04 August 2011

බූලාගේ චාරිකා අංක-03... නටඹුන් අතරින් මතු වූ සමාජශාලාව...






යකඩෝ දැන් මට කතාව නවත්තපු තැන මතකත් නැහැ..ඊ ළගට උනේ මොනවද කියලා මතකත් නැහැ..හිටු මතක් කොරලා කියන්ට..ආ හරි...

ඉතිං දෙවෙනි දවසේ අපි හයට විතර අවදි වෙන්ට් හිතාගෙන හිටියත් හයටනං අවදි උනේ නැහැ ඇයි ඉතිං කලින් දවසේ පරංගි හැතැම්ම දහයකට වඩා අපි ඇවිදලා මහන්සි වෙලා නෙව හිටියේ..

කොහොම හරි උදේ අවදි වෙලා කස්ටියම මූණ කට හෝදලා යන්ට සූජානං වෙනකොට මෙන්න අපේ අර අප්ෂැට් මැඩම් කියනවා

"අනී..මගේ කැමරාවේ බැස්ටි බැහැලා මෙයාල..ඒක චාර්ජ් කොරගන්ට ඕන" කියලා..
ඔන්න බලමුකෝ..රැයක් එළි වෙනකල් තිබුනා ඒක චාර්ජ් කොර ගන්ට..ඒත් කොහේද..පෙරේතයා පොළවේ ගහලා වගේ වැටිලා නිදියලා මිස උන්දැට ඒක කොරන්ට අමතක වෙලා..ගානක් ගන්ට දෙයක් නැහැ..මම මුලින්ම කිව්වනේ මීටරේ අප්ෂැට් කියලා..එහෙව් එකේ ඔය මොනවද..

කොහොම හරි ඉතිං ඒක චාර්ජ් වෙනකල් අපි අපේ නවාතැන් පොලේ උඩු මහලේ තිබුන එළීමහන් පොට් එහෙකට වෙලා වැල් බයිලා සහ පච හල හල ඒ මදිවට පොටෝ කෑලිත් ගගහා හිටියා..දැන් ඉතිං සුදහ ගින්දරත් ලස්සනට මෝදු වේගන එනවා..ඒත් අපි නෙවෙයි එකෙක් හුම් කියන්නේ..මොකද අපේ අර මැඩොම් අපිට හරිම කාරුණිකයි..නිකමට හරි ඉල්ලීමක් දැම්මොත් හරි ආදරණීය විදියට ආමණ්ත්‍රණය කොරනවා..ඒ හින්දා අපි කවුරු කවුරුත් මුල පටන්ම එකඟතාවයකින් හිටියේ උන්දෑ කියන ඕනම එහෙකට එහෙයි කියනවා හැර..එකෙක් මලත් ආයේ නැහැ බැහැනං කියන්නේ නැහැ කියලා.. මොකද අපි කිව්ව කියලා උන්දෑ අහනවයෑ... ඉතිං අපිත් අර මොනවද කාපු පෙත්තපුලා වගේ ඔහේ බලං ඉන්නවා..

අනේ ඉතිං අපි ඉවසුවට අපේ ගෝරිලි පුතා ඉවෂයිද ඕවා..ඒකා උන්දැගේ අනුරාජපුරේ අහ ඉන්න මාමණ්ඩිට කෝල් පොජ්ජක් මංදො කොරලා අපි පහලට බහිනකොට පත සයිස් බත් පාර්සල් හයක් ගෙන්නවගෙන නෙව..ඌ එතනදී විතරයි මුළු ගමනටම මොලේ ඇති වැඩක් කොලේ කියලා ඔන්න මං කට පුරා ප්‍රසංසා කොරන්ට මේක අවස්ථාවක් කොර ගන්නවා.. මොකද එහෙම හම්බ උනේ නැත්තං එදා උදේට අපිට කන්ට වෙන්නේ සමහර විට එදා රෑට වේල එක්කම තමා... මොකද පාරට බැස්සට පස්සේ අරුංදෑ ඔළුව හැරුන අත යනවා..අපිත් ඔටු රැල වගේ ඒ පස්සේ යනවා..ඉතිං කොහේද කෑමක් බීමක්..

අනේ අපරාදේ කියන්න බැහැ ඒ ගෙනත් දුන්න කෑම ටික බඩට දා ගන්නත් අපිට තව පැයක් විතර ඉන්ට උනා...අනේ ඒ විතරක් නෙවෙයි අර අපේ ගෝරිලි පුතාගේ මාමණ්ඩියනං රටක් වටින මාමණ්ඩියෙක්..උන්දෑ අපට කෑම ටික ගෙනත් දීලා මදිවට තුන් රෝද රථයකුත් ගෙනල්ලා දුන්නා නෙව අපි යන්ට හිතං උන්න තැනට යන්ට..

මෙන්න හත් ඉලව්වේ ඒ පාර තව විගඩමක්..එක්කෙනෙක් අඩනවා හෝ ගාලා..
බැළින්නං අපේ අර මීටරේ අප්ෂැට් මැඩොම්..බැලින්නං උන්දෑ තුන්රෝද රථවල ගමන් යන්ට උපන් ගෙයි බයක් තියේළු නෙව..දැන් කාහංකෝ අපිත් ටකරං.. ඒ පාර යන්තං කොහොම කොහොම හරි ටොපි අරං දෙන්නං..අයිස් පැකට් අරං දෙන්නං කියලා රවට්ටලා කොහොම හරි උන්දැව ගමන යන්ට කැමති කොරව ගත්තා..

මෙන්න ඒ පාර මෙයා කියනවා..රථ දෙහෙක බැහැ අපි ඔක්කෝම එහෙක යන්ට ඕන....නැත්තං මං යන එක පෙරලිලා මොනවා හරි උනොත් උඹලා ටිකක් බේරේනවා..ඒ හින්දා මලත් එකට..යමල්ලා එහෙකම.. කියපි..
අනේ බලන්ට පින්වතුනි මේ මැඩොම් අපිට තියෙන ආදරේ...දුකේ බැහැ...

කොහොම හරි මෙයාගේ ඇඩිල්ල නවත්තගන්ට අපි ඔක්කෝම නැගපි අර එක තුන්රෝද රථයට..මං හිතන්නේ අපේ මැඩොම්ගේ ඇඩිල්ල නැවතුනාට මොකද..අර තුන්රෝද රථයේ රියදුරු උන්නැහේනං තාමත් අඩනවා ඇති..ඇයි යකෝ ලේසි පාසු බඩුද..එකෙක්වත් නැහැ කිලෝ පණහට අඩු...

කොහොම හරි අපි ඒ තුන් රෝද රථයේ නැගලා අපේ ගමන ගියා...අනේ මෙන්න වැඩක්..ඒකෙන් ගෙහුං අපේ ගමනාන්තයෙන් බහින ටිකට අපේ අප්ෂැට් මැඩොම් අර තුන් රෝද රථයේ තිබුන මජං ටික ඔක්කෝම අර ඇඳගෙන උන්න ඇඳුමෙන් පිහදාලා බැහැලා තිබුනේ...මදෑ ඔයින් ගියා..මොනවා උනත් යුතුකං දන්න මැඩොම්..අර ආව ටිකට ඒ රථයත් සුද්ද කොලා නෙව..

ඉතිං කොහොම හරි අපි ආවේ අනුරාජපුරෙන් ටිකක් බටහිර පැත්තට වෙන්ට තිබ්බ නටබුන් ටිකක් බලන්ට තමා..ඒ ඇවිත් නටබුන් බැලිල්ල පැත්තකින් තියලා අර අරගෙන ආව බත් ටික ලෙහාගෙන කාලා..අහල පහල හිටිය බළු තඩියෝ ටික එහෙමත් හුරතල් කොරලා නලවලා හිටියා කියමුකෝ..

ඊට පස්සේ තමයි ඕං අපි අර නටඹුන් නැරඹුවේ..

ඇත්තටම අනිත් අය මේවා නැරඹුවට මොකද මංතුමානං කොලේ මගේ අර සියුම් විද්වත් ඥාණය පාවිච්චි කොරලා මේ නටඹුන් පරීක්ෂා කොරලා විශේෂ සොයා ගැනීමක් කොරපු එකයි..

ඇත්තටම අපේ පුරා විද්‍යාඥයෝ හරි දුර්වලයි..එහෙම නැත්තං හිතා මතාම අතීතය සඟවන්න හදනවා..උන්දලා පරීක්ෂා කොරන කොරන තැන්වලින් මතු වෙන්නේ එක්කෝ රජ මාළිඟාවක්..එහෙමත් නැත්තං පන්සලක්...

ඒත් මං මේ ස්ථානය පරීක්ෂා කොරපු ගමන් මට තේරුනා මේක එහෙම තැනක් නොවන විත්තිය..හුගක් අය මේවා පැරණි ආරාම කියලා හැඳින්නුවට මොකද මේවා ඇත්තටම පැරණි සමාජ ශාලා කියන එක මගේ අර ටිකිරි මොලේට හොඳටම තේරුනා..

ඇයි ඉලව්වේ ඉස්සර හිටිය රජ දරුවෝ..එතකොට සිටු දරුවෝ..උනුත් උපන්න දවසේ ඉඳන් බණ භාවනා කොලැයි..මේ සම්මජ්ජාතියට එහෙම වෙන්න හැටියක් නැහැනේ..එහෙමනං අද ඉන්න ඔය ලොකු ලොකු ඈයින්ගේ පුත්තරයොත් එහෙම සිල් රැක රැක ඉන්ට එපැයි..

ඇත්තටම එතන තිබුනේ ඉපැරණී සමාජශාලාවක්..ඒකේ පිවිසුම් දොරටුවේ තිබුන මුර ගේ දිහා බැළුව ගමන් පේනවා එතන තඩ සයිස් එකේ පොරවල් දෙන්නෙකුට ඉන්න තමා හදලා තියෙන්නේ කියලා... ඔය දැන් අපේ තියේන රාත්‍රී සමාජ ශාලාවල ඉස්සරහම ඉන්නේ දඩ සයිස් පොරවල්..ඉස්සරත් එහෙමම තමා වැඩේ කෙරිලා තියෙන්නේ..මෙම්බර් ෂිප් එක නැත්තං බෙල්ලෙන් අල්ලලා එළියට දානවා..

ඉතිං ප්‍රධාන පිවිසුමෙන් ඇතුළට ආවට පස්සේ ඒකේ ඇතුලේ ස්විමිං පූල්ද..වෙන වෙනම පැත්තෙන් පිහිටි කුඩා ලැඟුම් හල් වගේම ටිකක් උස්සලා හදපු විවෘත වේදීකාවක් වගේ එකක් විතරක් නෙවෙයි හොඳ දියුණු ආකාරයේ වැසිකිලි පද්ධතියකුත් තියෙනවා නෙව..එහෙං පිටිංම සුපිරි පන්නයේ සමාජ ශාලාවක්..ආයේ ඒකේ දෙකක් නැහැ... මං ඕන පුරාවිද්‍යාඥයෙක් එක්ක තර්ක කොරන්ට ඒ වෙලාවේ ලෑස්ති වෙලා හිටියත් අපේ අර නඩේ ගුරා වෙච්ච මැඩොම් මගේ මේ නවතම සොයා ගැනීම ගැන බොහෝම පැහැදිලා මාව කන්ට වගේ බලපු බැල්මෙන් පස්සේ මං ඒ අදහස වෙනස් කොරගත්තා..ඒක මොකක් උනහම මට මොකෝ..එක්කෝ අරාමයක්..නැත්තං මාළීගාවක් වෙන්ට ඇති..

ඒ කාලේ හිටිය එකෙකවත් සමාජශාලා දන්නේත් නැත එවාට ගියේත් නැත..උන් උපන් දවසේ ඉඳන් බණ භාවනාම කොරලා මැරිලා ගියාය කියලා විතරක් මං හිතා ගත්තා...ආයේ මොටද මට ඔය වැඩි කතන්දර...

හරි ඊට පස්සේ අපි ඒ පැත්තේ තිබුන තවත් ක්ලබ් එකක..ආ නැහැ නැහැ ආරාමයක නටබුන් බැළුවා..ඊට පස්සේ එතැන හිටං කිලෝ මීටර් හයක් පයින් ඇවිදගෙන ආවා කියමුකෝ තිසා වැව ගාවට... ඒ එන අතරේ අපේ උන් ටික පාර පුරා කෝච්චි යන්ට ගෙහුන් අර හොරිකඩ පූෂෟගේ සෙරෙප්පුවකුත් කැඩුවා... හැබැයි ඉතිං කල් ඇතිවම අර මෝහිනීට ඇඩ්රස් එක දුන්නනං පූෂාට සෙරෙප්පුව බේරගන්ට තිබුනා කියන එක තමා මගේනං අදහස..

කොහොම කොහොම හරි අතර මගදී අපිට තවත් අර වාගේම එකක්..ඔව් ඔව් ආරාමයක්..අන්න එහෙම එකක් හම්බ උනා..අපි ඒකත් වන්දනා කොරගෙනම තිසා වැව ගාවට ආපි..

ආයේ ඉතිං මොනවද..? කස්ටිය බාගෙට හිඳිගෙන යන වැව් පිටියේ මොනවදෝ මංදා නම නොදන්න ගහක් යට අපි අරං ගෙහුං තිබ්බ එකම ඉටි කොල කෑල්ල එලාගෙන හරක් රංචුව වගේ එකා පිට එකා වැටිලා ‍මහන්සි ඇරියා..

ඔන්න ඔය වෙලාවේ තමා අපේ අර ගෝරිලි පුතා නැවතත් රගන්ට ගත්තේ..

උදේ අර බත් ගෙඩිය කෑව වෙලාවේ ඉඳන් ඒ බත් එකේ තිබුන සම්බෝලේ හැදුවේ උන්දැගේ මාමාගේ දුවයි කියලා අපිට කියලා..ඒ සම්බෝලේ හෙනට පාරට්ටු කොරලා..අන්තිමේදී අපි බලං ඉද්දිම මේකා ඒ කෙලීව සහේට ගන්න හැටියි..දරු මල්ලෝ හදන හැටියි ගැන කියලා හෙන සිහින මාළීගාවක් ගහලා තිබුනේ..අනේ අර මාමා දන්නවනං මූට බත් නෙවෙයි බැඳලා දෙන්නේ..අර වැව් පිටියක හිටිය කේඬෑරි වැස්සියෙක්ව..

කොහොම හරි මෙච්චර වෙලා නෑනගේ සම්බෝලෙන් මන්මත් වෙලා හිටිය ගෝරිලි පුතා මෙන්න එක පාරටම වෙනස් වෙන්ට ගත්තා...

හත් ඉලව්වේ අපි හිටිය තැනින් මීටර් තුන් හාර සීයක් ඈත කව්දෝ මංදා ගෑණු ටිකක් නානවා නෙව..අනේ උන් කෙල්ලොද මහ අම්මණ්ඩිලද කියලවත් ‍හරියට හොයන්න බැහැ..ඒත් මේකා දැන් ඒ පැත්තට කැමරාවක් අමෝරාගෙන හිටු කියලා පොටෝ ගහනවා..අපිට ෂිකේ කියලා හිතුනා පින්වතුනි..බලන්ට මේකා වගේ එකෙක්..අර අසරණ ගෑණු පරාණයකටවත් නිදැල්ලේ නා ගන්නට ඇහැකිද මේ වගේ ගොබිලෝ දෙතුන් දෙනෙක් හිටියොත්.. කොටින්ම මුගේ සරාඟි ගති ලක්ෂණ ඉස්මතු වෙන්ට තිබා ගත්තේ මේ වෙලාවේ තමා... පැයක් එක හමාරක් යනකල් මේ වදේ ඉවසලා බැරිම තැන් අපි තීරණය කොලා මෙතැනින් එන්ට..

කොහොම හරි එතන ඉදලත් කෙටි මාර්ග හොයාගෙන යාන්තං අපේ නවාතැන් පොලට ආවා..කෙටියි කිව්වට තිසා වැව ලග ඉදලත් කිලෝ මීටර් හතරක් විතර ගෙවාගෙන තමා ආවේ...කොහොම හරි එදත් එහෙට මෙහෙට කැරකිලා කිලෝ මීටර් දහයක් පහළවක් ඇවිද්දයි කියමුකෝ.. ඔන්න ඉතිං ඊට පස්සේ අවසාන ජවනිකාව...

ආ තව එකක් කියන්ට අමතක වෙනවා..මේ පයින් යෑමේදී අපේ ක්‍රීඩා කොරන දෙන්නෙක් බොහෝම ලස්සනට ආවා කියන එකත් කියන්ටම ඕන...එකෙක් රගර් කීඩෑවෙක් අනිත් එක්කෙනා කිරිකට් කණ්ඩායමක නායිකාවක්..අපරාදේ කියන්ට බැහැ උන් දෙන්නා ඇර අනිත් උන් ඔක්කෝම කොහොම හරි අඩන්නේ නැතිව ආපහු ආවා උනත් අපේ මේ සුපිරි ඩබලනං හති මුනින් දාගෙන මැරෙන්න ඔන්න මෙන්න වගේ තියාගෙන තමා ආවේ..අනේ ඉතිං අපේ රටේ කිරීඩාවලට යන කල..මේ වගේ අඩි දහයක් ඇවිදින්ට බැරි උන් නෙව හෙට දවසේ අපේ කිරීඩාව බාර ගන්ට ඉන්නේ..දැන් මං කියන්නේ නැහැ අපේ රගර් කීඩෑවා ගෝරිලි පුතාය..කිරිකට් නායිකාව මෝහිනීය කියලා එහෙමනං..ඒවා ඔහේලා හිතා ගන්ට ඕන..

කොහොම හරි නවාතැනට ඇවිදින් නාලා කාලා..ලෑස්ති වෙලා අපි ආයෙමත් ඉස්ටේසමට ආවා..ඒ ඇවිත් එතනදීත් අර සරාඟී ගොයියා නටපු නාඩගං ගැන කියන්නට මට බැහැ හිතවතුනි..ඒවා ඒ තරමටම කුජීතයි..දුක්ඛීතයි..ප්‍රණීතයි..අහ්..ප්‍රණීතයි කියන වචනේ මෙතනට ගැලපෙන්නේ නැහැ කියලද ඔහේලා කියන්නේ..අපෝ නැහැ හරියටම ගැලපෙනවා..මොකද උන්දෑ අර ඉස්ටේසමේ හිටිය කෙල්ලෙක් පස්සේ වැටිලා ආයෙම වංගියක් පිස්සු කෙල කෙල ඉන්න අතරේ..ඒ කෙලී ගාවින් යන්ට එන්ට පොටක් හොයා ගන්ට ගෙහුං හොයා ගත්තේ එකම එකයි..ඒ තමා ඉස්ටේසමේ තිබුන කැන්ටිමට යන එක..ඉතිං ඒකා කැන්ටිමට යනවා..පෙරිය සයිස් බීම බෝතලයක් ගන්නවා..ඒක අපිට ගෙනත් දෙනවා..ආයෙත් යනවා..ආයෙත් බීම එකක් එනවා..ඔන්න ඔහොමයි හිතවතුනි මේකාගේ නාඩගං අපට ප්‍රණීත උනේ...

ඉතිං අවසානේදී යාල් දේවී දුම්රියේ කොළඹ බලා එන්න අපි හැමෝම ගොඩ උනා නෙව..

ආ එහෙම කිව්වම තව කතාවක් මතක් උනේ..ඔය අපේ ගමන යන්න සාකච්චා කොරන අතර වාරයේ අපේ තවත් මිත්තරයෙක් හැමදාම ඒකට සම්බන්ධ උනා..ඒත් ඒ හාදයට අපිත් එක්ක යන්ට හැටියක් තිබුනේ නැහැ..මොකද උන්දෑ ඉන්නේ ඔටුවෝ ඉන්න රටක..ඒත් අනේ අපරාදේ කියන්ට බැහැ..ඒකත් හරි උනන්දුවෙන් අපිත් එක්ක කතා බස් කොරා ඔය ගමන ගැන..

අන්තිමට අපේ පූෂා හෙන ටෝකක්නං දුන්නා ලැප් එකක් ගෙනල්ලා වෙබ් කෑම් දාලා ඒකවත් ගමනට සැට් කොරගන්නවා කියලනං..ඒත් ඉතිං ඔහෙලට කියන්ට ඕනද ඔය පූෂා ගැන..ඌ කවද්ද කිව්ව දෙයක් කොලේ..
එහෙම කොලනං මගේ මයිල් ටිකත් ගැලවෙන්ට එපෑ ගමන ගෙහුං එන්ට කලියෙන්..

ඉතිං කොහොම හරි ඒ කිව්ව විදියට නොවුනත්..අර අපේ ඔටු මිත්තරයා ගමන පුරාවටම අපට දුරකථන ඇමතුම් දිදී විස්තර දැන ගන්න උත්සහ කොලා...ඒත් කරුමේ කියන්නේ ඒකා අපිට කෝල් කොරන්නේ කොයි වෙලාවෙද..ඒ හැම වෙලාවෙම අපි ඉන්න තැන මොකක් නමුත් ලොකු ඝෝෂාවක්..එක්කෝ අපි කොච්චියේ..නැත්තං අපි ඉන්න තැන මොකක් හරි ශබ්ද විකාශන යන්තරයක් දාලා.. ඔය වගේ මොනවා හරි අට මගලයක්..ඒත් මේ අපි අවසානේදී කෝච්චියට නගින්ට කියලා ඉන්නකොට කෝච්චිය පරක්කු හින්දා ටිකක් තද වෙලා උන්නේ..ඔන්න බොලේ මේ වෙලාවේ අපේ ඔටු පුතාගෙන් කොල් එකක් ආපි... මං හිතන්නේ අපේ ගමන පුරාවටම ටිකක් නිසංසල පරිසරයක් මැදදී ඒකා කතා කලේ ඒ වෙලාවේ තමා..

ඒත් එක්කම මට කියඋනා දැන්නං ෂුවර් කෝච්චිය එන්ට ඕන..කියලා...

අනේ ඇස්වහක් කටවහක් නැහැ අන්න අනිත් පැත්තේ වංගුවෙන් කෝච්චිය මතු උනා..ඉතිං ඒ කෝල් එකත් තත්පර ගානකට සීමා කරන්ට උනා...

ඔන්න ඔහොම අවසානෙදී අපි කෝච්චියේ නැගලා ආපහු ආවා නෙව...පොඩි හිතේ අමාරුවකට තියෙන්නේ මට අනිත් අය එක්ක කොළඹට යන්ට උනේ නැති එකයි..රෑ හතට විතර මං වේයන්ගොඩ ඉස්ටේසමෙන් බැහැ ගත්තා..අනිත් අයත් අරගෙන කෝච්චිය කොළඹ පැත්තට හයියෙන් යන්ට ගියා...මොනවා කොරන්ටද කොළඹට ගෙහුං ආයේ එන්ට තරං හිත කිව්වත් ආයෙම පහුවදා පාන්දරම මං බයිසි මොටෝ එකෙන් ඇඹිළිපිටි යන්ට එපැයි..ඒ හින්දා දුකෙන් නමුත් ගෙදර ආවා...

එතනින් මගේ චාරිකාව නිමා උනා..අනිත් අයත් ගෙවල් වලට ගෙහුං පණිවිඩ එහෙම එවලා තිබුනා...මාත් රෙදි පෙරෙදි ඔක්කෝම හෝදලා දාලා අරං ආව මොනවද මංදා ගිල දාලා දොයිය ගත්තා පහුවදා පාන්දරින් දෙවෙනි චාරිකාව පටන් ගන්න කියලා හිතාගෙන...ඔන්න මේ කතාවනං ඉවරයි...

ඊ ළග චාරිකාව ගැනනං ලියන්ට දෙයක් නැහැ..පහුවදා උදෙන්ම නැගිටලා ආයෙමත් බෑග් එක හදා ගෙන ගියා ඇඹිළිපිටි.. ඒ යන අතරමගදී ගොඩකවෙලදී අපි දන්න කියන යාළුවෙකුවත් යන්තං බලාගෙන ගියා..උඩවළවේ ඩෑම් එක උඩ නවත්තන්ට ආසා උනත් මං යන ගමනට පරක්කු වෙන හින්දා බයික් එකේ යන ගමන්ම පොටෝ ටිකක් ගැහැව්වා..ඒවා වදීද කියලවත් ෂුවර් එකක් නොතිබුනාට ඇත්තටම පස්සේ බලද්දි හොදට තිබුනා...මට ඒ පොටෝ ටිකනං හරියට වටිනවා..මොකද ඒ පොටෝ ටික ගද්දිත් බයික් එකේ මීටර් කටුව 60 ඉලක්කම පන්නලා තිබුනේ..එහෙම යන ගමන්ම තනි අතින් ඔය ටික ගත්ත එක හරි අපූරුයි මටනං..

කොහොම හරි ගියේ පහුවදා හවස එන්ට උනත්..මගේ රාජකාරි ස්ථානයේ පොඩි අවුලක් හින්දා රෑ නවයයි හතළිස් පහට විතර මට ආව කෝල් එකක් හින්දා මට ආයේමත් එදා රෑම එන්ට උනා..එහෙං රෑ දහයට මං ආයෙමත් පිටත් උනා අර ඇඳ ගෙන ගිය ඇඳුම් පිටිංම...

කොහොම හරි රෑ එකයි දහයට මං ආයෙමත් මගේ නවාතැන් පොලට ආවා... මං සාමාන්‍යයෙන් රෑට හුගක් දුර බයික් පැඳලා තිබුනේ නැති හින්දා ඒ අත්දැකීමත් පොඩි වෙනසකට එක්ක වටිනවා..ඒත් ගමන් මහන්සියනංඋපරිමයි කියලා කියන්ට ඕන..මොකද කලින් දවස් තුනත් රස්තියාදු ගහලා..අනිත් දවසේ උදේත් බයික් එක පැදලා..ආයෙම නා ගන්නවත් නැතිව හැරෙන තැපෑලෙන් මහ රෑම හීතලේ බයික් එක පැදං එන්න උනහම දැනෙන ෂනීපේ ගැන කියලා වැඩක් නැහැ..කොහොම හරි ඒ හැම දෙයක්ම දැන් ඉවරයි...

--------------------------------------------------------


කොහොම නමුත් අනුරාධපුරේ..වව්නියාව..ඕමන්තේ දක්වා ගිය අපේ ගමන හරිම අපූරුයි..ඒ සඳහා මාවත් කුදලං ගිය අපේ ආදරනීය ලොකු මැඩොං ඇතුළුව සියළු දෙනාටම බොහෝම ස්තූතියි.. ඒ වගේම එකා වගේ එකට වැටිලා කාලා බීලා පිස්සු නටපු උඹලා හැමොටමත් ස්තූතියි..

විශේෂයෙන්ම මේ තරං මඩ ගහයි කියලා උඹලා හිතුවේ නැති උනත්..ඒ ගහන මඩ හිනාවෙන් බාරගත්ත එකට අනිත් හැම දේටමත් වඩා ස්තූතියි..එහෙනං අපි ආයේමත් හෝටන් තැන්නේ යන ගමනෙන් ලබන මාසේ දිහාවට හම්බ වෙමු...
---------------------------------------------------------

ගමනට නොගියත්..මාත් එක්ක මේ ලියමනත් එක්ක ගමන ගිය හිතවත් ඔබ සැමටමත් ස්තූතියි... ඇත්තටම පෞද්ගලික අත්දැකීමක් අනිත් අයත් එක්ක බෙදා ගනිද්දි ඒක ලේසි නැහැ..ඒ වගේම අපි කිහිප දෙනෙක් විතරක් දන්න කාරණා ටිකක් පොදුවේ අරගෙන මඩක් ගහන්න ගියහම ඒක බලන තුන්වැන්නෙකුට සමහර විට ඒක තේරුං ගන්න අමාරු වෙන්නත්..ඒ වගේම ඒ කෙරෙහි නොපහන් හැගීමක් ඇති වෙන්න ඇහැකි උනත්..බොහෝම ආසාවෙන් ඒ අත්දැකීමට සම්බන්ධ උන හැම දෙනාටම නැවතත් මගේ ස්තූතිය පිරිනමනවා...

ආයිමත් ඊ ළග චාරිකාවෙන් අපි හමු වෙමු...

37 comments:

  1. මාරයියගේ ගම පළාත් ඇඹිලිපිටිය දිහාවෙවත්ද ? අපිත් ඒ දිස්ත්‍රික්කයේම තමයි..

    ReplyDelete
  2. @ඉඳුනිල්...

    අපොයි නැත..මං ඉපඳුනේනං බලංගොඩ..ඒත් මගේ ගම්පළාත බස්නාහිර පළාතේ..ගම්පහ දිස්ත්‍රික්කයේ තමා...

    ReplyDelete
  3. මට හිතා ගත්තෑකි කවදා හරි මාරයියා එක්ක ගමනක ගියොත් වෙන වැඩේ ................ :D :D :D

    ReplyDelete
  4. බලංගොඩ කොච්චර කාලයක් හිටියද මාරෙ ?මමත් ඔය ඒරියා එකේනෙ..දැන් කොඹල උනාට.. මන් හිටිය 93 වෙනකං..

    ReplyDelete
  5. onnna maraiya hoda wadakarayalu motar cycle ekakuth tiyanawalu..aa motor sycle eke 60 wadiyen yannath puluwanlu...maraiyata tani atin driven karannath puluwanlu...onna man kathawe saranshaya haduwa...

    ReplyDelete
  6. මේ අප්සැට් මැඩම් බූලට නොසෑහෙන්න වද දීලා තියන පාටයි...වැඩිම මඩ ප්‍රමාණයක් වැදිලා තියෙන්නෙ එයාටනෙ...මඩ සෝදා ගත් කල මොනවටද දන්නෙ නැහැ එයා සුදුසු.....

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. දැන් තියෙන සමාජ ශාලා වල නටබුන් තව අවුරුදු ගානකින් හොයා ගන්න පුරාවිද්‍යාඥයො ඒවා ඒ කාලෙ තිබ්බ පූජනීය ස්තාන කියයිද දන්නෑ...හික්..හික්..
    ඔය බවලත් අය නාන අවස්තාවෙ ගත්ත පොටෝ නැතෙයි... :D
    තනි අතින් බයික් පැදීම නම් අවදානම්..වීරකමකට වඩා මම දකින්නෙ ඒක මෝඩකමක් කියල...අවවාදයයි..!!!තවත් එසේ නොකරනු...
    අයියෝ මූත් නාන්නෙ නෑ නේ...අපි වගේමයි...

    ReplyDelete
  9. මම නම් මාර අයියේ ගම්පහ ..... දිහාවේ හරියට බැලුවොත් මම මාර අයියාව උදේ හැන්දැවේ දකිනවා මොනා කරන්නද මට මාර ලැජ්ජාව මාර අයියාව දකිද්දි ඔන්න ඉතින් මම මාර අයියගේ තුනේ චාරිකාවත් සමග මාර චාරිකා කියෙව්වා .....

    ReplyDelete
  10. අයියෝ "තැන්නට" යන වුන්ට කන්න වෙන මඩක තරම...
    යන එවුන් දැන්මම ලෑස්ති වෙයල්ලා..

    හැටට යන කොට ගහපු ෆොටෝ වගයක් දානවා කිව්වට දැම්මෙ නෑ නේද මාරයෝ...?

    ReplyDelete
  11. කෝ අර වීර ක්‍රියාව කරල ගහපු ෆොටෝ.. ටික.. එකත් දාපං මාරයියේ...

    ReplyDelete
  12. බුලාගෙ චාරිකා අOක 3 ඉවර කලාට කම් නෑ.අනිත් පිOතුර ටිකත් එල්ලුවා නම් හොදා අපිට බලන්න...හොර්ටන් තෑන්නෙත් ඉක්මනටම යන්න ලෑබේවා කියල පර්තනා කරනව.

    ReplyDelete
  13. ඔය සමාජ ශාලා අස්සෙ පරන හංගපු කොටයක් එහෙම ති‍බුනෙ නැතෙයි.
    කොහොම උනත් කතාවනං චිත්ත රූප මැවෙන්න ලස්සනට ලියල තියෙනවා.
    60 ගිහින් ෆොටෝ ගන්න ගිහිල්ල උඩවලවෙ වැවෙන් නාන්න උනානං තමා වැඩේ. මොකද මේ ළගදිත් ඕකට සෆාරි ජීප් එකක් ගිහිල්ල තිබුණ පොඩි එකෙකුත් යටකරගෙනම.
    හෝර්ටන් යන ගමනත් සාර්ථක වෙන්න කියල පතනවා.

    ReplyDelete
  14. මටත් මේක කියවද්දී ඇති වුනේ හරිම නොපහන් හැඟීමක්. ඒකට කියන්නේ ඊරිසියාවද මොකක්ද කියලා

    ReplyDelete
  15. @සුපර්...

    හික් හික්..වරෙංකෝ ෂුරුට්ටු පත්තු කොරන්ට..මං තව එකක් ලියන හැටි බලන්ටත් එක්ක...

    ReplyDelete
  16. @Weni...

    අපොයි මං බළංගොඩ උන්නේ අවුරුදු 2ක් වගේ දීර්ඝ කාලයක් තමා ඕං..හික්...

    ඇත්තටම අපේ ගම් පළාත් නෙවෙයි බළංගොඩ..ඒත් ඒ දවස්වල තාත්තා හිටියේ ඩිපෝ තුනකම ටයර් පරීක්ෂක හැටියට..ඉතිං කල්තොට තමා නැවතිලා හිටියේ..

    ReplyDelete
  17. @ඇනෝ නංගී...

    හොඳ වෙලාවට මං ප්‍රංශේ පැත්තේ එන එකක් නැති වෙයි..:D

    ReplyDelete
  18. @Luckey...

    අප්පේ වද දුන්නා නෙවෙන්නං බොහොම තදින්..ඒත් ඉතිං අපරාදේ කියන්න බැහැ...අපි ඊට වඩා එයාට වද දුන්නා..ඒත් එයා නෙවෙයි වචනයක්වත් කිව්වේ ඔහේ ඉවසං උන්නා මිසක..

    මඩ සෝදා ගත් කල මං හිතන්නේ එයා හොද කන්ටයි නිදියන්ටයි වගේ තමා..

    ReplyDelete
  19. @සරදියෙල්...

    මොකද මේ සරා කොමෙන්ට් මකන්නේ..කූඹියගේ ප්‍රහාරයකට ලක් උනාවද්ද..?

    ReplyDelete
  20. @ප්‍රසංග...

    අනිවාර්යයෙන්ම ඔය වගේ මොනවා හරි පූජනීය ඉස්ථාන ටිකක් කරලා දායි එකෙන්ම..

    යකෝ මේකත් අපේ ගෝරිල්ලා වගේ වෙලානේ..හොයන්නේම බවලත් උදවිය..සික් විතරක්...

    අපොයි අර මෝඩ ක්‍රියාව ගැනනං කියන්ට එපා.. මං දැනටම එක්කෙනෙක්ගෙන් බැනුං ඇහැවුවා..ඒකට හේතුව බොලාගේ කොමෙන්ටුව තමා..මට උඩ පැනලා ගැහැවුවේ ඒක කියවලා..

    තනි අතින් බයික් පැදීම වීරක්‍රියාවක් නෙවෙයි කියලානං හොඳටම දන්නවා..ඒත් දුර ගමන් යද්දී මං ටිකක් අත අතෑරලා යනවා..ඒත් ඒ වාහන නැති වෙලාවට විතරයි..පේනවනේ පොටෝව..පේන තෙක් මානෙක වාහනයක් නැහැ නෙව...එහෙම නැතිව වංගුවලයි..සෙනග ඉන්න වෙලාවටයි මං බොහෝම ප්‍රවේසමට යන්නේ...

    නානවා යකෝ නානවා..වැඩට ගිය දවසටත් තුන් වරුවේ නානවා උනත් එදා ගියේ වැඩකට හින්දා නාන්න වෙලාවක් අහු උනේ නැහැ..ගිය ගමන්ම වැඩ පටන් ගත්තා.. අන්තිමේදී වැඩ නතර කරද්දී තමා කෝල් එක ආවේ..ඉතිං මක්කදෑ කොරන්නේ..ගෙදර ඇවිත් පාන්දර නෑවා..

    ReplyDelete
  21. @වේලාව ලගයි...

    "හරියට බැලුවොත් මම මාර අයියාව උදේ හැන්දැවේ දකිනවා මොනා කරන්නද මට මාර ලැජ්ජාව මාර අයියාව දකිද්දි"

    මේ කිව්ව එකනං පැහැදිලි උනේ නැහැ නෙව...

    ReplyDelete
  22. @නාකියා...

    අනේ මං කාටවත් මඩ ගහන ළමයෙක් නෙවෙයි අප්පා..(දැනටමත් මාව ගමනින් කපන තැනට සංවිධායක මණ්ඩලේ ඇවිත් ඉන්නේ)

    ෆොටෝ ටික බුකියට අප් කලා නෙව
    මෙතනින් බලන්ටකෝ..
    http://www.facebook.com/media/set/?set=a.1682830488969.65618.1783813709&type=1

    ReplyDelete
  23. @පොඩි මෑන්...

    යකෝ පොඩි එකෝ..හෙමිහිට කියපන්..නැත්තං කස්ටියක් මාව කනවා..
    මෙන්න හොරෙන්ම ගෙහුන් බලං එන්ට..

    ReplyDelete
  24. @දෝණි...

    මෙන්න මෙතනින් බලන්ටකෝ ඔක්කෝම ඇති...
    http://www.facebook.com/media/set/?set=a.1682903410792.65624.1783813709

    http://www.facebook.com/media/set/?set=a.1682830488969.65618.1783813709&type=1

    ReplyDelete
  25. @Praසන්ன...

    හිටිං හිටිං ඒකත් ගිහිං ඇවිත් දාඤ්ඤං...

    අඩේ අර බැම්මට උඩිං ගියානං නිකං පියාඹනවා වගේ තියෙන්න ඇති නේද..?

    ReplyDelete
  26. @වෙද ගෙදර මහ වෙදනා...

    හික් හික්..එහෙමත් නොපහන් හැඟීම් පහළ වෙනවා නේද..?

    ReplyDelete
  27. මටනම් ඉරිසියාව කියන රෝගී ලක්ශනේ පහල වෙනවා මේවා කියවද්දි

    ReplyDelete
  28. @පිස්සා පලාමල්ල...

    ඇයි බං මෙච්චර රට රාජ්ජවල ඇවිදින උඹටත් එහෙම පහළ වෙන්නේ..ෂික්...

    ReplyDelete
  29. ඔය උඩම පිංතූරේ උඩවලව ඩෑම් එක උඩ නේද ?

    දැන් නියමයි නේ

    ReplyDelete
  30. මාරයා අයියටත් පුරා විද්‍යාඥ දැනුම තියේ වගේ.. :)

    මේ.. ඔහොම කෑම තියං නිදාගන්නෙ.. බලාගෙන.. සත්තු එන්ට පුලුවනි..

    ReplyDelete
  31. බොහොම අගේ ඇති ගමනක් නෙව. හෙහ් හෙහ්.....

    ReplyDelete
  32. අ‍නේ හැබෑට මං කිව්වා කියලා හිතාගන්ට අයියණ්ඩිට............ ‍මෙච්චර කට්ටියට උප‍දෙස් දෙන ‍කෙ‍නෙක් ‍වෙලත් ‍කරන ඒවා.........

    ReplyDelete
  33. @නිශ්...

    ඔව් මචං..දැන්නං ඒ පාර දිවිය ලොකේ වගේ..නියමෙටම තියේ..ගිය අවුරුද්දේ මං යද්දි බොහොම අමාරුවෙන් ඔය ටික ගියේ..දැන්නං යන්ට ආස හිතෙනවා...

    ReplyDelete
  34. @නිර්මාලි...

    ආයෙත් අහලා..මං මෙහෙම හිටියට පුරාවිද්‍යා චක්කරවර්තී...

    බය වෙන්ට දෙයක් නැහැ..මගේ වටේ හිටියෙත් අමුතුම සත්තු ටිකක් වෙච්ච කොට...

    ReplyDelete
  35. @nawammawatha...

    ඒ ගැනනං කියලා වැඩක් නැත..පවසලා පලක් නැත...

    ReplyDelete
  36. @හා පැටික්කි...

    වැඩක් නැහැ කියලා ඒ ගැනනං...මගේ නම්බුව කේවා..කේවා...

    ReplyDelete
  37. බයික් එකේ යද්දි ගත්ත ෆොටෝ ටිකත් තිබුන නං කීයත් වටිනවා ...

    ReplyDelete