09 September 2011

ජීවිතේ ගිම් නිවාලන්නට.. අදින් පසු ඔබ හටම බාරයි...

කාලයක් තිස්සේ ඉඳලා ඔයාව මගේ කර ගන්න හිත හිත හිටිය උනත් මං හැමදාමත් ඒකට බය උනා..එච්චර ලොකු තීන්දුවකට එන්න හිත හදා ගන්න එක ඇත්තටම ලේසි නැහැ. මං මේවා කිව්වට ඔයාට තේරෙන්නේ නැහැ කියලා දන්නවා..ඒත් මං කියන්න ඕන...

දැන් අවුරුදු තුනක් තිස්සේ මං හිටියේ නන්නත්තාර වෙලා..තැනින් තැන ඇවිද යන ගමන්.. එහෙම කාලෙකදී ඔයාව මගේ ළගට ගන්න එක මට වගේම ඔයාටත් හොඳ මදි කියන එක මගේ හිත ඇතුලේ තිබුනා..ඒත් වෙලාවකට ඔයා නැති අඩුවනං මට සෑහෙන්න දැනුනා.. ඒත් එහෙමයි කියලා එක පාරට මං කොහොමද එහෙම තීරණයකට යන්නේ...

ඔයව ළගට ගන්න එක..මගේ කර ගන්න එක වෙන කාටවත්නං ප්‍රශ්නයක් වෙන්න විදියක් නැති විත්තිය මං දන්නවා... ඔයා මගේ ජීවිතේ පළවෙනියා නෙවෙයි..ඒක ඇත්ත.. ඒ වගේම මමත් ඔයාගේ ජීවිතේ පළවෙනියා නෙවෙයි..මීට කලින් ඔයා වෙන කෙනෙක් ළග හිටිය විත්තිය මං හොඳටම දන්නව..ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි..ඒ කවුද කියන්න මම දන්නේ නැහැ..ඒත් එයා විදේශිකයෙක් කියන්නනං මං දන්නවා... ඔයාව බලන්න මං ගිය වෙලාවේ එතන හිටිය කෙනෙක් මට ඒක කිව්වා... මං ඒකට සැලුනේ නැහැ. කොයි ලෝකේ කරක් ගහලා හරි අද ඔයා මා ළඟ.. එච්චරයිනේ වෙන්න ඕන...

ඔයා වෙන කෙනෙක්ගේ වෙලා හිටියා කියන එකවත්.. කොච්චර කාලයක් එහෙම හිටියද කියන එකවත් මට ප්‍රශ්නයක් නෙවෙයි.. මට ඕන දැන් ඔයා මගේ වෙලා ඉන්න විතරයි. මාත් එක්ක අද ඉඳලා ඔයාට ඉන්න වෙනවා.. මට කියන්න බැහැ සදාකාලයටම අපි එකට ඉඳී කියලා... ඒත් ඔයාට මමවත්.. මට ඔයාවත් ප්‍රශ්නයක් කරදරයක් නොවෙන තාක් කල් අපිට එකට හිටියෑකි.. ඒ මදෑ... ඇත්තටම මං ඔයාව මගේ ජීවිතේට ළං කරගන්න මේ තරං කාලයක් පරක්කු උනේ හේතු දෙකක් හින්දා..

එයින් එකක් ඔයා දන්නවා.. ඔව් මගේ ආර්ථික තත්වය තමයි.. ඔයාව ලං කරගන්න එකවත්.. ඔයාව බලා ගන්න එකවත් කරන්න සල්ලි නැතිව බැහැ..සමහරුනං කියයි ඕකනං මොකක්ද කියලා..ඒත් මංනේ දන්නේ ඒ කියන තරං ලේසි නැති විත්තිය...

අනිත් එක තමා මං මගේ ජීවිතේ නිදහසට හුඟාක් ආස කරපු කෙනෙක්.. මං කැමති නැහැ තව තවත් බැඳීම් ඇති කරගන්න.. මං අද මෙතන ඉඳලා හෙට තව තැනකට යන්න ලෑස්ති පිට ඉන්න කෙනෙක්. ඔයාට ඒක තේරෙනවද මං දන්නේ නැහැ.. ඒත් ඒ වගේ ජීවත් වෙන කෙනෙකුට ඔයා ලොකු බැඳීමක්.. හුඟාක් ලොකු බැඳීමක්.. මං කැමති උනේ නැහැ එච්චර වගකීමක් ගන්න.. එඒ වගේම මට කොහේ හරි වෙන දිහාවක යන්න ඕන උනාම ඔයාවත් අරං යන්න වෙනවා කියලා මතක් වෙද්දිත් මට ඒක හරි හිතට අසහනයක්.. බාර ගත්තනං දාලා යන්නත් බැහැනේ...

ඔය ගැටළු දෙක හින්දයි ඇත්තටම මට ඔයාව ලං කර ගන්න..මගේම කර ගන්න මෙච්චර කාලයක් ගත උනේ.. ඒත්... අද උදේ මට හිතුනා මෙහෙම හිටියා ඇති කියලා... ඔයා දන්නවද දන්නේ නැහැ මං බොහෝම ඉක්මනින් තීන්දු තීරණ ගන්නවා බොහෝමයක් වෙලාවට.. අර කවුදත් කියලා තියෙනවනේ ඉක්මන් තීරණ ගන්නා කෙනා නිසංසලේ පසුතැවේද කොහේද කියලත්.. මං දන්නේ නැහැ මටත් එහෙම වෙයිද කියලා..ඒත් මේකත් හදිසි තීරණයක්...

ඔයාලා ගැන මං දැනගෙන දැන් හුඟක් කල්..ඒත් මං ඒ හැටි හොයන්න ගියේ නැහැ..ඊයේ හවස තමා එක පාරටම ඔයා ගැන ආරංචියක් ආවේ... ඒ වෙලාවේ මට හිතුනා නිකමට වගේ මං ඔයා ගැන ඇත්තටම හිතනවා නේද කියලා... ඒත් මං ඒක ලොකුවටම ගත්තේ නැහැ..ඒත් අද උදේ ගෙදර ඇවිත් ඉන්න ගමන් මට එක පාරටම ඔයා ගැන මතක් උනා.. ඔව් මං ඒ තීරනය ගත්තා... ඕන දෙයක් වෙන්න කියලා මං ඒ තීරනය ගත්තා...

දැන් හවස් වෙලා.. මේ පැය කිහිපය ගෙවිලා ගිය ඉක්මන.. ඒ පැය කිහිපය ඇතුලතදී වෙච්ච දේවල්.. කොහොම හරි දැන් ඔයා මගේ ඉස්සරහා... ඔයාට මගේ තීරනය හමුවේ ආයේ කරන්න දෙයක් තිබුනේ නැහැ. කලින් බැඳීම ගිලිහිලා ගිහින් තනි වෙලා හිටිය ඔයා කිසි සද්දයක් නැතිව මාත් එක්ක ආවා.. තාමත් ඔයා සද්ද නැහැ..මං ඔයා දිහා බලා ඉන්නවා..ඒත් අද රෑ වෙද්දි මොනවා හරි වෙයි.. ඊට පස්සේ හෙට ඉඳලා ඔයාට වෙනවා මාව බලා ගන්න.. මාව සතුටෙන් තියන්න.. ඔයාව එක්කරගෙන ආව එක වැරදි තීරණයක් නෙවෙයි කියලා ඔයයි මට ඔප්පු කරලා පෙන්නන්න ඕන...

එහෙනම් මං තාමත් ඔයා දිහා බලං ඉන්නවා... ජීවිතයේ අළුත් වෙනසක් එක්ක අපි හෙට දවස ආරම්භ කරමු...

"ඔයාටයි මටයි සුභ අනාගතයක් වේවා..!"

සුමුදු සුසිනිඳු තැන් නොවේ මෙහි..
ඔබට රැඳිලා ඉන්න සුවසේ..
කටුක බව පිරි මගේ දිවියේ..
ඔබත් කොටසකි හෙට දිනේ..
ජීවිතේ රැඳි ගිම් නිවාලා..
සිසිල දෙනු මැන මා වෙතේ...
අදින් පසු මා ළඟින් සිටිමින්..
නිවා සනසා ලනු මැනේ..

143 comments:

  1. අළුත් කොම්පියක්වත් ගත්තද?

    ReplyDelete
  2. ගොඩක් දුර දුවල තියන කෙනෙක්ද? එහෙම නැත්නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ... ගොඩක් කල් අයියත් එක්කම ඉදී... ;) මම හරිද මන්ද

    ReplyDelete
  3. අලුත් මොකක් හරි ගැජමැටික් එකක් අරන් වගේ.... :P

    ReplyDelete
  4. මෙන්න මාර අයියා අර පරන බයිසි මොටෝ එක විකුනලා අලුත් කිරි කිරි බාන්ඩයක් ගෙනත් !!!!!!!!!

    ReplyDelete
  5. කොල්ලා කූල් බියර් එකක් එහෙම බොයි නිවී හැන්හිල්ලෙ එහෙම නම් .......:D

    ReplyDelete
  6. සුරතලේක්වත් අරගෙනද හදන්න...බල්ලෙක් වගේ...අනේ මන්ද මොනා කියවනවද කියල....

    ReplyDelete
  7. මාරඅයිය BYK එක දීල වගේ මොකක්ද ගත්තේ...??

    ReplyDelete
  8. ෂුවර් එකටම කාර් එකක් කියාල එකක් අරන් වෙන්න ඕන... සුභ පැතුම් මාරෙ අයිය...

    ReplyDelete
  9. මෙන්න මේකා ආපිකෝ මෙට්ටයක් අරන් ... නින්දත් සැප නින්දත් අදර වෙනස බලන්න

    ReplyDelete
  10. හුරේ මාරයියා අලුත් ඇදක් අරගෙන ^_^
    නෑ බෲම් එකක් O.o
    එහ්ම්ම් ආහ්හ් මේහ්හ් වාහනයක් ??

    ReplyDelete
  11. හා හා අපිව අන්දන්න නේද හදන්නේ? අපි අහුවෙයි ඕවට

    ReplyDelete
  12. මටත් හිතෙන්නේ වාහනයක් කියලා........:)

    ReplyDelete
  13. කිසිම ලස්සනක් නෑ... මෙලෝ ම රහක් නෑ ..... පරණ බ්ලොග් එක්ක බලනකොටනම් ..........

    ReplyDelete
  14. මට තියන ප්‍රශ්නෙ මාර අයිය මාරි අක්කව හොරෙන්ම එක්ක ඇවිත් මොන වගේ පෝස්ට් එකක් දායිද කියන එක...
    එතකොට දායි මම බර කරත්තයක් ගත්තා..... කියල

    ReplyDelete
  15. මොකද්ද බං උඹ කරගෙන තියෙන්නෙ ඒ ගමන???
    උඹ අර අහවලාව ඉස්සුව-වත්ද මෙච්චර ජොලියකින් පෝස්ට් එකක් දාලා තියෙන්නෙ?
    :D :D
    [ඇනෝ කමෙන්ට් එකක් දැම්මෙ මගේ ආරක්ශාව පිණීස. පුලුවන් නම් මේක දැම්මෙ කවුද කියපන් බලන්න. :D :D]

    ReplyDelete
  16. බෝතලයක්..? බයික් එකක්?

    ReplyDelete
  17. අයිස් පෙට්ටියක්වත් ගත්තද????අද රෑ පාවිච්චි කරන්න හදනවනම්.. ට්‍රාන්ස්පෝට් කරල පැය ගනනක් තියලනෙ ඔන් කරන්න කියන්නෙත්...

    ReplyDelete
  18. මොකක් උනත් කමක් නෑ සද්දෙට දාමු පාටියක්........

    ReplyDelete
  19. There is a high possibility for that to be a laptop or a car...

    ReplyDelete
  20. ෆ්‍රිජ් එකක් අරගෙන

    ReplyDelete
  21. මේකත් අර සරම වගේ තමයි. හැබැයි මෙතන ඇත්තේ එයිට වඩා වෙනස් දෙයක්. මගේ සැකේ තියන්නේ,
    1. ලැපට බැට්ට්‍රියක්.
    2. බයික් එකක් යන දෙක මත.
    නමුත් මේ වෙලාවේ මාරය බයික් එකක් ගන්නේ නැහැ. ඒ නිසා බැට්ට්‍රිය පැත්තට බර වැඩියි.

    මාත් සමීර එක්ක එකඟයි. මහා සූපවේදී මාරයාගෙන් පාටියක් ගමු.

    ReplyDelete
  22. අයියා අළුතින් කොම්පීතරයක් හරි බයික් එකක් හරි අරගෙන වගේ...

    ReplyDelete
  23. @RanDil

    කොම්පීටරයක් කොහොම නිවන්නද අප්පා මගේ ගිනි...?

    ReplyDelete
  24. @Confiuzd ප්‍රෝග්‍රැමර්...

    මල්ලිව දැක්ක කල්..කිව්වළු...
    ෆෑන් එකක්නං ඔය ගෙදරත් තිබුනේ..

    ReplyDelete
  25. @MaRLaN...

    මාත් මේ කල්පනා කරන්නේ මල්ලි හරිද කියලා..මට හිතා ගන්නත් බැහැනේ

    ReplyDelete
  26. @Ano-1...

    ඔව් ඉතිං මේකත් බලං ගියහම ගැජමැටික් එකක් වගේ තමයි..:D

    ReplyDelete
  27. @සිහින...

    පොච්චියේ ඒක අර යස අගේට තියෙන්නේ.. අළුත් ඒවා මොකටෑ පරණ එක හොඳින් තියෙද්දී..

    ReplyDelete
  28. @නිශ්...

    උඹලනං මාව වරදටම පොළඹවන්න හදන්නේ..සික් ඉතරක්

    ReplyDelete
  29. @සිතුවිලි නිහඬයි...

    හුරතලේට..බල්ලෙක්..හැපෝයි...

    ReplyDelete
  30. මට නම් හිතෙන්නෙ මාරයියා TV එකක් අරගෙන... මම හරි නේද... හැබැයි ඕකත් කාලෙ කන වැඩක් තමා... හික්... හික්...

    ReplyDelete
  31. @Thusitha (දිමා)...

    BYK තාමත් යහතින්...

    ReplyDelete
  32. @සාතන්...

    බුදු අප්පොස්සියේ.. ඔව්වා ගංට මං..හරි හරි ගත්තා කියමුකෝ..ඒවට තෙල් ගහන්න ආයේම මට ඒක විකුණන්ට වෙයි නෙව..

    ReplyDelete
  33. @සහෝධරයා...

    අනේ මල්ලියේ පරණ පුරුදු පැදුරු කඩමාල්ල අදටත් හොඳා...

    ReplyDelete
  34. @මලියා...

    ඔක්කෝමත් හරි කියන්න ඕන එක විතරක් කියලා නැහැනේ...

    ReplyDelete
  35. @batti...

    අනේ ඉතිං නගාව අන්දන්ට මට ඇහැකිද..?

    ReplyDelete
  36. @තාරක Dilsh@n...

    එකෙක් කියනවා කාර්ළු..තව එකෙක්ට බයික්ළු.. ඒ අස්සේ බොලා ෆ්‍රිජ් ගැන දොඩොනවා ඒකෙත් ඉතිං වරදක් නැහැ කලින් ඒවත් එක්ක බැළුවහම..

    ReplyDelete
  37. @සුදු මැණිකේ(මැණික්)...

    හනේ ඉතිං මැණිකෙට කියන්න මැණිකේ.. බයික් එකට එහා ලොකු හීන මගේ නැතුවා...

    ReplyDelete
  38. @මලික්...

    මල්ලි මොනවා දෝඩෝනවද.. කවුරු හරි කිව්වද මෙහෙ ලස්සන ලස්සන ජාති..එතකොට රහ ජාති එහෙම තියේ කියලා... හපොයි මල්ලියේ පාර වැරදිලා...

    ReplyDelete
  39. @සිහින...

    හෙහ් හෙහ්..අනේ අම්මපා මලේ උඹනං.. නමටම ගැලපෙන කතා කියන්න දස්සයා..

    ReplyDelete
  40. හ්ම්ම්..අලි මදිවට හරක් කිව්වලු....

    මූ ඒ පාර අපට අයිස් ක්‍රීම් හදන්නත් උගන්නයි වගෙ...

    ReplyDelete
  41. @Ano-2...

    අනේ පලයං යන්ට නගේ...
    මොකද හිතුවද මං ලක්සෙක විතර ඔරලෝසුවක්වත් ගෙනාවා කියලා..:D:D:D

    ReplyDelete
  42. අදින් පසු මා ළඟින් සිටිමින්..
    නිවා සනසා ලනු මැනේ..
    කොහොම උනත් නිවාසැනසියන් ජීවීතේ කියලා මම පතනවා යාළු

    ReplyDelete
  43. හහ්හහ්හා මාරයා අය්යා ලාබෙට A/C එකක් අරගෙන වගේ....... හොදා හොදා
    කාටද අප්ප මේ රස්නෙ උහුලන්න පුලුවන්

    ReplyDelete
  44. @Prasanna...

    මොනවා නැතත් ඔය දෙක එකට ගෙනාවොත්නං ඊ ළගට පෙට්ටියකුත් ගේන්ට වෙනවා....

    ReplyDelete
  45. @Weni...

    අයිස් පෙට්ටිනං මෙහෙ පැතිවල නැහැ..ඒත් පොඩි පොඩි කෑලිනං බෑග්වල දාලා විකුණන්ට තියෙනවා මෙහෙ සුපිරිමාර්කැට්ටුවේ... ඒත් ඔය කියන විදියට ඒවා පැය ගානක් තිබ්බොත් දිය වෙයි නෙව..

    ReplyDelete
  46. @Ano-3...

    කෝ ඉතිං නමක් ගමක් නැහැ නෙව..

    ReplyDelete
  47. @sameera...

    පාටියක් නේද..? හුම්ම්ම්...

    ReplyDelete
  48. @$මරුමූස් $...

    හපොයි කඩුව...
    ඒ දෙකටම වඩා කඩුවක් ඕන කරලා තියෙන්නේ දැන් මට...

    ReplyDelete
  49. @වෙද ගෙදර මහ වෙදනා...

    බුදු අප්පච්චියේ පාටි කිව්වොත්නං අයියලත් නැති තැනක් නැහැ..:D:D:D

    ReplyDelete
  50. @Dinesh...

    ඔය කිව්ව දෙකම මලේ පරණ ඒවා තාමත් හොඳට දුවනවා නෙව..

    ReplyDelete
  51. @ප්‍රසංග...

    TV හාපෝයි..ටීවී බලන්න වෙලාවක් තියෙනවනං බැරියෑ...

    ReplyDelete
  52. @Luckey...

    ඇයි එයා අයිස්ක්‍රීම් හදන්න දන්නවා කියලා කවුරු හරි බොලාට කිව්වද..?

    ReplyDelete
  53. @ayesha...

    බොහෝමත්ම ස්තූතියි යාළු...

    ReplyDelete
  54. @Rapa...

    AC තියා මට මේ DC වත් නැතිව ඉන්නවා අප්පා... අළුතින් ගන්ට දෙයක් නැහැ මේ ගේ ගද්දිම එක කෑල්ලක් ඒසී කොරලා තිබුනා..ඒත් ඒක වැඩ නැද්ද කොහේද..මං නිකමටවත් ඒ මැසිමට අත තිබ්බේ නැහැ..මට මොන ඒසීද..?

    ReplyDelete
  55. මමනම් හිතන්නේ Phone එකක්.

    සොරි ඇනෝ කොමෙනට් එකට...
    (ඇනෝ කොමෙනට් පිලිබදව විශේෂ පලපුරුදක් ඇති ඔබ එහෙනම් කියමුකෝ බලන්න මගේ නම :D :D)

    ReplyDelete
  56. අලුත් ලැපෙක්වත් ගත්තද ?

    දැන් කෝල් එකක් දූන්නොත් එදා වගෙ හොර්න් උත්තරය කියනවා නේද මාරයියෙ ?

    ReplyDelete
  57. @Ano-4...

    "කොමෙනට්"
    "පලපුරුදක්"

    බලවත් වැරදි සහිතව ලියලා තියෙන්නේ නොමඟ යවන්නද..? එහෙමත් නැත්තං වෙනදා වගේම වැරදුනාද..?Anonymous කියන වචනෙත් සිංහලෙන් ලිව්වනං කියන්නත් පුළුවන් වෙන්න තිබුනා කවුද කියලා..:D

    අහ් ෆෝන්නං කන්ටෙයි.. මේ තියෙන එක මදෑ..

    ReplyDelete
  58. @දිල්...

    හපොයි දැන්නං කෝල් කරන්ට එපා...:D:D:D

    ReplyDelete
  59. ඔය ඉතිං අපෙ කුතුහලේද මොකද්ද අවුස්සලා මාරයියා ගන්න චූටි අාතල් ඒකක්නෙ. මයෙ නං ඔව්ව කියන්ට මොෙල් වැඩ කොරන්නෙ නෑ :-P

    ReplyDelete
  60. @Aruna...

    හෙහ් හෙහ්...ජීවත් වෙනකල් මොනවා හරි කොරන්ටත් එපෑ මල්ලියේ..

    ReplyDelete
  61. අැත්ත අැත්ත

    මොනව කොරන්ටද මාරයියෙ. ජීවිතේ සතුටින් තත්පරයක් හරි ඉන්ට ලැබෙන ඒක හොදයි තමා.

    අලුත් ලැපියෙක් ගත්ත නේද

    ReplyDelete
  62. @Aruna...

    අනේ නැහැ මලේ..තාම පරන එක වෙඩි වගේ වැඩ...

    ReplyDelete
  63. මම දන්න්නවා !! අයියේ උඹ ගෙනවා නේද වොසින් මැසින් එකක් ?

    මම හරිද ?

    ReplyDelete
  64. අයිපොඩ් එකක්ද මාරේ අයියේ ?

    ReplyDelete
  65. @හිස් අහස...

    වොසින් මැසිමෙන් කරන්නේ රෙදි හොදන එක නේද බං... මෙයාටත් කියලා බලන්න ඕන..මංනං හිතන්නේ නැහැ රෙදිනං හෝදලා දෙයි කියලා..

    ඒ මොකක්ද බං ඔය අයිපොඩ් කියන්නේ..?

    ReplyDelete
  66. ගිම් නිවලා සිසිල දෙනවලු. තටු කැරකෙන එකක්ද මංදා......

    ReplyDelete
  67. ඇපල් සමාගමෙන් හඳුන්වා දුන් ගීත අසන්න වීඩියෝ බ්බලන්න පුලුවන් උපාංගයක් ..

    මේ තරඟය මම දිනන්න ඕන .

    ෆෑන් එකක් , එහෙන නැත්තං එලාම් ඔරලෝසුවක් , කුශන් මෙට්ටයක් , ඩෙක්ස් ටොප් පරිගණකයක් , යූ පී එස් එකක් , ගෑස් කුකර් එකක් , උණු වතුර බෝතලේ , මහන මැසිමක් , කේතලේ , රේඩියෝවක් ,

    මම දන්නවා ඔය කීව එවුවා එකක්වත් නෙවේ නම් .. අයියේ උඹ ගත්තේ ඩයලොග් ටීවී එහෙම නැත්තං පියෝ ටීවී කනෙක්‍ෂන් එකක් ..

    මම ඕන ඔට්ටුවක් අල්ලනවා උඹ ගත්තේ මම කියාපු එවුවයෙං එකක් තමා අනිවා .

    ReplyDelete
  68. නැ නැ තටු කැරකෙන එකක් නෙමෙයි. එහෙනම් ඔය බඩේ ගින්න නිවන්න උදවු වෙන මොකක් හරි වෙන්නැ. බ්ලෙන්ඩරයක්වත්දැ?

    ReplyDelete
  69. @හා පැටික්කි (MS)...

    මෙච්චර මං ගැන දන්න නගා ඔන්න කිව්ව එකේ හැටි..

    ReplyDelete
  70. @හිස් අහස...

    යකෝ ලයිස්තුවක්ම දාලත් ඕන දේ නැති හැටි...

    ReplyDelete
  71. අනේ මට බෑ ඔච්චර ඕක ගැන හිතන්න.

    ReplyDelete
  72. දැනුයි මීටර් වුණේ මූ එඩී එස් එල් අරං ! ..

    අඩේ ලොකු අයියේ හිතන්නෙපා අපි කමෙන්ට් තීරුව කැත කරණවා කියලා හාවිට දිනන්න දෙන්න බෑ මේ ගේම දිනන්නේ මම .

    @හාවි= බ්ලොන්ඩර් හූ හූ මේ ඔයා යන්ඩ නිකං මම මේක දිනනවා ..ඔයා පරාදයි

    ReplyDelete
  73. @ සඳරු
    ඒ ඩී එස් එල් ගන්න මාරයියට ලෑන්ඩ් ලයින් තියේයැ. අනික ඒක යන යන තැන අරන් යන්න අවසරත් අරං හෙන වැඩක් එපායැ. අනික සුද්දෙක් පාවිච්චි කොර එකක් මාරයියා ගන්න හැකියැ.

    ReplyDelete
  74. @Gimhani...

    ඇයි දෙයියනේ මේක ගැන ඔය හැටි හිතන්න දෙයක් තියෙනවද..? හරි සරලයිනේ...

    ReplyDelete
  75. @හිස් අහස...

    ඇහ් අදනං උඹ කියන්නෙම මං නොදන්න උලව්වල නංම තමයි..ඒ පාර ඒ මොකක්ද ඩී එස් අයි කියන්නේ..?

    (උඹට රහසින් කියන්නං.. උඹ ඔය වලිය දාගන්න හදන්නේ අති භයානක කෙනෙක් එක්ක.. ආයේ ඉතිං නැට්ටවත් හොයන්න වෙන්නේ නැහැ බොලාගේ)

    ReplyDelete
  76. ඇදන් මෙට්ට ගැන කිව්වෙ කවුද? ඇයි බොලේ විදේශිකයො පාවිච්චි කරපු ඇදන් මෙට්ට ගන්න මාරයට පිස්සු කියලා හිතුවාද?අන්තිම හරියෙ ඉන්න අපිට ලේසියි.ඇයි කාර් එකක් නෙවෙයි කියලා මාරයම කියනවානේ.තැනින් තැනට යනකොට උස්සන්න යන එක අමාරුයි නම් දෙකක් නෑ අයිස් පෙට්ටියක්.

    ReplyDelete
  77. @හා පැටික්කි (MS)...

    අතාරින්න එපා නගේ... අම්පාරට දිනුම දීලා බැහැ...

    (හැබැයි ඉතිං මාතරට දීලත් බැහැ..කෝ මේ බස්නාහිර උන් ටික)

    ReplyDelete
  78. @JHOTHISHALANKA...

    කේන්දරේ බලලද හැබෑට එහෙම කිව්වේ..?

    ReplyDelete
  79. චැහ් අයිස් පෙට්ටියක් නෙවෙයි කියලා කියලා තියෙනවා දැන්නේ දැක්කේ.

    ReplyDelete
  80. සිම් එකත් ඩයලොග් උණ එකේ ඩයලොග් ටීවි කනෙස්සමක්වත් ගත්තද අයියණ්ඩි???????????/

    ReplyDelete
  81. මාරේ ඔයා අරගත්තේ අර එක්සසයිස් කරන ඔබිට්‍රැක් ප්ලැටිනම් එකක් හරි ඇබ් කින්ග් ප්‍රෝ වර්ගයේ ව්‍යායාම උපාංගයක් හරි නේද ?

    දෙන්නං මාතරට දිනුම ..!! මේපාර කප් එක උස්සන්නේ නැගෙනහිර

    ReplyDelete
  82. @Gimhani...

    හපොයි එතකොට මගේ පරණ ෆෝන් එකට මක්කැයි කොරන්නේ..?

    ReplyDelete
  83. @JHOTHISHALANKA...

    ඔය කියන්නේ අර Weni ට දීපූ උත්තරේ ගැන වෙන්ටෑ මයෙ හිතේ..?

    ReplyDelete
  84. @හා පැටික්කි (MS)...

    ටීවී බලන්ට වෙලාවක් කොහේද නඟා අයියාට..?

    ReplyDelete
  85. ම්ම්ම්... ඒ.සී. එකක්?

    ReplyDelete
  86. @හිස් අහස...

    යකෝ මේකා කිව්වොත් කියන්නේ ලොකු ලොකු දේවල්මනේ...

    අනේ බං මගේ ෆිට්නැස් එක තාම හොඳා ඔය උලව් ඔන නැහැ..මේ ඉන්නේ දසමහ යෝධයින්ගේ ප්‍රධාන උපදේශකතුමා වගේ ෆුල් ෆිට් එකේ..ආයේ මොකටද ඔය දහිරවාට්ටු...

    ReplyDelete
  87. @Kasun...

    ඒසීත් හොඳයි තමා ඒත් අමාරුවෙන් හරි ගෙනියන්නේ කොහොමද බොලේ යන යන තැන..?

    ReplyDelete
  88. බාත් ටබ් එකක්ද මාරේ අයියේ ? දොඹ සයිස් හෝම් තියේටර් සිස්ටම් එකක් ද මාරේ අයියේ . වැකියුම් ක්ලීනර් එකක්ද .

    සුද්දා භාවිතා කරපු එක මොකද්ද බං ? උඹ ඇන්ටික් කොමඩ් එකක්වත් ?

    ඉන්ඩ අයියා මම බත් කාලා ආයෙම තරඟෙට අවතීරණ වෙන්නම් ..

    ReplyDelete
  89. අයියෝ ඒක නෙමෙයිද? ම්ම්ම්... එහෙනම්... සුද්දෙක් බාගෙට බීපු බෝතලයක් වත් සෙට් උනාද?

    ReplyDelete
  90. @හිස් අහස...

    යකුනේ මොනවද මේ දොඩවන්නේ..?

    ReplyDelete
  91. හිතා ගන්න බෑ අනේ. මම තරගෙන් ඉල්ලා අස් වෙනව.:(

    ReplyDelete
  92. @Kasun...

    හික් හික්..තරගයක් කොහේද මෙතැන...

    ReplyDelete
  93. මේ තරඟෙ දිනන කෙනාට මාරයා විසින් පිළියෙල කරන ජායග්‍රාහකයා ඉල්ලුම් කරන ඕනෑම රසවත් ආහාර වේලක් ලැබෙනවලු කියන්නෙ ඇත්තද??

    ReplyDelete
  94. ෆොටෝ කොපි මැසිමක් හරි අත බලා කේන්දර ගලපන්න ස්කෑනරයක් හරි තමා අයියේ උඹ ගෙනාවේ ..එහෙම නේද ?

    @Weni = ඔය කතාව ඇත්ත නම් මම දැම්ම තරඟයෙන් ඉවත් වෙනවා

    ReplyDelete
  95. මේකා ගෙනල්ලා තියන එක දැනටමත් උඩ ලියවිලා තියනවා සඳරුවෝ..බලපං මාරයා ගැලවිජ්ජාවෙන් උත්තර දීලා තියන විදිය....

    ReplyDelete
  96. කැමරාවක්???
    ප්‍රින්ටර් එකක්??

    ReplyDelete
  97. අයියා කැමරාවක්වත් ගත්තද අයියේ?????????????

    ReplyDelete
  98. @Luckey...

    ආතල් කේවා..ආතල් කේවා..

    (ඉහළින් ඔත්තුවක් ඇවිත් වගේ..:D)

    ReplyDelete
  99. ෆැන් එකක් බොලව්‍ ෆැන් එකක්

    ReplyDelete
  100. @වැප්...

    අන්තිම වෙලාවෙ අවිදින් ලොකු පනිට්ටුවම තෝර ගත්තද මංදා..:D:D:D

    ReplyDelete
  101. උබට කියන්න මම කවිය විතරක් බලලා ගත්ත සාදාරණ තිරණයක් මේක ...

    ඒ හන්දා ආයේ ඕ‍කේ හෝදන්න දෙයක් නැහැ ..උල් පිහියෙන් ඇල්වතුරට ඇන්නා වගේ .... ෆෑන් එකක්ම තමයි

    ReplyDelete
  102. හූ..හූ..මම නිකන් ගෙස් කළා..උඹ අහුවුනා...

    රහසින්...(අර ෆෑන් එක ගෙනාවා නේද? )

    ReplyDelete
  103. @වැප්...

    සෑහෙන සාර්ථක පුතෙක්..ආ තෑගි වශයෙන් මේ තුවායයි සබන් කෑල්ලයි ගන්න..:D:D:D

    ReplyDelete
  104. හුවෑක් ... මේ උබට ඕන මල දානයක් කරගනිං ..මං යනවා නාන්න එහෙනම් ..


    [ හොරාට බලං ඉන්න ඕනේ හරි උතත්රය එනකල් ]

    ReplyDelete
  105. @වැප්...

    හික් හික්...
    (උඩ බලපිය යකෝ..)

    ReplyDelete
  106. @Luckey...

    අම්මේ නැහැ ම‍ටත් දැන් ඇති වෙලා...

    ReplyDelete
  107. උඩ බැලීමෙන් පසුව...

    හුරේ...මාරයා ගෙනත් තියෙන්නෙ සිවිලිමක්...ඈහ්..ඒ කොහොමද ?

    ReplyDelete
  108. මට හිතෙන හැටියට නම් ඔය කියන්නෙ මෝටර් බයිසිකලයක් වෙන්ට ඕන නැත්නම් අලුතෙන් ලිපක් වත් ගත්තාවද්ද?

    ReplyDelete
  109. අප්පෝ බං උඹ ගෙනාවේ සිවිලිමක්ද ? ඒත් ඒක පාවිච්චි කරපු සුද්දා කවුද බං ?

    මට ඇති

    ReplyDelete
  110. දෙවැනි ජයග්‍රාහකයාට අතුරුපසක් සහ තෙවැන්නාට රසවත් පලතුරු පානයක් දෙනවයි කියලත් ආරංචියි...

    ReplyDelete
  111. අපෝ පට්ට ලේසියි නේ... ශීතකරනයක්... !

    ReplyDelete
  112. සිසිල දෙනවලු
    ෆෑන් එකකුත් නෙමෙයිලු
    ෆ්‍රිජ් එකකුත් නෙමෙයිලු
    රේඩියෝ එකක්?

    ReplyDelete
  113. බොලේ මාරයා බැදලවත්ද?

    ReplyDelete
  114. ලැපට බැටරියක් නේ?

    ReplyDelete
  115. ශික් මම පහුවෙලා නේ නැත්තම් කොහොම හරි මාතරට දිනුම ගන්න තිබ්බා

    ReplyDelete
  116. අඩෝ ## මාරයා.. තෝ ඕක කියනවද ? ගුටි කනවද :D

    පවු යකෝ ප්‍රේක්ශයකා.. :D

    ඒ උඹ රු 150 ට කූල් වෙන්න A/C එකක් වත් ගත්තද ? :D

    ReplyDelete
  117. ඇත්තමයි මාරය්යේ හොඳ හිතින් ඔයා ඕක කියනවද නැද්ද අපේ මාරයා අවුස්සනේ නැතුව..ඊයේ රෑ නින්ද ගියෙත් නෑ මේ ගැන හිතලම..

    ReplyDelete
  118. උඹට ඕන ලබ්බක් ගෙනහල්ල හයිකරගනින් මේ අපිව අවුස්සන්නෙ නැතිව.

    ReplyDelete
  119. අපෝ මන් හොඳටම පරක්කුයිනේ . අද වැඩිය හිතන්න බැරිය . සුද්දෙක් පාවිච්චි කළා නම් බලාගෙන ....

    ReplyDelete
  120. පොරොන්දු වෙච්ච තෑගි දෙන්න වෙයි කියල තමයි ඔය මාරයා දැන් මගහරින්න හදන්නෙ..එව්ව නම් කොහෙද?

    ReplyDelete
  121. මොකක් වුනත් බල(ව)ව(ල)ත් ඉල්ලීමක ප්‍රතිඵලයක්.

    ReplyDelete
  122. εύρηκα! εύρηκα!

    මාරයා අයියා ගෙනැවිත් තිබෙන්නේ ෆ්‍රිජ් එකකි.... මෙන්න ඒකට සාක්කි..

    "ජීවිතේ රැඳි ගිම් නිවාලා..
    සිසිල දෙනු මැන මා වෙතේ..."

    ඊට පස්සෙ බලමු ප්‍රශ්න හා උත්තර....

    තාරක Dilsh@n said... ෆ්‍රිජ් එකක්??
    උ:එකෙක් කියනවා කාර්ළු..තව එකෙක්ට බයික්ළු.. ඒ අස්සේ බොලා ෆ්‍රිජ් ගැන දොඩොනවා ඒකෙත් ඉතිං වරදක් නැහැ කලින් ඒවත් එක්ක බැළුවහම..

    වරදක් නැහැලු...

    Weni said... අයිස් පෙට්ටියක්වත් ගත්තද????අද රෑ පාවිච්චි කරන්න හදනවනම්.. ට්‍රාන්ස්පෝට් කරල පැය ගනනක් තියලනෙ ඔන් කරන්න කියන්නෙත්...
    උ:අයිස් පෙට්ටිනං මෙහෙ පැතිවල නැහැ..ඒත් පොඩි පොඩි කෑලිනං බෑග්වල දාලා විකුණන්ට තියෙනවා මෙහෙ සුපිරිමාර්කැට්ටුවේ... ඒත් ඔය කියන විදියට ඒවා පැය ගානක් තිබ්බොත් දිය වෙයි නෙව..

    උත්තරය මඟහරියි...

    Anonymous said... fridge ekak?
    උ:කෝ ඉතිං නමක් ගමක් නැහැ නෙව..

    එවරත්...

    හරී said... ෆ්‍රිජ් එකක් අරගෙන
    උ:හරිද..?

    ප්‍රශ්නයක් අසයි... නැත නොකියයි....

    JHOTHISHALANKA said...
    උ:කේන්දරේ බලලද හැබෑට එහෙම කිව්වේ..?

    නැත නොකියයි....

    JHOTHISHALANKA said... චැහ් අයිස් පෙට්ටියක් නෙවෙයි කියලා කියලා තියෙනවා දැන්නේ දැක්කේ.
    උ:ඔය කියන්නේ අර Weni ට දීපූ උත්තරේ ගැන වෙන්ටෑ මයෙ හිතේ..?

    කලින් උත්තරේ දී ඇත්තේ නොමඟ යැවීමටද?

    මට හිතුන හැටි ඕං... හරිද මන්දා?

    ReplyDelete
  123. අලුත් බයිසිකලේ සෝයිද?

    ReplyDelete
  124. අඩේ මටත් මුලින්ම හිතුනේ ෆ්‍රිජ් එකක් කියලා තමා . . ඒත් ඕපූ කියලා බයික් එකක් කිව්වේ . . . ඇත්ත කියපිය . .

    ReplyDelete
  125. හපොයි..එක් දින විනෝද චාරිකාවක් ගිහින් දැනුයි ගෙදර ආවේ.. හිටු ටිකක් කූල් වෙලාම කියන්නං..

    ReplyDelete
  126. මම නම් හිතන්නේ මාරය ගෙනැත් තියෙන්නේ "මෙව්ව" එකක්

    ReplyDelete
  127. දැන් කූල් බියර් එහෙමත් බොන්න පුලුවන් නේද?

    ReplyDelete
  128. හරී මාරයාට ඇඩ්‍රස් නැති වෙන්නම දී ඇත... තව බැදීම් ගැනද කතා කොරයි...ප්‍රිජ් තඩිය උස්ස්සගෙන එහෙ මෙහේ යන එක පස්ට කට්ටකි... එම නිසා ප්‍රිජ් එකකි.. ආයෙ බඩේ බත් වගේ සුවර්ය...

    ReplyDelete
  129. මාරයෝ උඹ තවම කුල් එකේ නිදිද ? නැගිට පාන් කා පාන්. උඹේ කූල් _බ්බට අනිත් එවුන් වෙන් කරපු කාලය අහවරයි ඕං.එක්කෝ ඕක කියලා දාපන්. නැත්තන් වෙන දෙයක් ගැන පෝස්ට් එකක් දාපන්. මේ මොන _බ්බක් ද ඕයි. දේශප්‍රේමී ජනතාව කුපිත කරන එක නවත්වා පාන්.

    ReplyDelete
  130. SISIL mini fridge එකක් නේද?
    frm:-වෙන Anon කෙනෙක්

    ReplyDelete
  131. මාර අඩවියේ ජනප්‍රියම ලිපිය මේක්ද බොල....

    ReplyDelete
  132. අඩේ දැන්වත් කියපන්කො මාරයියෙ මොකක්ද ගෙනාවෙ කියලා...

    ReplyDelete
  133. හපෝයි මේ කොමෙන්ට් ටික දැක්කාම කලන්නේ වගේ :/ මට කියන්න දෙයක් හිතාගන්න බෑනේ....

    ReplyDelete
  134. අඩේ උබම කියපන්කො. උබ කැම් කෝඩර් එකක්ද ගත්තෙ....?

    ReplyDelete
  135. මටත් නම් තෙරුණා මුල ඉදන්ම අගේ කර කර කියන‍ කොට වාහනයක් ගත්ත කිව්ව නම් ඉවරයිනේ. හැබැයි පුංචි ගැටළුවකට තියෙන්නේ ඒකේ ඒසී එහෙමත් තියෙන එකක්ම විය යුතුමයිදෝ කියල

    ReplyDelete