10 August 2011

මට නොම හැ‍ඟෙයි...

නිදිමත නොයෙයි..
හදවත සැලෙයි..
කිමදැයි කියා..
නොම මට හැගෙයි...

රෑ කල ගෙවෙයි..
නෙතු නොම සැලෙයි..
පෙර දින නොවූ..
වෙනසක් හැගෙයි...

දෙනුවන් ඔහේ..
පියවී නොයයි..
මින් මතු ඉතින්..
සිහියක් නොවෙයි..

හෙට හිරු නැගෙයි..
නැතිදෝ සිතෙයි..
මේ දුක තවත්..
ඉවසනු නොහෙයි..

18 comments:

  1. ඉවසනු විනා
    අන් කිම් කරම්

    ReplyDelete
  2. පාළුව කවි කරයි
    කාලය හරි කියයි
    බලා ඉනු බැරි වගයි
    කැන්දන් එන නැකත ලඟයි

    ReplyDelete
  3. ඔය කාලෙට ඔහොම වෙන එක සාධාරණයි. ඉක්මනටම කැන්දන් එන එක තමයි කරන්න තියෙනේ. ආයේ මොකෑ කල්යල් බල බලා ඉන්නේ. කාගේ තහංචියක් කියලා යෑ.

    ReplyDelete
  4. කාවහරි කැන්දන් එන්න කියලයි ඔය හිත කියන්නෙ...

    ReplyDelete
  5. අෆොයි
    ඉවසන්ට..
    ඉවසීමෙන් සැනසීම ලැබෙයි

    ReplyDelete
  6. හෙට හිරැ නැගෙයි
    එය නම් සැබැයි
    හිනැහී ඉදින්
    ඇය ලැබෙන තුරා

    ReplyDelete
  7. ‍මේකත් වට වන්දනාවක්ද ‍කො‍හෙද.......

    මට ‍තේ......රු‍නේම නැ. ටිකක් හිතුනා ‍මේ ළඟදි දවසක පරණ හතුරා එක්ක ‍ගෙවලා කවි වගයක් දාලා තිබුනා දැක්ක නිසා ඒයා නැතුව පාළුයි කිව්ව වත්ද කියලා.

    ReplyDelete
  8. හි හි ඉක්මනටම හිරයක් ගන්න අයියා...ලස්සනයි ගැලපුම

    ReplyDelete
  9. @අකූ...

    කරනට වෙනත්..
    දේකුත් නොවෙයි...

    ReplyDelete
  10. @ප්‍රසංග...

    ඔය උඩ තියෙන පුරස්නෙම තමා අහන්ට වෙන්නේ..?

    ReplyDelete
  11. @හිම කුමාරි...

    හුම් හුම්...

    ReplyDelete
  12. @හා පැටික්කි...

    මදෑ කොලා..හාවිත් කරකවලා අතඇරලා ‍වගේ...මට හරි සංතෝෂයි..හික් හික්...

    ReplyDelete
  13. @පිස්සු පුසා...

    ස්තූතියි මලේ..මේ හිර වෙලා ඉන්නවා මදිදෑ..?

    ReplyDelete
  14. රහමෙරක් පතන ගත
    සිහිනයක රැදුණු සිත
    සොදුරියක වෙලී ගත
    සිහිනෙයන් මුදනු සිත

    ReplyDelete
  15. කොච්චර කිව්වත් වැඩක් නැති හන්දා ඕකට උත්තරේ කියන්නෙ නැහැ ......

    ReplyDelete