07 August 2011

සීනි සම්බෝල.. මාර සරණියේ තවත් පියවරක්...


කාලෙකින් කන බොන දෙයක් ගැන ලියන්ටත් බැරි උනා නෙව..ලියනවා තියා මටත් පහුගිය දොහේ හරි හමන් කෑමක් බීමක් තිබුනේ නැහැ..තුන් මාසෙකට ආසන්න වෙන්ට කඩෙන්ම නෙව තුන් වේලම නෙළුවේ.. අපොයි මං මලා..

එක පැත්තකින් වියදම..සාමාන්‍යයෙන් මං උයන් කන වියදම වගේ දෙගුනයකටත් එහා වියදමක් යනවා කඩෙන්ම කෑමට ගියහම..ඒකත් හා කියහංකෝ.. ඒත් තුන් වේලටම තෙලුයි මිරිසුයි විතරමයි..මගේ බඩත් එක්ක මඤ්ඤං වෙලා හිටියේ ඒ ටිකේ..

හැබැයි හිතන්ට එපා මං කඩ කෑම වලට අකමැතියි කියලා..එහෙම නැහැ. මං කඩ කෑමවලට කැමතියි..ඒත් දවස ගානේ කන එකනං ටිකක් අමාරු වැඩක්..විශේෂයෙන්ම මට ඕන තරමට කොල මැල්ලුං එහෙම නැති වීමත්..කඩේ තියෙන පොල්කුඩු සම්බෝල කටේ තියන්න බැරි වීමත් වගේ ගැටළු හුඟයි...අනික පොල් කිරි වලින් හදපු දෙයක්..හොඳ කරවල හොද්දක් එහෙම කඩේ කෑම කන අයට හීනයක් විතරයි...

ඒත් ඉතිං යාන්තං මේ මාසේ මුල ඉදලා වගේ ආයෙමත් මට උයා පිහා ගෙන කන්න ඇහැකි උනා..ඒ මගේ අළුත් නවාතැනට පින් සිද්ධ වෙන්න...

ඉතිං ආයෙමත් මං ඉස්සර විදියට බත් මිටක් උයාගෙන තව මාළුවක් පින්නක් හදාගෙන කාලා බීලා නිවී හැනහිල්ලේ ඉන්නවා.

ඉතිං අද මේ ලිපිය දාන්න හිතුනේ මං මේ ළගදී හදපු සීනි සම්බෝල වගයක පින්තූරයක් මූණු පොතේ දාලා තියෙද්දී ඒක දැකලා අපේ කැන්ගරු රටේ ඉන්න මගේ නංගි කෙනෙක් කරපු ඉල්ලීමක් හින්දා...ඒකිටත් රෙසපිය ඕන කිව්වේ..ඉතිං මං හා එවන්නං කිව්වට පස්සේ හිතුනේ..එයාට යවන්න වෙනම ලියනවට වඩා මෙහෙම ලියලා හැමෝටම බලන්න දැම්මනං හරිනේ නේද කියලා...

මහ ලොකුවට සීනි සම්බෝල හදන්න කියා දෙන්න ගියාට මොකද මාත් තවම ඕක එකම එක පාරයි හැදුවේ..හැබැයි දෙයියන්ගේ පිහිටෙන් එක පාරෙන්ම වැඩේ හොඳටම ආවා..දැන්නං ඉතිං සීනි සම්බෝල ගැන අවුලක් නැහැ..ඒකයි මේ වැඩ්ඩා වගේ කියා දෙන්න යන්නේ...

සීනි සම්බෝල හදන්න උනේ මං අර කලින් ලියාපු මගේ අනුරාධපුරේ චාරිකාවට ගෙනියන්න තමයි.
අපේ ගමනේ දෙවෙනි දවසේ උදේට පාන් කන්න සීනි සම්බෝල ගෙනියන්න හදද්දී මං ඒක බාර ගත්තා..මුලින් හිතුවේ කඩෙන් සීනි සම්බෝල බෝතල් දෙකක් අරං යන්න උනත්..පස්සේ මට හිතුනා කඩෙන් ගෙනියනවට වඩා මංම ඕක හදලා බලන්න ඕන කියලා...ඒකට හේතුවක් තිබුනා..

ඒ තමා මෙයිට මාස කිහිපයකට කලින් මං ෆුඩ්සිටියකින් චිලී පේස්ට් බෝතලයක් ගත්තා..ඒත් එකේ රසය මට ඕන විදියට තිබුනේ නැහැ..අන්තිමට මට තේරුනා ඒකට හේතුව..ඒ තමා ඒ චිලී පේස්ට් එකට සුදු ළුණූ නැහැ කියන එක..ඇත්තටම සුදුළුණු දාපුවහම හුගක් කල් තියා ගන්න බැහැ..සුදු ළුණු නරක් වෙන්න බලනවා..ඒත් සුදු ළුණූ නැති චිලිපේස්ට් වලින් ඇති වැඩක් තියේද..?

ආන්න එ වගේ කඩෙන් ගන්න සීනි සම්බොලේ මොනවා නැති වෙයිද කව්ද දන්නේ.. ඒ හින්දා මං හිතුවා අත්හදා බලන්නත් එක්ක වැඩේ තනියම කරන්න ඕන කියලා..වැඩේ දෙල් උනොත් කඩෙන් අරං යනවා කියලා හිතුවා... මොකද අපේ කට්ටියට නෝන්ඩි වෙලත් බැහැනේ...

ඉතිං හිතේ හුරුවට සහ සිනී සම්බෝලේ රහ ගැන හිතේ තියෙන මතකය අවදි කරගෙන මාත් හැදුවා සීනි සම්බෝලේ..වැඩේ හරි ගියා දෙයියනේ..හැබැයි හදිසියේ මට කරපිංචා කොළ දෙක තුනක් හොයා ගන්ටනං බැරිව ගියා..ඒ හැර අනිත් දේවල්නං අඩුවක් නැතිව හොයාගෙන තමා ඕක හැදුවේ..කොහොම උනත් වැඩේ අවුලක් නැතිව තිබුන හින්දා ඔන්න මං දැන් වැඩේ කියා දෙන්ටයි යන්නේ...

ඕන කරන දේවල් ටික මෙහෙමයි...

ශුද්ධ කර සිහිනියට කපා ගත්තු ලොකුළුණු කිලෝ 01 යි... (රතුළුණු නං ඉතිං අන්තිම හොඳයි..ඇත්තටම මං පොඩිකාලේ අපේ තාත්තානං රතුළුණුම තමා ඕකට ගත්තේ..ඒත් ඉතිං සුද්ද කරන්න තියෙන වදේ දන්නවනේ..)

උම්බලකඩ කෑලි ග්‍රෑම් 50යි...

සීනි මේස හැදි 05 යි... (කොත ගහලා පුරවපු හොදේ..කොහොමටත් අවසානයේ රස බලලා මදිනං රස්නේ පිටම තව ටිකක් එකතු කර ගතෑකි..)

කුරුඳු පොතු..(අගලක විතර කෑලි දෙකක්)

කරාබු නැටි හතරයි...(ටිකක් තලලා ගත්තම හොඳයි)

කරදමුංගු කරල්...(මේ ටිකත් පොඩ්ඩක් තලා ගන්න)

සියඹලා යුෂ...( සියඹලා ඇට දහයක් විතර අරගෙන ඒකේ මාංශ කොටස හොදට දිය වෙනකල් වතුර මේස හැදි හතරක විතර දිය කර ඇට ඉවත් කර ගන්න..මෙය තරමක් උකුවට තිබිය යුතුයි..වතුර වැඩි වෙන්න දෙන්න එපා..)

රම්පේ...( අගලක විතර කෑලි හතරක් ඇති)

කරපිංචා කොළ..( ඉත්තක් හොඳටම ඇති වැඩිය ඕන නැහැ)

තලා ගත්ත සුදුළුණු බික් දෙකක්...(කල් තියා ගන්න හදනවනං සුදුළුණු දාන්න එපා..එහෙම නැත්තං විතරක් දාන්න..)

තලා ගත්ත අමු ඉඟුරු...( අගල් බාගයක විතර පොඩි කෑල්ලක් හොඳටම ඇති)

කෑලි මිරිස් ග්‍රෑම් 30ක්...( ටිකක් සැර දැනෙන්න කනවනං තව ටිකක් වැඩි උනාට කමක් නැහැ..ගෑම් 30 කිරා ගන්න විදිහක් නැත්තං ග්‍රෑම් 50හේ පැකට් එකක් අරං එකේන් බාගයකට චුට්ටක් වැඩි වෙන්න දාන්න..බය වෙන්න එපා..මිරිස් වැඩි උනොත් තව සීනි ටිකක් දාලා ඕක බැලන්ස් කලෑකි.)

ලුනු කුඩු තේ හැන්දක්...(පාන් කන්නනං මේ ඇති..ඒත් බත් කන්න හදනවනං තේ හැඳි එක හමාරක්වත් දාන්න..)

පොල් තෙල්...(මේ ටිකට මටනං ගියේ තෙල් අරික්කාලක් විතර වගේ තමයි..ඒත් තෙල් ටිකක් වැඩියෙන් පාවිච්චි කරන තරමට වැඩේ අවුලක් නැතිව කර ගත්තෑකි..මොකද තෙල් අඩුවෙන් හදන්න ගිහින් හුග දෙනෙකුට වැඩේ අප්සෙට් යන්න ඇහැකි. තෙල් ගැන පාවිච්චිය දන්න අයටනං මේක තේරෙනවා..තෙල් අඩුවෙන් හදන කෑම ගුණයි..ඒත් ලේසි නැහැ)

ආ තව ටිකක් ලොකු තාච්චි දෙකකුයි හැන්දකුයි ඕන හරි..ලිප ගැන එහෙම කියන්න ඕන නැහැනේ...

මෙන්න හදන ක්‍රමය...

මුලින්ම ලිප දල්වා ලොකු තාච්චියක් ඒ මත තබා එය රත් වේගන එද්දී අර පොල් තෙල් වලින් මේස හැදි තුනක් විතර ඉතිරි වෙන්න අනිත් ටික එයට දාන්න...තමන් කපාගෙන තියෙන ළුණු ටික දිහා බැළුවම තෙල් කොච්චර යයිද කියලා හිතා ගන්න පුළුවන් දන්න අයටනං..ඒත් නොදන්න අයට එහෙම බැරි හින්දයි කිව්වේ..අනිත් දේ තමා තෙල් හුගාක්ම ඕන නැත්තේ ළුණුවල වතුර තියෙන හින්දා තමයි..

ඉතිං තෙල් ටික හොදට රත් වේගන ආවම අර ළුණු ටික තෙල්වලට දාන්න..පරිස්සමෙන් කරන්න තෙල් විසි කර ගන්න එහෙම එපා ඇඟට...

ළූණු ටික දාපු ගමන්ම ලොකු හැන්දක් අරගෙන හොදට ළුණූ ටික පොඩි වෙන විදියට හැඳිගාන්න..හොදට උඩ යට මාරු වෙලා අර තෙල් ටික හොඳට ළුණූ වල තැවරෙන්න ඕන..ඊට පස්සේ හොදට වැහෙන පියනකින් භාජනේ වහන්න..දැන් ටිකක් ඉවසගෙන බලං ඉන්න එකයි ඇත්තේ..ඒ වගේම ටිකක් කන් දීගෙන ඉන්න..තාච්චියේ සද්දෙන් කියන්න පුළුවන් ළුණූ කර වෙනවද කියලා..එහෙම කර වෙන ගතියක් දැනෙන්න දෙන්න එපා..ඒ වගේම නිතරම අරින්න යන්නත් එපා..මොකද ළුණූ ටික තෙලෙන් වගේම ඒ ළුණූවල තියෙන වතුර මතුවෙලා නැගෙන හුමාලයෙනුත් හොඳට තැම්බෙන්න ඕන..අපි මේක ඇරලා කරන්න ගියොත් වෙන්නේ වතුර ටික වාස්ප වෙලා ගිහින් ළුණු තැම්බෙන්න කලින්ම අඩිය අල්ලලා කර වෙන එකයි..

විනාඩි තුනකට විතර සැරයක් පියන ඇරලා ආයෙමත් හොදට හැදි ගාලා පියන වහන්න..ඒ අරිනකොට ඔයාලට පෙනෙයි අපි දාපු ළුණූ ටික සෑහෙන්න පුංචි වෙන හැටි... එහෙම පුංචි වෙලා හොඳට අර ළුණුවල රතුපාට ගිහින් ටිකක් රත්තරන් පාටට එද්දි තාච්චියේ පැත්තකට ළුණු ටික යන විදියට හැන්දෙන් තල්ලු කරලා බලන්න අඩියේ වතුර එකතු වෙනවද කියලා..එහෙම වතුර තිබ්බොත් ඒවා හැන්දෙන්ම අහක් කරන්න..වතුර නැතිව තියේනං පියන වහන්න යන්නේ නැතිව හොඳට හැඳි ගාමින් ටිකක් පාට වැටෙන්න අරින්න..

මේ ටික තමා වැදගත්ම..මොකද හුග දෙනෙක් එක පාරින් සීනි සම්බෝලේ හදන්න ගෙහුන් වැඩේ චොර කර ගන්නවා..ඒත් මේ විදියට මුලින්ම ළුණූ ටික පදං කර ගත්තම වැඩේ කිසිම අවුලක් නැතිව කර ගතෑකි..කොහොම හරි අපිට අවසානෙට තියෙන්න ඕන හොඳට මැලවුණූ..දිය ගතිය අඩු වෙච්ච..යන්තං රත්තරන් පාට වේගන ආව ළුණු ටිකක් තමා..

ඒක ඒ ගානට ආවනං තාච්චිය ලිපෙන් බාලා අනිත් තාච්චිය ලිපේ තියන්න..මෙතනදී තාච්චියකට වඩා ඇත්තට හොද මැටි හට්ටියක් තමා..මොකද අපි සියඹලා ඇඹුල් හිටං මේකට දාන හින්දා..ඒත් එහෙම හරියන ඒවා නැත්තං ඔය මං කොලා වගේ තාච්චියකම ඇරලා දාන එකයි ඇත්තේ...

හරි එහෙමනං දෙවෙනි වටය...

නැවතත් තාච්චියක් ලිපේ තියලා ඒක රත් වෙද්දී තෙල් මේස හැදි තුනක් විතර දාන්න..
තෙල් ටික රත් වේගන එද්දී ඒකට සුදුළුණූ සහ අමු ඉඟුරු ටික දාලා ටිකක් බැදෙන්න ඇරලා

රම්පේ
කරපිංචා
කුරුඳු පොතු
කරද මුංගු
කරාබු නැටි
උම්බලකඩ

කියන ජාති ටික ඔක්කෝම එකතු කරන්න..ඒ ටික බැදෙන කොට කෑලි මිරිස් සහ ලුනුත්..එකතු කරන්න..කෑලි මිරිස් ටික කළු වෙන්න දෙන්න එපා..යන්තං බැදෙන කොටම දාන්න අර බැදගත්ත ළුණු ටික..දාලා හොඳට කලවම් කරන්න..හොඳට හැඳිගාමින් කලවම් කරලා ඊට පස්සේ සීනී එකතු කරන්න..අවසානෙට සියඹලා ඇඹුල්...

සියඹලා ඇඹුල් එකතු කලාට පස්සේ මෙකට එකතු වෙන තෙත ගතිය චුට්ටක් අඩු වෙනකල් තාච්චිය ලිපේ තියාගෙන හැදි ගාලා..තෙත හිතෙන කොටම ලිපෙන් බාන්න..ලිපෙන් බාලත් සැ‍රින් සැරේ ටිකක් හැදිගාලා මේක නිවෙන්න දෙන්න..සාමාන්‍ය ගානකට නිවුනට පස්සේ තමුන් තීරණය කොරන්න ඕන මේක හොඳින් උණු වතුරෙන් හෝද ගත්ත වීදුරු බෝතලේකට අහුරනවද..නැත්තං තියෙන මොනව හරි එක්ක කොටාබානවද කියලා..එව්වා මං කියන්ට ඕන නැහැ..හැබැයි බෝතලේකට දැම්මොත් එක පාරටම පියන වහන්න දඟලන්න එපා..ටිකක් හුමාලේ පිට වෙන්න ඇරලා තමා පියන වහන්න ඕන...

ඔන්න වැඩේ ඉවරයි... හදලා බලලා..කාලා එහෙම කියමු බලන්න කොහොමද වැඩේ කියලා...

ඔය වෙජිටේරියන් උන්නැහේලා උම්බලකඩ නොදා හදා ගත්තනං ඒත් අවුලක් නැහැ... හැබැයි ඉතිං ඔය විදියට හදපු සීනි සම්බෝලනං මං දන්න වෙජිටේරියන් හාදයෙක් කිසි අවුලක් නැතිව කෑවා...

ටිකක් කල් තියා ගන්න ඕනනං සුදුළුණූ දාන්න එපා...ඒ වගේම ළුණූවල තෙත ගතිය හොදටම හින්දවලා මේක හදන්න එච්චරයි...අනිත් දේ තමා සමහර දේවල් හොයා ගන්න අමාරුනං ඒවටත් ප්‍රතිකර්ම තියේ..උදාහරණයක් හැටියට මේකට සියඹලා යුෂ හරිම වැදගත්..ඒත් සියඹලා හොයා ගන්න නැත්තං මැරෙන්නයෑ..දාන්න ගොරකා..හැබැයි දාන්න වෙන්නේ අර ළුණු බදින වෙලාවේ ඒ ඇතිළීයටම තමා..හොඳට පොගවපු ගොරකා කෑලි හතරක් විතර දාලා ඒවායේ ඇඹුල හොදට ඇල්ලුවට පස්සේ අහක් කරලා දාන්න..මං එක වතාවක් ගොරකා දාලා හදපු සීනි සම්බෝලත් කාලා තියෙන හින්දායි ඒ වගත් කිව්වේ ඕං..හැබැයි ඉතිං අර වගේ කොලිටිනං නැහැ.


මං මේක කියාපු විදියේ මොනවා හරි අවුලක් තියේනං අහන්න..අනිත් දේ තමා මේක මං මගේ පදමට හදා ගත්තු හැටි තමා..සමහරු මෙයිට වඩා විවිධ විදියට මේක හදනවා වෙන්ට ඇහැකි. ඒ වගේ වෙනස්කං තියේනං ඒවත් ලියන්ට..අපිටත් දැන ගන්ටත් එක්ක..හැබැයි මේ ක්‍රමේට කිසි අවුලක් නැතිව වැඩේ කලෑකි වගේම ඕක කාපු අනිත් පස්දෙනා තවම යහතින් ජීවත් වෙන බවත් මංතුමා විසින් මේ අවස්ථාවේදී සංතෝසෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නට කැමතියි.

විශේෂයෙන්ම කියන්න ඕන..ඔය ටික හදන්න මට හරියටම ගියේ පැයයි..ඒකිව්වේ ලූණු සුද්ද කරන එකේ ඉඳලා භාජන හෝදලා අස්පස් කරලා ඉවර කරන්නම..ඒ හින්දා ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි..

72 comments:

  1. තිත්තයි නේද :DDD

    ReplyDelete
  2. ට්‍රයි කරල බලන්න නම් පුලුවන් වගෙ...අමු ද්‍රව්‍යත් සේරම තියනවා...හරි එහෙනම් අපිත් කමු මාර සීනී සම්බෝල..

    ඔය තිත්තයි කියන්නෙ මාරයගෙ සීනි සම්බෝලෙ කාපු ඇත්තෙක් ද ?...හපොයි

    ReplyDelete
  3. @වැප්...

    අනේ මලේ..උඹ කරපිංචා වෙනුවට කොහොඹ කොළ දැම්මද..?

    ReplyDelete
  4. @Luckey...

    බය නැතිව හදලා බලන්ට කිසි අවුලක් වෙන්නේ නැහැ..වැපා කොහේද එච්චර පින් කොරලා තියෙන්නේ...ඒකා කරපිංචා කියලා කොහොඹ කොළ අහුරක් දාලා..

    ReplyDelete
  5. පෝස්ට් එක දැක්ක ගමන් කෙල ගිලුනා හදන්න ඕනේ

    ReplyDelete
  6. මගෙත් ආසම කෑමක් තමයි පාන් සමග සීනි සම්බෝල. මෙච්චරකල් කෑවෙ අනුං හදපුව තමයි. දැන් ඉතිං මාරයත් කියන එකේ අත්හදා බලන්න ඕන.

    ReplyDelete
  7. ආ.. සෝක් ලූනු සම්බෝලේ :)
    අයියේ මම නම් ලූනු ටික තෙලට දාන්ඩ කලින් මිරිස් කුඩු ටික ලූනු වල හොඳට අනනවා. හෑබෑයි එතකොට සෑර වෑඩිද මන්දා :)

    එතකොට හෑබෑයි තෙලට දෑම්මට පස්සෙ ලූනු ටික පොඩි කරන්ඩ මහන්සි වෙන්ඩ ඕනෙත් නෑනෙ :)

    ReplyDelete
  8. ළමයිනේ ඔය සුදු ළුුණු නම් කන තරමට හොඳයි. හැබැයි වැඩිය තෙල් දානවා එහෙම නෙවේ, කට්ටියටම කොලෙස්ටරෝ හැදුනම මට තමයි වදේ, ඉඳ හිටලා දිය බතුත් කෑවොත් තමයි හොඳ.

    ReplyDelete
  9. http://freeanushka.blogspot.com/2011/07/blog-post_06.html

    මේක අනිවා ඔනි වෙනවා.. ශුවර්..!! :D :D :D

    ReplyDelete
  10. හ්ම්ම් හොදා හොදා ඒ පාර පිරිමි පරාන ටික එකතු වෙලා ගෑනුන්ට උයන්න උගන්නනව වගේ . එකනම් හොද දෙයක් දැන් ඉන්න අය උයන්න දන්නේ නෑනෙ...

    මම තවත් දෙයක් එකතු කරන්නම් මාරය්යේ.. සීනි සම්බලට දාන මිරිස් කරල් පිටින්ම බැදලා අරගෙන කොටලා දාන්න. රසය තවත් වැඩි වේයි..

    ReplyDelete
  11. පබිලිස්ද මාරයා !!!!? ඔය ගම්පහ පැත්තෙ කට්ටිය කෙහෙල්මුව හදනවා සීනි සම්බල් වගේම. ආයේ වෙනසක් නෑ, හොයාගන්නවත් බෑ. ෂිහ්, මේ පින්තූරේ පේනකොට මතක් වෙන්නෙ, ගාණට වාටිය කරවෙච්ච පාන් කාලක් මැදින් කපාගෙන සීනි සම්බල් දාගෙන කාලා, හොඳවැයින් ප්ලේන්ටි පාරක් දැම්මා නම් කියලා..... අම්මෝ....! ඉස්සර ඉස්කෝලෙ යන කාලේ අපේ කැන්ටිමේ තිබුනා ඔහොම සීනි සම්බල් පාං (පාං කාල මැදට සීනි සම්බල් දාලා)....! රස මේ දැන් දැනී දැනී දැනෙනවා....!

    කොහොමත් එක දවසක් අළුත් අවුරුද්දට අපේ ඔෆිස් එකේ එවුන්ට කිරිබතුයි සීනි සම්බලුයි දීලා, තව පොඩ්ඩෙන් මුන්ගෙන් බාගයක් විතර ඉස්පිරිතාලේ ගෙනියන්න වෙනවා....!

    ReplyDelete
  12. @නදී...

    අනිවාර්යයෙන් හදමු..හදලා අපිටත් කියමු...

    ReplyDelete
  13. @Praසන්ன...

    අනෙ අප්පොච්චියේ අර එදා දැක්ක කෙනා හදලා දෙන්නේ නැතෑ කියන පරක්කුවට... අපිනං ඉතිං තනිකඩ හින්දා හදා ගන්නවා මිසක්..කවුරු හරි උයලා කොරලා දෙනවනං අපි යයිද ළුණු කප කප ඉන්ට..

    ReplyDelete
  14. @ජීවිතේ මල්...

    ළුණු ටික මුලින් පොඩි කර ගන්න එකනං හොඳා තමා..ඒත් මිරිස් ටික කලින් තැවරුවම මිරිස් ටික ඉක්මනට කර වෙනව නේද නගේ..ළුණූ ටික මැල වෙන්න ටිකක් වෙලා යනවා උනත් මිරිස් ඉක්මනට බැදෙනවනේ... සමහර වෙලාවට එහෙමත් හොඳ ඇති තමා..සැරනං කොච්චර වැඩි උනත් මොකෝ...

    ReplyDelete
  15. @වෙද ගෙදර මහ වෙදනා...

    බය වෙන්ට එපා..වෙද මහත්තයට මං හොඳ ලෙඩ්ඩු ටිකක් හදලා දෙඤ්ඤං..:D‍

    ReplyDelete
  16. @Bunny...

    ආ ඔව් බනී..උඹ ඔය කියා දීලා තියෙන තැම්බුං හොද්ද සියඹලයි ගොරකයි දෙකම දාලා හදන්න ගිහින් වකූර් වෙච්ච එකක් නෙව..
    ඒක බීලා ඊ ළගට අපි කොහෙන්ද බෙහෙත් ගන්න ඕන කියලත් කිව්වනං..හික්

    ReplyDelete
  17. @Gimhani...

    ආයේ නැතිව..අපි නැත්තං ගෑනු උදවිය කොහන්ද රහට කන්ට උයන්ට ඉගෙන ගන්නේ...

    අර කිව්වත් වගේ ඒ ඒ විදියට හදන එකෙත් වෙනසක් තියේ වගේ කියලා මටත් හිතේ...

    ReplyDelete
  18. @දුමී...

    ආ ඒ විදියට කෙහෙල් මුව දාලා සීනි සම්බල් හදන එකත් එච්චර අමාරු නැහැ..ඒකෙදී කරන්න ඕන ළුණූ වෙනුවට කෙහෙල් මුහ ගන්න එකයි...

    ළපටි කෙහෙල් මුහ වල පිට පොතු දෙක තුනක් ඇරලා මැ තියෙන ඇත් දළ පාටට හුරු මුහේ මතු කරගෙන ඒක හීනියට ලියලා ලුනු වතුරේ දාලා ටිකක් තියලා හොදට මිරිකලා අරගෙන
    තාච්චියට තෙල් වැඩි පුර තියලා හොඳට රත් උන ගමන් ඒකට කෙහෙල් මුහ දාලා ක්ෂණීකව බැද ගන්න ඕන..කර වෙන කොටම තෙල් ටික පෙන්න භාජනේකට දාලා ටිකක් කෙහෙල් මුහ ටික වේලෙන්න තියන්න ඕන..ඊට පස්සේ අර අනිත් ටික ඒ විදියටම කලවං කර ගත්තම ඒකත් ටොප් කෑමක් තමා...ඒකට දාන උම්බලකට ටිකක් ලොකුවට බැදලා ගත්තනං හොඳ කට ගැස්මක් තමා උම්බලකට කෙහෙල් මුහ සීනි සම්බල් කියන්නේ...

    ReplyDelete
  19. මරු මරු මාරයියෙ.. ඕක මං කැමතිම කෑමක්. බත් එක්ක පරිප්පුවකුයි සීනි සම්බෝලයි තිබ්බනං ඕං වෙන මොනාත් ඕනි නෑ.

    කඩේ කෑම නං කියල වැඩක් නෑ.. අපිත් ආසාවට කෑවට ටික දවසකින් තිත්තම වෙනවා. අර කිව්ව වගේ තෙලුයි මිරිසුයි විතරමයි..

    ReplyDelete
  20. අම්මෝ කටට කෙලත් ඉනුවා. !!!!
    අම්මට කියලා හදෝගෙන කන්න ඕනා. සීනි සම්බෝල ටිකක් හදෝගෙන පානුත් අරගෙන කොහේ හරි යන්න සෙට් වෙලා කන්න තියෙනවනම් තමයි අගේ වැඩි !!!!

    ReplyDelete
  21. හත්තිලවුවේ කිරිබත් කිරිබත්...... මේ සීනිසම්බෝලෙත් එක්ක කන්න ඕනෙ කිරිබත්... ලුනුමිරිස් එක්ක කනවට වඩා අමුතුම ගතියක් තියෙනවා....

    ReplyDelete
  22. මට අල්ලනෙම නැත්තෙ අයියගේ අපි කන හැටි ඇල්බම් එක තමා.... ඒ උනත් ඉතින් අපොයි කට කෙළ උනනවා.... මෙන්න මේ වගේ රැසිපි එක දානව නම් මූනු පොතේ පින්තූර දැම්මට කාරි නෑ.... බැරි මරගාතෙ හරි උත්සහයක් දෙන්න බැරිය

    ReplyDelete
  23. අර ලිස්ට් එකට සීනි සම්බෝලත් දා ගන්..

    ReplyDelete
  24. ෂා....මරු..මරු..මම ආසම කෑමක් තමා වැඩිපුර කැමති කිරිබත් එක්ක...මහින්ද මාමි පාං කන්න එපා කීවනේ... :D
    අන්න අරෙහෙ ලොයිඩ් අංකොලුයි පබිලිස් අයියයි මාරයියව හොයනවලු...සීනි සම්බල් හදන හැටි අහගන්න...

    ReplyDelete
  25. ශා මරුනෙ මචන්.වෙලාවක ට්‍රයි එකක් දෙනවා.කඩ කෑම කිව්වාම,මතක් උනේ.මාත් කෑමතියි.හෑබෑයි තෙලුයි,මිරිසුයි ඉවසන්න පුලුවන් අජි-නො....(රසකාරක කියන්නම්කො )සෑර තමයි ඉවසන්න බෑරි.

    ReplyDelete
  26. @පැණි දොඩම් - [නුවන් කුමාරනායක]...

    ඇත්තටම මාත් කඩ කෑම කන්න ආසයි වෙනසකට එහෙම..ඒත් දිනපතා කෑම පුදුම අහිතකරයි..ඒක ඇඟට දැනෙනවා දවසින් දවස...

    ReplyDelete
  27. ඔයාල දන්නවද කොහොබ කොල සම්බෝල හදන්න මෙන්න මෙහෙමයි පොල් සම්බෝල හදන්න කවුරුත් දන්නවනේ එහෙනම් මුලින්ම පොල් සම්බෝලයක් හදාගන්න එකට කොහොබ කොල ටිකක් දමා යාන්තමට කවලම් කර ගන්න එච්චරයි දැන් කෑමට ගන්නා විට පොල් සම්බෝල විතරක් කන්න කොහොබ කොල ටික සූප්පු කරල අර කරපුන්චා වගේ විසිකරන්න මාර රසයි පොඩ්ඩක් වත් තිත්ත නෑ ඉස්සරහ ගෙදර අන්කල්ගෙ කන්නාඩි කූට්ටමපල්ල

    ReplyDelete
  28. @මධුරංග...

    චෑ චෑ..මොනවද මේ කියන කතා..මෙච්චර කොරමේ කියා දීලත් අම්මට කිය කිය ඉන්නේ ඇයි..ඕන දෙල් ගහක් යටින් යන්නෙයි කියලා හදලම බැළුවනං නාකද..?

    ReplyDelete
  29. @පොඩි මෑන්...

    අම්මප ඔව්..මාත් කිරිබත් කන්න කැමති මිරිස් මාළුත් එක්ක හරි සීනි සම්බෝලත් එක්ක හරි තමා..හැබැයි ඒ සීනි සම්බෝලේටනං මිරිස් වැටෙන්න ඕන මදි නොකියන්න..කනෙන් දුං විසි වෙන්න...

    ReplyDelete
  30. @පිස්සා පලාමල්ල...

    අන්න මලය කට වරද්ද ගත්තා... ඔය ඇල්බම් එකට අකමැති උන්ව මං හොය හොයා ටැග් කරන්නේ...ඒනනං අපේ දුමී අයියගෙන් අහපන්..අද ඉඳන් උඹත් වැඩේ වරද්ද ගත්තා..හිටු දෙඤ්ඤං රම්පෙට පොරි හැලෙන්නම..

    ReplyDelete
  31. @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා...

    නැහැ ඒ ලිස්ට් එකට මං කොච්චි මිරිස් සම්බෝලයක් දැම්මා..මේක ඕන නැහැ...

    ReplyDelete
  32. @ප්‍රසංග...

    මහින්ද මාමි කිව්වනං අහන්නම එපෑ... එකෙක්වත් මේකත් එක්ක පාං කාලා අහු වෙනවා එහෙම නෙවෙයි ඔන්න...

    ඇත්තම කියන්න ඔය පබිලිස් අංකල් මගෙන් තමා නොදන්න යං යං කාරණා දැන ගන්නේ..මේ ළගදී මං උන්දැට ඉගැන්නුවා මසල වඩේ හොදි හදන විදිය..ඕනනං මේ ටිකේ ටැලිවිසොන් එක බලං ඉන්ටකෝ..උන්දෑ නිකං උන්දෑ හොයා ගත්තා වගේ කියා දෙයි ඒක..

    ReplyDelete
  33. @NUWAN"s lane...

    මගෙ අම්මේ මුන්නැහේව දැක්ක කල්...

    ඇත්ත තමා..සමහරුන්ට අජින මොටෝ නැත්තං උයන්න බැහැ වගේද මංදා...?

    ReplyDelete
  34. @Udaya.luk...

    ෂා ෂා..අනේ මෙයැයි හරි දස්සයි නෙව..අනේ නිකා ඉන්න එකේ පටන් ගන්නකෝ මෙයා බ්ලොග් එකක්..වෙන මුකුත්ම දාන්න එපා ඔය වගේ රසවත් ගුණවත් කෑම ජාති හදන විදිය දැම්මම හොඳටම ඇති... හරි වටිනවා මෙයා...

    ReplyDelete
  35. මාරේ.. ප්‍රශ්ණ වැලයි.

    මේකෙ රෙසිපි එකට අමතරව අඩි රූලකුත් ඕන වෙයි වගෙ...ඔය අඟලෙ ...අඟල් භාගෙ කෑලි මැනගන්න ඕනනෙ....
    මෙතන ළුණු කිලෝ එකක හැදුවොත් මට ගමටම බෙදන්න වෙයි ඉවර කර ගන්න. ඕක ග්‍රෑම් 500 ක් වුනොත් අනික් ඒවාත් හරියටම භාගෙකින් ද අඩු වෙන්න ඕන...

    ආආඅ...අර කරපින්චා ඉත්තට කොල කීයක් විතර තියෙන්න ඕනද ?

    ReplyDelete
  36. @Luckey...

    රයිටෝ මෙන්න උත්තර

    මේකට අඩි රූල් අනවශ්‍යයි..පුළුවන්නං අර බාසුන්නැහේලා ලග තියෙන ටේප් එකක් හොයා ගන්න..ඉනේ එල්ලගෙනම වැඩ කලෑකි..

    ළුණූ කිලෝ එකක් හැදුවට ඒකේ අවසානෙදී ප්‍රමාණය ටිකක් අඩු වෙනවා..අනික ඉඳලා හිටලවත් පින්කමක් කර ගනින්...

    අනිවාර්යයෙන්ම හැම දේම භාගෙන් අඩු කරන්න

    ඉත්තට හරියටම කොල 12ක් තියෙන්න ඕන..එහෙම නැති ඉති ගැනීමෙන් වලකින්න..

    ඔව් මං හිතන්නේ මේ මහත්මාට සෑහෙන අන්දමෙන් පිළීතුරු ලැබුනා කියලා..ඊ ළග කෙනා ඉදිරිපත් වෙන්න...

    ReplyDelete
  37. චික්..මට තවම මේ " ලුණු කුඩු තේ " හොයාගන්න බැරි වුනානේ..

    ඒවායින් හැන්දක් ම ඕන නේද ?

    ReplyDelete
  38. @Ano...

    ඔව් ඔව් "ලුණු කුඩු තේ" පොල් කටු හැන්දක්ම ඕන

    ReplyDelete
  39. "ඒත් තුන් වේලටම තෙලුයි මිරිසුයි විතරමයි..මගේ බඩත් එක්ක මඤ්ඤං වෙලා හිටියේ ඒ ටිකේ.."

    and for a change you made Seenisambal.....

    ReplyDelete
  40. @Ano-2...

    ඔන්න මං නරක මිනිහයි කියන්න එපා..කඩු හරඹ කොන්ට එන්නේ නැහැ මේ අහ..ඇයි වදේ..

    (සීනි සම්බෝලනේ නං ඒකෙන් වෙනස් දෙයක් නෙවෙයි තමා..මං මේක ලිව්වේ ඒ ක්‍රමයෙන් මිදිච්ච දෙයක් ගැන කියන්න කියලා හිතලා නෙවෙයි..ලිවීමට හේතුව ඉහළින් සඳහන් කොරලා ඇති)

    ReplyDelete
  41. @ ano,

    I think you haven't got the point.
    If you eat out, whatever you eat, the only taste is තෙලුයි මිරිසුයි,,,,it is just තෙලුයි මිරිසුයි
    But you can make lot of tasty food with තෙලුයි මිරිසුයි...one is Seenisambal.....

    ReplyDelete
  42. කිරිකැට් කානිවල් එකේ සීනි සම්බල් සඳහා සාදර අනුග්‍රහය . . . .තුෂර කේටර්ස්

    ReplyDelete
  43. ඔක්කොම හොදයි. උම්බලකඩ තමා අවුල. ඇයි ඉතින් රත්තරං වලටත් වඩා ගණන නොවැ උම්බලකඩ

    ReplyDelete
  44. / තලා ගත්ත සුදුළුණු බික් දෙකක්...(කල් තියා ගන්න හදනවනං සුදුළුණු දාන්න එපා..එහෙම නැත්තං විතරක් දාන්න..)
    */

    එහෙම සුදුළූණු පොඩි කරන එක හොඳඳ මන්දා.

    ReplyDelete
  45. /* ලුනු කුඩු තේ හැන්දක්...
    */

    අපොයි! ලුණු පොල් කට්ටට මොකක් වෙලාද?

    ReplyDelete
  46. @ඹ්නයා...

    පොඩ්ඩක් හිටිං මං දැන්ම ඉඳලා ළුණු සුද්ධ කරන්න...

    ReplyDelete
  47. @අන්තිම ඇනෝ...

    ඒක ඇත්ත..මේ දවස්වල රත්තරං වෙනුව‍ට උම්මබලකඩ මාල සෑදීම ගැනත් ස්වර්ණමහල් එකේ සාකච්ඡාවක් යනවයි කියන්නේ...

    ReplyDelete
  48. @කතන්දර...

    සුදුළුණූ පොඩි කිරීම ඉතිං අපේ උදවිය පළපුරුද්දෙන් කොරන දෙයක් නෙව..ආයේ ඉතිං ඒකේ වරදක් නැහැ...

    ඇත්තටම ලුණු පොල් කට්ටක්නං මං පාවිච්චි කොරන්නෙත් නැහැ.ඒ ගැන ටිකක් හිතලා බැළුවා..ඒත් පවත්වා ගෙන යාම පහසු නැත.

    ReplyDelete
  49. ඔබී කියනවා, මාරයගෙ සීනි සම්බෝලෙට ලුණු නං මදි කියල, ඒත් කවුද දන්නේ හය් බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කෂ්ටියටද මේක හදන්නෙ කියල.

    ReplyDelete
  50. @ඔබා මාමා අයියා...

    මං කියලා තියෙන්නේ අයියේ පාන් කතාව... ලුනු වැඩි උනොත් පාන් වලට හරියන්නේ නැති හින්දයි ලුනු අඩු කලේ...මොකද පාන්වලත් ලුනු තියෙන හින්දා..බත් වලටනං මේ මදි..මං ලුනු ගැන කිව්ව තැන ඒ බව කියලා ඇති... මංනං ටිකක් ලුනු වැඩියෙන් කන කෙනෙක්..ඒත් අනිත් අය වෙනුවෙන් හදනකොට මං හැම වෙලේම ලුනු අඩුවෙන් පාවිච්චි කරන්න බලනවා.. මගේ ගානට ලුනු කෑ‍වේ අපේ තාත්තණ්ඩි විතරයි...

    ඔබී මැඩොම්ට ලුනු මදි වගේනං අපි කියමු තව ඩිංගක් දාන්ටය කියලා..මොකදෑ මංයෑ කන්නේ...ඒකට අහුවෙන්නේත් අසරණ අයියණ්ඩි නෙව...

    ReplyDelete
  51. නරකද කුකරි කලස් එකක් දෑම්ම නම්. සිනි සම්බලෙ දෑකල බඩහින්නක් දෑනුන . සිනි සම්බල් ඔය විදියටම තමයි අපේ අම්මා හදන්නෙත්....සිනි සම්බලෙට අස කරන හෑමොටම බඩහිනි වෙලා තියන පාටක් පෙනවා.කමෙන්ට් කියවද්දි......

    ReplyDelete
  52. අර දුමිය කිව්ව වගේ පාන් කපල ඇතුලට සීනි සම්බෝල දාල කන එක නම් නියම කෑම. ඕකෙ නියම ගතිය එන්නෙ උදේම පාන් ඇතුලට දාල ටිකක් දවල් වෙලා කන්න ඕන.. ඉස්සර අපේ ඉස්කෝලෙ කැන්ටිමේ තිබුණ..

    ඔය සීනි සම්බෝලෙ හදපු හට්ටියෙම තියෙද්දි හැමැදාම් උදේට ඩිංගක් රත්කරකර ටික දවසක් තියා ගන්නත් ඇහැකි නේද ?

    ReplyDelete
  53. මම අනිත් කොමෙන්ට් නම් කිව්වේ නෑ මාරයෝ.. මම හිතන්නේ මේක දියිය ළෝකේ කෑමක්.. ඉඳිආප්ප 20 විතර එක්ක සීනී සම්බෝලේ කෙහෙල් කොලේක ඔතල මද රස්නෙ ඔතපු පාර්සලෙ තම්බන්න ඕන.. පැය 3-4 කට පස්සෙ කාල බලන්න.. අනිත් එක තමයි.. හොඳ සොෆ්ට් පාන් පෙතිවල ඇන්කර් බටර් හරි චීස් ස්ප්‍රෙඩ් හරි (මගේ අම්ම මතක් කරන්න එපා එයාට හචින් යයි.. වයසක මිනිස්සු..) ගාලා සීනී සම්බල් දාලා කාල බලන්න.. ඒ දෙකත් එක්ක කට්ට සම්බෝලේත් එහෙමම තමා.. අනේ මාරයෝ.. පොල් මැල්ලිමත් ලියපන්.. අද ඉන්න ඒවුන් ඒවා දන්නේ නෑ... පව්..

    ReplyDelete
  54. ඕන කරන දේවල් කියන තැනට එනකම් කියෙව්වා. එතනින් එහාට ඕන නෑ. :P

    ReplyDelete
  55. dan ithin hadapanko siini sambola.mamath me recipe eka request karanna hitiye fb eke photo eka dakapu gamanma :D siyabala tikak hoya ganna try karanna one issellama :)
    marayye barida siini sambola bothalayak meheta ewanna :D

    SC

    ReplyDelete
  56. වැදගත් දෙයක් ඉගෙන ගත්ත හදන හැටි ගැන නෙවෙයි අයි සීනි සම්බෝලේ නරක්වෙන්නේ කියල.. බොහොම ස්තුතියි. මගේ අම්බෙනියට කියන්න ඕන සුදුලුනු තමයි රහස කියල..

    ReplyDelete
  57. හප්පා මේකෙ තිත්ත..

    නාරියා.

    ReplyDelete
  58. හුටා ! නාරියා නෙමෙයි. නරියා. :D :D

    කටට කෙළ උනලා අකුරුත් ටැපළුනා

    ReplyDelete
  59. සීනි සම්බල්...... මං හදන්‍ ‍නේ ඔ‍හොම ‍නෙ‍මෙයි‍නේ..... මං වහාම කිරියාත්මක වන පරිදි ව්‍යවස්ථා‍වේ 63න් වන වගන්ති‍යේ සීනි සම්බල් පිලිබද ‍ඡේදය ‍වෙනස් කලා ‍මේ විදියට.

    ‍හෙට පාන් කනවමයි...... ආ නැ නැ අ‍පේ ආඩම්බර කාර තාත්ති ඒවා එපා කීව‍නේ. ඒ නිසා බරිකිත් කනවමයි සීනි සම්බල් එක්කලා.

    ReplyDelete
  60. @දෝණි...

    දැනටත් මේ කරන්නේ එහෙම ක්ලාස් එකක් නෙව...

    ReplyDelete
  61. @සපතේරු උන්නැහේ...

    ඔව් පාන් වලට සීනි සම්බල් දාලා ටිකක් හේ බාලා ගියාම තියෙන්නේ අමුතුම රසයක්...

    අරෙහෙමත් පුළුවන්..ඔය සුදු ළුණු එහෙම නැතිව හරියට වේලෙන්න හැදුවම රත් නොකර උනත් කල් තියා ගතෑකි.

    ReplyDelete
  62. @මාතලන්...

    අම්මේ පොල් මැල්ලුම ගැනත් ලියන්න ඕන තමා... කෑනිස්සන් දාලා හදන විදියයි..තිබ්බොටු දාලා හදන විදියයි දෙකම කියඤ්ඤං..තව හුගාක් ඉල්ලීම් තියේ..ඉඩ තියෙන හැටියට බලමු.

    ReplyDelete
  63. @නලිනි චන්දිමා...

    හැකිස්...

    එහෙනං මං ඔයාට රෝස් පාන් හදන හැටි කියා දෙන්නද..?දේශීය ක්‍රමේට...:D

    ReplyDelete
  64. @dayal-bathee...

    දිවටත් කෙල උන එහෙම නෙවී නෙව...

    ReplyDelete
  65. @ඇනෝ...

    කොහොමද නගේ එවන්න ඕන...ඊමේල් කරලද..නැත්තං ස්කයිප් එකෙන් එවන්ටද..?

    ReplyDelete
  66. @සරත් ලංකාප්‍රිය...

    සංතෝසයි ඒ ගැන...

    ReplyDelete
  67. @nawammawatha...

    අකුරු වරද්දන නරියෙක් දැක්කමයි මේ...

    හිටිං තෝව නාවලා පව්ඩර් දාලා ගන්ට...

    ReplyDelete
  68. @හා පැටික්කි...

    ආ නගේ..නගා හැදුව විදියත් මං කියන්නද..?
    (අර පොල් සම්බෝලෙට සීනි කලවං කරපු හැටි..)

    ReplyDelete
  69. කටට කෙල නං ඉනුවා බලමු කියලා හදෝගෙන .........

    ReplyDelete