13 September 2011

ෂා හරි ලස්සනයි...

අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ..ඇස් දෙකටම පේන්න තියෙනවා නෙව වෙලා තියෙන සංගදිය..?

ඊයේ හවස් ව‍රුවේ නිකං ඉන්න ගමන් මං මේකේ එල්ලලා තියෙන ඔය මං නිතර දෙවේලේ කියවන බ්ලොග් ටිකේ ලැයිස්තුව හරි ගැස්සුවා... ඒකේ තිබුන දැනට වැඩිය ලියවෙන්නේ නැති බ්ලොග් ගලවලා දාලා ලියවෙන නිතර ලිය වෙන බ්ලොග් ටිකක් එහෙම අළුතින් එල්ලලා කරලා බලනකොට මෙන්න බොලේ බ්ලොග් එක නිකං මාගල වගේ දිගයි...

ඒ පාර මක්කද කොරන්නේ කියලා කල්පනා කොරනකොට හිතුනා මේක පේලි දෙහෙකට එල්ලුවනං මක්කැයි වෙන්නේ කියලා.. ඒ පාර ගියා මං ඔය නිතර දෙවේලේ වැඩිය අත ගහන්නේ නැති තැනට..ඒ කිව්වේ මේකේ අර තියෙන්නේ Design කියලා බටොන් එකක්..අන්න ඒක ඔබලා ඒක ඇතුලට ගියා..

ගිහිල්ලා බැලුවම මට ඔන විදියේ වෙනස්කමක් ඒකේ කරන්න අමාරුයි වගේ හින්දා ඒ කල්පනාව අල්ලලා දැම්මා..ඒත් ඉතිං ඉඳලා හිටලා තැනකට ගොඩ උනාම නිකංම එන එකත් හරි නැති හින්දා ඒකේ තිබුන Template designer එකේ ටිකක් කරක් ගහනකොට වෙන වෙන ජාතිවල Template වගයක් තියෙනවා.. ඒ කිව්වේ බ්ලොග් වල ඇඳුම් පැළදුම් ටිකක්... මටත් අර මොකාටද එකාට වගේ ඉන්න බැරි හින්දා ඔව්වා ටිකක් එහෙ මෙහෙ කොරලා බලද්දි ටිකක් විතර හිතට අල්ලන විදියේ මෙව්වා එකක් අහු උනා නෙව..

ඒ වංගියේ මං කල්පනා කොරන්ට ගත්තා මොක්කද කුරනවා..අවුරුදු දෙකක් විතර දෙයියනේ කියලා හිටි හැටියට ඔය තියෙන සෝස පාටම තියාගෙන පාඩුවේ ඉන්නවද..? එහෙමත් නැත්තං දෙයියනේ කියලා අළුත් පාටකට යනවද කියලා..

පහු ගිය ටිකේම මට හරියට මැර තර්ජනත් තිබුනා..ඒ කිව්වේ මේ බ්ලොගේ පාට ගැන තමා.. මං ඕවා මේ නොකිව්වේ ඉතිං බයකට එහෙම නෙවෙයි..ඒත් කියලත් කොහොමද..? ඒ තරං සුන්දර විදියට නෙව ඒවා කියන්නේ..
"මාරු කරපිය යකෝ ඔය සෝස පාට.. දාගං ගැලපෙන එකක්" එක්කෙනෙක් හරි මුදු සුමුදු ස්වරයකින් පවසනවා..
ඒ අස්සේ එයාට උල්පන්දන් දෙන හො. පූෂෙක් ඉඳගෙන..
"ආ ඒක තමා බලපිය ඕකේ හැටි..දාපිය එකක්..තෝ දාන්නේ නැත්තං මං එකක් දාන්නද..?" හප්පා කරුණාව වැගිරෙනවා...

ඔය දේවලුත් සිහියට ආව හින්දා ආයේ ඉතිං මං කල්පනා කොලා මොන දේ උනත් ඕනවට වඩා එල්ලිලා ඉන්නේ මොකටද කියලා... අන්තිමට තීරණයකට ආවා.. මෙච්චර කාලයක් තිබුන අර මං දාගෙන හිටිය අර අර ලස්සනම ලස්සන සෝස පාට... බූවැහෑ.... ඇඩෙනවා අප්පච්චියේ මතක් වෙනකොටත්..ඔව් මං සෝස පාටට යන්න කියලා ඒ දුකටත් එක්ක කළු පාටක් එල්ල ගත්තා...

කොහොම හරි ඉතිං මං බොහෝම අමාරුවෙන් අළුත් පාට එහෙම දාගෙන ඒකේ ඇතුලේ තියෙන ගැජ මැටික්ස් එහෙ මෙහෙ කොර කොර පොඩ්ඩක් පෙනුම මට ඕන විදියට හරි ගැස්සුවා කියමුකෝ...

මෙන්න එක වංගියේම ප්‍රතිචාරයක් අපේ පාඨක මහත්තයකුගෙන්...

"මේ අලුත් ටෙම්ප්ලේටය මට නම් නිකන් මඤ්ඤං වගේ , තව දෙතුන් දෙනෙක්ගෙන් අහල බැලුවා නම් ..."

ඒ පාර මොනවා කොරන්නද..? තව දෙතුන් දෙනෙකුගෙන් අහන්නත් කිව්ව හින්දා අර මුලින් කිව්ව මට තර්ජනය කොරපු විද්වත් මණ්ඩලයට දාලා මේක හදන්න හිතා ගත්තා..අනේ ඉතිං එක්කෙනෙක් ගත් කටටම කිව්වේ
"තොගේ ඔය පොටෝ එක අහක් කරලා දාපිය අර අතන තිබුන එක.. වඳුරෙක් වගේ උනාට ඒක නරකම නැහැ" කියලා...

අනේ ඉතිං ඔන්න ඒක දැම්මා..ඒත් එක්කම ආවා නේද විශේෂඥ බ්ලොග් කාපාළු හො.පූෂ් නාම්බා.. ඇවිත් මට උදව් කරනවා කියලා හෙන විපත් රාශියක්ම කොලා මගේ බ්ලොගේට... ඒකා එක එක ජාතියේ ඒවා ගෙනත් දෙනවා..ඒවා කපලා කොටලා හදන හැටි කියනවා..කොහොම හරි උගේ උපදේස අහලා කරපු වැඩ වලින් තව ඩිංගෙන් මේක නැතිබංගස්ථාන වෙලාම යනවා...
කොහොම හරි ආපහු වංගියක් ඒ උපදෙස් පැත්තක තියලා මං මට පුළු පුළුහං හැටියට දන්න සිංහලත් එක්ක නොදන්න කඩ්ඩ මුහු කොර කොර කියෝලා බල බල මේක දැන් මේ තියෙන තත්වෙට අරගෙන ආවා.. ඒ අතරෙම මේ වෙන වෙනස්කං ටික දැකලා මං කලින් දාපු පෝස්ට් එකේ අන්තිමට කිහිප දෙනෙක්ම ඇවිත් ඒ ගැන අදහස් කියන්න පටන් ගත්තා..ඒකත් බොහෝම ලොකු උදව්වක් උනා...

අවසාන පොරතිපලේ තමා මේ...

ඉතිං කාලයක් තිස්සේ මාත් එක්ක හිටිය සෝස පාටට මං යන්නම කියලා කිව්වා..දැන් මේ කළු පාටත් එක්ක ඉතිරි ඩිංග ජීවත් වෙනවා...

එහෙනං මේකෙදි මහන්සි නොබලා මට උදව් කරපු අපේ විද්වත් මණඩලේ ක්‍රියාකාරි අද්දියක්ෂක තුමියටයි.. එතුමියගේ සහයක හො.පූෂා මහතාටයි වගේම අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් වැඩේට සපෝට් එක දුන්න බුවා තුමා ඇතුළු අපේ නඩේටයි බොහෝම ඉස්තූතියි කිව්වා ඕං...
_____________________
ඔන්න හොඳ හිතිං කිව්වා... මං දැන් තමා මේකේ මාත්තුරුකාව එල්ලන්ට හදන්නේ.. ඒ දාන එකෙන් පිට එකෙක් කට හොල්ලනවා එහෙම නෙවෙයි... මට බෑ බොලව් මේ හැටි නැහෙන්ට... මට තාම හති ඕක හදලා...හම්මෙහ්...

59 comments:

  1. කළු පසුබිම වෙනස් උනොත් හොඳයි ද මන්දා, මං කිව්වෙ වෙන පාටක්? ඒ මට පේන හැටි

    ReplyDelete
  2. මට සෑහෙන්න දේවල් කියන්න හිතෙනවා. හැබැයි ටෙම්ප්ලේට් එක ගැන නම් නෙමෙයි.. :D :D

    ReplyDelete
  3. මං ඊයෙම කිව්වා ලස්සනයි කියලා

    ReplyDelete
  4. ලස්සනයි ලස්සනයි.... දැන් ටිකක් වේලපහින් ලෝඩ් වෙනවත් එක්ක....:D

    ReplyDelete
  5. මටත් සෑහෙන දේවල් තියෙනව කියන්න ටෙප්ලේට් එක ගැන නෙවි මේ මේ....... මේක දැක්කම මතක් වෙන දේවල් ගැන...

    මොනව උනත් මම නම් තාමත් කැමති අර සෝස පාටට තිබ්බ මාරයගෙ හෝරාවට.......
    ඒක උඹේ අනන්‍යතාවක වගේ කියලා හිතෙනව

    ReplyDelete
  6. ෂා ලෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂණයි....

    ගොඩ දොහොකින් නෙවැ මේ පැත්තේ... හිකි හිකි... බුකු බුකු....

    ReplyDelete
  7. ඇති යන්තම් සීනි බෝලෙ අහක් කරලා.

    ReplyDelete
  8. මක් කොරන්නෙයි..... ඕන් මුකුත් කියන්න එපා කීව නිසා මාත් අහක බලන් ලස්සනයි කියනවා.......

    ඒත්... නෑ ඕනිනැ..................

    ReplyDelete
  9. මාරයාගෙ බ්ලොගයSeptember 13, 2011 at 9:58 AM

    ඉස්සර නම් මම මොනවා ඇඳගෙන හිටියත් ඔයාට මාව ලස්සනයි..කොහොමත් ඔයා මා දිහා මිසක් මගේ ඇඳුම දිහා බැලුවෙ නැහැනෙ..හික්ස්..
    ඇයි දැන් ඔයා නානාප්‍රකාර ඇඳුම් අන්දලා මාව මොඩ් කරන්න හදන්නෙ මෙයා....පොඩ්ඩක් අපේ අතීතයේ කරපු කියපු දේවල මතක් කරගන්න සුදෝ......
    ඇඳුම විතරක් නෙවෙයි මමත් ලස්සනයි කියලා මේ අයට පෙන්නමු අනේ....හැමදාම රෝස් පාන් කන්න දුන්නොත් මගෙ figure එක out යනවා අනේ..එතකොට මොකක් ඇන්දත් වැඩක් නැහැනෙ...

    මෙයට සදාදරණීය
    මාරයාගෙ බ්ලොගය

    ReplyDelete
  10. මම ‍ඒත් බැලු‍ව මේ වෙන කාගෙවත් බ්ලොග් එකක්ද කියල... ගෑල්ලමයෙක්ගෙ වගේ ‍සෝස පාටනේ තිබුනෙ....

    මේක නම් සිරා ඇඳුම මාරෙ අයියෙ...

    ReplyDelete
  11. සා..... සා............ ඔය කියෙන්නේ ලක්ෂණට........

    ReplyDelete
  12. මේක සිරා.. අපායේ බිත්ති පුවත්පතක් වගේ.. පොඩි කික් එකක් තියනවා.
    -කාංචන

    ReplyDelete
  13. මොකක් එල්ලුවත් කමක් නැහැ ලිපිය කියවගන්න පුලුවන් විදිහට පැහැදිලිව තියනවා නම් ....

    දැනට නම් ලිපිය දෙපැත්තෙන් තද කරලා තියෙන්නේ DDDD

    ReplyDelete
  14. හ්ම්ම්ම් කලු පාට ට්කේ තියන අකුරු ටිකක් පේනවා හොරයි හැබැයි මං නං කැමති අර රෝස පාට එකට තමා...... ඒක පිලිවෙලයි චාම් , මාරයාගෙ අනන්‍යතාවයට ඒක ගැලපෙනවා මේක ටිකක් Rock වැඩිද මන්ද

    ReplyDelete
  15. අළුත් ඇඳුම නම් ලස්සනයි...ඒත් අර වැප් කිව්ව වගේ හිර වෙලා වගේ...අලුත් පැෂන් එකද්ද ?

    ReplyDelete
  16. මාරයා අයියගෙ පින්තුරෙ නම් කලින් එකට වඩා ලස්සනයි, හින්දි ‍ෆිල්ම් එකක නලුවෙකුත් මතක් වෙනවා,ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  17. කලිං එකට වඩා මේක හොදා. මොනව කරත් කමක් නෑ ලියපු ටික පරිස්සං කොරගෙන.

    ReplyDelete
  18. ෂා..හරී ලස්සනයි.................ඔන්න කිව්වා හරිනෙ

    ඉස්සර වගේ ස්ක්‍රීන් එක පිරෙන්න පත සයිස් ෆොටෝ දාන්න බැරි වෙයි වගේ...ඒක නම් හොඳයි..
    මට නම් තිබුන එකේ ගැටළුවක් තිබුනෙ නැහැ..මේකෙත් ඒ තරම් වරදක් නැහැ. කොහොමටත් හැමදේම හරියට තියන ටෙම්ප්ලේට් හොයන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි....ඒ නිසා මේක හොඳයි...
    බ්ලොග් එකත් උඹගෙ, ටෙම්ප්ලේට් එකත් උඹගෙ, අපි නිකම්ම නිකං කියවන්නො...ලියන්නෙ පලාද අකුරුද කියන එක උඹගෙ අයිතියක්නෙ...

    ReplyDelete
  19. @ දිල්

    නරකද ඔයාගෙ බ්ලොග් එකටත් අලුත් ඇඳුමක් ඇන්දුවොත්...
    දැන් තියන එක ගැන නම් කියන්න වචන නෑ..ඒ තරම් user friendly template එකක් තියෙන්නෙ

    ReplyDelete
  20. ගහෙන් ගෙඩි එන්නා වගේ කරපු වෙනස නිසා හරියට නිකන් මාරයාගේ හෝරාව නෙමේ නෙමේ වගේ...
    මොකදෝ මන්දා....

    ReplyDelete
  21. මම නම් හිතන විදිහට දෙපැත්තෙන්ම සයිඩ් බාර් දැම්මහම බ්ලොග් එකේ තියෙන වටිනාකමට මෙන්ම සුන්දරත්වයට ලොකු හානියක් වෙනවා.බලන්න ඔයාට පෝස්ට් දාන්න තියෙන ඉඩ හුඟක් පුංචියි.මම දන්නෑ ඒක මට හිතෙන විදිහ.ඔයා කැමති දෙයක් කරන්න.වෙනස් කරනවනම් හොඳයි කියල තමය් ඉමටනම් හිතෙන්නෙ.

    සැමදෙයක්ම බ්ලොග් සයිට්

    ReplyDelete
  22. ඔන්න ඔහේ ඔහොම හොඳා මරයියේ....

    ReplyDelete
  23. හ්ම්....වරදක් ඇත්තෙමත් නෑ.රෝස පාටට වඩා නම් හොදා...ඒත් වෙන පාටක් තිබුනෙම නැත්ද අප්පා....

    ReplyDelete
  24. මැද තීරුව නම් හොඳයි තිබ්බ එකට වඩා . ඇත්තම කියනව නම් කළු පාට ටිකක් ඇහැට අමාරුයි මට නම් . අනේ ඒත් තමන්ගේ කැමැත්ත .

    ReplyDelete
  25. හ්ම්ම් මැද මාවත හොඳයි වගේ..ඉස්සර ලෝඩ් වෙන්නත් වෙලා ගියා හරියට.දෙපැත්තටත් සාධාරනයක් කරන්න බැරිද?

    ReplyDelete
  26. ඔය ටේම්ප්ලේට් මාරු කරන්නෙ පරිස්සමට. හිටපු ගමන් අපි දාගෙන ඉන්න ගැජට් මැකෙනනා. සමහර වෙලාවට කමෙන්ට් දාන්න බැරි වෙනවා. ඒවා මැකෙනවා.

    අනිත් දවසෙ මක්කරන්නත් කලින් ඔක්කොම බැක්අප් එකක් තියාගෙන හිටපං........

    දැං එක හොඳයි... පාටත් මාරයගෙ වගේ හැඩෙත් මාරයාගෙ වගේ, රහත් ඇරපු අතක් නෑ මාරයමයි!

    ReplyDelete
  27. බ්ලොග් පොස්ට් එක දාන්න තියෙන ඉඩ ඕනවට වඩා side bars වලට දීලා කියෙලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  28. පේලි දහයක් කියවන්න කලින් හීන් දාඩිය දැම්ම.. මගේ බ්ලොග් කොටේටත් බඩු බනිස් තමා කියල.. ඒ ගමන ගිහින් ලයිස්තුව බලල අන්තිමයට බැබලි බැබලි තියනව දැක්කම තමා ඉතුරු ටික කියව්වෙ... ඒක බලන දහ පහලොස් දෙනත් එන්නෙ මේ වගේ තැන් කීපෙකින් වෙච්ච කොට මෙතනිනුත් ගැලවිලා ගියානම් හොදි ඕන්නෑ... ( ඔය යූනියන් කාරයො අපිව ගන්නෙ නෑ නොවැ )

    කොයි පාටත් ඉතින් පාට තමා.. කලු කියන්නෙ ඉතින් පාටක් නැති බවනොවැ... මේක හොඳා.. ඉක්මනට ලෝඩ් වෙනව... මමත් ඔය තාක්සන කටයුතු මෙලෝ හසරක් දන්නෙ නෑ.. පුලුවන් කමක් තියේ නං පෝස්ට් එකේ අකුරු ඔහොමම තියෙද්දි කොමෙන්ටු වල අකුරු ප්‍රමාන දෙකකින් විතර පොඩි කලානං හොඳා... නැත්නම් මෙතන වැටෙන කොමෙන්ටු වල ප්‍රමානෙ හැටියට අග මුල හොයන්න ත්‍රී වීල් හොයන්න වෙනව..

    ReplyDelete
  29. හැමදාම දකින මාරයාගෙ කරමලේ..ඈහ් වැරදුනා වැරදුනා.. හැමදාම දකින කුකුලගෙ කරමලේ පාට වගේ වෙලා තිබුනහම මොනවහරි වෙනසක් කරන එක නම් හොඳයි. අලුත් බවක් දැනෙනව !

    ReplyDelete
  30. ඔය එක එකා කියන දේවල් කරන්න ගිහිල්ල උඹ කරගත්ත වැඩේ යකා බැඳගත්ත වගේ ඇති දැං.
    කොහොම උනත් ගොඩක් දෙනෙක් කියල තියෙනව ව‍ගේ බ්ලොගේ ලියන්න තියෙන ඉඩ මදි නැද්ද මාරයො. හැබැයි අර කෑම ගැන හූල්ලන කට්ටියටනං මේක හොඳ සයිස්. මොකද ඇහැට පේන සයිස් ෆොටෝ දාන්න බෑනෙ. :D

    ReplyDelete
  31. ටෙම්ප්ලේට් නං මොනවද මෙයා . . . . .
    ලියන එවුවගෙ ආතල් එක තියන තුරා . . . .

    ReplyDelete
  32. ෂා...හරී ලස්සනයි..."මොන ඇඳුම ඇන්දත් ලස්සනයි...මොනම ඇඳුමක්වත් නො ඇන්ද උනත් ලස්සනයි"....

    ReplyDelete
  33. ඔයින් ගියා මදැයි.

    ReplyDelete
  34. මැද කෙට්ටු වුනාම, මාගල් පෝස්ට් කියවන්න අර කව්දත් කිව්ව වගේ ත්‍රී වීලර් හයර් කොරන්න වෙය්.
    හැබය් ඒක ඒ තරං ප්‍රශ්නයක් නෙමේ, ඔය කිව්වට කව්ද ඒවා හයර් කොරන්නෙ, මීයගෙ බෝලෙ කරකෝගෙන පල්ලෙහාට බහිනවා මිසක්.

    මැද බැක් ග්‍රවුන්ඩ් එක හොඳා, අකුරු කියවන්න ලේසිය්. දෙපැත්තෙ තියෙන අකුරු නං කියවන්න ටිකක් අමාරුය් (ඒකත් වයසක කෂ්ටියට විතරද මන්ද)

    මගේ ලපටි බ්ලොගෙත් මතක් කොලාට හාට් එකේ බොටම් එකෙන්ම තෑන්ක් යූ.....වේවා.....!!!

    තව එක හොඳක් දැක්ක, ඉස්සර කොමෙන්ට් වල දිනේ, වෙලාව වැටුනෙ කොමෙන්ට් එකට අදාළ තැන නෙමේ, දැන් එක හරියට වැටෙනව

    ReplyDelete
  35. කලින් තිබුණු එකට වඩා මේක හොඳයි. පොඩි මාර ගතියක් තියෙනවා. කලින් එක නිකං "රෝසාගේ හෝරාව" වගේ. කමෙන්ට්ස්වල අකුරු ටිකක් පොඩි වෙලා, මැද කොටස පුළුල් වුණානම් හොඳයි කියලා මටත් හිතෙනවා. ඒත් ඉතින් තමන්ට හිතෙනවනම් හොඳයි කියලා එච්චරයිනෙ.

    ReplyDelete
  36. දෙපැත්තෙන් තියන සුදු පාට අකුරු වෙනුවට වෙන පාටක් දැම්මනම් හොදයි වගේ ...

    ReplyDelete
  37. අනේ කියවන්න පුලුවන් විදිහට තිබුනොත් ඇති බන් මාරයෝ

    ReplyDelete
  38. මම නම් ආස පරණ එකට... පුරුද්දටද මන්දා... ඒත් ඉතින් රෝස පාට මාරයෝ නෑ නොවැ... ඉතින් කළුම හොඳයි... හැබැයි මාරෙ අයියේ උඹ කලින ටෙම්ප්ලේට් එකේ පවත්වගෙන ආපු අනන්‍යතාවය නම් මාරුවෙලා වගේ... මාරයගේ පාට මාරු වුනාට මාරයා මාරයාමය... නැද්ද මං අහන්නේ ???

    ReplyDelete
  39. මරු මරු.මාරය පොඩ්ඩක් අලුත් උනෙ මොකෝ මේ....විසේස හේතුවක් එහෙම තියෙයි.

    ReplyDelete
  40. අලුත් ඇදුම නම් ලස්සනයි.හැමදාම එකම විදිහට ඉන්නැතුව ටිකක් වෙනස් උන එක නම් හොදයි....

    ReplyDelete
  41. මැද කෑල්ල පළල වැඩි විය යුතුයි. වර්ණ සංයෝජනය නියමයි. ජය වේවා!

    ReplyDelete
  42. දැන්නම් මේකේ මාර ගතියක් තියෙනවා...

    ReplyDelete
  43. මලයා ...
    මමත් කැමති මේ විදිහට. ඇහැටත් අමාරුවක් නෑ.
    ලස්සනයි කියන එක නම් මෙතන වැදගත් නෑ. ලස්සන කන්ඩයැ බං. ලියන එව්වනෙ වැදගත්.

    ReplyDelete
  44. පෝස්ට් වැටෙන මැද කෑල්ලේ පළල තව ටිකක් වැඩි වුනා නම් හොඳයි නේද? අනික දකුණු පැත්තේ සමහර තීරු හීනි වැඩි නැද්ද?

    මොනව වුනත් ලකින් තිබ්බ සෝස පාට "මාරයා" ට ගැලපෙන්නේ නෑ... මේ විදිය ඉස්තරම්!

    ReplyDelete
  45. අනේ මරෙ අයියේ මේක මටනම් හරියන්නේ නැ
    මේක මාරයාගේ හෝරාව නෙවි වගේ නේ
    අවුරුදු දෙකක් තිස්සෙ දැකල දැකල දැන් පුරුදු වෙලා නේ

    ReplyDelete
  46. අළුත් තීම් එක මරු. ජය පතමි.

    ReplyDelete
  47. ඇත්තට රෝසපාට ගතිය නම් මාරයාට ගැලපෙන්නෑ තමයි.. ඒත් බං අපිට ඒ රූපේ හුරු වෙලා . දැන් මේක නිකං වෙන මොකද්ද බ්ලොගක් වගේ ..
    කමක් නෑ කාලයක් යද්දී අපි මේකටත් හුරුවේවි .

    වරදක් නෑ බං .

    ReplyDelete
  48. අලුත් ඇඳුම සෝයි.

    ReplyDelete
  49. මංචිත් ඉස්සර එකට වඩා දැන් ඇඳුමට කැමතියි..ඉස්සර තිබ්බ සෝස පාට මහන්සි වෙලා ඉන්න වෙලාවට කියවන්ඩ හරිම අමාරුයි අප්පා..මේකනං හොඳා... :D

    ReplyDelete
  50. මේක හොදයි
    කලින් එක හොදාය්යි ද මන්දා..

    කොහොම උනත් ඔය එල්ලපු අලුත් කියවන ඒවා අතරට එන්න නම් අපිට මේ කපේ පුලුවන් වෙන එකක් නැ අප්පා

    ReplyDelete
  51. ඔන්න අප්පේ ඉතින් යකා මහත්තයත් උදේ පන්දරම Comment පරක් දන්නයි ලෑස්තිය...... ඉතින් මෙ අපේම ජතියේ බඩුවක් නිසා අපට කලු තමා හරියන්න ඉතින්... ඔන්න එහෙනම් කෙලින්ම කියන්වා මාර සහෝදරයගේ බ්ලොග් එකේ ලස්සන වැගිරෙනවා අප්පා.......

    එහනම් මම යනවා ජයවේවා......

    ReplyDelete
  52. අනේ..මංනං බැහැ...
    බුදු අම්මේ..මෙව්වට උත්තර දෙන්නේ කොහොමෙයි... අනිත් අයට විතරක් නෙවෙයි මටත් දැන් නැනෝ ටැක්සියක් අරගෙන උඩ සිට පහලට එන්ටයි වෙලා තියෙන්නේ...

    කොහොම උනත් අදහස් සැපයීමෙන් මේක ඩිංගක් ලස්සනට හා පිළීවෙලට හදා ගන්ට උපදෙස් දුන්නු හැමෝටම බොහෝම ස්තූතියි..

    හැමෝම කිව්වා වගේ මද පළල අඩුයි කියන කාරණාව පිළිබඳව සලකා බලා ඔන්න තිබ්බට වඩා ජුංඩක් විතර පළල් කලා.. ඒත් මීට වඩා‍ කරන්න අමාරුයි වගේ...අනිත් දේ තමා හුගාක් පළල වැඩි උනාමත් මට තියෙන ගැටළුවක් තමා එකපේලියක් කියවන්න ඇස් දෙක හුගාක් දුරකට ගෙනියන්න වීම හරහා ඇතැම් විට ‍ඊ ලග පේලියේ මුල පැටලෙන එක..මං කියන දේ තේරෙන්නේ නැත්තං පොඩ්ඩක් බලන්නකෝ දිග පේලි තියෙන බ්ලොග් එකක් හොයාගෙන..

    පත්තරේක උනත් අර හීනි කොලම් වලට මං හරි ආසයි...මොකද පේලි කෙටි නිසා... ඒත් මෙතන එච්චරම කෙටි නැහැනේ.. අකුරු සයිස් එකත් ඩිංගක් පුංචි කලා.. ඒත් පෝස්ට් එකේ අකුරු සයිස් එකයි..කමෙන්ට් වල අකුරු සයිස් එකයි වෙන වෙනම හදන්න බැහැ.එක්කෝ මට ඒක තේරෙන්නේ නැහැ..දන්නවනේ බොහෝම අමාරුවෙන් කඩ්ඩත් එක්ක පරිස්සමට සෙල්ලං කොරලා නෙව මං මේක අමුණ ගන්නේ...

    අකුරුවල පාටත් කට්ටිය කිව්ව විදියට පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කරලා හැදුවා.. ඔන්න අවසාන තත්වය...

    ආ තව එකක් මේක දානකල්ම මං නොහිතපු දෙයක් ඔය කස්ටිය අතරින් කිහිප දෙනෙක් කියලා තියෙනවා නෙව.. මං ඇත්තටම හිතං හිටියේ මගේ බ්ලොග් එක ඉක්මනට ලෝඩ් වෙනවා කියලයි. ඒත් ඊයේ තමා දැනගත්තේ එහෙම නැති කතාවක්... හත් ඉලව්වේ එහෙම දෙයක් දැන ගත්ත ගමන් මට කියන්ට එපැයි..මොකද මාත් ඉන්නේ ලෝඩ් වෙන්න පරක්කු බ්ලොග් හුගාක් වෙලාවට මග ඇරලා යන මට්ටමේ..අපි වගේ සුළු මුදලකින් වැඩි අන්තර්ජාල පරිහරනයක් කරන අයට ලොකු ලොකු ඒවා බාන්න ගිහින් තියෙන සීමිත දත්ත බෑමේ හැකියාව අඩු කර ගන්න බැහැනේ..මං මේ හැම දෙයක්ම කරන්න ඕන මාසෙකට ලැබෙන 3GB දත්ත පරාසයක් ඇතුලේ..

    ඉතිං එහෙම තියෙද්දි අනිත් අයටත් ඒ වගේම මුදලත් කාලයත් නාස්ති වෙන වැඩක් හැටියට මගේ බ්ලොග් එක බලන වැඩේ පත් කරන්න මං කැමති නැහැ.. ඒ දැනුම් දීමට බොහෝමත්ම ස්තූතියි... ආ ඒ අතරේ මට තව කමෙන්ට් එකක් ඇවිත් තිබුනා..හැබැයි ඒකනං ඇවිත් තිබුනේ මගේ ජීමේල් එකේ චැට් එකක් හරහා.. ඒක මෙන්න මෙහෙමයි..

    "J*****: හපෝයි..නිකන් අල්ලලා කණපිට ගැහුවා වගෙයිනේ මට නම් පේන්නේ
    අනන්‍යතාවය නැති වෙලා..ඇහැට පුරුදු නැ නැ වගේ
    සෙනග පිරුණු ප්‍රයිවේට් බස් එහෙක ගිහින් ආවා වගේ
    හප්පා...
    චැහ්.....
    මට නම් කැතයි කැතයි කැතයි
    ඔන්න මම මගේ අදහස් කීවා කෙලින්ම"

    ReplyDelete
  53. එහෙනං..ඔන්න ඔහොමයි උනේ...හැමෝටම ස්තූතියි...

    ඔය අවසානයට දාපු ජීමේල් කොමෙන්ටුවට ස්තූති ඩබලයි හොදේ..:D:D:D

    ReplyDelete
  54. ඇති යාංතං පුරුස පාටක් තියන ඇඳුමක් අන්දල තියනව. මෙච්චරකල් නිකං ගවුමක් අන්දල තිබ්බ වගේ....

    ReplyDelete
  55. මේ මාර අයියේ අර එල්ලලා තියෙන ලැයිස්තුවට අපිවත් එල්ලන්න බැරිද?

    samadeyakma.blogspot.com

    ReplyDelete
  56. ෂා.... හරි ලස්සනයි.....

    අර දෙපැත්තෙන් තියෙන ඒවගෙ අකුරු ටිකක් පේනවා හොරයි වගේ...

    ReplyDelete
  57. ටිකක් දිග වැඩී වගේ.... කලු පාටත් අල්ලන් නෑ....පෝස්ට් ටික හරියටම දෙපැත්තෙ ගැජමැටික් ගානට ඉවර වෙනවනම් මරු....

    ReplyDelete