28 August 2011

රත්තරං ඔබා අයියේ...

අනේ බං ඔබා අයියේ උඹ දුමියගේ බ්ලොග් එකට ගිහින් සති 5කින් පෝස්ට් නැහැ කියලා පළු යන්න බැන්නා වගේ දැකලා සුවල්ප වෙලාවකින් ඕනයගේ එකටත් ගිහින් බැන්නා නේද..? ඒක දැක්කම මට තේරෙනවා ඔහොම ගිහින් අසේලයටත් බැනලා මේ පැත්තටත් හැරෙන්න ඉඩ තියෙන වග..ඒ හින්දා මේක ලියන්න ගත්තේ අවධානමට පෙර අවධානය යොමු කලා කියලා කියන්නයි..

අනේ බං අයියේ මට හරියට වැඩ මේ දවස්වල..ඉස්සර තිබුන රස්සාවේ වැඩට අමතරව ඔය කීයක් හරි හොයා ගන්න කෙන්දරයක් දෙකක් බලන එකයි ඇරුනාම උයන පිහන වැඩයි..ගෙවල් අස් පස් කොරන වැඩයි විතරක්නං මදෑ.. මේ පාප මිත්තරයෝ ටිකක් එක්ක රට වටේ හක්කලං කොරන්නත් වෙලා...අනේ සුදු අයියේ ඒ යස්ස පැටවු හින්දා තමා මට වෙලාවක් ඇත්තේම නැත්තේ මෙව්වා ලියන්ට.

එක්කෝ ඉස්කයිප්පුවේ පාළු මකන්න වෙනවා..නැත්තං බුකියේ මඩ ගහන්න වෙනවා..එහෙමත් නැත්තං ජීටෝක් එකේ හරි මල් කඩ කඩ ඉන්න වෙනවා..අනේ අයියේ මට පැය 24 මදි මේවට..ඒ හින්දා හැකි ඉක්මනට මොනවා හරි ලියනකල් සද්දේ දාන්නේ නැතිව හිටිං රත්තරනේ...

කොහොමටත් මං දවස් දෙක තුනයිනේ මුකුත් නොලියා ඉඳලා..බාගෙට ලිව්ව පිරිතක විස්තරයක් තියෙනවා ඒකවත් කොම්පීලීට් කොරලා දානකල් ඉවසහං දෙයියා...

42 comments:

  1. යකෝ ඔය ඉස්කයිප්පුයි, ජී ටෝකුයි, බසුයි නවත්තල මේක ලියහං ඉක්මනට.
    නැත්තං අර පොත ගෙනත් දීපු කෙනා බෙල්ලෙ වැල දා ගනියි.

    ReplyDelete
  2. කාලෙකට පස්සෙ යංතං පළවෙනියට කොමෙන්ට් එකක් දාගන්න පුලුවං උ‍නා ඒ මදැයි.

    ReplyDelete
  3. ඔය කේන්දර බලන වැඩේ තියනවා නේද මාරයෝ...ඔය පැත්තෙ ඕකට අරක් ගත්ත දේවතාවා කවුද කියලා දන්නවනේ....තවම අර බෝඩ් ලෑල්ල එල්ලුවෙ නැද්ද ? ඊට පස්සෙ මාර සටන් බලන්න වෙයිද දන්නෙ නැහැ...

    ReplyDelete
  4. අනේ ඔව් මාරයියේ බස් පැදිල්ල එහෙම "පොඩ්ඩක්" නැවත්තුවාම මක්කයි වෙන්නේ..

    ReplyDelete
  5. චික් දැන් මාරයා උයන කෑම මෙලෝ රහක් නැහැ...

    ReplyDelete
  6. අඩේ ඔබා අයියා මට බැනලද අර කමෙන්ට් එක දාලා තියෙන්නේ..... මාරයෝ "######" කියන්නේ මොකක්ද බං ඕස්ට්‍රේලියන් භාෂාවෙන් ?

    ReplyDelete
  7. හැ........ මාරයියා කලින්ම ඔබා සීයට සුදු කොඩි උස්සලා...... හික්ස්...........

    ReplyDelete
  8. "උගේ ලෝකය" ලියන අසේලයා අසනීප නිමාඩු කියල කලින්ම දන්නල තිබුනනෙ, ඌට බනින්න විදියක් නැහැ. ඊගාවට යන්න හිටියෙ "පන්සල් ජන්ෂන්" පැත්තෙ, කල්හාරයත් කොටු පැන පැන ඉන්නව මිසක්, කාලෙකින් පෝස්ට් එකක් දාල නැහැ. මං මේ ඊයේ පෙරේද ආව එකා වෙච්චි. ඊළඟ එකත් ලියල, පින්තුර අලෝල එහෙම, සැප්තම්බර් පළවෙනිද උදේ හයට පෝස්ට් වෙන්න ෂෙඩියුල් කොරල එහෙම ජංජාලෙ සැරි සරන්නෙ. අද නිමාඩු දවසනෙ. මේ ඊයේ පෙරේද මෙතෙන්ට ඇවිල්ල පොර ටෝක් දුන්නට පය්සෙකට ගනං ගන්න එපා බං, දන්නවනෙ බොරු ටෝක් දෙන එවුන්ගෙ වැඩ "පීචං " කියල

    ReplyDelete
  9. හප්පේ මුන්දැට තියන වැඩ කන්දරාව.... විගහට ලතාව කැන්දගනින් වැඩ බෙදාගන්න....

    ReplyDelete
  10. ඔබා මාමත් දැන් මාර දියුණුයි ඈ...

    ReplyDelete
  11. @ මාතලන්,
    දන්නවනෙ බොරු ටෝක් දෙන එවුන්ගෙ වැඩ "පීචං " කියල

    ReplyDelete
  12. @ දුමී,
    උඹට දාපු කොමෙන්ට් එක බලන්න, මීයගෙ බෝලෙ කරකෝල හති බං

    ReplyDelete
  13. මාරයා අය්යට ඔය තරම් වැඩ තියන හින්දා ඉතින් අර ලතා අක්කාව එක්කගෙන එක තමා තියන හොදම විසදුම... එතකොට ඔය කෙන්දර බලන වැඩ ටිකයි අනිත් ටිකයි බ්ලොග් ලියවිල්ලයි නිවි සැනසීලේ කරගන්න පුලුවන්නේ.. අනිත් එක එතකොට ඔය ජි ටොක් මල් කැඩිල්ල නවත්වලා කතා කොර කොරම මේවා කරගන්න පුලුවන්නේ..

    ඔබා අය්යාට මල් තියලා වැන්දත් පව් නැ... කමෙන්ට් ටිකකත් මාරයා අය්යා වෙනුවටම රිප්ලයි කොරලත් තියෙන්නේ

    ReplyDelete
  14. ඕකනේ මම මේ කරදර දාගන්නේ නැත්තේ..නැත්නම් ලීවත් බනිනවා නොලීවත් බනිනවා.. හැමදාමත් ඇනුම් බැනුම්. අපිට ඉතින් G talk,A talk,B talk ඒවත් නැනේ. ඒ නිසා දෙයියනේ කියලා සැනසීමෙන් ඉන්නවා.

    ReplyDelete
  15. මුන්ව එල්ලන්න ඕනා ඔබා මාමේ

    ReplyDelete
  16. වෙලාවට මම එකක් දැම්මේ ..... :D

    ReplyDelete
  17. මාරේ අයියා ඔය තරමට වැඩද බං ..? උඹ බුකියේ කල් මරනවා වැඩි ..ඇවිත් මුනා හරි ලීපංකෝ !!

    ReplyDelete
  18. ඔව් ඔව් මෙයා දැන් නරක් වෙලා.

    ReplyDelete
  19. අම්මපා මාරයියේ මට ඇත්තටම හිතා ගන්න බැහැ, දවසට එක ගානෙ පෝස්ට් දාන බුවාලා කොහොම වෙලාව හදා ගන්නවද කියලා, මම මේ දවස්වල හැමදාම කියවන බ්ලොග් ටික කියවන්නත් බොහොම අමාරුවෙන් තමා වෙලාව හදා ගන්නෙ, කොහොම උනත් හැකි ඉක්මනින් පෝස්ට් එකක් දාන්න ඕන ..........

    අවංකවම හදවතින්ම ෆුල් හැපී ඔබා අයියා බ්ලොග් අවකාශෙට බැස්ස එක ගැන ........

    @Gimhani,
    ඇත්තටම නඟා ඔයා බ්ලොග්වල දාලා තියන කමෙන්ට් වලින් ඔයා ගැන යම්තාක් දුරට තේරුම් අරගෙන තියෙන්නෙ, ඔයා වගේ කෙනෙක් බ්ලොග් එකක් ලියන්න ගත්තොත් මම හිතන්නෙ බ්ලොග් ලෝකෙට සෑහෙන්න වැදගත් වෙයි කියලා ......

    ReplyDelete
  20. @ පන්සල් හංදිය,
    "බඩු ඇතුලෙ ගියා" කිව්වම මං හිතුවෙ, "පෝරණුවෙ බනිස්" තමා කියල.....

    ReplyDelete
  21. ඇත්ත තමයි ඔබ්සවර් අයියා කියලා තියෙන්නේ. දුමී අයියත් කාලෙකින් ලියලා නෑ.රංග අයියත් කාලෙකින් ලියලා නෑ නේ.අයියත් නොලියා ඉන්න එපා ඔන්න..

    ReplyDelete
  22. @Observer,
    හිහ් ...... හිහ් ......

    ReplyDelete
  23. @පන්සල් හංදිය
    බොහොම ස්තුතියි කල්හාර.ඔයාලට වචනයකින් හරි දිරි ගැන්වීමක් කරන්න පුලුවන්නම් මම බ්ලොග් ලීවා හා සමානයි.ඉතාම වටිනා අදහස් ඇති බ්ලොග් කරුවන් මෙහි සිටිනවා. සැමදෙනාටම හැකි අයුරින්
    සහයෝගය දෙන එක තමයි මගේ සතුට.

    සිත නිදහස්ව තියාගන්න මම කැමති. බැදීම් දුකක්. ඕන වෙලාවක මට මෙතනින් ඈත් වෙල යන්නත් පුලුවන්නේ.

    ReplyDelete
  24. @Praසන්ன...

    අඩේ ඌ මට කොරපු නව නිංගිරහ වලට මමයි ඒකව එල්ලන්නේ අහු උනොත්.. තාමත් ලතා ලතා කියනවා අපේ උං..සික්

    එච්චරට අමාරුද බොලේ පලවෙනි කොමෙන්ට් එක දාන්ට..මීට පස්සේ මංම ට්‍රයි කොරලා බලන්ට ඕන පළවෙනි එක දාන්ට..:D

    ReplyDelete
  25. @Luckey...

    එහෙම දේවතාවෙක් ඉන්නවා කියලනං ආරංචියි..හොඳට මත් වෙන එකෙක්.. ඒ විතරක්යෑ..දැන් යන තැනම දේවතාවියකුත් පහළ වෙලා..අනේ ඉතිං මට ඒවට කාරි නැහැ... නෙට් සරණං ගච්ඡාමි. ඒ හින්දා දැන් බෝඩ් එක එල්ලන එකත් දවසින් දවස පහු වෙනවා..:D

    ReplyDelete
  26. @දුමී...

    ඒ වචනේ තේරුමනං අහන්න එපා දුමී ඒක පරණ ලංගම කාරයින්ගේ කුණු හබ්බයක්.. ඒකනේ මං ඒක දැක්ක ගමන් බය උනේ..

    ReplyDelete
  27. @හා පැටික්කි...

    නැතිව කොහොමද වයසට ගියාට ඔබා වස නපුරා..:D
    සත පහකට විස්වාස කොරන්න බැහැ...

    ReplyDelete
  28. @Observer...

    ඔය දැන් එහෙම කිව්වට අර වටේට නෙලාගෙන එද්දී මට හිතුනා මටත් බඩුම තමා කියලා..ඒකයි සූජානං සරීරේ කියලා මෙහෙම දාලා මාත් සේප් උනේ..:D

    ReplyDelete
  29. @ප්‍රසංග...

    ඇයි බොලාට ඕන මගේ වැඩ ඩබල් කොරන්නද..?

    ReplyDelete
  30. @මාතලන්...

    ඔය ලොක්කම කියලා තියෙන්නේ..ආයේ මං මොකටදෑ..?

    ReplyDelete
  31. @දේවා ගේ අඩවිය...

    කොරයි කොරයි..හොඳට කොරයි..ඒ තමා බ්ලොග් එකේ වගේම මගේත් අවසානය...

    මේක ඉතිං ඔබා අයියගේ පෝස්ට් එක නෙව..උන්දෑ බැදිලා ඉන්නවා මේකේ කොමෙන්ට් ගැන වග උත්තර කියන්ට...

    ReplyDelete
  32. @Gimhani...

    එහෙම සන්තෝසෙන් ඉන්න එපා මෙයා..දාගන්න අපි වගේම උරචක්කර මාලයක්..ඔය ඔබත් නිකං ඉන්න බැරිව ඊයේ පෙරේදා එහෙම එකක් දාගත්තා..දැන් උන්දැට වෙන වැඩක් කරන්න විදියක් ඇත්තේ නැහැ..කන සාක්කුවේ දාගෙන කොමෙන්ට් වලට රිප්ලයි කොරනවා.. අර ප්‍රසන්න ගොයියට ඊට එහා..ඒකට ඊ ළග/ පෝස්ට් එක දාන්ටවත් නිස්කාන්සුවක් නැද්ද කොහේද..?

    ඔයා විතරක් ඔහොම සතුටෙන් ඉන්නවා දකිනකොට අපිට නිකං හිතට හරි නැහැ හරි නැහැ වගේ..:D
    අනික නිකං ඉන්න එපා ඔය හැම ටෝකටම පැටලෙන්න..දියුණු වෙන්නේ බලා ඉද්දී..:D:D:D

    ReplyDelete
  33. @ItalyDilan...

    ඉතාලියෙන් ඇහෙන කතා කියලත් එකක් තිබුනා වගේ මතකයි..:D

    ReplyDelete
  34. @අභීත...

    "උගේ ලෝකය" තියෙනකල් හොඳයි ඉතිං..:D

    ReplyDelete
  35. @හිස් අහස...

    බුකියේ මං කල් මරනවා නෙවෙයි බං එතන ඉන්න එකාලා මාව මරනවා..
    ලිව්වා ලිව්වා ඕන්න මං උඹට බයිට් එකක් හදා ගන්න විදිය ලිව්වා ඊ ළග එකෙන්

    ReplyDelete
  36. @නලිනි චන්දිමා...

    හුම්..(වැදගත් තාලෙට)

    ReplyDelete
  37. @ZuRi...

    හුම්..(නැවතත් වැදගත් තාලය)

    ReplyDelete
  38. @පන්සල් හංදිය...

    ඒකනං ඇත්ත..ලේසි වැඩක් නෙවෙයි..ඉස්සරනං මාත් දවසට එක ගානේ වගේ හිටින්න දැම්මා..ඒත් දැන් ඒ ගැන හිතනකොටත් දුකයි..ඒත් තවමත් හිටි හැටියේ දවසක් ලැබුන ගමන් එකපිට තුන හතරක් හරි දාලා මාසේට වැටෙන පෝස්ට් ගාන පොඩ්ඩක් ෂේප් කරං ඉන්නවා...

    ආයෙමත් වෙලාවක බලන්න ඕන මොනවා හරි කරලා දින ගානට හරියන්න පෝස්ට් දාන්න...

    ReplyDelete
  39. @නිසුපා...

    ලියනවා ලියනවා...නගේ..නැත්තං නිකං මටත් කෑවේ නැහැ වගේ...
    බය වෙන්න එපා හෙට අනිද්දට රංග අයියනං එකක් ලියයි...උන්දැට තියෙනවා පිළිතුරු ගීත ගායනයක් කරන්න...

    ReplyDelete
  40. මේක දැම්මෙ නැත්නං ම තාමත් දන්නෙ නෑ ඔබා බ්ලොග් එකක් ලියනව කියල.

    ReplyDelete
  41. අවධානමට පෙර අවධානය...

    හික්ස්...........:D

    ReplyDelete