31 August 2011

ප්‍රේක්ෂිකාවකගෙන් මාර සරණියට ලැබුණ ලිපියක්...


අද ලියන්න හිටියේ වෙනම ෂීන් එකක් ඒත් අන්තිමේදී මට කම්මැලි හිතුනා..ඒ හින්දා කල්පනා කලා වෙන මොනවා හරි ලියලා ඇඟ බේරගන්න... ඒත් දෙන එක දෙන්න එපෑ කට්ටියට වැඩක් ඇති දෙයක්.. ඒ හින්දා අද මං තෝර ගත්තා මට මගේ බ්ලොග් එක කියවන්නියකගෙන් ලැබුන වටිනා ලිපියක්. ඇත්තටම මෙයා මගේ බ්ලොග් එක බලලා ඒකේ තියෙන හුඟාක් දේවල් ගැන මට ගුණ දොස් කියන කෙනෙක්.(එහෙම කිව්වට තාම දොස්ම තමා..ගුණයක් කිව්ව දවසක මං ඒකත් කියන්නං..)
ඉතිං මේ ළගදී මම ලියපු ආහාර පාන සම්බන්ධ ලිපි ටික දැකලා මෙයාටත් ඕන උනා ඒ වගේ දෙයක් කරලා බලන්න.ඇත්තටම කියන්න සතුටුයි දැන් එයා හරි දියුණුයි.කොටින්ම කිව්වොත් ඊයේ හවස මං කියා දීපු විදියට බිත්තරත් තම්බලා.. හිතලා බලන්නකෝ කොයි තරං දක්ෂකමක් තියෙන්න ඕනද කියලා බය නැතිව මේ කියා දෙන දේවල් එක පාරින්ම හරියටම අල්ලගෙන ඒ කෑම හදාගන්න.. ඒකත් අමාරුම දෙයක්නේ කරලා තියෙන්නේ..මට හරි සංතෝෂයි ඒ ගැනනං.
ඒ විතරක් නෙවෙයි..මෙයා මේ ළගදී දවසක මට ලිපියක් එවලා තිබුනා එයාත් දන්න සුපිරි කෑමක් හදා ගන්න විදිය ගැන..ඒකත් ලේසි නැහැ..ඒත් හරි රසවත් ඔයාලම කියවලා බලන්නකෝ කොහොම ඒක කියලා..හැබැයි කියෙව්වට ඒකට වැඩිය ලකුණු දාන්න යන්න එපා..එහෙම උනොත් එයා එයා දන්න අනිත් කෑම බීම ගැනත් ලියයි. ඔයාලා ඒ බ්ලොග් එකෙන් උයන හැටි ඉගෙනගෙන මගේ කෑම අමතක කරයි.. ඒ හින්දා මට දුක හිතෙන දේවල්නං කරන්නම එපා...
ආ තව එකක් මේ ලිපිය දාන්නේ එයාගේ පූර්ණ අවසරය මත...ඒත් මේක දානකොට දාන්නේ කාගෙන් ලැබුන එකක්ද කියලා මං කල්පනා කරලා බැරිම තැන එයාගෙනුත් ඇහැව්වා.. ඒ කියන්නේ ගුවන් විදුලියකට සම්බන්ධ දෙයක්නම් ඒ ගුවන් විදුලියේ ශ්‍රාවිකාවක් කිව්ව හැකි..ටැලිවිෂොන් එකේ දෙයක්නං ප්‍රේක්ෂිකාවක් කිව්ව හැකි. ඒත් බ්ලොග්..පත්තර..පොත් වගේ දේවල් කියවන පිරිමි අය අපි හඳුන්වන්නේ පාඨකයා කියලනේ..ඒත් මට තාමත් ඒකේ ස්ත්‍රී ලිංග වචනය හොයා ගන්න බැරි උනා.."පාඨිකා" කියලා දාන්නද..?"පාඨවිකාවියක්" කියලා දාන්නද.." හරි පුස්නේ..ඒකට උත්තර එයා ලග තිබුනෙත් නැහැ.. ඒ හින්දා තමා මාත්තුරුකාව අර විදියට දාන්න උනේ..පුළුවන් කෙනෙක් ඉන්නවනං ඕකට හරියන වචනයකුත් හොයලා දෙන්ට... මගේ කරුමෙට අහුබුදු මහත්යා සුර ලොව වැඩියේ...
හරි හරි වැල් බයිලා ඇති..මෙන්න ලිපිය...ආ තව එකම එක සුට්ටං කාරණයක්..කරුණාකරලා මේ ලිපිය...ඒ කිව්වේ මගේ කොහ නෙවෙයි ඇගේ කොටහා කියවලා බලලා ඒකේ තියෙන අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ දෝෂයක් හොයලා දෙන කෙනෙකුට මං මගේ ගානේ විශේෂ තෑග්ගක් දෙනවා.. මොකද මෙයාගෙන් හරි කරදරයි අපේ අක්ෂර වින්‍යාස දෝෂ වලට සහ ව්‍යාකරණ වැරදි වලට... ඒ හින්දා මට කරන උදව්වක් හැටියට එහෙම එකක් හොයලා දෙන කෙනෙකුට පින් අත්වෙනවා..ඇත්තමයි..
ආ තව එකක්.. බලන්න නිකං මෙයා මගේ කෑම බීම ගැන ලියවෙන ලිපිවල රටාවම කොයි තරං හොදට අනුගමනය කරලා තියෙනවද කියලා... අතිවිශිෂ්ඨයි... ඇත්තටම මං මේ ලිපියට හුඟාක් කැමතියි...
එහෙනං මෙන්න ලිපිය...
____________________________________

වැල යන පැත්තට මැස්ස ගහන්න ඕනෙ කියන වටිනා කියමන අපේ පැරැන්නො කිව්වෙ නිකමට නෙවෙයි. ඉතින් මටත් හිතුණා, මගේ ආහාර පිළියෙල කිරීමේ දැණුම බෙදාගන්න. වැඩිය කාටවත් ආහාරයට ගන්නට නොලැබෙන, එහෙත් ඉතාම රසවත් ආහාරයක් සකසා ගන්න ආකාරය තමයි කියා දෙන්න හදන්නෙ.
පුංචි කාලෙ මගෙ ප්‍රියතම පොතක් තිබුණා. ඒකෙ නම "Cooking with mother." මම මේ පොතට ආස වෙන්න විශේෂ හේතුවක් තිබුණා. මම චෙස් තරගවලට යනකොට අරන් යන්නෙ මේ පොත. ඒකට හේතුව තමයි, ඒ දවස්වල අපේ තරග පැවැත්වුණේ හුඟක් වෙලාවට පාසල්වල. චෙස් පුවරුව තබා ගැනුණෙ කුඩා ඩෙස්ක් මත. ඒ උඩ තවත් මොනවත් තබා ගැනීමට ඉඩක් තිබුණෙ නෑ. ඉතින් තරගය වාර්තා කරගන්නවනම්, කොළේ අතේ තියාගෙන තමයි ලියන්න ඕනෙ. අර මං ඉහතින් කිව්ව පොත චූටියි. ඒ නිසා ගෙනියන්න පහසුයි. ඒ වගේම ඒකෙ කවරෙ ගණකමයි. ඒ හින්දා අතේ තියන් ලිව්වට ඉලක්කම්/ අකුරු පැහැදිලිව ලියවෙනවා. අන්න ඒ නිසයි මං ඒ පොතට එච්චර ආස.
දවසක් ඔය පොත අතට අරන් බලපු අය්යා කෙනෙක් "කුකිං මදර්? යකෝ, මෙන්න මේකි අම්මව උයන් කන්න හදනවා" කිව්ව හැටි මට තාම මතකයි. අනේ ඒ රසවත් ළමා කාලය.
ඉතින් අර මං කියන්න යන කෑම ඒ පොතේ තිබුණු එකක්නම් නෙවෙයි. ඒක ඉංග්‍රීසි පොතක්නෙ. මං කියන්න යන්නෙ දේශීය කෑමක් ගැන.
රෝස් පාන්.
අහලත් නැතුව ඇති සමහරුනම්. ඒත් මේ හොඳ දේශීය ආහාරයක්. ඒ දවස්වල අපේ ගම්වල බේකරිවල හදපු ආහාරයක්. මං කියලා දෙන්න යන්නෙ රසටත් ගුණටත් රෝස් පාන් හදා ගන්න හැටි.
අවශ්‍ය ද්‍රව්‍ය:
රෝස් පාන්- අවශ්‍ය පමණ
බටර්- රසයේ පදමට
පිහියක්- රෝස් පාන් දෙකට කපා ගැනීමට සහ බටර් ගෑමට
ඉතින් මුළින්ම කරන්න තියෙන්නෙ රෝස් පාන් ගෙඩියක් අරන්, ඒක පිහියෙන් දෙකට පළා ගන්න එක.
ඊට පස්සෙ ඒ පිහියෙන්ම හරි බටර් පිහියකින් හරි, බටර් අරගෙන රෝස් පාන් ගෙඩියෙ අර පළා ගත් මතුපිටවල තැවරිය යුතුයි. මේ තවරන ආකාරය හා ගන්න බටර් ප්‍රමාණය මත තමා මේ සුවිශේෂ ආහාරයෙ රසවත් බව රඳා පවතින්නෙ. ඉතින් හුඟක් පරිස්සම් වෙන්න ඕනෙ මෙතනදි.
ඕගොල්ලොත් කාලා බලලා කියන්නකො.

83 comments:

  1. මාරයි නේ.... මේක පෙට්ටි පාන් එක්ක කරන්න බැරිද..?
    (රෝස් පාන් සහ බටර්.. මාර දේශීය ආහාරය).

    ReplyDelete
  2. මාරයාගෙ කෑම ගැන අහලා, මේක කියවන එවුන්ටත් පිස්සු හැදිලා..

    ReplyDelete
  3. නය් කය්ද රෝස් පාන්?

    ReplyDelete
  4. සා මමත් හදලා බලන්න ඕනා රෝස් පං වලට අපිට අච්චු පාං ,තැටි පාං සමහරවිට කිබුලා බනිස් ,ජෝඩු බනිස් වගේ ආදේශ කලොත් කොහොම වෙයිද? චෙෆ් පුලුවන් නම් කියන්න රෝස් පං වලට ආදෙශ කල හැකි අනිත් පාං වර්ග මොනාද කියලා

    ReplyDelete
  5. :)

    පිහි හොයන්නයි.. බටර් තවරන්නයි.. ඝනකම් කරන්නයි...

    අන්න අර බැදපු වඩේ එකක් එක්ක කමු රෝස් පාන් කාල...

    හි හි

    ReplyDelete
  6. මාරයියේ මගේ හුස්ම හිර වෙන්න යනෝ!!!!!!!!!!!
    එල ඈ!
    හිනා වෙන්න නෙමේ දේශිය කෑම අපි අගේ කරන්න ඕනෙ!
    හෆොයි මගේ බඩ! දැන් බෑ
    (හොරෙන්) හිනාවෙලා මැරෙනවා දැන්!

    ReplyDelete
  7. මළ හත් ඉලව්වේ මෙච්චර කල් පානවලට බටර් ගාල තියන්නේ වැරදියටනේ දැන්නේ දන්නේ. අපි පොල් සම්බෝලයි පානුයි කාපු එව්වෝ. බටර් අපිට කවද කාපු ටකරන්ද?
    කෙසේ හෝ නිවැරදිව මේක කොරන හැටි කියාදුන් පාඨිකාවට අපේ ස්තුතිය. මාරයටත් එක්කම මාරයිනේ මාරේ මාරම පාඨිකාවො නොවැ ඉන්නේ මලයට.

    ReplyDelete
  8. රෝස් පාන් තේ එකේ හරි කිරි එකේ හරි පොගවලා කන්නකො රහයි නේ.

    ReplyDelete
  9. පාඨකයා ගෙ ගෑනු සතා පාටකාවී නේද :)

    ReplyDelete
  10. අනේ දුකයි අප්පා අපේ අල්ප දැනුම ගැන. මෙච්චරකල් කෑවේ බටර් වල පාන් ගාලනේ. ෂික්.
    ඕකට එහෙනම් අපි එකතු කරමු අර අබ කොල ටිකක්වත් .

    බලාගෙන මේ රෙසිපි එක එහෙම අර ශාන්තා මායාදුන්නේ මහත්මිය එහෙම දැක්කොත් එයාගේ වගේ ඉදිරිපත් කරාවි හොදේ...

    දෙන්නටම බොහොම ස්තූතියි මේ දැනුම අප සමග බෙදා ගත්තාට...

    ReplyDelete
  11. මම හිතුවෙ කියාගෙන එනකොට මාර කෑමක් ගැන තමා කියන්න හදන්නෙ කියලා, බැලුවාම මේකත් නරක නැහැ, සෝට් ඇන්ඩ් ස්වීට් ......

    අද හවසට මාර පඨිකාවියගේ රෝස් පාන් සමඟ බටර් .......

    ReplyDelete
  12. මාරයගෙ රෙසිපි කැලේනෙ.. මෙන්න මේ පාටකාවිගෙම එව්ව දමන්න.. අපිටත් නොදන්න ගොඩාක් එව්ව ඉගෙන ගන්න පුලුවන් මේ විදියට..

    ReplyDelete
  13. ඕකුන්ට කියන්නේ බ්ලොග් පාඨක ධේනුවෝ..

    ReplyDelete
  14. ඔය විදිහට හදාගත්ත රෝස් පාං එක පරිප්පු හොද්දක පොගවල ගත්තනං තවත් රසයි.

    ReplyDelete
  15. අපි පස් පඩංගුවෙ සුද්දට බැන්නට සුද්දගේ බාසාවෙ තියෙන පහසුව ඕකනොවැ... reader කිව්වම ගෑනුන්ටත් පිරිමින්ටත් අනිත් ගොල්ලන්ටත් එකයි නොවැ..

    සිංහල නම් පුතෝ බස මරන්නෙ නැතුව භාවිතා කරන්ට ඕනැ.. මතක නේද " බාලිකාවියන් තක්සලා දොරින් " කියල බාලිකාව ඩබල් ස්ත්‍රී ලිංග කොලා...

    රෙසිපිය නම් පට්ට... හැබැයි අර රෝස්පාන් එක පලන්න පිහියක් ඕනෙ කියපු එකෙන් සැකයක් ඇති වුනා..ලංකාවෙ රෝස්පානුත් වෙනස් වෙලාවත්ද..? මොකද අපි දන්න රෝස් පාන් නම් අතින් පලු දෙකට වෙන් කරන්න පුලුවන් විදිහට තියෙන්නෙ...

    ReplyDelete
  16. ඔය විදියට හදා ගන්න රෝස් පාන් ඔම්ලට් එකක මැද්දෙන් තියලා ඔතලා තමයි ඔම්විච් හදන්නේ..

    ReplyDelete
  17. @දමියා...

    ලේඛිකාවගෙන් අහ් නැහැ වැරදුනා... සූපවේදිනියගෙන්ම තමා අහන්න වෙන්නේ..මං දන්නවැයි ඔව්වා...

    ReplyDelete
  18. @Luckey...

    ඒ විතරක් නෙවෙයි මගේ කෑම කාපු උන්ටත් පිස්සු හැදිලා...
    මෙහෙම කාලා බලන්නකෝ...

    ReplyDelete
  19. @Observer...

    හොඳ ප්‍රශ්නයක්..

    අපි හිතමු පුංචි පුංචි කෑලි වලට කඩලා කිරිවල වගේ පොගවලා දුන්නොත් නයි නොකයිද රෝස් පාන්..?

    ReplyDelete
  20. @ItalyDilan...

    ඒකටත් උත්තරේ අඳාළ කෙනාගෙන්ම තමා අහන්න වෙන්නේ...

    ReplyDelete
  21. @තනෝජා රාජපක්‍ෂ...

    හා හා අක්කේ කට කට..කට වරද්ද ගන්න එපා..අඳාළ තැනැත්තිය මේකත් බලනවා.. අන්තිමේදී වඩේ එහෙකින් වත් දමලා ගැහැවුවොත් කාට කියන්නද..?

    ReplyDelete
  22. @මලියා...

    මේක මුලින්ම දැකපු වෙලාවේ මටත් උනේ උඹට වෙච්ච දේම තමා..හැකිස්

    ReplyDelete
  23. @නදී...

    චා චා එව්වා කෑමද..

    ReplyDelete
  24. @වෙද ගෙදර මහ වෙදනා...

    අම්මපා සැටිෆිකේට් ඇත්ත..මාත් කලියෙන් දැනං උන්නේ නැහැ..එහෙමනං තව ආරළු බූරළු ටිකක් දාලා දෙනවනේ හරියට මං හොයා ගත්තු කෑමක් වගේ..කොහේද මට බැරි උනා..මෙයැයි ඉස්සර උනා..

    ReplyDelete
  25. @වැම්පයර්...

    පාඨ කොච්චරක් විතර කාවීද..?

    ReplyDelete
  26. @Gimhani...

    දෙන්නා වෙනුවෙන්ම ස්තූතියි ගිම්හානි...
    (ඔය ඕන නැති දේවල් මේකට එකතු කරන්න කතා කරන්න එපා..මේක රහ ඔය පොතේ තියෙන හැටියට විතරමයි කියලා එයා කිව්වා)

    ReplyDelete
  27. සපතේරු උන්නැහේ හොද ප්‍රශ්නයක් ඇහුවේ. දැන් තියන
    රෝස්පාන් අතින් තියා පිහියෙන්වත් පලු දෙක කැඩෙන්නෙ නැතිව කපන්න ෆුල් ගේමක් දෙන්න වෙනවා.

    ReplyDelete
  28. @පන්සල් හංදිය...

    කාලා බලලා හොඳයිද කියලා කියමුකෝ..එයාටත් සතුටු හිතෙයි..:D

    ReplyDelete
  29. අපි නම් පාන් කන්න කැමති ළුනූත් එක්ක....:D

    ReplyDelete
  30. @Weni...

    ඇයි බං අහිංසක මගේ හිත රිද්දන්නේ..මං මුලින්ම කිව්වා ඒ කෑම ගැන ඕනවට වඩා අගේ කරන්න එපා කියලා..හෙට ඉඳලා මට ලියන්න දෙයක් නැති වෙයි..දැනුත් මේක ලිව්වේ ලියන්න හිතං හිටි පොළොස් පැහි හට්ටිය පැත්තකින් තියලා..

    ඔහොම එයාගේ කෑම අගේ කලාම මට යන කල මොකක්ද..?
    ඊ ළග පාර උන්දෑත් ඔය වෙන වෙන ඒවා ලිවිල්ල අල්ලලා දාලා මේවම ලියන්න ගියොත් මගේ බ්ලොග් එකේ මැස්සෝ ඇහිරෙයි..ඒ මැස්සෝ අල්ලන්න මකුළුවෝ දැල් බඳී.. ඊට පස්සේ ඒ මකුළු දැල් කඩන්න මට කෙනෙක් කුලියට ගන්න වෙයි..දන්නවනේ ඔය මකුළු දැල් කැඩිල්ල පිරිමි අපට වඩා හොඳට ඇහැකි ගෑණු ළමයින්ටනේ..එහෙම එකේ ඔය වගේ කියලා මාව අමාරුවේ දාන්න එපා බං...

    (යකෝ මුරුංගා ගහේ කතාවේ අනිකද මං ලියලා තියෙන්නේ..:D)

    ReplyDelete
  31. ඇත්තමයි මම හිතුවේම මාර කැමක් තමා සෙට් වෙන්න යන්නේ කියලා... එත් මොන වර්ගේ බටර් ද දන්නේ නැ මේකට පාවිච්චි කරන්න ඕනේ.. ඒක ලියුමේ තිබුනේ නැද්ද මාරයා අය්යේ

    ReplyDelete
  32. @මුචලින්ද...

    අර ඔබා මාමා ලිව්ව කොමෙන්ට් එක දැකලද මංදා මුචා මේ අහ ආවේ..:D
    නිකං පාඨකිච්චි වගේ නමක් කොහොමද බං..හරියන එකක් නැද්ද..?

    ReplyDelete
  33. @Praසන්ன...

    උඹනං ගුටි කන්න ලඟයි වගේ... මෙච්චර වටින රෙසිපියක් දීලත් ඒකට අනුව කන්නේ නැතිව තව පරිප්පුවක් ගැන කියෝනවා..:D

    ReplyDelete
  34. @සපතේරු උන්නැහේ...

    අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන..අපි දෙන්නත් ඔය කතාව අතරතුරදී ඔය බාලිකාවියන් ගීතය ගැනත් සාකච්ඡා කොලා...

    මොන අතින් පැළිලිද පුතා..ඒක සියුම් ශල්‍යකර්මයක් වගේ වැඩක්..සැත්කම් පිහි ඕන දැන් තියෙන රෝස් පාන් පලන්න... ඉස්සරනං අර යට තෙලි වාටියේ මැද තියෙන මූට්ටුව ගාවින් අල්ලලා පැළියහැකි..දැන් ඒවෑ එහෙම මූට්ටුත් නැහැනේ.නිකං ගල් අච්චුවේ ගැහුවා වගේ නෙව..

    ReplyDelete
  35. @ඉඳුනිල්...

    අන්න ඒකත් අළුත් කෑමක් වගේ..දේශීයද..?

    ReplyDelete
  36. @Gimhani...

    ඇත්ත කතාව ගිම්හානි..මේක මේ අපේ දේශිය ආහාර රටාව නැති කරන්න බටහිරින් කරන කුමණ්ත්‍රණවල ප්‍රතිඵලයක්

    ReplyDelete
  37. @Luckey...

    හැබෑට..නිකං ඉන්න එකේ ලියමුකෝ ඒ කෑම හදන්නේ කොහොමද කියලා..:D

    ReplyDelete
  38. @දේවා ගේ අඩවිය...

    මලා..! ඒක ලියවිලා නැහැ නේද..?
    අවුලක් නැහැ මලේ මටත් ඔහොම වෙනවා..පොල් සම්බෝල හදන හැටි කියා දෙද්දී මට පොල් දාන්න කියන්න අමතක උනානේ එක වංගියක්..:D:D:D

    ReplyDelete
  39. ඔම්විච් කියන්නේ අන්තර්ජාතික ආහාරයක්‌. මොකද බිත්තරේ දේශීය(ජොනී ගේ බිත්තරයක් නොවේනම්). බටර් හයිලන්ඩ් වර්ගයේ නොවේනම් විදේශීය.පාන්පිටි අමෙරිකාවෙන්.එකී මෙකී නොකී අමුද්‍රව්‍ය බොහොමයක් දේශීය මෙන්ම විදේශීය සැපයුම්.. දේශප්‍රේමීන්ට ඔම්ලට් එක විතරක් කැමති හැඩයකට නවාගෙන රස විඳින්න පුළුවන්..

    ReplyDelete
  40. @ඉඳුනිල්...

    මදෑ මෙච්චර වැදගත් ‍සම්පූර්ණයෙන්ම දේශිය ආහාරයක් කියා දීපු තැනට ගෙනාව කෑම ජාතියේ හැටි...

    ReplyDelete
  41. මාරයා මල්ලි, ඔය රෝස් පාන් එක දෙකට පලලා, ග්‍රෑන්ඩ් හෝටලේ ඔම්ලට් එකක් මැදට තියල කෑවොත් මොකද?

    ReplyDelete
  42. @ ලකී

    ඕකට ළුනු ඔලට වඩා හොඳ ලුක..

    - නම කොහොම දාන්නද..

    ReplyDelete
  43. අඩේ අවංකයෙන්ම මට හිනාව නවත්තගන්නත් සෑහෙන වෙලාවක් ගිය නොවැ.... උපරිමයි මෙදා වට්ටෝරුව... ඔය මොකක්වත් නෙමෙයි උබේ මාර සරනිය කියවලා කෙල ගිලී පිස්සු තදවූ ප*** ( ටයිප් කොරගන්න බෑ ) එවල තියෙන්.. මෙහෙම ගියොත් තව ටික දවසකින් මටත් පිස්සු හැදෙයි..

    ReplyDelete
  44. @මාරයියා : ගණන් ගන්න එපා. ගෝලීයකරණයේ අනිටු ප්‍රතිඵල.

    ReplyDelete
  45. මෙන්න පෑන් කේක් හදන හැටි

    අවශ්‍ය ද්‍රව්‍ය: පෑන් සහ කේක්.

    සාදන ක්‍රමයත් ඕනැද?

    ReplyDelete
  46. මේ ඇත්තී හඳුන්වන්න නිවරද වචනය තමයි රසිකාවිය.

    ඉංගිරිසියෙන්: connoisseur

    ReplyDelete
  47. @Observer...

    ඔව් ඔව් මට ආරංචියි ඔබා අයියට දැන් ඔය ග්‍රෑන්ඩ් හෝටලේ ඔම්ලට් එක ගැන කට්ටියට විස්තර කරලාම ඇති වෙලා කියලා..:D

    ReplyDelete
  48. @ඇනෝ...

    අනේ මංදා... නම දාන්න බැරි උනාට මොකද.. නිකං උඩට ඇස් යැවෙනවා මගේනම්..

    ReplyDelete
  49. යඩකෝ...මෙච්චර කල් පාන් කාලත් මේ විදියට කන්න බැරි උනානෙ මාරයියෙ...මේක කාලා " පාන්" කියනා ගන්න බැරිවෙයිද දන්නෙත් නෑ

    ReplyDelete
  50. @පිස්සා පලාමල්ල...

    අපෝ නැහැ මතෝ..මේ නං එහෙම කෙනෙක් නෙවෙයි..

    ඇහ් උඹට මෙච්චර දවස් පිස්සු තිබුනේ නැතෙයි...?

    ReplyDelete
  51. අනේ පව් ඔබා අය්යට උන වැඩේටනම් හරිම දුකයි අප්පා . කොහොමට හිටිය මනුස්සයද ?දැන් නිකම් හූනෙක් වගේ වෙලානේ..නොකා නොබී කොමෙන්ට්ස් දානවලු.

    ReplyDelete
  52. @ඉඳුනිල්...

    අනේ ඉතිං ඔය බෝලකරණිය වැඩනං මං දන්නේ නැතුවා..:D

    ReplyDelete
  53. @කතන්දර Kathandara...

    නැහැ හදන ක්‍රමේනං ඒ හැටි අවුලක් නැහැ..ඒත් මේ ජාති දෙක ගන්න අනුපාතේ හරියට විස්තර කරන්න බැරිද..? මොකද ඒකෙන් තමා රසය නියම ගානට ඉස්මතු වෙන්නේ...

    එතකොට රසිකාවිගේ පුරුෂ ලිංග පදේ කොහොමද යෙදෙන්නේ..?

    ReplyDelete
  54. @නලිනි චන්දිමා...

    ඔයත් ආසයි වගේ නේද මේ දේශිය ආහාර වර්ගයට...? :D

    ReplyDelete
  55. @දිල්...

    ඒකනේ දිල් කියන්නේ.. පාන් කෑවට මෙහෙම පාන් ජාතියක් ඔයා කාලා නැහැ නේද..?

    ReplyDelete
  56. @Gimhani ...

    ඒත් බැරියෑ... අර ඔම්ලට් දැමිල්ල ගැන කියා දීලා උන්දැට දැන් ඔම්ලට් තියා "ඔ" යන්න කියද්දිත් උතුර දකුණ මාරු වෙනවළු..:D

    ReplyDelete
  57. lol..හදල බලන්ටෝන!

    ReplyDelete
  58. සා සා....... ‍මාත් ‍වෙලාවක ලියලා එවන්ට ඕනෑ හා ආහාරයක් හදන හැටි මාර සරණියට..........

    හැබෑට ඔය කෑම හරි රසද?????? ‍රෝස් පාන් එකක් කපන්න ‍විදින දහදුක දන් ‍නේ අදකා‍ලේ ඒක පලන්න උත්සාහ කරන ‍කෙ‍නෙක්මයි. ‍මොකද ඒක පලන්න බලනවා අඩුයි කට්ටිය.

    ආ අර අයියා කියපු එක ‍මෙන්න අක්සර අවින්‍යාස තිබුන තැන් ‍දෙකක්.
    තරග
    මුළින්ම

    අනික පාඨකාවී කියන්‍න එපා අ‍ලේ..........

    ReplyDelete
  59. (ගෙදර එන ගමන් මගින් රුපියක් පහලවක් දී ගත් රෝස් පාන් කාල ඇම්බුන් ගෙඩියක් එක්ක කමින්) : සැක් , මේ කෙහෙල් ගෙඩියට රුපියක් අටක් දුන්න එකේ ඇස්ට්‍රා සැසේ පැකට් එකක් ගන්න තිබ්බ අප්පා දන්නවනම්..ඔය බටර් එක්ක පාන් කද්දී සීනි දාන්න ඕනේ නැද්ද හැබෑට??

    ReplyDelete
  60. @ කතන්දර / මාරයා..

    අර පෑන් කේක් කොහොමහරි කෑවය කියමුකො... පහුවදා උදේට තමා වැඩේ තියෙන්නෙ...

    @ ඔබා..

    //අනේ මංදා... නම දාන්න බැරි උනාට මොකද.. නිකං උඩට ඇස් යැවෙනවා මගේනම්..//

    reputation goes before you..!

    .. අපි නම් ඕවට සම්බන්ද නෑ..

    ReplyDelete
  61. @ඉන්දික...

    හදන්ට හදන්ට..ඒත් මතක ඇතිව අර කියලා තියෙන පදමට බටර් ගාන්ට නැත්තං වැඩේ අප්සෙට්..:D

    ReplyDelete
  62. මාර රසිකාවියක් නේ මාර අයියේ

    ReplyDelete
  63. @හා පැටික්කි...

    අම්මප නගේ ඇහැකිනං ඔය හා මස් ඩිංගිත්තක් පිළියෙල කොරන හැටි ලියලා එවන්ටකෝ...

    අම්මේ උඹනං මගේම නඟා වෙලා උපදින්ට ඕන මේ කොල පින්කොමට..හිටු දෙන්න අද ජම්බු... (හොඳටම ෂුවර් නේද මේ දෙක වැරදියි කියලා..නැත්තං මට ඇදගෙන නාලා රෝස් පානුත් කන්ටයි වෙන්නේ)

    ReplyDelete
  64. @සිහින...

    හපෝ වැරදිලාවත් සීනි දාන්න කියලා මේකේ තිබුනේ නැහැ නේද..එහෙම තිබුනේ නැත්තං දාන්න එපා.. හැබැයි අර බටර් ගාන පිහිය අහක් කරන්න කියලා තිබුනෙත් නැද්ද මංදා..?

    ReplyDelete
  65. @සපතේරු උන්නැහේ...

    පහුවදා උදේට හිස් කඩදහි කොල ටිකක් උඩ වාඩි උනානං මොන මොනවා හරි හර නැත්තං බර බර දේවල් හරි ටිකක් ලිය වෙන්ට තිබුනා..:D

    ReplyDelete
  66. ඇයි ව‍දේ තරග ලියන්‍න ඕනි තරඟ කියලා. ඉතින් ඔය ග යන්න වැරදි. මුලින්ම කියන එකට මුර්ධජ ල අකුරු එන්නෑ‍නෝ....... (ඔන්න ඔ‍‍හේ අපි ‍දෙන්නම ‍රෝස් පාන් කමු. හැබැයි අයියා තනියම නාන්ට. මං දවල් නෑවා.)

    අයියට හා මස් හදන හැටි ඕනමනම් බලන්න බග්ස් බනී කාටුන් එක. ඒ‍කේ තියනවා විවිධාකාර හාමස් ‍රෙසිපීස්..... හික්ස්.....

    ReplyDelete
  67. @ChammA...

    හ්ම්ම් මාරයිනං තමා...

    ReplyDelete
  68. @හා පැටික්කි...

    යකෝ අපි දන්නේ නැති උනාට හාවිට සිංහල පුළුවන්නේ..:D

    කාටුන් මොකටද නගේ.. මේ කෝළං බලන්න තියෙද්දී..

    ReplyDelete
  69. ඔක්කොම කියෙව්ව දැන් යනව නිදා ගන්න ට..ටා...

    ReplyDelete
  70. හා පැටික්කි සහ මාර තුමා,
    'තරග' හරි. තරඟ කියන්නේ තරංග. ඒ කියන්නේ වතුරේ ඇතිවෙන එක.
    ....දෙගොඩ තලා යන වතුරේ.. තරඟ නැගී පෙන විසිරේ.....

    ReplyDelete
  71. This comment has been removed by the author.

    ReplyDelete
  72. ඇත්තට අහල වත් තිබුනෙ නෑ මාරයියෙ. මෙන්න කනව නම් කෑම. අනේ ඔය පාඨකාවිගෙ නම කියන්න බැරිද? පෞද්ගලිකව ස්තූති කරන්න ඕන.

    ReplyDelete
  73. සුපර් කෑමකේ මාරයා අයියා....ඇත්තට කටට කෙල උනනවා

    ReplyDelete
  74. මාත් එවන්නම් මට හදන්න පුලුවන් එකම කෑම වර්ගය ගැන විස්තරයක් ..

    ඔය හදලා තියන කෑම වර්ගයේ නම රෝස් පාං නෙවේ .. ඔවුවට කියන්නේ "බටර් පාං" කියලා .. රෝස් පාං නම් රෝස් කරලා ගන්න එපෑය ..

    ආයෙමත් කියනවා ඔය නම "බටර් පාං" ලෙස වෙන විය යුතුය ..

    ReplyDelete
  75. එක තැනක් වැරදියි.

    "....ඒකෙ කවරෙ ගණකමයි"
    ඝනකම යනුවෙන් නිවැරදි විය යුතුයි. "ගණ" කියන්නේ සමූහය කියන එකයි. සඟ ගණ වගේ.

    දැන් මේක පෙන්නුවාට මට හම්බ වෙන්නේ මොකක්ද? බටර් ගාල රෝස් පාන් එකක්ද?

    මමත් මාරයාගේ පාඨකයෙක් තමයි මෙතෙක් කල් මොකුත් ප්‍රතිචාරයක් නොදැක්වුවට.

    ReplyDelete
  76. අම්මේ රෝස් පාන්...නියම කෑම....මාත් හරිම ආසයි..ඉස්සර ඉස්කෝලේ යද්දී උදේට කන්න කාල් දෙකක් අරන් යනවා...හැබැයි බටර් ගාලා නෙමේ, හොඳට තක්කාලි දාල හදපු ලුනුමිරිසක් හරි පොල්සම්බෝලයකුත් එක්ක.....තව...හොඳ හොද්දකුත් එක්කත් ඔය රෝස් පාන් හරිම රහයි...එත් දැන් ඔය පාන් නෑ අපේ පැත්තේ....අයියෝ...මගේ බඩගින්නත් ඇවිස්සුවා....

    ReplyDelete
  77. රෙසෙපිය කොහොම වුනත් හන්දියේ බේකරියෙන් සත 25ටත් කාපු රොස්පාන් මතක් වුනා.

    ReplyDelete
  78. රෝස් පානුයි බටරුයි හොයාගන්න බැරිඋනා..ඉතින් මම ඒ දෙක නොදා ආහාරය පිලියල කරගත්ත... හ්ම්ම්ම්ම් රසාආආආයි..

    ReplyDelete
  79. ඔය රසිකාවිය අපි දන්න අඳුනන කෙනෙක් වගේ මට පෙනී යන්නෙ. සමපෝෂ අලුත් තාලෙට හදන හැටි ලියල එව්වෙ නැද්ද එතුමිය?...:P

    ReplyDelete
  80. රෝස් පාන් කියනකොට මතක් වෙන්නෙ මම පුංචි කාලෙ අපේ අත්තම්මලගෙ ගමෙන් කාපු රෝස්පාන් ,හරිම මෙලෙකයි, කිරි රසයි, තෙල් ගතියයි. මම හිතන්නෙ දැන් අවුරුදු 20න් විතර එහේ ගිහින් නෑ. එහෙ පානුත් දැන් වෙනස් වෙලා ඇති. ඒකටත් එක්ක දැන් කන ඒව නිකන් පිදුරු වගේ ගිලෙන්නෙත් නෑ. හොදි ලොරියක් ඕනෑ පාන් කාලක් ගිලින්න.

    ReplyDelete
  81. සා රෝස් පාං කිව්වම කටට කෙළ උණනවා අෆ්ෆා.....

    ReplyDelete
  82. ෂැහ් සිරා කෑමක්නෙ...

    "ඉතින් හුඟක් පරිස්සම් වෙන්න ඕනෙ මෙතනදි" - මේක නම් කියන්න ඇත්තෙ රෝස් පාන් දෙකට පලද්දි අත කැපෙයි කියලා වෙන්න ඇති.....

    ReplyDelete