12 August 2011

මං හරකෙක් උනේ මෙහෙමයි..ඔයාලත් ආසානං වෙලා බලන්ට...


මං කලින් ලිපියෙන් කිව්වනේ මෙදා වංගියේ මං හරකෙක් උන ඒ කොරමේ කියා දෙනවා කියලා...

ඉතිං ඒ දවස්වල ඒ කිව්වේ මං හිච්චි එකා සංදියේ මෙහෙම නැහැ මං හොඳට හිටියා...ඒත් දැන්නං සමහරුන්ට හිතා ගන්ටත් බැහැ එහෙම හිටිය මට මෙහෙම උනේ කොහොමද කියලා..ඒ වගේ වැඩනේ මං කොරන තරමක් කොරන්නේ...මටනං ඕවා හෙන ලොකු වැඩ වගේ පෙනුනට සමහරු නං ඒවාට කියන්නේ ගොං වැඩ කියලා..

ඇත්තම කියන්ට සමහරක් වෙලාවට මටත් එහෙම නොහිතෙනවාම නෙවෙයි..ඒත් ඉතිං අපි කවද්ද අපේ අඩු පාඩු අනිත් උන්ට පෙන්නන්ට ගියේ..එහෙම නැහැ වගේ සද්දේ දාගෙන ඉන්නවා ඇර..මං විතරක් නෙවෙයි ඉතිං හුගාක් අය එහෙම තමා..ඕනනං ඉතිං "අපෝ අපි එහෙම නැහැ..අපි යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී.." හෙන පොරවල් කියන්ට..කරුමෙට වගේ මට එහෙම කියන්ට බැහැ..මොකද මං දන්නවනේ මගේ වැඩ ගැන හොඳටම..ඒකෙන්ම තේරෙනවනේ මගේ ගොන් ගතිය නොහොත් හරක් ගතිය...හැබැයි මම මෙහෙම කිව්වම සමහරු කියයිද මංදා "හරක්ට අපහාස කොරන්ට එපා යකෝ" කියලා..එහෙම කිව්වත් ඉතිං හරකා කවද්ද හරක් වැඩ අතෑරියේ..

ඉතිං ඒ කතාවත් මං මෙහෙමම කියලා දාන්නං...

මුගුණුවැන්න මැල්ලුම...
ඔහේලා දන්නවනේ මේ වෙනකොට අපේ තාත්තා අපිට පොඩි කාලේ මොන මොනවද කන්ට බොන්ට දුන්නේ කියලා..ඒ කිව්වේ එළවළු වෑංජන ආදිය ගැන...ඔව් ඔව් අර කලින් කිව්ව කජු..පොලොස්..වට්ටක්කා එහෙම ගැන තමා..

ඉතිං ඔය හැම දේමත් අතරේ හැමදාමත් වගේ අපේ තාත්තා ගෙදර මොනවා නමුත් කොල වර්ගයක් නිතරම හදන්න පුරුදු වෙලා හිටියා... පහල ඕවිටිවල ඕන තරං වැල් ගොටුකොල තිබුනා... වෙල අයිනේ..ඇළ අයිනේ මුගුණුවැන්න..දිය හබරල...තණපලා ඕන තරං හොයා ගන්ට තිබුනා...
වත්ත පහල කොහිල වලක් වගේම එක පැත්තක ගිරා පලා සරුවට වැවිලා තිබුනා..
ගේ ඉස්සරහ එරබොදු ගහක් තිබුනා..ළිඳ ගාව තෙබු ගස් ටික..වත්ත කොනේ කර ගහක්...එතකොට කවදාවත් ලොකු නොවුනත් සැරින් සැරේට හිටවපු කතුරුමුරුංගා ගස් වගයක්...වැට දිගට කිරි මදු වැල්... ගේ පිටි පස්සේ කඩුපහර..මොනර කුඩුම්බිය..ජපන් බටු...ගේ ඉස්සරහා වැට දිගේ ෆැෂන් ෆෘට් වැල ඕසේට වැවිලා තිබුනා...ඒ අස්සේම කෝප්ප කොල ගස් ටිකකුත් තිබුනා..ඉතිං කොළවලින් මොන අඩුවක්ද... හැබැයි කංකුං එහෙමනං අපේ වත්තේ ඒ හැටි හරි ගියේ නැහැ..මං ඒ දවස්වල කංකුංවලට අකමැති හින්ද ඒකත් මටනං ලොකු අවුලක් උනේ නැහැ.
වැල් කොහිල...
ජපන් බටු...
වට්ටක්කා...
නිවිතියා...
මඤ්ඤොක්කා කොල...
සාරණ...
කතුරු මුරුංගා...
දඹළ කොල...
ෆැෂන් කොල...
තෙබු...
ඔය දිය හබල..තණපලා..ගිරා පලා..වගේ ජාතිවලට පරිප්පු දාලා හින්දවලා උයලා තෙම්පරාදු කර ගත්තමත් හරි අපූරුයි..ඒ වගේම මැල්ලුමට සම්බෝලෙට උනත් හුගාක් ගැලපෙනවා...අළුත කඩා ගත්ත තණපලාවල..ගිරා පලාවල පුදුම කිරි රසක් තියෙනවා..ඒක අමු කොල සම්බල වලට හොදටම හොදයි..ඒත් ඉතිං හුග වෙලාවට බඩේ අමාරු හැදෙයි වගේ කියලා හිතුනොත් තාත්තා ඕවා අමුවෙන්ම දෙන්නේ නැතිව මලවලාම දෙනවා...

අමු කොල සම්බොලෙට ඔය හුගාක් ජාති ගතෑකි...
ගොටු කොළ..
මුගුණුවැන්න දළු..
ෆැෂන් කොල...
තණපලා..
ගිරා පලා...
කර කොල...
ඔවා සම්බෝලේට එහෙමත් නැත්තං අමුවෙන්ම හදලා තමා හුගාක් රස...ඒ කිව්වේ හොඳ ළපටි පහේ කොලවලින් අරගෙන.. හොදට හෝදලා..ලියලා..ඒකට ගාගත්ත පොල්..අමුමිරිස්..රතුළුණූ..ලුනු..දෙහි ඇඹුල්..තව ඉතිං උම්බලකඩ ටිකක් හෙම දාලා ගත්තම හොඳටම හොඳයි..සමහර වෙලාවට ගම්මිරිස් කුඩු ඇබින්දක් එකතු කලත් රසයේ ලොකු වෙනසක් ගන්න පුළුවන්...

අමුවෙන් හදන කොල සම්බෝල බොහොම රසයි වගේම ගුණයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. හුගාක් අය අමු කොල සම්බෝල වලින් කැමතිම ගොටු කොල සම්බෝලෙට තමා..මං උනත් ඒකට හුගක් කැමතියි..ඒත් මං වැඩියම ආසා "කර" කොල සම්බොලේට...මට කර කොල ටිකක් පෙන්නන්ට පින්තූරයක්නං දාන්නට අද ඇහැක් වෙන එකක් නැහැ..මොකද ඒකට පොටෝවක් ගන්ටනං මට ගෙදර යන්ට ඕන..තාමත් අපේ වත්තේ තිබුන අර පරන කර ගහ පරිස්සං වෙලා තියෙනවා..අපේ මලයගේ පොඩි කොළුනං තාමත් අපි පුංචිකාලේ වගේම වාසනාවන්තයි අපි කාපු බීපු විදියටම කොල ජාති කන්ටනං...

මං පස්සේ වංගියක හරි ගෙවල් පැත්තේ ගියොත් පින්තූරයක් අරගෙන එන්නං කට්ටියට බලා ගන්ට එක්ක..දැනට මේ දාලා තියෙන පින්තූර වලින් ඔය චූටියට දාලා තියෙන තෙබු කොල ටික ඇර අනිත් ඔක්කෝම මගේ දුරකථනයේ කැමරාවෙන් මංම ගත්තු පොටෝ තමයි... තෙබු ගහක් හරියට පොටෝ ගහන් එන්ට ගෙදර හරි..පුංචි අම්මලගේ දිහාවේ හරි ගිය වෙලාවක බැරියෑ...

ඒ කලින් කිව්වේ කොල සම්බෝල ගැනනේ..ඊ ළගට මැල්ලුං..ඔය කියාපු හැම දේම වගේ මලවලා කන්ට ඇහැකි දේවල් තමා... දැන්නං නගර බද අයට හුගාක් අහු වෙන්නේ කංකුං හරි මුගුණුවැන්න හරි විතරමද මංදා..ඒත් අපේ ගං පළාත්වල ගහට කොලට හැදෙන හුගාක් කොල ජාති මලවලා කන්ට ඇහැකි..වගේම අපේ තාත්තණ්ඩියා ඒවා මලවලා ඇති පදමට අපිට කන්ට දුන්නා...හැබැයි අපේ මලයටනං මැල්ලුං පේන්ට බැහැ..ඒකාට මැල්ලුං කවන්ට ඌත් එක්ක පොර අල්ලන්ට ඕන..ඒත් මටනං බත්වලට වඩා මැල්ලුං ඕන...කොටින්ම හරකෙක් වගේ මැල්ලුං කෑවා..බත් පොල් කටු හැදි දෙහෙකට ඒ වගේම කොල මැල්ලුං උඩින් දාලා වහලා..ඒක උඩින් හොඳට කරවල හොදි ටිකක් වක්කර ගත්තත් මටනං ඇති...

ඒ වගේම තමා ඔය දෙල් මාළුවට..කිරි කොස් මාළුවට..වට්ටක්කා මාළුවට කජු මාළුවට වගේ හිදෙන්න සහ බත් ටික ගුලි කරලා කන්න ඇහැකි වෑංජන වලට හොඳ කොල මැල්ලුමක් කලවං උනහම හරිම රසයි...පරිප්පු එක්ක උනත් කොල මැල්ලුං හරි රසයි නෙව.

ඔය මැල්ලුං කිව්වමනං මම වඩාත්ම ආසා කලවං පලා මැල්ලුමට තමා... අහල පහළින් අහුවෙන කොල ජාති කිහිපයක් එක්කාසු කොරගෙන හොදට ලියලා පොල් ටිකක්..අමුමිරිස් කරලක්..රතුළුණු ටිකක්..සුදුළුණු බිකක්..කහ කුඩු ඇබින්දක් වගේ..මිරිස් කුඩු පහේ කුඩුයි යන්තමට වගේ..කුරුඳු පොතු කෑල්ලකුත් දැම්මාම හෙඳ සුවඳක් තියේ..ලුනු කුඩු ටිකක් එහෙම එක්ක හොඳට මලවලා අරගෙන ලිපෙන් බාලා දෙහි ඇඹුල් ටිකක් දා ගත්තම හොඳටම හොඳයි...

අපේ තාත්තා ඉස්සර කලවං මැල්ලුම් මිටිය හදන්නේ මලින්ම පුංචි කොල ජාති ඒ කිව්වේ..ජපන් බටු..කිරි මදුවැල්කොල..මොනරකුඩුම්බිය..කඩුපහර කොල..තෝර කොල..කර කොල..කතුරුමුර්ගා කොල..ගිරාපලා..වගේ ඒවා මිටක් අරගෙන ඒවාට පිටින් ටිකක් විතර ලොකු කෝප්ප කොල...ෆැෂන් කොල තියලා ඔතා ගන්නවා..ඊටත් උඩින් එරබොදු කොල කිහිපයක් තියලා වට කරනවා..අන්තිමට තෙබු කොල දෙක තුනකින් මිටිය අහවර කරනවා.. එතකොට ඔය කොළ මිටිය හොදට අතට අහු වෙනවා වගේම ලියන්නත් පහසුයි..අර පුංචි කොල වර්ග මිටියෙන් ගිලිහෙන්නෙත් නැහැ...

ඉතින් එහෙම ගත්තු කොල ටික තමා අර කලියෙන් කිව්ව විදියට මලවලා දෙන්නේ... තනි තනියෙන් හදන කොල මැල්ලුමකට වඩා ඔය කලවං පලා මැල්ලුම අමුතුම රසයක් තියෙනවා.. ඒ වගේම කොල ටික මැලවීමේදී යන්තං වගේ මලවලා ගත්තම ඒ කිව්වේ කොල පාට හොදටම තියෙන හැටියට ගත්තම එක රසයකුත්..ටිකක් වැඩි පුර මලවලා අර කොල පාට ගතිය ඇරලා ගත්තම තවත් රසයකුත් තියෙනවා..මගේ පෞද්ගලික අත්දැකීම තමා තනි තනි වශයෙන් කොල මැල්ලුං හදද්දී ලාවට වගේ මැලවීමත්..කලවං පලා මැල්ලුමකදී ටිකක් වැඩි පුර මැලවීමත් හොදයි සහ ඒ දෙක අතර රසය වැඩි වීමට බලපානවා කියන කාරණාවත්..අනිත් අයගෙත් එක එක කැමති විදි නැතෑ නේද..?

ඒ වගේම තමා මැල්ලුං කිව්වහම අපිට අමතක කරන්ටම බැරි මැල්ලුමක් තමා මඤ්ඤොක්කා කොල මැල්ලුම...
සමහරු මේවත් ලියලා හදනවා උනාට මේක හදන්න හොදම විදිය තමා කොටලා..ඒ කිව්වේ මඤ්ඤොක්කා කොල හොදට වංගෙඩියේ කොටන්න ඕන..ඒ කොටන ගමන්ම තියෙනවනං නයි කොච්චි කරල් දෙහෙකුත් දැම්මනං මොනවද නිකං කනෙන් දුං විසි වෙන තරමේ රසයක් එකතු වෙනවා...එහෙම කොටන එකටම ඕනනං අනිත් දේවල් ඒ කිව්වේ පොල්..රතුළුණු වගේ කලමනාත් දාලාම උනත් කොටන්න පුළුවන්..ඊට පස්සේ ඒ කොටාපු මිශුණය තෙල් ඇබින්දක් රත් කරලා ඒකේ දාලා මලවගන්නත් ඇහැකි..එහෙම නැත්තං කොළ විතරක් කොටලා..අනිත් දේවල් වෙනම එකතු කරන්ටත් ඇහැකි.. කොහොම උනත් කොළ ටික හොඳට කෙටිලා ඉවර වෙද්දී වගේ ඕකට පොල් ටිකත් දාලා කෙටුවමත් රසයේ හොඳ වෙනසක් වෙනවා...

කොහොම උනත් මඤ්ඤොක්කා කොල මැල්ලුමක් හදලා..අලයි කරවල මොනව හරියි හොදට හොදි හිටින්න උයලා..පපඩමකුත් බැදලා ගත්තනං...මං හිතන්නේ ඒකට තමා දිවිය ලෝක රසය කියන්නේ...

කොහොම උනත් මං ගෙදර හැදුන කාලේ..ඒ කිව්වේ වයස 14ක් විතර වෙනකල්ම වගේ ඔය ආහාර රටාව එක විදියටම පැවතුනා..මොකද 14න් වගේ පස්සේ තමා මං ටික ටික පාරට වැටුනේ...කීය කීය හරි හොයන්ට හුරු උනේ.. ඊට පස්සේනං මං මස් මාළු කන්ට හුරු උනා... මොකද ගෙයින් එලියට ගියාම ගෙදරදී වගේ තෝර තෝර කන්ට හැටියක් නැති හින්දා... ලැබෙන කොයිකත් රහක් ගුණක් නොබලා ගිල්ලා...එතනදී මස් වර්ග තෝර තෝර ඉන්ට හැටියක් ලැබුනේ නැහැ...

ඒ කොහොම උනත් අදටත් මං ආසයි අර ඉස්සර විදියටම බත් ටික කන්ට..ඒ වගේම රතුළුණූ ගෙඩි ටිකක් සුද්ද කරගෙන අමුවෙන්ම බත් එක්ක කන්ටත් ආසයි..ඒ දවස්වල ඉතිං පරිප්පු ඉව්වොත් මට රතු ළුණු ඕනම තමා..පරිප්පුවල තියෙන කිරි රසයට රතුළුණූ ගෙඩියක් හපන කොට එන සැර ගතිය පුදුමෙට ගැල පෙනවා...

දැන් ඉතිං ඔහේලා දන්නවා නේද මං හරකෙක් උනේ කොහොමද කියලා..ඒ හින්දා ඔහෙලටත් එහෙම වෙන්ට ඕනනං මං වාගෙම ගෝනි ගනන් කොල ජාති කන්ට වෙයි...
කලවං පලා මැල්ලුම...

--------------------------------------------------
අවසානයේදී දුක්බරව මෙසේ ලියමි...
මට මේ දවස්වල අර ඔටුවෝ බලන උන්ගෙන් හරි ආඬපාලි...ඇයි වදේ මං මොනවා කොලාටද..? අර කලින් හිටිය ඔටු රැලට තවත් එකෙක් එක්කාසු වෙලා..හිටිංකෝ ඔය යෝධයාගේ වාසනාව අවාසනාව කොරන්ට..කොහේ ඔටුවෝ බැළුවත් එන්ට එපායෑ ගෙවල් පැත්තේ...එදාට අල්ලගඤ්ඤං ගොයියෝ...

-----------------------------------------------------
මෙන්න තියෙනවා කර කොල..එම ඡායාරූපය ලබා දීම පිළී බඳව ඇනෝට ස්තූතියි...

115 comments:

  1. අඩේ උඹ අඟුණ කොළ කන්නේ නැද්ද බන් :-)

    ReplyDelete
  2. ඉතිං හරකො හරක් කොළ තම්බල කනවද ? :P :P

    ReplyDelete
  3. කෝ කුරිඤ්ඤං කොල ගැන ලියලා නෑනේ. වැඩි ආසාවක් නැතත් එව්වත් හැදුවොත් කනවා. කතුරුමුරුංගා මුගුණුවැන්න තියන දවසට මම වැඩියෙන්ම බෙදාගන්නේ එව්වා. හැබැයි ඉතිං කතුරුමුරුංගා පෙරේත කමට කෑවාම බඩ පොඩ්ඩක් අප්සට් වෙනවා.

    ReplyDelete
  4. ගම් පලාතෙ හිටියනම් මේ කොල මැල්ලුම් දිහා බලල හූල්ලන්න වෙන්නෙ නැහැ..ඒත් මෙහෙ ඉඳන් නම් ...හ්ම්ම්ම්ම්හ් !

    ReplyDelete
  5. මම් නම් අගුණ කොළ කන්න තමා ගොඩක් කැමති.අම්මෝ ඒවල රහ.අගුණ කොළ සම්බෝල එක්ක උනත් බත් කන්න පුලුවන් මට.

    ReplyDelete
  6. ඔය පලා වර්ගයි ඒවායේ පින්තුරයි දාලා පොඩි පොත් පිංචක් හැදුවොත් නරකද? දැන් ඉන්න හුඟ දෙනෙක් ඔය පල වර්ග දන්නෙවත් හදුනන්නේවත් නැහැ. ජාතික උතුකමක්‌ හැටියට සහ නිරෝගී ආහාර වේලකට දිරිදීමක් හැටියට කලොත්!

    ReplyDelete
  7. හප්පේ මම හිතුවේ මේ අපි වගේ හරක් ගැන ලියන්න හැදුවේ කියලා..
    කොල ටිකක්නම් මටත් ඕනමයි..බත් එකේ කොලපාට නැත්නම් ලොකු අඩුවක්..ඒත් සමහරු කොල කටේවත් තියන්නේ නෑ. කොල සුද්ද කරන්නත් හොරයි. ඇගිලි කැතවෙනවා කියලා. දෙහි ලෙල්ලක් ගාලා ඉලුවම හොදට සුද්ද වෙනවා ඇගිලි..
    මාරය්යගේ උත්සාහය හරි වටිනවා . ලිපිය කියෙව්වම නොකන අයත් කාවි. අර කර කොලනම් මාත් දන්නෙ නෑ. ඒකට අපි කියන්නේ වෙන නමක්ද දන්නෙ නෑ. ගෙදර ගියවෙලාවක පින්තූරයක් අරන් දාන්න.

    ReplyDelete
  8. ඔය කෑම හදන භාජනය ගැනත් සැලකිලිමත් වෙන්ට. අපෙ දොස්තර නෝනගෙං අහල බලන්ට ඔය ජාතියෙ උයන්ට පිහන්ට හොඳද කියල. මං දැක්ක සීනිසම්බෝලත් හදනව සියඹල දමල කාරිය. ඇතිලියක හැදුවොත් හොඳා. අහන්ට නලිනිගෙන්

    ReplyDelete
  9. මේ හරකා තණකොල විතරනෙව කාල නැත්තෙ... :D මාත් රස බලල තියෙන්නෙ ඕවායින් ජාති කිහිපයක පමණයි... ඇත්තටම අපි නොදන්නා කොයිතරමක් කොලජාති සිංහල වෙදකමටත් ඔය කැඳ වර්ග හදන්නත් ගන්නවද...

    ReplyDelete
  10. මේවගේ කෑම තමයි අද අපේ රටට ඕනේ. කොහෙද ඉතිං සමහරු මේවට ආසත් නෑනෙ.

    ReplyDelete
  11. වැල්පෙනෙලත් හොදයි.

    ReplyDelete
  12. @ම...

    අගුණ ජාති කන්ට එපයි කියලා වැඩිහිටියෝ නිතරම කියනවනේ බං...

    අගුණ කොල කනවා බං ඒත් මං පොඩි කාලේ නෙවෙයි මට අගුණ කොල මුලින්ම කන්න උනේ වයස 19දී විතර..දැන්නං ඉඳහිට ගෙනත් හදනවා

    ReplyDelete
  13. මාරේ අයියේ කෝප්ප කොල ගස් කියන්නේ මොනාද??අදමයි මම ඇහුවේ.චැහ්.පින්තුරයක් වත් දාන්න කෝ....

    ReplyDelete
  14. ඔය කියා තිබෙන කොළ කෝකත් ඉතාමත් අගෙයි. කොළ කෑවහම ශරීරයේ ඇතිවන විෂ පදාර්ථ ඉක්මනින් ශරීරයෙන් ඉවත් වෙනවා. ඒ නිසා ශරීරයට නොයෙක් ලෙඩ රෝග වැලඳීම අඩුයි. නමුත් නිතරම එකම කොළ ජාතිය කනවට වඩා වෙනස් වෙනස් ජාතීන් මිශුව ආහාරයට ගැනීම ඉතාමත් හොඳයි.
    මෙහි තිබෙන තෙබු ගැන කියනවනම් මේ ඉතාම හොඳ ශරීරය සිසිල් කරන පලා වර්ගයක්. මෙහි තිබෙන විශේෂ දෙයක් මම කියන්නම්. පැපොල හැදිලා මුහුනේ කැලැල් ආවහම තෙබු ගෙඩිය කොටා මිරිකාගත් ඉස්ම මුහුනේ ගෑමෙන් ඉක්මනින් ඒ කැලැල් සුව වෙනව. සම පැහැපත් වෙන්නත් ඉතාම හොඳයි.
    මට නම් පේන්නෙ මාරය හරකෙක් වෙලා හරි නියම බඩුනේ ආහාරයට අරන් තියන්නේ. මේවා කාලා හරකෙක් වුනත් මොකෝ. හැබැයි ඔබ කිව් ආකාරයටම අද අපිට කන්න වෙලා තියන්නේ නම් වර්ග දෙක තුනක් තමා. ඒකනම් ඒතරම් හොඳ දෙයක් නෙමේ. ඔය ගොන්නටම තව ගොටුකොළත් එක්කර ගන්නවනම් මරු නේද?
    ඔව් කෑම භාජනේ විශෙෂයි තමයි මොකද මේ පලා හදනකොට මැටි වලන් භාවිතා කිරීමෙන් වඩා ගුණයක් සහ ආරක්ෂාවක් ලැබෙනවා. අනික කොළ වලට රස්නේ ඉක්මනට යන්නේ නැහැ මැටි භාජනේ හැබැයි ඇලුමීනියම් භාජන ඉක්මනට රත් වෙන නිසා කොළ හරි විදියට ඒකාකාරී උෂ්ණත්වයක් එකම කාල පරාසයකදී ලැබෙනාවා අඩුයි. අනික වැඩිපුර රත් වුනහම ඒ මැල්ලුමේ තිබෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙනවා. තව මේවට දෙහි ඇඹුල් දමන ඉසා ඇලුමීනියම් දිය වීමටත් බලනවා. ඒක වකුගඩු වලට හොඳ නැහැ. නලිනිත් අදහසක් එකතු කලොත් හොඳයි තමයි.

    ReplyDelete
  15. @Bunny...

    ඇයි බං උඹ කන්නේ තම්බලාද..?

    ReplyDelete
  16. @පූසා...

    ඔව් පූස්..කූරිඤ්ඤං කොල විදරක් නෙවෙයි තව හුගාක් ජාති මම කාලා තියේ..ඒත් මේ කියන මුල් කාලයේදී නෙවෙයි..මලයා කාලා තියේද අසමෝදගං කොල..එතකොට අක්කපාන..තව කෝමාරිකා..ඒවත් විඩින් විඩේට මං කාලා තියේ..ඒත් මගේ ජීවිතේ මුල් කාලයේදී කාපු බීපු දේවල්වලින් තමයි මේ ලිපිය පුරෝලා තියෙන්නේ...

    ReplyDelete
  17. @Weni...

    මක්කා කොරන්නද කිව්වළු...
    නිකං ඉන්න එකේ බලන්ටකෝ අහල පහල තියෙන මල් ගස්වල හරි කොල කන්ට බැරිද කියලා..

    ReplyDelete
  18. @නදී...

    ඔව් නදී..අගුණකොලත් බොහෝම හොද කෑමක් තමයි..මගේ මතකේ තියෙන විශේෂම කෑම වේල් කිහිපයකින් එකක් අගුණ කොලත් එක්ක කෑව කෑම වේලක්..

    දවසක් මට වයස 18ත් 20ත් වගේ අතර කාලෙදී අපි ගියා බස් එකක් පුරෝලා කට්ටිය මොරගොල්ලාගම කියලා කුරුණෑගල පැත්තේ ගමක තිබුන මල ගෙදරක..අපි ගියේ රෑ කාලේ...

    එදා රෑ අපි නඩේටම මල ගෙදරට එහා පැත්තක වෙන්න හදපු මඩුවක රෑ බත් කන්න දුන්නා...දුප්පත් පළාත්නේ නගේ..වැඩි දෙයක් නැහැ....බතයි මාළු දෙකයි...

    එයින් එකක් ඔය අගුණ කොල සම්බෝලේ..මං ඒ කෑම ගැනයි මල බත ගැනයි වෙනම ලියන්න ඉන්න හින්දා පස්සේ බලන්ටකෝ ඒ ගැන

    ReplyDelete
  19. @Niroshan...

    ඇත්තටම මේ පින්තූර ගනිද්දිත් මට ඕකනං හිතුනා..ඉන්නකෝ බලන්න..ඉස්සරහදී..ඊ බුක් එකක්වත් හදන්න...

    ReplyDelete
  20. මම නම් ආස කලවං පලා මැල්ලුම් කන්න. ඒ වගේම ගෝවා කොල මැල්ලුමත් පංකාදුයි !!!!

    ReplyDelete
  21. @වෙද ගෙදර මහ වෙදනා ,
    මේ තෙබු ඇට කතාව දැන සිටියේ නෑ. බොහොම ස්තුතියි දැනුවත් කලාට..
    කෝප්ප කොල කියන්නේ ක්‍රෝටන් කොල වර්ගයක් නේද?? සුදු හා කොලපාට මිස්‍ර. වකුටු හැඩය..

    ReplyDelete
  22. @Gimhani...

    කොල සුද්ද කරන්න ටිකක් වෙලානං යනවා තමා..ඒත් මං කරන්නේ ගස් වලින් කොල කඩද්දිම තෝරලා කඩනවා..ආයේ ගෙනත් හෝදන්න විතරයි තියෙන්නේ...

    කඩෙන් ගන්න පලාවලට තමා ඔය ගැටළුව එන්නේ...
    මං ඉතිං ගොටුකොල ගත්තත්..මුගුණුවැන්න ගත්තත් ඒකේ මුල් පැත්තෙන් බාගයක්ම කපලා අහක් කරනවා..ඊට පස්සේ ටිකක් විතර පහසුයි ඇහිදින්න..සුද්ද කරන්න..මං තනියම හින්දා මට ලොකු පලා මිටියක් ඕනත් නැහැනේ...

    අනිවාර්යයෙන් මං පින්තූරයක් පස්සේ වෙලාවක දාඤ්ඤං

    ReplyDelete
  23. @ඊ මේල් කවිකාරි...

    අහන්ට දෙයක් නැහැ අක්කණ්ඩි..(අනික දොස්තර නෝනාගෙන් මං මොකට බැනුං අහගන්නවද ඉල්ලගෙන..)කාරණාව ඇත්ත..

    ඒත් ප්‍රායෝගිකව මට මැටි ඇතිළි භාවිතා කරන්න අමාරුයි..ඒ හින්දා මං කරන්නේ හැම කෑමක්ම හැදුව ගමන් ඒකට හරියන වෙන භාජනේකට අස් කරන එක..කොහොමත් මං දවසේ අවසානයට වළං හෝදන්න තියං ඉන්න කැමති නැහැ..එවෙලේ උයන එක එවෙලේම අස් කරලා හෝදනවා..

    දන්නේ නැද්ද හවසට නිස්කලංකේ ඉන්න එපෑ..ඔය ඇතිලි මුට්ටු හේදිලි තියා ගත්තාම කරදරයි...

    ReplyDelete
  24. @ප්‍රසංග...

    තණකොල නොකෑවා කියන්ටත් බැහැ..මොකද ඔය තණ පලා..ගිරා පලා කියන්නෙත් තණකොල වලටම ලගින් යන දෙකක්.

    ReplyDelete
  25. මේව කාපුවම කොහොමද හරකෙක් වෙන්නෙ. මේව නොකනවනං තමයි හරකෙක් කියන්නෙ.
    කොහොම උනත් වැදගත් ලිපියක්. ලියල තියෙන විදියට මෙච්චරකල් පලා නොකාපු කෙනෙක් උනත් හදල කන්න බලයි.
    අර ෆොටෝ ටික උඹ වැඩකරන ෆැක්ටරියෙ වටේ ගත්ත ඒව වගෙයි මට පෙන්නෙ.

    ප.ලි. ඊයෙ නියම වැඩක් කරල තියෙන්නෙ.

    ReplyDelete
  26. @Nisupa...

    ඒකනං ඇත්ත... හැබැයි ඒකට හේතුව අම්මලා මේවා ආස හිතෙන විදියට ළමයින්ට දෙන්න දන්නේ නැති කම..අනික කොල ටිකක් කන්න ඒකට ගැලපෙන දෙයක් හදලා දෙන්නත් ඕන...

    ReplyDelete
  27. @රාජ්...

    ඔව් වැල්‍ පෙනෙල හොඳ කෑමක්..පලා වර්ගයක් හැටියට වගේම..තෙල් දාන්ටත් හොදයි.. ඒ වගේම බොහෝම රස කොළ කැඳ වලට තමා...වැල් පෙනෙල ගැන බොහෝම හොද පේස්ට් එකක් ඇති ඔය උඩින් 3 වෙනි කොමෙන්ටුව දාපු පූසාගේ බ්ලොග් එකේ..ආන්න එතනට ගෙහුන් බලන්ටකෝ...

    ReplyDelete
  28. @මි හරක් පිඩියා...

    අනිවාර්යයෙන් දාන්නං..කෝප්ප කොලනං ඔය කාගේ උනත් ගෙවල්වල මිදුලේ තියෙනවා වවලා..

    කොහොමත් මං මේ දවස්වල කඩන හැම කොලයක්ම කඩන්න කලින් පොටෝ ගහනවා..අද දාන්න බැරි උන හැම ජාතියම සැරින් සැරේ හරි දාන්නයි හිතං ඉන්නේ

    ReplyDelete
  29. @වෙද ගෙදර මහ වෙදනා...

    මං හිතන්නේ මේ ගිනැ ලිපියක් වෙද මහත්තයා ලියනවනං හොදයි..මං ලියන්නේ රස පැත්ත..ඔබතුමාට ඇහැකි ගුණ පැත්තෙන් මේක කරන්න...ඇත්තටම ඒක බලන කොයි කාටත් වටීවි.

    ඇතිලි කතාවනං මාත් ඇත්තටම දන්නවා..ඒත් පවතින තත්වය යටතේ කල හැකි උපරිම විදියටනේ කරන්න වෙලා තියෙන්නේ..කොහොමටත් පලා මැල්ලුං වලට මං ඇතිළියේ තියෙද්දී දෙහි දාන්නේ නැහැ..මැල්ලුම වෙන භාජනේකට අරගෙන නිවුනට පස්සේ තමා ඇඹුල් යොදන්නේ...

    ඇත්තටම කන්න ඇහැකි කොල ගැන වගේම..මං නිතර කන ‍කොල වර්ග ගැනත්..ඒ වගේම ඉද හිට හෝ කන කොල වර්ග ගැනත් ලියන්න ගියොත් මේ වගේ පෝස්ට් බර ගානක් ලියන්න වෙයි..ආයුර්වේදය පිළීබඳ විශේෂඥයෙක් වෙච්ච වෙද මහත්තයට කියන්න ඕනද කොල ගැන ලියන්න ගියොත් මොකද වෙන්නේ කියලා..අර කවුද මංදා වෙදකම ඉගෙන ගත්තු කෙනෙකුට හතරැස් හැතැම්මක් ඇතුලත බෙහෙත් නොවන පැලෑටියක් ගේන්න කිව්ව එකේ අනික තමා...

    ReplyDelete
  30. මාරයියට කොළ මිටක්!!

    ඔය පලා ජාති හොයාගෙන වගා කරගෙන කන්ට උනන්දුවක් ඇති වුනා..

    ReplyDelete
  31. @මධුරංග...

    ඔව් මලේ මාත් ආස කලවම් පලා වලට තමා...
    ගෝවා කොලත් නරක නැහැ... ඒත් ඊට වඩා මංනං මනාප ඇහැට පේන තැනකින් කඩා ගන්න තෙල් බෙහෙතේ නැති කැලෑ කොල කන්ට තමා...

    ReplyDelete
  32. @Praසන්ன...

    නියම වැඩේ කොරලා තියෙන්නේ බොලා නෙව...හැක්

    හරියටම හරි මේ පොටෝ ඔක්කෝම මගේ වැඩ පොලෙන් තමා... දැන් තේරෙනවනේ මං ඉන්නේ කොල වලින් ස්වයංපෝෂීත සේවා ස්ථානෙක කියලා... මට තියෙන්නේ හැමදාම උදේට ඕෆ් වෙලා යද්දි කැමති වර්ග වලින් ඕන කරන ප්‍රමාණය කඩාගෙන යන්ටයි..නිකං ඉන්න වෙලාවට ගස් කොලං ටික යහතින්ද කියලා හොයා බලන්ටයි විතරයි

    ReplyDelete
  33. අපේ ගේ ඉස්සරහ කර ගහක් තියෙනවා.. තෙබු යායක් තියෙනව පාර දෙපැත්තෙ.. අපේ කුඹුරෙ තණ පලා යායක්ම තියෙනවා. වෙලාවට කැමරාවක් නෑ :[ මැල්ල කොල කන්න කැමති නැද්ද ?( මම නම් කියන්නෙ හු- - මැල්ල කියලා).. ඇයි වෙල් මුඩ (මුඩ මහන),ගිරා පලා.. තෝර කොල... අම්බෝ කොයි කරම් ජාති තියෙනවද...

    ReplyDelete
  34. @ඉඳුනිල්...


    "ඔය පලා ජාති හොයාගෙන වගා කරගෙන කන්ට උනන්දුවක් ඇති වුනා.."

    අන්න ඒ වචන ටික අහනවා තරං සතුටක් තවත් නැහැ..ඊට එහා ඒ වැඩේ කෙරෙනවනං...

    ReplyDelete
  35. @Geethika Dilruk...

    අනේ බං ඔය ෆෝන් කට්ටකින් හරි අර කර ගහේ පින්තූරයක් ගංකෝ...තෙබු වලත් මේ දාලා තියෙන පින්තූරයට වඩා ලොකු එකක් තිබ්බනං සෝක් ඈ..

    අනික ඉතිං බොලා නොදන්නවට මංනං බොලාගේ ගම්පළාතේ ඔය කොල ජාති ඔය ගම්පළාතට ඇවිල්ලාම කෑවා විඩෙන් විඩේට...

    ආ අර වෙල් මුඩ කිව්වේ මොහොකටද..පොඩ්ඩක් ඒකත් දැම්මනං..මං ඒ නමින්නං කාලා නැහැ..ඒත් වෙන නමකින් හරි කාලාද කියලා බලන්ට...

    ReplyDelete
  36. @Geethika Dilruk...

    ඇයි බං මං කලින් ලිපියේ මැල්ල කොල ගැන ලියලා තිබ්බා නෙව...

    ReplyDelete
  37. මඤ්ඤොක්කා කොල වංගෙඩියේ කොටලා හදන සම්බෝලය තරම් මට නම් වෙන දෙයක් නෑ. කොලොම්පුරේ ඉද්දි මේ රස කෑම දකින්නවත් නෑ.. දෑන් නම් දෙයියනේ කියලා...:-)

    මඤ්ඤොක්කා කොල මෑල්ලුම කියන්නෙ ආහාර අරුචිය තියන කෙනෙකුට හොඳ බේතක්... බත් කිලෝ ගනන් කන්න හෑකි.. :)

    ReplyDelete
  38. හොඳයි බලමු කොළ පලා මැල්ලුම ගැන ලිපියක් ලියන්නම් වෙලාවක.
    කෝප්ප කොළ කියන්නේ ක්‍රෝටන් කොළ ජාතියක් තමයි. කර කියන්නෙත් හොඳ පලාවක් හැබැයි දන්නවද අර කර ගහේ කථාව.
    ඔන්න එක ගමක හිටියලු අපි වගේ පල් මෝඩයෙක්. කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව කරනවලු. දවසක් ගමේ ගෙදරක මහ ගහක් කපනවලු. දැන් මේ අපි වගේ පොරත් එතනට වෙලා බලන් ඉන්නවලු. මේ ලඟම තියනවලු පොඩි කර ගහක්. එක පාරටම ලොකු ගහ වැටෙන්න යන්නේ අර කර ගහට බව දැක්ක කෙනෙක් කිව්වලු "අයියෝ කරගහ කරගහ" කියල. අපේ මෑන් දෙසරයක් නොහිතම අර වැටෙන ගහට කර තිබ්බලු. ඔන්න ඔහොමලු.

    ReplyDelete
  39. මමත් වැඩිපුරම කන්න කැමති මිශ්‍ර පලා මැල්ලුම්... ගමේ ඉන්න කාලෙ නම් ඉතින් අම්ම අනිවාර්යෙන් හදනවා... දැන් ඉතින් කොහෙද ඔය ජාති හිටවගෙන කන්න විදිහක්...
    කාලම නැති කොළ කීපයකුත් දැනගන්න ලැබුන ලිපියෙන්... තව කොත්තමල්ලි කොළ, අබ කොළ, කැරට් කොළ එහෙමත් රසයි සම්බෝලේ හදල...

    ReplyDelete
  40. අනේ වාසනාවන් දකින්න ලැබුනත් මදැයි. අපේ මැල්ලුම අපිටම අනන්‍ය බව මෙතෙක් සොයා බලපු කාරණා වලින් දැක්ක දෙයක් . දුක තමයි රන්ජනී. මල්ලුමට සුදුසු කොළ තියෙන්නේ ජපන් බටු විතරයි. තනකොලත් කන ජාතියක් වෙලා මුගුනු වැන්න කොලයක් හොයා ගන්න නැහැ නේ. අපේ දිහා ඉන්නේ හරක් 3 යි. සිංහයෝ තණකොළ කන්නේ නැහැලුනේ

    ReplyDelete
  41. අපෝ පලා වර්ගද ඕවා මොන ජරා කෑමද. මම නම් ආසම නැහැ:)

    ඉතින් හරකෝ ගනින් කො අර එනැමල්ද මොනාද කියන්නෙ එයින් භාජනයක්.:D

    ReplyDelete
  42. @ජීවිතේ මල්...

    යාන්තං ගෙදරට පැන ගත්ත වෙලේ..ඇරියස් අල්ලලාම නෙලන්ටයි තියෙන්නේ නගේ...

    බත් කිලෝ ගණන්..බුදු අප්පච්චියේ..නුවරට හාල් හිඟයක් ඒවිද මංදා ලග පාතදී...

    ReplyDelete
  43. @වෙද ගෙදර මහ වෙදනා...

    මටත් ඔය කර ගහේ කතාව ලියන්න හිතිලා..ආයේ වංගියක් බොහෝම අමාරුවෙන් බ්රේක් කර ගත්තේ...නැත්තං කොහෙන් නවතීද කවුදෑ දන්නේ..ලොකු දෙයක් මෙන්න මෙහෙම අතරින් පතර හරි එහෙම කතා ටික දාන එකනං...

    ReplyDelete
  44. @දිනූෂා...

    ඇත්ත කලවං පලාවල අමුතුම රසයක් තියෙනවා...

    අබ කොල නං මං කාලා නැහැ නෙව..කොත්ත මල්ලි කොලනං කාලා ඇත..කැරට් කොත් මං කැරට් සම්බොලෙටම දානවා...

    කොහොමටත් මට හුගාක් වර්ගවල කොල කන්ට ලැබිලා තියෙනවා..ඒකට හේතුව ඉතිං පන්සල් ජීවිතේ තමා..දන්නවනේ ඉතිං ඔය දාන මාන වලට ගියහම..රටේ ලොකේ තියෙන හුගාක් ජාති..කොල වර්ග..හතු වර්ග සුප් වර්ග එහෙම අහුවෙනවා නෙව..

    ReplyDelete
  45. @Bindi...

    සිංහයින්ට පුරුදු කරමු මැල්ලුං කන්න...
    මැල්ලුං කා හාවො වගේ පැන පැන යන්න...

    මං හිත්වේ ඔය පැත්තේ ඇත්තටම හුගාක් කොල වර්ග ඇති කියලා..මොකද මැලේසියාව වියට්නාමය වගේ රටවල් ගැන මගේ ඔළුවේ තිබුනේ එහෙම චිත්‍රයක්..හනේ සංසාරේ...

    ReplyDelete
  46. අබ කොලත් හරිම රසයි. පාන් පෙති දෙකක බටර් ගාලා ඒ මැද්දට ..ලුනු ගම්මිරිස් වල තවරපු තක්කලි පෙති තියලා අබ කොල දෙකකුත් මැද්දට තියලා කාල බලන්න. හරිම රසයි. ඔන්න වෙදගෙදරින් බනින්න එපා බටර් කැවම කොලොස්ටරෝල් කියලා.....

    ReplyDelete
  47. @නිශ්...

    මෙන්න නරියෙක්..හික්

    අනේ බං මේ තියෙන බඩුත් වැඩි වෙලා තියෙද්දී..මංනං කැමති නැහැ තව වැඩිපුර හැන්දක්වත් ගන්ට..යන යන තැන උස්සන් යන්න ගියාමනේ වදේ තේරෙන්නේ...

    ReplyDelete
  48. @Gimhani...

    හ්ම්ම්...ඒ කියපු විදියටනං වැඩේ කරලා බලන්ට හිතුනා..දැන් ඉතිං ටිකක් විපරං කොරන්ට ඕන අබ කොල ගැන...

    ReplyDelete
  49. කොළ ජාති නම් අනන්තයි . මෙයාල කන්නෙත් මිටි ගණන් . හැබැයි අපේ මල්ලුමට ඔබින කොළ නැහැ . යන්තම් තෙල් පොඩ්ඩක එහෙට මෙහෙට කරලා හරි සුප් හදල හරි තමයි ඒ කොළ කන්නේ . බතල කොළ වට්ටක්ක කොළ මැල්ලුම් හදන හැටි දන්නවා නම් කියන්න . අපිට හිතාගන්නත් බැරි ජාති මෙහෙ කනවා .

    ReplyDelete
  50. මමත් සෑහෙන්න කොල කන්න පුලුවන් උනා,,දැනටත් ගොටු කොල නම් කන්න හැකියාව තියනවා මෙහෙට ගොටුකොල ,මුගුණු වැන්න එනවා..

    ReplyDelete
  51. අබ කොල කඩෙන් ගන්න නෑ මාරය්යේ. අපි වවාගන්න ඕන.
    අබ ඇට ටිකක් වතුර නිතර විසිකරන තැනකට දාන්න. හරිම ලේසියි වවාගන්න....

    ReplyDelete
  52. අද නම් ඛේට ග්‍රන්ථි ටික බේරුනා.. මම නම් පොඩි කාලෙ ඉඳන්ම කොල කන්න හොරයි...

    අර බින්දි කියන කතාව ඇත්ත.. මම හුඟාක් රටවල කෑම වර්ග කාල තියේන්ව.. ( ගිහින් නෙමෙයි.. විවිද ජාතික යාලුවන් ගෙනුයි ඒ ඒ රෙස්ටුරන්ට් වලිනුයි ) අපේ මැල්ලුම් වලට සමාන කෑම වර්ගයක් දැකල නෑ...

    එක්කො කොල කන්නෙ කප්ප්න්නෙ නැතුව මුලු කොලේම තියෙන සලාද විදිහට.. එහෙම නැත්නම් ඉන්දියන් කාරයො වගේ වෙනත් දෙයක් එක්ක එකට දාල උයල...

    අරාබි කාරයින්ගෙ තියෙනව පාස්ලි කොලකපල දාල හදන Tabbouleh ( තබ්බූලි )කියල එකක්... ඒක තමා ටිකක් වත් අපේ ගොටුකොල සම්බෝලෙටවත් ළඟින් යන්නෙ...

    හැබෑට කර කොල කියන්නෙ මොනවද... අනිවා අපේ පලාත්වල කියන්නෙ වෙන නමක් වෙන්න ඇති...

    ReplyDelete
  53. @ගිම්හානි ...
    අබ කොල කනව කියල ඇහුවෙ අදමයි.. ඒක තමා එහෙනම් ඔය hot dogs වගේ ඒවට mustard cream වක්කරගෙන කනකොට අමුතු ටේස්ට් එකක් තියෙන්නෙ...

    ReplyDelete
  54. @Bindi...

    ඒ කියන්නේ වට්ටක්කා කොල බතල කොල හොයා ගන්ට තියේද..?

    අනෙ අප්පච්චියේ ඒ මදෑ..අර ජපන් බටු කොල ටිකක් වැඩි පුර ගත්තම..ඔය මං පොටෝ එකෙත් දාලා තියෙන්නේ වට්ටක්කා කොල..ඒ වත් මං දැන් හදන කලවං පලා මැල්ලුමට අනිවාර්යයෙන් ගන්නවා...

    ඔයා බය නැතිව වට්ටක්කා ටිකක් දළු පහේ කොල ටිකක් අරගෙන..ඒකටම බතල කොල ටිකකුත් කලවමට ගන්ට..මතක ඇතිව බතල කොල කඩපු ගමන්නං ගන්න එපා..ටිකක් කඩලා පැයක් දෙකක්වත් අඩුම ගානේ තියන්න ඔන කිරි වේලෙන්ට...
    ඓහම ගන්න කොල දෙවර්ගෙට වඩා වැඩි ප්‍රමාණයක් හිටින්ට මැද්දට තියන්ට ජපන් බටු කොල.. තියලා ලියා ගත්තම අර විදියටම පොල් ටිකක් දාලා මලවගත්තම පංකාදුයි...මතක ඇතිව වට්ටක්කා 1 ප්‍රමාණයකට බතලත් 1 ප්‍රමාණයක්ම ගන්ට ජපන් බටු ප්‍රමාණ 2ක් වෙන්ටවත් ගන්ට... වැඩේ ගොඩ දා ගතෑකි...

    අනිත් හොද විදිය තමා ඔය වට්ටක්කා දළු..බතල දළු යන්තම් හුමාලෙන් තම්බලා ලුණු ඉහගෙන කන එක...

    ReplyDelete
  55. @ItalyDilan...

    අහන්නත් සංතෝසයි..
    (උඹ බේරුනා අර ඔටු රැලගෙන්..:D)

    ReplyDelete
  56. අඩේ බන් උබ ක්‍රෝටන් කොළ කාල තියෙනවද ? අපේ පැත්තේ එකෙක් ඉන්නවා උ බිලා ගෙදර යනකොට ගද එන්නැති වෙන්න ට කියලා වැටේ තියෙන ක්‍රෝටන් කොළ කළා තමයි ගෙදර යන්නේ .

    ReplyDelete
  57. @Gimhani...

    හරි සඳුදට මතක ඇතිව අබ ඇට ටිකක් ගෙනත් මේ ගාඩ් රූම් එක එහා පැත්තේ වතුර තියෙන තැනට දානවා...තැන්කූ නගේ..

    ReplyDelete
  58. @සපතේරු උන්නැහේ...

    "අද නම් ඛේට ග්‍රන්ථි ටික බේරුනා.. මම නම් පොඩි කාලෙ ඉඳන්ම කොල කන්න හොරයි..."

    එව්වා කොහේද මාත් එක්ක..මේකෙන් බේරුනාට ඊ ළග එකෙන් හරි දෙන්නං බෙහෙත...

    ඔව් මටත් අපේ අම්මා කියලා තියේ එයාටත් රටදී මැල්ලුම් දකින්ට හම්බ උනේ නැති විත්තිය..ඒත් සිංගප්පූරුවේනං මඥ්ඥොක්කා කොල දෙකට තුනට වගේ කපලා තෙලෙන් හදනවා කිව්වා...

    පොඩ්ඩක් ඉවසලා ඉන්ට හැකි ඉක්මනින් කර කොල ගැන දාන්නං...

    ReplyDelete
  59. @rawana...

    වෙන්න පුළුවන්..මොකද ඔය කොප්ප කොලත් හුගාක් දුරට ක්‍රෝටන් වලට සමානයි..ඒ වගේම එක මුසැන්ඩාස් වර්ගයට සමාන කොල වර්ගයකුත් තියෙනවා බැදලා කන..එහෙවු එකේ ක්‍රෝටන් වහ වෙන්නත් බැහැ..ඒත් රසයනං අමුතු ඇති..අනික වර්ණය කන්න තරං හිතක් පහල කරවයිද මංදා..?

    ReplyDelete
  60. පෝස්ට් එකය් කොමෙන්ට් ඔක්කොමය් කියෙව්වට පස්සෙ හති....ඒ හන්ද මගෙ සත දෙක මෙතෙන්ට ඕන් නැහැ ....

    ReplyDelete
  61. බත් කන හරක් ඉන්න එකේ කොළ කන හරකෙක් උනාම මොකෝ මාරයියෙ.... මගෙ නං නොම්මර එක මුගුණුවැන්නා , දෙක කංකුං, තුන....... ? ;)

    ReplyDelete
  62. @Observer...

    ඕං බලමුකෝ..යන්තං මේ 99999.98 ක් තියා ගෙන මං බලන් උන්නා..දැන් ඉතිං තවත් හිටිංකෝ බලාගෙන..

    ReplyDelete
  63. @nawammawatha...
    අම්මපා බං..මට ඒ කිව්ව කතාවට දාන්ට හිතෙනවා බොලාගේ කටේ තඹ රුපියල් පහක්...
    අම්මපා 3 මොකක්ද..?

    ReplyDelete
  64. මුන් ගම කාල වගේ, ඕනයද? දොස්තරද?

    ReplyDelete
  65. @Observer...

    මං හිතන්නේ ඔබා අයියට පෝස්ට් එක මාරු වෙලාද කොහේද මේ කොමෙන්ට් එක වැටුනේ..අර හොර පොට් වල බයිට් ගැන නේද මේ පුහුල් හොරා කරෙන් දැනිලා..කෙහෙල් කන වැට පැන්නේ..හැකිස්

    ReplyDelete
  66. ඇළුමිණියම් භාජනවල ඇඹුල් ඉවීම පිළිබඳව දැනටමත් කීප දෙනෙක් කියලා තිබුණත් මගෙ උපදෙසත් නැතුව හරි නෑනෙ. !@#$%$%#@$#$#!% &*^%#%$!##$%#$%$*

    කන්ඩ ගන්න කෝප්ප කොළ අර ලොකු කොළ පැහැති වර්ගය. ඒවා කෑමෙන් කොලෙස්ටරෝල් අඩු වේ.
    වට්ටක්කා/ කංකුං/නිවිති කොළ රස පරිප්පුවලට දමා ඉව්වහමය.
    ඔය ඔක්කොටම වඩා රස ගොටුකොළ කැඳය.

    ReplyDelete
  67. @නලිනි චන්දිමා...

    අනේ ඒ උපදේසේ නිකං කනට මී පැනි වක්කරනවා වාගේ...තැන්කූ අනේ...(හිටුකෝ කොරන්ට හොඳ වැඩක්)

    ෂා ෂා දොස්තර නෝනා හොඳට කෑම බීම වල ගුණ අගුණ දන්නවනේ...ඒ විතරක් නෙවෙයි උයන පිහන අයට වැදගත් තොරතුරු ටිකකුත් දීලා තියෙනවා නෙව..බොහෝම පිං..

    ReplyDelete
  68. කරපිංචා කොල සම්බෝලෙත් නියමයි.වෙලාවක හදලා බලන්න.අබ කොල සම්බෝලෙත් මරු.මාත් කාලා තියෙනවා...

    ReplyDelete
  69. මොනවා උනත් තව දුරටත් මේ බ්ලොග් කෙරුවාව ඉදිරියට කරගෙන යාමටනං !@#$%$%#@$#$#!% &*^%#%$!##$%#$%$* භාෂාව ඉගෙනීමට සිදු වන බව මට හැඟී යයි..
    (මදෑ මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න ආවා...)

    ReplyDelete
  70. @රන්දික කුලතුංග...

    කරපිංචා සම්බෝලේ ඇති පදං කා තිබේ..ඔය අබ කොල එක්ක තමා මට දැන් ඉස්සරහට ගේම තියෙන්නේ

    ReplyDelete
  71. ඔව්..වොව්....පෝස්ට් එක මාරු වෙලා...එයව් අස්සේ දොස්තර නෝනත් කුණුහරප කියනවද ?

    ReplyDelete
  72. ගුලියත් ඇවිත් ඉන්නෙ

    ReplyDelete
  73. @Observer...

    මං හිතුවා යාළුවට මාරු වෙලා කියලා..ඒත් ලොක්කා මොකක්ද අර හොර පොට්වල සම්බන්දේ කියලත් කිව්වනං සෝක්..මොකද කෙහෙල් කන එළියට පැනලානං දැන් ඉවරයි..

    ඔව් අප්පා දොස්තර නෝනා මොනවා නමුත් අමුතු භාෂාවක් ඉගෙනගෙන..දැන් අපිට මල වදේ...

    මොකාද බොල ගුලියා..?

    ReplyDelete
  74. @ Observer: නෑ අනේ, සෞඛ්‍ය උපදෙසක්, හිපොක්‍රටිස්ගෙ භාෂාවෙන් කිව්වෙ.

    ReplyDelete
  75. ඔයාල කාල නෑනේ කහබිලියා දලු සම්බල්.
    වෙලාවක කාල බලන්ට. මරේ මරු....

    ReplyDelete
  76. අඩේ මාරෙ, මඤ්ඤොක්කා කොළ කොටනකොට ඒකටම දාන්ට ඕන තිබ්බටු මිටකුයි, වියලි මිරිස් කරල් 2-3කුයි.. ඊට පස්සෙ මලවලා ගත්තම අර කවුදෝ කිවුව වගේ බත් කිලෝ ගානට හරි කන්ට පුළුවන්..

    මගෙ ආසම එක තමා වට්ටක්කා දළු මලවලා..

    ReplyDelete
  77. ගිම්හානිත් කාල තියෙන දේවල්.දුමියගෙ වගේ කට නං කැහුවත් කමක් නැහැ කියමුකෝ. බඩ ඇතුලෙය් කාපුව පිට වෙන තැනුය් කහන්න පටන් ගත්තම කොහොම හිටීද කියල මං මේ කල්පනා කොරන්නෙ

    @ මාරයා, ගුලිය කිව්වෙ අන්තිම පේලියේ යාලුවෙක්, මෙතන කොමෙන්ට් එක දාල තියෙන්නේ ඇත්ත නමෙන්. ඕනය/ඇන්ඩ වගේ හොරෙක් එහෙම නෙමේ.

    @ නලිනි චන්දිමා ආ....එහෙමනං කමක් නැහැ.

    ReplyDelete
  78. හෆොයි ගිම්හානි, ...කහඹිලියා දලු කාල කට බඩ කහන එක නම් කමක් නෑ කියමුකො... පහුවදා උදේටනෙ සංගීතෙ...

    ReplyDelete
  79. සමහර food city වල කලාතුරකින් ගන්න තියෙනවා අබ කොළ... ගිම්හානි කීව වගේ හිටවගත්තනම් හොඳයි .. අර කීව වගේ බටර් ගාපු පාන් පෙති අතරේ තක්කාලි පෙති එක්ක නියමයි ...

    ReplyDelete
  80. දෙයියනේ කොල විතරද කන්නෙ? මාරය අයියට ඔය බෝඩිමෙනුත් යන්න වෙනව ලඟදීම ඔය විදියට ගස් වල කොල ටික සේරම කන්න ගියොත්.

    ReplyDelete
  81. තියෙන ඔක්කොම කොළ මැල්ලුම් කලා ඉවරයි වගේ, දැන් ඉතිරිවෙලා තියෙන්නේ පත්තර කොල මැල්ලුම තමයි! මාරයෝ, ඔන්න ඔහේ එකත් ලියලා දැම්මානම්!!

    ReplyDelete
  82. මෙන්න කර ගහේ කොළ....

    http://i56.tinypic.com/n69v1d.jpg

    KLM

    ReplyDelete
  83. පොල් මැල්ලුම අමතක වුනාද මන්ද කෂ්ටියට, අර ඉස්සෙල්ල පෝස්ට් එකේද කොහෙද මං මතක් කරපු තිරිවානකැටියේ ආතම්ම ඉඳිආප්ප වලට කොහිල දළු හින්දල උයනවට අමතරව පොල් මැල්ලුමක් හදනවා අමු මිරිස් ගොරක එහෙම දාල තව තිබ්බොටුත් තලල දාල, අනේ උන්දැට නිවන් සැපම ලැබෙන්න ඕනෙ.

    ReplyDelete
  84. @Gimhani...

    මට උත්තර දෙන්න ඉඩක් තියලා නැහැ නෙව අනිත් උදවිය..

    ReplyDelete
  85. @Buratheno...

    අඩේ අර ඔක්කෝමත් හරි මඤ්ඤොක්කා කොල වලට තිබ්බොටු දාන එක තමා මට අහුවෙලා නැති දේ..බලමු වෙලාවක..දෙජාතියම අතේ දුරින් ඇත..

    ReplyDelete
  86. @Observer...

    ගුලියාව හඳුනා ගතිමි...ඌ සද්ද නැත...

    පොල් මැල්ලුමත් ටොප් කෑමත් නෙව..ඉඳි ආප්ප වලට වගේම මංනං තොසේ වලටත් පොල් මැල්ලුම දාගෙන කන්ට කැමතියි..ඒකට කූනිස්සන් මිටක් වැටුනම තියෙන රස....

    ReplyDelete
  87. @දිනූෂා...

    එහෙනං ෆුඩ් සිටියෙත් බලන්න ඕන..ඒත් වවලාම කන්න ඕන අර කිව්වත් වගේ...

    ReplyDelete
  88. @Kasun...

    මේ කොල තියෙන්නේ මගේ වැඩ පොලේ මලේ..මට ඕන පදං කන්ට බාදාවක් නැහැ...

    ReplyDelete
  89. @Niroshan...

    ඒවත් කනවා නෙව එළුවෝ එහෙම..මං එළුවෙක් උනහම කියඤ්ඤංකෝ ඒකේ වග..තාම මං හරකෙක් විතරයිනේ...

    ReplyDelete
  90. @ඇනෝ...

    බොහෝම ස්තූතියි..මෙන්න නියම කර කොල..මං ඒක ලිපියට දැම්මට කමක් නැහැ නේද..?

    ReplyDelete
  91. කිසිම අහිතක් නැහැ....
    මේවා ගැන අපේ මිනිස්සු දැන ගන්න තරමට තමයි හොඳ
    ඔබ මේ කරන්නෙත් එක්තරා සේවයක්...
    මමත් මුලින්ම කර කොළ කෑවේ යාල ගිය වේලාවකදී.
    ඇත්තටම රස කෑමක්....
    මේ ජායාරුපය ගත්තේ දෝතළුගල ගිය වේලාවකදී.....
    KLM

    ReplyDelete
  92. දෙන්නාටම ගොඩාක් ස්තූතියි..
    කර කොල කාලා නැති බවයි පේන්නේ...

    ReplyDelete
  93. ස්තුතියි රෙසිපියට . හුමලෙන් තම්බල ලුණු ඉහල ..අපොයි එහෙම නම් කන්න හිතක් නැහැ .

    ReplyDelete
  94. මං මොනවා කියන්නද ඉතිං. කියන්න ඕන ඔක්කෝම කට්ටිය කියලනේ.

    ReplyDelete
  95. @ඇනෝ...

    බොහොම ස්තූතියි නන්නාඳුනනා ඔබට...

    ReplyDelete
  96. හරිම රසවත් ලෙස ලියා තියෙනවා. තෙබු කොළ , දියවැඩියා රෝගය පාලනය වෙනවා යැයි අසා තිබෙනවා , පැෂන් ෆෘට් කොළ හෝඳයිලු ප්‍රෙෂර් එකට. මැල්ලුන් නම් පොඩි කාලෙ කෑවේ බොහොම අප්පිරියාවෙන් ඒත් පහු වෙද්දි ගුණය ගැන ඉගෙන ගනිද්දි කෑම ප්‍රිය වුනා.

    ReplyDelete
  97. @Gimhani...

    එහෙනං මං අබ කොල හොයද්දී..ගිම්හානි නගා කර කොල හොයන්ට..

    ReplyDelete
  98. @Bindi...

    ඒකෙන් කමක් නැහැ මැල්ලුම හදමුකෝ...

    ReplyDelete
  99. @පැණි දොඩම් - [නුවන් කුමාරනායක]...

    පැණි දොඩං කොල මැල්ලුං හදන විදියවත් කියමු...

    ReplyDelete
  100. @Anithkona...

    බොහොම ස්තූතියි වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටිනා අයකු ලෙස ඔබගේ දැන්මත් මේ සඳහා එකතු කිරීම ගැන...

    ReplyDelete
  101. අර ජපන් බටු කියපුවට අපි කියන් නේ සිංගප්පූරු කොළ කියලා. අපේ තාත්තගෙත් ඔය පලා වැල් ගස් නම් නැති වෙන්නැ. කෝප්ප ගස්, කිරි අගුණ (ඕවටමයි අපි කුරිඤ්ඤං කියන්නේ. ) , තිත්ත අගුණ (ගොඩක් අය තිත්ත අගුණ දන්නවා අඩුයි මයේ හිතේ. මලවන්නැ සම්බල්ම තමා කන්නේ.) ඒ ජාති දෙකෙන් වදයක් වෙන තරමට කප්පාදු කර කර මහ පතරංග වැල් 2ක්ම තියනවා.(ඇස් වහ එපා තුහ් තුහ්) ඊට අමතරව ඔය අයියා කියපුවයින් ගොඩාක් ජාති.

    හැබැයි මං ඔය ඔක්කොටම වඩා කන්න පෙරේත කෙන් කොළ මැල්ලුම. එදාට තසිමත් අරන් පැත්තකින් වාඩි වෙලා නිකම්ම ගිල දානවා. හැබැයි එව්වට සීනි බහිනවා කියලා සතියට දවස් 2ට වඩා හදන්නැහැ. :( :(

    හැබැයි පැත්තවත් නොබලන පලා ජාතිය තමා මිංචි කොළ සම්බෝලේ . මට එව්වා මාරම ගඳයි. මං පැත්තවත් බලන්නැ ඒවායේ නම්.

    හැබැයි ගොටු කොළ මුකුණු වැන්න ඇර මොන පලා කෑවත් මම බත් කන්න කලින් එක හුස්මට කාගෙන කාගෙන යන එක තමා කරන් නේ.

    ReplyDelete
  102. @හාවි...

    හරි ඉතිං අහන්නත් දෙයක්ද..නිකංයෑ හාවි කියන්නේ..කොල නොකන හාවියෝ නැහැනේ..ඒක නෙවෙයි කොහොමද අර හාවාගේ තත්වේ..උන්දැත් කොල කන්ට රුසියද..නැත්තං අපිට තීරණය කොරන්ට වෙනවා ඒකා හාවා නෙවෙයි ඉත්තෑවා කියලා..දන්නවනේ දැනටමත් එක්කෙනෙක් තදින් කියා හිටිනවා ඒකා ඉත්තෑවා කියලා...හික්

    අනේ මං හිතුවා මේ නගා එක හුස්මට කරන්නේ බ්ලෙග් කියවන එක විතරයි කියලා..දැන් බලං ගියාම කොල කන්නෙත් එක හුස්මට...

    මොනවද අර කෙන් කොල කිව්වේ..පොඩ්ඩක් පින්තූරයක් පෙන්නන්ටකෝ...මං ඒ නම ඇහැවුවේ අදමද කොහේද..?

    ReplyDelete
  103. ඒක නම් දන්නැ මයේ හිතේ කනවා ඇති. මකරා අයියගේ ඔළුව කවුද බිත්තියක වද්දලා හාවෝ ඉත්තෑවෝ පටලලා ඒකයි ඔය.

    එක හුස්මට නොකියව ඇහැකියැ. මං ජංජාලේ ඉන්න දවස් වලට දවස් තුන හතරට එක ලිපියයි. නැති දවසට එක දවසට ලිපි තුනයි හතරයටි කියන වේගෙන් නේ අයියලා ලියන්නේ.

    ඕන්න ඊයක අමුනලා කරලා එව්වා.

    ReplyDelete
  104. කිරි අගුණ ,කුරිඤ්ඤං ,තිත්ත අඟුණ ජාති තුනම කාල තියෙනවා.
    කිරි අගුණ කියන්නෙ කුරිඤ්ඤං නෙවෙයි.

    ReplyDelete
  105. @හාවි...

    ලැබුනා නගේ එවපු ඊයනං..ඒත් බොලේ ඒකේ උඩ එකයි..යට එකයි කොල ජාති දෙකක් තියේනේ..එකක්නං නිකං අපේ පැත්තේ හැදෙන බිංපොල් වගේ..හැබැයි ටිකක් විතර අඳු කොල වලටත් සමානයි..
    ඊට පහතින් අර තියෙන වැල්ද කෙන් කොල කිව්වේ..ඒක ටිකක් අපේ පැත්තේ වැවෙන කොවක්කා වැලක් වගේ..කොවක්කා වලටත් අසූහාර දාහට සීනි බහිනවා..ඒ කියන්නේ කොවක්කාම වෙන්න ඕන...දියවැඩියා අයට මිස අනිත් අයටනං වැඩිය කන්න දෙනවා අඩුයි මේ අහ ඒවානං...

    ReplyDelete
  106. @ගීතික...

    ඔව් මටත් එය කියන්නට අමතක උනා..කූරිඤ්ඤං කියන්නේ අගුණ නෙවෙයි...

    හැබැයි මං කූරිඤ්ඤං කොල දැකලානං නැහැ..මොකද හැදුවට පස්සේ තමා මට දකින්න හම්බ වෙලා තියෙන්නේ...

    ReplyDelete
  107. හදුන් කොළ මැල්ලුම
    වලගසාල් දළු මැල්ලුම
    උදුපියලිය දළු මැල්ලුම
    වැලිවැන්න දළු මැල්ලුම
    තෙලටිය දළු මැල්ලුම
    රණවරා දළු මැල්ලුම
    දුම්මැල්ල දළු මැල්ලුම
    පෝටා /වහු පෝටා දළු මැල්ලුම
    හීරැස්ස දළු මැල්ලුම
    මඩු කොකු දළු මැල්ලුම
    අරලොක්කා/ හුලකීරිය දළු මැල්ලුම
    වහතැල්ල දළු මැල්ලුම
    පොල්පලා දළු මැල්ලුම
    දිය බෙරලිය දළු මැල්ලුම
    මිරිස්කොල දළු මැල්ලුම
    කුඹුක් දළු මැල්ලුම
    සියඹලා දළු මැල්ලුම
    කරවිල දළු මැල්ලුම
    කෝවක්කා දළු මැල්ලුම
    දිය ලබු දළු මැල්ලුම
    කීකිරිදිය දළු මැල්ලුම
    නීරමුල්ලි දළු මැල්ලුම
    කෙකටිය දළු මැල්ලුම
    ගැට තුඹ දළු මැල්ලුම
    කිඩාරම් දළු මැල්ලුම
    ලුනුවිල දළු මැල්ලුම

    මේ පොස්ට් එක දැක්කම අඩු ටිකක් පුරවන්න හිතුන

    ReplyDelete
  108. @ඇනෝ...

    බොහෝම ස්තූතියි මේ කල දැනුම්වත් කිරීමට...
    ඔය කියන කොල වර්ග වලින් සෑහෙන තරමක්නං මට කන්න හම්බ වෙලා තියේ...

    හදුන් කොළ මැල්ලුම
    රණවරා දළු මැල්ලුම
    හීරැස්ස දළු මැල්ලුම
    මඩු කොකු දළු මැල්ලුම
    වහතැල්ල දළු මැල්ලුම
    පොල්පලා දළු මැල්ලුම
    මිරිස්කොල දළු මැල්ලුම
    නීරමුල්ලි දළු මැල්ලුම
    කෙකටිය දළු මැල්ලුම
    ගැට තුඹ දළු මැල්ලුම
    ලුනුවිල දළු මැල්ලුම

    ඒ ටික කාලා ඇත...

    වලගසාල් දළු මැල්ලුම
    උදුපියලිය දළු මැල්ලුම
    වැලිවැන්න දළු මැල්ලුම
    තෙලටිය දළු මැල්ලුම
    දුම්මැල්ල දළු මැල්ලුම
    පෝටා /වහු පෝටා දළු මැල්ලුම
    අරලොක්කා/ හුලකීරිය දළු මැල්ලුම
    දිය බෙරලිය දළු මැල්ලුම
    කුඹුක් දළු මැල්ලුම
    සියඹලා දළු මැල්ලුම
    කරවිල දළු මැල්ලුම
    කෝවක්කා දළු මැල්ලුම
    දිය ලබු දළු මැල්ලුම
    කීකිරිදිය දළු මැල්ලුම
    කිඩාරම් දළු මැල්ලුම

    කියන ටිකනං තවම නැහැ..ඒත් ඔයින් හුග හරියක් හොයා ගන්න ඇහැකි..ඉස්සරහට බලමු...

    මේවායේ පින්තූර එකතුවක්නං හදන්න ඕනමයි කියලා මට දැන් හිතෙනවා...

    ReplyDelete
  109. ඇ අපි කුරිඤ්ඤං කියන්නේ කිරි අඟුණ වලටමයි.

    ඒකේ අර යායක් වගේ පේන කොල තමා කෙන්. ගුවන් ඡායාරූපයක් එව්වේ. ඔය සුදු මලකුත් තියෙන්නේ. ඕවයේ හැදෙනවා පිපික්කා වල ස්මෝල් වර්ෂන් එක වගේ ගෙඩි ජාතියක්. ඉදුනම රතු පාටයි. ගිරවු කනවා හරියට ඒ ගෙඩි.

    ඇ අයියා කරිවිල දළු මැල්ලුම කාලා නැත්දැ?

    අයියා උඳුපියලි දළු මැල්ලුම කන දවසට මටත් ටිකක් තියලා කන්ට ඈ...... :D:D :D :D :D

    ReplyDelete
  110. හෙට ඕව ඔක්කොම හදල තියන්න.. පූෂා නම් කන එකක් නෑ.. අපි කනවා.. :P

    ReplyDelete
  111. හාව් කියන්නෙ කෝවක්කා ගැන තමයි. අර සන්දේශ කාව්‍යක තියෙන්නෙ "විලිකුන් කෙම් වැල" ද මොකක්ද කතාවක්. පුලුවන් උනොත් කූරිඤ්ඤං හා කිරි අගුණ කොල වල පොටෝවක් එවන්නම්. (ජාති දෙකම ගෙදර තියෙනවා)

    ReplyDelete
  112. මමත් ෆොටෝ ටිකක් එවන්න බලන්නම්...
    නමුත් මගේ ගාව දැනට වැඩිපුර ෆොටෝස් නැහැ පළා වර්ග වල
    මටත් හිතුනා මේ පෝස්ට් එක දැක්කහම ඕවයේ ෆොටෝස් ටිකක් එහෙම ගහල තියා ගත්තොත් හොඳයි නේද කියලා
    ඒ වගේම වතාවක් මම විශේෂ සිංහල ගැමි කෑමක් කෑවා සින්හරාජේදී
    ඔයගොල්ලෝ හොර ගස් දැකල තියෙනවද
    අන්න ඒ වගේ හැඩේ තියෙන බොහොම පුංචි මල් වර්ගයක් හැදෙන ගහක් තියෙනවා, ඒක ලොකු ගස් වර්ගයක් (මට මතක විදිහට හොර කුලයේම ගහක්ද කොහෙද)
    මිනිස්සු ඒවායේ මල් හැදෙන කාලේ වෙනකන් බලන් ඉන්නවා ඒ මල් අහුලා ගන්න.....
    ඒවයෙන් තලපයක් වගේ කෑම වර්ගයක්(හොද්දක්) හදනවා....
    ඒ ගහේ නම මට දැන් මතක නැහැ
    තව සති දෙකක් විතර යද්දී මම ඒ විස්තර ඔක්කොම හොයල මාරයට විද්‍යුත් තැපෑලක් දාන්නම්
    මොකද මම දැන් ඉන්නේ රට නිසා ඒ විස්තර හොයා ගන්න ටිකක් අමාරුයි....
    මම මේ සතියේ ලංකාවට එනවා කෙටි නිවාඩුවකට... ඇවිත් හොයල කියන්නම්....

    KLM

    ReplyDelete
  113. අපේ අම්මා නම් ඒ දවස්වල හැමදාම මැල්ලුමක් හදනවා. දැන්නම් ඉතිං එහෙමට මැල්ලුම් කන්න හම්බ වෙන්නෙ නැහැ ......

    ReplyDelete
  114. මුගුනුවැන්න මැල්ලුමයි පරිප්පු කොහොමද ?

    ReplyDelete
  115. This comment has been removed by the author.

    ReplyDelete