02 September 2011

බියර් පොදකින් හදවතට තල්ලුවක්...

ආවා මම දුරු කතර ගෙවාගෙන..
දැකුමට ඔය මුව මඩල සිනාසෙන..
නොදුටිමි තව එය කිමද නොදන්නෙමි..
සඟවාලන වත මා දසුනින්..

සිතුවේ මම පෙර දිනෙක ලෙසින් මෙම
ඔබ මා හදවත හඳුනා ගත් බව
එනමුත් එය නැත තවමත් දැන ගෙන
මා හදවත පෙම් කරන තරම්..

ඉතින් කුමක් කර ලනුද කියනු මැන..
තව දුර මේ ලෙස යා නොහැකිය මට..
හදවත වාවා ගන්නට කිසි විට..
තවත් ඉතින් මට නොහැකි බැවින්...

-මේකත් මේ ඊයේ රෑ ලිය වෙච්ච එකක්-

19 comments:

  1. කියයි මිහිරි කතා
    නිතර රසට ගොතා
    කවුද සුපෙම් ලතා
    අපි දන්නේ නැතා

    ReplyDelete
  2. කියනා මේ කතා
    අහන් ලඟට වෙලා
    ඉතින් එන්න " ලතා "
    නොකර තවත් පමා

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ලතා ඇත හිත හිතා
    හිත ඇතත් ළඟ ලතා
    යන්නෙ කවදද පතා
    මග බලා හිඳි ලතා

    ReplyDelete
  5. මොනාද මේ කතා
    බලමු ටිකක් හිතා
    මාරයියගෙ ඇතා
    නොවෙයිද මේ ලතා?

    ReplyDelete
  6. දැන් හරියට කවි ලියවෙනවානේ මාරයියට.. :D :D

    ReplyDelete
  7. රවටන්නට සිතා..
    කීවත් බොරු ගොතා...
    කාගෙත් හිතවතා...
    මෙයා මාර පුතා....

    ReplyDelete
  8. මාර නාමයට බොහෝ බය වෙන අය
    හදුන්නනෙ නැතිද ඒ හද උනුවෙන බව
    දැනෙන දුකට ගන්න බියර් පොද
    අහවර වන්නට කාලය දැන් එලබ ඇත

    ReplyDelete
  9. හික්....
    **ලතාගේ කවිය**
    මාරයියේ මේ ලතා..
    ලගට ගන්න සිතා...
    නෙවෙද කිව්වේ මේ ගොතා
    අහු වෙන්නේ නෑ ලතා...
    :D :D :D :D
    ඊයෙ රෑ තව මොනාද අප්පා හිතුනු,ලියපු දේවල්...(මට හිතෙන විදියට නම් තව බොහෝ තිබිය යුතුය...:P :P)හී හී

    ReplyDelete
  10. අර ඔම්ලට්ටු කාලා බීපුවයේ බලේ තමා ඔය ඉතින්......

    ReplyDelete
  11. මොකෝ මචෝ කේස් එක.. ග්‍රීස් යකෙකුට වත් මාට්ටූ උනා වත්ද...?

    ReplyDelete
  12. දැන් බීර හිඟයි නේද අයියේ ? අදත් මම ගන්න ගියා ඒත් සේරම ඉවරයි ..

    ReplyDelete
  13. දැන් කවුද මේවට වග කියන්නේ.....?

    ReplyDelete
  14. ආවෙමි හද පතා හිනාවෙයන් 'ලතා'

    ReplyDelete
  15. ඔහොම යනකොට දකියි.......

    ReplyDelete