16 September 2011

වැරදි කාලෙක උපන් වරදට...

දිසාපාමොක් ඇඳුරුතුමියෙනි..
ඔබේ දූ මට මනාපයිනං..
මමත් ඒකිට ආදරෙයිනං..
කිම්ද මේ හැටි දෙන්නෙ මට වද..?

මනා කොට සිල්පය උගත්තෙමි..
සියළු විදමන් හොඳින් දත්තෙමි..
සියළු දේ සපුරා සිටින්නෙමි..
දූ නොදෙන කාරන නොදන්නෙමි..

පෙර කලෙක දඹදිව උපනි නම්
මෙහෙම දුක් මට නොවෙයි එහෙනම්..
ඔබම කැඳවා ඇය බාර කොට
අපට ආසිරි පතනවා ඇත..

උපන්නට පහු වෙලා මම මෙහි
දඹදිවින් සිරි ලකට වැටුනට..
එදා තිබු ඒ වටින පිළීවෙත්
නොකරන්ට ඇයි උනේ කාරණ..?



41 comments:

  1. හික්ස්!
    මට තේරුන විදියට හිනා ගියා, අවුල මේක හරියටම ක්ලික් උන්නැති එකයි.

    ReplyDelete
  2. එහෙම දීපු ඈයො කීයක්නම් මගඳි වැද්දො ඩැහැ ගත්තද

    ReplyDelete
  3. ඔය දිසාපාමොක් ළගට ඉගෙන ගන්න ආවෙ උඹලා අපි වගේ තුන් වෙනි පන්තියෙ කොල්ලො නෙවේ. රජවරුන්ගෙ, ඇමති වරුන්ගෙ පුත්තුනෙව.

    දිසාපාමොක් ඇඳුරුතුමියත් බලන්නෙ ඒ වගේ එකෙක්ට දෙන්න වෙන්නැති බන් මාරෙ....

    ReplyDelete
  4. එහෙම කොලේ ඉස්සර නේ මාරයියේ..දැන් දිසාපාමොක් ගේ දුව කලින්ම දීග යන්න කෙනෙක් හොයාගෙනමනේ ඉන්නේ :D

    ReplyDelete
  5. දිසාපාමොක්ගේ දුවව ගන්න වගේ මේ ගෝලයා හදන්නේ. හොදා හොදා.
    ඒකත් ජය සිරි මංගලම් කියලා කිව්වලු මාරේ අයියේ !!!

    ReplyDelete
  6. ආ.....එතකොට ලතාගෙ අම්ම චීටර් කෙනෙක් එහෙනං.....//සියළු විදමන් හොඳින් දත්තෙමි..// හින්ද තමා බොට දුව දෙන්න අකමැති.

    ReplyDelete
  7. අප්පට සිරි උඹ ගුරුතුමීගෙ දුවද කැන්දගෙන එන්න යන්නෙ.
    මටත් ප්‍රශ්නෙ අර ඔබාට වගේ මොනවද ඔය 'සියලු විදමන්'.

    ReplyDelete
  8. කවුද අප්පේ මේ ලතා? ;D

    ReplyDelete
  9. හ්ම්ම්.. ටියුශන් මාස්ටර් කෙනෙක්ගෙ දුවෙක් සෙට් වෙලා වගෙ..

    ReplyDelete
  10. දිසාපාමොක් කැමති නැති කල
    දුවත් අරගන නුඹට ඉඟි කළ
    පැනල නොගියොත් බලා නිසි කල
    උගත් ශිල්පෙන් වැඩක් නැහැ බොල

    ReplyDelete
  11. පංතියෙ පලවෙනියටනෙ දුව දෙන්නෙ දන්නැද්ද?

    ReplyDelete
  12. පලවෙනිය වුණේ කොපි කරලයි කියල මාටු වෙන්න ඇති....හික්ස්....

    ReplyDelete
  13. ...මොහු ...

    පොලේ බඩු ගන්නත්

    රස කර උයන්නත්

    ගෙදර දොර වැඩ දත්

    .......නිසා

    දුව දෙතොත් පාඩුවක් නොමවෙත්

    ReplyDelete
  14. ලතා . . . හ් . . .. . ලතා
    ඔතාගෙන යන්න පතාගෙන ආ ලතා . . .. හ්

    ReplyDelete
  15. හහ් හා... කවුද යකෝ ලතා......

    ReplyDelete
  16. ඇයි දන්නෙ නැද්ද සුවඳ සමන් ලතා..

    ReplyDelete
  17. මාරයාගේ ගැහැණු සතා = මාරි
    මාරයාගේ ගැහැණු සතාගේ නම = ටිකිරි මාරි
    මාරයාගේ ගැහැණු සතාගේ අක්කාගේ නම = ගෝල්ඩ් මාරි
    මාරයාගේ ගැහැණු සතාගේ අම්මගේ නම = අල්මාරි

    ReplyDelete
  18. ඒකත් ජයසිරි මංගලම් . . . . . .

    ReplyDelete
  19. මගේ වයසත් උබේ වයසය
    මගේ දුව බොට දුවෙක් වාගෙය
    ඉතිං මම තොට දෙන්නෙ කෝමද
    රට්ටු ලෝකයා මොනව නොකියද

    ReplyDelete
  20. බින්දි කිවා වගේ මෙච්චදේවල් දන්න කෙනෙක්ට ඔය කියන ලතා ද කවුද කෙනා දුන්නම පාඩුවක් වෙනවද?

    ReplyDelete
  21. ඒ පාර මොකෝ අයියේ සීන් එක?

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ඕක අපේ මාලුවට කියපු එකක් නෙවේයිනේ?

    ReplyDelete
  24. ලස්සනයි මාරේ අයියේ කවිය ..

    අප්පෝ අපෝ ඉස්කෝලේ ගුරූ ලෑ ගෑනු ළමයි පස්ට ආඩම්බරයි . උංව ගන්න එකාට ඉතින් සදා දුකේ තමා

    ReplyDelete
  25. ### මාරයට එන්න කියාපිය....

    මේවට උත්තර දෙන්න කියාපිය.....

    අපි නිදි මරාගෙන උගෙ විරහ ගීත වලට කොමෙන්ට් ලියනව මේ 333 බුදිද කොහෙද , වැඩ කියල...

    ReplyDelete
  26. තනිකම ආත්මය කරගත් කිවට....මොකද මේ .......බලාගෙන මනමේ කුමාරයාට ආරංච් උනොත් වැඩේ දෙල් හොදේ ............

    ReplyDelete
  27. ඇත්ත ඔබා අයියා....මූ බස් පැද පැද ඉන්නවා...මේක ගැන වගේ වගක් නැහැ
    අඩෝව් ...මාරයා ...එළියට බැහැපන් ඩෝ....

    ReplyDelete
  28. අඩෝව්..කවුද මෙතන සද්ද දාන්නේ..ඈ..?

    ReplyDelete
  29. අඩේ කස්ටිය සමා වෙන්ට ඕන..මේක මේ අද ඊයේ දෙයක් නෙවෙයි... මං හිච්චි එකා කාලේ..ඒ කිව්වේ සිස්සත්තේ ලියන කාලේ වෙච්ච මෙව්වා එකක්...

    අද මේ සිස්සත්ත කාලේ ගැන ලියුං දෙකක්ම කියෙව්වට පස්සේ මට මතක් උනේ ඒ කෙලි පොඩිත්තයි..එයැයිගේ අම්මයි...හපෝ උන්දැගෙ වස... මාව පේන්ට බැහැ... අනේ ඉතිං ඒකට මොකද කෙලීනං ජපන් බෝනික්කියෙක් වගේ.. අහිංසකයි රටක් වටී..

    අහිංසකයි කිව්වට අහිංසකමත් නැහැ හෙන ‍කොච්චි කරල...

    මට ඒකිවයි අම්මවයි මතක් උනාම ලිය උන දෙයක් මේ..

    ReplyDelete
  30. යකෝ මූව උල තියලත් මදි නෙව....
    මු එතකොට ඔය සියලු ශිල්ප නිම කරලා ව්දමන් ටිකත් ඉගෙන ගත්තා කියන්නෙ සිස්සත්තෙ පන්තියෙදිද ? ඇති ඔයින් ගියා...

    ReplyDelete
  31. මාරයියා උසස්පෙල ඉවර වෙලා ගිහින් ඇහුවනම් අනිවාර්යෙන් කැමැත්ත දෙනවා.. එතකොට සිස්සත්තේ නිසා වෙන්න ඇති අකමැති උනේ...

    ReplyDelete
  32. ලතාගෙ අම්මටත් කවි ලියන්න පටන් අරගෙන. :D
    බලාගෙන, ලතාගෙ තාත්තා පොලිසියෙ එහෙමනම්... කාලෙ තියා ඉපදුනු එකමත් වරදක් ලෙස හිතන්නට ඉඩ ඇත.

    ReplyDelete
  33. Bota sissattetath kalin magul ona neda bola ..

    Amila

    ReplyDelete
  34. හප්පට බොල මූ සිස්සත්තෙ කාලේත් දීග යන එක ගැනමනේ හිතල තියෙන්නෙ... අනේ කෙලීගෙ වෙලාවට බේරිලා...

    උබ සියලු විදමන් ඉගෙන ගත්තු හින්ද තමයි අනිවා නොදෙන්න ඇත්තෙ....

    ReplyDelete
  35. ඕව ඔය තන්තෝසෙට කියන කවි... එදා ඔය උදුම්බරාව කරේ ගැහුවනම් හෙම අද මේ ලතා ලැබෙන් නෑ නේදෝ... කියල අර දිසාපාමොකී මැතිනියට කියන ඉස්තුති කවි මේ...

    ReplyDelete
  36. ලතා......!

    අහෝ මාර පුත
    දෙන්නේ කෝමැ දුව
    ගියා නොවැ ඇය
    හදපානෙම පැන.....

    හැකිස්....

    ReplyDelete
  37. "සියළු විදමන් හොඳින් දත්තෙමි.."

    ඔන්න ඕක තමයි කොස්ස!

    ReplyDelete
  38. අදත් විදිල්ලට දස්සය. කොහොම උනත් අගේ කවි ටික.

    ReplyDelete
  39. ලතෝනි නොදෙයි නම් ලතා
    කිමද තවත් පමා .....

    ReplyDelete
  40. බලාගෙන වැද්දගෙන් පරිස්සම් වෙයන්.

    ReplyDelete