10 August 2011

හීනයට මං බයයි..
එළී වෙද්දි මැකී යන..
රැය පුරා සිත පුරා..
දැක උදේ මියැදෙනා..

සැබැවට වඩා එය..
සුන්දරයි ලස්සනයි..
ඒ නමුත් ඒ යටින්..
තැවරිලා දුක තිබෙයි..

විටෙක ආසා නමුත්..
තව විටක දුක දැනෙයි..
ලං නොවන සිහිනයක්..
රැය පුරා මා දවයි..

සැබෑ වෙන සිහිනයක්..
මෙතෙක් කල් දැක නොමැත..
කොතක් ලස්සන වුවත්..
මට සිහින සුව නොදෙයි..

හීන හිමි ඔබටමයි..
එහි අරුත නුඹම වෙයි..
හීනයක උරුමයක්..
ගෙනාවෙත් නුඹ තමයි..

27 comments:

  1. මාර අයියේ මාව බුකියෙන් ඇඩ් කරහන්නකෝ ඔය හින බල බල ඉන්න වෙලාවේ පොඩ් චැටකට .....

    ReplyDelete
  2. ට්‍රිප් එකෙං පස්සෙ නින්ද යෑම හොරද?

    ReplyDelete
  3. මේ මොකද එකපාරටම කවි ලියාගෙන ලියාගෙන ගියේ .

    ReplyDelete
  4. මොකද මේ හොදට කාලා බීලා හිටපු අපේ මාරයා අන්කල් ට උනේ .....?

    ReplyDelete
  5. හපොයි මේ හීන කේස් එකත් මාරම කේස් එකක් අප්පා. මටත් වෙලාවකට පිචෑර් වගේ හීන පේනවා. වැඩේ කියන්නෙ මගදී විවේක කාලයක්. ඊට පස්සේ විවේක කාලයෙන් පස්සේ ඉතුරු ටික පේනවනේ...

    ReplyDelete
  6. මමත් හීන වලට බයයි.
    ඒත් හීන දකින්න ආසයි. මොකද හීන තමයි අපිව ජිවත් කරවන්නේ.

    ReplyDelete
  7. මේ මොකද හත්තිලවුවෙ මාරයියට වෙලා තියෙන්නෙ... එලිවෙනක්න් කවි ලියලා... ට්‍රිප් එක ගියාට පස්සෙ අප්ෂට් ඇනයක්ද... ???

    ReplyDelete
  8. එක එක ජාතියෙ කෑම හදල කාල ඒවයෙ රූප බුකියෙත් දානකොට ඔහොම වෙන එක පුදුමයක් නෙමෙයි.

    ReplyDelete
  9. ඔය පේන්නෙ ඇස් පනා පිටම....මාර සරණියෙ ප්‍රතිඵල

    මම කිව්ව ඔය රෙසිපි වලට අරව දාන කොට....

    ReplyDelete
  10. හපොයි මාරයට දැන් රෑට නින්ද යන්නෙ නැතිද කොහේද එකදිගටම කවි ලියන්න අරන් තියෙන්නෙ...

    ReplyDelete
  11. ඇත්තෙන්ම ලස්සනයි...

    ReplyDelete
  12. යාළු ‍වෙසින් සිටි හතුරා ළඟ පාත කැරකී ඇති බවට ඉව වැටුනි. (හා ඉව හරිදැ?)

    ReplyDelete
  13. @වේලාව ලගයි...

    අනේ සුදු මල්ලියේ.. මේ දවස්වල බුකියේ ඇඩ් කොරන්න පෝලිමයි...මං දැක්කා රික් වෙස්ට් 60ක් විතර තියෙනවා..ඒත් ඉතිං පහු ගිය දවස්වල තිබුන කරදර වගයක් හින්දා දැන්නං ඇඩ් කරන්නේ එක්කෝ බ්ලොග් එක හරහා ටිකක් කල් ගිහින් හොදටම දැ ගත්ත අය..ඒකත් නම ගම පොටෝවක් එහෙම තියෙනං විතරයි..මොකද එතන මං මගේ හැම දේම වගේ දාලා තියෙන හින්දා සැගඋන චරිත වලට එබෙන්ට දෙන එක ටිකක් භයානකයි..මලයට තේරෙනවනේ මං කියන දේ...

    මේ පාවිච්චි කරන වෙලාව ලගයි කියන හැදින්වීමෙන් නැතිව ඇත්තම නමින් ගමින් හදපු එකවුන්ට් එකක් තියෙනං දාන්න රික්වෙස්ටුවක්..මං ඇක්සෙප්ට් කොරලා දාන්න...

    ReplyDelete
  14. @ඊ මේල් කවිකාරි...

    අපොයි මේක මේ දැන් කාලාන්තරයක ඉඳන් තියෙන ලෙඩක්..ට්‍රිප් එකෙන් පස්සේ තමා මට හොදට නින්ද යන්න පටන් ගත්තේ..ඒත් මේ එක දවසක් පොඩ්ඩක් මීටරේ අප්සෙට් ගියානේ..

    ReplyDelete
  15. @Bindi...

    මේකනේ බින්දි..එදා සෑ තමා සෑ..මට නින්ද ගියේම නෑ..
    ඉතිං පුටුව උඩට වෙලා බෙල්ල පැත්තකට කඩා වට්ටලා නිදා ගන්න හදනවා..බෙල්ල රිදෙනකොට ආයේ නැගිටලා කවි ලියනවා..ආයේ බෙල්ල කඩනවා..ආයේ ලියනවා..මේක මේ එහෙම හුටස්පරයක්

    ReplyDelete
  16. @sameera...

    මක්ක උනාද මංදා...

    ReplyDelete
  17. @Gimhani...

    අඩේ අන්න එහෙම තියේනං සෝක්නේ අප්පා... නවත්ත නවත්ත බැලියැකි..

    ReplyDelete
  18. @මධුරංග...

    මං හීන දකින්න කැමති ඇස් ඇරගෙන...

    ReplyDelete
  19. @පොඩි මෑන්...

    හලේ මංදා පොඩි එකෝ..

    ReplyDelete
  20. @Luckey...

    මෙන්න මෙයා කුරිරු සතුටක් ලබනවා..සික්...

    ReplyDelete
  21. @ප්‍රසංග...

    ඒක නේන්නං උනේ අම්මපා...

    ReplyDelete
  22. @පිස්සු පුසා...

    ඔබටත් ස්තූතියි...

    ReplyDelete
  23. @හා පැටික්කි...

    එදා වංගියේනං නගාට වැරඳුනා..අයියා තාම හොඳ ළමයා...

    ReplyDelete
  24. ඒ ගමන මොකද එක පාරටම හීනයක් දැකලා ......

    ReplyDelete