18 August 2011

පෞද්ගලික ලිපියක් ප්‍රසිද්ධීයේ දැමීම...කියවීම ඔබට බාරයි...

මචං Beetle...

‍මං ඊයේ මෙන්න මෙහෙම පෝස්ට් එකක් ලිව්වා මචං..උඹ ඒකට අද උදහැ‍නැක්කේම, ඒ කිව්වේ පට්ට පාන්දර එක පහුවෙලා විනාඩි පනස් හතරක් ගිය තැන මෙන්න මෙහෙම කොමෙන්ටුවක් දමා තිබුනා...

"මාරයා, පාලිතගේ පැත්තෙනුත් කතාවක් ලිව්වොත් නියමයි... තමන්ගේ තාත්තා තමන් හංගපු සල්ලි උස්සලා බූරුවා ගහලා කියලා දැනගෙන, උඹලට මූන දෙන්න බැරුව මඟඅරින පාලිත කෙනෙක් ගැන... :)"

අද උදේ මං මේ බ්ලොග් එක පැත්තේ ඇවිත් කොමෙන්ට් බලාගෙන යනකොට මගේ ඔළුවට වැදුනේ ඔය උඹ දාපු කොමෙන්ටුව තමයි මචෝ...

ඇත්ත හුගාක් වෙලාවට ඔය වගේ දේවල් වෙන්න පුළුවන්..එහෙම වෙලාවකට අපි හොයන්නේ බලන්නේ නැතිව කෑ ගහන එකත් හරි මදි...ඒත්..ආ ඊට කලින් මං කියලා ඉන්නංකෝ මේක...මේ කතාවට අනුව ගත්තොත් නං කුලී වැඩ කලාට..කසිප්පු ටිකක් වික්කට පාලිතගේ තාත්තා කවදාවත් බූරු ගහන්න ගිය මිනිහෙක්වත්..වෙන වරදක් තිබුන කෙනෙක්වත් නෙවෙයි...ඇත්තටම පාරක තොටක උනත් එහෙමට ගැවසෙන කෙනෙක් නෙවෙයි. ඒ හින්දා ඔය කියන කාරණාව අඳාළ නොවෙනවා උනත්...මං හිතුවා උඹ දුන්න පාර ඔස්සේ පොඩ්ඩක් හරි කතා කලොත් හොඳයි කියලා...

මචං බීට්ල්...

මේ තත්වෙම උඹට උනොත්..ඒ කිව්වේ උඹ පාලිත කියලා හිතහං..ඔය උඹ කිව්ව විදියට තාත්තා හරි සහෝදරයෙක් හරි උඹ ගෙදර ගිහින් තියන සල්ලි ටික උස්සනවා..එහෙමත් නැත්තං හවස කඩේ යන්න බලන අම්මා ඒක අරං ගිහින් ලාම්පුතෙල් බෝතලේකුයි කරවල හාල් ටිකකුයි ගෙනත් රෑ වේල උයනවා..එහෙමත් නැත්තං රස්සාවක් නැතිව ඉන්න අක්කා ඕකෙන් කීයක් හරි අරගෙන රෙජිස්ටර් තැපෑලෙන් රැකියා කිහිපයකට අයදුම් පත් අරිනවා..ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන්...මිනිස්සුන්ට ඔහොම දේවල්ද වෙන්නේ..නේද..?

හරි මචං..ඒත් එහෙම උනාමයි කියමුකෝ..පාලිතගේ පැත්තෙන් ඌ අසරණයි...ලැජ්ජා වෙන්න සිද්ධ වෙන කාරණයක්..මොකද තමන්ට අයිති නැති මුදලක් තමන් අතින් වියදම් වෙලා..හිතා හෝ නොහිතා..සමහර විට එදා රෑ බත් කනකොට වෙනද සූප්පු කරන කරෝල කට්ට වෙනුවට කේඬෑරි සාලයෙක් හරි වෙන මොකක් හරි මාළු කූරියෙක් හරි පිඟානේ ඉන්නකොට අම්මගෙන් ඇහැවුවාම කොහෙන්ද අද මාළු ගන්න සල්ලි කියලා..අම්මා කිව්වොත් ඇයි පොඩි එකෝ උඹේ කොට්ටේ යට තිබ්බ සල්ලි වලින් මං ගත්තා කියලා..අතට ගත්ත බත් කට ඉස්මොල්ලේ යන්න පුළුවන්... ඒවා මහ අමුතු දේවල් නෙවෙයි...ඒත් ගැටළුව තියෙන්නේ මචං ඒක නෙවෙයිනේ...

අපි ඌට ඒ සල්ලි දුන්නේ විශ්වාසෙටනේ බං..අපි ඌව යාළුවෙක් හැටියට විශ්වාස කලා...අනික ඌ අපට වඩා වැඩිහිටියෙක්...යමක් කමක් දන්න එකෙක්...සමාජයේ ටිකක් හරි අපට වඩා තෙම්පරාදු වෙච්ච එකෙක්...හොඳ නරක අඳුරගන්න පුළුවන් මට්ටමේ එකෙක්...අපි හිතමුකෝ ඌ වංචාවක් කරන්න බලාගෙනම ඒ සල්ලි වලින් කමිසයක් කලිසමක් ගත්තා කියලා..එහෙමනං ඌ අර වගේ මග අරින එක වෙන්න පුළුවන්..ඒත් අපි මෙතනදී හිතන්නේ එහෙම නෙවෙයි සැබෑම අසරණ කමක් නිසා ඌ මග අරිනවා කියලනේ..ඒත් මචං ඒකද උත්තරේ...

බලහං අදට අවුරුදු විස්සකට විතර එහාදි සිද්ද වෙච්ච දෙයක් ඔය..ඒත් එදා පොඩි එකෙක් වෙච්ච මට අදටත් මගේ හිතේ තදින් කා වැදිලා තියෙන සිදුවීමක් ඕක..අද පාලිත පොලිසියේ සාජන් කෙනෙක් මට්ටමට එන්න කාලයයි වයසයි හරි ඇති මං හිතන්නේ..ඒත් ඌ සාජන් නෙවෙයි සමහර විට එස් අයි වෙලා එතනිනුත් ඉහලට ගිහින් බැරිවෙලාවත් හෙට පොලිස්පති උනත් ඌ මට අමතක වෙන්නේ නැහැ... මොන විදියෙන් තත්වෙකට ආවත් මං ඌව විශ්වාස කරයිද බං... ඒ විතරක්ද අද මේ බ්ලොග් එකේ ලිව්වා.. මීට කලින් පොදු වැඩ වලදී යම් යම් දේවල් වෙන කොට දන්න කියන උන්ට මං ඔය කතාව වචනයෙන් කිව්වා.. හෙට වෙනකොට මට ඕක පත්තරේ දාන්නත් හිතෙන්න පුළුවන්...

එතකොට මොකක්ද අර මනුස්සයට වෙන්නේ...ඒකගේ ළමයින්ට..ගෑණිට..?හිතහං මචං අපි කරන එක වැරදි වැඩක් හින්දා මොන තරම් දේවල් වෙන්න පුළුවන්ද..?

අපි හිතමු අර උඹ කිව්ව විදියටම..උගේ වරදක් නැහැ පවුලේ උන් ඒක කාලා..ඒත් ඒකට උත්තරේ හැංගෙන එකද බං..?ඇයි අපි යක්කුද..?අපි හොඳටම දන්නවා උගේ පවුලේ තත්වේ..දුප්පත් කම..මොකද අපි හිටියෙත් ඒ මට්ටමේ ගෑවි නොගෑවී හින්දා නැති බැරිකං බැරි අමාරුකං නොදන්න එවුන් නෙවෙයි මචං...එහෙම තියෙද්දී ඇවිල්ලා

"මල්ලිලා පොඩි අවුලක් උනා බං...අපේ ගෙදර අය මං නැති අතරේ අර සල්ලි අරං වියදං කරලා...අනේ බං මං පස්සේ වෙලාවක හරි ඒක එකතු කරලා දෙන්නං"

ඔය වචන ටික කියන්න හුගාක් අමාරු වෙයිද බං..?වැරදිලාවත් අපි ඔය සල්ලි ටික ගැන හිතාගෙන වෙන වැඩකට අත ගහලා හරියටම වැඩේ හෙටයි කියලා අද සල්ලි ඉල්ලුවනං මොකද වෙන්නේ..ඌ පත් වෙන අපහසුතාවය විතරක්ද මචං..ඇයි අපි කරන්න ගිය වැඩේ හබක් උනාම අපි පත්වෙන අපහසුතාවය...?

ගමේ මිනිස්සු අපෙන් ඇහැව්වනං කෝ ඉතිරි මුදල් කියලා..?

අරකා ඒ ගැනත් ටිකක් හිතන්න ඕන නේද බං..?

උඹට කියන්න බං ඇත්තටම මං ඊයේ ඔය පෝස්ට් එක ලියන වෙලාවේ මං ලොකු හිත් කලකිරීමකින් උන්නේ..යාළු‍වෝ ගැන..මිනිස්සු තමන්ගේ වැඩේ කරගන්න තමන්ගේ යාළුවන්ව කැත විදියට පාවිච්චි කරන එක ගැන..එහෙම පාවිච්චි කරලා අවසානයේදී යහළුවන්ව අසරන කරවන එක ගැන.ඒ ඔක්කෝමත් අවසානයේදී තමන්ගේ වරද නොදැක්කා වගේ යාළුවටම බනින එක ගැන...

උඹ හිතයි මූට පිස්සුද යකෝ කියලා මේ දාපු පොඩි කමෙන්ට් එහෙකට පතරංග ජාතක වගේ පෝස්ට් ලියන්නේ උත්තර විදියට කියලා..ඒත් මචං උඹ මට කලේ කියලවත් කරගන්න බැරි උදව්වක්..අද උදේ උඹේ කමෙන්ට් එක දැක්කම මට හිනා ගියා..ඔන්න පොට කියලා..උඹට දැන් හිතා ගත්තෑකි නේද මං උඹේ කොමෙන්ටුවට ආස උනේ ඇයි කියලා... ඔව් මචං කියා ගන්න අමාරු කතාවක් කියා ගන්න උඹ මට පොඩි ඉඩක් හදලා දුන්නා...ඒකට උඹේ නම පාවිච්චි කරන්න උනාට ප්‍රසිද්ධියේම මං උඹෙන් සමාව ඉල්ලනවා..මට සමා වෙයං මචං... මේක උඹට විතරක් දුන්න උත්තරයක් නෙවෙයි මචං..

මේ සයිබර් අවකාශයේදී අපි දැන අඳුරගෙන බොහෝම ටික කලයි..ඒත් ඒ ටික කාලය ඇතුලතදී අපි උඹලා බොහෝම කිට්ටු යාළුවෝ වගේ කතා බහ කරනවා..තමන්ගේ ප්‍රශ්නයක් උනහම ඒක අනිත් උන්ට කියනවා..තරහා ගියහම බනිනවා..තරහා වෙනවා යාළු වෙනවා..ඔය ‍විදියට ගොඩ නැගුන මිත්තරකං ජාලයක් මෙතන තියෙනවා...ඒ යාළු මිත්තරකං අපි සාමාන්‍ය සමාජයේදී පවත්තවපු යාළු මිත්තරකං වගේම තමයි...හොඳම උදාහරණය ඉලංදාරියාගේ අසනීපය...

ඒ වෙලාවේ මෙතන ඉන්න කීදෙනෙක් එකට එකතු උනාද..?මොන මොන විදියේ දේවල් කලාද ඒකව ගොඩ ගන්න...අවසානය මොන විදියකට සිද්ධ උනත්...සයිබර් මිතුරන්ගේ එකමුතුව හරි අපූරුවට පෙන්නුම් කල අවස්ථාවක් ඒක...කී දෙනෙක්නං ඒකෙදි දුවලා පැනලා මහන්සි උනාද..?එහෙ මෙහෙ ගියාද..?එක එක ආකාරයෙන් මුදල් එකතු කලාද..? ඒ වෙනුවෙන් සැලැස්මවල් හැදුවද..?ඒ ගැන මං ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...

ඇත්තටම මං දැන් සාමාන්‍ය සමාජයේදී යහළුවෝ ඇසුරු කරනවා අඩු කෙනෙක්...ඒකට හේතු ගොඩක් තියෙනවා..ඒ අතරින් ප්‍රධානම දේ මට හිතට අල්ලන උන් හොයාගන්න අමාරු වීම..අනිත් දේ තමා මං අනිත් උන්ට හිතට අල්ලන චරිතයක් නොවීම... ඔය වගේ කාරනා රාශියක් හින්දා මං ටිකක් වෙනම පැත්තක් අල්ලං ඉන්නේ.. එහෙම ඉන්න මං වගේ එහෙකුට මේ සයිබර් මිත්තරකං හරි තදින් දැනෙනවා.. මං ඒක අඬ අඬ මෙතන කියන්න නොගියට.. අනිත් උන් එක්ක කතා කරද්දී ඒක වචනෙන් පෙන්නුම් කරන්න නොගියට අද මේ වෙනකොට මට යාළුවෝ කියලා ජාතියක් ඉන්නේ මෙතන විතරයි.

එතනදීත් මං එකට කෑව බීව.. කතා බහ කල.. ගමන් බිමන් ගිය අය.. නිතර දුරකථනයෙන් අමතන අය.. දුක සැප හොයා බලන අය ආදී වශයෙන් තරමක් ලගින් ආස්සරේ කරන කොටසක් ඉන්නවා.එහෙම අය වෙනුවෙන් උදව්වක් කරන්න..ඒ අයගේ වැඩකට පලකට උදව් වෙන්න මං පස්ස ගහන්නේ නැහැ.. දුකකදී කතා බහ කරලා වචනයකින් හරි හිත හදන්න.. සතුටකදී හදවතින්ම සුභ පතලා හිනා වෙන්න..මං කැමතියි. මචං යාළුකං වලට පැහැදිලි කිරීම් නැහැ.. ඒකත් අර මොකක්ද වගේ සීමාවක් නැති දෙයක්... අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් සමහර අයව අතේ දුරින් තියා ගන්න හැදුවත් සමහර අයව අපි අපේ ළගට ගන්නවා..ඒ විශ්වාසය කියන පදනම උඩ...

හිතලා බලහං මචං ඒ විශ්වාසය උඩයි අපි ආස්සරේ කරන්නේ.. කතා බහ කරන්නේ.. අපේ දේවල් බෙදා හදා ගන්නේ.. පාලිතත් හිටියේ එහෙමම තමයි මචං.. (උඹ හිතුවද දන්නේ නැහැ මට දැන් පාලිතව අමතක වෙලා කියලා.. එහෙම නැහැ මචං ඌ සීන් එකේ ඉන්නවා අන්තිම වෙනකල්ම..)

හිතලා බලහංකෝ මචං එහෙම එකට හිටිය යාළුවෙක් අර වගේ පොල්ලක් තිබ්බම දැනෙන වේදනාව.. කලකිරීම... එපා වෙනවා නේද මචං යාළුවෝ ආස්සරේ කිරිල්ල.. එහෙම උනහම අපිට හිතෙන්නේ නැද්ද බං ඌ අපිත් එක්ක සෙල්ලම් කරන්න ඇවිත් තියෙන්නේ..එතකොට අවුරුදු උත්සව තියන්න ලෑස්ති උනේ අපිට කෙලින්නමයි කියලා... එහෙමත් නැත්තං ඌ උගේ උවමනාවන් වෙනුවෙන් අපිව පාවිච්චි කලා කියලා.. කොටින්ම කිව්වොත් ඌ අපිව කඩේ ඇරියා කියලා හිතෙනකොට මචං අපට දුකක් හිතෙන්නේ නැද්ද..? ඌට අඩුම ගානේ එහෙම හිතලවත් අපිට ඇත්ත කියන්න බැරිද මචං...

එහෙම දෙයක් අපිට කියන්න බැරි තරං ඔළුව ඉදිමිලානං අපි ඌට බැන්නත් අවුලක් නැහැ නේද බං.. එහෙම නැත්තං හිතා මතාම ඌ අපිව කඩේ ඇරියනං අපි නොබැන කොහොමද බං..

උඹට සමහර විට හිතාගන්න අමාරු වෙයි ඒක කොයි වගේද කියලා..ඒ හින්දා හිතහංකෝ මෙහෙම...

අපි මෙතන සයිබරයේ යාළුවෝ හදාගෙන ඉන්නවා..අපේ දුකක් කරදරයක් උනහම අපි අපේ යාළුවන්ට කියනවා... වෙන කතා ඕන නැහැ බං මාත් ජීවිතේ පළමු වතාවට ණයක් ගත්තේ මේ සයිබර් යාළුවෙකුගෙන්.. උඹ දන්නවා ඇති‍නේ අර මං පොඩි බිස්නස් එකක් පටන් ගත්තා..ඇත්තටම ඒක පටන් ගන්න වෙලාවේ මං හිතුවට වඩා ගානක් යට කරන්න උනා.. ආයේ ඉතිං කියන්න දෙයක් නැහැනේ.. ලැබෙන පඩියෙන් කාලා බීලා අඩියක් ගහලා රස්තියාදුවක් දාලා ඉන්න මං මහ ගාණනක් ඉතිරි කරපු එ‍කෙක් නෙවෙයි කියලා..

ඉතිං ඒ වැඩේට අත ගහද්දී මට පොඩි හිරවෙන ගතියක් ආවා..ඇත්තටම අතේ කීයක්වත් ඉතිරියට නැති වෙන මට්ටමක්.. මගේ වැඩෙට සල්ලි ඇති.. ඒත් හදිසියකදිවත් වැඩිපුර කීයක්වත් අතේ නැති උනා.. ඒ පාර මං කල්පනා කලා මේ වැඩේ අත අරිනවද නැද්ද කියලා.. ඒත් වැඩේ කරන්න තියෙන ආසාව වැඩි හින්දම මං තීරනය කලා කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න... මට මතක් උනේ එකම එකාවයි..මොකද මනුස්සයෙක් හැටියට බය නැතිව ආස්සරේ කරන්න පුළුවන් කියලා හිතට තේරෙන..පපුවට දැනෙන උන් අඩු උනත් එහෙම උන් ඉඳ හිට අපට හම්බ වෙනවා.. එහෙම එකෙක් මාත් දැන හඳුනන් උන්නා.. අවසානයේදී මං ඒකට පණිවිඩයක් තිබ්බා..

ආයේ මගේ උවමනාව කියන්න විතරයි මට ඕන උනේ හැරෙන තැපෑලට ඇහැවුවේ ඕන කීයක්ද කියලා විතරයි.. මං ඉල්ලුවේ රුපියල් විසිදාහක්... අද කාලේ හැටියට මහ ලොකු ගානක් නොවුනත්.. මට ඒක ලොකු මුදලක්.. ඒ වගේම තමන්ගේ දරුවන් වෙනුවෙන් දුක් මහන්සියෙන් හරි හම්බ කරපු සල්ලි.. දහඩිය මහන්සියෙන් සාධාරණව හම්බ කරන සල්ලි.. එහෙම මිනිහෙකුට තමන් හම්බ කරන හැම සතේම වටිනවා..

පහුවදා වෙනකොටම මට ඉල්ලුව දේ ලැබුනා..ආයේ ඒ ගැන කතා කලේවත් මට උදව් කල කෙනානං නෙවෙයි.. ඇත්තටම ආපහු වෙන විදියක්වත් අපි කතා උනේ නැහැ.. කොහොම නමුත් මගේ බිස්නස් එක සාමාන්‍ය මට්ටමෙන් ගොඩ ගිය හින්දා මාස දෙකක් යනකොට මට ඕන උනේ අර ගත්ත දේ ආපහු දෙන්න.. ඒත් ප්‍රශ්නේ ඇති උනේ එතනදී...

සල්ලි දුන්න හාදයා දැන් ඒක ගන්න අදි මදි කරන එක..මක් කරලවත් ඒකා මට උගේ බැංකු ගිනුම් අංකයක් දෙන්නේ නැහැ.. අන්තිමේදී ණය දීපු එකා නෙවෙයි ණය ගත්තු එකා වෙච්ච මටයි සිද්ධ උනේ අරකට බනින්න.. බැනලා..අඩලා..රටේ තියෙන කතා කිව්වට පස්සේ ඒක කොටස් දහයකට මාසේ ගානේ දීපං කියලා තව කොන්දේසියක්... හා හා එහෙම හරි කමක් නැහැ දියං කිව්වත් ඌ නෙවෙයි මේ වෙනකල් මට බැංකු ගිණුම් අංකයක් දුන්නේ... අවසානේදී තාමත් ඒ මුදල මා ගාව..අවසානයේදී අපි අළුත් ගිවිසුමක් ගැහැවුවා.. වෙන මොනවා හරි දේකට ඒකා වෙනුවෙන් වියදම් කරන්න අවස්ථාවක් ආවොත් උන්දැ කියන විදියට මං ඒක වියදං කරන්නයි ඒන..එහෙම හරි කමක් නැහැ කියලා මට දැන් වෙලා තියෙන්නේ ඒ මුදලත් තියං බලං ඉන්න...

ඔන්න බලහං මචං මිනිස්සු... එහෙම යාළුවෝ ටිකක් ඇති වෙච්ච තැන උඹ හිතනවද යාළුවෙක් තවත් යාළුවෙකුට පොල්ලක් ති‍යන එක සාධාරණයි කියලා මොන වගේ තත්වයක් යටතේදී උනත්... වැරදිලාවත් මගේ බිස්නස් එක කොට උඩ ගිහින් මට අර ණය ගෙවා ගන්න බැරි තත්වයක් ඇවිල්ලා.. මං අර මනුස්සයට මුහුණ නොදී.. කතා නොකර මාරු වෙනවනං මට හෙන ගහයි නේද මචං... අඩුම ගානේ ඌට කති කරලා "මචං මං පොඩ්ඩක් හිර උනා.. ඇත්තටම මට දැන්ම ඒ මුදල දෙන්න විදියක් නැහැ.. මං උඹට අහවල් කාලේ වෙනකොට දෙන්නං" කියන වචන ටික කියන එක අමාරුද බං.. මටනං නැහැ...

මිනිස්සු උනහම ප්‍රශ්න එනවා..කරදර එනවා..සමහර ඒවා නොවැලැක්විය හැකි ඒවා..සමහර ඒවා අපි විහින් හදාගන්න ඒවා.. අපේ වැරදි තීරණ.. වැරදි පුරුදු.. ලොකු ආසාවල් හින්දා කරන්න යන දේවල් හරහා අපට වරදින්න පුළුවන්.. එහෙම වැරදුනාම ඒකට පලි අර මට ණය දුන්න එකාද බං.. ඇයි මට හිතන්න බැරි ඌ ම‍ට සල්ලි ටික දුන්නේ තියෙන කමකට නෙවෙයි.. යාළුවෙකුට උදව් නොකර මඟ අරින එක මනුස්ස කමක් නොවෙන හින්දා කියලා.. අනික මං දන්නවද බං ඒ මට දුන්නේ ලබන මාසේ ගෙදර වියදමද..? පොඩි උන්ට බේත් ගන්න.. ගෙවල් කුලී ගෙවන්න.. අම්මට තාත්තට බෙහෙත් ටික ගන්න.. දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවන්න.. උන් මාසේ කන්න තියෙන සල්ලිද කියලා.. එහෙම තියෙද්දී මට පුළුවන්ද බං ඒ සල්ලි අරගෙන දන්නේ නැහැ වගේ ඉන්න...

මචං මං තනිකඩයා..සමහරු හිතන තරං මේ තනිකඩ ජීවිතේ වියදං අඩු නැහැ.. හරියට වියදං.. මං දන්නවා අපේ සමහර නෑදෑයොත් හිතන්නේ අරූ තනිකඩයා.. ඌට මොන වියදංද.. අපිටනේ වියදං තියෙන්නේ.. ඒ හින්දා ඌ උගේ ලග තියෙන සල්ලි අපි ඉල්ලුවහම අපිට දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.. අපි වෙනුවෙන් වැඩ පල කරලා දෙන්න ඌට පුළුවන් වෙන්න ඒන කියලා... ඒත් මං දන්නවා මේ ජීවිතේ ඇති වියදම කොහොමද කියලා.. මට තියෙන වැඩ කොච්චරද කියලා...

එහෙම මං ගැන දන්න මං අනිත් මිනිහා ගැන හිතන්න ඕන නේද මචං.. අනිත් උන්ටත් ප්‍රශ්න තියෙනවා... දරුවෝ ඉන්නවා.. ඒ නැතත් මට මේ දුන්න සල්ලි ටික මොනවා හරි දේකට තියං හිටිය සල්ලි නේද..? මං ඒක ඌට දෙන්න ඕන නේද ඌ ඉල්ලනකල් නොහිට.. ඌ සල්ලි දුන්නේ මගේ උවමනාවට මං ඉල්ලලනං මගේ යුතුකමක් නේද ඌ මාව හොයන්න එනකල් නොහිට ඌව රස්තියාදු නොකර උට මේ ටික ගිහින් දෙන්න ඕන නේද කියලා.. නැත්තං ඒකා සල්ලි නැතිව එක වේලක් බඩගින්නේ හිටියොත්.. ගෙවල් කුලී ගෙවාගන්න බැරි උනොත්... බයික් එකට තෙල් ටික ගහන්න සල්ලි නැතිව බස් එකේ යන්න උනොත්.. ගෙදර ළමයට කිරි පිටි එක වැරදුනොත්.. උන් එක වේලක් හරි බඩගින්නේ හිටියොත්..

හිතලා බලහං එහෙම උනොත් මං කාලා ඇති වැඩක් තියේද බං.. මගේ ගෙදර උන්.. ගෑනූ දරුවෝ.. අම්මා තාත්තාට මං කවන්නේ තව එහෙකුට ගින්දර දීලා නේද කියලා හිතුනොත් උඹ හිතනවද මචං ඒ කන එක බත් කටක්වත් අපේ ගෙදර උන්ට.. මට යාදෙයිද කියලා... මට සාප වෙයි නේද මචං...

අඩුම ගානේ මට පුළුවන් වෙන්න ඕන නේද ඌට කතා කරලා කියන්න..මචං මට ඇත්තටම අහවල් වෙලාවට දෙන්න බැරි වෙන හැඩයි... මං කොහොම හරි අහවල් දවස වෙනකොටවත් දෙන්න බලන්නං මචං කියලවත්..එහෙම උනොත් අඩුම ගානේ අර අනිත් එකා ඒ වෙනකල් වෙන කාගෙන් හරි කීයක් හරි ඉල්ලගනී..වෙන මොකක් හරි අතක් බලා ගනී නේද මචං..අර සල්ලි ටික හම්බ වෙනකල් බලං නොහිට...

එහෙම නැතිව මචං මං කරන්න ඕන "ආ හරි හරි මචං.. මේ දෙනවා.. දැන් බැංකුවට දානවා.. දවල්ට චෙක් එකක් ලැබෙනවා.. හෙට උදේට සල්ලි ෂුවර්.. අහවල් තැනට වරෙං මං එනවා.. වගේ බොරු කියලා අර අනිත් එකාව රස්තියාදු කරන එකද මචං.. මට හෙන ගහයි නේද බං එහෙම කලොත්...

ඇත්ත කියන්න කොන්ද පණ නැති කම හින්දා හරි මගේ තියෙන කුහක කම හින්දා හරි... ආත්මාර්ථකාමී කම හින්දා හරි.. එහෙමත් නැත්තං මං ගොඩ නගාගෙන ඉන්න බොරු ආටෝපේ ගැලවිලා වැටෙයි කියලා හරි හිතලා මං ඇත්ත නොකියා අර මට නැති බැරි වෙලාවේ උදව් කරපු එකාව රස්තියාදු කරනවනං.. ඌව අන්දනවනං උම හිතන්නේ මට බල්ලෙක් කියලවත් කියන්න පුළුවන් තත්වෙක මං ඉන්නවද මචං...

මං ඔය කිව්වේ මචං මට මගේ සයිබර් යාළුවන්ව වටින හැටි.. මට නොවුනත් මගේ යාළුවෙකුට හරි කවුරු හරි එහෙම කරද්දි මට ඉවසන්න පුළුවන්ද මචං..? අපි ඔක්කෝම එකා වගේ ඉද්දි ඒ අතරින් එකෙක් යාළුකම උගසට තියලා මගේම යාළුවන්ව.. මාව රවටනවනං මට ඉවසන්න පුළුවන්ද මචං.. අඩුම ගානේ එකෙකුට හරි කියන්න ඕන නේද ඇත්ත තත්වේ.. එහෙම නැතිව එක බොරුවක් වහගන්න තව බොරු දාහක් කියනවනං.. ණය කාරයන්ව මග අරිනවනං.. ණය ඉල්ලුවහම බණිනවනං.. ණය දුන්න එකාටම අපහාස කරනවනං.. උඹ හිතන්නේ මොකක්ද මචං එතන තියෙන සාධාරනේ...

එහෙම එකෙක් ආස්සරේ කරනවට වඩා හොදයි නේද මචං අත ඇරලා දානවා... ඕකයි මචං තත්වේ.. ඇත්තටම දුකයි අපි යාළුවෝ කියලා හිතන උන් අපිට එහෙම කරනවනං.. අපේ අනිත් උන්ට එහෙම කරනවනං.. අනිත් උන් සද්ද නැතිව කට වහගෙන යාළුකම වෙනුවෙන් ඉවසන එක දුර්වල කමක් කියලා හිතලා තව තවත් ඒ වැරැද්දම කරනවනං සමාවක් දෙන්න පුවවන්ද මචං.. උඹ මට කියන්නේ ඒකගේ පැත්තෙන් බලලා ලියන්නද..? මං කොහොමද මචං එහෙම කරන්නේ..?

අපේ යාළුකම කියන්නේ කාටවත් අපිව පාවිච්චි කරන්න දුන්න ලැයිසමක්ද මචං..? හිතලා බලහං උඹ මොනවා හරි කාරනයක් සම්බන්ධව උඹේ බ්ලොග් එකේ ලිපියක් දානවා..එකෙන් අපි හිතමු වෙන කෙනෙක් ගැන මොනවා හරි වැදගත් දෙයක් කිව්වා කියලා... ඊට පස්සේ උඹ හිතන්නේ ඒ ලිපියෙන් කිය වෙච්ච කෙනා ගාවට මං ගිහිල්ලා පොර ටෝක් දෙන්න හදන එක හරිද.. "මං කියලා තමයි අරූ ඕක ලිව්වේ කියලා..?" එහෙම කතාවක් මං කිව්වනං උඹට කේන්ති යන්නේ නැද්ද මචං..උඹ ලියන්නයි මං පැනලා දීලා ලකුනු දාගන්නයි යනවනං.. හිනා යනවා නේද බං.. මං කොච්චර බොළඳ එකෙක්ද කියලා උඹ හිතන්නේ නැද්ද බං.. එහෙම එකෙක් හැටියට උඹ කැමතිද මචං තව දුරටත් යාළුවෙක් හැටියට මාව ආස්සරේ කරන්න..?

මං මේ කිව්වේ මචං යාළුකං කියන්නේ මොනවගේද කියලා කියන්න.. මිනිහෙකුගේ අසරන කමක් කියන්නේ එකක් මචං.. කුහකමක කියන්නේ වෙන එකක්. හොඳ යාළුවෙක්නං අසරන කමකදී ඒක කියන්න බය වෙන්න ඕනද.. එහෙම නොකියා ඉන්න එක හරහා අනිත් කෙනා පත්වෙන අසරණකම එක්ක ගත්තම අර වැරැද්ද කල කෙනාට විරුද්ධව වචනයක් හරි ලියන එක වරදක්ද මචං.. දැන් මං ලියන්න ඕන පාලිතගේ පැත්තෙන්ද මචං.. මං මොනවද බං ලියන්නේ තවත්..? මාව රවට්ටන.. මගේ යාළුවෝ රවට්ටන.. අපිව කඩේ යවන පාලිත වෙනුවෙන් මං ලියන්න ඕනද බං...

මට පුළුවන් එක දෙයයි මචං.. ඒ තමා පාලිත ගැන ලියන එක.. ඒකෙන් අඩුම ගානේ පාලිත ගැන මිනිස්සු දැන ගනී.. පාලිතට අහු නොවී ඉඳි..මෙච්චර කාලයක් පාලිතගේ ලණු කාලා සද්ද නැතිව ඉන්න..තමන්ට විතරයි පාලිත එහෙම කලේ කියලා හිතාගෙන හැංගිලා ඉන්න එක මිනිස්සු නවත්තයි..එහෙම නැත්තං මට පුළුවන් පාලිත ගැන නොලියා ඉන්න... ඒත් මචං මට බැහැ පාලිතගේ පැත්තෙන් ලියන්න..

මං එහෙම ලියනවා මගේ හිතට එකඟව මෙතනදී පාලිත වැරදි නැහැ කියලා හිතන්න එකම එක හේතුවක්වත් තිබුනනං..අඩුම ගානේ පාලිත අපිට ඇත්තම කතාව කිව්වනං... එහෙම නැතිව මං කොහොමද බං පාලිත ගැන ලියන්නේ... මං බුදු වෙලා නැහැනේ මචං...

ඉතිං මචං ඔහොමයි ජීවිතේ.. එහොමයි මිනිස්සු... පාලිත මට මං පුංචි කාලෙම ලොකු පාඩමක් ඉගැන්නුවා මචං.. දැන් ඒ පාඩමම මං ඒක අහන්න කැමති අයට කියා දෙනවා මචං... ඒකෙදී උඹව මං පාවිච්චි කලා කියලා හිතනවනං උඹ මට දහස්වාරයක් සමා වෙයං මචං.. ඒත් ඒ දේ කලේ මගේ වාසියකට නෙවෙයි මචං අපි කාගෙත් යහපත උදෙසා මචං..

ඒ වගේම පාලිත ගැන කතාව කියද්දී ඒකට දේශපාලනේ ඇදලා ගන්න දඟලන අය සමහර විට මේ පාලිතලා ගැන නොදැන වෙන්න ඇති එහෙම කලේ.. එහෙම නැත්තං තමනුත් මේ වෙනකොට පාලිතගේ ගොදුරක් වෙලාද කියලා හරියටම නොදැන වෙන්න ඇති මේක කරන්න ඇත්තේ.. ඒකට කමක් නැහැ බං.. සමහර විට හෙට උදේ වෙනකොට පාලිත හොඳ වෙලා මං නරක් වෙන්නත් පුළුවන්..ඒක තමයි මචං මේ ලෝකේ හැටි..ඒත් එහෙමයි කියලා මං කට වහගෙන ඉන්න එක මගේ හිතට හරි නැහැ මචං.. ඒ හින්දා මේක මෙහෙමවත් උඹලගේ දැන ගැනීමට ලියන්න හිතුවේ.. ඉතිං උඹ ආයේ මට කියන්න එපා මචං පාලිතගේ පැත්තෙන් ලියන්න කියලා.. ඒක මට අයිති වැඩක් නෙවෙයි...

එහෙනං මචං දැනට මං නවතින්නං.. ආයෙමත් වතාවක් සමා වෙයං උඹව මේකට ඇදලා ගත්තට..

මෙයට හිතවත්
-මාරයා-

31 comments:

  1. අනේ මම අදයි දන්නෙ මාරයා කියන්නෙ මේවගේ සංවේදී පොරක් කියලා. මට දෙන්න පුලුවං එකම කොමෙන්ටුව තමා ඔය නම වෙනස් කරහං මාරයෝ, ඒ නම උඹට කර්කශ වැඩී.

    මොනව උනත් අපේ ඉස්කෝලෙ කොල්ලෙක්නෙ

    ReplyDelete
  2. මාරයෝ කලකිරීමෙන් ලියල තිබුන වුනත් හරිම දෙය ලියල තියෙන්නේ කියල මට නම් හිතෙන්නේ...
    කලින් ලිපියේ කොමෙන්ට්ස් දැක්කහම මට හිතුනේ ලිපියෙන් කියන්න හිතලවත් නැති දෙයක් ගැන මතු කරන්න හදන්නේ මොන දෙයක් නිසාද කියල, ළමා කලේ සිද්ද වුන දෙයකින් පවා අපේ ජීවිත වලට ගන්න දෙයක් තියෙනවා කියන එක මිසක් දේශපාලකයා කරපු වංචා සහ අපි ඒවාට කෑගහන්න ඕනේ කියන එක නෙමේනේ...

    ReplyDelete
  3. හ්ම්.... නයක් ගත්තොත් ඒක ගෙවන්න ඔනෙ කවද හරි සල්ලි තිබුන දවසක කියල හිතන් ඉන්න යලුවොත් ඉන්නව, එත් පොරොන්දු උන දවසට ගෙවන්න බැරිනම් අඩුගනේ ඒ බව කියල පුලුවන් තරම් ඉක්මනට ගෙවන්න උපරිම උත්සාහයක් දේන්න ඔනෙ ඒ වෙනුවෙන් තමන්ගෙ පෙත්තෙන් කැපවීමක් තියෙන්න ඔනෙ ....

    ReplyDelete
  4. මන් නම් කිසිම කෙනෙක්ට සත පහක් ණයදෙනෙන නැහැ මොකවත් නෙමෙයි මටම ලැජ්ජයි ආපහු ඒක ඉල්ලන්න ඒ කෙනා දුනෙන නැත්න්ම මට සල්ලිත් නැහැ. සල්ලි කියන්නේ මහ භයානක ජාතියක් යාලුමිත්‍රකන් විනාසයි ඕක මැද්දට ආවොත් එහෙම.

    ReplyDelete
  5. මූ නං මාරයෙක්ම තමයි.:D
    මාත් විශ්වාස කරන්නෙ ණයක් අරගෙන මොනව හරි ‍හේතුවක් මත නියමිත දවසට ගෙවන්න බැරි උනොත් දුන්න එකා අමාරුවෙ දාන්නෙ නැතිව මිනිහට විස්තරෙ පහදල දීල හැකි ඉක්මනින් ඒක ගෙවල දාන්න උත්සාහ ගන්න එක තමයි.

    ReplyDelete
  6. හප්පච්චියේ ඒකෙ දිග...........

    මොනවා උනත් පාලිත ගැන අයියා කියන එක හරි. හැබැයි මඟ අරිද්දි අරම දෙයක් උනා කියන්න බැහැ කියලා හිතුනා.

    අනික ඉතිං ඔය අන්තිමට තියන කතාව. යන්නේ කොහෙද මල්ලේ පොල් අ‍පේ ගොඩක් අයට. කියවගෙන ආවට පස්සේ කට්ටියට අමතක උනා අයියා පාලිතට දොස් කියන්න අඩුපාඩු හොයන්න නෙමෙයි මේක ලිව්වේ පාලිත නිසා ජීවිතේ පුරාම ලබපු හොඳ පුරුද්ද ගැන අපටත් කියන්න කියලා.

    ReplyDelete
  7. හැමොටම හෝද පනිවිඩයක් හිතට වදින විදිහට කියලා තියෙනවා 
    සමාජයෙ සිටින විවිධ මිනිසුන්ගෙන් අපට ගැලපෙන අය විතරක් ලන්කර ගත්තාම කාටත් ලේසියි

    ReplyDelete
  8. හැමෝම එක වගේ නෑ බන්. බය ලැජ්ජාව ඕවත් සාධක වෙනවා ඔය වගේ වෙලාවලදි.

    ඔන්න ඕක නිසා තමා මම මනුස්සයෙක් ආස්‍රය කරන්න කලින් සිය දහස් වතාවක් හිතන්නෙ. ඒ මනුස්සය ගැන හොයන්නෙ නැත්තන් නිකන් දුක් විඳින්න තමා වෙන්නෙ.

    නිකන් මොකටද බන් හිත රිද්ද ගන්නෙ.

    ReplyDelete
  9. බොහොම සංවේදී ලිපියක් .......

    පාලිතගේ ගෙදර මොන ප්‍රශ්නෙ තිබිලා මේ සල්ලි වියදම් උනත් ඒ ගැන අනිත් අය දැනුවත් කරන එක යුතුකමක්, එහෙම නොකලා කියන්නෙ වංචාවක් කියන එක තමා ......

    මගේ නම් අදහස යාලුවෙකුට ණයට මුදලක් දෙනවා නං ඒක ආපහු බලාපොරොත්තුවෙන් දෙන එකෙන් යාලුවත් මුදලත් දෙකම නැති වෙන්න තියන ප්‍රතිශතය වැඩියි කියලා ....

    ReplyDelete
  10. මොනවා කරන්න ද ලන්කාවෙ පාලිත ලට අහුවෙච්චි නැති එකෙක් හොයන එක කලුනික හොයනවටත් වැඩිය අමාරු වැඩක් , කොහොමත් තමුන්ට පාලිත කෙනෙක් වෙන්නෙ බොහෝ විට ලගින්ම උන්නු කෙනෙක් නැත්තන් හිතවත් මිත්‍රයෙක් තමයි.....

    ReplyDelete
  11. මේ සමාජයේ වැඩි හරියක් ඉන්නේ මේ වගේ පාලිතලා තමා ඊයේ මම නම් තේරුම් ගත්තේ ඒක...

    ReplyDelete
  12. මං නං මේ වෙනකොට පාලිතල දෙතුන් දෙනෙක්ම අයින් කරල අහවරයි.

    ReplyDelete
  13. නෝ කොමෙන්ට්ස්

    ReplyDelete
  14. අනේ මාරයා අයියේ මචං...ගොඩක් වෙලාවට පොඩි කාලෙ සිදු උන දේවල් මුළු ජීවිත කාලෙටම බලපාන සිදු වීමක් වෙනවා,. මටත් ඔය වගේ අත් දැකීමක් තියෙනවා, පුන්චි කාලෙ මම කාගෙද පැන්සල් කොටයක් ඉස්කෝලෙන් අරන් ඇවිත්,මට මතක හැටියට මම දෙකේ පංතියේ ඉද්දි. ගෙදර ආවම අම්මා පොත් බලනවා මොනවද උගන්නලා තියෙන්නෙ කියලා,එහෙම බලන අතරේදි දැකල තියෙනවා අම්ම මට අරන් දුන්නු පැන්සල නෙවෙයි, වෙනස් එකක්. අම්ම ඇහැව්ව ඕක කාගෙද කියලා, මම කියල තියෙනවා පන්තියේ බිම වැටිලා තිබිලා අහුල ගත්තේ කියලා. පහු වෙනිද අම්මත් ආව ඉස්කෝලෙට යන්න, ගිහින් ටීචට විස්තරේ කියල පැන්සල දීල තියෙනවා, ඒ අම්ම මට උගන්නපු පාඩම මගෙ මුළු ජීවිතේටම බල පෑවා. කිසිම දවසක තමන්ට අයිති නැති දෙයක් නොගෙන ඉන්න අම්ම මට පොඩි කාලෙම උගන්නපු හැටි ඔහොමයි.

    ReplyDelete
  15. කියෙව්වා...

    ඕක ඇතුලෙ තියෙන අභ්‍යන්තරය නොදැන මොකුත් කියන්න අමාරුයි... :D

    .........................

    ශේක්ෂ්පියර් ගෙ හැම්ලට් නාට්‍යයෙ ප්ලෝනියස් එයාගෙ පුතා ලෙයාටස් ට මෙහෙම අවවාදයක් දෙනව..

    Neither a borrower nor a lender be;
    For loan often loses both itself and friend,

    ණය ගන්නෙක් වත් ණය දෙන්නෙක් වත් නොවන්න.. මන්ද බොහෝවිට ණය, මිතුරාද මුදලද දෙකම අහිමි කරයි..

    ......................

    වයසට වඩා නාකිවෙච්ච එකෙකුගෙන් අවවාදයක්... ඔය මුදල අතෑරල දාන්න බැරිතරම් එකක් නම් මේක තවදුරටත් පබ්ලික් එකේ ඇදගෙන යන්න එපා... ආප්ප කනව වගේ හරි එකතු කර ගන්න බලන්න... ඊට පස්සෙ යාලුකම තියාගන්නවද නැද්ද කියල හිතන්න...

    ReplyDelete
  16. උදේ කියවන්න ගත්ත පෝස්ට් එක දැනුයි කියවලා ඉවර උනේ. ඒ තරම් දිගයි. නෑ නෑ මට වැඩ වැඩියි. ටික ටික කියෙව්වා.

    මමත් ඔය පාලිතලා කීප දෙනෙකුටම අහු වෙලා තියනවා. ඒ යාලු කම හින්දා. තාමත් ආශ්‍රය කරන වුන් ඉන්නවා. මම ඌට ණයක් තියෙන්නේ ඇති කියලා හිතලා නිකන් ඉන්නවා. ඒ වගේ එකෙකුට දෙපාරක් අහුවෙන්නේ නෑ. එකෙක් නම් මාව නැති කලා. ඒ ගැන පෝස්ට් එකකුත් ලීවා. ක්‍රෙඩිට් කාඩ් එකට අවුරුද්දක් ගෙවලා ගොඩ දාගත්තෙ. මොනවා

    මොනවා කරන්න ද බන් මිනිස්සු කාලා බලලා අඳුන ගන්න බෑනේ. ආශ්‍රය කරලම බලන්න ඕනේ. එතකොට ඉතින් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

    ReplyDelete
  17. මගෙ යාළුවෙක් හිටියා. මගෙන් සල්ලි ටිකක් ඉල්ලගත්ත. ඒක ගත්තට පස්සේ අපි අතරෙ මොකක් හරි කතාවක් ගියොත් සල්ලි ගැන, ඌ කියනවා මචං උඹට මේච්චරක් දෙන්න තියෙනවා, මම හිමීට දෙන්නම් කියලා. ඇත්තටම මට මතකත් නෑ ඌ කොච්චර ගත්තද කියලා. ඌම තමයි ගාන එකතු කරල කියන්නේ...

    ඔය අතරේ තව එකෙක් ඉන්නවා, ඌගේ හදිස්සියකට සල්ලි ඉල්ල ගත්ත, මම දවසක් කතාවකට ගිහින් ඕක මතක් වෙලා ඇහුවම කියනවා "අඩේ උඹට ඒක මතකද බන්? මම හිතුවෙ අමතක වෙලා ඇති කියලා!" මම එවෙලෙම උගෙන් වැඩක් අරගෙන, ඕක අරකෙන් ගනින් කියල ඉවර කලා..

    පළවෙනියගෙන් මට ඒ සල්ලි හම්බවෙන්නේ නැති බව මම දන්නවා. ඒත් මට ඒක අහන්නවත් ඕනේ නෑ. මට ඊට වඩා ඌ ලඟ තියෙන මනුස්සකම වටිනවා..

    ReplyDelete
  18. මටනං මල්ලෙ පොල්. ඒත් ගණු දෙනු සම්බන්ධව පරිස්සම් වෙන එක කොහෙදි වුණත් හොඳයි.

    ReplyDelete
  19. අපෝ මේක හරි දිගයි . නිවී සැනසිල්ලේ කියවන්න ඕන .

    ReplyDelete
  20. මෙතන තියෙන්නෙ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි; විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. විශ්වාසය ගිලිහී ගිය තැන තව දුරටත් හිතවත්කමක් ඉතිරි නොවේ.

    ReplyDelete
  21. පලවෙනි ලිපියට වඩා ලොකු කතාවක් කියාදෙන ලිපියක්...
    ඕනි කෙනෙක්ට ඕනිම දෙයක් දිහා ඕනිම විදියකට බලන්න පුළුවන් උනාට තමන්ගෙ හෘදසාක්ෂියට විරුද්ධව කතා කරන්න නියම මනුස්සකම හඳුනන මිනිහෙක්ට බෑ.

    ReplyDelete
  22. මාරයා මේ කියන පාලිත .... ද?
    මටනම් හිතෙන්නෙම මේකෙ තියෙන්නෙ සැගවුනු කතාවක්...
    කොටින්ම කියනවනම් හොයන්න තියෙන්නේ සැගවුනු අමුත්තෙක්ව වෙන්න ඕනේ..
    බලමු ඉස්සරහට මේ කතාව ලියවෙන විදිය...

    ReplyDelete
  23. අම්මෝ ඒකෙ දිග. මාත් මරයියගෙ කතාවට සම්පූර්ණයෙන් එකඟයි. සල්ලි වෙන කෙනෙක් දන්නෙ නැතුව පාවිච්චි කලා නම් ඒක ඇවිත් කියන්න බැරි කමක් නෑ නෙ. ඔය වගේ දෙයක් කලින් හිතලම පාලිත ඔය වැඩේට එකතු වුනාද කියල කියන්න බෑ, ඒත් සල්ලි ටිකක් ඉතුරු වුනාම ඔය අදහස ඇතිවෙන්නෙ ඇති.

    ReplyDelete
  24. හ්ම්....සෑහෙන හිතේ අමාරුවෙන් ලියපු ලිපියක් වගේ. ඇත්ත විශ්වාසය නැති තැන කිසිම සබඳතාවයක් ස්ථාවර නෑ

    ReplyDelete
  25. මාරේ,

    දීර්ඝ ලිපිය කිවන්න ඉස්පාසුවක් ලැබුනේ දැනුයි…

    ටීවී වල නිව්ස් බලලාමද කොහේදෝ යමක් ඇසූ ගමන් අනිත් පැත්තටත් දාලා බලන්න ඇති වෙලා තියෙන පුරුද්ද නිසා මගේ හිතට ආපු කමෙන්ට් එක, මාරයාගේ හොඳවේගන එන තුවාලයක් පහුරු ගෑවද මන්දා… නොදැන කල වරදට සමාවෙයන්…

    ජීවිත අත්දැකීම් අතින් උඹත් එක්ක බලද්දි මම අතදරුවෙක් වුනත් මෙක කියන්නම්…

    මෙ සයිබර් අවකාසයෙ හිටි ටික කාලෙට මම දැකපු දේ මෙච්චරයි… මෙතන තරම් ලෙසියෙන් යාළුවෝ හදාගන්න පුළුවන් තැනක් මම දැකලා නෑ… ඊට වැඩිය ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් මෙතන ඇත්නම් ඒ තරහාකාරයෝ හදාගන්න එක විතරයි…

    උඹට ජය!

    බීට්ල්...

    ReplyDelete
  26. ඇත්තටම අර දොස්තරනෝන කියන එක එක්ක මාත් එකගයි.
    මුදල්වල නෙමේ වටිනාකම තියෙන්නේ.මෙතන තියෙන්නේ විශ්වාශය බිදීමේ ප්‍රශ්නයක්. තවත් කතා ගොඩක් දැන්නම් ඇතුලත් වගේ....

    අමිහිරි මතකයන් අමතක කරල දාන්න.. ඒව මතක් කිරීමෙන් වෙන්නේ නැවතත් තුවාල පෑරෙන එක. මේව කියන්න ගියාම තවත් තුවාලෙ වැඩි වෙන එක විතරයිනෙ වෙන්නෙ.

    ReplyDelete
  27. උඹ ඇත්තටම මාරයෙක් වෙන්න වටින එකෙක් නෙවේ. උඹේ හදවත ගැන අබමල් රේණුවක තරම්වත් නොදැන හිටපු මට, උඹ හදවත විවෘත කරලා පෙන්නුවා වගෙයි දැනුනේ. උඹේ හිතේ තියෙන සංවේදීත්වය මෙච්චර කාලයකට පස්සෙ දැන ගත්තේ අදයි.
    උඹට ජය !

    ReplyDelete
  28. ඕක අල්ලලා දාන්න සහෝදරයා,ඔය පාලිත වගේ අය බොහොම දෙනෙක් මට මුණගැහිලා තියෙනවා.ඒ අයත් මෙහෙම පොලු තියල තියෙනවා.එත් ඒ අය අත්හඅරින්නත් බැහැ.ඒ අයගේ වෙනත් අගේ කලයුතු හොඳ ගති ගුණ බොහොමයක් තියෙනවා.ලෝක ස්වභාවය ඕක තමයි කියල හිතුවම හිතට සැනසීමක් ලැබෙනවා.මම නම් මට හිරිහැර කල සියලු දෙනාටම මගේ හිතින් සමාව දීල ඉවරයි.මාව අත්හැර ගිය පෙම්වතියගේ සිට ප්‍රභාකරන් දක්වාම ඒ ඝනයට අයත් වෙනවා.

    ReplyDelete
  29. Maekanam me post eka gana newei. Kuja neecha weema gana.

    Maarayage maara danuma pavichchi korala meken ratata saha apata wena de kiwwoth narakada ?

    ReplyDelete