11 August 2011

ගෙදර විත්ති සහ මං කන හැටි මොකා දනී...


මේ ටිකේම ලියාගෙන ආව ටික අහවරක් කොරන්ටම එපැයි..ඒ හින්දා ආයෙමත් කන බොන දේවල් වලටම යමු...

කන බොන දේවල් කිව්වට මෙතනදී මම වැඩිමනත්ම ලියන්ට උනේ මගේ බාල සංදියේ ඉඳලා මට කන්ට බොන්ට ලැබුන විදියයි..ඒ කෑම බීම වල හැටි සොබාවයි තමා.

කොහොම උනත් මගේ කෑම වෙල වැඩි හරියක් හැදුනේ අපේ ආදායම් තත්වයටත් හරියන විදියට තමයි.අම්මා රට ගෙහුන් එවන මුදලුයි..තාත්තා කඩ වෙළඳාමෙන් වගේම තවත් කාලයක් කොරපු කාඩ් බඩු වෙළඳාමෙන්..(ඒ කිව්වේ ඔය එක එක ජාති..කිලෝ ගානට ගෙනත්..ඒවා පුංචි පැකට් වලට අහුරලා..ඒවා කාඩ් බෝඩ් එහෙක එල්ලලා උඩින් පොඩි ‍ලේබලයක් එහෙම ගැහිල්ලක්..ඔය දැනුත් කඩවල තියෙන්නේ කරාබු නැටි..කරඳමුංගු..එතකොට නිල් පැකට්..වගේ අන්න ඒහෙම වෙළඳාමක්..)තමයි ගෙදර ආර්ථිකේ හැදුනේ..ඊට අමතරව තාත්තා කොයි කාලෙත් වගේ බුලත් කොටුවක් දෙකක් කොලා...ගම්මිරිස් ටිකක්..වේලපු කජු ටිකක්..විකුණ ගන්න මට්ටමට තිබුනා..ඊට අමතරව තියෙන හැටියකට එළවළු පාත්තියක්..මඤ්ඤොක්කා ටිකක් කෙහෙල් ගස් දෙක තුනක් එහෙමත් තිබුන හින්දා ඒවායිනුත් සුළු ආදායමක් ලැබුනා..

කොහොම උනත් ඉස්කෝලේ යද්දී පුරවන්න ඕන යම් යම් ලියකියවිලි වලට තාත්තාගේ රැකියාව ඉස්සරහා ලියඋනේ ගොවිතැන කියලා තමයි.ඒකට හේතු උනේ හැමදාමත් ගොවිතැන කොහොම කොහොම හරි අල්ලගෙන ගියත්..කඩේ විටින් විට පාඩු ලැබීම හින්දා දෙතුන් පාරක්ම වහන්ට උන එකයි.මොකද අපේ තාත්තටත් ඔය මට තියෙන ලෙඩේම තිබුනා...උන්දෑට ණයට නොදී ඉන්ට හරි අමාරුයි... ඉස්සර ගෙදර ණය පොත් මිටියක්ම තිබුනා..ඒවායේ සල්ලි අය කර ගන්නට උන්දෑට කවදාවත්ම පුළුවන් කමක් උනේ නැහැ..අළුතින් කඩ දෙකක් දාන්ට තරං සල්ලියක් ඒවායේ නොලැබුන ගොඩේ ලිය වෙලා තිබ්බා මට මතකයි..ඉතිං හැමදාමත් කඩේ කොට උඩ...

ඉතිං අච්චරයි මෙච්චරයි කියලා කෙලින්ම කියන්ට ආදායමක් කවදාවත් තිබුනේ නැහැ කියන එක තමා මට මතක...ඉතින් ඔය අස්සේ අපිට කන්ට දෙන්ටයි..අඳින්ට දෙන්ටයි... එතනින් ගියහම ඉස්කෝලේ යවන්ටයි..ඔවට යන වියදං හොයන එක ලේසි නැහැ..තියෙන දේ පිරිමහගෙන එපැයි හැම දේම කරන්ට...

ඉතිං හැම අතින්ම වියදං අඩු කිරීමේ වැඩ පිළීවෙලක් තිබුනා..එයින් එකක් තමා ඉතිං ආහාර පැත්තෙන් වියදම අඩු කිරීම...

හාල් ටික කොහොමටත් කඩෙන් ගන්ට ඕන..ලූණු මිරිස් තුනපහ එහෙමත් එහෙම නෙව..කරවල ටික..මසක් මාළුවක්..මාළු කෑල්ලක් එහෙමත් වෙනම ගන්ට ඕන උනා..අපේ තාත්තා මස් කන කෙනෙක් නෙවෙයි..මටත් මස් කෑමට පොඩි කාලේ බැරිකමක් තිබුනා..ඒක ලොකු අප්පිරියාවක් වගේ දෙයක්...ඒ හින්දා මස් ඒ හැටි ගෙදර ඉඳුනේ නැහැ..හැබැයි මල්ලි හොඳට මස් කන්ට පුරුදු වෙලා හිටියේ..ඒ අපේ නෑදෑ වෙන අහල පහල ගෙයක් නිසා..

ඒ ගෙදර බාප්පා මස් කෑමට රුසියා..හැමදාම මස් ගේන මනුස්සයා උන්දැට වෙනමම හොඳම මස් ටික ගෙනත් දෙන්ට ඕන...ඒ විතරක් නෙවෙයි ගෙදර බළු නාම්බටත් මස් කටු ටික වෙනම ගෙනත් දෙන්ට ඕන..ඒ බල්ලත් හෙන වසවර්තියා... මං එහෙම නෙවෙයි ඌ අහල පහළකින්වත් යන්නේ ඒ දවස්වල..

ඉතිං අපේ මලයා වැඩි හරියක් හැදුනේ එහෙ තමා..මොකද මං ඉස්කොලේ ගෙහුන් එන්ට හැමදාම පරක්කු වෙන හින්දා මලයා ගෙදර ආව ගමන් බත් කෑවා නොකෑවා එහෙ දුවනවා...එහෙ පුංචි අම්මා අපේ එකා එනකල් වෙනමම බත් පංගුව බෙදන් බලන් ඉන්නවා..මොකද එහෙ බාප්පගේ දරුවෝ උනත් දවල් කාලේ ගෙදර නැහැ..බාප්පගේ තනි නොතනියට කොයි වෙලෙත් අපේ එකා තමා ඉන්නේ...ඒ ජෝඩුවම මූට හෙන ආදරෙයි...

එයාලට තිබුනා ලොකු ගල් වලක්..අපේ නාම්බා යන්තං අවුරුදු 8ක් විතර වෙද්දී හොඳ හැටි දන්නවා ගල් බෝර දාන හැටි..මට මතකයි මූ හෙන අයියා වගේ වෙඩි බෙහෙත් මල්ලත් අරං කන්ද ගාටන හැටි... ඒ අර බාප්පත් එක්කම ඉඳලා මේකට හුරු උන දේවල්..ඒ විතරක් නෙවෙයි ඒ ගෙදර ඉන්න කිරි හරක්ගෙන් කිරි දොවන වැඩ හිටන් ඕකා ඔය කාලේ ඉගෙන ගෙන තිබුනා..ඒ ගෙදර අයියලා දෙන්නයි අක්කයි උනත් මූට සැලකුවේ එයාලාගේම එහෙකුට වගේ...

ඉතිං මේකා ඒ ගෙදර ආස්සරේ හින්දම හොඳට මස් කන්ට හුරු වෙලා හිටියා..ගෙදර මස් නැති එක ඒකාට අවුලක් උනේ නැහැ.

සතියකට වංගියක් වගේ මාළු කාරයගෙන් මාළු ටිකක් ගන්ටත්... ගෙදර කිකිළීයෝ වරින් වර කාල වල ඇති කරපු හින්දා බිත්තර එහෙමත් කන්ට හැකියාව ලැබුනා...ඉරිදා පොලට ගෙහුන් තාත්තා කරවල ටික එහෙම ගෙනාවා..

ඉතිරි වෙන්නේ එළවළු ටික තමා... උයන්ට දෙයක් ඇත්තේම නැතිනං සහ අපි ඉල්ලුවොත් විතරක් කඩේකින් බෝංචි..කැරට්..ලීක්ස් වගේ දෙයක් ගෙනාවොත් ඇර..හුගක් වේල් පිරි මැහුනේ අහල පහල හැදෙන ජාතිවලින් තමා.

ඒ වගේම පිඟාන වට කරගෙන වෑංජන ගොඩාක් කන විදියට නෙවෙයි ඒ කෑම එක හැදුනේ...

අපේ තාත්තාගේ තිබුනේ කෑම ගැලපීමක්...ඒක කිරට එකක්නං අනික තෙල හෝ මිරිසට යන විදියටයි සකස් උනේ..එකක් හොද්දටනං...අනික හිදෙන්න...
එකක් හොදට තැම්බෙන එකක්නං අනික ටිකක් අමුවට හෝ හයියට හැපෙන විදියට..ඔන්න ඕහොම ගැලපීමක් තිබුනා... ඉතිං ප්‍රධාන වෑංජන දෙහෙකින් තමා බත සකස් උනේ..තුන්වැනියට එන දේ කොල මැල්ලුමක්..පපඩමක්..මිරිස් කරල් බැදුමක්..වගේ දේකට යොමු උනා...

මං ආසම ඉතිං වට්ටක්කා නියම විදියට උයලා..නියම විදිය කිව්වේ පොල් කැකුළුහාල් සුදුළුණූ අබ ඉඟුරු එහෙම ගලේ අඹරලා දාලා කිරට උයන විදිය..ආන්න එහෙම උයපු වට්ටක්කා මාළුවකට කරවල කෑල්ලක් තෙල්දාලා ගත්තම පංකාදු පහයි.. ඒ වගේම මුරුංගා හොදි එක්ක කරවල තෙල් දාගත්තමත් ටොපේ ටොප්...

තව ආසාම දෙයක් තමා හොදට කරවෙන්න බැදෙන හාල්මැස්සොත් එක්ක ගිනිසැරට හිටින්න තෙල්දාපු අලත් එක්ක ගලේ අඹරලා හදපු පොල් සම්බෝලයක් එකතු වෙලා..තව ඕකට තම්බපු බිත්තරයකුත් එක්ක තියේනං..ආන්න ඒකත් හොදි නැතත් හොදම කෑම වේලක්...

දෙල් වලට නිවිති කොල ටිකක් එහෙම දාලා උයලා කාරල්ලෝ ටිකක් බැදලා ගත්තමත් ඒ හොදටම ඇති...

කජු.. පොලොස්.. වගේ දේවල් ගැන මං කිව්වනේ කලින්...

ඔය හැම දේටම වඩා මගේ හොඳම කෑම වේල උනේ කොස්...
කොස් තම්බනකොට මං කවදාවත් බත් කන්නේනං නැහැ එදාට..
කොස් තම්බලා කිරි හොදි හදලා..හාල් මැස්සෝ හරි කාරල්ලෝ හරි බැඳලා..වේලිච්ච මිරිස් බැදලා..ඔන්න ඔය ටික තියේනං එදාට මං රජෙක් වගේ තමා...මැටි කෝප්පයකට කොස් බෙදලා කිරි හොඳි නාවලා අර බැදුං එක්ක කන්න මං තාමත් හරි ආසයි...සමහර දවසකට ඕකට මැල්ල කොල බැදුමකුත් එක්කාසු වෙනවා..එදාට ඉතිං තවත් හොඳයි...

ඔන්න ඔය වගේ ඉස්සර කාපු මට..දැන් උයාගෙන කන්ට වෙලානේ තියෙන්නේ..ඉතිං ඉස්සර මතකයත් තුරුළු කොරගෙන තාමත් මං පරණ විදියටම කෑම බීම හදාගෙන කනවා බොනවා..උයන්න කම්මැලි උනාම කඩෙන් කනවා.. හවසකට ආස හිතුනාම බිත්තර රොටියක්..කොත්තුවක්..එහෙමත් කාලා දානවා... කඩෙන් වගේම ගෙදර හදලත් ඔය චීනාගේ බැඳපු බත් එහෙමත් කනවා..ගුණය රසය සහ සෞඛ්‍ය අතින් කොහොම උනත් වෙනසකට ඒවත් තියෙන්ට ඕන..ඒත් මොන දේ කෑවත්..මගේ හිත තාම ඔය පරණ වට්ටෝරු අස්සෙම හක්කලං කොරනවා...ඒ හින්දා තාමත් මං ඒ රසය හොයාගෙන යනවා..

මට හිතෙන හිතෙන විදියට වෙනස් කං කොරමින් අපේ තාත්තා අතින් ඉස්සර කාපු කෑමවල රහ ගුණ හොයාගෙන යන ගමන් ඒ දේවල් මෙහෙම හරි ලියලා තියන්නේ කාට හරි මේවයින් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතන හින්දාම තමා... වැරදිලාවත් හිතන්ට එපා එහෙම නැතිව මේ අර අරාබි හන්දියේ ඔටුවෝ දක්කන කට කහන උන්දැගේ වගේ කෑම අහේනියකින් ඉන්න එව්වොන්ගේ කටවල් අවුස්සලා බැනුං අහලා නිකං කුරිරු ආතල් එකක් ගන්ට එහෙම කියලානං හොඳද..ඕං මං නැහැ එව්වට...
-----------------------------------------------
ඇත්තටම මේ ලිපිය ලියලා ඉවර වෙලා කැඩුවා මං දෙකට... ලියාගෙන ගෙහුන් ඉවර වෙලා බැළුවම තමා තේරුනේ මේක කියවන්න හයර් එකට කාර් එහෙකුත් අරං යන්ට වෙනවා කියලා.. ඒ හින්දා මෙතනින් කඩලා ඒ ලිපිය ඊ ළග පෝස්ට් එක හැටියට හෙට දිහාවේ දාන්නට හිතුවා..මොකද ඒකේ පින්තූර එහෙමත් ගොඩාක් තියෙන හින්දා...හරකෙක් වෙන හැටි ඒ ලිපියෙන් මං කියා දෙනවා ඔයාලට...ආයේ ඉතිං අත්දැකීමෙන්ම කියන කතාවක් තමා ඒක...

68 comments:

  1. ඔය කෑම බීම ජාති ගැන කිව්වම ඔය ගම්වල හැදෙන කෑම ජාති ආයේ කියලා වැඩක් නෑ.පෝෂණගුණය අතින් ඉහලයි. ඒ වගේම වසක් විසක් නෑනේ.

    අපේ අප්පච්චිත් ඔය කියන එලවලු ජාති එහෙම වවනවා. ඒවා තමා ගොඩක් වෙලාවට කන්න ගන්නේ.

    කොස් කිව්වම මටත් කෙල ඉනුවා !!!!

    ReplyDelete
  2. වැරදිලාවත් හිතන්ට එපා එහෙම නැතිව මේ අර අරාබි හන්දියේ ඔටුවෝ දක්කන කට කහන උන්දැගේ වගේ කෑම අහේනියකින් ඉන්න එව්වොන්ගේ කටවල් අවුස්සලා බැනුං අහලා නිකං කුරිරු ආතල් එකක් ගන්ට එහෙම කියලානං හොඳද..ඕං මං නැහැ එව්වට...

    සික් විතරක් ඒක කියල තියෙන කැත. බනින්ඩ හිතාගෙන ආවත් ඕක දැක්කට පස්සෙ බනින්නෙ කොහොමෙයි මාත් අර අහේනි ගොඩේ එකෙක්නෙ

    ReplyDelete
  3. මල්ලී මොකෑ මේ හරියටම කන වෙලාවට දාන්නේ මෙව්වා. මට කන්න වෙනවා අදත් අපි දෙල් උයලා. අමරුවෙන් ඉවසන් ඉන්නේ ඒත් දැන් මේක කියවලා... අපෝයි මේ මාරයා කොරන වැඩ.

    ReplyDelete
  4. යකෝ දවස් සුදහා ගින්දර හැදෙන වෙලාවට මේවා ලියන සිරිතක් තියෙද

    ReplyDelete
  5. මේ දවස් වල මාරයාගේ ලිපි නිකන් සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතා වගේ . කියවල තියේද

    ReplyDelete
  6. මම් නම් ආස කැකුළු බත් එක්ක වට්ටක්ක පොල් අඹරලා දාල හදලා,සාලයෝ බැදලා, අගුණකොළ සම්බෝල එක්ක කන්න.අගුණ කොළ සම්බෝල වලට ගොඩක් අය කැමති නෑ.ටිකක් තිත්ත නිසා.මම් නම් ආසයි,හදපු දවසට බත් වලට වඩා කන්නෙ ඒ කොළ.ම්...මාර රහයි.පාරෙදී අගුණ වැලක් දැක්කම කොළ කඩාගන ගෙදර අරන් යන්න හිතෙනව.

    ReplyDelete
  7. හරකෙක් වෙන හැටි..හහ්..ඔව් ඒක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ..ගෝරිල්ලො, පූසො, බූලෝ, බස්සෝ., මකරු, ඔටුවෝ,...දැන් ඕන වෙලා තියෙන්නෙ හරකෙක් තමයි....

    මේ වෙලාවට තමයි ඉතින් බූලාව මස් කරලා කන්න හිතෙන්නෙ....හුහ්...පින්තූරත් එක්ක තවත් පොස්ට් එකක්.....

    ReplyDelete
  8. ඒයි බූලා උඹ හිතන තරන් අහේනියක් මෙහෙ නැහැ හරිද ? ලංකාවෙත් නැති ශ්‍රී ලාංකික ආහාර මෙහේ තියනවා...

    උඹ කාලා තියනවද අනුරාධපුර පරිප්පු , හම්බන්තොට පොළොස්, කැළණි‍යෙ කජු,..එතකොට කොස්සින්නෙ කිරි කොස්.....බොරු නම් ඔය අරාබි හන්දියෙ ඉන්න එකෙක් ගෙන් අහපන් පැනොරාමා එකේ කෑම කොහොමද කියලා,...

    කෝ මේ දුකා..සපතේරු.....දුමී...කතා කරපල්ලා..

    ReplyDelete
  9. මාත් ආසම කෑමක් තමයි කොස් මැල්ලුම එක්ක කිරිහොදි සහ කරවල බැදුම.
    තව ඉතිං තණකොළ විතරයිනෙ ඉතුරු වෙලා තියෙන්නෙ. ඒකත් හදල ගත්තනං හරකෙක් වෙන්න පුලුවං :D

    ReplyDelete
  10. @Luckey -අනුරාධපුරේ පරිප්පු? අපිනම් හැමදාම කනව :ඩි

    ReplyDelete
  11. ඇර... ලකී ඇර...

    දවසක් මට සෙට් වුනා දොඩන්දූව ජාඩි... මේ දවස් වල රාමදාන් නිසා වහලද දන්නෙ නෑ..

    එදා මාරය ඉඳිආප්ප කේස් එකක් පත්තු කරල මම සේරම දමල ගහල ගියා චෙෆ් ලංකා එකට ඉඳි ආප්ප කන්න... කරුමෙට කකුල්.. ඉඳිආප්ප ඉවරයි... ගෝදම්බ කාල එන්න ආව...

    මේ මාරය අපේ ඛෙට ග්‍රන්ථි වල පොට යවල තමා පස්ස බලන්නෙ..

    ReplyDelete
  12. @ නදී

    නෑ...නෑ....මේවා අනුරාධපුර පරිප්පු.....ඒවා අනුරාධපුරේ තිබුනෙ ඉස්සර...ඔයා අනුරාධපුරේ හිටියට දැන් කන්නෙ ලංකාවේ අය පොදුවෙ කන පරිප්පුව..අපි ගෙදර ආවාම කන්නෙත් ඒකම තමා..:D

    අන්න සපතේරු උන්නැහේ සාක්කි....

    ReplyDelete
  13. හරකෙක් වෙනහැටි දන්නවා.. මී හරකෙක් වෙන හැටි කියලා දෙන්න....

    ReplyDelete
  14. @Luckey- අහ්...අපිත් හදන්නෙ අර හැමෝම හදන පරිප්පුව තමා. ඔය "අනුරාධපුර පරිප්පු" හදන හැටි ලියන්නකො බලන්න බ්ලොග් එකක්.

    ReplyDelete
  15. ගමේ ක්‍රමේට බයිට් හදන හැටිත් කියල දෙනවද මේ සීරීස් එකේම?

    ReplyDelete
  16. @ ඔබා
    මඤ්ඤොක්ක බයිට් එකට අරන් රා බීල තියෙනවද... ඉස්කෝලෙ යන කාලෙ එකදවසක් පානදුරේ යාලුවෙකුගෙ ගෙදර ගිහින් තැනකින් බිව්ව...

    අපරාදෙ කියන්න බෑ හොඳ......ට බඩ සුද්ද වුනා...

    ජීවිතේටම රා බිව්වෙ එදා විතරයි... ඒ පොල් රා නෙ... කිතුල් රා ටිකක් නම් බීල බලන්න ආසාවක් තියෙනව... බයිට් එකට මොනවද දන්නෙ නෑ හොඳ...

    ReplyDelete
  17. මම නං කැමති 1/2 බොයිල් බිත්තරේට.ආ..එතකොට අර පන්සලේදි පරිප්පු හොදි දාල හදපු "මාරරයිස්"එක?

    ReplyDelete
  18. දවල්ට කෑව විතරයි මෙන්න ආයෙත් බඩගිනි හැදෙන කෑම ටිකක් මතක් කරලා...
    මමත් ඉතින් කොස් වලට පුදුම ආසාවක් තියෙන්නේ... මට මතක් උනේ ඉස්සර අපේ කිරිඅම්මා එවෙලේ ගාපු පොල් කට්ටටම හොඳට බේරී වෙන්ඩ හදපු කොස් ටිකක් උණුවෙන් බෙදල පොලුත් දාල අපිට කවනවා...
    කිරි කොස් මාලුවත් නියමයි :)

    ReplyDelete
  19. උඹ දැන් වයසක මනුස්සායා වෙච්චි ඔය සුදු බත් නැතිව කැකුලු හාල් බත් ටිකක් කාපන් සරීර සවුක්කියට හොඳයි ඒක.........................:):)

    ReplyDelete
  20. එහා ගෙදර බල්ල ගැන විතරයි ලියල තියෙන්නේ.. එතකොට මෙහා ගෙදර එකා.. මේ මාරේ අල බැදල එහෙම කොහොමද මගේ ප්‍රියතම...

    ReplyDelete
  21. පංකාදු කප්පරයි කිව්ව ඕං....

    ReplyDelete
  22. පිඟන දැක්කම බඩ පිරෙනවා මාරයියේ. ඇත්තටම ඒ ගමේ විදියට උයන කෑම වේලක රස දන්නේ කාල තියන අයම තමයි. චීන්නුන්ගෙ කෑම මොනවද. අර කිව්වත් වාගෙ වෙනසකටම් හොදයි. කොස්, දෙල්, මඤ්ඤොක්කා ටිකක් කන්න තියනවා කියන්නෙ මටත් ඉතින් ඊට වැඩිය දෙයක් නෑ.

    ReplyDelete
  23. අනේ සංදුක්කේ.. මට කියන්ට වදන් නෑ නෙවැ.. :(

    ReplyDelete
  24. යකෝ මූ තව ෆොටෝ එහෙකුත් දාලා.. :@

    ReplyDelete
  25. ඔන්න ඔහොමලු එහෙනං කෑවා කියන්නේ...හපොයි මෙහෙමත් කෑමක්...

    කාපු හැටි දැකලා මමත් රෑට දෙපාරක් කෑවා ඔන්න.

    ReplyDelete
  26. අප්පා අද රෑට අපේ අහ පාං ! :(

    ReplyDelete
  27. බොහෝ අය කැම උයන්න දැනගත්තත් මේ කෑම ගැලපීම දන්නේ නෑ. මාරයිය ඒක හරි අපූරුවට දන්නවා...

    ReplyDelete
  28. @ සපතේරු උන්නැහේ, මටත් රා අරහන්, පොල් කිතුල් දෙකටම ටොප් එකට බඩ සුද්ද වෙනව. පොල් රා බීල වැඩේ සිද්ද වුනා නං අහන්න දෙයක් නැහැ කිතුල් වලිනුත් ඒ ආනිසංසෙම තමා. දැන් තියෙනවද මන්ද, ඉස්සර තිබ්බ ලිකර් ෂොප් වල "ඇම්බැසඩර්" කියල බ්‍රෑන්ඩ් නේම් එකකින් රා ජාතියක්. මං ඒකත් සැරයක් ට්‍රය් කොරල බැලුව, ම්හු...බීපු ගමන් ටොයිලට් එකක් හොයන් දුවන්න ඕනෙ.

    ReplyDelete
  29. කෑම ගලපන් එකේදි මාරයියගෙ අප්පච්චි දීපු වට්ටෝරුව නම් හරියටම හරි වගේ...

    ඈත්තෙන්ම කොච්චර රසට මාලුපිනි වෙන වෙනම ඉවුවට වෑඩක් නෑ ඒ කෑම බත්පතට ගෑලපිලා එන්නෙ නෑතිනම් . ඒකට ඕනෙ කොමන් සෙන්ස් ! හී හී

    නෑතිනම් පරිප්පුයි අලයි මුරුන්ගයි එක දවසෙම උයාවි හොද්දට :)

    ReplyDelete
  30. මෙව්ව කියවල දත්මිටි කාල වතුර බොන්න තමා ඉතිං වෙන්නෙ... ඇයි මේ දවස් ටිකේම දැම්මෙ මේ කටට කෙල උනන ඒව්වමනේ...පින්තූර බල බලා හිතින් මවාගෙන වෙන මොනවා කොරන්නෙ ඉතිං.. හිටිංකෝ උබටත් දෙන්න කෙල බේරෙන්න... ඔහේ කාල තියෙයි කිරිබත් දංකුඩ හ්ම්ම්ම්... කෝමදැ සස...

    ReplyDelete
  31. ෆොටෝ එක දැක්කමනං කටට කෙළත් උනනවා. ඒ මදිවාට ෆොටෝ එකකුත් දාලා. අදනං මාරයාට බඩේ අමාරුව හැදෙනවා ෂුවර්. හික් හික්!!

    ReplyDelete
  32. හැමදාම මුගෙ ආඩම්බර බලන්නෙ මොකටෙයි.. ඕන්න මං කම්මැලිකම බලන්නෙ නැතුව සුපර්මාරකැට් එකෙං පොල් ගෙඩියක් ගෙනල්ලා, ගලේ කොටලා පොල්සම්බෝලයක් හැදුවා.. හදලා ඒක පොඩ්ඩක් මලවලා පදමට දෙහි දාලා ගත්තා.. දැන් ඉතිං අඹරන්ටයි තියෙන්නෙ..

    ReplyDelete
  33. මාරයාගේ කෑමේ හෝරාව, උඹ කොච්චර ට්‍රයි පාර දැම්මත් අපි ඕවැයින් සැලෙන්නේ නැති බව දැන ගනු.....! මම දැන් ආපසු "බැක් ඉන් අම්මාස් ප්ලේස්" ...... අද උදේ පාන්දර එයාර් පෝට් එකෙන් ගෙදර ආපු ගමන් උදේ 5.30ට කෑවේ,අම්මාගේ ආදරය මුසු කර තැනූ, උණු උණු කීරි සම්බා සමග තලපත් මාළු මිරිසට, පොලොස් ව්‍යාංජනය සහ කොච්චි යහමින් දමා සෑදූ කට සැර පොල් සම්බෝල.... තව්තිසාව ලඟටම ගිහිල්ලා තමයි ආපහු ලෑන්ඩ් කලේ......! හූ හූ හූ.......!

    ReplyDelete
  34. @ලකී, ඇයි බං, කළුතර කළුපොල් මාළුව, ඌරු ගස්මන් හන්දියේ ඌරු මස් (දැන් නැහැ,මේක අවුරුදු ගාණකට කලින් තිබුනේ ), හත්තොලුවේ හතු මාළුව..... තව ගොඩක් තියෙනවා. පැනොරාමා බුෆේ එකට ගිහින් ෆොටෝ එකක් ගහලමා තමයි මාරයාගේ කෑම සරණියට දාන්න වෙන්නෙ....!

    ReplyDelete
  35. පරණ ලිපි බලමින්. හැම එකම නැතත් ‍ගොඩක්වා කාලා ති‍යේ. හැබැයි කියන්ට සන්‍තෝසයි අ‍පේ අම්ම‍ගේ ගැලපීම නම් අන්තිමයි. මං බනිනවා හිටි ගමන් සමහර දවසට කන් වලින් දුම් පිට ‍වෙනකම් හැම එ‍කේම මිරිස්. තව දවසක ඔක් ‍කොම සුදට.

    ReplyDelete
  36. පොල් සම්බෝලෙයි බතුයි තියෙන කං..
    අපේ නෑදෑ කම් සදාකාලිකං.................!!

    ReplyDelete
  37. මාත් නම් ඔය ගමේ කෑම කන්න ආසයි. කොහොමත් ඔය අද කඩ වල තියෙන බොහොමයක් එළවළු මම කන ජාති නෙමෙයි. ඒ උනාට ඉතින් ඔය කියන එළවළු කන්න මට සිදු නොවෙන තරම්.
    පසුගිය දවසක මාරයාගේ එළවළු පාඩමෙන් පස්සේ මම හිත හදා ගත්තා මම කොහොමත් ඔය කියන කෑම කන්නේ නෑ කියලා.
    නැත්නම් අර දුමී ට වගේ වෙයි මටත්. ඔය කෑම හදන්නේ මිරිස් දාලානේ අපි නම් කයි මිරිස් කෑම. හික්ස්

    ReplyDelete
  38. @මධුරංග...

    ඇත්තටම මල්ලි..පුළුවන් වෙලාවටවත් තෙල් බෙහෙත් නැති දෙයක් කන්ට යොමු වෙන එක තමා හොදම දේ...

    කොස්වලට බොහෝමයක් දෙනාගේ කටවල් ඇවිස්සෙනවා නෙව..එහෙම නැත්තං තමා පුදුමේ..

    ReplyDelete
  39. @අලුත් කොල්ලා...

    කුරිරු සිනා...

    ReplyDelete
  40. @වෙද ගෙදර මහ වෙදනා...

    නැවතත් පෙර පරිදිම කුරිරු සිනා...

    ReplyDelete
  41. @වැප්...

    ආයේ ඉතින් සතුරා දුර්වල වෙන වෙලාවට තමා ගහන්නේ...

    ReplyDelete
  42. @Bindi...

    නැතිව නැතිව..එව්වත් කියවලා තියේ...ඒත් ඒ උන්නැහේගේ පොත්වල තුන්මාසෙන් මඤ්ඤොක්කා වවලා අලත් බැහැලා විකුණලා සල්ලිත් ගන්නවා...

    ඉතිං හිතා ගත්තැකිනේ උන්දැගේ ලිවිල්ලයි..මගේ විඳිල්ලයි අතර වෙනස...

    ReplyDelete
  43. @නදී...

    අන්න හොඳ ගැලපීමක් ඇති කෑම වේලක්..හරියටම හරි..

    මාත් අඟුණ කොල සම්බොලේ කනවා...මංනං ආසම තක්කාලි හොදි එක්ක මුහු උනාම තමා..අරකේ ඇඹුලටයි කිරි රසටයි..මේකේ තිත්ත මැකිලා හරි අපූරු රසයක් මතු වෙනවා

    ReplyDelete
  44. @Luckey...

    හා හා නාඩ ඉඳින්..අද ගෙදරට කඩං පාත් උනානේ...කන්ට බැරියෑ වැට දිගට තියෙන ක්‍රෝටන් ගස් ටික හරි බොට...

    හිටිං ගෙදරට පණිවිඩේ යවන්ට බොලාට අනුරාධපුරෙන් පරිප්පු උයලා එවන අයයි හම්බන්තොටින් පොළොස් තම්බන අයයි..කැළණීයෙන් කජු කපන අයයි වැහි වැහැලා ඉන්නවා කියලා...
    එතකොට හම්බවෙයි නිට්ටඹුවෙන් කොහු පාරවළුත් මදි නොකියන්ටම...හැක්..

    ReplyDelete
  45. @සපතේරු උන්නැහේ...

    ලකී කොහේ අරින්ටද..උන්දැම මං නිශ්ක්‍රීය කොරනවා මේ ළගපාතක තියෙන බෝම්බ නිශ්ක්‍රීය අංශෙකට දාලා..වැරදිලා හරි රහට කන්ට තියේ කියලා කිව්වොත් මෙහෙන් උන්දැට කෑම වේල වරදිනවා සිකුරුයි..හෙහ්...

    අර කාගෙද මංදා සිංදුවකත් තිබුනා ඔය වගේ..

    නාවල අන්නාසි..
    කෝට්ටෙ දොඩං යස
    රසය කෑමටා..

    ReplyDelete
  46. @Gimhani...

    ආ ඒකටනං මේ වගේ කාලා..තව මඩ වලකින් නාලත් එන්ට ඕන..

    ReplyDelete
  47. @Observer...

    මගේ හිතේ තියෙනවා ඔබා අයියේ වෙල් ෆැන්ටා නොහොත් වැටේ සුදා ගැන වෙනම කතා මාලාවක් කරන්නත්..මං ඒ ගැන ඕනය එක්කත් කතා කලා..එහෙම උනොත් ඒකට අල්ලලා හොර පලවල් වල බයිට් ගැනත් ලියඤ්ඤං...

    ReplyDelete
  48. @රාජ්...

    අම්මපා ඒ පෝස්ට් එකෙන් ඒ කෑල්ල කපලා හරි මාර සරණියට දාන්ට ඕන...

    ReplyDelete
  49. @දිනූෂා...

    ඇත්තටම එහෙමත් රහයි..මපේ මලයා ඔය වැඩේට මනාපයි..ඌනං සීනිත් දානවා...

    ReplyDelete
  50. @නිශ්...

    අනිවා මචං උඹේ වයසට ආව ගමන් එහෙම කරනවා..

    ReplyDelete
  51. @මාතලන්...

    මෙහා ගෙදර බල්ලෝ නැහැ නෙව..හිටියේ කොල්ලෝ දෙන්නෙක් විතරනේ...
    අල බැදිල්ලක් මේ ඉරිදත් කරන්ට වෙලා තියෙනවා නෙව මටනං...

    ReplyDelete
  52. @හීනියට...

    තැන්කූ කිව්වා ඕං...

    ReplyDelete
  53. @නචියා...

    හරියට හරි නචී...

    ReplyDelete
  54. @Buratheno...

    හා හා ඔහොමම යන්ට අර දුමී මහත්තයගේ බංකුවට..
    මේ ඔය සපතේරු උන්නැහේ පොඩ්ඩක් එහොට මෙහාට වෙලා ඉඩ දුන්නනං මේ බුරතීනෝටත්...

    ReplyDelete
  55. @Niroshan...

    කප්පරකට සංතෝසයි..වැඩි වැඩියෙන් කන්න ලැබේවා...

    ReplyDelete
  56. @nawammawatha...

    බැඳපු මිනිස්සු උනහම ඔහොම තමයි බං..දෙන දේ කාලා..සද්දේ වහලා ඉන්ට ඕන..ඒක තමයි ආදරුසමත් සුවාමි පුරුසයෙකුගේ හැදෙන ලක්ෂණ..

    ReplyDelete
  57. @Gimhani...

    මම නෙවෙයි නගේ..අපේ තාත්තණ්ඩි දණ්නවා..මං කොරන්නේ එහෙං පිටින්ම කොප්ප ගහන එක

    ReplyDelete
  58. @ජීවිතේ මල්...

    හරියටම හරි නගේ..සමහරු පොළොස් උයලා මාළු මිරිසට උයනවා වගේ...
    (හා හා පහල බලන්න එපා..දුමීට මොනවත් හිතෙයි..)

    ReplyDelete
  59. @ප්‍රසංග...

    ආ කිරිබත් දංකුඩද..අනේ මං කාලාම නැහැ නෙව..කොහොමද අනේ ඒවා හදන්නේ...ඒවාගේ අන්තිම කට්ටේ අරගෙන හකුරුත් එක්කද අනේ කන්නේ..එහෙම කෑවම දිවිය ලෝක රහලු ද අනේ..හැකිස්..

    ReplyDelete
  60. @blog gadol...

    මං දන්නවා..පූෂන්ට කරවල බිත්තර පේන්ට බැහැ..හික් හික්...

    ReplyDelete
  61. @Buratheno...

    අඩේ ඒ පොල් සම්බෝලේ ගැන දාපු කොමෙන්ට් එකටනං අම්මපා දුක හිතුනා...

    ReplyDelete
  62. @දුමී...

    අනේ මංදා බං...
    උඹ වැරදිලාවත් අර මාවතේ ජිල්ගේ කොමෙන්ටුවයි..ඒකට මගේ උත්තරෙයි එහෙම බලන්ට එහෙම එපා හරිද..?
    මිර්ස් මාළු එක්ක සම්බෝලනං මාත් පිළීගන්නවා මල් මසුරං ගැලපිල්ලක් කියලා..හැබැයි මංනං ඊටත් වඩා මිරිස් මාළු එක්ක ගාපු පොල් ටිකක් කලවං කරගෙන කන්නයි වැඩි මනාප...

    මේ මාසෙන් පස්සේ මං පටන් ගන්නවා වෙනමම කෑම සයිට් එකක්..ඒක අනිත් උන්ට පේන්නේ නැති වෙන්ට බොට විතරක් පේන්ට හදනවා..හිටුකෝ...

    ReplyDelete
  63. @හා පැටික්කි...

    කාලෙකට පස්සේ තමා මෙයාට අපිව මතක් වෙලා තියෙන්නෙ නං..

    අර ගැලපීම අඩු එකට උත්තරේ ඉතිං අම්මාට පැන්ෂොන් දීලා දෝණි කුස්සියේ ඒකාධිපති පාලනයක් ගෙනියන එක තමා..කොහේද කම්මැලි අටු එක්ක ඕවා කොරන්ට පුළුවනෑ...හික්

    ReplyDelete
  64. @මහසෝණා මහතා...

    හික් හික්..නැතිව නැතිව...

    ReplyDelete
  65. @Il mondo di una povera pazza...

    මදෑ මම දුමියලගේ ටීම් එකට තව කෙනෙක් දාලා දෙන්ට හැදුවා..වැඩේ හබක්..
    එහෙම සැලෙන්ට එපා අක්කණ්ඩි..කොහොම කොහොම හරි මේ කෑම වලට පෙරේත වෙන්ට බලන්ට...
    ඔය හැම දේම සැරට වගේම ඔයාලාගේ දිවට හරියන්ට සැර නැතිවම හදන්ටත් ඇහැකි...
    සැර මූලික වගේම ඇඹුල මූලික කරන්ටත් පුළුවන් බොහොම දේවල් වලට...ඔය කැපැල්ල දළු..කජු නාඹර එහෙම එහෙමම කලෑකි..ආ මං වංගියක් කෑවා පීනට් බටර්..ආන්න එහෙමම කජු වල පදමත් ගතෑකි...
    (දැන්නං මට පුළුවන් වෙයි දුමීලට වගේම මෙයාටත් දුක හිතවන්ට..හික් හික්...)

    ReplyDelete
  66. @ සපතේරු උන්නැහේ : කිතුල් රා වලට නම් ඉතින් ලුණු කැටයක් හරි ගම්මිරිස් ඇටයක් හරි හොදටෝම ඇති කියලයි දන්නෝ කියන්නෙ.

    ReplyDelete
  67. “හොදට කරවෙන්න බැදෙන හාල්මැස්සොත් එක්ක ගිනිසැරට හිටින්න තෙල්දාපු අලත් එක්ක ගලේ අඹරලා හදපු පොල් සම්බෝලයක් එකතු වෙලා..තව ඕකට තම්බපු බිත්තරයකුත් එක්ක තියේනං..“

    වැඩක් නැහැ කියලා දෙන්න පුලුවන් ඇට්ටි හැලෙන්න .......

    ReplyDelete
  68. මම මේ අලුතකනේ කියාවගෙන යන්නේ.අම්මේ බඩගින්නේ බැරුවා

    ReplyDelete