10 August 2011

තදින් පොට කැරකිලා..
පතුලටම සවි වෙලා..
නුඹ හිඳී හදවතේ..
ඉස්කුරුප්පුව වෙලා..

කඳ මහත දිගම දිග..
තදින් පොට කා වඳින..
හීනියට ළගින් ළග..
කැරකැවුන පොට සහිත..

සවි උනොත් එකත් වරක්..
ගලවන්න පහසු නැත..
සවි වෙනා අතට මිස..
අන් අතට ගමන් නැත..

කියාපන් ඇයි මෙලෙස..
කැරකෙමින් හදවතට..
දිනෙන් දින පැයෙන් පැය..
කිඳා බසිනුයේ කිමද..

14 comments:

  1. සික්කා ජොබ් එක කරන්නේ මාර අයියා ව්තරක් නෙමේ මමත් ඉදලා හිටලා කරනවා ...

    ReplyDelete
  2. තියුනු උල් මූනතක්
    විදෙන්නම සැරසුනත්

    ළඟින් ළග හීනියට
    කැරකැවුනු පොට ඇතත්

    වඩුරාල කමැත්තෙන්
    සවිවෙනා අතසොයා

    වෙරයොදා කැරකුවොත්
    මිසක කිසි ලෙසකවත්

    බසින්නේ නෑ නොවෙද
    එකම එක පොටක්වත්

    තමන්ගෙම තනිවැරෙන්
    අනේ ඉස්කුරුප්පුව...

    ReplyDelete
  3. ලස්සන කවි සිතුවිල්ලක් !!!!

    ReplyDelete
  4. ලස්සනයි.
    ඉස්කුරුප්පු නියනක් හොයාගෙන ඕක ගලවමු. :D

    ReplyDelete
  5. හිකිස් මෙන්න ඒ පාර මාර අයියා වඩු වැඩත් පටන් අරගෙන

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්ම..................


    මළකාපු ඉස්කුරුප්පු ඔ‍හොමමයි.(විහිළුවකි)

    ReplyDelete
  7. @වේලාව ලගයි...

    ඒ වගනං පේනවා..නැත්තං මෙච්චර පාන්දර කොහෙද මෙහෙම කොමෙන්ට් දාන්නේ ලංකාවේ ඉඳලත්..

    ReplyDelete
  8. @සපතේරු උන්නැහේ...

    ඒ වගත් සෑබෑමයි..
    වරද මා අතේමයි..
    ඉස්කුරුප්පුවට ඉඩ..
    සොයා දුන්නෙත් මමයි..

    ReplyDelete
  9. @මධුරංග...

    ස්තූතියි මල්ලියේ...

    ReplyDelete
  10. @Praසන්ன...

    හයි වෙන ලේසියට මේක ගලවන්න අමාරුයි අප්පා..

    ReplyDelete
  11. @පිස්සු පුසා...

    නැද්ද අටුවක් එහෙම..මං කඩලා ලස්සන පුටුවක් තනා දෙඤ්ඤං

    ReplyDelete
  12. @හා පැටික්කි (MS)...

    මල කාපුවනං එහෙමයි කියමුකෝ...

    ReplyDelete
  13. දැන් ඔය ඇනේ රත්තරන්ද රිදීද .........

    ReplyDelete
  14. ඇන ගලවන්න කියාපු බාන්ඩෙ WD40 මලකඩ කොහෙන් යනවද දන්නැ ස්ප්රේ කලාම :P

    ReplyDelete