14 September 2011

බ්ලොග් එක ලියන එක අතාරිනවද..?

පහු ගිය දවස්වල දැක්ක බ්ලොග් පෝස්ට් වගයක් හින්දා මේකත් ලියන්න ඕන කියලා හිතුනා...

දැන් සෑහෙන්න බ්ලොග් අළුතින් පටන් ගන්න කාලයක්නේ... සින්ඩියක් දිහා බැළුවම කියවන්න ලිපියක් තෝර ගන්නත් අමාරුයි..ඒ තරං ලිපි...

ඇත්තටම මං මුලින්ම බ්ලොග් එක ලියන්න කලින් බ්ලොග් කියව කියව හිටිය කාලේ මං කියවන වේගෙට බ්ලොග් ලියවෙනවා හුගාක් මදි වගේ කියලයි මට දැනුනේ... ඉතිං විඩෙන් විඩේ ගිහින් එබිලා බලලා එනවා අළුත් එකක් ඇවිත්ද කියලා... නොබලන බ්ලොග් එකක් නැහැ.. දෙමල පත්තරේ හරි කමක් නැහැ කියවන මට්ටමේ හිටියේ... ඒත් අද වෙනකොට තත්වය එහෙම නෙවෙයි... ඒක කාටත් පේනවනේ... දවස ගානේ හතු පිපෙනවා වගේ සිංහල බ්ලොග් බිහි වෙන්නේ... ඒ ඔක්කෝම කියවන්නනං ඉතිං තනි මිනිහෙකුට ලේසියෙන් බැහැ...

හැබැයි ඒ අතරෙම දකින්න තියෙන දෙයක් තමා.. පටන් ගත්තට හුගාක් දෙනෙක් අතර මඟදී නවත්තනවා කියන එක.. එහෙම නැත්තං ලිපි ලිවීමේ වේගය අඩාල වෙනවා කියන එක...

සමහරු නං ප්‍රසිද්ධීයේම අඩන්න පටන් ගන්නවා හිට්ස් නැහැ කමෙන්ට් නැහැ කියලා... අන්න ඒ දේවල් හින්දයි මට හිතුනේ මේ ටික ලියලා දාන්න...

මාත් දැන් සෑහෙන දවසක ඉඳලා බොහෝම අමාරුවෙන් බ්ලොග් එකක් ලියන එකෙක්නේ... මුලදිනං මං මේක ලිව්වේ තනිකරම මගේ දින පොත ලියනවා වගේ තමා... (අදටත් ඒ ලක්ෂණ ටිකක් හරි ඉතිරි වෙලා තියෙනවා..) මං මගේ අ‍ඳෝනා ලියන්න.. හිතට එන කවි වගේ එවුවා ලියන්න.. පරණ මතක සටහන් අළුත් කරන්න.. ඒ වගේ දේවල්වලට මේක පාවිච්චි කලේ... හිට්ස් කමෙන්ට් වගේ දේවල් ගැන අවබෝධයක්වත් තිබුනේ නැහැ... ඒ විතරක් නෙවෙයි ඔය ෆලෝවර්ස්ලා කියලා ඉන්න කට්ටිය වැඩි වීම ගැන හොයන්නවත් ගියේ නැහැ.එහෙම තත්වයක් තිබුනේ... ඒ දවස්වල ආව ගිය අය ගැන හිතලා මේක නවැත්තුවනං මං හිතන්නේ ලිපි දහයකින් පහළවකින් නවතින්න හොඳටම ඉඩ තිබුනා...
ඒත් නැවතුනේ නැහැනේ... මං ලිවුවා... අදටත් ලියනවා...

හිතනවද ඒ මට හිට්ස් තියෙන හින්දා කියලා... එහෙම හිතනවනං ඒක වැරදියි...

හිට්ස් ගැන බලපුවාම මගේ හිට්ස් ඉහළ යන්නේ බොහෝම අඩු වේගයකින්... මේ වෙනකොට 175170 ක් තියෙනවා... ඒක ඒ හැටි ලොකු ගානක් නෙවෙයි මං බ්ලොග් එක ලියන කාලයත් එක්ක සලකා බැළුවම සහ.. ලිපි ලියලා තියෙන ප්‍රමාණය බැළුවම... ලිපි 448 කට 175170 ක් කියන්නේ එක ලිපියකට 391 ක වගේ සාමාන්‍යයක් තමයි එන්නේ.. එහෙම බැළුවම මේක මොකක්ද..? අද ඉන්න බ්ලොග් පාඨක පිරිසේ විශාලත්වයත් එක්ක බැළුවම මගේ බ්ලොග් එක කියවෙන්නේ ඉතාම සීමිත පිරිසක් අතරේ පමණයි. ඔය 391 කතාව සමස්ථ බ්ලොග් කාලයටම උනත් දැන්නං දවසකට එයිට වඩා පිරිසක් එනවා... සාමාන්‍යයෙන් දැන් දාන ඔනම ලිපියකට සතියක් ඇතුලත 600-700ත් අතර පිරිසක් එනවා. දවසකට 500 ක වගේ සාමාන්‍යයකින් යුතු පිරිසක් ඇදෙනවා.. ඒ වගේම තවම මගේ ලිපි අතරින් හිට්ස් 1000ට වඩා පන්නලා තියෙන්නේ ලිපි 3යි කිව්වොත් ඒක බොරුවක් කියලා හිතෙනවද..?..

නැහැ ඒකත් ඇත්ත හරියටම ලිපි තුනයි 1000 න් එහාට ගිහින් තියෙන්නේ... ඕක තමා සැබෑ තත්වය...

වැඩිය ඕන නැහැ මෙන්න මේ පින්තූරය බලන්නකෝ...


මොකද හිතෙන්නේ.. බොහෝම වැටි වැටි නැඟිටමින් ආව තත්වයක්.. ඒත් අදටත් ලොකු ඉලක්කං නැහැ..

ඇත්තටම අර අකුරු බ්ලොග් එක ලියන බීටල් උන්නැහේ මේ ලගදී කිව්වා හරි අපූරු වචනයක්..ඒ තමා ඉලක්කං පොල්ල..

ඉතිං මේ ඉලක්කං පොල්ල දිහා බල බල ලියන්න ගියානං අද වෙනකොට මං වගේ එකෙක් මෙහෙමවත් විකාර ලිය ලිය මෙතන ඉඳීද..?

මට තිබුනේ එකම අරමුණයි.. ඒ තමා හිත ඇතුලේ පුපුරු ගහන දේවල් එළියට ඇඳලා දාන්න තැනක් විතරයි. මං ඒක එදත් කලා..අදටත් කරනවා... මං ඒ හරහා ලොකු ලොකු දේවල් ලෝකෙට දෙන්න බලා පොරොත්තු උනේ නැහැ...

ආදර්ශමත් කතා ලියන්න..
බර බර මාත්තුරුකා අරගෙන සංවාද ගොඩ නගන්න..
සමාජය යහපත් කරන්න..( ආසනික් කතාව වගේ ලේ රත් උනාම ලියන ඒවාත් තිබුනා හැබැයි..)
සිංහල භාෂාවට සේවයක් කරන්න..
බ්ලොග් අවකාශය දියුණු කරන්න..
බ්ලොග් අවකාශය වඩාත් යහපත්.. ගුණාත්මක.. හරවත් තැනක් කරන්න..

ඔන්න ඔය වගේ දේවල් මගේ හිතේ තිබුනේ නැහැ..මං කලේ ලියන එක විතරයි... පන්සලයි බණ කතන්දරයි ගැන ලියන ගමන්ම අරක්කු ගැනයි බේබදු කමයි ගැනත් මං ලියලා ඇති...

මං කොහොම ලිව්වත් ඒක හරහා යමක් ගත්ත අය වගේම නොගත්ත අයත් හිටියා. මොනවා හරි වැඩක් ගත්තනං ඒකට සතුටුයි වගේම නොගත්තනං ඒක ගැන ප්‍රශ්නයකුත් නැහැ.

මේ ආපු ගමනෙදි ප්‍රශංසා වගේම කුණු බැනුන් හිටං මං ඕන තරං අහලා තියෙනවා... ඒත් ඒක මට ගානක් උනේ නැත්තේ මගේ සාමාන්‍ය ජීවිතේදී මං එයිට වඩා ඔය අත්දැකීම් දෙකම විඳලා තියෙන හින්දයි.

මහණ වෙලා හිටිය කාලේ ලංකාවේ ජනාධිපතිගෙන් පටන් අරගෙන පාරේ හිඟන මනුස්සයගෙන් පවා වැඳුම් ලබපුවා වගේම පොදු වැඩ කරන්න ගිහින් මිනිස්සුන්ගෙන් අහපු අවලාදත් අනන්තයි. ඒ වගේම නිකරුනේ වගේම කාරණා ඇතුවත් මිනිස්සුන්ගෙන් ලබපු අපහාස ඕන තරං තියෙනවා.. එහෙවු මට මේ වචන කිහිපයක් හරහා කවුරුවත් මොනවත් කිව්වට දැනෙයිද..? එවෙලෙට හිනා උනා අතෑරියා.. කේන්ති ගියත් ඒ තත්පර ගානකට විතරයි. ආයේ පරණ දේවල් එක්ක මතකය අළුත් කරන කොට ඒ කෙන්තිය හිනාවකට පෙරලෙන්න මහ වෙලාවක් යන්නේ නැහැ...

තව දෙයක් තමා කමෙන්ට්ස්...

මේ වෙනකොට කමෙන්ට්ස්නං 13728ක් හැටියට සඳහන් වෙලා තියෙනවා.. ඒත් ඕකෙන් බාගයකට විතර කිට්ටු වෙන්න මාත් දාපුවා වෙන්න ඕන.. මොකද මං කමෙන්ට් වලට උත්තර බඳින කොට බොහෝම වෙලාවට එකින් එකට වෙනම උත්තර බඳින හින්දා.. ( දැන් බනින්න එපා..ඇයි තෝ මෙලෝ රිප්ලයි එකක් නැතිව මාරුවෙන පෝස්ට් කොච්චර තියෙනවද කියලා..)

කොහොම උනත් ඔය ගානත් පෝස්ට් ගානෙන් බෙදලා බැළුවම කමෙන්ට් 30ක් වගේ තමා එක පෝස්ට් එහෙකට වැටෙන්නේ... එකෙනුත් මගේ ඒවා ඇරියම ඕනනං 20ක් තියමුකෝ...

දැන් මොකද හිතෙන්නේ කමෙන්ට් ගැන... කමෙන්ට් 20ක් කියන්නේ ලොකු ගානක්ද..?මංනං හිතන්නේ නැහැ...

ඊ ළගක ෆලෝවර්ස්ලා...

මටත් ඉන්නවා 468ක්ද කොහේද.. මගේ පෝස්ට් ගාන හැටියට බැළුවම එකකට එක්කෙනා ගානේ වගේ කියලා හිතන්න පුළුවන්... ඒකත් මහ ලොකු ගානක්ද..?

එහෙනං ඇයි තාමත් මං බ්ලොග් එක ලියන්නේ..?

ඒ තමා මං ඔය දේවල් බලාගෙන බ්ලොග් එක ලිව්වේ නැති හින්දා.. එහෙම ලිව්වනං අද මාරයෙක් නැහැ බ්ලොග් ලියන්න. ලිපියකට එක ගානේ ෆලෝවර්ස්ලා එකතු වෙන.. ලිපියකට හිට්ස් 400ක් වගේ ලැබෙන.. ලිපියකට කමෙන්ට් 20ක් වගේ ලැබෙන.. මට්ටම ගැන අද බිහිවෙන බ්ලොග් කරුවන්ගේ තත්වයත් එක්ක සංසන්දනය කලාම මං ඉන්නේ ගව් ගානක් පහළින් කියලා කියන්න ඕන නැහැනේ... ඒක තමා හැබෑම තත්වය.. ඒත් මං තාමත් ලියනවා... ලිපි ලියන වේගය තාමත් සාමාන්‍ය මට්ටමක තියාගෙන ඔහේ පිස්සුවෙන් වගේ ලියාගෙන යනවා... කට්ටිය එනවා.. හොඳ කියනවා..බනිනවා.. මාත් උත්තර දෙනවා.. උත්තර නොදී ඉන්නවා.. ඒ මොන දේ උනත් මං ලියනවා.. ඒ ලියන එක විතරයි මං වැදගත්ම දේ හැටියට සලකන්නේ.


අද මාව දන්න හුඟ දෙනෙක් මාව දැන ගත්තේ මේ ලිවීම හරහා... අවුරුදු දෙකක් විතර කාලයක් බ්ලොග් එක ලියලා අවසානයේ සෑහෙන කට්ටියක් මාව දන්නේ මේක හින්දා.. මම මුල දවස්වලම කමෙන්ට්ස්.. හිට්ස්.. ෆලෝවර්ස්ලා ගැන හිතලා මේක අල්ලලා දාන මට්ටමේ හිටියනං අද වෙන කොට ඒ කවුරුවත් මං අඳුරන්නේ නැහැ... ඒත් ලිවීම හරහා මං අද සතුටෙන් ඉන්නවා කියලා කිව්ව හැකි.. අඩුම ගානේ මට කේන්ති ගියාම... දුකක් ආවම ඒක කවියක් වගේ පෙරලලා ලියලා දාන්න මට මගේම කියලා බිත්තියක් තියෙනවා.. ඒ මදෑ.. එයිට වඩා දේවල් මේකෙන් මං හොයන්නේ නැහැ.

මේ ටික ලිව්වේ කාරණා කිහිපයක් හින්දා.. ප්‍රධාන දේ තමා අර කිව්ව අළුත් බ්ලොග් ලියන අය ගැන කතාව.. මට කියන්න තියෙන්නේ කමෙන්ට්ස් ඉල්ලලා අඩන්නවත් ෆලෝ කරන්න කියලා අනිත් අයට වද කරන්නවත් එපා කියන එකයි. ඕනනං කලත් කමක් නැහැ මොකද මං කියන දේවල්යෑ මෙතන වෙන්න ඕන..

ඒත් එකම දෙයක් කියන්න ඕන.. පුළුවන් තරං ලියන්න... දවසින් දවස අපට කියවන්න දේවල් ලියන්න... ඒවායේ මොනව ඇතත් නැතත් කමක් නැහැ..වැඩක් ඇති අය කියවයි..නැති අය මග ඇරලා යයි. කොහොම උනත් කිහිප දෙනෙක් හරි අපි ලග ඉතිරි වෙයි... එක්කෙනෙක් හිටියත් සතුටු වෙන්න.. මොකද අද තමන් කියන දේ අහන්න කවුරුවත් නැති නිසා ගෙවල් ඇතුලේ කොටු වෙලා ඉන්න අම්මලා තාත්තලා.. බිරින්දෑ වරු දහස් ගානක් මේ ලෝකේ ඉන්නවා.. එහෙම ලොකෙක එකෙක් හිටියත් මදෑ...
.................................................

තව එකක් ලියන්න ඕන.. ඒ තමා මේ ළගදී අභීත එදිරිසිංහ මහත්මයා දාපු ලිපියකට ඇනෝලා දාලා තිබුන කමෙන්ට්ස් වගයක්... මේ තියෙන්නේ ඒවා..

1-"අභීත නිකං බොරු කතා කියලා නිකං නොන්ඩි වෙලා යන්න හදන්න එපා. කතන්දර කියන්නේ කොහොම කෙනෙක්ද? කොහොමද ඔයා කතන්දර වගේ කෙනෙකුට ඔහොම චෝදනා කරන්නේ?කතන්දර කියන්නේ මේ බ්ලොග් ලොකේ මාරයා ගාවට ඉන්න සුපිරිම තරුව. එහෙම කෙනෙකුට කතා කරන්නවත් ඉගෙන ගන්න. ඔයාගේ අර මෙලෝ රහක් නැති ටුවරිසම් බ්ලොග් එකට ප්‍රචාරණ විදියක් විදියට මෙහෙම පෝස්ට් දානවා නේද? යන්න මෙයා යන්න."
2-ඇනෝනිමස්4ට-
"වැරදි තීන්දුවක් නේද බොස්.
මාරයා 1නං ‍2ක සදරු 3නේ ඉන්නේ ඩොක්ටර් නලිනි. කතන්දර ඔය අහලකවත් නැහැ.මගේ ලෝකය ලියන රංග ඉන්නෙත් කතන්දරට වඩා ගව් ගානක් ඉහලින්. එතකොට සිහි සටහන්,මහ වෙදනා,බින්දි,දිනේශ් දීපාල් ඔය වගේ කීදෙනෙක් ඉන්නවද කතන්දරකාරයට වඩා ඉස්සරහින්. තව ඕනනං ලිස්ට් එකක්ම දෙන්නං."


ඔන්න ඔය ටික දැක්ක වෙලාවේ මට ඇත්තටම මහ මඤ්ඤං ගතියක් හිතට දැනුනා... මිනිස්සු අපි ගැන තීරණය කරන්නේ කොහොමද කියලා.. සමහර විට මේක දැක්කාම ඒ කමෙන්ට් එක දාපු අයගේ හිත් රිදේවි.. ඒත් ඇත්ත තත්වය ඕක තමා... මගේ බ්ලොග් එක කවුරුවත් හිතන තරං ලොකු එකක් නෙවෙයි. ඔය ඉහතින් දාලා තියෙන තොරතුරු ඔයාලා දන්න කියන අනිත් බ්ලොග් එක්ක සංසංදනය කරලා බලන්න එතකොට තේරේවි මං කොහේද ඉන්නේ කියලා... මං ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්නේ..

ඒ හින්දා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔය එක රෙද්දක් හින්දවත් ලියන්න යන්න ඕන නැහැ.. තමන්ට ලියන්න පුළුවන්නං..හිතේ සතුටෙන් ලියන්නයි තියෙන්නේ.. එච්චරයි.

97 comments:

  1. මාරයාට ලොකු ප්ලස් එකක් දෙමි. මුකුත්ම නොකියමි

    ReplyDelete
  2. ආ අදත් පළවෙනි කමෙන්ට් එක මගෙනි

    ReplyDelete
  3. දැන් නම් බ්ලොග් සෑහෙන්න තියෙනව... සතුටුයි ඒ ගැන... මොකද හුඟ දෙනෙක් සිංහල බ්ලොග් අවකාශෙ ගැන දැනගෙන ඒක ප්‍රචලිත වෙලා නේද කියල හිතෙන නිසා...

    හුඟක් බ්ලොග් මග ඇරෙනවාත් එක්ක.. අලුත් බ්ලොග් කීපයක්ම මම බුක් මාක් කර ගත්තා කියවන්න කියලත්...

    හිට්ස් කමෙන්ට්ස් ලැබෙන විදියකට ලැබෙයි... ලියන එක තමයි වැදගත්. අපි කොහොම කිව්වත් අපි ලියන එක කියවල කමෙන්ට් එකක් කවුරු හරි දැම්මොත් සතුටුයි... ඒත් එක දවසින් ඒ තත්වෙ එන්නෙ නැහ නොවැ...

    කාලයක් එක්ක බ්ලොග් එකේ ගුණාත්මක බව රසවත් බව එක්ක පිරිස එකතු වෙනවා...

    ඈ බන් මාරයො තීන්ත සුට්ටක් ගාල අලුත් පෙනුමක් අරන්...

    පාටත් අලුත්... මොකෝ වෙනස ??

    ReplyDelete
  4. සියළු දේම සාපේක්‍ෂයි.
    හැම එකාම හිතන්නේ තමන්ට සාපේක්‍ෂව.
    වටහා ගන්නේ තමන්ට තේරෙන විදියට.
    හෝඩියේ පන්තියේදීත් එහෙමයි. අදත් එහෙමයි.
    තම තම නැණ පමණින් දැනගත යුතු කියලා කිව්වේ ඒකද මන්දා?

    බ්ලොග් ලියන්නෝ ගැන කියනවා නම්
    No one is indispensable...!!!

    ReplyDelete
  5. බ්ලොග් අවකාසෙට අලුත් අපිට මසුරන් වටින කතාව මාරයියේ..!!!

    ReplyDelete
  6. අනික බ්ලොග් ලියන උන්ම තමයි කමෙන්ට් දාන්නෙත් වැඩිවශයෙන්ම. ඔය ඇනෝලා හැමෝම බ්ලොග් කියන අය.

    මගේ බ්ලොග් එක බලන සෑහෙන පිරිසකට අකුරු පේනවා මිස සිංහල ටයිප් කරන්න බෑ, උන් කමෙන්ට් කරන්නේ නෑ. උන් ගේ අදහස් දෙන්නේ මුණ ගැහුණාම විතරයි!

    ReplyDelete
    Replies
    1. කොහොම කිව්වත් බ්ලොග් ලොකේ ඔබ අති සාර්ථක කෙනෙක්..

      Delete
  7. මාර අයියේ මාත් මේ බ්ලොග් අවකශෙට අලුත් කෙනෙක්.මමත් ඔයගේ මතයට එකග වෙනවා.ඔයා ලියන විදිය ගොඩක් ආකර්ශනීයයි.දිගටම ලියන්න අයියා. ඔබට ජය.

    ReplyDelete
  8. මගේ බ්ලොග් එකටත් අවුරුදු එකහමාරක් විතර වෙනවා. ඒත් තාම පෝස්ට් 60ක් නෑ!

    ඉතිං උඔ කියන දේවල් වලට මම එකඟ වෙනවා. මටත් පුලුවන් වෙලාවට තමා ලිපියක් ලියලා සිත්තරයක් ඇඳලා දාන්නෙ.

    දාන ලිපි ගැන පාඨකයන්ට විශ්වාසයක් ආවොත් බලන්න එන අය ගැන ලොකු ප්‍රශ්ණයක් ඇති වෙන්නැ කියලයි මට හිතෙන්නෙ......

    ReplyDelete
  9. මම නම් හිතන්නේ උඹ අඩු තක්සේරුවකින් කතාකරන්නේ. අධි තක්සේරුව වගේම අව තක්සේරුවත් හොඳ නැති විත්තිය මට වඩා උඹ දන්නවනේ. එළ පෝස්ට් එක මචං. මමත් පටන් ගත්තේ උඹ වගේම තමයි. හැබැයි උඹ කිනවට වඩා කොමෙන්ට්ස් නම් උඹේ පෝස්ට් වලට එනවා. ඉස්සර මමත් ලිව්වේ හිතට් එන ඒවා තමයි. ඒත් රසික පිරිසක් ඉන්න කොට ඒ අයගේ ඉල්ලීම් ඉටු කරන්නත් වෙනව. ඒ ඇවිත් කල්‍යාන මිත්‍රයෙක්ගේ හොඳ ලක්ෂණයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම හරි කතාව මාතලං සහෝ... මේ වනවිට දිනකට කමෙන්ට් වැඩිම මාරයට තමා

      Delete
  10. ඔය ගනන් හිලවු වැරදියි මාරය හිට් කවුන්ටරේ දාගත්තෙ බ්ලොග් එක පටන් අරන් ගොඩක් කලකට පස්සෙ.

    අද හතු බිහි වෙනවා වගේ බ්ලොග් බිහිඋනත් ගොඩක් තැන් වලදි කියවන්න දෙයක් නෑ. ඒ වගේම හිතන්න යමක් කියවා රස විඳිය හැකි දෙයක් ලියපු බ්ලොග් ගොඩක් අද ලියවෙන්නෙත් නෑ ඒක හරි පාඩුවක්.

    හිට් කොම්මෙන්ට් බ්ලන්නෙ නැතුව ලියන එක නම් හොඳයි තමන් හොඳ දෙයක් ලියනව නම් බේම ජනප්‍රිය වෙයි. මිනිස්සු කියවයි.

    මොකො කියන්නෙ මාරයගෙ හෝරාවෙ හිට් වැඩි කරන්න ඛම්පේන් එකක් කොරමුද?:D

    ReplyDelete
  11. මමත් එකෙන්ම මාරයට ඡන්දෙ දෙනව.බ්ලොග් එකක් ලියනවනම් ඒක අනුන් මතම ලියන එක හොද දෙයක් නෙවෙයි.කමෙන්ට් එකක් දැක්කම ලියන කෙනාට සතු‍ටුයි තමයි.ඒත් ඒ මතම බ්ලොග් එක ලියන එක වැරදියි.

    ReplyDelete
  12. මාරයියා කියපු දේවල් ගැන හුගක් ඇත්ත. මම මේ බ්ලොග් ලියන්න පටන් ගත්තේ දිල් අක්කි නිසා. එයා එයාගේ ජීවිත කතාව ලියද්දි මටත් ඕන වුනා මගේ ජීවිතෙත් හැමදෙයක්ම ලියලා මේ පුංචි හිත සැහැල්ලු කර ගන්නා.
    පුළුවන් හැම වෙලාවෙම මම ලිව්වේ මගේ හිතට එන දේවල්.ගොඩක් දුක හිතුන වෙලාවට මම මගේ දුක තුනී කර ගත්තේ මේ බ්ලොග් එක නිසා.
    මම නම් ආසකලා කමෙන්ට්ස් ලැබෙනවට. මොකද හිත සැහැල්ලු කර ගන්න ඒක ලොකු උදව්වක් වුනා. හැබැයි කමෙන්ට්ස් නොලැබෙද්දි මම ලියන එක නතර කලේ නෑ. හැබැයි එකම එක පාරක් මම මාර අයියා මේ පැත්තට පය තිව්වේ නැහැ කිව්වා.ඒ වගේම දුකා අයියා. මම දන්නෙනෑ ඇයි මම එහෙම ලිව්වේ කියලා.සමහර විට මම ඔයාලා ලියන දේවල් වලට ගොඩක් ආසකල නිසා වෙන්න ඇති.
    මේ පුංචි කාලෙට මං රස්සාවත් එක්ක පුළුවන් හැම වෙලාවකම මගේ හිත මේ බ්ලොග් පිටුවෙ සටහන් කලා.මගේම කියලා ලැප් එකක් ඉක්මනින්ම ගනිපු ගමන් මම හැමදාම ලියනවා. බ්ලොග් ලෝකේ මගේ ජීවිතේ අලුතින් පාටකලා කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  13. අඩේ උඹට හිට්ස් ඕන්නං අර මැරවින්ටවත් කියල මොකක් හරි දෙයක් කරගන්න බලමු.
    අර උඩින් කියල තියෙන මොන දේ නැතිඋනත් උඹ මේකෙන් බ්ලොග් අවකාසෙ රසවත් කරලනං තියෙනව 'මාර සරණිය' තුළින්.

    මේක නවත්තහංකො එතකොට ඉතුරු ටික බලාගම්මු.ΩΩΩΩΩΩΩΩΩΩΩΩΩ

    ReplyDelete
  14. මාරයාගේ ඇඟිලි වලට යෝධ බල යෝධ වීර්ය ලැබේවා !

    ReplyDelete
  15. මේ ලිපිය කියෙව්වාම අයියාගේ බ්ලොග් එක අහලකින් තියන්න බැරි උනත්, මගේ බ්ලොග් එක මම හිතං හිටියට වඩා තැනක තියනවයි කියලා හිතුනා....
    හිට්ස් ගැන මගේ අදහසනම් මේකයි,
    කුණුහරුප ලියලා කට්ටියව බ්ලොග් එකට අද්ද ගන්න එක, පාඨකයව හිනස්සන එක ලේසියි. හැබැයි කුණුහරුප නොලියා කට්ටියව බ්ලොග් එකට ගෙන්නගන්න එක, පාඨකයව හිනස්සන එක පට්ටම අමාරුයි....
    ඔය මම කිව්ව කාරණා එක්ක සලකා බලනකොට දැනට බ්ලොග් අවකාශේ තියන හොඳම බ්ලොග් එක විදිහට මම සලකන්නේ සඳරුගේ බ්ලොග් එක!

    ReplyDelete
  16. හිට්ස්-කමෙන්ට්ස්,ෆලෝවර්ස්ලා ඕනවෙන කාලයක් තියනවා.බ්ලොග් එකක් පටන්ගත්තට පස්සෙ ඒව තියනකොට හිතට ශක්තියක් එනවා. ඊටපස්සෙ දිගටම ලියාගෙන යනකොට ඒවා ක්‍රමයෙන් වැඩිවෙලා එක්තරා මට්ටමකට එනවා.ඒ කියන්නෙ අලුතෙන් එන එවුන් ඇරුණම බ්ලොග් ලියනඑවුන්ම තමයි කොමෙන්ටු දාන්නෙත්.කෝටි දෙකක් ජනගහනය ඉන්න රටේ බ්ලොග් බලන-ලියන අය උපරිම 1000ක් ඇති.මාරය මගේ බ්ලොග් එකට ඉස්සෙල්ලම දාපු කොමෙන්ටුව මෙන්න
    //කමෙන්ට් වැදගත් තමයි..හිට්ස් අපිව ධෛර්යමත් කරනවා තමයි..ඒත් ඒ දේවල් ගැනම නොහිතා තමන් දන්න දේ..වින්ද දේ ගැන වචනයක් හරි ලියන එක වැදගත්..මොකද ලොකේ කොහේ හරි අපි ලියන දේ හොයන කෙනෙක් ඉන්න පුළුවන් වීම..ආන්න එදාට එයා ඒක බලලා කමෙන්ට් කරයි.එ හින්දා කමෙන්ට් නැහැයි කියලා බලං ඉන්නේ නැතිව හොඳම දේ තමන් ලියන එක..අනිත් දේවල් ටිකෙන් ටික අපිව හොයාගෙන ඒවී.. //
    ඊට එහා දෙයක් කියන්න නෑ.

    ReplyDelete
  17. බ්ලොග් අඩවි දිනපතා කෙතරම් බිහිවුනත් සිංහල බ්ලොග් අවකාශය තුල මාරයා කියන්නේ නමක් ඇති බ්ලොග් රචකයන් අතර කෙනෙක් කියලයි මට නම් අවංකව කියන්න තියෙන්නේ. ඔබ ලබා ඇති ත්‍යාගයන් පවා එයට හොද උදාහරණයක්. විවිදාකාරයේ බ්ලොග් අඩවි දිනපතා බිහිවේවි. එයිනුත් සමහරක් තව කාලාන්තරයක් දැක ගැනීමට හැකි වන අතරේ තවත් සමහරක් ලිපියකට දෙකකට සීමා වේවි. කො‍හොමවුනත් ඔබලියා ඇති ආතාරයේ ලිපි කන්දරාවක් ලියන එක හිතන තරම් සුළුපටු කාරණයක් නෙමෙයි. ලිපි ලියන්න හැකියාව ඇතත් එය හිත්ඇද ගන්නා ලෙස ලියනවා කියන්නේ වෙනමම ඇගයිය යුතු දක්‍ෂතාවයක්. ඉදිරියටත් ඔබ වෙතින් තව හොද හොද ලිපි ලියවේවායි මගෙන් සුභ පැතුම්...

    ReplyDelete
  18. හ්ම්....වෙලාව ඇති විට ..ලියන්න හිතක් ආ විට ..සහ නොලිය බැරි යයි සිතෙන විට ලියන මන් වගේ උන්ට වඩා බ්ලොග් එකක් යම්මට්ටමකට පවත්වා ගෙන යන හැමදෙනාටම මගේ සුබ පැතුම්.

    ReplyDelete
  19. ඉතාමත් හදිසි වැඩ ගොඩක ඉන්නේ, ඒත් ලියන්නම වෙනවා.
    මාරය කියන්නේ මගේ ගුරා. මම බ්ලොග් අවකාශයට ආවේ ඔබ ලියන දේ කියවලා ඇති වූ පැහැදීම නිසා. මම කවදාවත් ඒක අමතක කරන්නැහැ. මගේ මානයට අනුව දැනට බ්ලොග් අවකාශයේ සිටින අංක 1 ඔබයි. ඒ ගැන මට සහතිකයි. මලේ විකාර නම් කරන්න එපා. මටත් කියන්න තියන්නේ නවත්තහන්කො බලන්න.....

    ReplyDelete
  20. අහ් තව දෙයක් කියන්න අමතක වුනා. මටත් දවසක් මූණු පොතෙන් කවුදෝ ඇවිත් කිව්වා එයාව ෆලෝ කරන්න කියලා. බොරු කියන්නේ මොකටද මම එයාට කෙලින්ම කිව්වා ඔයා හොඳ ලිපි ලියන්න එතකොට ෆලෝවර්ස්ලා ඉබේටම එයි. ඔහොම එක එක්කෙනාට ගිහින් කියලා තමගේ බ්ලොග් එකේ ෆලෝවර්ස්ලා වැඩි කරගෙන වැඩක් නෑ කියලා......

    ReplyDelete
  21. ලියන එක ඔබ සතුයි. කියවීම කමෙන්ට් දැමීම එන අය සතුයි.
    කමෙන්ට් 10ක් වැටෙන්නේ නැති. වසර ගණනකට හිට්ස් 10000ක් නැති. පෝස්ට් 50ක් නැති තවම ලියන් බ්ලොග් ඕන තරම්. තමන්ට පුළුවන් ප්‍රමාණය උපරිමයෙන් ලියන්න. උඹට අපි කියල දෙන්න ඕනි නෑනේ. හොඳම බ්ලොග් එක කුමක්ද කියන එකත් කියවන අයට සාපේක්‍ෂ දෙයක්. මට හොඳයි කියා හිතෙන දෙයක් තව කෙනෙක්ට නරක වෙන්න පුළුවන්. ගෙඩි පිටින් කරන පරිවරතන වලට පට්ට කියල අය ස්ව නිර්මානයක් කියවලා සද්ද නැතිව ඉන්නේ. හැම දේම සාපේක‍්ෂයි.

    ReplyDelete
  22. ප.ලි.
    බ්ලොග් අවකාශයේ "අනිත් අය කියන විදියට" උඹ ප්‍රධාන බ්ලොග් ලියන්නෙක්නේ. හරි මාරයියේ..මේවට උත්තරයක් දීපන්.
    කවුරුහරි එක තැනක කියල තිබුනා "මං බ්ලොග් ලියන්නෙ මට ඕන නිසා මට ඕන දේවල් ලියන්නෙ ඒගැන කාටවත් ප්‍රශ්න කරන්න බෑ" වගේ අදහසක්(මාරයමද කියලත් මතක නෑ).
    01.ඇත්තටම තමන් ෆලෝ කරන පිරිසක් ඉන්න කෙනෙකුට එහෙම කියන්න පුළුවන්ද?
    02.තමන් ලියන්නෙ තමන්ගෙ හිතේ තියන දේ පිටකරගන්න විතරමද?ඒවා කාටවත් බලන්න නෙවේද?මොකද එහෙම නෙවේ නං ඔය දේවල් වර්ඩ් ඩොකියුමන්ට් එකක ලියල සේව් කරගත්තම හරිනෙ.
    Warning:ලිවිල්ල නවත්තනව එහෙම නෙවේ!

    ReplyDelete
  23. මම නං ලියන්නෙ විවේක තිබෙන හැටියට තමා. මාස දෙකක් ගෙදරිං පිට ඉඳල ආවම ගේක තියන රාජකාරි ගැන කියල වැඩක් තියනවයැ?

    මගෙ අප්ලෝඩ් කරන්ට හදපු හැම වීඩියෝවක්ම අප්ලෝඩ් උනේ නැහැ. ඉතිං තවමත් චීන සවාරිය ගැන ලියන්ට බැරි උනා.

    හැබැයි මම නං දිගටම ලියන්ට තමා හිතං ඉන්නෙ.

    මහ වෙදනා සමඟ එකඟයි.......අංක 1 ඔබයි

    ReplyDelete
  24. සහතික ඇත්ත ! කතාවට දෙන්න හිතෙන්නේ වොන්ඩබාර් එකක් !
    ------------------------------------------------
    මටත් මේ දේ කීප වතාවක් හිතිලා තියෙනවා සින්ඩියක් බැලුවම මුල් පිටුවේ තියෙන ලිපි වලින් 50% ක්ම තියෙන්නේ හරසුන් ලිපි එක්කෝ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි ගන්න හැටි නැත්තන් අරයා මෙහෙම කිව්වා එහෙම නැත්තන් එක එක ය ගැන ගොසිප් !

    වැදගත් දෙයක් තියෙන බ්ලොග් එකකට කවදාවත් හිට්ස් නැති වෙන්නේ නෑ
    ජය

    ReplyDelete
  25. කතාව හරි මාරේ අයියා හිට් බලාන බ්ලොග් ලියන්න ගියොත් ලියන්න වෙන් නෑ,අනික බ්ලොග් එක ප්‍රසිද්ද කරගන්න කියලා cඔමෙන්ට් දාන තෑන් වල තමගේ බ්ලොග් එකේ ලින්ක් එක දාන එකත් මහ පජාත වෑඩක්.ඒකෙන් මෙකින් කමක් නෑ මාරය අයියට සුබපතන ගමන් තව චිරාත් කාලයක් ලියන්න හෑකියාව ශක්තිය ලෑබේවායි කියලා ප්‍රාර්තනා කරන්වා..

    ReplyDelete
  26. පොච්චියේ මං බය වෙච්ච තරම් අයියා ලියන එක නවත්තන්න යනවා කියලා. නවත්තන්න එපා අයියේ.කාලයක් තිස්සෙ ලියපු ගොඩක් අය දැන් නතර වෙලා.බ්ලොග් අවකාශයේ වැඩිමලෙක් හැටියට ඔයාව අපිට ගොඩක් වටිනවා.

    ReplyDelete
  27. පූසා අයියට කියන්න..මටත් චැට් එකෙන් ඇවිල්ල කීප දෙනෙක් කියනව බ්ලොග් එක ෆලෝ කරන්න කියල.මන් ඉතින් හා කියනව.ඒත් එහෙම කියන කොට යන්න හිතෙන්නෙ නෑ.

    මාරය අයියට කියන්න තියෙන්නෙ....1 වසරෙ පොඩි එකෙක් ප්‍රින්සිපල්ට කියනව වගේ....ඉස්කෝලෙ නම් දාල යන්න එපා.ලමයි පව්නෙ.

    ReplyDelete
  28. මම මේ බ්ලොග් අවකාශයට ඇවිත් මුලින්ම බැලුවේ මාරය්යගේ පෝස්ට් එකක්.. ඊට පසුව මම නිතර නිතර ඔබගේ බ්ලොග් අඩවියට ආවා. ඔබ හරහා අනිත් අයගේ බ්ලොග්ස් වලට ගියා.. නමුත් කිසිම කෙනෙක්ට කොමෙන්ට් කලේ නෑ.. මම මුලින්ම කොමෙන්ට් කලේ වෙදගෙදරට..

    කොහොම උනත් අපි ඔබගෙන් බොහෝ දේ දැනගත්තා.ඇත්තටම අපි සැමට ගුරුවරයෙක් ඔබ...ඒ වගෙම ඔබගෙ බ්ලොග් එක අපිට ගෙදර වගේ හරි නිදහස් තැනක්. අපි ඔබ නැති වෙලාවටත් එහි ගොස් විහිළු තහලු කරල එනවා..

    අපිත් සමඟ දිගටම ඉන්න ඕන. ජය පතනවා!!

    ReplyDelete
  29. මම දැන් අවුරුදු 5ක් තිස්සේ සිංහලෙන් බ්ලොග් ලියනවා... ලියන්නේ තනිකරම මට ලියන්න හිතෙන නිසා මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි... කවුරුත් බලනව ද නැද්ද, ලියන ඒවා හොඳද නැද්ද... මම ඕවා හිතන්නෙ නෑ...එදත් එහෙමයි,අදත් එහෙමයි,හෙටත් එහෙම වෙයි ....ඒ නිසා ඉලක්කං පැත්තකට දාල හිතේ තියෙන දේ ලියල දාන්න මචං... ඒ ඇති... ඕකේ ආයේ හිතන්න දෙයක් නෑ...

    ReplyDelete
  30. maraya adanawane e para api demu hoda marketing parak ...raalayawa allagamu wade satiyakin goda

    ReplyDelete
  31. කමෙන්ට් එකක් හිතන්න වෙලා ගියා ඇයි ලියන්නෙ කියනවට වඩා වැදගත් සමහර දේවල් තියෙනව..
    උදාහරණ සමහර දේවල් ගැන කමෙන්ට් සමහරු ක්‍රියාවිරහිත කරනව..එතකොට ඒ දේවල තියෙන වැරදි අපි කෝමද පෙන්නල දෙන්නෙ..මොන බොරුව උනත් සැටස් ගාල යන මොඩ්ල් එකක් විදියට බ්ලොග් පත්වෙයි කාලයක් ගියොත් කමෙන්ට් ඕෆ් කරල..

    ReplyDelete
  32. ලොකු අය්යේ බ්ලොග් නං පැලෙන්න තියනවා තම්යි ඒත් වැඩිපුර තියෙන්නෙ වැඩකට නැති ලිපි .... බ්ලොග් ලෝකෙ කීප දෙනයි යම්කිසි දෙයක් කරන්නෙ ඒ අතරින් යම් අනන්‍යතාවයක් ගොඩ නගා ගත් පිරිස අතර ඔබ ඉදිරියෙන් ම සිටින කෙනෙක්........ මාරයාගේ මුල්ම ලිපි කමෙන්ට් එක්කම කියවලා බලනකොට හිතාගන්න පුලුවන් කොහොමද කස්ටිය එකතු උනේ කියලා.. බොහොම හිමින් නමුත් ස්තාවර ගමනක් .

    ReplyDelete
  33. මම මාරයාගේ ලිපි කියවන්නේ එහි ඇති රසවත් බව නිසාමයි.මගේ හිට්ස් ගැන නම් සලකල බැලුවත් මාරයාගේ බ්ලොග් එකේ හිට්ස් ගැන බලල තියෙන්නේ එකම එක පාරයි.මාරයාට බ්ලොග් අවකාශයේ ඇති ජනප්‍රියතාව ඔහුට සිටිනා මිතුරන් ආදිය සොයා බැලීමට උත්සාහ කොට නැත.ලිවීමේ අන්තර්ගතය මිස ලේඛනයේ හෝ ලේඛකයාගේ උස මහත දිග පලල හැඩ වැඩ අපි නොසලකමු.

    ReplyDelete
  34. මාරයාගේ හිට්ස් ප්‍රස්ථාරය බලල සංඛ්‍යානමය , ජ්‍යොතිෂමය විග්‍රහයකින ඉදිරි හිට්ස් ලැබීම ගැන අනාවැකියක් කියන්න පුළුවන්ද බලමු.(මෙය විහිළුවකි)

    ReplyDelete
  35. ''මට තිබුනේ එකම අරමුණයි.. ඒ තමා හිත ඇතුලේ පුපුරු ගහන දේවල් එළියට ඇඳලා දාන්න තැනක් විතරයි.''

    ඉස්සර මටත් තිබුනේ ඔය අරමුණම තමයි අයියේ.කොල කෑලිවල ලියල මගේ අතින්ම අතුරුදහන් වෙන කවි කොහෙ හරි එකතුකරගන්න ඕන කියන අදහස විතරයි.

    හුගාක් වටින පෝස්ට් එකක් අයියේ..
    දැන් තියන ටෙම්ප්ලේට් එකත් නියමයි.

    ReplyDelete
  36. ඊයේ පෙරේද ලියන්න පටන් ගත්තු එවුන් මොනව කියන්නද, මොකද වෙන්නේ කියල ඔහෙ නිරීක්ෂණ පාරක් දාගෙන ඉන්නව මිසක

    ReplyDelete
  37. කියවන්න පුලුවන් වෙලාවක නෙමේ මේ පෝස්ට් එක දැක්කෙ ඒත් දැක්කාම නොකියවා ඉන්න බැරි උනා, මම නම් හිතන්නෙ කමෙන්ට්ස් හිට්ස් කියන දේවල් ලැබෙන තරමට අපිට හිතට ධෛර්යය ලැබෙනවා, අපි කියවන අයට හිතට දැනෙන දෙයක් ලියනවා නම් කමෙන්ට්ස් හිට්ස් කියන දේවල් ඉබේම එනවා ......

    ඒ වගේම කවුද එකට ඉන්නෙ කියන එක නම් සාපේක්ෂයි ‍‍‍‍‍‍‍.....

    කොහොම උනත් මාරයියෙ උඩ මාතලන් කියලා තියන විදියට තමන් ගැන අධි තක්සේරුව ව‍ගේම අඩු තක්සේරුවත් හොඳ නැහැ. අනිත් එක මම දකින තව දෙයක් තමා අපි අපේම නමින් ලියන කොට හිතට එන හැම දේම ඒ විදියටම ලියන්න අමාරුයි ......

    මේ ලියලා තියන ලිපිය ආදර්ශයට ගන්නවනං කිසිම කෙනෙක් බ්ලොග් ලියන එක නවත්තන්න හිතන එකක් නැහැ .....

    ReplyDelete
  38. මගේ කමෙන්ට් එක මේක තමයි..
    http://liyanna-liyanna.blogspot.com/2011_08_28_archive.html

    ReplyDelete
  39. මාතෘකාව දැක්කම මම හිතුවෙ වෙන එකක්...

    උඹ ඉතින් අමතලා තියෙන්නෙ බ්ලොග් ලියන උන්දලාටනෙ,,කොහොම වුනත් බ්ලොග් කියවන්නෙක් හැටියට මමත් යමක් කියන්නම්.
    උදේට නිල ඇඳුමක් ඇඳගෙන වගකිව යුතු රැකියාවක් කරලා, හවසට ඉබාගාතෙ ඇවිදලා අතට අහුවුන රස්සාවක් කරලා , රෑට ලෝකෙ පුරා විසිරුන මිතුරු පිරිසකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් එකෙක් බ්ලොග් ලියන එකෙක් ඉන්නවනම් ඒ උඹ විතරයි. ඒනිසා දැන් උඹ මොනව ලිව්වත් අපිට ඒක ඇතුලෙ තියන සුන්දරත්වය පෙනෙනවා. ඒ නිසා උඹ හිතට එන හැම එකම ලියනවා..ඒක කියවන්න විශාල මිතුරු පිරිසක් උඹ වටේට ඉන්නවා.හැබැයි ඉතින් ඕක හැම දෙනාටම හරියන්නෙ නැහැ. මුලින් තමන් වටේ ඉන්න අය අතරෙ ගොඩනගා ගන්න විශ්වාසය ගොඩක් වැදගත්.
    අලුතෙන් බ්ලොග් ලියන අයට නම් ඉතින් අපි අවවාද දෙන්න යන්නෙ නැහැ. හැබැයි ඉතින් හොඳ දෙයක් ලිවොත් කියවලා කොමෙන්ට් එකකුත් දානවා. හොඳකුත් නැත්නම් නරකකුත් නැත්නම් කියවලා විතරක් යනවා. එච්චරයි,හැබැයි කියවන අයත් එක්ක සුහඳශීලි සංවාදයක් ගොඩනගන බ්ලොග් වලට නම් මම කැමතියි. දන්න සිංහලෙන් කිව්වොත් කොමෙන්ට් වලට රිප්ලයි කරන්න..එහෙම බැරිනම් අඩු ගනනෙ ඒවා කියවන බව වත් පෙන්නන්න.( කොමෙන්ට් බලාගන ලියනවනම් )

    හැබෑට කෝ මාරයො උඹගෙ මාර සමාගම..ඒක මට පේන්නෙ නැහැනෙ..... ෆොලෝවර්ස්ලට බඩුද ?

    ReplyDelete
  40. හිට්ස් වලින් වත් ඔය ෆලෝ කරන ඈයොන්ගෙන් වත් කමෙන්ට් වලින්වත් නෙවෙයි මම නම් බ්ලොග් එකක ගුනාත්මක භාවය මනින්නේ . මාසෙකට එක පෝස්ට් එකක් දෙකක් වැටෙන සමහර බ්ලොග් තියනවා මම එවුවට මාරම ආසයි . ‍‍

    අලුත් එන බ්ලොග් කරුවන්ට නම් මේ උපදේසේ ගොඩාක් වටීවී මාරේ අයියා . මමත් ලියන්න ආපු මුල් දවස් වල මගේ බ්ලොගේට දෙවනි කමෙන්ට් එක දැම්මේ උඹ

    උඹ දීපු ඒ හයිය නොවෙන්න මමත් කමෙන්ට් නෑ කියලා අත හැරලා දානවා . ඒත් දැන් මම දන්නවා කමෙන්ට් වලට වඩා ලිපියේ අන්තර්ගතය ඒකේ රසය වැඩි කරන්න හිතන එක හොඳයි කියලා

    කමෙන්ට් නැතත් හිට්ස් නැතත් මේක ලීවේ මමයි කියලා මට සන්තෝස වෙන්න හැකිනම් ආයේ මොනාද

    ReplyDelete
  41. ලියන එක තමයි වැදගත්. කැමති කෙනෙක් කියවයි; අකමැති කෙනෙක් නොකියවයි. අපි කැමති දේට කැමති තව අය හමු වෙනවනම් ඒකත් හොඳයි. නැතත් ඉතින් මක් කරන්ඩද?

    ReplyDelete
  42. අලුතෙන් බ්ලොග් ලියන අය දැනගත යුතුම දේ හරියටම කියලා තියනවා.

    ReplyDelete
  43. අයියගේ කතාවත් එක්ක මාත් එකගයි.. මමත් දැන් බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දකට වැඩියි.. මගේ පෝස්ට් එකකටත් කමෙන්ට් 15 විතර වැටෙනවා.. මුල් මාස දෙක තුනේ එකක්වත් නැති පොස්ට් තිබුනා.. අවුරුද්දක් උනත් මමත් තාම අළුත් නිසා අයියා කියල තියෙන දේවල් ගොඩක් මටත් වටිනවා..

    ReplyDelete
  44. තව කාලයක් ගිහින් මන් මොනවා හරි ලියන්න ඔනි කියල හිතන් හිටියේ.ඒතකොට තම්යි මන් දිල්ගේ පොස්ට් එකකට කමෙන්ට් කලේ,එ මගේ පලමු අකුරු කිරිම එක දැකල මාරය අයියා දිල් හා මැනික් කමෙන්ට් වගයක් දාල තිබුනා,එක නිකන් තහනම් නොවෙන උත්තෙජනයක් වගේ උනා,එනිසා මාත් පොඩියට යමක් ලියන්න උත්සහ කලා, මාරය අයියට සුබ පතනව චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා,

    ReplyDelete
  45. මාරෙ,

    උඹේ පන්සල් සහ ජුං අලයගෙ කතා තරං දැන් ලියන එව්ව රසවත් නැතත් අපි බලන්නෙ මොනාහරි යමක් තීන නිසා. මමත් අවුරුද්දක් තිස්සෙ ලියනව මගේ වර්ක් ප්‍රෙෂර් එක වැඩි වෙලාවට හිත් සන්තෝස කරගන්න. කමෙන්ට් කරනව හරවත් සංවාදයක් තුලින් දැනුම දියුනු කරගන්න. හිට්ස් වලට ලිවිල්ල හරියටත් විමල් ගැලරියට දෙන ටෝක් වගේ.

    ReplyDelete
  46. බ්ලොග් එකේ ඇවිත් නොකිවාට මාරයා අය්යා මගේ ජිවිතේ ගොඩාක් දේවල් වලට ඔයාගෙන් ගොඩාක් ලොකු ශක්තියක් ලැබුනා... සමහර දෙවල් මම තේරුම් අරගෙන තියනවා වැරදියි.. ඕක ඔහොම නෙමේ වෙන්න ඕනේ කියලා මට ඔයා කියලා දුන්නා.. ඒක ගැන අදටත් මම සතු‍ටු වෙනවා.. බොරු මොකටද බ්ලොග් ලියන්න ආපු මුල්ම දවස් වල මට ඔය ලෙඩේ තිබුනා..
    දැන් ලියන ලිපි වලට මාත් එක්ක ඉන්න පොඩි පිරිසක් ඉන්නවා...
    ඒකෙන් සැහිමකට පත් වෙනවා මිසක් වෙන දේවල් ගැන වැඩිය හිතන්නේ නම් නැ

    ප.ලි : එක්සැම් නිසා ඔයා මට ඉස්සර උනත් ඔය වගේම ලිපියක් මගේ බ්ලොග් එකේ ජිවිතේ පාඩම් 3 යටතේ ඔයා මට කියලා දුන්නු පාඩමක් ලියන්න උන්නේ.. දැන් ඒක වැඩක් වෙයිද මන්දා

    කවදාවත් ලියන එක නවත්වන්න හිතන්නවත් එපා

    ReplyDelete
  47. @අලුත් කොල්ලා...

    වියට්නාමෙට හෙට අනිද්දට කෙල වේ... එහෙ වැඩ කරන්න ඕන උන් බ්ලොග් බලනවයි බස් බපදිනවයි ඇර වෙන වැඩ කරන්නේ නැත..:D

    ReplyDelete
  48. @පිස්සා පලාමල්ල...

    පොඩි වෙනසක් කලා බං...
    "මොකද හුඟ දෙනෙක් සිංහල බ්ලොග් අවකාශෙ ගැන දැනගෙන ඒක ප්‍රචලිත වෙලා නේද කියල හිතෙන නිසා..."

    ඒ ප්‍රචලිත වීමට උඹයි උඹේ දිනිතිගේ කතාවයිත් බොහෝම උදව් උනා මචෝ...

    ReplyDelete
  49. ආ, එතකොට මේකයි තෝ නටන නාඩගම. අදින් ඉවරයි තොගෙ බ්ලොග් කෙරුවාව. බ්ලොග් නෙවෙයි, පල කුස්සියට, ගිහින් ලියපන් පලා.

    ReplyDelete
  50. @කතන්දර...

    එකඟයි කියලා තියෙන හැම දේටම...

    අවසානේ කිව්වා වගේ ඔය විදියට වෙනම කමෙන්ට් කරන ගාන මෙතන කමෙන්ට් කරන ගානටත් වඩා වැඩියි...

    ReplyDelete
  51. ආනේ ලතා අවිල්ලා නේද..? අනේ අද පලා නෙවෙයි රෑට රෝස් පාන්..:D

    ReplyDelete
  52. @චතූ...

    ස්තූතියි මල්ලි...

    ReplyDelete
  53. @පිස්සු පුසා...

    පූස් මල්ලිටත් බොහෝම ස්තූතියි..මගෙ අම්මේ දැන් මට පූසෝ ටැපලෙනවා හෙට අනිද්දට..:D

    ReplyDelete
  54. සහතික ඇත්ත මාරයියේ, ඔය කමෙන්ට් හිට්ස් පස්සේම බල බල හිටියා නම් මේ දැන් ලියාගෙන යන එකත් මෙලහට නවත්තලා කලින් එක වගේ :P

    ඒ මොනවා උනත් ලියපු දේකට පොඩි හරි කාගෙන්ම හරි ප්‍රතිචාරයක් නැත්නම් ඉතින් පොඩි දුකක් හිතට එන්නේ නැත්තෙමත් නෑ :D

    මොනවා උනත් අලුතෙන් එන අයට වගේම ඉන්න අයටත් ගොඩක් වැදගත් වෙයි

    ReplyDelete
  55. @බුද්ධි...

    කො මං ඒත් බැළුවා කවුද මේ චූටි මහත්තයා කියලා.. මේ මේකනේ..

    ReplyDelete
  56. @මාතලන්...

    ඔව් ඉල්ලීම් ඉටු කරන්නත් වෙනවා..ඒත් ඉල්ලීම් හැම ඉල්ලීමම ඉෂ්ට කරන්න ගියාමත් ලෝක ලෙඩ වැටෙනවා...:D
    ස්තූතියි..අර කිව්ව අවතක්සේරුවත් හොඳ නැති කතාව ඇත්ත..ඕකේ තව කියන්න ලොකු කතාවක් ඇත..ඒත් දැන් ඒකට සුදුසු වෙලාව නෙවෙයි... මත්තට බලාපොරොත්තු වෙන්න

    ReplyDelete
  57. ලතාගෙ බාප්පාSeptember 14, 2011 at 8:42 PM

    ඈ බොල උරුලෑවෝ තෝ අපේ කෙල්ලට බහ දීලා මෙතන මගුල් නටනවා නේද . ගහප් පයිං දැනගන් පල කුස්සියට

    ReplyDelete
  58. @නිශ්...

    ඇත්ත හිට් කවුන්ටරේනං දැම්මේ හුගාක් කල් ගිහින් තමයි..ඒත් මං හිතන්නේ මුල් කාලේ එවත් මෙකේ එකතු වෙලා ඇතියි කියලයි.. මම මේක දාන්ට කලින් දාලා තිබුනේ වෙන එකක්..ඒකේ මං යන එන ඒවත් කවුන්ට් වෙනවා...

    එක පාරක් මොකක්ද වෙලා ඒකට කෙලවෙනකොට ඒකෙනං ලක්ෂ දෙක පැනලා තිබ්බද කොහේද..එතකොටත් මේකේ තිබුනේ බොහොම සුළු ගානක්...

    උඹ තාමත් මේකේ ට්‍රැෆික් පොලිස් කාරයා වගේ නේද බං.. බොහෝම ස්තූතියි..

    ReplyDelete
  59. තමන් ලියන දේ ගුණාත්මක බව වැඩිවෙන විදිහට හිතලා ලියනවා නම් නිකන්ම පාඨකයෝ ටිකක් හැදෙනවා. හොඳ දෙයක් ලියනවනම් කියවන අය කමෙන්ට් කරනවා විතරක් නෙමෙයි ඒ ගොල්ලෝ ඒ ලිපිය තව අයත් එක්ක ශෙයාර් කරනවා.

    මොනව උනත් බ්ලොග් කරුවෙක් විදිහට තමන් ලියන දෙය වැඩි දෙනෙක් කියවනවා දකින්න තමයි හැමෝම කැමති. ඒ වගේම මාළුවට වතුර නැතිව බෑ වගේ, බ්ලොග් කාරයටත් කමෙන්ට් නැතිව බෑ.....!

    ReplyDelete
  60. මාරයෝ, අළුත් කලිසම නම් පට්ටයි....!

    ReplyDelete
  61. @කල්...

    ස්තූතියි කිව්වා මලේ..

    ReplyDelete
  62. ආ ලතාගේ බාප්පත් කඩේ යන ගමන් ඇවිත්... අනේ හොඳයි..ඒත් මොකද මේ බාප්පා ගාවින් පූස් ගඳක් එන්නේ...

    ReplyDelete
  63. හිට්ස් බලාගෙන / ෆලෝවර්ස්ලා බලාගෙන ලියන අයට මම හිතන්නේ මේක හොද පොස්ට් එකක් වෙයි අය්යේ..දන්න කාලෙක ඉදන් කියවපු ඉස්සරහටත් කියවන අයියගේ බ්ලොග් එක නවත්වන්න එහෙම එපා..
    කලින් කමෙන්ට්වල කියවුනා වගේ අපි හැමෝගෙම ගුරුවරයා ඔයා නේ... :)

    ප.ලි - ගෙදරට ෆ්‍රිජ් එකකුත් ගත්තා...දැන් බ්ලොග් එකෙත් පාට මාරු කරලා..සැබෑ වෙනසක්..අලුත් ආරංචියක් එහෙම එන්න තියෙනවද දන්නේ නැහැ ඉස්සරහට ;) ;)

    ReplyDelete
  64. මාරයියේ හිතේ තියෙන දේවල් එලියට දාන්න මේක හොඳම ක්‍රමයක්.ලකී කියනවා වගේ මාර ශෛලිය ඔබටම ආවේනික දෙයක්.මම බ්ලොග් කියවන්න පටන් අරන් එහෙමට කාලයක් නැහැ, බ්ලොග් ලියන්න පටන් අරන් ගත වුනු කාලය ඉතාමත් අඩුයි. කරුමෙට නිදහස් වෙලාවේ මදි පාඩුව නිසා නිතරම ලියන්න වෙන්නේ නැහැ. මාරයියගේ ලිපි වල අන්තර්ගතය වගේම නොකඩවා පවත්වාගෙන යාමත් අති විශිෂ්ටයි. පොරක් වීමට උත්සාහ කලේ නැතත්, ඉබේම ඔබ බොහෝ දෙනෙක්ගේ සහෘදයෙක් වෙලා... හිතන්න අයියට තියෙන අත් දැකීම් ටික,හිතේ තියෙන, ඇතිවෙන අදහස්, මාරයියගේ මුණුබුරෝ බ්ලොග් ලියන්න පටන්ගන්නකන්වත් ලියාගෙන ලියාගෙන ලියාගෙන යමු. කොටින්ම කියනවානම් ලිවිල්ල නවත්වන්නනම් එපා, එහෙම කලොත් එදාට ඉන්නේ මාරයෙක් නෙවෙයි.

    ReplyDelete
  65. @batti...

    ඉක්මනටම ලැප් එකක් ගන්ට ලැබේවා..!

    ReplyDelete
  66. @Praසන්ன...

    අඩේ කවුද බං මේක නවත්තනවා කිව්වේ..කෝ මොකාද..?

    ReplyDelete
  67. මාරයියේ, අදහස් වලට එකඟයි... ඉතාම හොඳ සටහනක්! අපි වගේ ඊයෙ පෙරේදා ලියන්න පටන් ගත්තු උන්ට හිතන්න ගොඩක් දේවල් මේ සටහන ඇතුලේ තියෙනවා... මම ලියන්නේ ලියන්න ආස නිසා. ලිවිල්ල කියන්නේ කාලෙකට කලින් මට අතහැරිච්ච දෙයක්... ඒත් ඉතිං කවුරුහරි කියවලා අදහසක් දානවනම් ඒ ගැන සතුටක් ඇතිවෙන්නෙ නෑ කිව්වොත් බොරුවක්!

    අපේ බ්ලොග් වලටත් පුලුවන් වෙලාවට බෙල්ල දාලා, වචනයක් දාලා මාරයියා අපිට දෙන ධෛර්යයටත් ගොඩක් ස්තුතියි නොකිව්වොත් අඩුවක්!

    ඔය මොනවා කිව්වත් මාරයා ලියන එක නවත්තන්නේ නැති බව නම් මට පට්ට විශ්වාසයි!

    ReplyDelete
  68. @මකරා...

    මකර‍ටත් එසේම වේවා... වැඩි වැඩියෙන් ගිණි පිඹින්නට හැකි වේවා..!

    ReplyDelete
  69. @පූසා...

    අර කතන්දර කියන්නා වගේ කෝකත් සාපේක්ෂයි නෙව...
    හැබැයි උඹේ කැමැත්ත මගේ කැමැත්ත වෙලා හුඟාක් කල්...

    ReplyDelete
  70. @රාජ්...

    ඇත්තටම මගේ එහෙම ලියපු හුගාක් දේවල් තිබ්බා..මුලින් පොත් වල..පස්සේ කොම්පීටරයක් ගත්තට පස්සේ ඔය කිව්ව විදියට..ඒත් ඒ එකක්වත් අද මට නැහැ.. පොත් තැන් තැන්වල දාලා ආවා.. වර්ඩ් ෆයිල් වලට කෙල උනේ ෆෝමැට් කිරිල්ලට ගිහිල්ලා...මේ ටික විතරයි යන්තං ඉතිරි උනේ... මං කොහේ ගියත් නැති වෙන්නේ නැති... ෆෝමැට් කලාට කෙලවෙන්නේ නැති..

    ඇත්තටම මගේ අතින් ලිය උන හොඳම දේවල් තිබුනේ ඒ පොත් වල කියලයි අදටත් මට හිතෙන්නේ... මේ බ්ලොග් එකේ ලිව්වේ එක ආදරයකට කෙල උන ගැම්මෙන්.. ඒත් හිතලා බලහං සම්බන්ධකං විස්සකට විතර කෙල උනහම කොච්චර ලියවෙන්න ඕනද කියලා...

    අර ප්‍රකාශය මං කරපු එකක්ද කියලනං මට හරියටම මතක නැහැ..හැබැයි ෆලෝ කරන අය හින්දා තමන් ලියන දේ වෙනස් කරන්න ගියොත් ඒ බ්ලොග් එක වැඩි දවසක් කරන්න වෙන්නේ නැහැ... දවසක් ටැබූ මට කිව්ව දෙයක් තමයි මං කරන්න ඕන පන්සල් කතාව ලියන එකයි කියලා..අනිත් දේවල් ලියන්න නෙවෙයි මගේ බ්ලොග් ආගමනයෙන් වෙන්න ඕන කියලා... ඒත් මං ඒක කරට ගත්තේ නැහැ.. එහෙම උනානං අද තත්වය ගොඩක් වෙනස්... ඒත් මං හිතන්නේ මං ගත්තේ හරි තීන්දුව කියලයි.

    ආ තව එක දෙයක් තියෙනවා.. ෆලෝ කරන අය ෆලෝ කරන්නේ අපි කරපු ඉල්ලීමක් හරි ඇඩීමක් හරි නිසානං අනිවාර්යයෙන් අපිට දෙපාරක් හිතන්න වෙනවා... එතකොට අපි බැඳී ඉන්නවා එයාලට වගකියන්න.

    ReplyDelete
  71. @දිනේශ් දීපාල්...

    හොඳද නරකද මං දන්නේ නැහැ දිනේශ්.. ඔහේ ලියාගෙනනං යනවා.. බොහෝම ස්තූතියි...

    ReplyDelete
  72. මාරයාගේ කථාව භාගයක් ඇත්ත... භාගයක් බොරැ....ඇත්ත... කමෙන්ට්ස්.. හිට්ස්.. බලාගෙන් ලියන්න හොඳ නැහැ... නමුත් තමන් ලියපු දේකට කමෙන්ට් එකක් වැටිලා තිබුනොත් හිතට සතුටක් දැනෙන්නේ නැද්ද... පෝස්ට් එක දාපු වෙලාවේ ඉඳලා සැරින් සැරේ මේල් එක චෙක් කරන්නේ නැද්ද.. කවුන්ටර් එක බලන්නේ නැද්ද... කමෙන්ට් එකක් නැති වැනාම දුකක් දැනෙන්නේ නැද්ද... එහෙම නැහැ කියනවා නම් ඒක බොරැ.. හැමෝම කැමතියි තමන්ව අගය කරනවට... ඒක තමයි මනුස්ස ස්වභාවය..

    කියවන අයටත් පොඩි යුතුකමක් තියකවා අලුතින් එන කෙනෙක්ට අත දෙන්න... ධෛර්යක් දෙන්න.. උනන්දු කරන්න... වැරැද්දකි පෙන්නලා දෙන්න.. ලියන විදිය ගැන උපදෙස් දෙන්න.. ලියන දේවල් ගැන අගයන්න... එහෙම නැතිව තමන් කමෙන්ස් ගනන් ගන්නේ නැහැ.. කමෙන්ටු බලාගෙන ලියන්නේ නැහැ කියනවට වඩා..

    මාරයට ජය !!! ඕනෙම කෙනෙක් උඹට පරාදයි... මොකද උඹ තමයි මාරයා....

    ReplyDelete
  73. @වෙද ගෙදර මහ වෙදනා...

    අච්චර වැඩ රාජකාරි තියෙන අස්සේ මෙහෙ මක්කා කරනවද..?

    බොහෝම ස්තූතියි...

    ReplyDelete
  74. මාරයියේ එළකිරි මසුරං වටින වචන ටික... කීප් ද ස්පිරිට් අය්යා... ඔබටත් සදා ජය...!!!

    ReplyDelete
  75. [[කමෙන්ට් 10ක් වැටෙන්නේ නැති. වසර ගණනකට හිට්ස් 10000ක් නැති. පෝස්ට් 50ක් නැති තවම ලියන් බ්ලොග් ඕන තරම්. ]]

    ඇයි මේ මං.

    ලියන්නේ ලිවීමේ තෘප්තියටයි. කට්ටිය ඇවිත් බැලු විට සන්තෝස හිතෙන නිසා වැඩිපුර කට්ටිය එනවට ආසයි.

    ලිවීමේ තෘප්තියට ලියන නිසා හිතට එන ඕන දෙයක් ලියන්නේ නැහැ [ඔන්න අනික් අයට එහෙම කරන්න එපා කිව්වේ නැහැ]. මං ලියන්නේ මගේ හිතේ ඉන්න එඩිටර් පාස් කරන ඒවා පමණි. බාගෙට ලියු කෙටි කතාවක් මිම්ම ලඟා නොවූ නිසා හිර කලෙමි. තෘප්තියේ මිම්ම ඉක්මවා යන තුරු පල නොවනු ඇත.

    මෙන්න මේ සිද්ධිය නිසා බ්ලොග් අවකාශයේ තමන්ගේ බ්ලොග් එකකට වඩා ජනප්‍රිය මනුස්සයෙක් මං. හිකිස්‌.

    ReplyDelete
  76. ඔන්න මම කාලෙකට පස්සෙ මාරයා අයියාගෙ බ්ලොග් එකේ ලිපියක් සම්පූර්ණයෙන්ම කියෙව්වා.. දිග හෑලි නිසා සමහර වෙලාවට මම අයියාගෙ බ්ලොග් එක ඇත්තටම අතඅරිනවා.

    සමහර වෙලාවට...නොකියෙව්වාත් තියෙව්වා වගේ කමෙන්ට් කරනවා. එහෙම කරන්නෙ මාරයා අයියා...මගේ වගේම අපේ වෙන්ඩ මහත්තයාගෙත් ප්‍රියතම බ්ලොග් කරුවෙක් නිසා..

    අදත් ඔන්න මේ රෑ ජාමේ මම ස්කයිප් එකෙන්ම තාරක අයියාට මේ ලිපිය කියෙව්වා..ඔන්න ඉතින් අපි දෙන්නගෙම කමෙන්ට් එක මෙතන මේ විදිහට සඳහන් කරනවා..

    මාරයා අයියා කියන්නෙ..මට අනුව නම් හොඳ කමෙන්ට් කරුවෙක්.මම ලියපු සමහර පෝස්ට් වලට මාරයා අයියා දාපු කොමෙන්ට් එක පෝස්ට් එකට වඩා දිගයි.

    ඒ වගේම..කුණුහරප කමෙන්ට් වලට මම හිතින් වැටුණු අවස්ථා වල දී නැගිට්ටවලා ගත්ත එකත් ලොකු දෙයක් නෙ..

    මටත් මේක දැකලා මොරාල් එකක් වගේ එකක් ආවා.. ආයෙත් නම වෙනස් නොකරම රෝස වලාකුළු ලියන්න.. මම හිතුවෙ නම වෙනස් කරනවා කියලා... ඒත් මොකටද කියලා හිතුණා...

    කොහොම නමුත් දිගු කාලයක් බ්ලොග් ලියන්න මේ කරන වැඩ වල හැටියට අත පය සහ හොම්බ කට ඉතුරු වේවා කියා සිත් දෙකෙන් පතන අපි

    නෙරංජි සහ තාරක

    ReplyDelete
  77. මම නම් දෙන උපදෙස තමයි "මොනවා හරි" දාලා බ්ලොග් එක අප්ඩේට් කරනවලට වැඩිය හොඳයි ලියන්න තරම් සුදුසු දෙයක් ලැබෙන තුරු නොලියා ඉන්න එක.

    මොකද දෙකේ පහේ පෝස්ට් එකක් උනත් ඕපන් කරලා ටිකක් කියවලා වහලා දාන්න කියවන්නාට යම්කිසි කාලයක් ගත වෙනවනේ. සින්ඩිවල දැන් යන ලිපිවලින් 92.3% ක් නිකං ඕපන් කරන්නවත් සුදුසු නැති ලිපි. අපරාදේ කියන්නේ අපේ හිටපු හොඳ බ්ලොග් කරුවොත් ලියන්න දෙයක් නැති කමට දෙකේ පහේ ලිපි දාලා අපේ කාලේ කන එක.

    ReplyDelete
  78. මම නම් බ්ලොග් වලට ඇවිත් මාස ගානයි. හරියටම මැයි මාසේ අග.. මං ඉතින් මොනවාද තෝරු මෝරු එක්ක කියන්නේ? ඒ උනාට මම මගේ බ්ලොග් එක කරන්නේ මගේ සන්තෝසෙන්.මට ඒක ඇති.

    ReplyDelete
  79. තව දෙයක් කියන්න ඕන . මාරයට තියන අත්දැකීම් තියන අය ගොඩක් අඩුයි . හිටියත් බ්ලොග් ලෝකයේ නම් නෙමෙයි. බ්ලොග් කලාවට එකම මාරයා ..මාරයාම පමණයි. තමන් ගැන අඩුවෙන් හිතන්න වත් වැඩියෙන් හිතන්න වත් අවශ්‍ය නැහැ . මාරයා ගේ අනන්‍ය බව තියන කම් අපි කැමතියි. මම නෙමේ '' අපි'' කැමතියි . අනික පබිලිස් ගොය්යට අභියෝග කරන්න ඉන්න එකම එකා මාරයා විතරයි බ්ලොග් කලාව තුල . මේ ටික නොකිව්වා නම් ඒක කුහක කමක් වෙනවා

    ReplyDelete
  80. hemadama blog eka kiyawana eth comments nodana mama wage ayath innawa marayo....e hinda liyanna..api kkiyawanawa..

    ReplyDelete
  81. @ Kas............අනේද කියන්නේ...
    :D

    ReplyDelete
  82. මරයියේ...දිගටම ලියපං......
    හිතට එන දේ සුන්දරව ලියපං
    ඉස්සරවගේ...

    උඹ වගේ තව බොහොදෙනා බ්ලොග් අවකාශය සුන්දර කරපු නිසා තමා...මමත්,...දෙයක් ලියන්ඩ පටන්ගත්තේ....

    අවකාශය සුන්දරකරන හැමොටම...ජය...

    ReplyDelete
  83. ඕන කෙනෙකුට හිතන්න වටින දෙයක් තමයි ලියල තියෙන්නේ.

    ReplyDelete
  84. එදා ඉඳන් යන එන අය අතරින් මං මොනවා කියන්නද.....

    දැන් මං අන්තිමයා....!

    ඔය හිට්ස් කමෙන්ට් කතාවනම් ඇත්ත අයියේ. මං හිතන්නේ සමාජයේ,ඉගනීමේ තියන තරඟකාරිත්වයෙන් ඒ අයට මිදෙන්න බැහැ. ඒක මුළු ඇඟටම කා වැදිලද කොහෙද. අපි නම් ඉතිං ඉඳලා හිටලා ලිපියක් ලියන් බලන අය බැලුවාවේ නොබැලුවොත් ඒත් හිටපුවාවේ කියලා ඔහේ ලියන අයනේ. මාත් ලියන්න පටන් ගත්තේ නම් පාළුවටයි. හිතෙන් හැම තිස්සෙම හිතුන දේවල් ඉවත් කර ගන්න විදියක් ලෙසිනුයි. දැන් නම් ඒ අරමුණ නැහැ. ඒත් තෘප්තිය වෙනුවෙන් ලියනවා කවුරු බැලුවත් නැතත්. ඒක තමා දැන් හිතේ තියෙන අරමුණ.

    මෙහෙම කියලා ඉඳලා හිටලා කට්ටියට මතක් කරලා දෙන එකත් හොඳයි වැඩිහිටියෝ උනාම...... හික්ස්.....

    හැබැයි මේක නැවැත්තුවොත් ඉස්සල්ලම කඩුපොලු ගන්න අය අතරේ මාත් ඇති...... හික්ස්.....

    ReplyDelete
  85. // ප්‍රධාන දේ තමා අර කිව්ව අළුත් බ්ලොග් ලියන අය ගැන කතාව.. මට කියන්න තියෙන්නේ කමෙන්ට්ස් ඉල්ලලා අඩන්නවත් ෆලෝ කරන්න කියලා අනිත් අයට වද කරන්නවත් එපා කියන එකයි.//

    මාරේ අයියේ... උඹ ලියහන්... මෙතන කවුරුත් rank ගැන ප්‍රශ්ණ දාගන්න ඕනේ නෑ. අරයා රක මෙයා දෙක කියලා... අපි තෑගි ගන්න නෙවෙයිනේ බ්ලොග් ලියන්නේ. අරමුණ මොකක් වුනත් වැදගත් වෙන්නේ මොන ඉලව්වක් හරි ලියන එකයි. අඩුගානේ කියවන්න තරම් ඉටිගෙඩියක් නොවුනත් සයිබරේ පුරා මේ රවුම් සිංහල අකුරු ටිකවත් පැතිරෙයිනේ...

    ඔයා තරම් අත්දැකීම් තියෙන, විවිධ ක්ෂේත්‍ර ගණනාවක වැඩ කැපු, ඒ ගැන දක්ෂකම් තිබෙන බ්ලොග්කරුවෙන් මම දන්න කෙටි ඉතිහාසය තුල මට හමුවී නෑ. අධි තක්සේරුව වගේම අව තක්සේරුවත් හොඳ දෙයක් නෙවී. ඒ නිසා...

    ලියපන්...

    අදත් ලියපන්...

    හෙටත් ලියපන්...

    හැමදාටම ලියපන්...

    ජය...!!!

    ReplyDelete
  86. මරයියේ කොමෙන්ට් නොදැම්මට මමත් ගොඩක් වෙලාවට උඹේ බ්ලොග් එක කියවල යනවා.... උඹේ ජිවිත අත්දැකීම් වලින් ඉගෙනගන්න දේවල් බොහොමයි..... මාර සරනියේ ප්‍රින්ට්අවුට් අරගත්තු වෙලාවලුත් තියනවා....:D ජෝතිෂ්‍ය ගැන වගේම දේශපාලනේ ගැනත් මට තියෙන්නේ වෙනමම අදහසක්... ඒත් ඒක උඹේ බ්ලොග් එක නොබලන්න තරම් හේතුවක් නෙමේ මට.... කොමෙන්ට් ගැන, හිටි ගැන ලියනවා නම්, මට නම් කවදාවත් ඕක ගැටලුවක් නෙමේ මම ගොඩක් වෙලාවට ලියන්නේ මාසෙකට එක ලිපියක් වගේ... ඊට වඩා ලියන්න ආස උනත් රස්සාවත් එක්ක අමාරුයි.... මම ලියන්නේ මගේ ජිවිත කතාව සහ සමහර දේවල් ගැන මට හැඟෙන, දැනෙන දේ.... කැමති කෙනෙක් කියවයි... අකමැති කෙනෙක් නොකියවා ඉදියි....එච්චරයි.. ජයවේවා...!!!!

    ReplyDelete
  87. මේක අර අභීත කලා වගේ හෙඩිම් එක්ස්පෙරිමන්ට් එකක් වත්ද...

    ඒත් යමක් එකතුකරගත්ත...

    ReplyDelete
  88. හිට්ස් බලාගෙන නොලිව්වත් හිට්ස් දැක්කාම අපි කාටත් සතුටුයිනේ ?? මම හිතන විදිහට නම් ඔබතුමාට බ්ලොග් කෙරුවාව ගැන සැහෙන්න සතුටු වෙන්න පුලුවන් . තමන්ට හොඳ කියවන්නන් පිරිසක් , වගේම තවත් බ්ලොග් පරම්පරාවක් බිහි කරන්නත් හැකිවෙලා තිය්නව .ඔබතුමා ලියපු බස්පලු කථා ඇතුලු ගොඩක් කථා මම නිවිහැනහිල්ලේ කියවල තියනව , ඒ රසයට ගොඩක් කැමතියි , හිට්ස් ඉල්ලලා අඬන්න එපා කියන අවවාදය නම් බොහොම වටිනවා අලුත් අයට , මොකද ඒකෙන් ඒ අයම තමන්ව පහලට දාගන්න එක තමයි කරගන්නේ . ඔහොම යමුකො නේ .

    ReplyDelete
  89. මචෝ . . . . මම කොමෙන්ට් කලත් නොකලත් උඹේ බ්ලොග අනිවා කියවනව. හිට්ස්, කොමෙන්ට්ස් හෝ ෆලෝවර්ස්ලා බලාගෙන බ්ලොග් ලියන එකේ නං කිසිම තේරුමක් නෑ කියල තමයි මමත් හිතන්නෙ. (හැබැයි දුමී අයිය කියන කතාවෙත් පොඩි ඇත්තක් තියනව)

    මගෙ නං අංක එකේ බ්ලොග තමයි පැතුම් ලියන "අන්තර්ජාලයේ මගේ බිත්තිය"
    බලපං . . . . 2006 ඉඳල ලියලත් ඉන්න ෆලෝවර්ස්ල ගානයි, තියන කොමෙන්ට්ස් ගානයි (හිට්ස් ගාන මම දන්නෙ නෑ).

    @සඳරුවා:
    //මාසෙකට එක පෝස්ට් එකක් දෙකක් වැටෙන සමහර බ්ලොග් තියනවා මම එවුවට මාරම ආසයි//

    හික් හික් . . . ඒ කියන්නෙ උඹ මගෙ බ්ලොගටත් හෙනම ආසයි නේද ????

    ReplyDelete
  90. ලිපිය දැක්කේ දැන්. කතාව ඇත්ත. මමනම් Hits Commnet බලන් ලිපි ලියන්නේ නෑ එත්. හැමදාම එක Commnet එකක්වත් නැති උනාම. ලියන එක පිස්සුවක් කියලා හිතනවා. මිනිසුන්ට මාව එපා වෙලාද නැත්තම් මම ලියන එවා වැඩක් නැද්ද කියලා හිතෙනවා.

    ReplyDelete
  91. ඇත්ත ඇත්ත. බ්ලොග් කියවන එකෙක් විදියට මම මේ උඹලට කියන්නේ. බ්ලොග් වලට එන අයගේ රසාස්වාදය වෙනස්. ඇකමුන් කවි, ගී, පදවැල් වලට කැමතියි. තවත් අය තාක්ෂනික දේවල් වලට කැමතියි. ඇතමෙක් විචාර, තවෙකෙක් විකාර...etc

    ඉතිං ඔයාගේ රසය මෙයින් එකක් නම් ඒ රසයට හරියන අය තමයි ඇවිත් කමෙන්ට් එකක් වත් දාන්නේ. අනිත් අය එන්නේම නෑ.. ආවත් කමෙන්ට් කරන්න මහන්සිවෙන්නෙත් නැහැ.

    ඒකයි කේස් එක.
    මම නම් උදව්වක් විදියට මොකක් හරි ටයිප් කරල තමයි යන්නේ.

    ReplyDelete
  92. @ මාරයා - ඕව බස් වල කිව්වට කමක් නෑ. මේ දෙනෝ දාහක් බලන බ්ලොග් එකේ කියන්නෙ ඇයි (මට විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා දැං)

    ReplyDelete
  93. එල කතාව, ඇත්තටම උබ බ්ලොග් ලියන එක මම අගේ කෙරනවා. වෙන මුකුත් හේතු ඕනා නෑ, ලියන එකම ඇති. මොකද, මට නම් ඔය බ්ලොග් ලියෙනවා කියන එක කම්මැලි වැඩක්.

    ReplyDelete
  94. පහුගිය ටිකේ පට්ට බිසී වෙලා හිටියා බන් . . (තාමත් එහෙම්ම තමයි . . ) ඒත් අහම්බෙන් මේක දැක්කේ . . . නොලියා හිටියොත් බල ගමු ඈ

    ReplyDelete