07 September 2011

මම දන්නවද ඕවා...

එක්තරා දවසක සැඳෑවක..
නොහඳුනන එක්තරා අයකුට..
කියා දුන්නෙමි ජීවිතේ හැටි..
මේ ලෙසයි කියලා පහදවා..

ඒ නමුත් ඒ දිනේ එලෙසින්..
ඔවා දුන් මා ජීවිතේ හැටි..
නොදන්නා වග හොඳින් එදිනත්..
දැන සිටිය මුත් සැඟවීමි එය..

ජීවිතේ යනු කිම්ද නොදනිමි..
සසර දුක බව මඳක් දන්නෙමි..
අරමුනක් හැඟුමක් කිසිත් නැති..
තවත් ගමනක් මමත් යන්නෙමි...

මා අතින් ජීවිතේ විස්තර..
විචාරා සිටි ඔබට කියනෙමි..
කිසිදු විට නොඅසනු මැනවි යළි..
ජීවිතේ ගැන මම නොදන්නෙමි...

22 comments:

  1. ජීවිතේ ගැන හරියටම දැන ගන්න නම් බුද්ධත්වයට පත් වෙන්න ඕනෙ මාරයෝ. අපිත් හිටපු ගමන් තවත් අයට උප්දෙස් දෙනවා තමයි, ඒත් අපේ ජීවිතත් කොච්චර නම් ව්‍යාකූලද....?

    ReplyDelete
  2. අහගනින් දුමිය ගෙන්ම "ඔවාදෙනු පරහට......දිගට හරහට......"

    ReplyDelete
  3. ඔහොම ඒව ලියන්න එපා බං. එතකොට අපෙත් ආතල් කැඩෙනව ඔය මාතෘකාව ගැන කල්පනා කරන්න ගිහින් :D

    ReplyDelete
  4. හ්ම්ම්ම් දුමී අය්යා හරි හැබැයි පොඩිත්තක් නිවර්දි වෙන්න ඕනෙ බුද්ධත්වයට ම නෙවේ බුදුවරයකුගෙන් බන අසා නිවන් අවභෝධය ලැබීමෙන් හෝ ජීවිතාව භෝදය ලැබිය හැකියි ,
    මාරයා අය්යාත් කාලයක් ඔය මාර්ගය අනුගමනය කල කෙනෙක් නෙව .......

    ReplyDelete
  5. අනුන්ගෙ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම පහසුය. ඒ ප්‍රශ්නෙම තමන්ට කැරකුණු කල විසඳුම් සෙවීම අපහසුය.
    අවිනිශ්චිතතාවය තුළමත් යම් රසයක් තිබුණත්, ඒ කරදරයකට මුහුණ පාන තුරු පමණයි.

    ලස්සනයි පදපෙළ.

    (බලාගෙන, බිස්නස් බහී....)

    ReplyDelete
  6. හැම දෙයම නොදන්නවා වුනත්, දන්න දෙයින් කාටහරි පිහිට වීම යහපතක් නේද?

    ReplyDelete
  7. කියන්නට වදන් නැති
    මේ පදවැල් අරුත් ඇති
    ජිවිතේ යනු නිමක් නැති
    දුක් ගොඩක්මයි වැඩක් නැති

    ReplyDelete
  8. ජීවිතේ අරුත ඇති...
    කීවේද ඔබය සකි..
    රිදවගන්න සිතක් නැති...
    හද හිස් කලේ කව්ද සකි???

    ReplyDelete
  9. හ්ම්...තාම අප්සෙට් ගතිය හරි ගිහින් නෑ වගේ.
    මොනව වුනත් ඇත්තම තමා කියලා තියෙන්නෙ.

    ReplyDelete
  10. අපිත් දන්නේ නැහැ නේ

    ReplyDelete
  11. අනේ මන්දා මාරයෝ...ඉස්සොයි කතුරු මුරුංගයි එකට දාලා කනවා දැක්කමයි.......
    ජීවිතේ දුකයි තමයි බං....මොනව කරන්නද...බිල් ගේට්ස්, එතකොට අර ස්කයිප් හදපු දෙයියා, ගූගල් හදපු දෙයියා , අන්න ඒ මිනිස්සුත් ජීවිතේ දුකයි කියලා දුක් ගී කිය කිය හිටියනම් අපේ ජීවිත මීටත් වැඩිය දුකයි බං..

    ඔතන තව බියර් කීයක් තියනවද හැබෑටම ?

    ReplyDelete
  12. දිවි මගෙහි අරුත දැන
    සසර මග ඉමත් දැන
    නිවනෙහිද අරුත් දැන
    නිවන් මග සරනු දැන

    ReplyDelete
  13. දාන්න සුදුසු කමෙන්ට් එකක් තාම කල්පනා කරමි . . .

    ReplyDelete
  14. ජීවිතේ අද මේ දැන්. එපමණයි. ඊට වඩා මොනවද?
    මැණික්

    ReplyDelete
  15. ජීවිතේ කියන්නේ දුකක් ලු..

    ReplyDelete
  16. මොකද මෙ උනේ මාර අයියාට ඇත්තටම...

    ReplyDelete
  17. ජීවිතේ හැටි නොදන්නා බැව් කීවාට..,
    දනිමි ඔබ දන්න බව ජීවිතය ගැන
    අපට (මට) වැඩියමක්......
    " ඉඳහිට මගතොට යන ජනතාව කාසියක් දෙකක් වීසිකර ගියෝය.
    මේ වීදියේ කෙහෙරැවුලු වවාගෙන සිටින්නේ කඳු මුදුනේ ඇති දෙවොලේ දෙවියා බව කිසිවෙකු නොදත්තේය. ඔවුහු පුද පූජා පිණිස කඳුමුදුනට ඇදෙමින් සිටිති..."

    අපි දන්නවා පොරවල් කියන්නෙ මං දන්නෑ මං පොරක් නෙමෙයි කියලා තමයි

    ReplyDelete
  18. වඩේ සමග බියර් වගේ අද.

    ReplyDelete
  19. මම නම් ඕවා හිතන්නෙ නැහැ .......

    ReplyDelete
  20. එක අතකින් අපි හැමෝම ඔහොම තමයි.. අනිත් අයට උපදෙස් දුන්නට අපේ ජීවිත අපිටම හදා ගන්න අමරුයි. ඒත් එහෙමයි කියලා ජීවිතේ නවතින්නේ නැහැනේ. මැරෙනකම් ජීවත් වෙන්නත් ඕනනේ.

    ReplyDelete
  21. අනේ මන්දා බන්. . .

    ජීවිතේ හැටි ඔන්න ඔහොමයි . . .

    එක වෙලාවකට දාලා යන්න බැරි තරම් ආදරෙන් බදා ගන්නවා . ..

    එක වෙලාවකට හැමදේම එපා වෙනවා . . .

    අනිත් උන්ට උපදෙස් දෙනවා මෙහෙම කරපන් අරෙහෙම කරපන් කියලා . . . .

    අවුල් වෙන්නේ නැතුව වැඩ කරන්නේ මෙහෙමයි අරෙහෙමයි කියලා . .

    ඒත් හැරිලා බැලුවාම අපේ පැත්ත හොඳටම අවුල් . ..

    මොනව කරන්නද බන් . .

    ඒකට කියන්නේ මනුස්සකම කියලා හිත හදාගමු . .

    ReplyDelete
  22. මට මේක කියවද්දි මතක් වුනේ මේ සිංදුව
    මං මුලාවී පාර සොයා ගෙන හසරක් අසමින් යන ගමනේ ...
    මං මුලා වු සමනලියකගෙනි පාර අසා තිබුනේ....
    ඇයත් නොදන්නිය ඇය යන මානය ..
    උන් හිටි තැන් මතකයෙ අඩමානය ...
    පාර කියන්නේ කෙලෙසද මා හ‍ට ඇයටද පාරක් ඇති නැති ගානය.

    ReplyDelete