11 September 2011

ආ ගිය කතා.. අද සතුටින්..

මොනවත්ම ලියන්නනං නෙවෙයි හිතං හිටියේ..ඒත් අන්තිමේදි හිතුනා ටිකක් කුරුටු ගාලා දාන්න ඕන කියලා..

ලියන්න කියලා එහෙමට දේකුත් නැහැ..ආ ඒත් උත්තරයක් දීලා ඉන්න තියෙනවා..ඒ තමයි කලින් පෝස්ට් එක ගැන..මං නොහිතපු තරං දුර ඒක ඇදිලා ගියා නෙව..ඇත්තටම මං ගෙනාවේ පුංචිම පුංචි..ෆ්‍රිජ් එකක්..ඔව් ඔව් ශීතකරණයක් තමයි... පහුගිය දවස්වල හිතිලා තිබුනත් හදිසියේම තමයි ‍ගේන්න හිතුනේ..ඔය බඩු මුට්ටු වැඩි කර ගැනීම මහ කරදරයක් හින්දා පුළුවන් තරං මග ඇර ඇර හිටියත් අන්තිමේදි හිතුනා ඕන මගුලක් කියලා ගෙන්න ඕන කියලා.. අනේ ඉතිං දුප්පත් මට ලොකු ලොකු දේවල් කොරන්න බැහැ..මේක මේ පාවිච්චි කොරාපු එකක්.අර ක්‍රව්න් එකෙන් ගෙන්නන්නේ ජපානේ පාවිච්චි කරපුවා..ආන්න ඒකක්.පොඩි පැටියා සයිස්..

ඉතිං ඕක මොකක්ද කියලා හොයන්ට බොහෝම දෙනෙක් මහන්සි උනා නෙව...හරි උත්තරත් සෑහෙන්න තිබුනා..ඒත් ඉතිං අර "ලකී ගොයියා" කිව්වා වගේ මං ගැලවිජ්ජාවෙන් ඕක මඟ ඇර ඇර හිටියා... ඒත් අන්තිමට "හරී අක්කා" තමුන්ගේ සරලොක් හොම්ස් වැඩ කිඩ පෙන්නලා ගේම ලස්සනට විග්ගරහා කොරලා කාරිය ගැටළුව සමාප්ත කොලා..ආයේ ඉතිං කවුරුවත් අමනාප වෙන්ට එපා..අපි මේ විනෝදෙට කොරන වැඩ නෙව...

හරි ඉතිං ඒ පෙරේදා කතාවක්..ඊයේ ගැන කියනවනං ඊයේ හරි සෝක් දවස...

අපි ගියානේ නාන්ට කියලා..ඔව් ඔව් නාන්ට ගියා..ඒ වගේම හොඳට නෑවිලාම ආවා...අපරාදේ කියන්ට බැහැ..යන්ට ගත්ත වෙලේ ඉඳන් වහිනවා..ආයේ එන ගමනුත් වහිනවා..ඒත් කොඹළට ආව ගමන් මෙන්න බොලේ පායලා..අනේ අම්මපා එන කේන්තියක්...

ඉතිං ඊයේ උදැහැනැක්කෙම අපි කස්ටිය..ඒ කිව්වේ අර කලින් වතාවේ ඕමන්තේ ගිය නඩේ..එතකොට මාව බලන්ට කියලා ඇවිත් පළාතම වනසලා ගිය අර පිස්සු නඩෙත් එක්ක තමා මේ ගමනත්..කොහොම හරි ඊයේ අපි අවිස්සාවේල්ල බලා උදේ 8.30ට කොටුවෙන් ගිය කොච්චියේ නැගලා ගමන පිටත් උනා.. ඔයාලට කියන්න මාර ස්පීඩ් කොච්චිය..අපේ ඇගේ මයිල් ඉස්මයිල් වෙලා තිබුනේ ඒ යෑමට..අම්මෝ මතක් වෙනකොටත් තාම හති...

ඒ තරං වේගෙන් යනවා..ගෙදර ඇවිත් කන් දෙක ගැසුවමත් වැලි විසි වෙනවා...ඔව් ඔව්..අර යන වේගෙට කෝච්චිය වංගුවලදී නමනවා නැමිල්ලක් කනේ වැලි ගෑවෙන්නම..ඒ ගෑවෙන වෙලාවල් වලදී එකතු වෙච්චා තමා ඉතිං අර හැළුනේ...

කොහොම හරි කිලෝමීටර් 40ක්වත් නැති ගමනක් පැය තුනක් වගේ චූටි වෙලාවකදී ගිහින් අපි නාන්න යන්න සෙට් උනා...මොන නෑමක්ද..වහිනවා එක සීරුවට...එතනින් එහාට වෙච්ච දේවල්නං සෝචනීයයි..ඒ හින්දා මං නොකියා ඉන්නං..මටම ඇඩෙනවාz ය...

කොහොම හරි හවස් අතේ ගෙදර ඇවිත් නාලා කරලා වේලපහම නින්දට ගියා පිරිටන් පෙති දෙහෙකුත් බීලාම... අපරාදේ කියන්ට බැහැ..කොළුවට දොයිය ගියා උදේ පාන්දර හය හමාර වෙනකල්ම...අදත් නිවාඩු දාලා හිටි හින්දා ඇදටම වෙලා හිටියා හත හමාර විතර වෙනකල්ම..

ඊට පස්සේ නැගිටලා..මුණ කට හෝදලා තේඑකක් එහෙම බීලා පොඩ්ඩක් නෙට් එකෙත් හක්කලං කොරලා මං ගියා පොලේ..ඔව් මේ ඉරිදා පොලේ..මං ඉන්න තැනට කිට්ටුව ඉරිදට පොලක් තියෙනවා...ලොකු එකක් නෙවේ පොඩි පහේ එකක්..

ඒත් ඉතිං මට සති දෙකකට සැරයක්නේ ඉරිදාවක් ගෙදර ඉන්න වෙන්නේ..ඒ හින්දා මාසෙට දෙවතාවකට වඩා ඕක සෙට් වෙන්නේ නැහැ..ඒත් අදනං වැඩේ ගානට සෙට් උනා...ඉස්සර ගෙදර ඉන්න කාලෙත් මංනේ ඔය පොලේ යන ජොබ් එක කලේ..ඉතිං අදත් ආසාවෙන් කල්ප කාලාන්තරයකට පස්සේ ගිහින් බැස්සා තැනට...

ඉස්සර වගේම පොල පුරාම රවුමක් දාලා... ගණන් හිලවු බලලා ගන්න ඕන දේවල් ටික ගත්තා...
පොල් ගෙඩි ටිකක්..
එළවළු ජාති..ඒ කිව්වේ මං ගෙනාවා වට්ටක්කා.. කැරට්.. ගොවා.. කොහිල අල..රාබු..නොකොල්.. එතකොට තක්කාලි..මාළු මිරිස්.. පිපිඤ්ඤා..
කරවල ජාති දෙකක්...
ඊට පස්සේ තව ඕනම කරන දෙයක්..කොච්චි..
එතකොට රම්පේ කරපිංචා... ඒ විතරක් නෙවෙයි හොඳ සුවඳට තිබුන පහේ කුඩු විකුණන තැනක් තිබුනා..ඔය පහේ ජාතිවල සුවඳින් කීවැකි පහේ කුඩු කොහොමද කියලා..මේකනං සුපිරිම සුවඳ තියෙනවා.. ඉතිං එතනින් පහේ කුඩුයි මිරිස් කුඩුයි එහෙමත් ගත්තා..

ඒ ටික අරගෙන එළියට එන්න හදනකොට මෙන්න බොලේ වැඩක්..අමු කජු වගයක් තියෙනවා..අමු කජු කිව්වට මේවා සුද්ද කරලා සිවිඩ්ඩ හිටන් ඇරලා..දැක්කම ආසාවේ බැහැ... ගත්තා එයිනුත් හුණ්ඩුවක්..වැඩිය නැහැ රුපියල් 75 යි... මාළුවකට මදෑ...

තව ඉතිං පලා වර්ග ටිකකුත් ගන්ට ඕන වෙලා තිබුනට මොකද අලි වැස්සක් කඩං පාත් උනා..ඒ පාර මං එන්ට ආවා...

අපරාදේ කියන්ට බැහැ බඩු මුට්ටු සෑහෙන ලාබයි...
මං ඉතිං එළවළු එහෙම ගන්නේ ටික ටිකනේ.. කොහොම හරි අර එළවළු ජාති ඔක්කෝටම මට වෙලා තිබුනේ රුපියල් එකසිය විස්සක් වගේ..
කරවල වලටත් දෙසිය අසූවක් වගේ උනා.. ඒත් සෑහෙන්න දවසකට ඇති වෙන්න තියෙනවා...
පොල් තියෙනවා ලොකුවා 30යි පොඩිවා 25යි 20යි... මං 25හේ ඒවැයින් ගත්තා..

ඔන්න ඔහොම බඩු මුට්ටු ටික ඔක්කෝටම මට ගිහින් තිබුනේ රුපියල් හයසිය පණහක් වගේ තමා...
කොහොම උනත් දැනට අවුරුද්දකට විතර කලින් තිබුණ බඩු මිලේ හැටියට දැන්නං සෑහෙන්න ගණන් අඩුයි..එළවළු පොල් හැම දේම ඉස්සරට වඩානං ලාභයි... තව ඉස්සරහට කොහොම වෙයිද මංදා..ඒත් ගිය අවුරුද්දේදි මං හිතුවේ මේ වෙනකොට සෑහෙන්න වියදම ඉහළ යයි කියලා..ඒත් ඒ හිතුව විදියටනං වැඩේ අමාරු වෙලා නැහැ.

කොහොම හරි ගෙදර ඇවිත් එළවළු ටික සුද්ද කරලා අහුරලා ඊට පස්සේ කරවල ටිකත් සුද්ද කරන එක... මොකද උයන්න ගන්න වෙලාවට ඔය කරවල සුද්ද කර කර ඉන්න බැහැ එපා වෙනවා..ඒ හින්දා ගෙනාව හැටියෙම ඒවා හොදට කපලා සුද්ද කරලා තිබ්බම උයන වෙලාවට හරි ලේසියි...

ඒ ටික ඉවර කරලා දවල්ට ඉව්වා... දන්නවනේ ඉතිං කජු ටික අරං ආවේ රත්තරං ටිකක් ගේනවා වගේ.. ඉතිං කල්ප කාලාන්තරයකින් අද මං කජු මාළුවක් උයලා බත් ටිකක් කෑවා... හිතට දැනෙන සනීපේ... ආයෙමත් ගමේ හිටිය වගේ.. පුදුම සංතෝසෙන් ඔන්න අද මං ඉන්නවා... හැබැයි හෙට වෙද්දී මොනවා වෙයිද කියලා කවුද දන්නේ..? ඒ ගැන හිතන්න ඕන මොකටද..ඒක හෙට බලමු.


92 comments:

  1. අයියෝ මම හරි උත්තරේ දීලත් මාරයා අපිව අමාරුවේ දැම්මා කමක් නෑ හරිම විනෝදයද වැඩේ.අද මම 1

    ReplyDelete
  2. මං කිව්වා මං කිව්වා ඕක ෆෑන් එකක් කියලා .. හා සොලි සොලි ෆිජ් එකක් කියලා :DDD

    ReplyDelete
  3. අයිස් පෙට්ටියක්නේ මේකා අරගෙන තියෙන්නෙ :D :D LD
    කජු මාළුවේ පින්තූරෙකුත් බුකියෙ දැම්මයි? ? ? :P

    ReplyDelete
  4. කජු කජු කජු කජු කජු කජු කජු කජු කජු කජු කජු කජු කජු කජු කජු

    ReplyDelete
  5. මම දැන් තමයි කලින් පෝස්ට් එකත් කියෙව්වේ... හප්පා කට්ටිය දාහක් දේවල් හිතලා.

    මට කජු මාලුව මතක් වෙලා කටට කෙලත් ඉනුවා. මාත් හදන්න ඕන වෙලාවක. :)

    ReplyDelete
  6. අඩේ...අපේ රට සමෘධිමත් වී ගෙන එන හැඩයි...අනේ වාසනාවන්.

    ReplyDelete
  7. මාරයෝ, දානවනං දාපන් බඩු මුට්ටු හරි ගණන්, ජීවත් වෙන්න විදිහක් නෑ, පොල් ගෙඩියක් රුපියල් 50ත් පැනලා, එලවළු කිලෝ එකක් රුපියල් 150න් මෙහා වගේ විදිහට. එතකොට තමයි ගොඩක් අයට සන්තෝසේ....ඔය විදිහට දැන් බඩු ලාබයි කලින්ට වඩා ජීවත් වෙන්න ලේසියි කියලා ඇත්ත ලියන්න ගියහම මිනිස්සු උඹට බනියි ඔන්න මාරයා ආණ්ඩුවට කඩේ යනවා කියලා.....! හික් හික් හික්....!

    ReplyDelete
  8. මේ පාර ගමේ ගියාම මාත් කජු මල්ලක් උස්සං එන්න ඕනේ...

    ReplyDelete
  9. කජු මාලුව මරු කෑම.... :D

    ReplyDelete
  10. අනේ අයියා අපේ ගෙවල් පැත්තෙන් ගිහින් නෙ. අවිස්සාවේල්ලට යන්නෙ නැතුව පාදුක්කෙන් බැහැලා අපේ ගෙදර එන්න තිබුනානෙ.

    ReplyDelete
  11. තාත්ත උයපුව වගේ උයන්න, ලා කජු විකුනන්න තිබුනැයි?

    ReplyDelete
  12. දැන් ඔය ගෙනාපු ඔක්කොම ටික උඹේ ඔය ෆ්‍රිජ් එකේ එබුවැයි.

    ReplyDelete
  13. @JHOTHISHALANKA...

    හෙහ් හෙහ්..පොඩ්ඩක් විනෝද වෙන්නත් එපැයි...

    ReplyDelete
  14. @වැප්...

    දැන්වත් හරියට කියහං බලන්න..තාමත් ටපලගන්නවා..:D:D:D

    ReplyDelete
  15. @Y2K...

    අනිවාර්යයෙන් තව ටිකකින් දානවා...

    ReplyDelete
  16. @හා පැටික්කි...

    බලාගෙන එක දිගට කියනකොට උගුරෙ හිර වෙයි..:D

    ReplyDelete
  17. @කින්නරාවි...

    හොඳා හොඳා..හදලා අපටත් කතා කලානං බත් කන්ඩ..

    ReplyDelete
  18. @Luckey...

    සමෘද්ධියක්නං මන්දා දැන් ටිකක් බඩු ලාබයි...:D

    ReplyDelete
  19. @දුමී...

    හප්පා දුමි අයියේ..උඹනං දෙයියෙක්..තව ටිකෙන් මට අමතක වෙනවා මං ඉන්නේ සයිබරේ කියලා... හිටු හිටු වහාම මේක වෙනස් කරන්න...

    සැලකිය යුතුයි..ඉහත දක්වා ඇති ගණන් හිලවු සියල්ල සාවද්‍ය ඒවා වනේ අතර නියම මිල ගණන් සඳහා දක්වා ඇති අගයන් තුනෙන් වැඩි කරන්න..ඒත් මදි වගේනං කැමති සංඛ්‍යාවක් දමා ගන්න..

    (හම්මේ උඹ ඕක කිව්ව එක හොඳට ගියා..නැත්තං මං අදත් නානවා..:D:D:D)

    ReplyDelete
  20. @prasanna86k...

    කේතලෙන්ද බං ඔය මල්ල උස්සන්නේ..?

    ReplyDelete
  21. @පොඩි මෑන්...

    ආයෙත් අහලා...

    ReplyDelete
  22. @නිසුපා...

    කලින් කියන්ට එපැයි..එහෙනං තේ ටිකක් බීලා ඔන්න ඔහේ බත් ටිකකුත් කාලා යන්ටම එනවා නෙව හය දෙනාම...

    ReplyDelete
  23. රම්ප කරපිංච දෙපාරක්ම අරගෙන.... හික්ස්

    ඔව් ඔව් බඩු මුට්ටු සැහෙන්න ලාබයි , ආසියාවේ ආශ්චර්යය නොවැ ඉතින් ගනන් යයි යැ :D

    ReplyDelete
  24. @මගේ කතාව...

    ඔව්..අච්චරම අමු නැහැ..ඒ කිව්වේ ලපටිම නෙවෙයි..ඒත් අමු කජු... පොඩ්ඩක් වැඩි පුර කිරිදාලා තැම්බෙන්ට තිබ්බහම බටර් වගේ තමා...

    ReplyDelete
  25. @Praසන්ன...

    යකෝ කරවල ඔබනවද ෆ්‍රිජ් එකේ...

    ReplyDelete
  26. @buwa...

    අම්මප ඔව්නේ ඒක දෙපාරක්ම ලියවිලා..ස්තූතියි

    නැහැ නැහැ ආයිබෝං..බඩු ගිණී ගනන්... කනවා තියා හිතන්ටත් බැහැ..මගේ දැන් බඩ පොත්තටම ඇලිලා...

    ReplyDelete
  27. ඔන්න post එක සම්පූර්නයෙන්ම කියවන්න උනෙ නෑ හදිස්සියේම බලන්න වුනානෙ මම ලිංග විපර්යාසෙකට ලක් වෙලාවත්ද කියලා...

    යකෝ..... ඒ මදිවට මාරයට වඩා වයසත් ගිහිල්ලා.....

    ReplyDelete
  28. @හරී...

    ඇහ්..දැන් හරී ලා දෙන්නෙක් ඉන්නවද..?සමා වෙන්ට ඕන මං හිතුවේ අපේ පිණි පලසේ හරී කියලනේ..මෙච්චර දවසක් හරී ලා හිටියේ එච්චරයි‍ නෙව..ඒකනේ වැරදුනේ..

    ReplyDelete
  29. මාරෙ අයියෙ එච්චර අඩුවට කජු තිබුනෙ කොහෙද?... සාමාන්‍යයෙන් මාර ගන්නනෙ කජු කියන එව්ව...

    ReplyDelete
  30. @සාතන්...

    ලාබ කතානං කියන්ට එන්න එපා..මං මේ ගත්තේ මාල දිවයිනෙන්..ලංකාවෙනං මෙයිට වඩා ගණන්..ඔන්න කිව්වා...

    ReplyDelete
  31. මෙහෙටත් අද වැස්සස්. ඔහෙටත් වැස්සස්ද? :P
    ඔච්චර බඩුමුට්ටුවල ගණන් හිලවු හොයනවට වඩා ලේසි නැද්ද කෑම පාර්සලේක ගාණ හොයන එක. සරලයි. එක දෙයයි. :D

    ReplyDelete
  32. @නලිනි චන්දිමා...

    ඕ යේස්..අද මෙහෙටත් වැස්සස්..ඒත් ඊයේ තරම්ම නැතස්..
    ඊයේනේ වැස්සස්..හනෙ හම්මෝස්...

    හික් හික් හික්..කෑම පාර්සලේකස් නේද..? දවල්/රාත්‍රි කෑමස් එක 50 සිට ඉහළට තිබේ... ඊයේ හවසත් 70 බත් පතකස් රස බැළුයෙමිස්... :D:D:D නරකම නැතස්...
    මාළුස්
    අල හොදිස්
    මැල්ලුම්ස්
    මෑකරල්ස් සමගස් තව ඒ මදිවට කරවල සහ ලීක්ස්ස් තෙලටස් තිබුනිස්...

    ReplyDelete
  33. හ්ම්ම් . ඒපාර අලුත් විජ්ජාවක් පටන් අරගෙන.. ඔය වචනේ මම අහපු දෙවන පාර...හරි එක කිව්වට පස්සෙත් මගෑරලා ගියා නේද?මහ හොර ගෙඩියෙක්..

    වෙනදට වඩා ටිකක් එළවලු ගාන අඩුයි තමයි..දැන් ඉතින් අයිස්
    පෙට්ටිය තියන නිසා ඕන දෙයක් ගෙනත් තියාගන්න පුලුවන්නේ නේද?

    ReplyDelete
  34. කවුද බොලේ කෝච්චියෙ අවිස්සාවේල්ලෙ යන්නෙ. ඒකත් හරියට අර බත්මුලක් බැදගෙන වන්දනාවෙ යනව වගේ වැඩක් නොවැ..

    මාත් පොඩි කාලෙ ආසම දෙයක් තමා අම්මත් එක්ක පොලේ යන එක.. :))

    ReplyDelete
  35. @මාරය
    ඔය දොස්තර නෝනට රිප්ලයි එකේ "හික් හික්" ගාන එකත් "හික්ස් හික්ස්" ගාල වෙනස් වෙන්නේ ඕන නැද්ද?

    ReplyDelete
  36. @ මාරයා : ආහ්...ටැපලිලා නේද?.... කමක් නෑ ඉතින්..... දැන්වත් ඔය අක්කා මල්ලි කලොත් මොකද?

    ඒක නෙමේ මාරයියේ හරි උත්තර දීපු අයට මොකුත් දෙන්නේ නැද්ද?

    ReplyDelete
  37. කජු ..හ්ම් ..දාන්නකෝ බලන්න උයන විදිහ .

    ReplyDelete
  38. කජු හදාගන්න හරි ලේසියි බින්දි. ලිපේ අඟුරු යටට දැම්මා, පිච්චුවා, කෑවා.

    ReplyDelete
  39. @ Nalini

    ඊයා......පොතුත් එක්කම...

    ReplyDelete
  40. බොල මාරය, Avissawellata කෝච්චියේ යන්නේ මොන මෝල් dial එකක් ද? it takes more than 3Hrs,,, වග ස්tation ඒකෙන පස්සේ පඉන් යනවා ඉක්කමන්,,,,

    frm:- Anony

    ReplyDelete
  41. කජු.... ගෙනාවා කිව්වා... අනේ මගේ කට...

    ReplyDelete
  42. @ ලකී: පොත් මේසෙ උඩනෙ?

    ReplyDelete
  43. මාරයට සරුයි වගේ ආ!

    ReplyDelete
  44. කාගෙවත් කජු වලට අපි මොනවටද නිකං තෙල් පුච්චන්නෙ,,,නේද හැබෑටම.....

    ReplyDelete
  45. sorry for the previous comment. i was just trying my openid.

    - යහපත්_ඇනෝ -

    ReplyDelete
  46. අප්පෝ බං ෆිජ් එකක්ද ?! අපේ ගෙදරත් තියෙන්නේ ඔයිං එකක් නම් .

    දැං ඉතින් අයියේ උයන කෑම ෆිජ් එකේ දාලා කුනු කර කර කාපං ! වෙනදා වගේ නැවුම් පිට කෑම කන්න වෙන්නෑ මචං උඹට

    ReplyDelete
  47. මාරයිනෙ දැන් මොන බෝතලයක්දෑ අපි ෆ්‍රිජ් එකට ඉස්ඉස්සෙල්ලම දාන්නෙ?

    ReplyDelete
  48. සඳරුවගේ කතාවට මාත් +1. මට මේ ෆ්‍රිජ් එකේ දාල රත් කොර කොර කන කෑම එපා වෙලා....

    ReplyDelete
  49. නාන්න නං ඉතිං හරිම දිහාවට තමයි ගිහින් තියෙන්නෙ. දැන් ලංකාවෙ වැඩිම වර්ෂාපතනෙ අවිස්සාවේල්ල කිට්ටුව දැරණියගල පැත්තටලුනෙ. වටවල නෙවෙයිලු.

    මං ඒත් බැළුව කවුද මේ පැණි දොඩම් කියල. අපේ කැම්පස් එකේම අයිය කෙනෙක් නෙ :)

    ReplyDelete
  50. අර ඇනෝගෙන් රෙස්ලින් කෝට්ටෝරු ගද එනවා.

    ReplyDelete
  51. මාරයෝ සිරාවට උඹම බඩ ලාබ වෙලා කිව්වා මිසක් අපේ අම්මා නම් කවදාවත් කියන්නේ නෑ බඩුවල ගනන් අඩු වෙලා කියලා . .

    කියන්නෙම එවන ගානෙන් ජීවත්වෙන්න අමාරුයි තව පන්දාහක් වත් එවපන් කියලයි. ලබන මාසේ ඉඳන් පන්දාහක් අඩුවෙන් යවන්න ඕන . .

    තැන්කූ මාරයෝ ලංකාවේ ආර්තිකේ අලුත්ම විස්තර අපි සමඟ බෙදා හදා ගත්තට . . .

    විහිළුවට, ඇනුම්පදේකට නෙමේ බන් ඇත්තටම ගනන් අඩු වෙලා කියලා ඇහුවාම සතුටුයි.

    අහ් අලුත් ප්‍රිජ් එකට සුභ පැතුම් ඈ

    ReplyDelete
  52. ඇත්තටම මාරයියේ කජු ඔච්චරම ලාබද?? මොකද මම ලංකාවේ හිටපු වෙලේ දානෙට කජූ ගෙනාවේ සෑහෙන ගානක් දීලා..
    අපරාදේ වැස්ස නිසා ට්‍රිප් එක අප්සට් ගිය පාටයි...

    ReplyDelete
  53. ඉතින් ඔච්චර වැස්ස නම් සහ අවිස්සාවේල්ල කෝච්චියෙ නම් ගියෙ..මගදි කෝච්චියෙ ඉස්සරහම පෙට්ටියෙන් සබන් කෑල්ල අරන් එලියට බැහැල .. ටිකක් තෙමුනට පස්සෙ..හොඳට සබන් ගාලා අතුල්ල ගෙන නාලා කාරිය හෙමිහිට කෝච්චියෙ අන්තිම පෙට්ටියට ආයිමත් නගින්න තිබුනනෙ...ඔය පලා කොල ගන්න බැරි උනාට තඩි වැල්පෙනෙල කොල මිටියක් අරන් ආවා කියල තමයි ආරන්චිය !

    ReplyDelete
  54. ඒක නෙවෙයි මාරයෝ ඔයා ඔය රු 75 ට ගත්තැයි කියන කජු හුන්ඩුව මැනපු හුන්ඩුව ටින් කිරි හුණ්ඩුවද එහෙම නැත්නම් බෝතල් මූඩියකින් හදපු හුන්ඩුවක්ද?

    ReplyDelete
  55. //අපරාදේ කියන්ට බැහැ..කොළුවට දොයිය ගියා උදේ පාන්දර හය හමාර වෙනකල්ම...//

    මේ කවුද මචන් මේ කොළුවා....


    උඹේ නම්බර් එකට මොකද වෙල තියෙන්නේ... ඕකට කතා කරලා මටයි ඔනයාටයි අර අක්කත් එක්ක මල පැනලා ඉන්නේ....

    ReplyDelete
  56. @ අභීයො ඇයි ඔය ආන්සර් කරන්නෙ නැති ෆෝන් වලට කතා කරන්නෙ.. කතා කරපන්කො අපෙ ෆෝන් වලට මම හැමදාම මේකෙ මකුලු දැල් කඩනව ...ආසාවකට කතා කරන්නෙ අර කොම්පනි එකේ නංගිලා විතරයි..ඒත් ඇඩ් වලට

    ReplyDelete
  57. අර කෝච්චිය ගැන කියපු ටික නම් ලොවෙත් නෑ. ඔය කෑම ගැන ලියන එකට නම් විරුද්දයි. අපි හැමදාම කන්නේ කැන්ටිමේ දියාරු බත් එක, මේව දැක්කම ඇඬෙනවා. :( අපි පව් නෙ.

    ReplyDelete
  58. මාර මලයා ගත්තෙ වැඩිය ගඳ නැති කරවල ජාති නම් සහ ගැබුරු තෙලෙ බැදලා කනවනම් ඔය කරවල බදින ගානට කපල හොඳට හෝදල වතුර බේරුනාම Fridge එකේ උඩම තට්‍ටුවට පත්තරයක් එලලා ඊට උඩින් ටිශු කොලයක් එලල ඒකට කරවල ටික තුනිවෙන්න වනල තියන්න. දවස් තුන හතරක් යනකොට නියමෙට වේලිල. වැඩිය තෙල් අල්ලන්නෙ නැතිව බදින්න පුලුවන්

    ReplyDelete
  59. මාරය අයියා අපේ ගෙවල් පැත්තෙන්නෙ ගිහින් තියෙන්නෙ ආයිත් ගියොත් මේ පැත්තෙත් එන්න

    ReplyDelete
  60. ශා..ශා...අපේ මාරයිය හෙන දියුණුයිනෙ දැන්....
    සුබ පැතුම් ! ඔය උයපුවායින් කජු ටිකක් එහෙම අලුත් ෆ්‍රිජ් එකේ දාලා තියලා ..ඒක ඔතාගෙන දිල් බලන්න එහෙම ආවොත් නරකද ?

    ReplyDelete
  61. ඇත්තටම බඩු ලාභ වෙලාද මාරයො?

    ReplyDelete
  62. මරැනේ මාරයියටත් දැන් එහෙනම් කූල් බොතැහැකි නොවැ. හැබැයි ඔන්න අයිස් කැට එහෙම කාලා ලෙඩහදා ගන්න එපා හොදේ.

    ReplyDelete
  63. කෝ අනී කජුස් මාළුවස්

    ReplyDelete
  64. apinam kaju bilin damma. mara lesi.
    Gimhani...

    ReplyDelete
  65. සිරාවටම දැන් එළවලු මිල සැහෙන අඩුයි තමයි බං ජනවාරි මාසේ රතුලූනු කිලෝ එකක් තිබුනේ රුපියල් 600/= ට දැන් 120/= යි

    ReplyDelete
  66. බඩු ලාබයි නෙවෙන්නං. ඒත් කරුමයක් තියනවනං වලක්කන්න ඇහැක, පහුගිය ඉරිදා අංගොඩ හංදියෙ එලෝළු කඩෙන් මල්ලක් පුරෝල අරං අමතක වෙච්ච පාං ගෙඩිය ගන්න එලෝළු මල්ල බයිසිකලේ එල්ලල ගියා බේකරියට. මෙන්න බොලේ හරකෙක් මල්ල බිමදාගෙන කනව. උගෙ පිටට හිතේ කේන්තියත් එක්ක පාරක් දීල එලවල බලද්දි හපෝ ! විනාසයි.

    හිඟන්නාගෙ පාත්තරේටම හෙනහුරා පාත්වෙන්නෙ මොකද මංදා.

    ReplyDelete
  67. තව ඉස්සරහට පොළේ ගිහින් ඕන ජාති වලින් ඕන තරමක් නොමිලෙම අරන් එන්න බැරි වෙන ඒකක් නෑ මේ යන විදියට........:D

    ReplyDelete
  68. @ nawammawatha,
    ෂුවර් නේද හරකෙක් කියල එලෝලු ටික කෑවෙ? එහෙම ඇහුවෙ ඕනය ඉන්නෙත් ඔය පැත්තෙ හින්ද?

    ReplyDelete
  69. අපිත් දැක්කා ඔය බත් පත බුකියෙ දාලා තියෙනව

    ReplyDelete
  70. මේ අලුත් ටෙම්ප්ලේටය මට නම් නිකන් මඤ්ඤං වගේ , තව දෙතුන් දෙනෙක්ගෙන් අහල බැලුවා නම් ...

    ReplyDelete
  71. මලික් said..."සිරාවටම දැන් එළවලු මිල සැහෙන අඩුයි තමයි බං ජනවාරි මාසේ රතුලූනු කිලෝ එකක් තිබුනේ රුපියල් 600/= ට දැන් 120/= යි"

    කොලඹ ඡන්දේ හින්දා තාවකාලිකව අඩුවුනා නෙමෙයි කියලා හිතමු නේද බන්

    ReplyDelete
  72. @buwa...

    ස්තූතියි අදහස් දැක්වීමට..තාමත් මේක හද හද තමා ඉන්නේ.. විද්වත් මණ්ඩලේට දාන්න ඕන තව ටිකකින්.. පොඩ්ඩක් අවුල් තියෙන තැන් ටිකත් කියනවනං ලොකු උදව්වක්..

    කොහොමත් මේක හදලා හරි ගියේ නැත්තං ආයෙමත් පරණ සුපුරුදු සෝස පාටම තමා..:D:D:D

    ReplyDelete
  73. වර්ණ ගැලපීම තමයි අවුල දැනෙන්නේ , ඒත් නිශ්චිතවම අහවල් එකය කියන්න බැ. මණ්ඩලේට දාල බලන්නකො :D

    ReplyDelete
  74. මණ්ඩලේට දැම්මා.. පලවෙනි යෝජනාව උනේ වෙනස් කරපිය පොටෝ එක කියලා.. දාන්න ඕන පොටෝ එකත් නියම කලා..ඔන්න ඒකනං කලා..හැබැයි මෙහෙම ගිහින් තව පැය දෙක තුනකින් විතර බ්ලොග් එක නිකං කැඳ හැලියක් වගේ උනොත් බුවා තමා ඒකට හේතුව..මං මේ මුංගෙන් අහන්නේ නැතිව හිටියේ මෙච්චර වෙලා..

    ReplyDelete
  75. ඔය දාල තියෙන්නෙ ලස්සන පොටෝ එකක් , බ්ලොගයේ නම ඇතුලු හෙඩින් වලට තදනිල් පාටක් හොඳයි කියල යෝජනාවක් තියෙයි මගෙන් , ට්‍රයි කරල බලන්නකො මොකෝ අයේ වෙනස් කරන්න බැරුවයැ

    ReplyDelete
  76. නියමයි...සෝස පාටේ සිට නිල් පාටට.නෝනත් ලස්සනයි. පාටත් ලස්සනයි.

    අලුත් ටෙම්ප්ලෙටය හොඳය...අඩුපාඩු නම් කිව හැක..ඒ ටෙම්ප්ලෙට් එකේ නොව උඹ ලියනා දේවල් ගැනය....එළ කිරි වගේ ජූන් ගේ කතාවකින් 450 ගහයි කියා සිතමි...

    ReplyDelete
  77. කිරි අප්පුච්චේ.. මේ මොකද මේ බ්ලොග් එක කළු පාට කොරලා.. කාට හරි විරෝධය පාන්ටද..?? අකුරුත් චූටිත්තං කොරලා, අපි වගේ හතළිස් ඇදිරිය තියෙන එවුන්ට අබ සරණයි.. තිබ්බ විදිය හොදා වගේ.. :)))

    ReplyDelete
  78. තිබ්බ විදිය ඇහැට හොදෝ...

    ReplyDelete
  79. මාරය්ය විජ්ජා පෙන්නනවද . හවස තිබ්බෙ නිල් පාටනේ..
    දැන් කළු.. ඒපාර මොකෝ මේ වෙන්න යන්නේ...

    ReplyDelete
  80. උඹට මොකද්ද බං මේ වෙලා තියෙන්නෙ, හැබෑටම??? ටෙම්ප්ලේට් එකත් මාරු කරලා. අරයා කියලද ඒකත් මාරු කලේ? රෝස පාටටනම් ගොඩක් අය අකමැති වුණානේ ඒකාලේ හිටන්ම කොහොමත්, නේද?? :D :D
    සෑහෙන්න ලොකු වෙනස්කම් ගොඩක් තියේ දැන් දකින්න මාරයාගෙ. ඔහොම යංකො.. :P
    [උඹ හොඳටම දන්න කෙනෙක් මේ කමෙන්ට් එක දාන්නේ]

    ReplyDelete
  81. අලුත් ටෙම්ප්ලෙට් එක හොඳයි. හැබැයි නම් වලට ‍තෝරල තියෙන නිල්පාට peacock blue නොවී navy blue හරි Dark Blue හරි උනානම්. පොටෝ එකත් තව ටිකක් හොඳ එකක් හොයල බැලුවොත් හොඳා. Background එකේ කලුපාට මටනම් හොඳයි. Letter size is also good. All in all the change is good. Better than the earlier pink colour. Seems nice. Thanks for the change

    ReplyDelete
  82. හා මාරයියා බ්ලොග් එකට අලුත් ඇදුමක් අන්දලානේ.මුලින් ටිකක් අවුල් ගියා එකපාරටම.මේ කොමෙන්ටු තීරයේ දිනය හා වෙලාව වැටෙන අකුරු වල පාට නම් බලන්න සැහෙන අමාරුයි.සමහර අයගේ නම් වැටෙන්නෙත් ඒ පාටින්මයි.

    ReplyDelete
  83. අර අමුතු ලුමිනස් වගේ නිල් පාට.

    ReplyDelete
  84. මාරයෝ ඒ අපේ පැත්ත, අපේ ගම, අපි පොඩි කලේ නාපු ඇවිදපු තැන් දැන් ගොඩක් නැති වෙලා වෙළද කලාපේ නිසා......

    මේකේ අලුත් පාට ඇස් වලට ටිකක් අමාරුයි...

    ReplyDelete
  85. මාරයියාගේ අලුත් ටෙම්ප්ලේට්ටුව ලස්සනයි.සමහර කොටස් ඇස් වලට අමාරුයි. ඒත් වෙබ් ඩිසයින් වල මෙහෙම තියරියක් තියෙනවා.

    Avoid using blue when promoting food and cooking, because blue suppresses appetite.

    එත කොට මේ, මාරයියාගේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක්ද කට්ටියගේ කෑම රුචිය අඩු කරන්න...

    ReplyDelete
  86. දැන්නම් ගොඩක් දුරට හොදයි.. මැද column එකේ design එක හොදටම හොදයි, අකුරු ලොකු නිසා ඇහැටත් අමාරුවක් නෑ.. දෙපැත්තෙ columns දෙකේ පාට ගැලපීම තව ටිකක් එහෙ මෙහෙ වුනා නං එළස්, ඒත් එහෙම නොවුනා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ.. මොකද ඒ දෙක නිතර කියවෙන්නෙ නෑ නෙවැ..

    ReplyDelete
  87. හම්මේ... හොඳ පණ ගියා බොලවු මේක කරන්න ගෙහුන්..තවත්නං බැහැ..:D

    ReplyDelete
  88. ඒයි මාරයො අර ලාංකීය සිතුවිලි වලට යටින් තියෙන This site can be............. කියන එකේ මොකක් හරි අවුලක් තියෙනව. ඒක බලහං.

    ReplyDelete
  89. පොලේ කජු විකුනපු උන්දැගෙං ඇහුවෙනැද්ද "කජු බිසලද" කියල . . . . ????

    ප.ලි.
    මොකද යකෝ වෙලා තියෙන්නෙ බොලාගෙ ජංගමේට . . . . .

    ReplyDelete