01 September 2011

ජීවිතේ නරක නැත...

ඊයේ දවසේ මට මොනවා හරි අවුලක් උනා.
හරියට නිකං පිස්සු වගේ..

ඇත්තටම මට තේරෙන්නෙත් නැහැ මට මොනවද වෙන්නේ කියලා.

මට මොනවා හරි වෙනසක් ඕන උනා..
අද උදේ වැඩ ඇරිලා ගෙදර ආවේ කටු සටහනක් හිතේ තියාගෙන. ඒ ඇවිල්ලා මුලින්ම කලේ තේ එකක් හදාගෙන බොන එක..ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පහක් විතර ඉතිරි වෙලා තිබුනා බෝතලේ..ඒකත් එක්කම කිරි එක බඩට දා ගත්තා.

හැඳුනුම්පත විතරක්ම සාක්කුවට දාගෙන එළියට බැස්සේ ගෙයි යතුරු ටිකත් තැනක හංගලා. ඇඳන් හිටිය ඇඳුම..ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇර වෙන කිසිම දෙයක් නැතිව එළියට බැස්සේ ඔළුවේ තිබුන කටු සටහනට අනුවම තමයි.

සල්ලි..ම්හූ..සතයක්වත් අතේ නැහැ..ෆෝන් එක..බයික් එක..ඒ මුකුත්ම නැහැ..ඔනම උනොත් ඇර එළියට අඳින්නේ නැහැ කියලා හිතලා ඩෙනිමේ පිටුපස සාක්කුවට රුවා ගත්තු අයිඩෙන්ටි කාඩ් එක විතරයි...

ඇවිදන් ගියා සෑහෙන දුර..වෙනදා වගේ හදිසියක් නැතිව.පාඩුවේ...පැය දෙකක් විතර...කඩ දෙකක වැඩ කලා..එකක් කෑම දෙන තැනක්.පොඩි හෝටලයක් වගේ එකක්.. අනික එළවළු කඩයක්...

කෑම දෙන තැන කුස්සියේ වැඩ..කෑම පාර්සල් එකසිය ගානක් විතර බැන්දා..ඒක ඕඩරයක්..අන්තිමට එතන සුද්ද බුද්ද කරලා ඉවර වෙලා ඒ ළඟම එළවළු කඩේක එළවළු සුද්ධ කලා..අමාරුම රතුළුණු..ගෝනි එක හමාරක් විතර...සෑහෙන්න කුණු වේගන එනවා.

පළවෙනි ජොබ අල්ල ගන්න තරං දෙවෙනි එක අමාරු උනේ නැහැ.මොකද කෑම හදන තැන අක්කා එළවළු කඩේ හිටිය මෑන්ට මාව හඳුන්වලා දීපු හින්දා..ඒත් මුලින්ම අර ගෑනු කෙනාගේ පුරස්න ටිකකට උත්තර දීලා තමා කෑම බඳින්නයි..එතන හැලි වලං අස් කරලා සුද්ද බුද්ද කරන්නයි අවසර පත්‍රය ගත්තේ... මුලින් ටිකක් සැකෙන් වගේ බැළුවත් පස්සේ කතාවට වැටුනට පස්සේ හරිගියා.ඒත් ඇත්ත විස්තර කිසිම දෙයක් නොකියා ඉන්න මං වග බලා ගත්තා.

එළවළු කඩේ එකාට එහෙම ප්‍රශ්න තිබුනේ නැහැ..ඒකට ඕන උනේ මට ගෙවන මුදලට හරියන්න පුළුවන් උපරිම වැඩ ගන්න බලාපොරොත්තුවක් විතරයි.

රතුළුණු වගේම ගෝවා ගෙඩි..අනිත් එළවළු තොගේකුත් සුද්ධ කරලා අහවර වෙලා සල්ලිත් අරගෙන එලියට බැස්සා..දවල් කෑමනං කෑම බැඳපු තැනින් ෂේප්..ගතමන්ට් එහෙකුත් එක්කම. එළවළු සුද්ධ කරපුවටත් පොඩි ගානක්..ඒකත් නරකම නැහැ.

ස්ට්‍රෝන්ග් බියර් එකයි ඔම්ලට් එකයි.. ඔම්ලට් එකට අමතරව බියර් එකේ අතර මගදී ගත්ත චීස් කෑල්ලයි..ඒකත් එක්කම දෙන ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකයි.. රට කජු කරත්තෙන් ගත්ත රුපියල් 35හේ පකඩේ පැකට් එකයි පැයකින් ඉවර උනා...බාර් එකේ අන්කල්ට ටිප් එකත් දීලාරෑට කන්න කොත්තුවක් දාගෙන බස් එකටත් දීලා තව රුපියල් 134 ක් ඉතිරියි. ඒක බස් එකෙන් බහින තැනදී බස් එකේ සීට් එකෙන් තියලා ආවා.

ආයෙමත් චුට්ට දුරක් පයිංම ගෑටුවා...

වෙනසකටත් එක්ක ගිය ගමන ඉවරයි.මහ ලොකු දෙයක් නැහැ තමයි.ඒත් හිතට පුදුම හයියක් ආවේ.තාමත්මට පාරේ ජීවත් වෙන එක අමාරු නැහැ.මං‍වෙනුවෙන් තාමත් මහ පාර විවෘතයි කියලා හිතට දැනෙනකොට පුදුම සනීපයක් හිතට දැනෙනවා.

කළින් පාර මං පාරට බැහැලා ගියේ පන්සලට.ඒක ඒ හැටි අමාරු උනේ නැහැ.

මට ඕන උනේ එයිට වඩා වෙනසක්.ඇත්තටම මට තාමත් පුළුවන්.කිසි අවුලක් නැතිව ජීවත් වෙන්න..ජීවි‍තේ ගැට ගහගන්න පුළුවන්.

ඒ ඔක්කෝටම වඩා නෙට් එකෙන් තොර ජීවිතයක් කියන තැනට මට තාමත් යන්න පුළුවන්ද කියලා ඊයේ හිත හිත හිටිය ප්‍රශ්නෙට මට උත්තර ලැබුනා..
ඔව් මට පුළුවන්.
මේ හැම දේම දාලා හෙට මහ පාරට බැස්සත් මට රැකෙන්න පුළුවන්.මිනිස්සුන්ට මාව පිස්සෙක් විදියට පෙනුනත් මටත් මේ ලෝකේ පුංචිම තැනක හරි ඉඩක් වෙන් කරගන්න තාමත් පුළුවන්.

හරි මං යනවා නාගන්න. ඊට පස්සේ ආයේමත් මේකේ එල්ලෙමු. ඊ ළග දවසේනං ගෙදර එන්නෙත් නැහැ පාරෙම වැටිලා නිදා ගන්නවා.මොන තරංනං නිදහස්ද..?



59 comments:

  1. මට නම් ඕක මොන සෙල්ලම දැම්මත් කරගන්න බැහැ.. :'(
    බැදීම් වැඩි වුනාම ඔකයි අවුල.. ඒ අතිං මාරයියාට ලේසියි :)
    අපි තව තවත් බැදිම් දික් කරගන්න දගලද්දි.. මාරයියාගෙ ජීවිත රටාව නම් සුපිරියි.. පුදුම නිදහසක් තමයි :)

    මාත් මාර හීන තොගයක් මැවුවා.. කැමරාවක් එල්ලං රට වටේම රවුං ගහන්න.. කොහෙද.. කරුම බැදම් හරස් වෙනවා..

    ReplyDelete
  2. අද මගේ මුව අග රැදුනු ගීතයත් මේ කතාවට සමානයි වගේ..

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
    පැතුමග සුනු විසුනුව වැටුනේ..
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ..
    දුම්රිය මොහොතක් නතර උනේ..

    මලක් වගේ රොං සුවඳ වගේ..
    ජීවිතයේ සුව අපමන වේ..
    දොලක් වගේ. දිය දෝත වගේ..
    ජිවිතයේ අම සිසිල දැනේ..!!

    වරක් නෙතඟ කදුලැන් පිරුනාදෝ..
    සිතට දරාගනු බැරි දුක් වීදෝ..
    දිවිය මොන තරම් සුන්දරදෝ..
    දුකම කොයි තරම් සතුටක්දෝ..

    ReplyDelete
  3. හ්ම්ම්ම්.. දැන් තමයි මේක දැක්කෙ. එහෙනම් හරි කියමුකො.
    මොකෝ ඒත් වෙලා තියෙන්නෙ??

    ReplyDelete
  4. ඈ බං මාරයො, අපට බෑ නෙවැ ඔහොම කරන්ට.. ඒ අතින් උඹ විශිෂ්ටයි (පොඩ්ඩක් විතර පිස්සු වගෙත් තමා).. :)

    @Bunny,

    ඒ සිංදුවෙන් කියවෙන්නෙ කෝච්චියට පැනපු කෙනෙක් ගැනනේ..

    ReplyDelete
  5. මම කලිනුත් කියලා තියනවා වගේ මට නම් පුදුම ඊරිසියයි මල්ලීගේ වඩ වලට. ඉක්මනට යනවා රෝගීන් බලන ගමන් මේක දැක්කේ. මෙහෙමත් නිදහසක්. අප පව් කර ඇති බව දැනේ. මෙහෙමත් නිදහසක්....

    ReplyDelete
  6. මාරයා නියමයි මචන් මට නැහැනේ ඔහොම දෙයක් කරන්න හිතේ හයියක් :-)

    ReplyDelete
  7. මොනවා කියන් ඩ ද මන්ද මගේ ඔලුවත් කැරකෙනවා වගේ නිකං ........
    අපිට ඔය නිදහස නෑ නේ .........

    ReplyDelete
  8. thamuse mara minihek ne ban

    ReplyDelete
  9. ඇත්තටම මාරයියෙ අපි ලොකෙට ආව දවසෙ ඉඳල ගොඩාක් බැඳීම් ඇතිකර ගන්නවා.සැප සම්පත් ලබන්න උත්සහ කරනවා. ලැබෙනකොට සතුටුවෙනවා නැතිවුනාම දුක් වෙනවා සමහරුන්ට ඒ දුක දරාගන්නත් අමාරුයි. ඕනිම දෙයක් උපේක්ෂාවෙන් බාරගන්න පුළුවන් නම් එයාට ජීවිතය විඳවන්නෙ නැතිව විඳින්න පුළුවන්...

    ඔයා කියනව වගේ ඒකාකාරී ජීවිතයෙන් මොහොතකට හෝ ඈත් වීමත් සිතට මාරම සනීපයක් දෙනවා... ඒක මානසික ඖෂධයක්...

    ReplyDelete
  10. මාරයෝ;

    මගේ ජීවිතේ ඔය වගේ පාරක මායිමේ ගෙවුනත් මං කවදාවත් ඕකට මුහුණ දීලා නැහැ. මං වෙනුවට ඒ දුක ඇද්දේ මා වටා උන්නු අය. මට ඉගෙන ගන්න, මට කැම්පස් යන්න දරදිය ඇද්ද අනික් අය ඔය විදිහට ජීවිතේට මුහුණ දෙන හැටි ඔවුන් ලඟින් ඉඳං බලා හිටියා.

    තදින්ම හිතට වැදුණු මාර ලියමනක්.

    ReplyDelete
  11. මාරයා තුල තවමත් මාරයා සිටින බව හැඟේ...

    ..ඔය කඩේ ඉන්නකොට හොඳ සීන් දකින්න ඇති නේද ?

    ReplyDelete
  12. දෙඅදර විලිකුන් සුරත් ඵලේ...
    පෙම් මදිරා අයදිමින් සැලේ...
    සීත මීදුම් සිහින වැල් පැටලේ...

    ReplyDelete
  13. ඔන්න අපේ ගෙදර අයත් මාරයා වගේ කරන්න ඕනලු .'' ස්ට්‍රෝන්ග් බියර් එකයි ඔම්ලට් එකයි.. ඔම්ලට් එකට අමතරව බියර් එකේ අතර මගදී ගත්ත චීස් කෑල්ලයි..ඒකත් එක්කම දෙන ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකයි.. රට කජු කරත්තෙන් ගත්ත රුපියල් 35හේ පකඩේ පැකට් එකයි පැයකින් ඉවර උනා...බාර් එකේ අන්කල්ට ටිප් එකත් දීලාරෑට කන්න කොත්තුවක් දාගෙන'' අන්න ඒ ටික එයාටත් කරන්නම ඕනලු .

    ReplyDelete
  14. අර දැක්කනෙ. බින්දිගෙ ගෙදර පොඩි එක්කෙනා නොමග යන්න, මෙතන එක වාක්‍යයක් ඇති.....

    ReplyDelete
  15. patta ban..math dan gedarin ain wela bodimata wela mage iganime wadath karagena job ekath karagena saralawa jiwath wenawa.puduma nidahasak tiyenne..kauruth adunanne ne badim ne..tamange paduwe innawa..kochchara shokda me jiwethe

    ReplyDelete
  16. ජීවිතේ මීඊඊඊඊඊ බිංදුවක් වාගේ..........

    ReplyDelete
  17. කලින් දවසකත් මෙහෙම පොස්ට් එකකදි මාරයා අය්යේ මම මේක කිවා.... ඔයා ඇත්තටම වාසනාවන්තයි.. ජිවිතේ කියලා කියන්නේ ඔහොම නිදහසකට තමයි... මොන හේතුවක්, කරුමයක් නිසා අපිට ඔහොම එකක් විදිනවා තියා හිතන්නවත් හිතට නිදහසක් නැ

    ප.ලි : එත් මොන විදිහට ජිවිතේ ගෙව්වත් අනේ නෙට් නැති ජිවිතයක් අපි මැරෙන කන් හිතන්න නම් එපා...

    ReplyDelete
  18. "ඊයේ දවසේ මට මොනවා හරි අවුලක් උනා.
    හරියට නිකං පිස්සු වගේ.."

    මං හිතන්නෙ දැං මෙයාට සනීප වේගෙන එනවා. එතකොට තමයි තමන්ට අසනීපයක් ඇති බව තේරෙන්න ගන්නෙ.

    ReplyDelete
  19. අන්න වෛද්‍යතුමියට ලෙඩේ අහු උනා. හික්ස්..

    ReplyDelete
  20. //ස්ට්‍රෝන්ග් බියර් එකයි ඔම්ලට් එකයි.. ඔම්ලට් එකට අමතරව බියර් එකේ අතර මගදී ගත්ත චීස් කෑල්ලයි..ඒකත් එක්කම දෙන ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකයි.. රට කජු කරත්තෙන් ගත්ත රුපියල් 35හේ පකඩේ පැකට් එකයි පැයකින් ඉවර උනා...බාර් එකේ අන්කල්ට ටිප් එකත් දීලාරෑට කන්න කොත්තුවක් දාගෙන//

    මාව නරක්වෙනවද මන්ද ????

    ReplyDelete
  21. අවුල් වුනේ රෝස් පාන් කාලද,. ඔව්වගේ අලුත් කෑම කෑවම ඔහොම වෙනවලු

    ReplyDelete
  22. ගිම්හානි : දැන් ඉතින් ලෙඩේ හොද වේගෙන එනවානම් කන්න පුලුවන් රස කැමක් මාරයා ගෙන් ඉල්ලුවොත් හොදයිනේ නේද??

    කැම බැදපු තැනින් අනිවා තව එකක් ගැන හොදම රෙසපිය අරගන්න ඇති

    ReplyDelete
  23. මාරයියත් සෙල්ලං නෑනේ.මාරයියගෙ නිවන් මග කෙටියි වගේ..

    @හාවා- ඔය සිංදුවෙන් කියන්නෙ කෝච්චියට පැනපු කෙනෙක් ගැන බං. ඕක ලියලා තියෙන්නෙ හාමුදුරු නමක් කෝච්චියෙ යනකොට දැකපු සිදුවීමක් ඇසුරෙන්..

    ReplyDelete
  24. පව්, ඕනයත් නරක් වෙන්ඩ යන්නෙ.... දුකේ බෑ.
    කෝ ඔබ්සර්වර්?

    ReplyDelete
  25. ඔව් ඔව් මාරයියා ඕවට යන්නේ රෙසිපි කොපි කරන් එන්න.
    හෙට දෙයි අපිට උනු උනුවෙ. චුට්ටක් විතර පොඩි වෙනස් කමක් කරාවි.....

    ReplyDelete
  26. මලා මං නැති ටිකට මෙතන ඩිස්පෙන්සරියක් දාලද..?
    මල කෙළියයි

    ReplyDelete
  27. ලංකාවේ ඇතුලේ සල්ලි හොයන්න අවස්ථා අඩුයි කියලා හිතන, ලංකාවේ ඇතුලේ සල්ලි හොයන්න නම් හොරකම් කරන්න, වැරදි වැඩ කරන්න ඕනෙයි කියලා හිතන මයියා වගේ කට්ටියට මෙන්ම, ඒදා වේල කන්න නැ කියලා අදෝනා නගන බොහෝ දෙනෙකුගේ ඇස් අරවන ලිපියක්.හිතන පතන විදිහ වෙනස් කරලා ඕනැම කට්ටක් දර ගන්න පුලුවන් නම් ගොඩක් අවස්ථා තියෙන බව මේ අත්දැකීමේන් තේරුම් ගත්තා. මෙ පාඩම කම්කරු වෘතියේ ඉදන් වෘතිකයන් දක්වා අදාල බවයි මයියා ට හිතෙන්නේ. ඒ වගේම මාරයා බසය තුල ඉතිරි කරලා ගිය රු 134, හොගක් ලොකු පාඩමකුත් කියලා දෙනවා.

    මේ අත්දැකීම කියන කොට මයියා ට මීට අවු 10 පමන පෙර මුණ ගැසුනු ලංකාවේ ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක් මයියා ට කිව්ව කථාවකුත් මතක් උනා. එයා මයියා ට මෙහෙම කිව්වා,.... "මහත්ත්යෝ මම මේ තත්වෙට එන්න ගොඩක් දුක් ව්දලා තියෙනවා, මම අද එක වේලකට රු 5000 ක් වියදම් කරනවා, ඒත් තාමත් මට රු 50 නුත් දවස ශේප් කරන්න පුලුවන් බව මම දන්නවා...."

    ජීවිතයට අවශ්්‍ය ලොකු පාඩමක් කියලා දුන්න මාරයට ජය...

    ReplyDelete
  28. // පව්, ඕනයත් නරක් වෙන්ඩ යන්නෙ.... දුකේ බෑ.
    කෝ ඔබ්සර්වර්? //

    ඔබාට හාමිනේ කිවුවළු මේ පැත්තෙ එන්ට එපා, නෝටි ළමයි ඉන්නවා, ඔයත් නරක් වෙයි කියලා.. :D

    ReplyDelete
  29. මාර වැඩ තමා මාරයියත් කරන්නේ...
    ***** ජීවිතේ සුන්දරද මෙතතතරම්****** හී හී

    ReplyDelete
  30. මටනම් මේව අදහ ගන්න බෑ....කොහොම හිතේ ශක්තියක් ඕනද මේව කරන්න....ම්ම්හු...මොනව කියන්නද කියල හිතට එන්නෙ නෑ.

    ReplyDelete
  31. පැහැදිලි ඉරිසියාවක්‌ ඇති වුනා. ඔවැනි නිදහස් ජීවිතයකට කොතරම් ඇලුම් කලත් අපි මාරයියා වගේ වාසනාවන්ත නැහැ.

    ජයවේවා..

    ReplyDelete
  32. මේක මාර වැඩක්නේ... //මට මොනවා හරි අවුලක් උනා.
    හරියට නිකං පිස්සු වගේ// කියල පටන් අරගන තියෙත්දිත්, වාසනාවක් නිදහසක් ගැන කතාකරනව .. ඒ කියන්නේ අපිට පිස්සුද?

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. නෑ අවුලක් නම් නෑ, ඒත් මම කියන්නෙ මාරයියෙ මානසික වෛද්‍යවරයෙක් නිකමට වගේ හම්බ වෙන්න යන්න. වෙන මුකුත් නිසා නෙමෙයි, අර ඉතුරු 134 බස් එකේ තියල එන්න හිතුන එකට. ඇයි දෙයියනේ මහන්සි වෙලා හම්බ කරල ඒ සල්ලි බස් වල දාල එන්නෙ මොකටද? :(

    ReplyDelete
  35. කවදත් මාරම ලිපි ලියන මාරයාගේ තවත් මාරම ලිපියක් ....

    කුරුමිනියා.

    ReplyDelete
  36. "මරණී රමණී" කියලා සේකර කිවුවේ මාරයා මේ තරම් සුන්දර නිසා වෙන්න ඇති..! නියමයි මාරයියෙ.. ..!

    ReplyDelete
  37. ගෙයක් හදන්නත් ඕනා කාරෙකක් ගන්නත් ඕනා කසාදයක් ඕනා,,ඉතින් පාරට බහින්න බෑ මාරයියේ

    ReplyDelete
  38. ඔන්න ඕකට තමයි තනිකඩයගේ නිදහස කියන්නේ. අපිට ඉතින් ඔහොම එකක් කරන්න නම් වෙස්වලාගෙන ගෙදරින් පැනල ගිහින් කොහේ හරි ඈත පළාතකට යන්න වෙනවා. ඉතිරිහරිය නම් අමාරු නැහැ..මාත් කොයිකටත් ඔට්ටු මිනිහෙක් ..මාරයාගේ කතාව මරු.. කම්මැලි නැති මිනිහෙකුට ජීවත්වෙන්න ක්‍රම ඕන තරම් තියෙනවා..

    ReplyDelete
  39. නියම වැඩක් කරලා තියෙන්නෙ, අපේ අය කුලී වැඩ කියන ඒවා පොඩියි කියලා සලකන නිසා තමා දියුණුව කියන එක පේන තෙක් මානෙකවත් නැත්තෙ, ඇත්තටම මේසන් වැඩ දවසේ කුලී වැඩ, ගස් ගෙඩි කඩන එක අපි පිලි නොගත්තට හොඳට හම්බ කරන්න පුලුවන් රස්සාවල් තමා .......

    පොලොවෙ පය ගහලා ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන ....

    ReplyDelete
  40. ඔය වගේ දෙයක් කරන්නනං කසාද බදින්නෙ නැතිව ඉන්න ඕන.
    අර බත් බැදපු තැන අක්කගෙන් මොනවද උයන්න ඉගෙනගත්තෙ.

    රෝස්පාං එක්ක හොදට මිරිස්, කොච්චි දාල හදපු පොළොස්, වඩේ කනකොට ඔහොම එක එක ඒව වෙන එක ස්වාභාවිකයි.

    ReplyDelete
  41. අප්පා ඒ පාර මොකෝ මාරයියේ වුනේ.හැබැයි මාර නිදහසක් භුක්ති විදලා තියෙනව වගේ.

    ReplyDelete
  42. නිදහස් ජිවිතේ නම් කියල වැඩක් නෑ....එත් ඉතින් අපිට එහෙම බැනේ...බැඳීම් ගොඩයි.....ඕන දෙකින් ඇත් වෙන්න..එත් නෙට් එකෙන් නම් එපා....මේ වගේ දෙයක් කියල දෙන්නා වත් කවුද ඉන්නේ.....

    ReplyDelete
  43. සුපිරි !!!!!! මෙන්න ජීවිතේ නිදහස ! හුදෙකලාවේ අපමණ සුවය !!!! බැඳීම් වලින් තොර !!!!!! අපටත් කවදා හරි ඔය තැනට යන්න පුලුවනි නම් (මම කිව්වෙ නිදහස් මනස ගැන, මත් බීම නෙමෙයි ඈ :) ) අන්න අපි බොහෝම සරල ජීවිතයකට උනත් හැඩ ගැහෙන්න සූදානම් අය !

    අපි අපි ගැනම මවා ගත් ප්‍රතිරූප ,මාන්නය , කාඩ්බෝඩ් වීරත්වය අත් හැර ජීවත් වීම (survival) නම් මේ අභ්‍යාසය මාරයියේ හැම පෞරුෂ පුහුණුවකම දෙන දෙයක්...

    කුමා ඉද්දමල්ලෙන ගේ නායකත්ව වැඩමුලුවෙත් මේ වගෙම දෙයක් තියනවලු. කොටින්ම ආයතන අධිපතිවරුන්ටත්, කෝටිපතියන්ටත් සිද්ධ වෙනවලු හිඟන්නො, තෙල් බේත් කාරයො වගෙ රඟපාලා පැය 6ක් ඇතුලත මුදල් උපයන්න. අතේ කිසි දෙයක් නැතුව.

    මම දන්න තරමින් හමුදා පුහුණුවෙත් මේ දේම තියනවා..

    ඇත්ත වශයෙන්ම මේ උඩ කොමෙන්ටු වල "අපිට බෑනෙ මේ වගෙ කරන්න" කිව්ව අයට මම පොඩී දෙයක් කියන්න කැමතියි. අමනාප වෙන්නෙපා. පණ්ඩිත ටෝක්ස් දෙනව කියල තරහ ගන්නෙපා.. ඒත් ඔයාල හිතල බලන්න ඇයි එහෙම බැරි කියලා. අපේ dignity , qualifications අරව මේවා වලින් අපි යම් රූපයක් කියල එකක් මවාගෙන ඉන්නවා, ඒක බිඳෙයි කියලා බියෙන් ඉන්නේ. අපි ජීවත් වෙනව කියලා මහ වෙහෙසක් ගන්නවා ඒක කඩා නොවට්ටා තියා ගන්න. ඒ නිසාම සාර්ථකත්වයේ දොරටු අපි හිතා මතා මගහරිනවා හෝ නොපෙනී යනවා..
    මේක තවත් සරල උදාහරණයකින් කිව්වොත්, ඇතැම් විට අපෙ අධ්‍යාපන සුදුසුකම්, දැනට ලබන පඩිය වගෙ සීමාවන් අපිම දාගෙන ඉතා වටිනා රැකියා අවස්ථා අපි මගෑරලා යනවා . එහෙම නේද? ඒ අර මවාගත් රූපය (second self) නිසා.

    මට මෙහිදීම තව දෙයක් කල්පනාවට එනවා.. ලෝකයේ බොහෝ දිගු ගමන්කින් පසු ඉතා හොඳ දේ ලොවට දායාද කල විද්වතුන් බොහෝ දෙනාගේ ළමා කාලය හරිම දුක්ඛිත දුශ්කර එකක් කියා අපිට අහන්න ලැබෙනවා නේද? ඇතැම්විට තමාට මවන්නට මූලික ප්‍රතිරූපයක් නොමැතිකමම ඔවුන්ට විශාල අවදානම් ගැනීමට , ජීවත් වීම උදෙසා තම අරමුණට යාම උදෙසා කැප වන්නට ලොකු පන්නරයක් දෙනවා.. (උදාහරනයක්: හොන්ඩා සමාගම නිර්මාතෘ කාර්මිකයකු වශයෙන් ජීවිතය පටන් ගනිද්දී සිය සිහින මෝටර් රථය නිපදවීමට මුදල් එකතු කරනු වස් වසර ගණනාවක් නිවහන කොට නිදා ගත්තේ ටොයොටා සමාගම තුල බංකුවක් මත)

    අරමුණු කරා නොනවතින ගමනක් යන්නට , ජීවත් වීමේ මූලික අවශ්‍යතා සරලව පිරිමහගන්නට නොබියව එකඟ වෙන අයගේ ජීවිත වල ඉදිරි කාලය බොහොම දීප්තිමත් වේවි... (ලියාගෙන ගිහිල්ලා කොමෙන්ටුව දිගු වුනා. සමාවෙන්න. පෝස්ට් එකකට අදහසුත් ආවා..ස්තූතියි මාරයියා)
    මොනව උනත් අනවශ්‍ය තරම් දිග කොමෙන්ටුවක් ලිව්වා... සමාවෙන්න...

    ReplyDelete
  44. මට චාලි චැප්ලින්වයි මැක්සිම් ගොර්කිවයි මතක් උනා.

    ReplyDelete
  45. හිතා ගන්න බැරුව ගියා එක පාරටම ඇත්තටම මේ අපේ මාරයිය ගැනමද කියන්නෙ කියල... අද තමයි හා හා පුරා කියල මාරයාගෙ හෝරාවට ආවෙ.. කියන්න වචන නෑ මාරයියෙ! ඔයි තරම් හිතේ හයියක්.., ජීවිතේට නිදහසක් තියෙනවනම් මොනාද ඇත්තටම කරන්න බැරි..! එළ මාරයියෙ!! මේව්ව තමයි බොක්කටම වදින ජීවිතේ නියමම පාඩම්.... තැන්කූ වේවා...!!

    මම ඇන්ජි නගා,

    ReplyDelete
  46. මේක හිතලුවක්දෑ හැබෑවක් දෑ

    හැබෑවක් නම් මට දැනට කරන්න බැරි වැඩකි

    ReplyDelete
  47. අපූගේ ලෝකයේ වර්ථමාන කතාව . . මාරයාගේ ලෝකය . . .

    එල මචං . . .

    මට නම් හිතෙනවා මටත් ඔහොම කරන්න ඇහැක් කියලා . . .

    ලංකාවට ආපු කාලෙක දවසක ට්‍රයි කරලා බලන්න ඕන . . .

    ReplyDelete
  48. මාත් හරිම කැමතියි ඉඳලා හිටලා හිපියෙක් වෙන්න. ඒත් කොහෙද මේ සමාජ තත්වයි අරවයි මේවායි හින්දා ඕක කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඒ උනාට උවමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයකුත් නෙමෙයි. ඉඳලා හිටල මාත් ඔය තරම්ම්ම නොවුනත් ඔය සැබෑ ලෝකෙන් ටිකක් ඈත් වෙලා ජීවත් වෙන්න ආසායි තවම....

    ReplyDelete
  49. හ්ම්ම්ම් බැඳීම් වලින් තොර උනාම තියෙන නිදහස.........

    ReplyDelete
  50. මාර වැඩ කරන අපේ මාරයියා.........

    ඔහොම දේවල් කරන්න තියා කරන්න හිතනවත් මිනිස්සු ඉන්නවද? මං නම් ඇහුවමයි ඕන්. මොනවා කියන්නද මංදා..... හිතාගන්න අමාරුයි.

    ReplyDelete
  51. අපිට කොයින්ද පූසො මාළු කිව්වලු....

    ReplyDelete
  52. poat එක best, but පොඩි දුකකුත් හිතට නොදැනෙන්නේම නැත.

    ReplyDelete
  53. මං මෙච්චර දවසක් උබට කතා කරන්ඩ හොද වචනයක් හෙව්වා.. ගොනා.. ම්හු , මී හරකා.. ම්හු , මැට්ටා .. ඔය එකක්වත් උබට හොද වැඩි කියලා තමා ඒ හැම වෙලාවෙම හිතුවේ

    මම නිකමට උබෙන් ප්‍රශ්නයක් අහන්නද. උබ කතාව ඉවර කලේ මෙහම
    "වෙනසකටත් එක්ක ගිය ගමන ඉවරයි.මහ ලොකු දෙයක් නැහැ තමයි.ඒත් හිතට පුදුම හයියක් ආවේ.තාමත්මට පාරේ ජීවත් වෙන එක අමාරු නැහැ.මං‍වෙනුවෙන් තාමත් මහ පාර විවෘතයි කියලා හිතට දැනෙනකොට පුදුම සනීපයක් හිතට දැනෙනවා."

    ඌබෙ වාසනාවට අක්කගෙ කඩේ එදා රස්සාව තිබුනා උඹ හිතනවද ඔය වගේ රස්සා මිනිස්සුන්ට දින දාල වෙන් කරලා තියනවා කියලා ඔය එක වැඩක්වත් එදා හම්බ උනේ නැත්තං උඹ මොකද කරන්නේ. තවත් අදෝනා සහ විලාප පෝස්ට් එකක් දාල අතේ තියන සල්ලි වලින් බියර් එකක් ගහලා බිත්තර ඔම්ලට් එකක් කනවද. හොදට බලපන් ඔය ටවුන් වල දවසේ කුලී වැඩක් හොයා ගන්න නැතුව කී දාහක් රෑට හිස් අතිං ගෙවල් වලට යනවද කියලා. උබටත් එදා එහෙම උනා නම් උබට ඔය කිව්ව හිතේ හයිය ඒ වෙලාවටත් ඉතුරු වෙලා තියෙයි ද. නුවර වීදි වල ලොරියක් ආවම ඒකෙන් බඩු බාන්න නාටාමිලා මිනී මරාගන්නවා. ඔය යස අගේට සැනසිල්ලෙ කරගෙන ඉන්න ජොබ් එක දාලා උබටත් ඕන ඒ වගේ එදා වේලට මිනී මරාගන්නද ඒක මා...ර නිදහසක්ද. උබේ එකම වැරැද්ද උබ ජීවිතේ ගැන තීරන ගන්නේ බොහොම පොඩි උපකල්පන උඩ. නිදහස කියන්නේ පාරේ බුදියන එකනම් මේ ලංකාවෙ පාරවල් වල වාහන යන්ඩ වෙන්නේ නෑ ගොනෝ ලංකාවෙම මිනිස්සු පාරවල් වල බුදියගනී නේ.

    උබට රස්සාවක් නැතුව කරන්න දෙයක් නෑතුව සල්ලිත් නැතුව ගිහින් ඔය වැඩේ කලානම් මම කට පූරෝලා ඒකට කියනවා. උඹ ජීවිතේට බය නැති ගටක් තියන එකෙක් කියලා ඒත් පොල් බූරුවෝ. අපි හැමෝටම වඩා නිදහසක් , ජොබ් එකක් , ආදායමක් තියන උබ වගේ එකෙක් ගිහින් කඩේක ලූනු සුද්ද කලා කිව්වම මටනම් කියන්න හිතෙන එකම දේ බෙහෙතක් ගනිං කියලා තමයි.

    මචෝ සිද්ධාලෙප මුදලාලිත් පාරෙ නිදාගත්තා , නවලෝක මුදලාලිලත් ලූනු සුද්ද කලා උන් පාරෙන් ගෙදරකට ගියා මිස පාරෙන් කානුවට වැටෙන්න ට්‍රයි කලේ නෑ , උබ ඔය හොයන නිදහස හොයාගෙන පාරට වැටෙන්න උවමනාවක් තියනවා කියලා මමනම් හිතන්නේ නෑ එතන ඔය කියන නිදහස තියෙනවා කියලා මම දකින්නෙත් නෑ.

    අනික උබ එදා දවසම මැරිලා මොකක්ද කරගත්තෙ . අඩු ගානේ ඒ සල්ලි වලින් කන්ඩ බොන්ඩ නැති එකෙක්ට කන්ඩ වේලක් අරන් දෙන්ඩ තිබ්බනේ හිතට එක සතුටක් නෙවේද, එහෙම නැත්තං පුසෙක්ට බිත්තර රොටි අරන් දෙන්ඩ තිබ්බා කාක්කොන්ට ආප්ප අරන් දෙන්ඩ තිබ්බා.

    නිදහස කියන දේ අපිට ගෙදර හිටියත් පාරේ හිටියත් විදින්න පුලුවන් බං අපිට වඩා උබට ඒ දේ කරන්න පුලුවන්. හිත කියන් දේට වඩා ඔලුව කියන දේ අහපන් ඒකට තමයි ඔලු ගෙඩිය උඩින් පිහිටලා තියෙන්නෙ

    උබට අවංකවම අපිට වඩා ලෑබීමක් තියන එකෙක් උබට තියන දේවල් මට තිබ්බනම් මම අද මීට වඩා සතුටෙන්. ඔය උබ පාරට වැටිලා කරන දේවල් මමත් එක කාලෙකදි කලා අඩි 100-200 උඩවල් වල වයර් ඇද්දා. රෑ 10 -11 එනකම් වැඩ කලා හැබැයි ඒ මට කරන්න වෙන දෙයක් තිබ්බේ නැති නිසා මම ඒ හැම දෙයක්ම කලේ ඒ තැනින් උඩට එන්න. මං අද ඉන්නේ මහා ලොකු තැනක නෙවේ හැබෙයි එදාට වඩා හොද තැනක මට ඒ නිදහස දැනෙනවා. උබ ඉන්නෙ මට ලං වෙන්නවත් බැරි තරම් හොද තැනක එහෙම තැනක ඉදලත් මම අවුරුදු ගානක් කටු කාල පහු කරලා ආව තැනකට උබ නිදහසක් හොයන් යන්න හදනවා. උබටද මටද පිස්සු
    මිනිහෙක් හැටියට තවත් එකෙක් පාරට වැටෙනවට වඩා ගොඩ යනවට මම කැමති. ඒ නිසා උබ මේ කරපු වැඩේ පොල් බුරු වැඩක් මිසක එකෙ කිසිම හොදක් නෑ කියලා මට කටපුරා කියන්න පුලුවන් මීට පස්සෙව්ත් වැඩක් දෙයක් කරනකොට හිතපන්.

    ජීවිතෙ තියන්නෙ විදින්න මිසක් විදවන්න නෙවේ කියලා ගොඩක් අය කියන්නේ හැබැයි උබ ඔය කරගන්න හදන්නේ ඔය දෙකම නෙවේ ජීවිතේ ඇනගන්න.

    ReplyDelete
  54. ලංකාවෙ job නැ කියලා පොලිම් වල දගලලා රට දාල යන්න හදන අයට මෙක හොද පාඩමක්. තමන්ගේ වට පිටාව ගැන හොදට බැලුවොත් අපිට කරන්න පුලුවන් දෙවල් කොච්චර තියෙනවද ඒකට මෙ මාරයට වගේ හොද කොන්දක් ආත්ම ශක්තියක් තියෙන්න ඔන. මාරයාට ජය !!!!!!!!

    ReplyDelete
  55. පොළොවෙ පය ගහල ජීවත් උන එකෙක් විදිහට මාරේ තරහ වෙන්ඩ එපා කියනවට, පාරට බැහැපු ගමන් ඔහොම ජොබ් එකක් හොයා ගන්න බෑ අද කාලෙ නම්. වෙලාවෙ හොඳ කමක් නිසා අපිට මේ පෝස්ට් එක බලන්න වාසනාව තිබ්බා.

    හැබැයි පෝස්ට් එකෙන් දෙන පණිවුඩේනම් සෑහෙන්ඩ වටිනවා

    (සෘණාත්මක විවේචන කතන්දරගෙන් අහුලගත්තෙ)

    ReplyDelete
  56. උඹ හින්දම කරනවා මිසක් මටනම් හිතා ගන්නත් බෑ මාරයියෙ. ඇයි අර සල්ලි ටික තියලා ආවේ.......

    ReplyDelete