03 September 2011

සිංහල බ්ලොග් ලියන ඔබටයි මේ අවස්ථාව...

ආයේ ඉතිං මේක ගැන කියන්න ඕන කියලා දැන් දවස් දෙක තුනක ඉඳලම හිතං හිටියට වෙලාවක් උනේ නැහැ.. ඒ හින්දා මෙහෙම හරි මේක දාන්න ඕන කියලා හිතුවා...

දැනටමත් දන්න අය දන්නවා ඇති මොකක්ද කියලා..ඒත් නොදන්න එක්කෙනෙක් හරි හි‍ටියොත් මේ දැනුම් දීම හොදයි කියලා මට හිතුනා..

මේක අපි වගේ සිංහල බ්ලොග් ලියන අයට ලැබෙන හොඳ අවස්ථාවක්..අපේ බ්ලොග් එක ගැන යම් කිසි ආකාරයක ඇගයීමක් ලබා ගන්න.. ඒ තමා කොළඹ රාජකීය විද්‍යාලය විසින් වසරකට වරක් පවත්වනු ලබන "අසෙනිය කුසුම" නම් වූ සාහිත්‍යය උළෙල..

ඇත්තටම මේක සිංහල බ්ලොග් කරුවන්ට වැදගත් වෙන්නේ මේ සාහිත්‍ය උළෙල විතරයි මං දන්නා තරමින් තවමත් ලංකාවේ සිංහල බ්ලොග්වලටත් තමන්ගේ සාහිත්‍ය උළෙලේ ස්ථානයක් වෙන් කරලා තියෙන එකම තැන.

වැඩි විස්තර මං කියන්න ඕන නැහැ මං පහළින් දාන්නං ලින්ක් ටික...





අපිට වෙන්වෙලා තියෙන්නේ විවෘත අංශය ඒ හින්දා හරියට තෝරා බේරාගෙන අයඳුම් කරන්න.. ඔය අයඳුම් පතේ ඇති RSS ලිපිනයක් ගැන අහලා..ඒක නොදන්න අයට මෙන්න මේ පහළ තියෙන ලින්ක් එක හරහා ගිහින් ඒ ගැන දැනුවත් වෙන්න


හරි ඔන්න මට පුළුවන් උදව් ටික මං කලා..දැන් තියෙන්නේ ඔයාලගේ වැඩ ටික...ඒ කිව්වේ මේ තරඟයට ලියා පදිංචි වෙන්න. ඊට පස්සේ තමන්ගේ බ්ලොග් එකේ වටිනාකම වැඩි කරන්න..ඒ කියන්නේ හොඳට ලියන්න. මේක හුගක් අයට අළුත් අත්දැකීමක් උනත් පරණ අයටනං පුරුදු දෙයක්... ඒ හින්දා පරණ අය අළුත් අයටත් මේක ගැන තව ටිකක් දන්න දන්න විදියට කියා දෙනවනං හොඳයි..

මං මේ කලේ මගේ යුතුකමක්.. මොකද ගිය වර ඔය තරඟයෙන් හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය වෙනුවෙන් වූ සම්මානය වෙන් උනේ මගේ නමට..


ඒක ඇත්තටම හොඳ දිරිගැන්වීමක්... මට මතකයි අපේ සයිබර් යාය ලියන බුද්ධී මලයටත් හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය කියන සම්මානය හම්බ උනා.. ඇත්තටම හම්බ උනා කිව්වට මං වගේම බුද්ධියත් තාම ඔය සම්මානය කළුද සුදුද කියලා දෑහින් දැකලා නැහැ..ඒකට හහේතුව ඒක ගන්න අපිට යන්න බැරි වෙච්ච එකයි.. ඒ උනාට ලැබුනා නොලැබුනා අපේ නමට ඒ දේ ලිය උනා කියලා මතකය තාමත් හිතේ තියෙනවනේ.. ඒකයි මේ විදියට අනිත් අයටත් මේ ගැන කියන්න මට විශේෂ යුතුකමක් තියෙනවා කියලා හිතුනේ... අපිට ලැබුන අවස්ථාව තවත් කෙනෙකුට හිමි වෙලා ඒ සතුට විඳිනවා දකින්න ඇති ආසාවට..


එහෙනං මමත් බලං ඉන්නවා මේ අවුරුද්දේ කවුද මේ සම්මාන ලබන අය කියලා.. ඒ වගේම මේ වසරේ හොඳම පෞද්ගලික බ්ලොග් අඩවියේ හිමිකරු කවුද කියලා දැනගන්න බොහෝමත්ම සතුටෙන් බලං ඉන්නවා... මේ පාර මං ප්‍රේක්ෂකයෙක් විතරයි.

ගිය අවුරුද්දට වඩා අනිවාර්යයෙන්ම මේ වර තරඟය තියුනු වෙයි..ඒ මේ වසරක කාලය තුලදී ඇති වෙලා තියෙන බ්ලොග් වල ප්‍රමාණය දැක්කම..ලේසි නැහැ..ඇත්තටම ගිය අවුරුද්දේ මට ලැබුන සම්මානය මේ අවුරුද්දේ ලබන කෙනො මට වඩා හුඟාක් ඉස්සරහින් ඉන්න කෙනෙක් වෙනවා කියන එක තමයි ඇත්ත..ඒ කියන්නේ අපිට වඩා අද ලොකු තරඟයක් තියෙන හින්දා...

අපිට කලින් වසරේ තිබුන තරඟයට වඩා තරඟකාරීකමක් අපිට ලැබුනා වගේම..ඊටත් වඩා ගොඩාක් වැඩි ‍තරඟයක් අනිවාර්යයෙන්ම ඔයාලට ලැබෙනවා..

එහෙනම් බලමු.. කවුද මෙවර ජයග්‍රාහකයෝ කියලා.. ඒ සඳහා ඉදිරිපත් වන ඔබට මාගේ සුභ පැතුම්..!


30 comments:

  1. ඈ බොලේ උඹ සම්මානේ ගත්තේ නෑ ! ඇයි ගියේ නැත්තේ ඒක ගන්න ?

    ReplyDelete
  2. කියන්න අමතක වුණා මේක නියම වැඩක් මාරේ අයියා ..මේ ගැන නොදන්නා බොහොමයක් දෙනෙකුට මේ විස්තර වැදත් වේවි ..

    ReplyDelete
  3. ස්තූතියි අයියෙ.......

    -පිසාචයා-

    ReplyDelete
  4. සදරු උබවත් මම ඒම් කරන් ඉන්නේ මේ සැරේ උබ ඉස්සරහට එයි

    ReplyDelete
  5. විනිශ්චය මණ්ඩලෙට කරන්න තියෙන්නෙ හරි ලෙසි දෙයක්... ගිය අවුරුද්දේ හොඳම පුද්ගලික වෙබ් අඩවියෙ ටයිටල් එක මාරයාගෙන් අරන් මේ අවුරුද්දෙ ඔය ඉස්සෙල්ලම කමෙන්ට් කරලා තියෙන එකාට දාන එකයි.. :D

    ReplyDelete
  6. @ beetle,
    හරියටම හරි

    ReplyDelete
  7. මාරයා අය්යා මේ පාර ඉදිරිපත් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම කරන්න තියෙන්නේ ඉතින් ඕක සදරු ගේ හිස් අහස වෙනුවෙන් දෙන එක තමා.... ඒකට වින්දනාත්මක බ්ලොග් අඩවිය කියන සම්මානේත් හොදම බ්ලොග් අඩවිය කියන දේකටම හොදටම ගැලපෙනවා

    ReplyDelete
  8. වෑදගත් දෑනුවත් කිරීමක්,මටත් හිතෙන්වා ටිකක් දරුනු ආකාරයේ තරගයක් යයි කියලා

    ReplyDelete
  9. ගියපාරත් ඔය තරගය තරගය තිබුණා. කෙළවර වුන විදිය ගැන නම් සතුටු වන්න බැහැ. අඩුම තරමේ තරගය කෙළවර වුනා කියලා වත් සමහර බ්ලොග් කරුවන් දැනගෙන හිටියේ නැහැ. ඒ සම්බන්ධව බ්ලොග් පෝස්ට් කිහිපයකුත් ඵල වෙලා තිබුණා වගේ මතකයි. කෙසේ වෙතත් මේ පාර ඒ අඩුපාඩු ගැන සැලකිලිමත් වෙයි කියලා විශ්වාශ කරනවා.

    මාරයියා ඉදිරිපත් වෙනවා නම් මගේ මනාපෙත් මාරයියටයි. මාරයියයි, හිස් අහසයි, රංගගේ මගේ ලෝකයයි ඉදිරිපත් වුනොත් නම් මනාපෙ දෙන එක මාරම ප්‍රශ්ණයක්..

    ReplyDelete
  10. මේ පාර ප්‍රේක්ෂකයෙක් විදිහට සම්මාන උත්සවේට ගිහින් ගියපාර එක ඉල්ල ගන්න. අර ළමයි අච්චර මහන්සි වෙලා වියදම් කරල හදපු එක ගන්නෙ නැතුව ඉන්නෙ පවූඌඌඌඌනෙ

    ReplyDelete
  11. තෑන්ක්ස් අයියේ දැනුවත් කරාට...!

    ReplyDelete
  12. මේ උළෙලෙන් වැඩ කීපයක් වෙනවා.

    1. බ්ලොග් ගැන ප්‍රචාරය වෙනවා.
    2. බ්ලොග්කාරයින්ට අළුත් පාඨකයෝ ඇති වෙනවා.
    3. අළුත් බ්ලොග්කාරයෝ බිහි වෙනවා.
    4. සිංහල සාහිත්‍යය දියුණු වෙනවා.

    මාරයාට, බුද්ධිට ඔය උත්සවයට යන්න බැරිවෙන්ණ එක හේතුවක් තමයි සංවිධාකයෝ නිර්දේශිත නාම කලින් ප්‍රචාරය නොකිරීම සහ අඩුවශයෙන් ඒ අයට වත් දැන්වීම.

    සම්මානය නං කෝල් එකක් දාලා/ඊමේල් එකක් දාලා පස්සේ කොළඹ ගිය වෙලාවක ගන්න තිබුණනේ.

    දැනුත් ඇහැක් වෙයි. ලියලා බලන්න.

    ReplyDelete
  13. දැනටම සදරු මලයට සම්මානෙ ලැබිල වගෙයි.

    ReplyDelete
  14. මාත් කලින් සීන් එක දැක්ක. නිකන් දාල බලන්නත් ආසයි. මාරයියත් කියන එකේ දාල බලමුකො. :)

    ReplyDelete
  15. බොහෝම ස්තූතියි මාරයියෙ දැනුවත් කිරීමට. ඒත් තරඟය සඳහා අයදුම් පත් බාර ගන්නා අවසාන දිනය ඊයෙනෙ...

    ReplyDelete
  16. මම නම් කියන්නේ ඕකට හරියන තුන්දෙනෙක් ඉන්නවා
    මරයියා
    සදරුවා
    සිත් ආරේ දොස්තර නෝනා
    ඔය තුන්දෙනාගෙන් කෙනෙකුට තමයි ලැබෙන ඕනේ

    ReplyDelete
  17. @ දිල් : මම හිතන්නේ ඔයාට මාස ටිකත් පැටලිලා වගේ දිල්.. මේ තවම සැප්තැම්බර්.. ඔක්තොම්බර් තියෙන්නේ ඊට පස්සේනේ තව මාසයක්ම තියනවා ඔන්න රෙජ් වෙන්න

    ReplyDelete
  18. "පාඨකයෙකු ලෙස" මගේ තේරීම පහත පරිදියි

    හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය.
    1. සිහි සටහන් - චානුක වත්තේගම
    1. සඳරු - හිස් අහස
    2. සංසාරේ අපි - ජීවිතේ මල්
    3. අල්කෙමියාගේ දිනපොත

    හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය.
    1. සත්සමුදුර - දිනේශ් දීපාල්
    1. අරුණි ශපීරෝ‍ වෙතින් - අරුණි ශපීරෝ‍

    හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය.
    1. සිත් ආර - නලිනි චාන්දිමා
    1. ටොපිය - රචින්ත ජයවර්ධන

    හොඳම තාක්ෂණිකමය බ්ලොග් අඩවිය.
    අදහසක් නැත

    හොඳම කාලීන සිදුවීම් බ්ලොග් අඩවිය.
    1. සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය -කණ්ඩුල
    2. Rear Gate - චාමි
    2. දුකා.. - සුබාශ් ගුණවර්ධන
    3. Out In The Open - චමිල ඩි අල්විස්
    3. බුවාගේ සිතුවිලි - බුවා

    හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය.
    1. හිස් අහස - සඳරු
    2. රංග මගේ ලෝකය
    2. ගෝල්ඩ් fish ගේ blog ටැංකිය
    3. පන්සල් හංදිය

    වසරේ හොඳම සින්ඩිකේටරය
    අදහසක් නැත

    හොඳම සමූහ බ්ලොග් අඩවිය
    One | Zero | Zero

    හොඳම බ්ලොග් අඩවිය
    1. හිස් අහස - සඳරු
    1. සිහි සටහන් - චානුක වත්තේගම

    ReplyDelete
  19. ඇයි මාරයා ඉදිරිපත් නොවෙන්නෙ...? අලුත් අයට අවස්තාව දෙන්නද..ඒකත් හොඳයි.
    හිස් අහස ගැන කතාවට නම් මමත් එකඟයි..ඔන්න සඳරු මලේ අවස්තාව...

    ReplyDelete
  20. බොහොම ස්තුතියි මාරයාට .. මේ ගැන දැනන් උන්නේ නැහැ . විහිලුවට වගේ ඔන්න මමත් දැම්මා ..මොකෝ සල්ලි යන වැඩක් නෙමේනේ

    ReplyDelete
  21. මේ වැඩේ වටින්නෙ ඉතින් එහෙම ලියාපදිංචි කර ගැනීමක් නොකර සියඵම බ්ලොග් අඩවි සලකා බලා සම්මාන දෙනවනම් විතරයි. මොකද ගොඩක් හොඳ ලියන අය ඉන්නව කවදාවත් මේවට ලියාපදිංචි නොවන. මොකද ඔවුන්ගෙ අරමුණ සම්මාන නෙවෙයි නිසා.
    මේ වැඩේ එහෙම ස්වාධීනත්වයක් නෑ ලේඛකයන්ට. අනිවාර්යයෙන්ම ඔවුන්ගෙ බැනර් බ්ලොග් තුළ ප්‍රදර්ශනය කරන්න සහ තරඟය සඳහා ලියාපදිංචිවීමක් ඔවුන් ඉල්ලා සිටිනව. එවැනි කොන්දේසි වලට එකඟ නොවන සම්මාන ගැන ආශාවක් නැති අයත් ඉන්නව. එවිට හොඳම බ්ලොග් අඩවි ඔවුන්ගේ වෙන්නත් පුඵවන්. ඒත් ඒව සැලකිල්ලට ගැනෙන්නෙ නැති නිසා ලබා දෙන නිර්දේශයන් නිවැරැදිම වෙන්න හැකියාවක් නෑ.

    ReplyDelete
  22. තැන්කූ මාර අයියේ දැනුවත් කොලාට...

    ReplyDelete
  23. @ සඳරු

    ඔන්න සඳරු මං කලින්ම කිව්වේ බොරුවක්ද? ලේස්ති උනානම් ඔය කොළඹ රටට ඇවිත් යන්න.

    @ මාරයියා

    අයියත් ඉදිරිපත් වෙන්නැත්දැ? දැනුවත් කර එක නම් වටිනවා. මොකද හැමෝම දන්නෑනොවැ....

    ReplyDelete
  24. මෙවර හොඳම පෞද්ගලික බ්ලොග් අඩවිය සඳහා මගේ මනාපය අපේ පූසෝ සෙට් එක ලියන බ්ලොග් ගඩොල් වෙනුවෙන් පල කරමි

    ReplyDelete
  25. හොදම බ්ලොග් තෝරා සම්මාන දීම හොද දෙයක්.නමුත් තරගය සදහා අයදුම් පත් ඉදිරිපත් කිරීම හා (අනිවාරාය නොකලත් ලාංඡන එල්ලීම) බ්ලොග් කරුවාට නියම කිරීමක් නොකොට සිංහල බ්ලොග් අවකාශයේ පිහිටි සෑම බ්ලොගයක්ම අධීක්‍ෂණය කොට හොදම බ්ලොග් අඩවිය තේරීමක් කළානම් වඩාත් හොදයැයි මගේ පෞද්ගලික අදහසයි.

    ReplyDelete
  26. අනුන් කරන දේ විවේචනය කිරීම ඉතා පහසුය...

    ReplyDelete
  27. @last Anonymous
    ඔව් මේ විදියට හරි බ්ලොග් ඇගයීම් කරන එක ලොකු දෙයක්.

    ReplyDelete
  28. අප්පා. මට මේක අමතක වෙලානෙ තිබ්බෙ. :) මතක් කළාට ස්තුතියි. අපිත් පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනෙ.

    ReplyDelete
  29. ඇත්තටම හොද අවස්ථාවක්. වටිනා දැනුවත් කිරීමක්...

    ReplyDelete