරනවළු..

    @Luckey...

    අනේ අම්මේ..ඔහොමත් පුරස්න අහනවද..?

    කොයි හරියෙද කියලා හරියටම කියන්ට විදියක් නැහැ මොකද අපි ගියේ කළුවරේනේ..:D

    @පූසා...

    අඩේ පූසා..දුප් දුප්..මට මේ දවස්වල පූසෝ පෙන්නන්ට බැහැ...

    ReplyDelete
  20. පළපුරුදු මයිල් ගලවන්නෝ සමග නිදිලස්‌ චාරිකා...

    ReplyDelete
  21. @සරදියෙල්...

    ඇහ් මේ මොකද සරදියෙල් කුලප්පු වෙලා...?

    @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා...

    අර මොකක්ද එකට පූෂොත් සාක්කිළු... බොහෝම තැන්කූ කිව්වා මගේ ඊ ළග පෝස්ට් එකට පොටෝ ටික දුන්නට..

    ReplyDelete
  22. @හිස් අහස...

    ආයෙත් අහලා..මං මේ උඹ බලන්ට එන්ට කියලා හිතං ඉන්න අතරේ නෙව මේ ගමනට සැට් උනේ..හිටිංකෝ ආයෙම වංගියක් ඔය පැත්තෙත් ඇවිත් යන්ට...

    @Gimhani...

    අම්මපා ඇත්ත..හොඳ වෙලාවට ගලවන්ට තරං කෙස් දැන් මයේ ඉහේ නැතිවා...

    @සරදියෙල්...

    මෙන්න ආයේ වංගියක් මේ සරදියල් කුලප්පු වෙලා...මේ ඒක නෙවේ සරදියෙල් උන්නැහේ..නරකද ඔය නම ටිකක් කෙටි කලොත්..නිකං මේ "සරා" වගේ ඕනනං අපිට මල්සරා කියලා කියන්නත් ඇහැකි එතකොට..සමහරුනං සරාඟී සරා කියන්නත් ඇහැකි..අපි ඉතිං ඒ ගැන මුකුත් නොකියා ඉමුකෝ නේද..?

    ReplyDelete
  23. බූලා... මරු නම...

    බූලා බූලා බූලා බූලා බූලා බූලා

    ReplyDelete
  24. @සපතේරු උන්නැහේ...

    හොඳ පුරස්නයක්...මමත් එහෙම හිතුවා..ඒත් පස්සේ දැන ගත්තේ අපේ ගෝරිල්ලා හිටිය හින්දා තමා බව්වෝ එහෙම නොකර ගෙහුං තියෙන්නේ...
    ආ මං හිතන්නේ අර නෝනා ඔය කතාව දැනගෙන මට මඩ ගහන්න තමා එහෙම කියලා තිබුනේ...උන්දෑ ගහයි අපිට මඩ..:D (අපිම ඇඳගෙන නානකොට)

    @නාකියා...

    බලමු බලමු..අද දාඤ්ඤං දෙවෙනි කොටහත්...

    @වේලාව ලගයි...

    පික්ෂූ කතා කරනවා..හය දෙනෙකුත් ගමනට බොහෝම වැඩියි..ඊ ළග පාරනං තවත් කෂ්ටිය අඩු කරන්ට ඕන..හයක් ගිහින් මට දුන්න වදවල හැටියට තව වැඩි උනොත් මාව හමත් ගහයි...

    @සුපර්...

    කොහේද අඩා ඒ ගැටේ තියෙන්නේ..?

    ReplyDelete
  25. @ItalyDilan...

    උඹට විතරයි බං ඒ බව තේරුනේ...බලහං මං ඇදීලා ගෙහුන්...
    කෝහේද මුං කන්ට බොන්ටවත් දුන්න එකක්යෑ..

    @Observer...

    හපොයි මේ ඔබා අයියනං..මාවම කාපිය...
    pride නෙවෙයි බොල අයියේ fried
    (දැන් එකෙත් වරදක් අල්ල ගනීද මංදා..ආයේනං අහන්න එපා..ඔය වචන දෙක අමුණ ගත්තෙත් බොහෝම අමාරුවෙන් හරිද..:D)

    ReplyDelete
  26. @ඉඳුනිල්...

    අයේත් අහලා..නිදිලස් විතරක්නං මදෑ..කෑමලස්..එතකොට බස්ලස්..ඔහොම හුගක් ලස් ලස්ම තමා..ඇති මෙහෙම ඉන්නවා..

    @සෝරෝ...

    අනේ බොල අස්ප ගුඩුං..හිටුකෝ ඊ ළග වතාවේ තෝවත් කුදලං යනවා කොහොම හරි...ඊට පස්සේ බැළියැකි බොට වෙන දේ..

    ReplyDelete
  27. මාර මලේ,
    හිටියේ නැතැයි හොඳ ලස්සන කළු තංගච්චිලා එහෙම?

    ReplyDelete
  28. දුම්රියේදී මාරයාගේ මයිල් ගැලවීම වැනි අති බිහිසුනු දර්ශණයක් දැකීමට අපත බුවා සහ බුවී පින් කර තිබුනේද?

    දැන් ඉතිං ඉතුරු කොටහත් ලියමු.

    ReplyDelete
  29. හික්ස්.....අර මාරයියගේ එහා පැත්තේ මාරු කාසි වගයක් තියෙන්නේ....කවුරු හරි දාල ගිහින්ද......
    අර ගලවපු රෝම වලට මොන හරි කරයිද දන්නෙත් නෑ...හික්ස්...පරිස්සම කෙසේ වෙතත් ගිහින් ආවනේ...

    ReplyDelete
  30. හබෑට ඔය මවිල් ගැලෙව්වෙ මොකටද හවරි ගොතන්නද දන්නේ නෑ..

    ReplyDelete
  31. අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉතුරු ටික කියවන්න....

    ReplyDelete
  32. මාරය චොකලට් කාපු හැටි හිතාගත්තහැකි ෂොපිං කවරයක් පුරෝලම චොකලට් කොළ.
    අර පාං වව්නියාවෙ ඒවද.

    ReplyDelete
  33. එල එල ඉතුරු ටිකත් ලියන්නකෝ...

    ReplyDelete
  34. දැන් නම වෙනස් කරන්න වෙනවද මාර බූලා කියල ???

    ReplyDelete
  35. මාත් ආසාවෙන් හිටියා මේ වගේ ගමනක් යන්න , ඒත් කවදාවත් බැරිඋනා. දැං ඉතින් පොඩි එකී නිසා කොහොමත් බෑ.
    ඉතින් , ඉතින් කෝ ඉතුරු ටික ??

    ReplyDelete
  36. @ උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා,
    ඔබ දී ඇති ලින්ක් වලින් පින්තූර බලන්න දෙන්නෙ නැහැ
    Access denied කියල හෑල්ලක්ම වැටෙනව.

    ReplyDelete
  37. බොහොම රසවත් ඉතූරු ටික අහන්න (කියවන්න) ආශාවෙන් බලා ඉන්නෙ.

    ReplyDelete
  38. මයිල් වලින් ගියා මදැයි අතක් පයක් නොකැඩී.......
    දාමු පිංතූර ටිකත් ලෝබ නොකර

    ReplyDelete
  39. @වෙද ගෙදර මහ වෙදනා...

    අපේ ඔය වෙජිටේරියන් ගෝරිල්ලත් එහෙ ගියේම ඔය තංගච්චිලා බලන්නමයි..ඒත් ඉතිං මුගේ කරුමෙට හරි උන්ගේ පිනට හරි..ඒකට තංගච්චිලානං මාට්ටු උනේ නැහැ නෙව...

    @Praසන්ன...

    පොඩ්ඩක් හෝව් ඊ ළග කොටස් මග එනවා...

    @prasanna86k...

    අනිවා ලියනවා මාළුස්...

    @පොඩි මෑන්...

    නම නෙවෙයි තව ඩිංගෙන් මට ඇඩ්රසුත් වෙනස් කොරන්ට වෙනවා...

    @හරී - පිණිපළස...

    ඒක නේන්නං අක්කේ..අපි හිත හිත ඉන්නකොට කාලේ ගෙහුන් නෙව..ඉන්ටකෝ ඉතිරි ටිකත් දාන්ට...

    @Observer...

    ඔහොම ඉන්ටකෝ ඔබා අයියේ ඊ ළග පෝස්ට් එකටම මං ඒවා එල්ලන්ට...

    ReplyDelete
  40. @ravinumal...

    ආආ..අළුත් කෙනෙක් වගේ..ඔහොම හිටින්ටකෝ ඉක්මනටම දෙනවා..

    @හීනියට....

    මගේ මේ නෙට් ස්පීඩ් එක පොඩ්ඩක් ස්ලෝ මේ දවස්වල..ඒකයි පින්තූර දාන්ට දැඟළුවේ නැත්තේ..දැන්ට ඇහැකි පින්තූර ටික හෙට හවස් වෙනකොට මූණු පොතේ එල්ලන්ටයි හිතං ඉන්නේ

    ReplyDelete
  41. @සිතුවිලි නිහඬයි...

    ආ ඒ කාසි ටික අපි හවුලේ හිගා කාලා උපයා ගත්තුවා..ඒවයින් තමයි අපි උදේට තේ බිව්වේ...

    @Gimhani...

    අම්මපා නගේ ඔය කිව්වහමයි මටත් එහෙම හිතුනේ..ඇත්තටම හවරියක් ඕන අය හිටියද මංදා අපේ නඩේ..:D

    @තාරා...

    දෙනවා දෙනවා ඉක්මනටම දෙනවා...

    @Praසන්ன...

    පාන්නං පුංචි බොරැල්ලේ ඒවා...
    චොක්ලට්නං මං වැඩිය කෑවේ නැහැ..ඔනනං අනිත් අයට වඩා දෙක තුනක් කන්න ඇති...ඒත් මගේ කැමැත්තකට නෙවෙයි..අර මැඩම් අප්ෂැට් මට චොකෝ ගොඩක් කන්ට කියලා බල කොරපු හින්දා තමා...

    ReplyDelete
  42. හික් හික් අනිත් පාර අත් දිග ටී එකක් දාගෙන යන්න අයියේ.ලොල්.

    ReplyDelete
  43. එක හුස්මට කියවාගෙන ගියා නෙව.දන්න බලන්න එහෙනම් පින්තුර ටිකත්...

    ReplyDelete
  44. මයිලපිටියේ බූලානන්ද...හික් හික්...පව් අහින්තක බූලා

    ReplyDelete
  45. යකෝ හැබෑට මුන් ඔව්ව ගෙනිහින් වෙහෙරවල් බඳියිද මන්ද... නැත්තම් අර රුවන්වැල්ලෙ ගොයියට දෙයිද දන්නෙ නෑ වශී ගුරුකමක් කරගන්න හක් හක්

    ReplyDelete
  46. ඔය වවුනියාව වගේ උශ්න පැත්තක නිදියන්න උනත් කමක් නෑ. කෝමද නයිට් මේල් එකෙන් නානුඔයට ගිහින් පස්ට පාන්දර හීතලේ ගැහි ගැහුඉ නිදියනකොට. අම්මෝ හීතලේ මලා !!!!!

    මොනා උනත් බිම ගල් ඇනෙන එක තමයි ඉවසන්න බැරි.

    ReplyDelete
  47. ෂෝයි චාරිකාවක්නෙ.. :)

    ReplyDelete
  48. අනේ මාත් හෙන ආසයි මේ වගේ ලොකු ට්‍රිප් එකක් යන්න...

    බල්ලො මුකුත් කරදරයක් කරන්න නැතුව ඇත්තේ අනේ අපිට වගේම යන්න එන්න තැනක් නැතුව ඇති කියලා හිතලා වෙන්න ඇති ..........

    ReplyDelete