29 August 2011

හිරු නැගෙන තුරා රැය.. පුරාවට හඬමි මම...

මිය යමින් ජීවිතය
පවතීවි තව දිනක්
අරමුණක් හෝ කිසිත්
නොමැත එහි ජීවයක්...

පලා යන සැම දෙයින්
නිමක් නැති මාවතේ
තවත් එක් දිනයකින්
ගමන් මග නිමා වේ...

හෙටත් හිරු පායාවි
ඒ නමුත් පලක් නැත
නැවත එය හවස් කල
සැ‍ගවෙනා බව දනිම්...

ගත වෙනා සැම දිනම
හිස් බවක් රැඳී ඇත
හිස් කමින් ජීවිතය
පුරවමින් තව හිඳිමි...

රැයේ ඝණදුර අතර
සඟවමිය දුක් සුසුම්
නිමාවක් දකින තුරු
යනෙන මේ ගමන් මග...

ගමන් මග අතරතුර
ගිමන් හල් සෙවන ලැබ
යන ගමන අමතකව
සිටිය මඟියා මමය...

ඒ නමුත් හෙට නැවත
යායුතුව ඇත පිටව
ගිමන් හල අතැර දා
පිටව යා යුතුව ඇත...

32 comments:

  1. Mokadda bhn, mee davas tikeema nahayen adaagena, status hitan ehemai!
    Maliya
    On mobileMokadda bhn, mee davas tikeema nahayen adaagena, status hitan ehemai!
    Maliya
    On mobile

    ReplyDelete
  2. දුක තමයි මාරයො.... අපිට කොයින්ද බූල් බල්ලො.....

    ReplyDelete
  3. "අදත් එදා මෙන් බලා හිඳින්නේ...
    මගේ ලොවට ඔබ වඩින තුරා...."
    - නීලා වික්‍රමසිංහ -

    ReplyDelete
  4. හිස් කමින් ජීවිතය
    පුරවමින් තව හිඳිමි.

    මේ කියන්නේ ලතා ගැන කියලා අපි දන්නවා... පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මාර අය්යේ මිලග බ්ලොග් කරුවන්ගේ සමාජ සත් කාරය විදිහට ඔන්න ඔහේ ඔය මගුල කරලා දාමු...

    ගේම ‍ෆින්ශ් ආයේ අඩන්න දෙයක් නැනේ

    ReplyDelete
  5. බොරු කතා
    කිව් ගොතා
    ගැන ලතා
    මතු නැතා

    ReplyDelete
  6. නම නොවුනත් ලතා
    කෙනෙකු හොයමු සිතා
    මාරයා අවුලෙන් නිසා
    රජ මගුලක් පතා

    ReplyDelete
  7. //ගත වෙනා සැම දිනම
    හිස් බවක් රැඳී ඇත
    හිස් කමින් ජීවිතය
    පුරවමින් තව හිඳිමි...\\

    --

    ජීවිතේ මාරයාගේ
    හිස්කමක් තිබුනාවේ

    ජීවිතේ මාරයාගේ
    හිස්කමෙන් මිදුනාම

    ජීවිතේ අප සැමගෙ
    හිස්කමක් රැඳවේවී..


    :D :D :D :D

    ReplyDelete
  8. නියමයි අයියා..,
    ඇඬෙනවා...

    ReplyDelete
  9. මිය ඇදෙනවා අප
    නවතන්න බැහැ මිතුර
    අරමුණක් හෝ කිසිත්
    නොමති එක රෝගයක්..

    පලා යන හැම දෙසින්
    ඇසෙයි නුබෙ විලාපය
    ටික දොහක් ඉවසපන්
    ඒකි එයි ඉක්මනට..

    හෙටත් හිරු පායනව
    අපට බෑ නවතන්න..
    ලතා ගස් ගල් උඩ නගී
    සිග්නල් හොයන්නට..

    සිටින විට ලතා හා
    පිරී ඇති උබෙ හිතේ..
    කල්හරිය මාරයෝ
    ලෙඩේ සුවකර ගන්න..

    රැයෙ ඝනදුර අතර
    සගවමිය උණු කදුළු
    නිමාවක් දකින තුරු
    කැන්දගෙන යන දවස..

    අතර තුර ගමන් මග
    ගිමන්හල් තිබුනාට
    ගොඩ උනොත් මාරයෝ
    හිරේ යයි උබ නොදැන..

    හෙට දවස ගැන සිතා
    ඉවසපන් නුබෙ පපුව
    නැකතක් බලාලම
    හැකිය වාඩුව ගන්න...

    ReplyDelete
  10. වහෙන් ඔරෝ..
    එපා හොරෝ...

    ReplyDelete
  11. බිත්තර ඔම්ලට් කෑමෙන් පසු හැදුන බඩේ රුජාව තාම සුවවී නොමැත, වෙද ගෙදර මහවෙදනා වහා කැඳවිය යුතුව ඇත.

    ReplyDelete
  12. උයමින් රස කෑම එය හොඳහැටි ගිලදා
    තනිකම හොඳ යි කිව්වෙත් ඔබමයි පෙරදා
    දුක සැප සමව විඳිනට හැකිකම පරදා
    දැම්මාවත්ද සිත බැඳි දොරගුළු හැරදා

    ReplyDelete
  13. බැන්දයින් පස්සෙ තේරේයි ඒකේ රඟේ.. සල්ලි ඉතුරුකරන් තනියෙන් ජීවත් වෙයන්.. නිවන් යන්නත් ලේසියි.. බැඳීම් අඩුයි..

    ReplyDelete
  14. මාරයා බිත්තර ඔම්ලට් එකත් එක්ක ටිකක් පානය කර ඇති හැඩයි.

    ReplyDelete
  15. අද තනියෙන් මා
    ඔහෑ......

    ReplyDelete
  16. දැන්නම් ඇතිවගේ මාරය්යට තනිය
    කීවත් නොකීවත් තේරෙනෙවා සරිය
    වයසත් හරිය තට්ටෙත් සැදුනොත් කෙලිය
    ඉක්මන් නොකලහොත් මාරය්යේ සොරිය

    ReplyDelete
  17. පාළු කුටියක හුදකලාවෙන්....
    ඉකිබිදියි මා දුබල හදවත,
    දනිමි මම, හෙට වසන්තය යැයි…..
    කිසිදු දිනයක උදා නොමවන,

    ReplyDelete
  18. කොනක් නොපෙනෙන
    මෙදියත මත සියක් කොන
    වසන පින්වත් ලලනාවක් නැතිද
    ඇසෙන මේ දුක් අඳෝනා
    රෑ පුරා නැගෙන

    තොටගමු හිමි සිටියානම් අද
    අයදිමි මම දෙපා නමැද
    කන්දී සුල‍ඟේ වෙලී එන දුක් ගී නද
    ලියනු මැන නව මාර සන්දේශය සොඳ

    ReplyDelete
  19. මට හිතෙන්නෙ ඔය ලියලා තියන දේවල් හරියට බැලුවොත් කාටත් ගැලපෙනවා ....

    මම හිතන්නෙ ලෝකෙ යන කරමෙට අපිත් ගියා නං ඉවරයි කියලා .......

    ReplyDelete
  20. ඊයේ බිත්තර බැද්දේ දමාගෙන ඕකට තමා........

    හික්ස්....

    ReplyDelete
  21. වෙදගෙදර මහවෙදනට ඉන්විටේෂන් ඇරියම ඇවිල්ල කොලේ මොකද්ද? කය්යක් කියල ගියා. ලෙඩාට බේතක් දුන්නනං මොකද වෙන්නෙ?

    ගිය පන වත් ඇදල ගන්න....
    ඉඟුරු යුෂය දෙමු බලන්න....

    ReplyDelete
  22. ඔබා අයියා,
    මම ඊයෙම මාර ගොයියට අනතුරු ඇගෙව්වා. කොහෙද කීවට අහනවද?
    කීව නාහන ගුරු උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි.
    කමක් නැහැ දෙමු බලන්න එහෙනම් ක්‍රිමිරාජ කරලක්වත්, ඔබා අයියගේ ඉගුරු යුෂෙන්.

    ReplyDelete
  23. @ වෙද ගෙදර මහ වෙදනා,

    මූට දාන්න පුළුවන් ඉසකුඩිච්චියක්...... එහෙමත් නැත්තන් මොනව හරි බස්නයක් .....?

    ReplyDelete
  24. අනේ මටත් ඉස කුඩිච්චියක් දාන්නකෝ.. ඉසේ රදේ....

    ReplyDelete
  25. ගිම්හාණී,
    තනි පංගලමේ ඉන්න ගෑනු ලමයි කනවද මෙහෙම මාරයගේ පුළුටු. ඒකනේ හිස රුජාව ඕකට නම් ලේසි, නටමුද සන්නියක්?

    ReplyDelete
  26. භවයෙන් භවයට ඇදෙමින් යන සංසාර ගමනෙහි, එක් නැවතුම්පොළක ගිමන් නිවන මගියෙක්? ගිමන්හලක් නොව, නවාතැනක්යයි රැවටී නතර වීමට වෑයම් දරන ජීවිතයෙහි ඇති හිස් බව කවියෙන් කියන්නට වෙර දරා ඇති හැඩයි.

    "ගමන් මග අතරතුර
    ගිමන් හල් සෙවන ලැබ
    යන ගමන අමතකව
    සිටිය මඟියා මමය.."
    හරිම අපූරුයි මේ කොටස.

    ReplyDelete
  27. ගැබුරු අර්තයක් මේකේ තියෙනවාද කියලත් හිතෙනවා...

    ReplyDelete
  28. ඔබ මගියෙකි
    මා ද මගියෙකි
    කියග මගිය එනු කොහි සිට
    කියග මගිය යනු කොයිබට
    කවුරුන් දනීද
    ආවොතින් යා යුතුය

    ReplyDelete
  29. තව කල් ඇති මාරෙ ඔය තනිකම නැති වෙන්න....

    ReplyDelete