09 August 2011

අපි කෑ හැටි...සහ දැන් කන හැටි...

ඉතිං අයෙමත් පරණ විදියටම මොන මොනවා හරි ලියන්ට කියලා තමයි පටන් ගත්තේ... ඒත් ඉතිං මොනවා ලියන්ටද කියලා ඔළුවට දෙයක් එන්නේ නැහැ නෙව.

අන්තිමේදී කල්පනාවට ආවා කන බොන දේ ගැනම කියන්ට කියලා..මොකද මේ දවස්වල මගේ ඔළුව වැඩිපුර තියෙන්නේ ඔය අංශයේ නෙව.. ඒ කිව්වේ අර පහුගිය තුන් මාසේ උයන්ට පිහන්ට බැරි වෙච්ච හින්දා මේ ටිකේ හිතේ හැටියට එක එක කෑම වලට වද දිදී ඉන්නයි මං හුරු වෙලා ඉන්නේ...

හැබැයි ඉතිං කෑම ගැන උනන්දු උනාට බත් ලොරි ගණන් බඩට බස්සනවා අඩුයි..මගේ වැඩි කැමැත්ත එළවළු මාලු පිණී වලට..බත් අඩුවෙන්..එළවළු පලා ජාති වැඩියෙන්...

ඉස්සර අපේ තාත්තා නෙව ගෙදර ඉවුම් පිහුම් පැත්ත ගැන වැඩිපුර බැළුවේ..මොකද අම්මා හිටියේ රට ගෙහුන්..ඉතින් තාත්තා අපිට උයලා කවලා පොවලා ඉස්කෝලේ යැවිල්ලයි..ගෙදර තිබුණ සිල්ලර කඩේ වැඩයි හැම දේම කොරගෙන උන්නා..සිල්ලර වලට අමතරව හැමදාම උදේට කඩේ විකුණන්ට ඉඳිආප්ප..තෝසේ එහෙමත් හැදුවා.. හවස් අතේ වඩේ ටිකක් එහෙමත් බඳිනවා... අදටත් අපේ තාත්තා බඳින වඩේ එහෙක රසයට ළගින් යන්ට වඩයක් කන්ට හම්බ වෙන්නේ නැහැ කොහොන්වත්ම... හැබැයි අපේ තාත්තට වඩේ බඳින්ට අනිවාර්යෙන්ම හීන් කොච්චි ඕන.. හින් කොච්චි කරලක් දෙකක් එක්ක බැඳුන වඩයක් පුදුම රසයි නෙව...

ඉතිං ඒ දවස්වල හුගාක් වෙලාවට ගෙදර ඉදෙන්නේ අහල පහළීන් හොයා ගන්න දේ තමා..එළවළුවකට කියලා පිටින් ගන්න දේවල් හරිම සීමා සහිතයි..

නාඹර කජු..
කොහිළ දළු..
කොහිළ අල..
පොලොස් ගැට..
කෙහෙල් මුහ..
කැබැල්ල දළු..
දෙල්..
ඉන්නල..
බතල..
මඤ්ඤොක්කා..
අඹ..
ඇඹරැල්ලා..
බිළිං..
කළුපොල් මාළුව..

ඔය ජාති ටික ඕන වෙලාවක ලෑස්ති පිට තියෙන ජාති ටිකක් තමා..ඒ හැම එකම වියෑංජනේට හදනවා වගේම උදේටනං අල ජාති..දෙල් එහෙමත් තම්බලා කන වෙලාවල් තියේ... හැබැයි ඉතිං වැඩි වෙලාවකට උදේට කන්නේ ඉඳි ආප්ප එහෙම තමා..මොකද මොන දේ කොලත් අපේ තාත්තණ්ඩි හැම දාම උදේ දෙකට විතර නැගිටිනවා..ඒක එයාගේ පුරුද්දක්..ඒ නැගිටලා උදෙන්ම ඉඳි ආප්ප තැම්බිල්ල පටන් ගන්නවා... කොහොමත් දවසකට ඉදි ආප්ප හාරසීයත් හය සීයත් අතර තම්බන්න වෙනවා..ඉඳි ආප්ප කන්න පොල් සම්බෝලේ හැදෙන්නෙත් ඔය අතරෙම තමා..හැබැයි ඒකට හරියන්න වෑංජනයක් හදන එකනං කලින් දවසේ හවස් අතේම කෙරෙන වැඩක්...

බොහෝමයක් වෙලාවට ඉඳි ආප්ප කන්න හදන්නේ පොළොස් පැහි..කෙහෙල් මුහ..කොහිළ දළු..කැබැල්ල දළු..වගේම බිළිං මාළුව.. දවස් ටික මාරු කර කර ඔය ටික තමා උන්දෑ වැඩි හරියක් හදන්නේ..ඉතිං හැමදාම හවස පහට විතර කිට්ටු වෙන්ට ලොකු මැටි හට්ටියක පොළොස් වෑංජනයක් හරි කොහිළ දළු වෑංජනයක් හරි ඉදෙනවා..හවසට ටිකක් හොද්ද හිටින්න උයලා..රෑ තිස්සේ ලිපේ රස්නෙන් හිඳිලා..පහුවදා උදේ තෙම්පරාදුවක් එහෙම වෙලා..උදේ හය වෙනකොට ඒ වෑංජනේ කඩේට එනවා...

ඇත්තටම අදටත් මං ආස නැහැ අල හොදි..පරිප්පු හොදිත් එක්ක ඉඳි ආප්ප කන්න...හුගාක් අය හුරු වෙලා තියෙන්නේ එහෙම කන්න..ඒත් පොළොස් පැහි එක්ක..කෙහෙල් මුහ එක්ක.කොහිල එක්ක..විශේෂයෙන්ම කැබැල්ල දළු එක්ක සහ බිළීං මාළුව එක්ක ඉඳි ආප්ප කෑව කෙනෙක් ඉන්නවනං දනී ඉඳි ආප්ප අල හොදි..පරිප්පු එක්ක කන එක මොන දහ ජරා වැඩක්ද කියලා...

ඒ තරමටම ඒ වෑංජනත් එක්ක ඉඳි ආප්ප හරි රහයි...විස්වාස කරනවනං විස්වාස කරන්න..නැත්තං ඒත් විස්වාස කරන්න..මං පොඩි කාලේ.ඒ කියන්නේ අවුරුදු 10ක් විතර වෙන කාලේ මං ‍උදේට කිසි ගේමක් නැතිව ඉඳි ආප්ප 50ක් කනවා..අපේ මලයනං ඊටත් එහා..

උදේම හදන දුම් දාන ඉඳි ආප්ප නිකනුත් කෑ හැකි...ඉතිං අර වගේ වෑංජනේකුයි... හොඳ කලටි සම්බෝලෙකුයි සෙට් උනහම මොන අමාරුවක්ද..?

හැබැයි දැන් වගේ ඔය හාල් පිටි ඉඳි ආප්පනං නෙවෙයි ඒ තැම්බුවේ..පාන් පිටි ඉඳි ආප්ප තමයි..හාල් පිටි පරිභෝජනේ හොඳයි තමයි..ඒත් ඇත්ත කතාව තමා හාල්පිටි ඉඳි ආප්ප රහ නැහැ කියන එක.මටනං ඒවා කෑවම බඩේ නිකං ගින්නක් ඇවිලෙනවා වගේ දැනෙනවා..උගුරට ගෑස් ගතියක් වගේ දැනෙනවා..අදටත් ඔය කොහේදී හරි ඉඳි ආප්ප කන්න ගියහම මං මුලින්ම බලන්නේ පාන්පිටි ඉඳි ආප්ප තියේද කියලා තමා... මේ ලගකදී මං වැලි වේරියේදී උදේට කෑවා ෂෝක් පාන් පිටි ඉඳි ආප්ප ටිකක්... ඒකටම හරියන වෑංජනයක් නොතිබ්බත් හොද මස් වෑංජනයක් එක්ක නෙලලා ඇරියා..ඒ මස් මොනවද කියලනං අහන්න එපා..හුග දෙනෙක් අකමැති සතෙක් තමා...

කොහොම උනත් දැන් ඉස්සර වගේ ආයේමත් රහට ඉඳි ආප්පයක් කන්ට වෙන්නේ නැති එකනං බොහෝම දුකට හේතුවක්... අනික ඉතිං අපේ කඩවල් වල කොහේද උදේට පොළොස් පැහි...

ඔය පොළොස් පැහි කිව්වමත් කියන්ට ඕන..මට කාලයක් පොළොස් පැහි අප්පිරියාවටම ආවනේ..ඒ තමා මං පන්සලේ උන්න කාලේ..අනේ අප්පේ..පොලොස් කාලෙට කෙහේ ගියත් පොලොස්නං වරදින්නේ නැහැ...ඒ වගේම තමා කාලෙකට කොහිල දළු..කාලෙකට දෙල්... ඒ ඒ කාලේට මොනවද හැදෙන්නේ ඒ දේ අනිවා පන්සලට දින පතා ලැබෙනවා..ඕක මේ ලංකාව පුරාම පන්සල්වල දකින්න තියෙන කාරණාවක්..

ඔන්න මේක බලලා මට බනින්ට තියා ගන්ට එපා.. දෙන දේ පිලිගන්ට එපැයි කියලා..ඒවා ඔක්කෝමත් හරි..මං මේ කාරණාව සඳහන් කලේ අපේ උපාසක අම්මලාට... මොකද මං දන්නවා තාමත් මේ බ්ලොග් එක කියවන අය අතර පන්සල් ගැන උනන්දු..නිතර පින් දහං කරන උදවිය ටිකක් ඉන්න විත්තිය..ඒ අය සැරින් සැරේ මගෙන් ඔය සම්බන්ධ කටයුතු වලදී උපදෙස් එහෙමත් ගන්න හින්දයි කිව්වේ... අපි හිතන තරංම පොළොස්..කොහිල වගේ ජාති පන්සල් වලට අඩුවක් නැත..හුග දෙනෙක් අනේ මේවා ලැබෙනවා අඩුයිනේ කියලා හිතං තමා ඔය ජාති හදන්නේ..ඒත් හැම කෙනාම ඒ විදියට හිතන එක හරහා අඩු නැතිවම ඒ දේවල් හම්බ වෙනවා කියලා දැනගෙන ඉන්ටකෝ...

මේක කිව්වාම මට හිතුනේ..අඩු වියදමෙන් සහ අඩුවක් නැතිව හොදට දානයක් දෙන හැටි ගැන ලිපියක් ලියන්ටත් ඕන...ඊ ළගටවත් බලමුකෝ ඒ ගැන..තව පිරිතක් කියවන්න හිතං ඉන්න අයටත් උපදෙස් මාලාවක් දෙන්ට ඕනකමක් තියේ..ඒ ගැනත් සලකා බලමු.

ඉතිං මං මේ ලිය ලිය හිටියේ කාපු බීපු හැටිනේ...

ඒ දවස්වල අපේ උදේ වේල උනේ වැඩි හරියක්..ඉඳි ආප්ප..සතියකට දවසක් විතර තෝසේ...ඒ අතරම පාන් කන දවසුත් තිබුනා..ඒ වගේම දෙල් තම්බලා ලුණු මිරිසුයි පොළුයි එක්ක..එතකොට මයියොක්කා..බතල එහෙමත් උදේට ලැබුනා..ඒ අස්සේම අර ප්‍රේමදාස මහත්තයාගේ පාසල් දිවා ආහාර වැඩ සටහන හින්දා ටික කාලයක් මුං ඇට කඩල එහෙමත් ලැබුනා..මං මුං ඇට වලටයි කව්පි වලටයිනං බොහෝම කැමතියි..එදත් අදත්..ඒත් කඩලනං ම්හූ..මං ආස නැහැ...බඩ පිරෙන්න කඩල කන්න උනහම හක්ක රිදෙනකං කන්න එපැයි..ඒකයි..

ඔය දේට අමතරව හීල් බත්වලටත් ප්‍රධාන තැනක් තිබුනා නෙව... කලින් දවසේ ඉතිරි වෙච්ච බත් ටික දංකුඩ එක්කම බෙදාගෙන හින්දවපු කරවල හොද්දකුයි..උදේ ඉඳි ආප්ප වලට හදපු පොල් සම්බෝලයි එක්ක ටොපේ ටොප්..ආ ඒකටම තව පාන් කාලක් පොඩි කෑලි වලට කපලා බත් එකට උඩින් දාලා හොදට හොදි වැක්කෙරුවාම මොන සැපද අප්පා...

මාසෙකට වතාවක් දෙකක් දිය බත් වගේම..හතාවාරිය හරි එළබටු කොළ කැඳ හරිත් හැදෙනවා... හැබැයි කැඳ කේස් එකටනං මමයි මල්ලියි දෙන්නම පස්ස ගහනවා..ඒත් එක දවසක් ටොප් කැඳක් අහු උනා..ඒකනං පුදුම රසයි..ඊට පස්සේනං පොඩ්ඩක් විතර කැඳවලට ආසා හිතුනා..ඒ දවස්වලනං ඔවාගේ ගුණයක් අපි දන්නෙත් නැහැ..ඒත් ඒ එදා බිව්වේ වැල් පෙනෙල කැඳ වගයක්..හැදුවෙත් අපේ ගෙදරදී නෙවෙයි..අපේ ගෙවල්වලට ටිකක් එහායින් තියෙන අපේ බාප්පා කෙනෙක් වෙන කෙනෙක්ගේ ගෙදරක තමයි..නිකං හවස් අතේ අපි කට්ටිය හුගක් ඉන්නකොට ඒ වත්ත සුද්ද කර කර හිටිය කෙනෙක් හෙන වැල්පෙනෙල ගාලක් ගලවං ආපි.. ඊට පස්සේ එහෙ හිටි අයියලා අක්කලා නැන්දලා මාමලා නඩේම එකතු වෙලා ඔය වැල්පෙනෙල තොගේම දාලා කැඳ හැදුවා නෙව..

එදා කොහොම හරි දහයක් විතර හිටියා ඔය කැඳ එක බොන්න..බොන ගමන් ලොකු අය හිනා වෙවී මොන මොනවා හරි කිය කිය තමා දීලා ඇද්දෙත්..මං ඒ දවස්වල ඔය වැල් පෙනෙලවල ගුණයක් දන්නවායෑ..රහ හොද හින්දා නෙලලා ඇරියා කෝප්ප දෙක තුනක්ම..එහෙ හිටිය උන් මටත් හිනා උනා...මටත් මොකද..අනෙක ඒක හවස් වරුව..උදේට බොනකොට වමනේ යන්න වගේ ආවට හවසටනං කැඳ බොන්න ඇහැකි කියලාත් මට එදා හිතුනා...

ඉතිං ඔය වගේ බොහෝම විවිධත්වයකින් තමයි ඒ දවස්වල කෑම ටික පිළියෙල කෙරුනේ...

උදේට අර වගේ කාලා දවල්ට බත් කන්නත් ගමේ ගොඩේ එළවළු තමා වැඩි හරියක් තිබුනේ..බෝංචි..කැරට්..ලික්ස්..රතු අල..රාබු නොකෝල් වගේ එවා ටිකක් අඩුවෙන් තමයි දකින්න ලැබුනේ..දන්නවනේ ඉතිං පොඩි කාලේ..නැති දේවල්වලටනේ ආසා..ඒත් අර කලින් කිව්ව ගමේ ගොඩේ කෑමත් අවුලක් නැතිව කෑවා තාත්තා උයන හින්දම...මොකද අපේ තාත්තා අත ගහලා ඉව්වොත් පොල් කොල උනත් කන්න ඇහැකි..ඒ තරං හොඳ අත්ගුණයක් උන්දැට පිහිටලා තිබුනා.

ඔය දේවල්වලට අමතරව වත්තේ පිටියේ හිටෝපු බණ්ඩක්කා..වැටකොළු..වම්බටු..එළබටු..වගේ එළොළු ජාතිත් නිතරම වගේ කන්ට ඇහැකි කොම තිබුනා.

ඔය ඔක්කෝම පරාද එක කෑමක් තිබුනා..ඒ තමා කජු මාළුව...

ඒ කජු මාළුව ගැන වගේම තව මතක් වෙන ඉතිං දේවල් ගැන ඊ ළග ලිපියෙන්වත් ලියඤ්ඤං..දැන් මේක දිග වැඩි වේගන එනවා..එහෙනං දැනට ආයිබෝං...


82 comments:

  1. "ඒත් පොළොස් පැහි එක්ක..කෙහෙල් මුහ එක්ක.කොහිල එක්ක..විශේෂයෙන්ම කැබැල්ල දළු එක්ක සහ බිළීං මාළුව එක්ක ඉඳි ආප්ප කෑව කෙනෙක් ඉන්නවනං දනී ඉඳි ආප්ප අල හොදි..පරිප්පු එක්ක කන එක මොන දහ ජරා වැඩක්ද කියලා..."


    මෙහෙම කියන්න බැ ..සමහර කෙනෙක් ඉන්න පුලුවන් බිල්ං පොලොස් දහජරාව කියන මොකද පුද්ගලයා අනුව රසඥතාව වෙනස් වෙනව

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි නං නිකං හිටපිය පොන්න ටෝක් නොදා

      Delete
  2. දේශිය ආහාර වලට මුල් තැන දෙනු කියල යටින් දැම්මනං හොදයිනෙ.
    කොහොම උනත් නියම කෑම වට්ටෝරුවක්නෙ.
    දැන් කජු මාලුව හදන හැටිත් දාපංකො බලන්න.

    ReplyDelete
  3. මම ට්‍රයි කරල තියෙනවා ඔය වඩේ වැඩේ සෑහෙන්න. ඒත් හැමදාම මැද අමුයි. මැද ගාණට එනකන් බැද්දොත් වටේ අඟුරු වෙනවා.
    මම හිතන්නේ ඕකට තියෙන්න ඕනේ අත්ගුණේ.

    අනිත් එවුන්ට කියන්නේ - ළඟ පාතක කෑම නැත්නම් කෑම වෙලාවත් කිට්ටු නැත්නම් මාරයගේ කෑම පෝස්ට් බලන්න එපා. මම කන්න යනෝ...

    ReplyDelete
  4. මමනම් කවදත් ආස මේ කැම වලට. අදටත් පොලට ගියාම මේව ගේනවා.
    කැබැල්ල දලු කියන්නේ මොනවද කියලවත් දන්නේ නැතුව ඇති ගොඩාක් අය. හරිම රස කෑමක්. මස් උයනව වගේ හින්දලා හදන්න ඕන. අපේ ගමේ ගෙදර තාමත් කැබල්ල ගහක් තියන නිසා තාමත් කන්න පුලුවන්..

    අර බුවා කියපු එක ඇත්ත. සමහරුන්ට මේ කැම පේන්න බෑ.. එයලට කැරට් ,, බීට් ඕනමයි...

    ReplyDelete
  5. බිලිං මාලුව... අම්මෝ..... හෙට ගමේ යන නිසා අම්මට කියලා හදවගන්න පුලුවන්. මම නම් බත් එක්කත් කාලා ආයෙම බිලිං මාලුව විතරක් බෙදාගෙන නිකන් කනවා.

    ReplyDelete
  6. ආසයි එය ඔක්කොම කැමවලට... ඇත්ත අලහොදිත් එක්ක ඉඳිආප්ප එපා වෙනවා...

    මාරයා දෙල්කොස් තිබුනෙ නැද්ද ගෙදර හරි ගමේ හරි? අද අපිට වස් දානෙ... දෙල් කොස් හැදුවා මැල්ලුමක්... ඔයා දන්න පන්සලකට :) තාම කෑවෙ නෑ රස කියන්න...

    ReplyDelete
  7. ඇත්ත මටත් පාන් පිටි ඉඳි ආප්ප තමා රහ. ඔය කිව්වට ඔය සමහර කෑම වලට නම් මම ආසම නැහැ.

    අනේ බන් ඔය වේලිච්ච ඉඳි ආප්ප ගිලිනව වගේද කිරි හොදි ටිකකුයි මිරිස් හොදි ටිකකුයි සම්බලකුයි එක්ක ඉඳිආප්ප ටිකක් ගිලින එක........:)

    ReplyDelete
  8. @buwa...

    සමහර විට එහෙමත් ඉන්න ඇහැකි තමා..ඒත් මගේ හිතීමේ හැටියට තමා ඔය කියලා තියෙන්නේ... මොකද මං හිතන විදියත් සමහර අය හිතන විදියට වඩා වෙනස්නේ...

    ReplyDelete
  9. @Praසන්ன...

    හිටිං හිටිං ඒකත් ලියඤ්ඤං...

    ReplyDelete
  10. @පැණි දොඩම් - [නුවන් කුමාරනායක]...

    වඩේ බැදීමේ එකම රහස..දෙපාරකට බැදිය යුතුය..

    බලමු වතාවේ තෙලට දා යන්තං කහ පැහැ වෙන තෙක් බැද ගොඩට ගෙන නිමුනාට පසුව දෙවෙනි වතාවේ බැදීමෙන් ඔය කියු ගැටළුව නැතිව යනු ලැබේ...

    අර වඩේ කරත්තවල උන්නං පුංචියට බදින ඒවා එක පාරෙන් බැද්දා උනත් ඔය ක්‍රමේ තමා නියම ක්‍රමය..පළමු පාර වඩය තැම්බීමත්..දෙවන වර එහි කරස් කරස් ගා හැපෙන්නට බැඳීමත් තමා හරි දේ...

    ReplyDelete
  11. @Gimhani...

    ඇත්තටම කැබැල්ල ගහක් දකින්න වෙන්නේනං දැන් කලාතුරකින්..මටනං ලගකදී ඇහැ ගැහුනේම නැහැ..ඔයා ඒ අතිං පින්වන්තයි නෙව...

    ReplyDelete
  12. @පිණිබිඳු...

    මං එකක් කියඥ්ඥං හූනා කියන්නැහේ...

    කවදා හරි දවසක නගාට දොළදුක් කෑම හොයන්ට ගිය දාට ගෙදර උන්දැට ලේසි වෙන්නේ නං නැහැ...

    ReplyDelete
  13. @තනෝජා රාජපක්‍ෂ...

    හප්පච්චියේ අක්කණ්ඩි..මාත් යන්තං දෙපාරක්නං ඕක කාලා ඇත..හරි අපූරු කෑමක් නෙව..ඒත් හිතේ හැටියට කන්ටනං තාම හම්බ උනේ නැහැ නෙව... ඕකටම හරියන්ට කට්ටා කරවල හොද්දකුත් තියෙන්ට ඕන..

    ReplyDelete
  14. හ්ම්ම්.. මේක දැනං හිටියෙ නෑ නොව..
    වෙලාවක ට්‍රයි එකක් දාන්න ඕනේ. මං හිතං හිටියෙ පරිප්පු මිශ්‍රෙණ් තෙත ගතිය වැඩිවුණාම එහෙම වෙනවා වත් ද කියලයි..

    ReplyDelete
  15. @නිශ්...

    අම්මපා මට එන කේන්තියක්..මට ඇහැකිනං මං බොට කොහිළ දළු වෑංජනයක් හදලා තැපෑලෙන් එවනවා වේලිච්ච ඉඳිආප්ප කෑමේ රඟ තේරුං ගන්ටත් එක්ක...:D

    ReplyDelete
  16. @ayesha...

    ඒක තමා මගේ මේ බඩ රිදෙන්ට වගේ ගත්තේ..හික්

    ReplyDelete
  17. @පැණි දොඩම් - [නුවන් කුමාරනායක]...

    ඊ ළග පාර ට්‍රයි කොරලා බලන්ටකෝ..ඔය දේ හින්දම තමා අර වඩේ හොඳ අඩුවෙන් බැදලා කියන සුප්‍රසිද්ධ කියමනත් ඇවිත් තියෙන්නේ..ඒත් කොහේද..අපේ උන් හිතං ඉන්නේ ඒක විහිළුවක් විතරයි කියලනේ...

    වඩේ හොඳ අඩුවෙන් බැඳලා..ආයේ බැඳලා..හරිනේ..

    ReplyDelete
  18. හැදුවා හැදුවා... කට්ටා කරවල හොද්දක්... ඒත් හාමුදුරුවන්ටයි ගෙදර ඈයොන්ටයි ඒ රසේ විඳතෑකි.. මම හොඳි ගෙනාවෙ නෑනෙ බත් එකේ... මං පව්..

    අපේ ගෙදර පුංචි පැලයක් තියේ... ඒක දැන් ගොඩ කාලයක් හැදෙන්නෙ නෑ අප්පා.. එතන වදුලද මන්දා.. අද උදේ ගෙඩි දෙකක්ම සුද්ද කළා පාන්දර 2.00 ට් ඇහැරුනේ.. අම්මයි මමයි තාත්තයි තුන්දෙනෙක් ඉඳලත් 3.30 වෙනකනුත් දෙල් කොස් වැඩේ... හයියෝ... යාන්තම් 6.00ට ඉවර උනා..

    අපේ ගෙදර නම් තියේ කැබෙල්ල දළු... තම්බ දිය අරින්නත් එපෑ.. එච්චර ගොඩක් දළු එන්නෙ නෑ.. අනිත් එක මේ පහුගිය ටිකේ දළඹු වසංගතයක් හින්දා...

    කියවන්න ගියොත් මාත් ඔයාට දෙවෙනි නෑ වගේද මන්දා මලේ.. ඔන්න නතරඋනා..

    ReplyDelete
  19. @තනෝජා රාජපක්‍ෂ...

    අප්පද බොල..අක්කා පව් නෙව...මොනවා කොරන්ටද..

    අප්පේ ඔව්..දෙල් කොස් සුද්ද කිරීම ටිකක් වෙලා යන වග මටත් ඒක හදලා දුන්න ඈයෝ කිව්වා..ඒ වගේම අස්වැන්න හරි අඩුයි නෙව...

    කැබැල්ල ගහ හොඳට කප්පාදු කරන්න අක්කේ..ඉස්සර අපේ තාත්තා වැව් කණ්ඩියේ තිබුන කැබැල්ල ගහක් දරුවෙක් බලා ගන්නවා වගේ බලා ගත්තේ..අර හෙන වදුලක් අස්සේ තිබුනා උනත් ඒක හරි යසට කොල ටික දළු දාලා එනවා...

    ඔහොම කියෙව්වට අහං ඉන්ට ආසයි නෙව..ඔහේ කියවන්ට...මගේ හැටි දන්න‍වනේ ඉතිං..ගස් කොලං කෑම බීමනං මාත්තුරුකාව..මං සීරුවෙන් ඇති...

    ReplyDelete
  20. "මං ඒ දවස්වල ඔය වැල් පෙනෙලවල ගුණයක් දන්නවායෑ..රහ හොද හින්දා නෙලලා ඇරියා කෝප්ප දෙක තුනක්ම..එහෙ හිටිය උන් මටත් හිනා උනා..."

    දැන්නං මාරයියා වැල් පෙනෙල ගුණ දන්නව නේද?
    හි...හී.......

    ReplyDelete
  21. මාරාහාරයක්නෙ බොලේ :)

    ReplyDelete
  22. මම මේ දවල්ට නොකන හාදය දැන් මේක කියවල මට තද බඩගින්නක් ආවා. අද දෙනවා දවල්ට තරු පේන්න.

    ReplyDelete
  23. තව ඩ්න්ගෙන් අමාරුවෙන් ගත්තු දෙවනි ලැප් එකත් ඉවරයි...ඇයි බන් මෙහෙම කෙළ හැලෙන කතා ලිව්වම අපි වගේ බොඩිම් වල වෙලෙන කඩවල් කුනු බත් ගිලින එවුන්ගෙ කටවල් අගට කෙලෙ ඇවිල්ල නොදැනිම ලැප් එකෙ කී බොඩ් එක අස්සෙ මව් පුවරුවට වැක්කෙරිලා එක පිච්චෙන අවදානමක් තියෙන්ව කියල උඹට තෙරෙන්නෙ නැද්ද මාරයියේ...
    මෙහෙම ලියන කොට මීට පස්සෙ උඩින් caution කියල රතුවට දාපන් හොදේ

    ReplyDelete
  24. @Aruna...

    අනේ නැහැනේ හැබෑට..බැරිද පොඩි පැහැදිලි කිරීමක් කොරන්ට..හෙහ් හෙහ්...

    ReplyDelete
  25. @අකූ...

    ඒ කිව්වේ කෑවට පස්සේ මැරෙන ජාතියේ එකක් වගේද..:D

    ReplyDelete
  26. @වෙද ගෙදර මහ වෙදනා...

    ඊට පස්සේ බඩ ගෙඩිය කල ගෙඩිය වාගේ ආරලා මෝරලා ආවාම පේන තරුවලට මං විසින් වග කියනු නොලැබේ..!

    ReplyDelete
  27. @පැන්ඩා...

    අනේ බං උඹ මොනවා දැකලද කෙල පෙරන්ට පටන් ගත්තේ..කෝ මං මේකේ උණ බම්බු ගැන ලිව්වේම නැහැනේ..උණ බම්බු තියා බට ලී ගැනවත් ලිව්වේ නැහැ..ඔන්න කජු මාවව ගැන ලියන්න ගියානං උණ බම්බු ගැන ලිය වෙන්ට තිබුනා...

    ReplyDelete
  28. ඒයි උඹ මිනි මසුත් කනවය.. එහෙනම් අර කියල තිබුනේ ගොඩම් දෙනෙක් අකමැති සතෙක් කියල.. ඈක්කා.... චීයා....

    වඩේ බදින්න.. මම හරි ආසයි.. ඔහෙත් ආසය...??? :8-{>

    ReplyDelete
  29. දානවලට උදේට දෙන්ඩ හොඳ බත්ද, නැත්නම් ඉඳි ආප්ප, ආප්ප, රොටී, කිරිබත් වගේ ජාතිද? අපේ අම්මා දාන දෙනකොට, රෑ තිස්සෙ බඩගින්නෙ ඉඳලය කියලා බත්ම තමයි උයන්නෙ. ඊට පස්සෙ ඉතින් දවල්ටත් බත්මනෙ හැමෝම දෙන්නෙ. පව්, එතකොට අර වෙන කෑම කන්න වෙලාවක් එන්නෙම නෑ.

    ReplyDelete
  30. බෑ අෆ්ෆා බෑ.....
    මේකේ දිහ දැක්කාම කියවන්න මොකක්ද මොකක්ද වගේ :D

    ReplyDelete
  31. මදැයි මන් මේ උන හැදිලා කට තිත්තයි කන්න බැරුව හිටියේ . කාල කාල ඉස්මුරුත්තාවට ඇවිත් ඉන්න වෙලාවක මිසක් මාර සරණිය දිහා එන්න හොඳ නැහැ . අපේ ආච්චි කැබෙල්ල දළු මාළුව එක්ක ඉදියාප්ප හැදුව මාර රහයි. අම්ම ලුණු තෙල් දාල හරි කෙහෙල් මුව මාළුව එක්ක හරි ඉදියාප්ප හදනවා ඒකත් රසයි . අම්මත් වැඩිය හැදුවේ පාන් පිටි වලින්. හාල් පිටි ඉදියාප්ප ආවේ ලඟදි . ඒක ඉතින් ලේසියි. ගුණාත් ඇති . රස නම් මදි. අනික කන්න හොදි බාල්දියක් විතර ඕන . පාන් පිටි ඉදියාප්ප සම්බෝලයක් එක්ක විතරක් වුනත් කන්න හැකි. ඉදියාප්ප හදනවට වඩා ඒකට හොදි හදන එක තමයි කම්මැලි. මට වඩා නගරෙට බර ගෙදර අය මස් හොදි පරිප්පු සම්බෝල තුනම තිබුනම තමයි කැමති. බත් උයන එක ඊට ලෙසිනේ. මාරයට රස්සාවක් නැති වුනොත් කෑම කඩයක් දාගන්න .

    ReplyDelete
  32. අපේ තිරිවානකැටියේ ආතම්ම ඉන්න කාලෙ හදනව ඉඳිආප්ප කන්න, කොහිල දළු වෑන්ජනයක්. හාල් මැස්සො, අබ, එහෙම එක්ක හිඳෙන්න උයල. ලේසියෙන් ඉඳිආප්ප 50 ක් බැස්සියාකි.

    ReplyDelete
  33. මගේ අම්මේ මාර කෑමක් නෙ කාලා තියෙන්නෙ...... කාපු ඔක්කොම ඔහොම කීවම ටිකක් ඉරිසියත් හිතුනා අප්පා.. ඔය ලිස්ට් එක ටික ටික ට්‍රයි කොරල බලන්නංකො .
    හැබැයි මං හිතාන උන්නෙ ඉදි ආප්ප වලට වඩා හොද හාල් පිටි කියලා ....
    තව එකක් අර උඩින් කියපු දානෙ බඩු ලැයිස්තුවයි පිරිතට ඕනෙ අඩුම කුඩුම ටිකයි ලීවනං ප්‍රයෝජනයි

    ReplyDelete
  34. ඇයි මාරයියේ අල කොල මාලුව.මාර රහයි.මට නම් ඉදිආප්ප කන්න අල කොල මාලුවක් තියේ නම් වෙන මොකුත් ඔනි නෑ.

    ReplyDelete
  35. @මාතලන්...

    මං දන්නා තරමට හුග දෙනෙක් මිනී මාළු කන්ට කැමැත්තෙන් පසු වෙති.

    අඩුවෙන් බැඳලාද..?

    ReplyDelete
  36. මේවා කැත වැඩ...ඉතින් දැන් කෙළ ගිල ගිල බ්ලොග් කියවපල්ලකෝ.....ඇයි අර ජූං ගෙ කතාවක් ලියපන්කෝ..අපටත් රස විඳින්න..

    මාරයො..ඔය වැල් පෙනෙල බොන දවසට පතෝල කරලක් ගිලින්න පුලුවන්න නම් හරි ගුණයි..

    ReplyDelete
  37. @නලිනි චන්දිමා...

    බත් නරකම නැත..කෝකටත් තෛලය නෙව..ඒත් පොල් රොටී ආප්ප වලට මුල් තැන ලැබීම අනිවාර්යය...වෙනසක් දැකීමට ඇවසිනම් එළවළු රොටී..රෝල්ස් වැනි දෙයක් ගැන සිතුවාට කිසි වරදක් නැත.
    මේ වෙනසක් කිරීමට කැමති අයට පමණි...අපි කන විදිය ගැන පොඩ්ඩක් හිතුවනං කිසිම අවුලක් නැහැ...

    ReplyDelete
  38. @පූසා...

    බැහැ කියන්න එපා පූසෝ..මේකේ කුප්පමේනියා ගැනත් තිබුනොත් එහෙම..කාටද පාඩු..ඈ..?

    ReplyDelete
  39. @Bindi...

    අද ඔය කෑම කඩයක් ගැන අදහස දාපු දෙවෙනියා...

    මට හරිම සංතෝසයි කැබැල්ල දළුත් එක්ක කෙහෙල් මුහත් එක්ක ඉඳි ආප්ප කාපු කට්ටිය දැක්කම...පින්වන්ත පරම්පරාවේ අවසාන පුරුක්...හික්

    ReplyDelete
  40. @Observer...

    ඔන්න තව හාදයෙක්..සංතෝසයි අප්පා..අප්‍රමාණ සංතෝසයි..
    ඇත්තටම හොදි එක්ක කනකොට වගේ නෙවෙයි මෙහෙම කනකොට මාර ඉදිආප්ප තොගයක් කෑහැකි..

    ReplyDelete
  41. යකෝ කටේ කෙළ ටික හින්දල මරන්නද යන්නේ. පෝස්ට් එක බාගයක් කියවනකොට කටෙන් බේරිච්ච කෙල වලට ෂර්ට් එක බාගයක් තෙමිලා.....!

    හිටහන් ඊලඟ පාර උඹේ පෝස්ට් එකක් කියවන්න එනකොට බරෙත්තුවක් බැඳගෙන තමයි එන්න ඕනෙ.....!

    ReplyDelete
  42. කටේ කෙලත් හිඳුනා ගිලලම :) එත් මේ ජාති හොයාගන්න තියෙනවයැ මේ පැත්තේ... :(
    (ඇත්තටම මම ඔය කැබැල්ල දළු නම් කාල නැහැ තාම..)
    මම කැමති ඉතින් හාල් පිටි ඉඳි ආප්ප ... පොලොස් දැකපු කාලයක් මතක නැහැ :(

    ReplyDelete
  43. හප්පේ... මාරයියෙ කෑම ටිකනං පංකාදු පහයි.. හි හී.. මාත් කැමතිම ගමේ කෑම වලට..

    අනේ මාරයියෙ මට ගෑස්ටික් නෑ තාම.. තව මේවගේ දෙකතුනක් දැම්මොත් ඒකටත් වග කියන්ට වෙයි ඕං..

    ReplyDelete
  44. @sameera...

    අනිවාර්යයෙන් ඒ ගැන ලියන්න හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
  45. සංදුක්කේ, ඔය ලියලා තියෙන්නෙ මාගල වගේ.. දැන් ඉතිං මේක දිහා බලාගෙන හූල්ලපියකො සතියක් විතර.. යකෝ බොට ඇත්තටම දුක නැද්ද අපි වගේ අය ගැන..

    ReplyDelete
  46. ඇයි බන් අයියේ උබ මෙහෙම කරන්නේ අපිට... කඩේකින් ගන්නවත් පුළුව දෙයක් දැම්මනම් හිතවත් හද ගත හැකි... හපොයි උබ අර දුමිය කිව්ව වගේ කටේ කෙළ හින්දල මරන්නද මන්ද යන්නේ අපිව... මොකෝ හොයන්නය ඔව්ව මෙහේ....

    ReplyDelete
  47. @රන්දික කුලතුංග...

    අනිවා අල කොල මාළුවත් ඕකට සැට් වෙන කෑමකි..

    ReplyDelete
  48. කෑම ටික ගන කියවනකොට කටට කෙලත් උනනවා. මාරේ අයියා කිව්වත් වගේ ඉදි ආප්ප වලට පොලොස් මාලුව තරම් දෙයක් නෑ. පොලොස් එක්ක තියේ නම් ඉදි ආප්ප මැරුවෑකි. ඒ තරමටම ගින්දර කෑමක් !!!!!

    කරවල හොදිත් ඉදිආප්ප වලට නරකම නෑ. !!!!!

    අර කිව්වත් වගේ ගෙදරදිම වවාගෙන කන එක නම් අපිත් කරනවා. ඒක ගොඩක්ම ආර්ථිකව වාසිදායකයි. එතකොට පොලෙන් එලවලු ගේන එක හුගක්ම අඩු වෙනවා.

    ReplyDelete
  49. හප්පේ මේ තියෙන්නෙ නියම සිංහල රජ කෑම ටිකක්...මෙව්වයින් ඔය කැබැල්ල දළු ඇර අනික්වා සියල්ලම කොටා දමල තියෙයි... කැබැල්ල දළු නම් ඇහැව්වෙත් අද...
    ඉඳිආප්ප නම් කන්න කැමති කිරි හොදි හරි පොල් මැල්ලුම් හරි එක්ක... බලන්න ඕනි මාරයියා කිව්ව ජාති එක්කත් ඉඳිආප්ප කාල...

    ReplyDelete
  50. @Luckey...

    ආ ආ ජුංගේ කතා නේද..ජුංගේ ආසාම කෑම ටික ගැන ලියන්නද එහෙනං මං...

    පතෝල පාත්තියට යටින් වැල් පෙනෙල වැව්වොත් ඊට නරකද..?

    ReplyDelete
  51. @දුමී...

    අප්පද බොල මේ ඉන්නේ..මං ඒත් බැළුවා මොකද පරක්කු කියලා...
    ඇත්තටම උඹ නැත්තං දුමියෝ මට මේ පෝස්ට් එක ලිව්වත් නොලිව්වා වගේ..අම්මපා..එහ්නං

    ReplyDelete
  52. වෑලිවේරියේ නම් අනිවා ඌරා තමයි කන්න ඈත්තේ. එහේ තියෙනවා නොවෑ මස් විකුනන කඩ දෙක තුනක්ම. මගේ වෙන්න නෝනත් එහේ නොවෑ. එහේ ගියහම මට හදලා දෙනවා තෙබු කියලා පලා ජාතියක්. අන්න කෑම. හිනියට ලියලා, පොල් දාලා, ලුනු ඈබුල් ටිකකුත් දාලා තව උම්බලකඩ ටිකකුත් දාල ගත්තම මරේ මරු.... මරේ ඒවා කලා නෑතෙයි......

    ReplyDelete
  53. @දිනූෂා...

    ආ ආ මෙන්න අළුත් මුහුණක් දැක්කා..සංතෝසයි මේ පැත්තේ ආවාට..

    පොලොස් නොදකින්න මං හිතන්නේ මේ රටේ නැති කෙනෙක් වෙන්ට ඇති..එහෙමනං ඉතිං මොනවා කොරන්ටද..?
    කැබැල්ල දළු වෑංජනයක් කෑමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරන්නං

    ReplyDelete
  54. @හිම කුමාරි...

    හික් හික්... මං මේකේ උඩින් දාන්ටයි ඉන්නේ අර කිව්වත් වගේ..කියවීම හරහා වන අතුරු ආබාධවලට වග කියනු නොලැබේ කියලා

    ReplyDelete
  55. @Buratheno...

    දුක..අඩේ මට හෙන කුරිරු සතුටක් වගේ එකක් දැනෙනවා බෙලේ..හික්...

    ReplyDelete
  56. @පිස්සා පලාමල්ල...

    අඩේ දුමියට හරියන තව සෙට් එකක් මෙන්න..
    බුරා සහ පිස්සා..මටනං පුදුම සංතෝසයි අප්පා..
    දුමී උඹ තනිවී නැත අයියා..

    ReplyDelete
  57. තාත්ත ලංගමෙන් අයින් වුනාට පස්සෙ වෙන්නැති කඩ කෙරුවාව කලේ?

    ReplyDelete
  58. @මධුරංග...

    ඔව් මල්ලි..අපි හිටවගෙන කන දේ හරි වටිනවා..ඒ වගේම කැඩුව ගමන් උයන එළවළුවල පුදුම රහක් තියෙන්නේ...

    ReplyDelete
  59. @ප්‍රසංග...

    අම්මේ ඔව්..හොඳට කූනිස්සෝ දාලා හදාපු පොල් මැල්ලුමත් ඉඳි ආප්ප වලට දෙයියා

    ReplyDelete
  60. @හසිත මදුශංක...

    අනිවා ඒකා තමා සතා...
    මං හෙට ලියන්න ඉන්න එකේ ඔය තෙබු ගැනත් ලියවෙන්න නියමිතයි මලේ..හිටුකෝ

    ReplyDelete
  61. @Observer...

    ඔව් ඇත්තටම අයින් උනා නෙවෙයි..දන්නවනේ 81 ගැන...එකේ ප්‍රතිඵල තමා අපි තාම ගෙවන්නේ..මං ඔය රසට කිව්වට බොහෝම දුක් වින්ද කාලයක් ඒක...ඒත් අද මට ඒවා පැණි රහයි...

    ReplyDelete
  62. තු විතරක්...මේ දිපන්කරේ ඉන්න අපිටම පෙන්න තමයි මේවා දාන්නේ...කුසගිනිවෙලා ඇගපත වෙව්ලන්න ගන්නවා ඔයි..

    මේ..අර වැලිවේරියේ තියෙනවා කීව කඩේ. ඕක තියෙන තැන හරියටම කීවානම්..අපිටත් බඩකට පුරා ඇදලා අරින්න ගිය වෙලාවක..

    ReplyDelete
  63. අපොයි මේක කියවනකොට කෑම ජාති මැවිලා පේනවා. කඩල හපන්න නම් මාත් කැමති නැහැ.හකු පාඩ කැඩෙනකම් හපන්න එපැයි.මොනා වුනත් මාරයාට පොඩි කාලේ ලැබිල තියෙන්නේ මාර පෝෂණයක් තමයි.සෙල්ලංද ඉදිආප්ප 50 ක් විතර උදේට කනවැයි කිව්වහම

    ReplyDelete
  64. වේල් තුනම ඉන්දියන් කාරයින්ගෙ තෙලුයි මිරිසුයි කකා පණ ගැටහගන්න මට අනේ මෙහෙම දුකක් මොකට දුන්නද...

    හිටුකො තව ඩිංගකින් ඉෆ්තාර් ( නෝම්බි අහවර වීම )එකෙන් පස්සෙ අදනම් කොහේ හරි ගිහින් ඉඳි ආප්ප ටිකක් කාල තමා පස්ස බලන්නෙ... දන්න පොට් එකක් තියෙනව.. හැබැයි පොලොස් නම් හොයන්න හම්බවෙන්නෙ නෑ.. පොල් සම්බෝලෙකුයි අල හොදි ටිකකුයි එක්ක වත් කොටාබාන්න ඕනැ... ඒකටත් රුපියල් හයසීයක විතර දුර ටැක්සියකින් යන්න ඕන.. ආපහු එන්නත් එපායැ... මදෑ.. මාර සරණිය....

    ..........................

    මම ලංකාවෙදි මියන දලු හින්දවල හදපු වෑන්ජනයක් එක්ක ඉඳිආප්ප කාල තියෙනව.. ඒ වගේ ගැලපෙන කෑම සංයෝගයක් අදටත් කාල නෑ...

    ReplyDelete
  65. @Niroshan...

    ආ ඒ පොට් එක ඒ හැටි ලොකු තැනක් නෙවෙයි..හැබැයි කෑම ටිකනං ටොපේ ටොප්...හරියටම කන්ද කපාපු හන්දිය පැත්තේ ඉඳන් ඇවිත් වැලිවේරි පාරට දාලා දකුණු පැත්තට හැරිලා (දෙල්ගොඩ පැත්තට) අඩි පනහත් සීයත් අතර වගේ දුරකින් පාරේ වම් අත පැත්තේ...

    ReplyDelete
  66. @JHOTHISHALANKA...

    අප්පේ ඔව්..ඒ කෑව එවා තාම ඇගේ දුවනවාද කොහේද..නැත්තං දැන් තියෙන කෑම කාලා මෙහෙමවත් ඉන්නේ කොහොමද..?

    ReplyDelete
  67. @සපතේරු උන්නැහේ...

    මියන දළු වෑංජනෙත් බොහොමයක් දුරට කොහිළ දළු වෑංජනේට ලගින් යනවා..ඇත්තටම කෑම වල සංයෝජනය කියන එක හරි වටිනවා..ඒකෙන් තමා කෑම වර්ගවල හුගක් රසය ඉස්මතු වෙන්නේ..හිතලා බලන්නකෝ පරිප්පු හොදියි..අල හොදියි දෙකම එකට බෙදාගෙන බත් කන එකේ ඇති රසෙයි.. පරිප්පු හෝ අල හොදි සමග කරවල බැදුමක් සමග බත් කන එකෙයි වෙනස...

    අම්මපා සෑහෙන දුකක් දැනුනා ඒ වංගියේනං..අද ඉදි ආප්පයක් රූපියල් සීයයකට එහා වෙයි නේද ඔය විදියට කන්න උනොත්... අපරාදේ කවදා හරි මේ රටට එන්න තිබුනු සල්ලි වලින් ටිකක් හරි අඩු වෙච්ච එක ගැනනං පුදුම දුකයි...

    ReplyDelete
  68. කතරගම යන කෙනෙකුට ඒ පැත්තේ බලන්න තියන දේවල් මොනවද? ඔය අලුතින් හදපු ඉරහඳ දේවාල ඇරුනහම. යන්නෙ ඇබිලිපිටිය පාරෙලු. එන්නෙ ගාලු පාරෙලු. දින දෙකයි. පාන්දර 2 කට ගම්පහින් පිටත් වෙන්න හදන්නෙ. කතරගම එක රැයකට විතරලු කාමර ලැබුනෙ. ඒ නිසා Jaffna and trinco යනවලු.

    ReplyDelete
  69. අඩේ සිරාවට මාරයියෙ... මාතර යටියන අපෙ තාත්තගෙ ගම.. තාත්තගෙ සීයල ඉන්න පැත්තට කිවුවෙ පාලු වත්ත කියල... අන්න එහේ ගියාම ඔන්න ඔය ජාති කන්න පුලුවන් ඇතිවෙන්න... ඒ කාලෙ මම 5 වසරෙ 6 වසරෙ විතර ඇති... මම ආසම කුරහන් තලප කන්න.. කොච්චර කියල දුන්නත් තලප ගිලින්න ඕනෙ කියල මට ඕනෙ කටේ ඇලි ඇලි කන්න... මොනවද දන්නෙ නෑ හොද්දක් එක්ක දෙනව.. අම්මෝ මාර රසයි..

    ඒ වගේමයි බිලිං මාලුව.... තව තෙබු දලු සම්බල්... අම්මප කෙල ගිල මැරෙනවා...

    ReplyDelete
  70. @ඇනෝ...

    ඒ යන අය අහන්නේ සාමාන්‍යයෙන් අපි යන එන තැන් ගැනද එහෙමත් නැත්තං ඊට අමතරව අපට අහුවෙන තැන් ගැනද..?

    කොහොම උනත් ඇඹිළිපිටි පැත්තෙන් ගිහින් ගාළු පාරේ එන එකනං හොදයි..

    යන ගමන් සංඛපාල විහාරය වගේම ඇඹිළීපිටිය හරහා නොයා..ඇඹිළිපිටියට කිලෝ මීටර් 13ක් විතර මෙහායින් උඩ වළව හන්දියෙන් වමට දාලා වැව් බැම්ම උඩින් පාරේ යනවනං හොදයි... ඒක නොනා ගමින් යනවට වඩා ළගයි වගේම පහසුයි.. පාරත් දැන් හොදටම හොදයි...

    උඩ වළව ජාතික වනෝද්‍යානයත් බලලා එහෙමම බෝදා ගම හරහා තණමල්විල පාරට වැටිලා එතනින් දකුණට දාලා ලුණුගම්වෙහෙරින් ආයේ වමට දාලා ලුණු ගම් වෙහෙර ජලාසයත් බලාගෙනම ‍කතරගමට යන්න කෙටි පාරක් තියේ..හොයා ගන්න කිසිම අපහසුවක් නැහැ..

    කතරගමනං ඉතිං මං ඒ හැටි ඇවිදින්නේ නැහැ... කිරි වෙහෙර ගාව වරුවක් ගත කරලා ආපහු එනවා..ඉර හඳ දේවාලයට මං ගිහින් නැති හින්දා ඒ ගැන විස්තර කියන්නනං දන්නේ නැහැ.

    කතරගමින් ආපහු එන කොට තව පොඩ්ඩක් ටවුම පාස් කරලා ඇතුලට යනකොට දකුනු පැත්තට තියෙන සිතුල් පව්ව පාරෙන් ඇවිත් සිතුල් පව්වටත් ගිහින්..එහෙමම යෝධ කන්ඩිය හරහා තිස්සට එන්න ඇහැකි.

    මංනං හුගක්ම කැමති ඔය ගමනේ විශේෂ ස්ථාන වලට වඩා ගමන් මාර්ගයේ ඇති විවිධත්වය නරඹන්න තමා...

    ගාළු පාරේ එන ගමන්නං ඉතිං වෙහෙර හේන වැවුරු කන්නල හුම්මානය වගේ තැන් එහෙමත් බලං එන්න ඇහැකි..හැබැයි මංනං ඒ හැටි යන තැන් නෙවෙයි ඒවත්...හැබැයි ගිය පාර මං එනකොට ‍දිගටම ගාළු පාරේ නෑවිත් මිරිජ්ජවිලින් දාලා අඩි සීයේ පාර පැත්තෙන් සූරිය වැවට ඇවිත් සූරිය වැව ක්‍රීඩාංගනයත් බලලා ආපහු සූරිය වැවට ගිහින් එහෙමම ඇඹීළි පිටියට ඇවිත් චන්ද්‍රිකා වැව ගාවත් ලගා ගහලා ආයෙමත් ආවා..ගාළු පාරේ ගමන හරිම වෙහෙසයි වගේම ඒ හැටි වෙනසක් නැති හින්දා මං නං හුගක් දුරට ඒ පැත්තෙන් එනවා අඩුයි...

    ReplyDelete
  71. @පොඩි මෑන්...

    තලප කන්නනං ඉතිං මුංඇට තමා හොදම දේ මටනං...
    එක පාරක්නං සුදට උයාපු හුරුල්ලෝ කරවල හොද්දක් එක්කත් මං තලප ගිල්ලා නෙව..ඒකත් වරදක්ම නැහැ

    ReplyDelete
  72. මාරයො, එතන කොයින්ද බං කෑම කඩයක්..!!?? උඹ කියන්නෙ පල්ලිය ඉස්සරහ තියෙන කඩේද..?? හන්දියෙ ඉදං අඩි 50 ක දුරින් තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එකයි මාළු මාකට් එකයිනෙ බං..

    ReplyDelete
  73. @Buratheno...

    අඩේ බස්ටෑන්ඩ් එකට තරං යන්න ඒන නැහැ..ඊට මෙහා..මං දුර කිව්වේ හිතේ මිම්මටකකකවුද දන්නේ එතනින් කෑවට ඕකට දුර මැනලා කියන්න වෙයි කියලා..
    අම්මපා මීට පස්සේ නං කඩේකින් ප්ලේන්ටියක් බිව්වත් මං ටේප් එකක් අරං ගෙහුන් දිග පලල ලියං එනවා..

    ReplyDelete
  74. ආන්න ඒකනෙ කියන්නෙ.. වැඩක් කොරනකොට හරියට ගානට මිම්මට කොරාන්‍ට ඕන, නැත්තං පාඨකයො නොමග යනවනේ.. මීට පස්සෙ මතක ඇතුව ටේප් එකක් අරං ගියානං.. :)

    පලි: මං ඒත් හිතුවා උඹ බඩගින්න වැඩිකමට දුරින් දුරින් අඩිතියලා ගිහිං අඩි 50න් බස් ස්ටෑන්ඩ් එක ගාවට ගියා කියලා.. :D

    ReplyDelete
  75. @Buratheno...


    ඇත්ත ඇත්ත..සම්පූර්ණ ඇත්ත..මීට පස්සේනං..ගානට නැතත් මිම්මටනං වැඩ කොරන්ට මං හිතා ගත්තා..නැත්තං මේ පුරස්න වලට උත්තර දෙන්ට ගෙහුන් මගේ හක්ක පනිනවා..

    අඩි තියන්නේ කොහොමද බං..බයික් එක උඩ ඉඳගෙන..?

    ReplyDelete
  76. අම්මෝ මේකේ තියන කෑම ලිස්ට් එක කටට කෙල ඉනුවා...

    ReplyDelete
  77. @ItalyDilan...

    ආ ඔන්න අනිත් හාදයා...
    (මගේ මේ අවංක ව්‍යායාමය පිට රට ගොස් සිටින වැඩ කරන ජනතාව නැවත මව් රටට කැඳවා..මෙවුන්ගේ සේවය මේ රටටම ලබා දීමයි...)

    ReplyDelete
  78. කැබැල්ල දළු ‍නොදනී......

    ‍තෙබු අසා ඇත ‍ගෙදරට ගේන බවද දනී කෑ බවට මතකයක් නැත.

    ‍කොහිල ඊක්කා..... ඉස්සර දැන් ටිකක් කමි. (අ‍පේ අම්මා උයන විදිය පමණි ඊක්කා )

    ‍කොහිල අල දැන් ‍ගෙ‍නෙනු ‍නොලැබේ ‍සෞඛ්‍ය ගැටලු ඇති වීමට තුඩු ‍දෙන ‍හෙයින්.

    අනික ‍පො‍ලොස්...... කමි කමි කමි..... නමුත් කලුවට සෑදීමට අම්මා ‍‍නොදනී. පුලුවන් නම් මා‍ගේ රික්වෙස්ට් එකක් ‍ලෙස සාදන හැටි දාන්ට.

    බිලිං අන්න කෑම අ‍පේ අම්මා හදනවා නිය‍මෙටම. උම්බල කඩත් දාලා ගත්තම එදාට අතට අහු‍වෙන බිස්කට් එක කන්නෙත් බිලිං එක්ක.

    ඉදිපාප්පං වලට මට ඕනෑ කූනිස්සන් දැමූ ‍පොල් මැල්ලුමය. ඒ තරං කිසිවක් ‍නොයයි. ඉස්‍ ‍සෝ මිරිසට හොඳි හදලා ‍පොල් මැල්ලුම එක්ක..... අප්පා ‍හෙටම ඉඳි ආප්ප කමි.

    ‍මෙව්වා රෑට බලලා ‍මොන ‍පෙ‍රේතයා වහයිද මංදා. ඔය ඇති.

    ReplyDelete
  79. @හා පැටික්කි...

    කාලෙකින් මෙන්න මේකි පැනගෙන ගෙහුන් වත්ත වටේම...

    පොලොස් කතන්දරෙත් ඉක්මනටම දාන්නං නගේ...කොහොමත් මේ ටිකේ මං කෑම පට්ට ගහනවා කෙරවලක් නැති වෙන්ටම...

    කොහිල උයද්දි හොද තක්කාලි ගෙඩියක් එහෙම දාලා හොදට ඇඹුල් දෙන්ට ඕන..කොහිල..පොලොස්..කැබැල්ල..ඔය කොයිකටත් ඇඹුල හරි වැදගත්..ඒ වගේම කොහිල ටික රහ වෙන්ටනං හොදට තෙම්පරාදු කරන්ට ඕන..නිකං කිරෙන් උයලා විතරක් ඒකේ රහ මතු වෙන්නේ නැහැ

    අමුතුවෙන් මොන පෙරේතයෝ වහන්ටද..අනික පෙරේතියන්ට පෙරේතයෝ වහනවා කියලා මං කියවපු එක පොතකවත් තිබුනේ නං නැහැ හික්..

    ReplyDelete
  80. මම ඔතනින් වැඩියෙන්ම කැමති පොලොස් මාලුවටයි ඇඹරැල්ල වලටයි ......

    ReplyDelete