23 August 2011

මේ කවි ලියන්නේ මට ඇති තරහාට...

කියනා දෙයක් නාහන හිතුවක්කාර..
කොමකට බෙහෙත් ලෝකේ තව නැහැ නේද..
හොයනා බලන එකටත් දොස් පවරාද..
එබැවින් සිටින්නෙමි මුළු ගැන්වී මෙහෙම..

කොයි ලොව ගියත් යන තැන කියලා නොයන..
ඇමතූ නමුත් නොදකින විලසින් සිටින..
මෙහෙමත් කෙනෙක් මට හමුවී නැහැ තාම..
මේ කවි ලියන්නේ මට ඇති තරහාට..

මට නොම ඇමතුවත් එයටද නැත තරහා..
ඒ මුත් අනිත් එහෙකුට හරි කීම මනා..
අනිකත් බයේ ඉන්නව කෙල පොදක් නොලා..
ඉන්නේ මමත් යක්ෂයා ආරූඬ වෙලා

62 comments:

  1. කවුදැ මේ මාරයියණ්ඩිව තරහා ගස්සන්නේ............

    අද නම් බෝ කාලෙකට පසු පළමුවැන්නා වගේ.....

    ReplyDelete
  2. ආ දැන් හරි හා නගේ..

    මේ මගේ යාළුවෙක් ටිකක් දුර ගමනක් ගියා..උදේ ඉදන් ආරංචියක් නැහැ..මට කතා කලෙත් නැහැ අනිත් යාළුවට කතා කලෙත් නැහැ.. මොනවා වෙලාද කියලා හොයා ගන්න බැරි වෙලා ඔළුව මඤ්ඤං වෙලා යකාගේ උපරිම එකෙන් ඔළුවට ආවේස උනහම තමා මේක ලියඋනේ.. ඒත් අපරාදේ කියන්න බැහැ මේක දාලා පැය කාලක් යද්දී කොල් එකක් ආවා..

    අර කිව්වත් වගේ 1වෙනියා නේන්නං..මට මතක් වෙන්නේ අතීතේ.. ඉස්සර ඉතිං කොහොම මේවෑ පැන පැන ගිය උන්ටද මෙහෙම උනේ..?

    ReplyDelete
  3. මොනවා කරන්නද අයියණ්ඩි ඉස්සර තිබුන කකුළ් 4 දැන් මට නැහැ නොවැ. දැන් ඉතින් මොබිටෙල් කාරයාගේ රෟද්‍ර මූණ බලන්න එපැයි. ඒ වගේම ලැපාත් ටිකක් ලෙඩින් හිටියානේ. ඒ මදිවට මාත්..... :)

    ReplyDelete
  4. දුක තමා නගා මොනවා කොරන්නද..?
    (අර හාවාගේ වැරදි මේ ඔක්කෝම..හිටුකෝ ඕකා අහු වෙනකල්..)

    ReplyDelete
  5. ඇහ්...... හාවා මක් කොරාටද අයියණ්ඩි????? මෙව්වා ඉතින් ආයේ කාගෙවත් වැරදි නෙමෙයිනේ..........

    ReplyDelete
  6. නැහැ නැහැ හාවාම තමා..ඔයාට හචිමක් ගියත් දැන් අපි අල්ලගන්නේ ඒකාව..:D

    ReplyDelete
  7. අනේ අසරණ මගේ හාවා.......... :( :P

    ReplyDelete
  8. හාවි: දැං කකුල් 8න්නේ ඒක වෙන්ටැ ස්ලෝ :D

    ReplyDelete
  9. නැහැ සුදු පූ...... තිබ්බ කකුළ් වලටත් බාධක නේ සීමා මයිම් වැටිලා බිල් වැඩි වෙලා. ඒ නිසා දැන් කොර ගගහා එන්නේ...... :(

    ReplyDelete
  10. අපි නිදා ගැන නැද්ද මාරයො?

    ReplyDelete
  11. @ මාරයියා :
    ඉන්නේ කුමට යක්ෂයා ආරූඩ වෙලා
    හෙව්වේ මොකද නොඉවසිල්ලෙන් වගේ ඔයා
    එයා ගැන බයේ සිටියේ ඇයිද මෙයා
    ඇත්තම කියන්ට කෙල්ලෙක් නේද එයා :D ;)

    ReplyDelete
  12. ලිව්වත් කවි වැලක් මේ ගැන මට තදව..
    තොගෙ කව දුටුවොතින් අද කනවා මාව...
    එබැවින් පුසෝ නොම වනසා අයියාව..
    මකලා දමාපන් තෝ මේ ලියපු කව..

    ReplyDelete
  13. අනේ අපොයි සුදු පූසා
    ලිව්වා කවි නැකත බලා
    මාරයියා අණ කරලා
    අනේ අපොයි මකණු කියා...... :)

    ReplyDelete
  14. තොපි දෙන්නා සැරසෙන්නේ..
    මගෙ මල ගම දකින්නටයි..
    මේ විදියට කවි ලිව්වොත්..
    අදනං මට බඩුම තමයි..

    ReplyDelete
  15. තරහ ගියාම එකේ ඉඳල දහයටයි ආයෙ දහයෙ ඉඳල එකටයි ගණන් කොර කොර ඉන්න තරහ නිමෙනකල්....

    ReplyDelete
  16. ඔහොම කෙනෙක් සිටියා මට මතක ඇති..
    තාමත් සොයනවා මට හමු උනේ නැති ..
    තරහක් වයිරයක් මා පිරිමසා නැති..
    මාරයෝ මේ ඉතින් අටලෝ දහමේ හැටි...

    ReplyDelete
  17. ඕෆ් වෙන්න බැහැ ගෝලයා සැඟවීලා
    ඕ. අයි. සී. මුර කුටියෙ සිරවීලා
    ලතා කෙලිට දුන් පොරොන්දු සිහිවීලා
    මාරයාගෙ ඉස් මොල ගිනි ඇවිලීලා

    ReplyDelete
  18. තරහක් වෛරයක් නොව මිතුරකු නමිනි..
    හදවත ඇති උනේ බලවත් බිය සැකකි..
    එබැවින් තව තවත් ඉන්නට නොහැකි උණී..
    එබැවින් මෙකවි පද වේගෙන් ගලන ලදී..

    ReplyDelete
  19. අද නම් අයියේ එනපොට හොඳ නෑ ඔන්න
    කවි පද ගොතයි එන එන සැම හරහටම
    වෙන්නේ ලිපිය අහක් කොරන්ටද සැකය
    මදැයි ඉතින් මාරයටත් වුන හදිය.........

    ReplyDelete
  20. හික්ස් ලතා කෙලී ඒ කව්ද අනේ??

    ReplyDelete
  21. නොදකින් නොදෝකින් නොදකින් නොදෝමකින්..
    නොදකින් නොදෝකින් නොදකින් නොදෝමකින්..
    නොදකින් නොදෝකින් නොදකින් නොදෝමකින්..
    ලකියා වගේ එවුවෝනං නොම නොදකින්..:D

    ReplyDelete
  22. මටත් සිතෙන්නේ දැන්නං එහෙම තමා..
    හාවී කිව්ව දේනං හොඳ දෙයක් තමා..
    කවියක් නිසා විපතක් වෙනු නොහැකි නිසා..
    දැන්නං වෙන්නේ මේකට කෙලවන්න තමා..

    ReplyDelete
  23. අනේ අනේ ගිම්හානි..අරූ ගිනි තියනවා..ඔයා ඒකට පිදුරු දානවා..සික්...

    ReplyDelete
  24. ඔව් ඉතින් පොඩි සපෝට් එකක් දුන්න . හික්ස්. ඔන්න අපි ගියා .
    සුබ රැයක්..

    ReplyDelete
  25. අයින් කරන්නට කීවත් මගේ කවිය
    අයියා කවට මනාපයක් ඇති සැටිය
    ව්‍යංගයෙන් අර්ථය ගැලපූ කලය
    නොකියා කිව්වේ මරුය කියා ඒ කවිය :D

    ReplyDelete
  26. පතා ගෙන ආ කරුම වළකන්නේ කොහොම
    ඔතා ගෙන ගියා නේද ඒකිට ඉවු කෑම
    ලතා නොවෙද ඒ දැරිවිගෙ නියම නම
    සද්ද එපා මාරයො ඔය පොකුණ ගම

    ReplyDelete
  27. ලකී අයියා අද අන්ලකී වේවි වගේ
    මාරයියට යන එනමක් නැතිව වගේ
    එහෙන් මෙහෙන් හැම අතින්ම ඇනුම් වගේ
    අද නම් මාරයියා ආරූඩ වෙයි වගේ.....

    ReplyDelete
  28. රස කර කවි පද ලියලා
    සගවන්නට හැදුවත් බොරු බේගල් කියලා
    අපි නම් දන්නවා මේ කෙල්ලෙක් ගැනමයි කියලා
    නොකියා උන්නොත් එය ඇත්තයි කියලා
    හොයනවා සත්තයි මුලු සි අයි ඩි එකමත් දමලා

    ReplyDelete
  29. නින්දට ගියත් නැහැ ඒකට ඉඩ දෙන්නේ...
    ලතා දුරින් ඉදගෙන මට අමතන්නේ...
    මාරයා නාපු එක ගැනමයි පවසන්නේ..
    මට මොන කරුමයක්දෝ මේ පලිසන් දුන්නේ...

    ReplyDelete
  30. අපොයි...මාරයො අපි දැන් සේරම වාද බේද අමතක කරලා ගිම්හානි නගාව නිදි කරවන්න මොනව හරි කවි ටිකක් කියමුද ?

    ReplyDelete
  31. ම්ම්.......... ලතා අවේ නැති එකට ගිම්හානි ගේ හිතේ සතුට වැඩිමකටද නැත්නම් දුකටද අප්පේ නින්ද නොයන්නේ

    ReplyDelete
  32. මංගලම් ජය මංගලම්
    මාරෙ අයියට මංගලම්
    ලතා අක්කත් එක්කරම්
    ගන්නෙ කවදද මංගලම්

    ReplyDelete
  33. හරි එහෙමනම් ගිම්හානි අක්කව නිදි කරවමු! :D

    දොයි දොයි දොයි ගිම්හානි බබා
    බයි බයි බයි ගිම්ගානි බබා
    මාරයියා කොහේ ගියා
    ලතා අරං එන්න ගියා.......

    ReplyDelete
  34. තරහට වුනත් ලීව්ව කවි ටික මරු

    ReplyDelete
  35. ලතා ඔතාගෙන ගිහිල්ලද මෙයාට කියන්නෙ නැතුව? පව් ආ. :P

    ReplyDelete
  36. ලීවලු කවි තරහට අපෙ මාරයියා
    නිවි ඇතේ තරහා දැං මාරයියා
    අනේ අපොයි කමෙන්ට් නිසා මාරයියා
    නැවතත් ආරූඩ වී සැටියකි මාරයියා

    අලේ ඔව්ව ගනං ගන්ට එපා අයියේ.. :P

    ReplyDelete
  37. :)

    සමහරු ඔහොම වෙන්නේ ඇති නිසා අගේ
    විස්තර කීම කට්ටියකට වදේ වගේ
    ගිය මිනිහා දනී ඒ ගිය ගමනෙ රඟේ
    පැන ගිය කෙනා පැමිණී ඇති බවක් හැඟේ

    ReplyDelete
  38. මාත් කවියකින්ම කමෙන්ට් එකක් දාන්න ට්‍රයි කලා, හරි ගියේ නෑ. ඉන්න මූඩ් එකයි, පසුබිමේ සද්දයි එක්ක බෑ. :(

    හැබැයි ඉතින් ඔය යාලුවෙක්ට ලියපු එකක් කියන කතාව බොරු කියල තේරුම් ගන්න නම් අමාරුවක් නෑ.

    ReplyDelete
  39. ග්‍රීස් යකුන්ගෙන් කිසි අනතුරක් නොම වේවා!
    ආසනික් මුසු බත් නොකැවේවා!
    කැලනි රුහුනෙ නව දෙවි වරු රකීවා!
    ගිය ගිය හැම අත මල් වැසි වසීවා!

    පාලුව නිසා කේන්තිය අසූහාරදාහට නගී
    නුඹ නොපෙනෙන හද මුමුණයි විරහ ගී
    කොහෙද( හත්තිලව්වේ) ගියෙ නුඹ හිටි හැටියේ සැංගී
    යන එන තැනක් කියලා පලයන් නංගී

    ReplyDelete
  40. ඔන්න මාත් පටාන් ගත්තා. ෂෝට් කිව්වට දිග කතාවක්. අපි ඉන්න හදන්නේ ක්ලැසික් සම්මත කෙටිකතාව සමග.
    ------------

    පාලු කඩේ

    ReplyDelete
  41. මෙතන නොවැ නියම කවි මඩුව...හිකිස්...

    මාරයියගෙ හදවත අඳුරින් නාවා
    ලතා ගිහින් දුරකට කැත වැඩ ඕවා
    දුකවෙනු බලා හිත උණු වී වගෙ ලාවා
    ගිය එක්කෙනා විගහට ආපසු ආවා..... හික්ස්

    ඔන්න මගෙනුත් කවියක්ම.....මාරයියා සහ ලතා අක්කා වෙනුවෙන්.. :D

    ReplyDelete
  42. අනේ අපොයි මෙහෙමත් කෙලියක් මුංගේ..
    වනේ ඇති නිසා මම එහි දනී රගේ..
    විනේ කටින්නට සැම දෙන පැමිණ අගේ..
    උනේ කවි නිසා මට අද ලෙඩක් වගේ..

    ReplyDelete
  43. කෙලවාලන්ට උව ලිව්වත් කවි නේක..
    කවි ලියු ඔබ සැමට මාගේ තුති මෙන්න..
    ආයෙත් දිනක මේ වාගේ කවියෙන්ම..
    හමු වී කොක්ක දා ගමු අපි අද මෙන්ම..

    ReplyDelete
  44. කවුද මාරයො ඔය පොකුණගම ලතා කියන්නෙ.

    ReplyDelete
  45. කවුද මේ ලතා.......යාළුවෙක්ගෙන් ආරංචියක් නැති උනාට මෙය මෙච්චර කලබල වෙන්නේ එයා වෙරි ස්පෙෂල් කෙනෙක් වෙන්න ඇති

    ReplyDelete
  46. කවියෙන් කවිය ගොතමින් රෑ එළි වූවා
    එළිවෙන ජාමයට හොඳ සෙල්ලම් කීවා
    මාරයියට හොඳනම් මොකටද මේවා
    අපි නම් හොයන්නෑ මාරයියේ ඕවා

    ReplyDelete
  47. හිටියත් අහසෙ හෝ වතුරේ වුනත් ගොඩ
    මාරය වුනත් වදිනා එක වදියි මඩ
    හිත තද කරන් නොහිටන් නුඹ දමා වැඩ
    දා ගත්තේ මොකද අය්යෝ මෙහෙම ලෙඩ

    ReplyDelete
  48. මාරයගෙ පුදගලික ජීවිතේම ඇදල දාල වගේ නේ..
    ලස්සන නිර්මානයක් යාලු!!

    ReplyDelete
  49. සියලු දෙනාගෙ දැන ගැනීම පිණිසයි.

    මම අර ලතාගෙ කතාව කටට ආ පලියට කිවු එකකි , එහි කිසිම සත්‍යතාවයක් නැති බව බොහොම වගකීමෙන් ප්‍රකාශ කරමි.

    (හරි නේද මාරෙ...ඔන්න මම කිවුව විදියටම ලිව්වා)

    ReplyDelete
  50. ෂික්..මදෑ මාත් මේ ලතා කවුද කියලා හොයන්න ලෑස්ති උනා..මූ බොරුවක්ද කියලා තියෙන්නේ..මදෑ කොලා..ඒකත් හබක්..:D

    (හරි ඉතිරි ටික මං ගේ ගාව ගහන කැලෑ පත්තරේම ලියන්නං..:D)

    ReplyDelete
  51. ලකී අන් ලකී වෙයි කියලා හිතුවත්
    යටින් යන හැඩැයි හිච්චන් කතාවක්
    ලකියා කිව්වා ලතා නඟා කවුරු උනත්
    මම නම් දනී මේ ගැන එක කතාවක්

    දෙකක් නැතේ ගිය "අරයා" ආපු සඳ
    මාරයා ලියූ මේ ලිපියත් දකිනු ඇත
    ඈ බොල මාරයෝ තෝ මා කාපු කැත
    කියලා මාරයා මරණෙට යවනු ඇත

    හිකි හිකි හිකි.........

    ReplyDelete
  52. මාරයෝ මේව ඔබහටනම් හොද පාඩම්..
    පේනව නේද මේ ඇට ගෙම්බ්බන්ගේ සෙල්ලම්.
    මැරුනත් ඉතින් නොසයනු නොකියා යන ගොයියන්..
    තව ඩිංගෙන් සෙල්ලම වෙනවා ලෙල්ලම්..

    (ඇට ගෙම්ම්බන්ගේ ලිස්ට් එකේ මාත් ඉන්නව හොදේ)

    ReplyDelete
  53. "ඉන්නේ මමත් යක්ෂයා ආරූඬ වෙලා"

    ග්‍රීස් යක්ෂයෙක් අහූ වුනෝ , අල්ලපියව්

    ReplyDelete
  54. ඕපාදූප ඇත හැම තැන පැල වීලා
    මාරයියට විසුමක් නෑ කෙල වීලා
    ග්‍රීස් යකෙක් වත් එවමුද දිරි දීලා
    පන්නා දමන්නට මුන් සැම ගුටි දීලා

    ReplyDelete
  55. මක්කයි අයියන්ඩි උනේ??

    ReplyDelete
  56. මාර තර්ජන හමුවේ ලතා ග්‍රීස් යකෙකු සමග පැන ගොස් ඇත...ඉහලින් ඇසෙන්නේ මාර විලාපයයි...

    ReplyDelete
  57. ලතා ලතා...කොහෙද ගියේ ලතා..
    කියාපන්කො ලතා..
    ලකීගෙ මම කට වැහුවා..
    කිව්වේ බොරුවක් කියලා..
    හැම දෙනාට වහන් වෙලා..
    බැන්ද මූනු රැක ගත්තා..
    ඉතිං හිනා වෙයන් ලතා..ලතා..ලතා.....

    ReplyDelete
  58. එලම කවි ටික වගේම කමෙන්ට් වලටත් වැටිලා තියනවා පටිට කවි ටිකක් ......

    සියලු දෙනාගෙ දැන ගැනීම පිණිසයි.

    "මම අර ලතාගෙ කතාව කටට ආ පලියට කිවු එකකි , එහි කිසිම සත්‍යතාවයක් නැති බව බොහොම වගකීමෙන් ප්‍රකාශ කරමි.

    (හරි නේද මාරෙ...ඔන්න මම කිවුව විදියටම ලිව්වා)"

    මාරයා විසින් ලකීට තර්ජනය කිරීමෙන් පසු ඉහත කමෙන්ටුව පල කරන ලදී ......

    ReplyDelete
  59. කවුද මාරයියේ මේ..??
    මට මේක දැන ගන්නකම් ඉවසිල්ලක් නෑ :D

    ReplyDelete