29 August 2011

බිත්තර තම්බන හැටි සහ ඔම්ලට් වලට වද දීම...


මොකද හිතෙන්නේ මාත්තුරුකාව දැක්ක ගමන්..?

ඔව් මං දන්නවා අනේ මූට පිස්සු..දැන් ලියන්න ඒවා නැතිව මේකා මේ බිත්තර තම්බන හැටි අපට කියා දෙන්න එනවා කියලා නේද හිතුවේ..?

රයිටෝ නෝනාවරු මහත්වරු එහෙම හිතුවනං මට හෙම කොරන්න දෙයක් නැහැ. මොකද කිව්වොත් ඒකත් හරි වගේ හින්දා.. ඇත්තටම ලියන්න දෙයක් නැහැ.ඒත් නොලියත් බැහැ.

ලියන්න දෙයක් නැහැයි කිව්වේ මගේ කතා පොත ඉවර වෙලා කියන එක නෙවෙයි... ඒවා තාම ඉස්ටොක් එකේ තියෙනවා..අප්පා එහෙම කිව්වාමයි මතක් උනේ බණ කතාවක් පටන් ගත්තා ඒක කොට උඩ..ජුංඅලයා මලාද මංදා.. ඒ එකක්වත් ලියලා ඉවර කලේ නැහැනේ. මට වෙන්නේ ‍ඔහොමම තමා..හැම අට්ටාලෙම බදාගෙන පටන් ගන්නවා අන්තිමේදී අවසානයක් නැහැ..ඒත් ඉතිං ඔය ආයෙමත් ලියන්ට දෙයක් නැතිවම ගිය වෙලාවක ඇදලා ගන්ට බැරියෑ..

ඉතිං ඔන්න කිව්වා මට ලියන්ට ඒවා නැතිවත් නෙවෙයි..ඒත් ඒ එකක්වත් ලියන්ට තරං මට කිසි ඇවිස්සිල්ලක් උනේ නැහැ..අර සිංහලෙන් කියන්නේ ගෝ එකක් නැහැ කියලා..ආන්න එහෙම එකක් තමා.

මට ඉතිං මොනවා හරි ලියන්ට හිතෙන්නේ බොහෝමයක් දුරට ඔය අතට අහු වෙන එවෙලේ හිතට එන ඒවා ගැන තමා. මෙනවා හරි තොලේ කටේ ගෑවුනම කවි නොහොත් අ‍ඳෝනා සහ විලාප ලිය වෙනවා වගේ ඒ ඒ දේවල් ලියන්ට වෙන වෙනම වෙලාවක් කලාවක් තියෙනවා.ආයේ අමුතුවෙන් ලියනවා කියලා හිත හිත ලියන එක හරි අමාරු වැඩක්. ඒ වගේ ඉතිං අදත් මේ හදිසියේ බ්ලොග් එකක් බල බල ඉද්දී මේ ගැන ලියන්ට හිතුනේ...

ඒ බ්ලොග් එකේ තිබුනේ බිත්තර ගැන පෝෂණ පාඩමක් ඉතිං ඒක බලද්දී හිතුනා ලියන්ට ඕන අද බිත්තර ගැන කියලා... එහෙම හිතිලා තමා මාත්තුරුකාව දැම්මේ... ඉතිං බලමු මට මොනවද බිත්තර ගැන ලියන්ට තියෙන්නේ කියලා..ආ ආ අමතක කරන්න එපා මං ඔය පෝෂණය ගැන වත් බිත්තර ඇති වෙන හැටි ගැනවත් ඔය සම්බන්ධව විද්‍යාත්මක ලිපිවත් ලියන්ට හදනවා නෙවෙයි..මං ඕවා දන්නෙත් නැහැ..මට ඒවා ගැන ඒ හැටි උනන්දුවකුත් නැහැ. ඒ කිව්වේ ඔය පෝෂණේ ගැන නෙවෙයි..අනිත් දේවල් ගැන.

ඉතිං අපි අද බලමු බිත්තර වලට දෙන්න පුළුවන් වද කිහිපයක්..ඒ කිව්වේ බිත්තර කෑමට සකස් කර ගන්න ඇහැකි ක්‍රම ගැන..

පළවෙනි එක හරි පහසුයි...

ඉස්සර අපේ තාත්තා අපි හිච්චි උන් සන්දියේදී බිත්තරයක අර කටුව ටිකක් මුදුන් වෙලා තියෙන තැනක් හිල් කරලා අපිට දෙනවා බිත්තර බොන්න කියලා. මාත් කිහිප වංගියක් එහෙම බීලා තියෙනවා..ඒත් මටනං ඒක ඒ හැටි සැටිස් නැහැ.අනික පස්සේ කාලෙක කියවපු ලිපියක තිබුනා බිත්තර කටුවේ තියෙන විෂ බීජ එහෙමත් ශරීරෙට ඇතුළු වෙන්න පුළුවන් කියලා ඔය ක්‍රමයෙන්..ඒ විතරක් නෙවෙයි අමු බිත්තරවල ඔය මොකක්ද මගුලක් තියේළු අපිව ලෙඩ කරවන..මං දන්නේ නැහැ ඒවා..කොහොම හරි රහ ගැන මට පැහැදීමක් නැති හින්දාම මං ඒක නැවැත්තුවා.

අංක දෙක තමා ඉතිං තම්බන එක...

ඕකට ඉතිං කුකරි ක්ලාස් යන්ට ඕනද නේද..?නටන වතුරේ දාලා ටික වෙලාවක් රත් කොලහම ඕක තැම්බෙනවනේ.. තව ඉතිං තම්බපු බිත්තරේ කටුව ගලවන්න පහසු වෙන්න ඔය බිත්තර‍ තම්බන වතුර එකට ලුණු කැට කිහිපයක් දාන සිරිතකුත් තියේ..එතකොට කටුව ගලවද්දී පහසුයි..නැත්තං කටුවත් එක්ක බිත්තරයේ මාංශකොටසුත් ගැලවෙනවා.

අංක තුන තමා හාෆ් බොයිල්...

මහ ගේමක් නැහැ මේකත් අර වගේම වතුරෙන් තම්බනවා ඒත් ඒ හැටි වෙලාවක් නෙවෙයි යන්තම් බාගෙට තම්බලා අරගෙන බිත්තරය දෙකට කඩලා හැන්දක් ආධාරයෙන් අර ඇතුලේ තියෙන බාගෙට තැම්බුන බිත්තර කොටස් ටික පොඩි භාජනයකට අර ගන්න තමා තියෙන්නේ... මේකෙදී ඇත්තටම බිත්තරය හොඳට සවි වෙලා නැහැ..අර්ධ මාශ..අර්ධ ද්‍රව ගතියක් තියෙන්නේ.. කහ මදේ එහෙම තැම්බිලා නැති තරං.. ඉතිං එහෙම තියෙන බිත්තරයට ල්‍රණු කුඩු..ගම්මිරිස් කුඩු පොඩ්ඩක් දාලා රස්නේ පිටම හැන්දකින් අරගෙන කන්න පුළුවන්.. හරිම රසයි ඕකනං.. පාන් කන්න එහෙමත් ටොප්.

ඔය උණ ගැනිලා එහෙම කන්න අප්පිරියාවෙන් ඉන්න වෙලාවට රෝස්ට් කරපු පාන් පෙති දෙකක් එක්ක බිත්තරයක් බාගෙට තම්බලා ගත්තම කරදරයක් නැතිව කන්ට ඇහැකි.

අංක හතර වෙන්නේ බිත්තර බැදලා...

ඒ කියන්නේ සිංහලෙන්නං බුල්ස් අයි.. ඕක ඉංග්‍රිසියෙන් කියනකොටනං කියන්න වෙන්නේ හරක් ඇහැ කියලා තමා.. කොහොම හරි ඔය නම වැටෙන්න ඇත්තේ මේකෙදි සුදුපාට බිත්තරේ මැදට කහ පාටට කහ මදය එන්න බැද්දම එන පෙනුම නිසා වෙන්න ඕන.. එත් සමහර අය බඳින බිත්තර වලදීනං ඔය දෙකම කලවං වෙලා මොන ඇහැක්වත් නැහැ..නිකං සුද මතු උන ඇහැක් වගේ වෙනවා.. ඒත් ටිකක් විතර බොකුටු තාච්චියක් ඒ කිව්වේ මේ ආප්ප හදන තාච්චියක වගේ එහෙකදීනං ඔය කහ මදේ මැදට එන විදියට බිත්තර බදින එක සිම්පල් වැඩක්...ඔන්නං මං බැඳපු බිත්තරයක පින්තූරත් මෙතන එල්ලන්නංකෝ..


බිත්තර බුල්සායි දාලා ඒකට ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක් දෙහි ඇඹුල් චුට්ටක් දාලා ගත්තම පංකාදු පහයි..ආයේ මං ඕවා කියන්න ඕන නැහැනේ...බිත්තර බැඳලා කාලා නැති අය නැහැනේ...

අංක පහ වෙන්නේ බිත්තර හොඳි...



සමහරු බිත්තර තම්බලා ඒක කිරි හොද්දට දාලා ගන්නවා..ඒකත් බිත්තර හොදි තමා..ඒත් මං කියන්නේ ඒක නෙවෙයි..එහෙමත් නැත්තං ඔය මුරුංගා උයද්දී එහෙම නටන හොද්දට බිත්තරයක් කඩලා දැම්මම ඒ හොද්ද රස වගේම ටිකක් උකු වෙන ගතියක් තියෙනවනේ..මේ කියන්නේ ඒකත් නෙවෙයි..

බිත්තර වණ්ඩුවේ තම්බලා අරං හොදි හදන හැටි ගැන...මේකෙදි කරන්නේ බිත්තර සාරුව හොදට ලුණු කුඩු.. පහේ කුඩු..මිරිස් කුඩු.. හීනියට ලියපු කරපිංචා..අමුමිරිස්..රතුළුණු.. එහෙම දාලා කලවං කරගෙන..ඒ කිව්වේ අර අපි ඔම්ලට් හදන්න යනකොට වගේ.. එහෙම කරලා ඒ බිත්තර සාරුව ස්ටීමරයකින් තම්බ ගන්න ඕන... ඉස්සර අපේ තාත්තනං ඕක තැම්බුවේ හොදට සිදුරු නැති කැන්ද කොලයක් අරං ඒක ගොටුවක් වගේ ගහලා ඒකට බිත්තර සාරුව දාලා ඒ ගොටුව ඉඳිආප්ප තම්බන මුට්ටිය උඩින් පෙරලෙන්නේ නැති විදියට තියලා හොදට අර ඉදිආප්ප තම්බද්දී වහන එකෙන්ම වහලා තමා..දැන්නං ඕක කරදරයක් නැතිව පොඩි භාජනයකට දාලා ස්ටීමරයක් ඇතුලෙන් තියලා සුටුස් ගාලා තම්බ ගන්න ඇහැකි නෙව..

එහෙම තම්බ ගත්තට පස්සේ ඕක හරි විසාලෙට හැදිලා එනවා..ඊට පස්සේ ඒක කෑලි වලට කපලා කිරි හොද්දකට දාලා උයා ගත්තම පුදුම රසයි. ආන්න ඒකටයි බිත්තර හොදි කියලා කියන්නේ..නැතිව කිරි හොද්දට බිත්තර තම්පලා දාලා නෙවෙයි.

දැන් අංක හයට යං..බිත්තර තම්බලා බැදලා...

ඇහ් හිතුවා නේද මට මඤ්ඤං කියලා..අනේ නැහැ එහෙමත් විදියක් තියේ..ඒ කියන්නේ මුලින් බිත්තරය තම්බලා කටු ඉවත් කරලා අරගෙන ගැඹුරු තෙලෙන් බදිනවා..එතකොට බිත්තරේ පිට පැත්ත රත්තරං පාටකට හැරෙනවා.. පිටතින් ටිකක් රැළි රැළි වෙන්න වගේත් බලනවා..ඇතුලත හොද ගණකම ගතියක් එනවා..ඒකත් හොද රසවත් කෑමක්...

සමහරු බිත්තරේ තම්බලා කෑලි කපලත් බදිනවා..සමහරු එහෙං පිටිංම බිත්තරත් බදිනවා.. කොහොම කලත් රසයි..හැබැයි ඕක හොදම විදිය තමා ගැඹුරු තෙලේම බැද ගත් අලත් එක්ක කලවමට දාලා කෑලි මිරිස් ටිකක් එහෙම දාලා තෙල් දාලා ගත්තම...දන්නවනේ අර අල තෙල් දාන විදිය..ආන්න එහෙම.. පුදුම රස කෑමක් තමා ඒකනං...

තව හුගාක් විදි තියෙනවා බිත්තර කෑමට ගන්නා..ඔය බිත්තර ආප්ප..බිත්තර රොටී එහෙම වගේ..ඒත් මං දැන් මේක අවසන් කරන්නයි යන්නේ තව එක විදියක් කියලා..

හත්වන ක්‍රමය බිත්තර ඔම්ලට්...

මෙන්න මංනං ආසාම විදිය...
ඔම්ලට් හදන එක එක පැත්තකින් බැළුවම අමාරුනං නැහැ..ඒත් එහෙම හදන හැම ඔම්ලට් එකක්ම රසත් නැහැ..ආන්න ඒක මතක තියා ගන්න ඕන...

මං මොකද ඔහොම කියන්නේ මං වතාවක් දෙවතාවක් සමහර තැන්වලින් කාපු ඔම්ලට් ඒ වගේ මෙලෝ රහක් නැති ඒවා..ඒ අතරින් එක ඔම්ලට් එකක් දාලා දුන්නේ මං ආස්සරේ කරන කතෝලික ගෙදරකින්. ඒ ගෙදර අම්මා බොහෝම රසට කෑම හදන කෙනෙක්. කොහොමත් ඔය මස් මාළු වර්ග රසට උයන්න පිහන්න බොහෝමයක් කතෝලික අයට පුළුවන්..මං එහෙම කියන්නේ අත්දැකීමෙන්ම තමා. ඉතිං එක දවසක් අර දිහායින් අපට බිත්තර ඔම්ලට් එකක් දාලා දුන්නා පොඩි කට ගැස්මක් විදියට..

ඇත්තටම ඒ අළුත් අවුරුදු දවසක බියර් බෝතලයකට සම්මාදන් වෙලා ඉද්දී... අනෙ හත් ඉලව්වේ ඒ ඔම්ලට් එකනං මෙලෝ රහක් නැහැ..නිකංම බිත්තරෙකට ලුනු මිරිස් කුඩු දාලා බැදලා දීලා වගේ... ඔය වගේම වැඩක් උනා මේ දැන් මාස කිහිපයකට කලිනුත් මං බියර් එකක් බොන්න කියලා මේ ළග පාත රෙස්ටොරන්ට් කියලා බෝඩ් එකක් ගහලා තියෙන තැනකට ගියහම.. ඔම්ලට් එක රුපියල් 80 ක් ඒත් මටනං රුපියල් පහක් වටින්නේ නැහැ.මෙලෝ රහක් නැහැ...

හැබැයි ඔහොම කිව්වම අපේ රංගයා කියයි ඌට අහු වෙච්ච හොඳ ඔම්ලට් එකක් ගැන ඒත් මේ යක්කල ලෙටෝනා එකේ බියර් එකක් බොන්න ගිය වෙලාවක ඌට අහු වෙච්ච.. ඌනං ඒකට පුදුම විදියට වහ වැටිලා කියලා මට තේරුනේ අපි වෙන තැනකට බොන්න යන වෙලාවකත් මූ අරකෙන් ඔම්ලට් එකක් අරං ඇවිත් තිබුන හින්දයි.. ඒ කතාව ඒකා කියයි...

ඉතිං අවසාන ක්‍රමය සහ මං ආසම ක්‍රමය වෙච්ච බිත්තර ඔම්ලට් එකක් හදන හැටි සහ ඒකට කරන්න පුළුවන් වෙනස් කම් කිහිපයක් ගැන කියන්නං...

සාමාන්‍ය ඔම්ලට් එකක් හදන්නේ මෙහෙමයි...

බිත්තරයක් කඩලා අරගෙන එකේ සාරුව හොඳට බීට් කර ගන්න ඕන... ඔයාලටනං බීටර් එහෙමත් ඇතිනේ.. ඒත් මට එව්වා නැහැ.. මංනං කරන්නේ ගෑරුප්පුවකින් හොඳට ගසා ගන්න එක තමා.. බිත්තර සාරුව පෙන දානකල්ම ගසා ගන්න ඕන... හොදට මිශ්‍රණය හැදුනම ඒකට ලුණු කුඩු තේ හැදි කාලක් විතර වෙන්න දාන්න.. එහෙම දාලා ආයෙත් හොදට බීට් කරන්න.. ඊට පස්සේ ගම්මිරිස් කුඩු තේ හැදි කාලක් දාලා ආයෙත් බීට් කරන්න..

කහ කුඩු තේ හැන්දෙන් 8 න් 1 ක් විතර.. ඒකිව්වේ යන්තං ප්‍රමාණයක්.. තුන පහ කුඩු තේ හැදි කාලකට පොඩ්ඩක් වැඩි වෙන්න.. මිරිස් කුඩුත් තේ හැදි කාලක්.. කෑලි මිරිස් තේ හැදි බාගයක් එහෙමත් දාලා හොදට බිත්තරේ ගසා ගන්න... දැන් ඒ ටික හරි ඒක පොඩ්ඩක් පදම් වෙන්න තියලා මේ ටික කරන්න..

ලොකු රතුළුණු ගෙඩි දෙකක්
හොඳවැයින් අමු මිරිස් කරලක්
ටිප් ටොප් කරපිංචා කොල හත අටක්
ටොම්බ සයිස් සුදු ළුණු බිකක්

මෙන්න මේ ටික අරගෙන හීනියට ලියා ගන්න..සුදු ළුණු නං හොදටම පොඩි වෙන්න ඕන...අර කලින් ගසාගත්තු බිත්තරේට මේ ටිකත් එකතු කරලා හොදට ගසා ගන්න..දැන් හරි...

ඊට පස්සේ මේක බැඳ ගන්න සුදුසු භාජනයක් ලිපේ තියලා රත් කරන්න.. ඒ භාජනේ පතුල මට්ටම් එකක්නං තමා හොඳ..තාච්චිවල එහෙම ටිකක් හරියන්නේ නැහැ..

භාජනේ රත් වෙන කොට ඒකට තමන් පාවිච්චි කරන බැදීමට සුදුසු තෙල් වර්ගයකින් තේ හැන්දක විතර ප්‍රමාණයක් දාන්න..තෙල් වැඩි උනත් බැහැ..මදි උනත් බැහැ..ඒක මතක තියා ගන්න.

තෙල් ටික රත් වෙලා එනකොට අර භාජනය ටිකක් කරකවලා තෙල් ටික භාජනයේ පතුල පුරාම තැවරෙන විදියට ගලා යන්න සලස්වන්න..

ඊට පස්සේ එක පාරින්ම අර රත්වෙච්ච භාජනේට බිත්තර මිශ්‍රණය දාන්න..දාපු ගමන්ම බිත්තරේ බැදෙන භාජනෙත් ටිකක් අර ආප්ප තාච්චිය කරකවනවා වගේ කරකවලා බිත්තරේ හොද රවුමට හැඩේ එන විදියට හදා ගන්න...(අර මං උඩින්ම දාලා තියෙන එකේ හැඩේ පොඩ්ඩක් අප්සෙට් නේද..? ඒ කැරකවීම පිළිබඳ ගැටළුවක් එහෙම නෙවෙයි..බිත්තරේ උඩ දාලා අනිත් පැත්ත ගහන කොට එක කොනක් නැවිලා හිටලා..) ඊට පස්සේ හුමාලය පිට නොවෙන විදියට භාජනේ වහන්න..ගින්දර යන්තමට තියන්න තත්පර 30ත් විනාඩියත් අතර කාලයකදී වැහුම් ඇරලා බලන්න බිත්තරේ යන්තම් තැම්බිලාද කියලා..ඒ කියන්නේ අර ගලාගෙන යන සාරු ගතිය නැති වෙන මට්ටමට තැම්බිලාද කියලා..

ඇත්තටම බිත්තරේ වහන්නේ නැතිව බදින්න ගියහම තමා තෙල් වැඩිය යන්නේ..අඩිය අල්ලන්නේ..කර වෙන්නේ..ඒත් බිත්තරේ ඉක්මනටම වහපුවාම ඇතුලේ ඇතිවන හුමාලයෙන්ම ඒක තැම්බෙන්න ඇරියම බිත්තර‍ය අඩිය කර වෙන්න කලින් තම්බ ගන්න පුළුවන්.
ඊට පස්සේ තැමතිනම් බිත්තරය අනිත් පැත්ත දා ගන්න පුළුවන්..නැත්තං දෙකට නවන්න පුළුවන්..එහෙමත් නැත්තං එක පැත්තක් විතරක් කර වෙලා..අනිත් පැත්ත සාමාන්‍ය විදියට තියෙන විදියට ලිපෙන් බා ගන්න පුළුවන්.. ඒක තමුන් කැමති ආකාරයට තමා..මංනං සාමාන්‍යයෙන් දෙපැත්ත දානවා..ඒත් මුලින් දාපු පැත්ත තරමටම අනිත් පැත්ත කර වෙන්න දෙන්නේ නැහැ..මොකද ඒ පැත්තේ ළුණු අමු මිරිස් වගේ දේවල් ඕනවට වඩා කර උනොත් රස වෙනස් වෙන හින්දා..මේ තියෙන්නේ අද උදේ මං හදාගෙන එන බත් මුලට තියන්න මං හදාපු ඔම්ලට් එකේ පොටෝ කෑලි දෙකක්..ඔන්න බිත්තරේ දෙපැත්තම පේන්ට තියෙනවා..ඔය විසාලෙට පේන්න තිබුනට ඕකට මං පාවිච්චි කලෙත් එකම එක බිත්තරයක් විතරයි..


ඔන්න වැඩේ අහවරයි..


දැන් කියන්ට යන්නේ ඔම්ලට් එකේ වෙනසක් කරන්න පුළුවන් විදි ගැන.. එහෙම වෙනසක් කරලා හැදුව ඔම්ලට් එකක් ගැන විස්තරයක් මං කලිනුත් දාලා තියෙනවා සමහර අයට මතකත් ඇති.

ඒ වගේම වැඩ අපිට කරන්න පුළුවන්...
බිත්තර ඔම්ලට් එකට උම්බලකඩ කෑලි මේ ස හැන්දක් විතර එකතු කරන එක..මෙහෙම හැදුවමත් බොහෝම රසයි..විශේෂයෙන්ම කට ගුස්මක් විදියට ඔම්ලට් එකක් හදද්දී උම්බලකඩ ටිකක් දාන්නම ඕන..එතකොට ටිකක් කටට රසට වගේම හැපෙන්නත් තියෙනවනේ..වැඩේ අති සාර්ථකයි.

ඒ වගේම කූනිස්සන් ටිකක් හරි කැබළි කර ගත්ත ඉස්සන් හරි කලින් බැදලා අරං මිශ්‍රණයට එකතු කිරීම..

බැදලා කුඩාවට කඩා ගත්ත කුකුළු මස් හෝ මාළු කැබලි එකතු කිරීම...

ලොකු ඉති ඉවත් කරගත් මුරුංගා කොල මිටක් මිශ්‍රණයට එක්කාසු කිරීම...

කරපිංචා වලට සමාන ප්‍රමාණයකින් කතුරුමුරුංගා කොල සිහින්ව ලියා එකතු කිරීම...

ඔන්න ඔය වගේ විවිධ වෙනස්කම් කරන්න පුළුවන් ඔම්ලට් වලට... ඒ වගේම මිශ්‍රණයට දෙහි ඇඹුල් එකතු කිරීමනං හොද නැහැ..එහෙම කලාම බිත්තරය සෙට් වෙන්නේ නැහැ..කැඩෙන්න බලනවා..ඒ හින්දා දෙහි අඹුල් එකතු කරන්න ඕන බිත්තරේ බැදලා අහවර වෙලාම තමයි.

බිත්තර මිශ්‍රණයට පාන් පිටි තේ හැන්දක් එකතු කිරීම හරහාත් ලොකු වෙනසක් දකින්න පුළුවන්..එහෙම හදනකොට බිත්තරේ කැඩෙන්නේ නැතිව හොදට ගලවගන්න පුළුවන්..මතක තියා ගන්න වෙන වෙන දේවල් එක්කාසු කරද්දි අපි මේකට දාන ලුණු ගම්මිරිස්වල වෙනස් කම් කරන්නත් ඕන කියන එක..උදාහරනයක් හැටියට එළවළු එකතු කරද්දි ලුණු ටිකක් වැඩි කරන්න ඕන වගේම..මාළු හරි ඉස්සෝ හරි දාද්දි එකතු කරන ලුණු යන්තමට හරි අඩු කරන්න බලන්න ඕන.. අනිත් කලමනා ගැනත් හොද අවධානයෙන් වැඩේ කරන තරමට අපට හොඳ ඔම්ලට් එකක් දා ගන්න ඇහැකි වෙනවා..

එහෙනං ඔන්න මං මට මතක් වෙච්ච හැටියට ඔය ටික කිව්වා... තව ඉතිං ඔය දොඩම් වලට එකතු කරලා වගේම කෝපිවලට දාලා බොන විදි එහෙමත් තියෙනවා..දන්නේ නැත්තං අහන්ට ඒවත් කියඤ්ඤං...

බිත්තර තැම්බිල්ලේ සිට තව තව වල් පල් ටිකක් කියලා ඔන්න මං තවත් පෝස්ට් එකක් ගොඩ දා ගත්තා..මේක කියවලා තමුන්නැහේලට ගන්ට දෙයක් තිබ්බද නැද්ද කියලනං මං දන්නේ නැහැ ඕං...

56 comments:

  1. බිත්තර කියන්නෙ මගෙත් ටොප්සි කෑමක්..:)

    ReplyDelete
  2. මම හිතන්නෙ මාරයියට මිස් උනේ පෝච්ඩ් එග්ස්, ස්ක්‍රැම්බල්ඩ් එග්ස් කියන දෙක විතරයි! තව බිත්තර උයන්න පස්ට විදියක් තියනවා අවන් එකක් තියේ නං. අර ස්පන්චි කේක් හදන ට්‍රේ එකක් අරන් ඒකට බේකන් දාලා කවරෙ වගේ හිටින්න, බීට් බිත්තරයක් (ලුනු, ගම්මිරිස්, කුරුඳු කුඩු) දාල බේක් කරාම නියම එග් ස්පන්චියක් එනවා. බේකන් නැත්නං පිටි කවරයක් උනත් ඔට්‍ටුයි. හැබැයි පොඩ්ඩක් අවන් එකේ තියල ගන්න ඕන නැත්නං කවරෙ අමු වෙනවා.

    http://en.wikipedia.org/wiki/Poached_egg
    http://en.wikipedia.org/wiki/Scrambled_eggs

    ReplyDelete
  3. බඩගිනි වුන සේක. මං යනව ඔම්ලට් එකක් දාගෙන පාන් පෙත්තක් කන්න. ඉතුරු හරිය කියන්න පස්සෙ එන්නං.

    ReplyDelete
  4. අයියා කලිනුත් එලොලු දාපු බිත්තරයක් හැදුව මතකයි. ඔය ඔම්ලට් එකට මං ඉස්සර චීස් කෑලි කපලා දාලා හැදුවා. එතකොටත් මාර රහයි.

    අර බිත්තර බොන්න පුලුවන්ද? අප්පිරිය නැද්ද? අපෙත් යාළුවෙක් හිටියා චර්ච් ෆීස්ට් දවස් 2ට බෑන්ඩ් එකට එන්න කලින් බිත්තරයක් බීලා එන. මතක බිත්තර කෝපි වගේ. ඒකත් ඉතින් නැතුව බෑ. මොකද ට්‍රම්පට් වල මුදුන් මුල වගේ තමා. දිගටම ඇදන් යන්න ඉන්නේ එයා.

    ReplyDelete
  5. මම බැලුව අර ඔබා අයියගේ බයිට් එක හදන හැටිවත්ද කියල...

    ReplyDelete
  6. බිත්තර බැදලා කන විදිය නම් ටොප්..අයි කියලා වැඩක් නැහැ...
    ස්ක්‍රැම්බල් එකත පට්ට..හදන්න අමාරුයි..

    ReplyDelete
  7. අපේ අප්පේ මෙහෙමත් කෑමක්, හොඳයි ඔය කොයිකත් හොඳයි. හැබැයි ඉඳ හිටලා, හැමදාම කෑවොත් අපේ කල්ල මරේ.

    ReplyDelete
  8. @වැම්පයර්...

    බලන්න ඕන ඒ ක්‍රම ගැනත් හිමින් සීරුවට...

    ReplyDelete
  9. @Observer...

    අර කුරුණෑගල ග්‍රෑන්ඩ් හෝටලේ දාපු ජාතියේ ඔම්ලට් එකක් වෙන්ට ඇති දා ගන්ට යන්නේ..හැක් හැක්...

    ReplyDelete
  10. @හා පැටික්කි...

    බිත්තර කෝපි එකත් නරකම නැහැ..හැබැයි ඒක ගානට පදම අල්ලගන්න ඕන..මටනං තාම බැහැ ඒක..ඒත් ඉස්සර අපේ තාත්තා හදලා දුන්න එකනං බොන්න පුළුවන් අවුලක් නැතිව...

    බිත්තර බීලා සෙම ඇවිස්සුනාමනං මොන ට්‍රම්පට් එකක්වත් ගහන්න පුළුවන්ද මංදා..:D

    ReplyDelete
  11. දවසක් තායිලන්තෙදි උදේට කන්න ලබුන Foo Yang Hai කියල කෑමක්... ඒකත් ඔම්ලට් එකක් වගේ තමා.. හැබැයි ඔය ගෝව ,පතෝල වගේ ජාතියක්, පැලවෙච්ච බෝන්චි ඇට හෙම දාල හදල තියෙන්නෙ... ඒක තනිකරම කෑම වෙලක්.. උඩින් තම්බපු ග්‍රීන්පීස් ටිකක් එක්ක සර්ව් කරන්නෙ..

    ......

    බිත්තර එක්ක මොනදේටත් හොඳින් සෙට් වෙන දෙයක් තමා බේකන්...

    ReplyDelete
  12. @Tanikada Jeewithe...

    ආ නැහැ නැහැ ඒකක් නෙවෙයි..
    ආන්න ඒ ජාතියේ එකක් දාන්ට කියලා ඔබා අයියා දිව්වා කල බල වෙලා..හික්

    ReplyDelete
  13. @ChammA...

    බලන්ට ඕන ඒ කෙහුරත් කොයි වගේද කියලා..?

    ReplyDelete
  14. @වෙද ගෙදර මහ වෙදනා...

    අපොයි මංනං ඔය කොයි ලෙඩේටවත් ඉස්සර බය නැහැ..මොකද මං ඒ දවස්වල සමහන් දාලා අලක්කු බොනවනේ..ඒත් දැන්නං ටිකක් කල්පනාවෙන් තමා ඉන්ට වෙලා තියෙන්නේ..

    ReplyDelete
  15. @සපතේරු උන්නැහේ...

    අපොයි ඔව් මං නොකිව්වට මාත් ඔය බිත්තරේකට පාන්පිටි මේස හැදි දෙකක් විතර දාලා..ඒකට රටේ තියෙන තරං අතට අහුවෙන් කන්ට ඇහැකි ජාතියි දාලා ඔහොම ගේම් දෙනවා..තනිකර නිකං අමුතු බනිසක් වගේ හිටිනවා...වේලක් පිරිමහගන්ට ඇහැකි වැඩ ඒවා..උයන්න පට්ට කම්මැලි උනාම කරන වහුටු වැඩ තමා ඒ..

    ReplyDelete
  16. @සපතේරු උන්නැහේ...

    ඔය බේකන්නං මං දෙවංගියක් විතර කාලා තියේ..අනේ මංදා මට ඒක ඒ හැටි අල්ලලා ගියේ නැහැනේ.. ඒ දවස්වල පොඩි හින්දා වෙච්ච අවුලක්ද දන්නේ නැහැ..වෙලාවක ගෙනත් ගේමක් දීලා බලන්න ඕන..

    ReplyDelete
  17. //උයන්න පට්ට කම්මැලි උනාම කරන වහුටු වැඩ තමා ඒ..//

    හත්තිලව්වෙ මගෙ භාට් එකසිය ගාන...

    ReplyDelete
  18. බේකන් වලට ආපහු සෙට් වෙන්නනම් යන්නෙ ඉස්සෙල්ලම අර කලින් කියපු ජාතියෙ ෆ්‍රයිඩ් රයිස් එකකට යන්තම් බැදපු බේකන් ටිකක් දාල ගන්න.. ආයි ෆ්‍රයිඩ් රයිස් කන්නෙ නෑ බේකන් නැතුව..

    ReplyDelete
  19. @සපතේරු උන්නැහේ...

    අන්න ඒකනං හොඳ ඔත්තුවක්..කරලා බලන්න ඕන..මොකද මං ඒ රයිස් එකට ඔයිට කලින් විනාකිරෙන් පදම් කරපු වේලිච්ච හතු බැදලා දාලා ට්‍රයි කලා..වැඩේ ගොඩ.. මට ඒක ඒ පෝස්ට් එකේදී දාන්න අමතක උනා...

    මං හිතන්නේ බේකන් මේකට සෙට් වෙයි වගේ..හිටුකෝ...

    ReplyDelete
  20. මම බිත්තර අද වෙනකං බීලා නං නැහැ, කටට කෙලත් ඉනුවා අර ඔම්ලට් එක දැකලා ........

    ෂෝක් බ්ත්තර පාඩම .......

    ReplyDelete
  21. අඩෝ කුක්-කුමාර නොහොත් කුක්කුමාර.

    "මේ දැන් මාස කිහිපයකට කලිනුත් මං බියර් එකක් බොන්න කියලා මේ ළග පාත රෙස්ටොරන්ට් කියලා බෝඩ් එකක් ගහලා තියෙන තැනකට ගියහම.. ඔම්ලට් එක රුපියල් 80 ක් ඒත් මටනං රුපියල් පහක් වටින්නේ නැහැ.මෙලෝ රහක් නැහැ"

    " ලෙටෝනා එකේ බියර් එකක් බොන්න ගිය වෙලාවක ඌට අහු වෙච්ච.. ඌනං ඒකට පුදුම විදියට වහ වැටිලා කියලා මට තේරුනේ අපි වෙන තැනකට බොන්න යන වෙලාවකත් මූ අරකෙන් ඔම්ලට් එකක් අරං ඇවිත් තිබුන හින්දයි."

    අම්මපා මුලු කතාවෙන්ම මට පෙනුනේ ඔය කෑලි දෙක විතරනේ බන් . අහිංසක ගේමක් සෙට් කොරන්ඩ පුලුවන්..

    ReplyDelete
  22. බේකන් ඇන්ඩ් එග් කනවනම් පාන් පෙති දෙක හොඳට ටෝස්ට් කරපන්.. නොවේ මෙවන් වින්දනයක් ලොවේ. හොඳට තම්බපු බිත්තර පොඩි බටර් එක්ක හරි මාගරින් එක්ක හරි පොඩි කොරල ලුනු, ගම්මිරිස්, අවුමිරිස් පොඩියට කපපුවා සහ කුඩාවට කපාගත් තක්කාලි දාලා අමු පාන් පෙතිත් සමග. දිවියලෝකේ ගියා වගේ. උබගේ ඔම්ලට් එක බාගන්න කලින් චීස් පෙත්තක් මැද්දට දාලා විනාඩියක් විතර තියල දෙපැත්තෙන් වහල ගන්න.. චීස් ඔල්මට්.. තම්බපු මාලුයි තම්බපු බිත්තරයි ටෝස්ට් පෙති දෙකක් එක්ක.. මරේ මරු.. ඔය බයිට් එකට ඔම්ලට් කාලා මතක ඇතුව හෙල්මට් දාලා පලයන් නැත්තන් රාලහාමිලටත් බොන්න සල්ලි දෙන්න වෙනව.

    ReplyDelete
  23. අර බිත්තර තම්බල තෙලේ බඳින සීන් කෝන් එක කරල බලන්න ඕනි... යකෝ අයීයේ දැන් මේක රස සරනිය වගේනේ.... කෑමමයි.. මේ වගේ අපිටත් අත්හදා බලන්න පුලුවන් කෑම නම් දැම්මත් කමක් නෑ... හික් හික්

    ReplyDelete
  24. @පන්සල් හංදිය...

    බලන්නත් එක්ක බීලා බලමු..ඒත් මං හිතන්නේ ගම් බිත්තරයක් තරංනං ෆාම් බිත්තර රස නැහැ...

    ReplyDelete
  25. මාරයියා , බිත්තර ඔම්ලට්ටුවට මම නම් චීස් දානවා... පිස්සු හෑදෙන සඳ!

    අර චීස් වෙජ්(ත්‍රිකෝණ) එකක් අරගෙන ඒක චුට්ටි කොටු කොටු කරලා , එක්කො කෑලි කරලා, ඒක ඔම්ලට්ටුව ටිකක් සවි වුනාම දාන්නකෝ උඩට. එක්කො චීස් බෝලයක් අරගෙන ග්‍රේට් කරපු කුඩු ටිකක්... ඒක නම් අනිවා දෙපෑත්ත දාන්න. එතකොට චීස් තියන පෑත්ත ලාවට කරවෙන්න ඈරලා ඉක්මනින් ගන්න ඕනෙ..

    පීසා ඕනෙ නෑ.. නියම පීසා රසයි ඔම්ලට්ටුව... :)

    ReplyDelete
  26. මාරයියගේ බඩ ගින්න නිවන්න මේ සයිස් බිත්තරයක් ඇති වේවිද ?

    http://2.bp.blogspot.com/_Shfyng1NfXA/S-1tjU4B7TI/AAAAAAAAAAM/dumRqKzHZO4/s1600/hardboiled.gif


    ඕක පැස්බර බිත්තරයක්.

    ReplyDelete
  27. මට බඩගිනියි මම යනවා...

    ReplyDelete
  28. බිත්තර බොන වැඩේ නම් මට ටිකක් අප්පිරියයි වගේ අහනකොටත් :) ඒ උනාට අපි පොඩි කාලේ සමහරු ශක්තිජනක පානයක් විදියට බිත්තර බිව්වා මතකයි!

    අර බිත්තර හොද්ද ගැන නම් ඇහුවේ අදමයි, ට්‍රයි එකක් දෙන්න ඕනෙ වෙලාවක... බිත්තර කිරිහොද්ද නම් ඉතින් අපේ අම්මගේ ෆේවරිට් රෙසිපි එකක්, ගෑවුන තැන කතහැකි.

    තව ක්‍රමයක් කියන්නම්, අපේ අම්මා ඉස්සර හදනවා බුල්ස් අයි එකේ කහමදේ පොඩ්ඩක් කලවම් කරලා අරන් පස්සේ බිත්තරේ දෙකට කපලා (ඒ කියන්නේ අඩසඳ හැඩේට) අරන් කිරි හොද්දට දාලා... ඉඳිආප්ප එක්ක හෙම මරේ මරු!

    ReplyDelete
  29. @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා...

    ව්‍යයාකරණානුකූලව එම වාක්‍යය වල ඇත්තේ කුමන කාලයට අයත් ක්‍රියාවන්දැයි බලාපිය...:D

    ආවා මෙතන ගම ගිනි ලන්ට... හනුමන්තා...චිපු...

    ReplyDelete
  30. @මාතලන්...

    ඔය කිව්ව ටික ඔක්කෝම කොරන්න ඕන හැකි ඉක්මනින්ම..තැන්කූ වැඩේ ගැන පාඩම කිවුවට...

    ReplyDelete
  31. හ්ම්ම් හොද වෙලාවට මේ දවස්වල බිත්තර රෙසිපි දැම්මේ. පසු ගිය කාලේ එහෙම මේක දැම්මනම් අපිට තමයි බිත්තර දාන්න වෙන්නෙත්.

    ReplyDelete
  32. @පිස්සා පලාමල්ල...

    ඔන්න බලහං..පොඩ්ඩක් බලහං..අර මාර සරණිය කියන නම තියෙන ලේබලය දිහා..මේකත් සරණියම තමා..
    අනික බලහං ඒකේ පෝස්ට් කීයද තියෙන්නේ කියලා..මේකත් එක්කම 12යි.. යකඩෝ පෝස්ට් 12න් මං මොනවා කොරන්නද..හිටු තව මග එනවා..පරිප්පු සම්බල්..පොළොස් ඇඹුල් එහෙමත්...මගේ ටාගට් එක ඔය ලේබලය ඉස්සරහින් පෝස්ට් 50ක්වත් ලියන්න සලස්වන්න

    ReplyDelete
  33. @ජීවිතේ මල්...

    හම්මේ දිලෝ..ඒකනං මං එක වංගියක් කොලා.. මල් හතයි තමා ඕං...

    ReplyDelete
  34. @ඉඳුනිල්...

    තාර බිත්තරනං කාලා ඇත... ටිකක් පිළී රහ වැඩියි..ඒත් හොඳයි..ඒත් මට තවම ඔම්ලට් එකක් දාන්න තාර බිත්තරයක්නං හම්බ උනේ නැහැ...යකෝ පැස්බරු වැඩිය නැහැ නේද බිත්තර තම්බං කන්න තරං...

    ReplyDelete
  35. මාරය්යේ..... දැන් යන විදිහටනම් පබ්ලිස් මාමාටත් ඉක්මනට තියෙන කඩමලු ටිකත් එකතු කරන් ගෙදර යන්න වෙනවා.. මිනිහා ටෙලිවිසොන් එකේ කුකරි ක්ලාස් කොලාට දැන් කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ මේ ජංජාලේ හින්දා.... ඒක මාර කුක් ආක්‍රමනය කරලා තියන නිසා ආයේ මැස්සෙකුටවත් කිට්‍ටු වෙන්න බැ මේ පැත්තේ

    මොකද කියන්නේ මේවට විඩියෝ එකකුත් හදලම දාමුද වැඩේ තවත් ලේසි වෙන්න

    ReplyDelete
  36. @හරී...

    අපොයි අද බිත්තර ගණන් යයිද මංදා..:D

    ReplyDelete
  37. @ගීතක - ඇත්ත කතා...

    එක පාරක් හරි බීලා බලන්ට..ඒවත් කෙරෙන්ට එපැයි..
    අර කිව්ව ක්‍රමයට මමත් බිත්තර කාලා ඇත..ටොප් තමා..

    ReplyDelete
  38. දෙහිවල පැත්තේ පැස්බර බිත්තර තියෙනවාලු. :)

    ReplyDelete
  39. මේකනම් බිත්තර ගැන පූර්ණ විස්තරයක් ඈ..හොඳයි හොඳයි
    "Egg Bible"

    ReplyDelete
  40. රසත් ගුණත් ගැන සිතා
    කෑම හදන අපට බත් සමග ඔතා
    ගෙන යා හැකි ඉතා
    රස කෑමක් බවට කතා
    දෙකක් නැත.

    ReplyDelete
  41. @Gimhani...

    ඒකත් ඇත්ත තමා..පහුගිය දවස්වල 18 ක් විතර උනා..දැන්නං 11-12ට බැහැලා...

    ReplyDelete
  42. @දේවා ගේ අඩවිය...

    හෆොයි නොදන්න දෙමලෙට ගෙහින් වරිගෙ නහ ගන්න වෙන වැඩක් ඔය..

    ReplyDelete
  43. @ඉඳුනිල්...

    දැන් ඒ පාර අපේ උන්දලා හෙට එලාවෙනකොට දෙහිවල පැත්තේ කරක් ගහයිද දන්නේ නැහැ පැස්බර බිත්තර හොය හොයා..:D

    ReplyDelete
  44. @ඉන්දික...

    බොහොම ස්තූතියි මිත්තරයා... මට මග ඇරුන ඒවා කොමෙන්ට් හරහා අනිත් යාළුවෝ ටික කියලා තියෙනවා..අවසානයේදී මේක අංග සම්පූර්ණ බිත්තර පාඩමක් වේවි.. තව එකම අඩුවකට තියෙන්නේ තාම අපේ කවුරුවත් බිත්තරයක් දාන හැටි කිව්වේ නැති එකයි...මෙහෙම යනකොට ඒකත් කියයි..අපි බලං ඉමු...

    ReplyDelete
  45. @Luckey...

    බත් සමග ඔතාගෙන යන්ටනං අර බොලා බුකියේ දාපු තෝසේ එක විතර ඔම්ලට් එකක් දාන්ට වෙයි මගේ හිතේ...

    ReplyDelete
  46. බඩගිනියෝ..............

    ReplyDelete
  47. කුක්කුමාර :-D

    ReplyDelete
  48. නියම බිත්තර පාඩම මාරයෝ.
    මාත් ආසම එක් තමයි ඔය බිත්තර හොද්ද. අර කියන කලමනා ටික කෝප්පෙකට දාල නටන උණුවතුර එකක තියල පියනකින් වහල තිබ්බම ගානට තැම්බිලා එනව. ස්ටීමර් ඕන නෑ.

    මේ වැඩේ කඩකාරයො දැක්කොත් අද බිත්තර ගනං උස්සනව ශුවර්.

    ReplyDelete
  49. kiri hoddata biththarayak kadala dammahamath amuthuma gathiyak thiyanawa paan kanna kiyaku hoddhak ekath

    ReplyDelete
  50. ඇත්තමයි.. සමහර විධි දැනන් හිටියෙ නෑ.. ටෙස් කොරල බලන්ට ඕනා...

    පින් පතන්නෙ නෑ මොකද මේකට පින් සිද්ධ වෙන්නෙ නෑ...

    (ඒත් අම්මා බිත්තර නොකන එකේ ඔය තරම් විච්චූරණ කරල අපිට කන්න මොකක්ද වගේ...)

    ReplyDelete
  51. බිත්තරේට මාමයිට් දාන්න පුලුවන් කිරිපිටි ටිකක් දිය කරල ඔම්ලට් හදන්න පුලුවන්.....තව ක0කු0 මැල්ලුන් ඔම්ලට් එකට දාලත් එල.....
    ..............DarkLight.........

    ReplyDelete
  52. ඔම්ලට් හදන කොට උඩින් උම්බලකඩ කෑලි ටිකක් ඉහල බලන්න. මරු.

    ReplyDelete
  53. biththara walata sudulunu daddai balagena.wadiyen kara unoth thiththa rasa enawa.

    kiri ganda otuwoi bithththara ganda pasbarui gennanda sirawatama plan ekak danata thiyenawa lankawe.ara wal ali wana ali kala wage.

    mama blog liyana kenek newe.eth meka nam kohoma hari kiyawanawa.

    ReplyDelete
  54. බිත්තර වණ්ඩුවේ තම්බලා ගද්දි ඒකට පරිප්පු ‍ටිකක් අබරලා දැන්මනම් තවත් පංකාදුයි!

    ReplyDelete
  55. අනේ... බිත්තර වලට දීලා තියන වද.........

    කෙල ගිලෙනවා බන් මාරයියේ.........

    ReplyDelete