23 August 2011

ස්තූති කිරීමක්...!


වැඩි කතා නැහැ මෙන්න මේ පොටෝ ටික බලන්නකෝ...





මේ ඊයේ පෙරේදා මාව හම්බ වෙන්න ආව අපේ බ්ලොග් මිතුරෙක් විසින් මට දීපු වටිනාම තෑග්ගක් තමා මේ තියෙන්නේ...

මෙයිට කලින් වතාවකුත් ඇවිත් මාව හම්බ වෙලා තියෙන මේ හාදයා..දැනට සතියකට විතර කලියෙනුත් ආයෙම වංගියක් ආවා මාව බලන්ට. ඒ ආවේනං මං වැඩ කරන ඉස්තානේ ගාවටම තමා..

ඇවිදින් කතා බහ කොරලා බොහෝම අපූරු තෑගි දෙකක් මට දීලා ගියා නෙව..එයින් එකක් නං පොඩි ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් එකක්.මට උවමනාම කරලා තිබුන...

අනිත් එක තමා මේ... මගේ බ්ලොග් එකේ කාලයක් ලියාපු පන්සල් කතාව මුද්‍රණය කොරලා ඒක එක්කාසු කොරලා බයින්ඩින් කොරලාම ගෙනත් දුන්න එක...

සෑහෙන්න මහන්සියක් දරලා කොරපු වැඩක්. බ්ලොග් පිටු එක ගානකට සයිස් කරලා ලස්සනට පිළිවෙලට එන විදියට සකස් කරලා වැඩේ කරලා තියෙනවා...

විශේෂයෙන්ම තමන් මම ලියපු දෙයක් කඩදහියක මුද්‍රණය වෙලා මගේ අතට ලැබුන පලවෙනි වතාව මේ...

මං හොඳටම දන්නා විදියට දහසකුත් එකක් වැඩ රාජකාරි අස්සේ පිටරට ඉඳලා මෙහාට කඩං පාත් වෙන්න ඉද්දී උමේ මේ පුංචි යාළුව වෙනුවෙන් මහන්සි වෙලා කරපු මේ වැඩේට වචනයකින් දෙහෙකින් ස්තූති කරලා මදි කියලා මං දන්නවා... ඒත් වෙන මොනවා කොරන්ටද..ඒ හින්දා මෙන්න මෙහෙම මේකත් බ්ලොග් එකේම දාලා ස්තූති කරන්න හිතුවේ...

බ්ලොග් එකේ කමෙන්ට් තීරුව හරහා දැන අඳුරාගත් හිතවත් Luckey නුඹට බොහෝම ස්තූතියි..!

_______________________________

(ලබන වංගියේවත් උඹේ බඩ සුද්ද වෙන්න කෑම ටිකක් දෙන්න හිතාගෙන ඉන්නවා..ඊට පස්සෙවත් මෙහෙම වැරදි නොකර උඹ හොඳ ළමයෙක් වෙයි කියලා මං හිතාගෙන ඉන්නේ..:D)

37 comments:

  1. හික් හික්...මාරේගේ මාර රසිකයෙක්

    ReplyDelete
  2. එලනේ ......


    [ ලකී මහතා අපිවත් හම්බුවෙන්න එයි නේද :DDD ]

    ReplyDelete
  3. එළ... මාරයාට ජයවේවා!!!!

    ReplyDelete
  4. ෂහ් මට ලැබුනෙ නැහැනෙ ඔහොම එකක්.ආ...මම ඔයවගේ ලිවුවෙත් නෑනෙ! මාරයාගෙ සතුට මට හිතාගත්තැහැකි. ඔය පොත පබිලිස් කරානං තමා වටින්නෙ.

    ReplyDelete
  5. සතුට ඉහ වහා ගිහින් නේ?

    අනේ වාසනාවන්!!!

    ReplyDelete
  6. සිරාවටම ඕක පබ්ලිෂ් කොරහංකො....

    ReplyDelete
  7. අපරාදේ ඌට අර මාර පැරඩයිස් එකක් කන්න දෙන්න තිබුනනේ..

    ReplyDelete
  8. සිරා තෑග්ගක් තමා :-)

    ReplyDelete
  9. ලකී,
    මටනම් කියන්න වචන සොයාගන්න අමාරුයි මේ වෙලාවේ.කොහොම උනත් ඔබ ඉතාමත් සුන්දර හිතක් ඇති කෙනෙක් වෙන්න ඕන. මේ කල දෙයින් ඔබගේ හිත්වත් බාවය අපූරුවට පේනවා. මෙන්න මේව තමයි අපිට කෙනෙක්ගෙන් ලබන්න බැරි දේවල්.. අපිට සල්ලි වලටවත් ගන්න බැරි දේවල්.
    හරිම අගෙයි.

    ReplyDelete
  10. බ්ලොග්කරණයට නවකයෙක් වන මට මුලින්ම දිරි ගැන්වීම් කල කිහිප දෙනා අතරින් එක්කෙනෙක් ලකී. පැහැදිලිවම මාරායියා ඇතුළුව ලකීගේ මිතුරනුත් හරිම ලකී.

    ReplyDelete
  11. මාරයා මාර ලකී නේ . ඇත්තටම දැකල නැති වුනත් ලියන කමෙන්ට් වලින් කියන්න පුළුවන් ඉතාම හොඳ මිතුරෙක් බව. ලෝකේ හරිම ලස්සනට පේනවා නේද අද ...

    ReplyDelete
  12. උඔ නොදන්නවට මාරයෝ රට ඉන්න අයට මේ සින්හල බ්ලොග් පුදුම විදියට වටිනව. මම ඉස්සර පුස්තකාලෙන් සින්හල පොත් ඕඩර් කලාම ඕන් මාසෙකට විතර පස්සෙ මොනව හරි චාටර් පොත් ටිකක් ලෑස්ති කරල එන්න කියනව ගෙනියන්න. ඕක බලල ගෙනිහින් දීල ආයෙ ඕඩ්ර් කලාම අර පොත් ටිකම තමා ආපහු ලැබෙන්නෙ. ඊට අමතරව ඔය සින්හල පත්තර ටික නෙට් එකේ බලනව මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි. ඔහොම ඉන්දැද්දි තමයි මේ සින්හල බ්ලොග් කෙරුවාව හම්බ වෙන්නෙ. මේ තියෙන්නෙ දෙයියනේ මැරෙනකම් කියවන්න දේවල්. උඔගෙ බ්ලොග් එක, මගේ ලෝකය, හිස් අහස ඇතුලු එකී මෙකී නොකී කීයක් නම් තියෙනවද දැන් කියවන්න. සින්හල බ්ලොග් රසිකයො ලෝකෙ පුරාම විසිරිල ඉන්නව. මම හිතන්නෙ ලකී ටිකක් සක්‍රියව දායක වෙන කෙනෙක්. තව හුඟක් ඉන්නව නිහඬව. කොහොම වුනත් සින්හල බ්ලොග් ලියන හැමෝටම ජය පතනවා.
    මීට,
    ඕස්ට්‍රේලියාවේ සිටින පාඨකයෙක්.

    ReplyDelete
  13. ඇනෝනිමස් කියපු කතාව පට්ටපල් ඇත්ත. සිංහලෙන් කතා බහ කරන්න කෙනෙක් අහල පහල නැති වෙලාවට බ්ලොග්, බස් එහෙම තිබ්බෙ නැත්තන් මෙලහට පිස්සු ඩබල් වෙලා

    ReplyDelete
  14. මාරයා කියන්නේ බ්ලොග් අවකාශෙ මගේ ගුරුවරයා විදියට මම හිතන්නේ. ඔය ස්ටයිල් එක තමයි මාව බ්ලොග්කරණයට ගෙනාවේ. මාව දිරිමත් කරපු අය අතර ඉන්න ප්‍රමුඛයෙක් ලකී. ආසයි මුන ගැහෙන්න. වෙලාවක් දාගමු පුලුවන් නම්. මම ඉන්නේ හරිම පහසු තැනක. බලමු සෙට් වෙන්න.

    ReplyDelete
  15. මාරයාට ලැබිය යුතු ගරුත්වක් ලැබුනා කියල්යි හිතෙන්නෙ විසේසයෙන්ම සින්හල බ්ලොග් කෙරුවාවට කොරපු සේවයත් , කලකට පෙර රටටත් ශාසනයටත් කල සේවය අගය කල අයකුගෙ නිර්ව්‍යාජ තිලිණයක් , ඒ පිලිබදව සැබවින්ම සතුටුයි......

    ReplyDelete
  16. එළස්.......

    හොරකම් කිරීම ආනන්තරීය පාප කර්මෙකුත් නොවිච්ච එකේ බලමුකො වැරදිලවත් උඹලගෙ පැත්තෙ ආවොතින්.........:D

    ආ උඹ ඕක පබිලිස් කොරනව නම් සම්පූර්න කතාවම මිසක්කා ඔය නවතපු තැනට විතරක් හේම නෙවි, උඹ් දන්නවනෙ මම මොකක්ද කියන්නෙ කියලා......

    ReplyDelete
  17. මාරයියට එවෙලේ හිතුන සතුට හිතා ගතහැකි. මොකද මාරයියාගේ කතාව ලියාන එද්දි පුංචිවට වගේ අදහසක් ආවා ඕක පොතක් ලෙස මුද්‍රණය කරන්න.

    ලකී අයියට තව වැඩි වැඩියෙන් පොත් ලැබෙන්ට ඕනා...... :)

    ReplyDelete
  18. මෙව්වා හරි අපූරු වැඩ.. Luckey.. නියමයි මචෝ..!!!

    ReplyDelete
  19. යකෝ දැන්වත් තේරුම් ගනිං උඹේ රසිකයන්ගෙ ඔය පන්සල් කතාව අහන්න කොච්චර උනන්දුවක් තියෙනවද කියල. ඉතිං මේක නවත්තන්න එහෙම හිතාගෙන ඉන්නවනං උඹට දෙපාරක් හිතන්න වෙනව.
    ලකී සහෝදරයටත් ස්තුතිවන්ත වෙනව මාරයට මේ කරල තියෙන දේට.

    ReplyDelete
  20. බොහෝම වටින වැඩක්... දැන් ඉතින් කවුරුහරි හැකරෙක් පැන්නත් බයක් නෑ නෙවැ..

    මාරෙ...

    තවත් වටින වැඩක් ගැන පොඩි ප්‍රචාරයක් දෙන්න වැඩිදෙනෙක් කියවන ඔබේ බ්ලොගයෙ මේ කොමෙන්ටුව පාවිච්චි කලාට අමනාපයක් නැතිවෙයි කියල හිතනව...(විස්සක් තිහක් බලන මගේ එකේ දාල පලක් ඇතෑ.. )

    නොදන්න අයට මෙන්න නිවුස් එක..

    ගිය ඉරිද ලක්බිම පත්තරේ කෙටිකතාවට ගිහින් තියෙන්නෙ අපේ නලිනි දොස්තර නෝනගෙ " බ්‍රැන්ඩි " ....

    ReplyDelete
  21. @සපතේරු උන්නැහේ
    අහා. ඒකත් සතුටට කාරණයක්. ඉතින් කතාව විතරද තිබ්බේ. අපේ comments එහෙම නෑ නේද

    ReplyDelete
  22. //(ලබන වංගියේවත් උඹේ බඩ සුද්ද වෙන්න කෑම ටිකක් දෙන්න හිතාගෙන ඉන්නවා..ඊට පස්සෙවත් මෙහෙම වැරදි නොකර උඹ හොඳ ළමයෙක් වෙයි කියලා මං හිතාගෙන ඉන්නේ..:D)//


    ඕනෙම හොඳ වැඩකට දඬුවමක් නියතය්.....

    ReplyDelete
  23. @ ගිම්හානි,
    ගිම්හානිගේ කොමෙන්ට් එක විතරක් දාල තිබ්බලු

    ReplyDelete
  24. මේ වගේ තැග්ගක් දෙන්න කෙනෙක් හිටියත් දෙන්න දෙයක් නෑ මගේ එකේ නම්.... :D

    ReplyDelete
  25. අඩේ ලකී නිවාඩු ගිහින්ද?

    ඊයේ පෙරේදා කෝල් එකක් වත් දෙන්න බැරි උනා . . .

    නියම වැඩක් කරලා තියෙන්නේ . . .

    ඕක පරිස්සම් කරලා තියාගෙන ආපහු පාරක් කියවලා බලලා නතර කරපු තැන ඉඳන් ආපහු පන්සල් කතාව ලියන්න ගන්නවා හොඳයි

    ReplyDelete
  26. බොහෝ අගේ ඇති වැඩක් ලකී. මාරතුමාගේ සතුට හිතා ගත්තෑකි.

    මේ සිංහල බ්ලොග් අවකාශයට ලකීලා සැබෑ වාසනාවක්.

    ReplyDelete
  27. හැබෑටම මේකනම් අපූරුම තෑග්ගක්! :)

    ReplyDelete
  28. මාරයියාට මුත්‍රා ගියා කියලා ආරංචියි පොත අතට ලැබුන වෙලාවේ :P

    ReplyDelete
  29. මම දන්න ලකී නම් ඉන්නෙ පිටරටක...මේ ඒ ලකී අයියද මාරයියේ ?

    මම හරිනම් දයාබර ලකී අයියේ......ඔබට මගේ හදවතේ ගැඹුරුම තැනින් ස්තූතිය....මීට වඩා අපේ මාරයා අයියට දෙන්න වටින තෑග්ගක් නෑ...සත්තකින්ම..

    ReplyDelete
  30. ආදරණීය ඇනොනිමස්ගේ සටහන් වෙත,

    මාරයා වෙනුවෙන් ඔබ දුන් සහය බොහෝය, මෙවන් තිලිණ ලබන්නේ ඔබේ පෝස්ට් නිසායැයි සිතා ඔන්න ඔහේ මාරයාට විරුද්ධව තව ලියනු මැනවි.... අනතුරුව එයින් උද්දාම වූ සිත් ඇතිව සරමක් හැඳ ඔලුවෙන් සිටගෙන සිටිනු මැනවි.... ලකීගේ මෙම තෑග්ග මාරයාගේ හැකියාවට හා ජනප්‍රියත්වයටත් වඩා ඔබගේ නපුංසක කමට හා ලිඟුව ප්‍රාණවත් නොවීමේ ගතිගුනයට බෙහෙතක් ලෙස යැයි මට හැඟේ....

    බ්ලොග් ඇනොනිමසයෙක්... මාරයා අයියා.. මේ මම.

    ReplyDelete
  31. එලම කිරි මාරේ අයියා .. අඩේ පොත අතට ගත්තාම මාර හැපී එකක් එන්න ඇති නේද ? ලකී නම් නියම මනුස්සයා ..

    ReplyDelete
  32. මරු වැඩේ මේක නම්

    ReplyDelete
  33. හප්පච්චියේ...මෙන්න මාරයා මෙතන යකා නටලා...

    මූනු පොතේ ටැග් කරලා තිබුනට මම හිතුවෙ නැහැ උඹ මේක මෙතනත් ලියයි කියලා..උඹ නම් පිස්සු මාරයෙක්. ඔය කියන තරම් ලස්සනට මම ඕක කලා කියලා මට නම් හිතුනෙ නැහැ. ඒත් උඹ ඕක පිළිගත්ත විදිය දැක්කම මේක මීට වැඩිය වටිනාකමක් ඇති විදියට කරන්න තිබුන නම් හොඳයි කියලා නම් මට හිතුනා..කොහොම වුනත් මේක නම් සීමාවෙන් එහාට ගිය ස්තූතියක් මාරයෝ..අනික උඹත් මට උදව්වක් කලානෙ ..මොකද මම ඒකට නිකමටවත් ස්තූතියි කිව්වද ?
    උඹගෙ පැරඩයිස් බත කන්න කතා නොකරපු එක ගැන නම් මම පොඩි විහිලුවක් කලේ...කෑවා වගේද උඹගෙ කෑම කාලා පිස්සු නට නට හිටිය අර වටින කියන සත්තු ටික අඳුර ගත්ත එක...අහල පහල එකා වෙච්චි කොට ඔය තියන විදියට උඹගෙ කෑම එකෙන්ම බෙදාගන කන්න මම ආයෙ ගෙදර ආ වෙලාවක් එන්නම්කො...
    @ all
    හැමෝගෙම ස්තුතිය මම බොහෝම නිහතමානිව විඳගත්තා...

    @ මහ වෙදනා

    එන්නම් එන්නම්..මමත් බොහොම ආසයි ඔබතුමාව මුණ ගැහෙන්න

    @ සඳරූ
    උඹව බලන්න නම් මම එන්නෙ පොතක් අරගන නෙවෙයි...

    ReplyDelete
  34. මෙන්න බලන්න නිහතමානි අවංක එඩිතර බ්ලොග් කාරයෝ ටික. අපිත් ඔයාලගේ පසෙන් ඊන්නවා.......

    ReplyDelete
  35. කොමෙන්ට් කොරාපු..ආව ගියා..කියෝපු හැම දෙනාටම බොහෝම ස්තූතියි.. වෙන වෙනම උත්තර බඳින්න ගියොත් ටිකක් අමාරු හින්දා මෙහෙම කියලා බන්ඩක්කා කරලක් උඩ නැගලා යන්නයි කල්පනා කලේ..:D

    @Luckey ...

    ගණන් ගන්ට එපා..මං මේ බ්ලොග් එක ලියන්නේ මගේ හිතට එන හැම දේම කුරුටු ගාන්ට මිසක් මහා ලොකු සම්භාව්‍ය දේවල් වලට නෙවෙයි.කොටින්ම මේ මගේ දින පොත...මගේ යාළුවා..මගේ කට හඩ..මගේ හිතිවිලි.. ඉතිං හිතේ තියෙන ටික ලිය වෙන එකයි වෙන්නේ...

    උඹට අයිති දේ උඹට නොදී කොහොමද බං..?

    අනේ පුළුවන් වෙලාවක අර වැප් කොළුවත් බලලා වරෙං බං..ඒ යනකොට ඔය මම්මා පප්පා නලාවක් හරි..පොඩි සෙල්ලම් ලොරියක් හරි අරං පලයං..ඒකා බොහෝම සතුටු වෙයි..එහෙමත් නැත්තං අයිස් පැකට් එකක් උනත් කමක් නැහැ.. හැබැයි බලාගෙන මේ දවස්වල යන යන හැම එකාවම ඕකා රුපියල් 100 සීට්ටුවකට අල්ලගන්න දඟලනවා කියලත් ආරංචියි..බලාගෙන පුතෝ...

    ReplyDelete
  36. ඇත්තටම සතුටට කාරණයක්, ලකී කරලා තියෙන්නෙ හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕන වැඩක් .........

    ReplyDelete
  37. අදයි මේක දැක්කේ. කොහොම හරි මිස් වෙලා.. එළ කොල්ලෙක්ගේ එළ වැඩක්.. කොහොමත් මාරයත් එළ පොරක්නේ...

    ReplyDelete