04 August 2011

බූලාගේ චාරිකා අංක-02...ඕමන්තේදී පිස්සු නැටූ සරාගී ගෝරිල්ලා...


ඔන්න එහෙනං ඊයේ පටාන් ගත්ත කතාව ආයෙත් ඉස්සරහට ගෙන්යන්නයි මේ තකහනියේම හදන්නේ හරිය..?

ඉතිං පාත්දර තුනේ විතර ඉඳලා එළිය වැටෙන්ට ආසන්න වෙන කල් වව්නියාව ඉස්ටේසමේ ලගා ගහන් දොයියා ගත්ත අපි ෂැට් එක පාන්දර දොයියන්ට කලියෙන්ම ඉස්ටේසමේ තිබුන වතුර පයිප්පයක ආධාරයෙන් දත් ටික එහෙම මැදලා ටිකක් එක විදියක් උනා..ආ ඒ කිව්වමයි මට මතක් උනේ ඒ අවස්ථාව එක බුවෙකුටනං තමන්ගේ ජීවිතේ සුවර්ණමය අවස්ථෘවක් උනා කිව්වොත් මං හිතන්නේ මං හරි...

ඒ තමා අපේ අර හොරිකඩ හඩු පූෂා...ඇත්තටම කියන්න මිත්තරවරුනි..එදා තමා මුල්ම වරට පූෂා දත් බුරුසුවක් පාවිච්චි කොරලා දත් මැදලා තියෙන්නේ... මෙච්චර දවසක් උදේ නැගිට්ට ගමන් අතට අහුවෙන ඕන දෙයක් කොටා බාලා දවස ආරම්භ කොරන්ටයි පූෂා ඉගෙන ගෙන ඉඳලා තියෙන්නේ..හැබැයි ඒ අපිරිසිදු කොමකට එහෙම කියලා ඔහේලා හිතන්ට එපා..ඒ විදියට පූෂා කොරන්ට ඉගෙනගෙන තියෙන්නේ කවුද මංදා දොස්තර කෙනෙක් දුන්න උපදේසයක් හින්දාය කියන්නේ...එහෙම උදේම මූණ කට නොසෝදා ආහාර ගැනීම තුළින් රාත්‍තිරී කාලය මුළුල්ලේම කටේ එකතු වෙච්ච කුණු කෙල ආදියේ තියෙන පෝෂණ ගුණය නොඅඩුවම පූෂාට ලැබෙනවළු..ඒ හින්දා වැඩි පෝෂණයක් ලබා ගැනීමේ අරමුණින් තමා අර කේඬෑරි පූෂෘ එහෙම කොරමයක් අනුගමනය කරලා තියෙන්නේ...අනේ අපිනං ඒවා දන්නේ නැහැ...

උගේ පැත්තෙන් බලනකොට ඒකෙත් වරදක් නැහැ..මොකද ඒ පූෂා හෙන කැහුටු ගැහුන පූෂෙක්..හරියට අර අපි කියන්නේ කටුෂ්ෂෝ කාපු පූෂෙක් වගේ කියලා..මේකත් ආන්න එහෙම එකෙක්..එහෙවු එකේ කුනු කෙලවල පෝෂණයත් අහක යවන එක හරි නැතිව ඇති..පව් අහිංෂක පූෂා...ආ නැහැ නැහැ හිංෂක පූෂා...

ඉතිං කොහොම හරි උදේ පාන්දර හය වෙනකොට අපි ආයෙමත් මහ පාරේ...හැබැයි ඉතිං ඊට කලින් අපේ නඩේ උන් මාව හිඟන්නෙකුට අන්දලා පොටෝ කෑලි එහෙමත් ගත්තා..ඒවා තමා ඔය හිටි හැටියේ සමහරු ඇවිත් කොමෙන්ට් හැටියට කලින් පෝස්ට් එකේ දාලා එහෙම ගෙහුං තිබුනේ..කොහොමත් ගමන පුරාවටම මුං මට කල හැම හිරිහැරයක්ම කාගේ ‍කාගේත් කැමරාවල සටහන් වෙලා තිබුණා...හැබැයි ඒ කොමෙන්ට් දාපු එව්වන්ට ඒ පොටෝ කෑලි හම්බ උනේ කොහොමද කියලානං මගෙන් අහන්ට එපා..මං දන්නේත් නැහැ එව්වා..ඒ දාන උන්ගෙන්ම අහන්ට...

ඊට පස්සේ අහල පහළ කඩේකින් තේ එකක් එහෙම කාරිය බීලා අපි ගියා පා ගමනින්ම වව්නියාව නගරයට නැගෙනහිරින් පිහිටි වැවක් බලන්ට...එතන හරි අපූරු තැන...ඒ වැව් කණ්ඩිය උඩදී තමා අර මං කලින් පෝස්ට් එකේ දාපු පින්තූරේ එහෙම ගත්තෙත්...ඒ විතරක්යෑ අපි උදේට කොටා බෑවෙත් ඒ වැව් කණ්ඩිය උඩ තිබුන ගල් තලාවකට වෙලා තමා...උදේට කන්ට තිබුනේ සීනි සම්බෝලයි පානුයි...ආ සීනි සම්බෝලේත් ඉතිං මංතුමා විසින් ගෙදරදී සාදාගෙන යනලද එකක් තමා..පාන්නං අපේ අර පික්ෂු මැඩොම් කොඹලින් ගෙනත් තිබුනා...ඔය ටික ඉක්මනට අහවර වෙච්ච එක හොදට ගියා...මොනද මං නෙව ඔය හැම එකම හරකා වගේ කර තියාගෙන ගියේ...අහ් වගේ..වගේ නෙවෙයි හරකා තමා නේද..?ආයේ නැතිව..නැත්තං මේ වගේ තවලමකට අහු වෙයියෑ...

ඉතිං අපි මංතුමා විසින් අර සාදාගෙන ගිය.."ප්‍රණීත..පිරිසිදු...රසවත්...ගුණදායී..පෝෂ්‍යගුණයෙන් අනූන සීනි සම්බෝල" එක්ක පාන් වළඳලා අහවර වෙලා ඉතිරි පාන් ටික කෑලි කඩලා අර වැවේ හිටිය මාළුන්ට කව කව හිටියා කියමුකෝ..අහ්..අපි කිව්වට අපි හැමෝම නෙවෙයි එකෙක් ඒ වෙලාවේ හිටියේ වෙනම ලෝකයක..ඒ අසලම තිබුන කෝවිලට ඇවිත් හිටිය දෙමළ ගැහැණු ළමයි ගොන්නක් දිහා බලාගෙන දිව අඩියක් විතර එළියට දාගෙන සෙම සෙවල පෙර පෙර අර අපේ ගෝරිල්ලා වෙනම ලෝකයක..ඇත්තටම ඌ ගෙදරින් යනකොට අම්මට කියලා ගිහින් තියෙන්නේ.."අනේ අම්මේ මට මේ කොලඹ රටෙන් කෙල්ලෙක් අල්ලගන්ටනං මේ සම්මජ්ජාතියට බැහැ..ඒ හින්දා මං වව්නියාවෙන් හරි ළමයෙක් යාළු කොරගන්ට බලන්නං" කියලා තමයි...

ඔහේලා මොකද හිතන්නේ ඒ කතාව අහපු අම්මා අර ගෝරිලි පුතාට බනින්ට ඇතිද..?

නැහැ පින්වතුනි..නැහැ... මොකද අම්මා දන්නවා මූ වව්නියා නෙවෙයි තූත්තුකුඩි ගියත් මූට කෙල්ලෙක්නං වැටෙන්නේ නැහැ කියලා..ඔය දිව එළියට දාගෙන ඉඳලා ඉතිං ආපහු එන්නේ නැතෑ..කවදා හරි අප්‍රිකානු වනාන්තරයකට මේකා යන දවසකනං(එහෙ ඉන්නවා නේද ගෝරිල්ලියෝ) ඔන්න මොකක් හරි සෙට් උනොත් මිස මේ සිරි ලංකා දීපේ නං එක කෑල්ලක් අපේ එකාට වැටෙන්නේ නැහැ කියලා ඒ අම්මා හොඳටම දන්න හින්දා හොඳට හිනා වෙලා.."හා හා පුතේ ඕන එකක් සැට් කොරගෙන වරෙං" කියලා..පව් නේද පින්වතුනි මේ හයේ හතරේ ගෝරිලි පෝතකයා...

ඉතිං මේ ගෝරිලි පුතා ඇස් දෙකේ පොට යනකල් අර ගෑණු ළමයින්ට බැල්ම හෙළුවට මොකද උන් නෙවෙයි මේකා දිහා නිකමටවත් බැළුවේ..මට විතරක් නෙවෙයි අපේ අනිත් උන්ටත් ඒ වෙලාවේ මේකා ගැන පෂ්ට දුකක් ඇති උනා පින්වතුනි..ඒ හින්දා අපි තීරණය කොලා ගමන නිමා වෙන්ට කලියෙන් කොහොම හරි මේකාට කෙලි පැටික්කියෙක් හොයලා දෙන්ට ඕන කියලා...දැන් මොකද පින්වතුන් හිතන්නේ ඒ අදහස හරි යන්ට ඇතිද..? ඒ විෂ්තරේ පෂ්ෂේ දෙඤ්ඤංකෝ...

ඉතිං ඒ අස්සේ තව අපූරු කාරනාවක් සිද්ද උනා නෙව..අර වැව බලන්ට ගියාට මොකද අපි නෙවෙයි ඒකෙන් කකුලක්වත් හේදුවේ..ඒ තරමට ඒ වැව පිරිසිදුයි..කොච්චර පිරිසිදුද කියනවනං පිරිසිදු කොළ කැඳ හැලියක් වගේමයි.. ඒත් බොලේ මෙන්න එක පාරටම වැවට එහා පැත්තේ මාකට් එක පැත්තේ ඉඳන් ගෝනියකුත් කර තියාන ආව ගොබිලෙක් අර ගෝනියේ තිබුණ කැරට් තොගයක් හොදන්ට ගත්තයි කියමුකෝ අර කොළ කැඳ හැලියෙන්..අනේ මෙච්චර කාලයක් කැරට් සම්බෝල කන්ට ආසා කරපු මට..අමුවෙන් කැරට් අලයක් හප හප ඉන්ට කැමති මට..ඒ වෙලාවේ හිතට දැනුන පහන් හැඟුම් පෙළ මෙතන ලියන්ට වචන එන්නේ නැතුවා..

ඒත් ඒ එක්කම මෙච්චර වෙලා එක එක අදහස් තිබුන අපේ ෂැට් එක එක තීරනයකට ආවා..

"වව්නියාවෙන් කෑම නොකමු..!"

ඒක යෝජනා වීම සහ ස්ථීර වීම පටස් ගාලා සිද්ධ උනා..

ඉතිං ඔය ඔක්කෝමත් කොරලා පොටෝ කෑලි එහෙමත් අල්ලලා කරලා අපි ආයෙමත් පාරට...

ඔයාලට කියන්න මෙයාලා අපි ඇවිද්දා ඇවිදිල්ලක් හරි ෂණීපෙට...වව්නියාවේ පාරවල් පාරවල් ගානේ හරියට අපේ ගමේ පාරවල්වල යනවා වගේ ඔහේ ඇවිද්දා..ඒ වැව බලලා තව වැවකුත් බැළුවා..එතනත් වාඩි ගහගෙන රටේ තියෙන තරං පච හල හල හිටලා එහෙම කාරිය අවසානෙදී දහවල් එකොලහට විතර කිට්ටු වෙලා අපි ආවා ආයෙමත් වව්නියාව ඉස්ටේසමට... ඇවිද්ද පාරවල්වල විස්තරයි..දැකපු දර්ශන වල විස්තරයි..ආ අපේ ගෝරිල්ලා බැල්ම දාපු කෙල්ලන්ගේ විස්තරයි ගැනනං මේ බ්ලොගේ ලියන්න බැහැ..එහෙම ලියන්න ගියොත් මේක තව පෝස්ට් දහයකින්වත් ඉවර කොරන්ට වෙන්නේ නැහැ...

හැබැයි ඔය අතරේ අපි හරි අපූරූ ඌරූ තඩියෙකුත් දැක්කා... ඌ අර වැව් තාවුල්ලක හොඳට වල බැහැලා මඩ නාලා කරලා කාලා බීලා එහෙම ආපහු තමුන්ගේ වාසස්ථානෙට ගෙහුන් ගේට්ටුවට තට්ටුවක් දාපුවහම ගේට්ටුව ඇරලා ඌව ඇතුලට ගන්නවත් අපි බලාගෙන..ඌ ඌරෙක් කිව්වට අලියෙක් විතර ඇති..දැක්කම බයත් හිතෙනවා..ඒත් අපේ ගෝරිල්ලව දැක්කම ඌත් බය වෙලා ටිකක් හෙමින් තමා අර එච්චර වෙලා මහ හයියෙන් ගේට්ටුවට දාදා හිටිය තට්ටු කිරිල්ලත් හෙමිහිට කොරන්ට පටන් ගත්තේ...

අපරාදේ කියන්ට බැහැ ඌරො උනත් බයයි අපේ ගෝරිල්ලට..මොකද මූ අමුතුම ගෝරිල්ලෙක්නේ... චිකන් ප්‍රයිඩ් රයිස් කන වෙජිටේරියන් ගෝරිල්ලෙක්නේ...ඒකයි වෙනස...

ඉතිං ඊට පස්සේ අපි ආපහු ඉස්ටේසමට ඇවිදින් කාරිය ටිකක් මහන්සිය නිවා ගත්තා ඊ ළගට එන කෝච්චියේ ඕමන්තේ බලා යන්ට කියලා..ඉතිං කෝච්චිය එනකල් ඉස්ටේසමේ පැත්තකින් අනිත් අය එන යනවා අඩු හරියකට වෙලා ඉටි කොලයක් එළන් කවුදෝ එකෙක් ගෙනාව කාඩ් කුට්ටමකුත් අරගෙන ටිකක් සෙල්ලං කොලා... මංතුමත් ඉතිං සිරිලාංකීය අභීමානය ඉස්මතු වෙන වැටේ සුදාගේ අනිත් එක..ඒ කිව්වේ බූරුවා ගැහිල්ල එහෙමත් උන්දලාට ඉගැන්නුවා..අපරාදේ කියන්ට බැහැ ගුරා පරාදයි දිනුවේ අර අපේ මැඩොම් තමා..බලං ගියහම උන්දැට බූරු ගැහිල්ල හොඳට පිහිටනවා..ගුරෙක් හැටියට මං හොඳටම සංතෝෂ උනා ඒක දැකලා...

ඉතිං කොහොමින් කොහොම හරි අනුරාජපුරේ පැත්තේ ඉඳන් "යාල් දේවී" දුම්රිය අපි ඉන්න පැත්තට ඇවිදින් ඉස්ටේසමේ නැවැත්තුවයින් පස්සේ අපි ඒකේ ගොඩ වෙලා ගියා නෙව ඕමන්තේ දිහාවට...යුද්දේ අහවර උනායින් පස්සේ මෙච්චර කාලයක් වව්නියාවට විතරක් ගමන් කොරපු දුම්රිය දැන් ඕමන්තේ දක්වා දුවනවා..ඒ යන අතර මගදී අළුතෙන් පාරවල් එහෙම හැදෙන හැටිත් බලා කියාගෙන අපි යනවා කියමුකෝ.. මෙන්න බොලේ වැඩක්...

අපේ ගෝරිල්ලා අමුතුම ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කොරනවා...උගේ ඇස් නටනවා..තොල් පෙරලෙනවා..කට කොනින් සෙම ගලනවා... හරිම විපර්යාසයක්...

ඒ විතරක්ද වතුර බොතලයක් අරං විනාඩියෙන් විනාඩියට මුහුණ හෝදනවා..කොණ්ඩේ හදනවා..එහෙට පනිනවා..මෙහෙට පනිනවා එක විකාරයයි...ඒත් ඇස් දෙක විතරක් එක පැත්තකට යොමු වෙලා..හත් ඉලව්වේ මේකා අපි හිටිය කෝච්චි පෙට්ටියට පෙටිට් තුන හතරක් ඈතින් තිබුන පෙට්ටියක හිටිය ගැහැණු දැරිවියකට බැල්ම දානවා...ඔයාලට කියන්න මෙයාලා..එතන ඉඳන් ඕමන්තයක් ගැන ඌට සිහියකුත් නැහැ..ඌ දිහා බලං ඉන්න අපිට සිහියකුත් නැහැ..ඇයි උලව්වේ මේකා නළීයන හැටියට කෝච්චියෙන් එළියට පැන්නොත් එහෙම කාට කියලා කියන්නද..?

ඉතිං අපි ඒකාගේ ආරස්සාව ගැන බල බල ආවා..ඒකා අර දැරිවිගේ රූප සෝභාව දිහා බල බල ආවා.. ඒ විතරක්යෑ ඕමන්තෙට ගියාට පස්සේ අර කෙලීගේ අයියා ඉන්න තැනට වෙලා කෙල්ල දිහා බල බලා අපේ එහෙකුට මොනවද කියලා.. පස්සේ තමා දැනගෙන තියෙන්නේ ලග හිටියේ අයියා කියලා..ඒ නෝන්ඩි වීමෙන් අනතුරුව මූ ආයෙමත් ඒ ගැන කියවන්න ගෙහුන්..කරුමෙට එතකොට කෙලීගේ අප්පොච්චා එතන හිටලා තිවුනේ..මදෑ අපි මූ එක්ක ගෙහුන් මෙහෙම ආව එකත්...ඒ අතරේ තව කෙලියක්..අපේ ෂැට් එකේ ගිය අර මන මෝහිනී අර කෙලීගේ අයියට බැළුම් හෙලනවා...අලි මදිවට හරක්..ආ නැහැ ගෝරිල්ලෝ මදිවට මෝහීනි...

හොදි ඕන නැහැ... දැන් ඉතිං ඕමන්තේ යාමයි..ඕමන්තේදී බැහැලා හිටිය කාලෙයි..ඕමන්තේ සිට ආපහු වව්නියාවට ඒමයි..වව්නියාවේ කෝච්චිය පැයක් විතර නවත්තලා තිබුන කාලෙයි අතරතුරදී සිද්ද වෙච්ච දේ හිතා ගත්තෑකිනේ... මේ මල විකාර බලං ඉන්න බැහැ කියලා අපේ අර මැඩොම්නං මොනවද මංදා සප්පායං වෙලා බයිට් පැකට් එකත් තුරුල් කොරගෙන දොයිය ගත්තා...

හැබැයි අවසානේදී අපි ඔක්කෝම හවස තුන විතර වෙද්දී අනුරාජපුරේට එද්දී අර ලව් දෙකම ඉලව් වෙලා...ඒ එකක්වත් හරි ගියේනං නැහැ..අපරාදේ අරුං දෙන්නා දාපු ඇක්ෂන් ටිකයි..පෙරාපු සෙම සෙවල ටිකයි..හෙළාපු සුසුම් ටිකයි...යාන්තං මං ගෙහුං අර දැරිවිගේ අප්පයි අයියයි එක්ක පොඩි ටෝකක් දාලා උන්දලා කුරුණෑගල ඉසව්වේ නඩයක් කියලා හොයා නොගන්ට අර ගෝරිල්ලා මෙලහකට රට වටේ යන්ට හදනවා ඒ කෙලීව හොයන්ට..දැන්නං ආරංචිය ලබන මාසේ දිහාවේ ඇතුගල බලන්න කුරුණෑගල යන විත්තියක් තමා... මෝහීනිටනං මොනවා උනාද මංදා..හැබැයි එතන ඉඳන් උන්දෑ හිටියේ ඔළුව තෝන්තු වෙලා වගේ.. එකේ ප්‍රතිඵල දැක්කේ පහුවදා අපි අනුරාජපුරේ නටබුන් බලන්න ගිය වෙලේ නෙව...ඒ ගැන විස්තර පස්සේ කියඤ්ඤං

හරි ඉතිං ඔය සක්වල මගුල් අස්සේම අපි අනුරාජපුරේට ඇවිදින් අපි කලියෙන්ම බුක් කොරලා තිබුන තැන නැවතුනා...අපරාදේ කියන්ට බැහැ අර පූෂා..උගේ මෂ්ෂිනාට කියලා ඒ හැම දේම හොඳ ලෂ්ෂනට පිළීයෙල කොරලා තිබුනා...ඉතිං අපේ මැඩොම් අපි හතර දෙනාට හරියටම පැයක් දුන්නා නා ගන්න..ඉතිං අපි හතර දෙනත් දඩි බිඩි ගාලා නාලා ලෑස්ති උනා පැයක් යනකොට..ඊට පෂ්ෂේ තමයි බැළුවේ කෝ මැඩොම් ෂහ මෝහිනී කියලා..අනේ අපොයි උන්දලා ඒත් ලෑෂ්ති නැහැ..ඔන්න වැඩේ හැටි..ඔහොම අෂාධාරණකංනං එමටයි..අපිට හදිසි කොරනවා උන්දලා ලත වෙනවා...

කොහොම හරි ඊට පස්සේ අපි අනුරාජපුරේ ටවුම පැත්තට හක්කලං කොරලා කඩෙකින් දවල්ට කොටා බෑවා..දවල් කිව්වට ඒ වෙද්දී වෙලාව හතරත් පහු වෙලා..ඒත් අපිට දවල්නේ...ඔන්න ඔය වෙලාවේ තමා අර අපූරූ සිදු වීම සිද්ධ උනේ...

මෙච්චර වෙලා වෙජිටේරියන් වෙලා හිටිය ගෝරිලි පුතා අර අහිංසක කූඹියාගේ බත්පතට හොට දැම්මේ...ඒක උනේ මෙහෙමයි...

ඉතිං අපි හය දෙනා කොටා බාන්ට ගෙහුන් එක එක දේවල් ඉල්ලන අතරේ ගෝරිල්ලාස්ට ඕන උනා කොත්තුවක් කන්ට... අපි පස්දෙනා ෆ්රයිඩ් රයිස් පාරක් දාන්ට ලෑස්ති උනා..ආ ගෝරිලි පුතා ඉල්ලුවෙත් බිත්තරවත් නැති කොත්තුවක් හොදේ...

කොහොම හරි අපි තුන් හතර දෙනා දඩි බිඩි ගාලා දීලා ඇරියා අපේ බත් පතට..ඒත් අපේ අර පැත්තක හිටිය කාටවත් හිංසාවක් පීඩාවක් නැති අහිංසක කුහුඹුවාට බත් එකක් තනියම කන්ට තරං හැකියාවක් නැහැ කියලා පෙන්නුං කොලා..ඒත් එක්කම ගෝරිලි පුතා පොඩි මොත්තයක් දැම්මා..

"අනී..මේ කොත්තුව හරීරීරී ෂැරයිනේ..."

අවසාන ප්‍රතිඵලේ ඒ ෂැර මකන්ට අර කූඹී පුතාගේ රයිස් එක කොත්තුවට කලවං කොලා... ඔයාලට මතකනේ මේ ඇවිල්ලා කොත්තුවට බිත්තරවත් දාන්න එපා කියපු ගෝරිලි පුතා තමා අර යහමින් කුකුළු මස් කෑලි යොදලා තිබුන රයිස් එකට දැන් වග කියන්නේ..අනේ මංදා ඒ වෙලාවේ කුකුළු මසුත් නිර්මාංෂ ආහාරයක් උනාද කියලා දෙයියෝ තමා දන්නේ..කොහොම හරි එහෙම උනා ඕං හොදේ..අපිත් ඉතිං ඒක දැක්කා නොදැක්කා වගේ හිටියා පස්සේ වෙලාවක දෙඤ්ඤං බැටේ කියලා...අනේ ඉතිං ගෝරිල්ලාස් හිතුවේ අපිට ඒක මීටර් නැහැ කියලා...ඒවා කොහේද මේ අපිත් එක්ක..පස්සේ බැළුවම හැම කෙනාම නොකර සද්දෙන් හිටියට ඒක හොඳට මෙමරියට දාගෙනයි හිටලා තිබුනේ...පව් අහිංෂක ගෝරිලි පුතා..ආ ආයෙමත් වැරදුනා හිංෂක ගෝරිලි පුතා...

ඉතිං ආන්න එහෙම වෙජිටේරියන් ගෝරිල්ලෙක්ට චිකන් ප්‍රයිඩ් රයිස් එහෙම කවලා...ආයෙමත් අපි ගියා ඇවිදින්ට..ඒ පාර අපි නැවතුනේ රුවන්වැලි මහ සෑය ගාව..එතනට වෙලා පැය කීපයක් අපි ගිමන් හැරියා...මංනං හොඳට දොයිය ගත්තා..ඊට පස්සේ රෑ වෙලා ආපහු ඇවිදින් නවාතැනට වෙලා හොඳටම දොයිය ගත්තා...ඔන්න ඔහොමයි දෙවැනි දවස ගෙවුනේ...

මේ ලියවිල්ල කඩන්නට කියලා හිත හිත ආවත් කඩන්ට තැනක් අහු උනේම නැහැ නෙව.. ඒහින්දා දැන්නං මේක මහා පතරංග ජාතකේ වගේ වෙලා ඇති..මක් කොරන්ටද ඇහැක් විදියට කියව ගන්න එකයි ඇත්තේ... මේක කියවලා ඉවර වෙලා කියමු බලන්ට අනිත් එකත් දාන්ටද එපාද කියලා...

26 comments:

  1. දාන්ට දාන්ට බලලම දෙන්නම්කො හොඳ ප්‍රතිචාර එහෙම හොඳයි නේද?

    ReplyDelete
  2. අපොයි මාරය්යේ මේක සැහෙන දිග කතාවක් වගේ...
    මේකට නම දාන්න තිබුනේ චාරිකා සටහන් නෙමේ බුලා ජාතකය කියලා...
    එකේ නෙමේ කොහොමද බිත්තර නොදා කොත්තු හදන්නේ???
    හැබැයි ඔය කිව්වා වගේ වෙජිටෙරියන්ල නම් අපිත් දන්නවා...
    මස් හොදි, උම්බලකඩ සම්බෝල වගේ ශාක ආහාර වර්ග කන අය...

    ReplyDelete
  3. ෂික්.. අනුරාජපුරේටත් ඇවිත් මේ ගොයියො ටික මට මග ඇරුනනේ..හම්බ වුනානම් මටත් මාරයාගේ මයිල් ගලවන්න තිබ්බා.. :)

    හ්ම් හ්ම් දාමු ඊළග කොටහත්....හැබැයි වැඩිපුර ෆොටෝ ටිකක් වැටුනනම් තවත් රසය වැඩි වෙයි මයෙ හිතේ..

    ReplyDelete
  4. නොදා කොහොමද අප්පේ...දාමු බුලා ඉතුරු ටිකත් දාමු...

    ReplyDelete
  5. අනිත් ටිකත් දාන්න.නොදා ඉන්න එපා ඕං....

    ReplyDelete
  6. මාරයියට සෙම පෙරන්න එකක් හිටියෙ නැතෙයි ඔය දීපංකරේ පැත්තෙ...අපරාදෙ නොවැ...ඉතිරියත් ලියමු බලන්න...

    ReplyDelete
  7. අහ් ගිහිල්ල නොවැ!

    ReplyDelete
  8. ඉරිසියාව හොඳ නෑ තමා.. එත් උඹලට තියෙන නිදහස දැක්කම ඊරිසියා නොකර බෑ...

    ReplyDelete
  9. බූලෝ...
    පන බයේ ගැහි ගැහි ඉඳලා දැන් ඇවිත් වීරය වගේ ලියනවා නේද...

    ReplyDelete
  10. මේ සීරීස් එක ඉවර වෙන කොට මයිල් විතරක් නෙවෙයි.. අත පයත් ගලවයි වගේ...අපි ඉන්නව ආරක්ශාවට මාරයා ලියන්න බය නැතුව..

    ReplyDelete
  11. අර කීවත් වගේ තව ලස්සන ෆොටෝ කීපයකුත් තිබුනානම් කියලා වැඩක් නෑ අයියන්ඩි .. මයිල් ගලෝපුවයි , කොත්තු කාපු හැටියි ඒවා ටික බලන්න ආසාඅවේ බැරුවා ..

    ReplyDelete
  12. හරි ....... ඉතිරි ටිකත් දාමුකෝ බලන්න.

    ReplyDelete
  13. හ්ම්....සරාගි ගොරිල්ලා පොඩ්ඩක් අපේ අනනයතාව තියන නමකින් දැම්මනම් ...ම්නිහාගේ ලව් එකට මොකැයි වුනේ ඉතුරුවත් දාන්න ඔන්න පාර්ට් ටුත් මම කියෙව්වෝ පාට් ත්‍රි දැම්මනම්....

    ReplyDelete
  14. ඉතුරු ටිකත් අදහෙටම දැම්මොත් බලාගන්න පුලුවන්.කොහෙදැ මෙ ටුනාලන්තෙ මාලු ෆැට්ටෙරියට මාලු ආපුවාම නිවාඩුවක් නැ නොවැ.
    වැඩ අස්සෙ අය්යාගෙ කතා කියවන්න ගියොත් ලොක්කගෙන් කතා අහන්න වෙනව..ඔක්කොම ඉවරයි පනම් හතරෙන් දෙකක් කැපුවොත්..
    ඉක්මන් කරල ලියහන් අයියන්ඩි,,මටත් කියවගන්න

    ReplyDelete
  15. හා,,හා ලියමු ලියමු

    ReplyDelete
  16. හනේ අප්පේ දාන්ට දාන්ට...ඉතුරු ටිකත් දාන්ට....

    දාන මාන නං බොහෝම හිඟයි වගේ...දුකේ බෑ ඇදිලා ගිහින් තියෙනවා දැක්කහම..

    ReplyDelete
  17. ඉස්සර ඕමන්තේ කිව්වම ඇඟපත හිතල වෙනවා . මන් නම් හිතුවේ නැහැ ඔහොම ඔය පළාතේ ඇවිදින්න පුළුවන් වෙයි කියල .වාසනාවන් .. දරු මල්ලෝ නැති නිදහස් කාලේ ඔය විදියට ඇවිදලා බලන්න . ඊට පස්සේ බොලා නිදියයි ස්ටේෂන් වල . අපෝ මටත් කැරට් කන්න එපා වුනානේ .

    මන් හිතුවා උඩහට යයි කියල . කට්ටිය අනුරාධපුරේට පහු බැහැලානේ. ලියන විදිහ නම් මල් . හරිම රසවත් .

    ReplyDelete
  18. අනුරාධපුරේ වගේ පුණ්‍ය භුමියක ඉන්නෙ වෙජිටේරියන් කුකුළොනෙ. ඒ හින්ද ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
    ඉතුරු ටිකත් ඉක්මනට දැම්මනං තව ෆොටෝ කෑලි ටිකකුත් එක්කම.

    ReplyDelete
  19. මේකත් මහා පතරංගෙ වගේ නේ.... හික් හික්.. හැබැයි මඩ ටික නම් පිරිසිදුව තියෙනව අයියේ හික් හික්

    ReplyDelete
  20. "මහා පතරංග" නෙමේ, බ්ලොග් අවකාශෙ තියෙනව ජාතක කතාවක නමක්, හැබය් ඒකට කතාවක් නැතුව හිටියෙ මෙච්චර දවස්. මං හිතන්නෙ මේ වෙනකොට ඒකට අයිතිවාසිකම් කියන්න හිටපු මාළු කාරයත් රටින් පිටුවහල්. ජාතකේ නම "මහා ටෙඹ ටෙඹ ජාතකය"

    ReplyDelete
  21. දෙවනි කොටසත් කියව්වා හනි හනිකෙට.තෙවන කොටසත් කියවිමට මග බලා සිටිමි....

    ReplyDelete
  22. ඉතුරු කොටසත් ඉක්මනටම කියවන්න ඕනා.
    මාරේ අයියත් බෑ කියලා ෆොටෝ වලට ඉන්ට ඇති නේ. හික් :)

    ReplyDelete
  23. එයා මං ව‍ගේ එග්ටේරියන්ද දන්නැ අයියන්ඩි...... හික්ස්.....

    ReplyDelete
  24. @හැමෝටම ඈ...

    අනේ මේකට උත්තර බඳින්ට ලේසි නැතෝ..සමා වෙයෝ..මෙන්න මං පැන්නෝ...

    ReplyDelete
  25. කැරට් විතරක් නෙමේ අනිත් එලවළුත් ඔය විදියම තමා, ඔහේ විතරක් නෙමේ කොළඹත්, ගමන ගියාට මුකුත් බලල නැති හැඩයි ...

    ReplyDelete