18 September 2011

පියාසර සෙබළාගේ කතා වස්තුව...


ආවේ මං වෙඩි තියන්න..
ප්ලේන් එකෙන් උඩින් යන්න..
ඒ උනාට සිද්ධ උනේ
ප්ලේන් එකක් මුර කරන්න..

තුවක්කුවට ආස උනත්..
එයින් එකක් මට ලැබුනත්..
අවසර නැහැ මට ඒකෙන්
ආසාවට ගිනි බිඳින්න..

යුනිෆෝමය ඇඟ දවටං..
බුට් දෙකක දෙපා ඔබං..
බෙල්ටය බඩ මැද සිර කර
හුස්ම ගන්න නොහැක ඉතිං..

රස්සාවට ආව උනත්..
මාසෙ අගදි පඩි ලැබුනත්..
හිරකරු මුරකරු දිවියක්
උරුම උනා අපොයි මටත්..

60 comments:

  1. ඔය තුවක්කුව අරන් ඔය හුචක්කු ප්ලේන් එකටම වෙඩි තියල දාන්නනෙ තිබුනෙ.

    ReplyDelete
  2. මාරයියා ගුවන් හමුදාවෙ හිටියා කිව්ව නේද? මේ කවියට නඟලා තියෙන්නේ ඒකෙන් අයින් වෙන්න හේතුව වෙන්න ඇති!

    ReplyDelete
  3. @Praසන්ன...

    අම්මපා අර මහ කොන්ක්‍රීට් තට්ටුව උඩ කාස්ටක අව්වේ ඕක මුර කොරන අතරේ අව්වට මුවා වෙන්නවත් ඔකේ හෙවන යටට යන්න තහනං නීතීය ආව දවසේ නං මට ඔහොමම හිතුනා.. ඊට කලින්නං නීතිය තිබුනේ එයාර්ක්‍රාෆ්ට් එකට ඇඟිල්ලක්වත් තැබිය නොහැකි නීතිය විතරයි.. ඒත් පස්සේ ආවා ඔය මං කිව්ව නීතිය... එදානං කෑලි කෑලී බැඳලා කන්න තරං හිතුනා... දවල් දවසෙන් පැය හයකුයි රෑ කාලෙන් පැය හයකුයි ඕක ළග හිටගෙන මුර කරනවා මදිවට තව...

    ReplyDelete
  4. @ගීතක - ඇත්ත කතා...

    ඇත්තටම නැහැ මල්ලි... අහක් වෙන්නනං හේතුව ‍අම්මටයි තාත්තටයි දෙන්නටම එක වංගියේම අංශබාගේ හැදීම තමා.. ගෙදර වැඩ කරන්නයි..ලෙඩ්ඩු බලන්න යන්නයි මල්ලිට තනියම බැහැනේ...එහෙම නොවුනනං මං තාමත් ඕකේ...

    ඔය ඉතිං අපි මූලික යුධ පුහුනුව අවසන් කරලා වෘත්තීය පුහුනුවට දාලා තිබුන දවස්වල කරපු ඩියුටියක අත්දැකීම්...

    හැබැයි මංනං වෙඩි තිය තිය ඉන්න හිතාගෙන ගියේ නැහැ.. ඒත් එහෙම ආව කොල්ලෝ සෑහෙන හිටියා... ඒත් යුද්දෙට යන්න හිතං ආපු උන්ව වෘත්තීය අංශයට වැටුනා සුදුසුකං වැඩි හින්දා... ඒත් උංට ඕන ඒක නෙවෙයිනේ.. මේ පද ටික ලිව්වේ මං වෙනුවෙන් විතරක්ම නෙවෙයි උනුත් වෙනුවෙන්..

    ReplyDelete
  5. හ්ම්....
    කවි හතරකට ගොනු කරපු ලොකු කතාවක්.....

    ReplyDelete
  6. @Pravin Indranama...

    ඔව් මල්ලි...
    මාත් එක්ක හිටි ගොඩ දෙනෙක්ගේ කතාවක්...

    ReplyDelete
  7. මාරේ අයියා ක‍ටුනායක හිටියැයි? ? ? ඔව් ඉතින් හමුදාවේ
    අය පට්ට අව්වෙයි මහ වැස්සයි නොබලා රාජකාරිය කොරනවා
    අපිත් දවස ගානේ දකිනවනේ.

    ReplyDelete
  8. හුගක් දෙනෙක් හමුදා‍වට යන්නේ යුනි‍ෆෝම් එකටයි තුවක්කුවටයි ආසාවේ.අපේ අයියටත් ඔය පිස්සුව තිබුනා. එකපාරක් යන්න ගිහින් එතනින් කියලා තිබුනා හීනැටි හාලේ බතුයි කළුකුම් මාළුයි කාලා එන්න මල්ලි කියලා.
    ඒව නොකෑවට අයියා කොහොම හරි ඇග හදා ගත්තා.අපි කවුරැත් එයා යනවට කැමති වුනේ නෑත. දවසක් හැමෝටම හොරෙන් හැමදේම හදාගෙන එහා ගෙදරට කියලා ගිහින් තිබුනා. ඒ දවස් වල හොදටම කලබල. ඉතිං අපිට ඉන්න එකම අයියා. හමුදාවෙ වැඩ කරන අදුරන කෙනෙක්ට කියලා අපි අයියව ආයේ ගෙන්න ගත්තා. අම්මෝ එයා ගෙදරට එනකල් අපි කොච්චර ගින්දරෙන්ද හිටියේ.

    ReplyDelete
  9. ගුවන් නාවික හෝ පාබල වේවා.. හමුදාවක නියම සරූපය ඕක තමයි.. හමුදාවක් කියන්නෙ යුද්දෙටම ඉන්න පිරිසක් නෙවෙයි...

    ReplyDelete
  10. @Y2K...

    ඔව් මල්ලි..කටුනායක නිකං ගෙදර වගේ ඒ දවස්වල...

    ReplyDelete
  11. @batti...

    තමන්ගෙ එකා ඉතින් තමන්ට වටිනවනේ.. ඒත් ඉතිං මං කියන්න ඕන නැහැනේ...

    ReplyDelete
  12. @පොඩි මෑන්...

    අපොයි ඒක ඇත්ත... හමුදාව කිව්වම පිටින් ඉන්න අයට මැවෙන චිත්‍රයත් එක්කනේ හුග දෙනෙක් ඇතුලට එන්නේ.. ඒත් ඇතුලට ආවමයි තේරෙන්නේ යුද්ධ කරන එකට වඩා මොන තරං දේවල් කෙරෙනවද කියලා... දහ දෙනෙක් ඉස්සරහට යවන්න ඒ පිටිපස්සේ දාහකට වඩා පිරිසක් කැප වෙලා ඉන්නවා...

    ReplyDelete
  13. ඔයාගෙ සුදුසුකම් වලට මේ සෙක්ෂන් එකට දාන්න බෑ. හැබැයි අවිකරු පුලුවන්. කැමතිද?

    ReplyDelete
  14. --අපොයි ඒක ඇත්ත... හමුදාව කිව්වම පිටින් ඉන්න අයට මැවෙන චිත්‍රයත් එක්කනේ හුග දෙනෙක් ඇතුලට එන්නේ.. ඒත් ඇතුලට ආවමයි තේරෙන්නේ යුද්ධ කරන එකට වඩා මොන තරං දේවල් කෙරෙනවද කියලා... දහ දෙනෙක් ඉස්සරහට යවන්න ඒ පිටිපස්සේ දාහකට වඩා පිරිසක් කැප වෙලා ඉන්නවා--

    රියල් ටීම් එකක්.

    ReplyDelete
  15. ලියලා තියෙන්නෙ සහතික ඇත්ත, ඒ උනාට ඔය ජීවිතේට හුරු උනාම කාලයක් යනකොට ඒක ගානක් නැති වෙනවා නේද .....

    ඔය සමහරු අවුරුදු 22 ම හමුදාවේ ඉඳලා එන්නෙ, ඊට කලින් අයින් වෙන්න පුලුවන්කම තියෙද්දිත් ........

    ReplyDelete
  16. මේ කවි ටික හරිම ලස්සනයි. සරලයි එත් ගොඩක් දේවල් කියනවා . Empire of the sun කියන චිත්‍රපටය බැලුවද . ඒකෙ ජපන් සෙබලෙක් ප්ලේන් එකක් පදවන්න තියන අසීමිත ආසාව නිසා යුද්ධයේ අවසාන සමයේ මරාගෙන මැරෙන්න යන ප්ලේන් නියමුවෙක් වෙන්න යනවා වුනත් අන්තිමට උඩ නග්ගන්න බැරි වෙනවා .

    ReplyDelete
  17. මේ මාරයියෙ.. මගේ කාර් එක බලාකියා ගන්න ජොබ් එක තියෙනවා දෙන්ටද ? :D තීම් එක නම් දැන් ටිකක් හොදයි.. එත් ලස්සනම නෑ..!

    ReplyDelete
  18. මේ පොඩි කවි පද ටිකෙන්ම තේරෙනවා මේකේ තියන අමාරුව

    ReplyDelete
  19. ඇත්තමයි අයියේ අර කලබල වැඩි කාලේ පාරේ හැම තැනකම හිටගෙන අවුව වැස්ස නොබලා අපේ ආරක්ශාව ගැන හිතපු සහෝදරයෝ ගැන ඇති වෙන්නේ පුදුම අභිමානයක්....

    ReplyDelete
  20. හ්ම්ම් අර කිව්වත්වගේ ලොකු කතාවක් තියෙනව. පියාසර සෙබළාගේ අදෝනාව වත්ද කියලත් හිතෙනව.. කොච්චර ආසාවෙන් හිටියත් ගියාට පස්සෙනෙ තේරෙන්න ඇත්තෙ.. පව්.. දුක් බර ජීවිතයක්..
    මොනාවුනත් මේ අය කොච්චර නම් ලොකු සේවයක් කරනවද..

    හෑ බලන් යනකොට මාරයිය ගොඩක් දේවල් කරල තියනවනොවැ..

    ආ.. මේ වටපිටාවනං ලස්සනයි.. මං බැලුව මාරයාහෙ හෝරාව කියල මං වෙන එකකටවත් ආවද කියල.. හික්ස්

    ReplyDelete
  21. දවසින් දවස වඩ වඩාත් තරුණ වෙන පොටෝවලට මාරු වෙන්නේ සුබ අනාගතයක් උදෙසාද :D ? ඔන්න අපිත් එනවා එදාට...

    ReplyDelete
  22. හ්ම්ම්ම්ම්ම්............

    හැබැයි ඉතිං අද කාලේ හමුදාව කරන වැඩ වල හැටියට ඒ කාලේ හොඳ ඇති ඔහොම හිතන් ආ අයට.

    ReplyDelete
  23. හමුදාවෙ අය ගත කරන ජීවිතේ ගැනනම් කියල වැඩක් නෑ. ඒකට ගිහිල්ලම ඕන බලන්න..එයාලට පෞද්ගලික ජීවිතයක් කියල දෙයක් නෑනෙ.
    පසු ගිය කාලෙක ත්‍රිකුණාමලේ යනකොට මම දැක්ක අර හබරණ කැලේ හරියෙ අස්සට වෙලා ඉන්නව තුවක්කු තියාගෙන තාමත් සෙබළු... අනේ ඉතිං මට හිතුනා එයාල මේ දුක් විඳින්නෙ අපිව ආරක්ෂා කරන්න නේද කියල...

    ReplyDelete
  24. @බුද්ධි...

    ආ අවිකරු..ආ එහෙනං කමක් නැහැ දෙන්ට සෑර්...

    (කොහේද බං මාව දැම්මේ ආමර් සෙක්ෂන් එකටනේ..)

    ReplyDelete
  25. @ඉඳුනිල්...

    ඔව් ඉඳුනිල් සුපිරිම ටීම් වර්ක් එකක්... ඒකට ඉතිං සී වන් තර්ටිය (C-130) මුර කරපු එකත්, බොම්බ් ඩම්ප් එකේ ඉඳන් කෆීර් එක ගාවට එනකල් බෝම්බ ඇද්ද එකත් අයිතියි...අන්තිමට ඒක උඩිං ගිහින් දාලා එන පයිලටුත් අයිතියි... ඔය හැමෝටම තේ එක හදලා දෙන එකත් අයිතියි...

    ReplyDelete
  26. @පන්සල් හංදිය...

    අපොයි මං අදටත් ආසයි...

    ReplyDelete
  27. @Bindi...

    මං හිතන්නේ මට ඒක මිස් වෙලා..හොයාගෙන බලන්න ඕන...

    ReplyDelete
  28. @Bunny...

    අනේ බං මල්ලියේ ඒකේ ආයේ මොනවා බලාගන්නද..? උඹ ගොඩ උනාට පස්සේ ආයේ ඉතිං ඒක කාටවත් අරං ගිහිල්ලා වැඩක් ඇතෑ..?

    ලස්සන මදි නේද..හිටිං මං මේකටත් විරිත්තගෙන ඉන්න හාවෙක් දාන්ට..එතකොට ලස්සනට පෙනේවී...හැක්...

    ReplyDelete
  29. @ItalyDilan...

    නැහැ ඩිලා... මේ අල්පයයි...

    ReplyDelete
  30. @Dinesh...

    ඇත්ත මල්ලි... ඔහේ ඉතිං පාරෙ යන අයත් එක්ක හිනා වෙවී හිටියට සමහර වෙලාවට කන්ට බොන්ටත් නැහැ... පෑව්වත් අමාරුයි.. වැස්සත් අමාරුයි...

    ReplyDelete
  31. @හිම කුමාරි...

    ඈ එච්චරටම අඳුරගන්ට අමාරුයි වගේදෑ..? පොඩි රෙපෙයාර් එකක් කලා නගේ...

    ReplyDelete
  32. @dugiya...

    ඇහ් තරුණ වෙලා.. යකෝ නරක නැහැනේ එහෙනං..ඔය මේ මාසයකට විතර කලියෙන් ගත්ත එකක්..අපේ යුනිෆෝම් එක වෙනස් උනාට පස්සේ ගත්ත එකක්.
    හිටිං බලාගෙන...

    ReplyDelete
  33. @හා පැටික්කි...

    අප්පේ ඔව්..දැන් තියෙන්නේ ‍ෆැටිග් ලෝකයක්... ඕනම නැහැ..

    ReplyDelete
  34. @Gimhani...

    දැන් අවුරුද්දකට විතර කලින් මං මහණ වෙලා හිටිය කාලේ නිතරම පන්සලට ආව ගිය කොල්ලෙක් කතා කලා..මිනිහා දැන් හමුදාවේ...

    "ඈ බං දැන් කොහේද ඉන්නේ..තාමත් අම්පාරෙද..?දැන් අවුලක් නැහැ නේද ඔය පැත්තේ..?"

    "අහන්න එපා ඇඩෙනවා..දැන් දවස් තුනක් තිස්සේ ගහක් යට.. වහිනවා දවස් දෙකක් තිස්සේ... රෙසන් එකත් ඉවරයි... කෝප්‍රල් කාරයා ගියා ගියාමයි ආවේ නැහැ..අපි දෙන්නා තෙමිච්ච කුකුල්ළු දෙන්නා වගේ ඉන්නවා ඔහේ.."

    ReplyDelete
  35. අපොයි එපාම කරපු රැකියාවක් මට හිතෙන ආකරයට.... එක පාරම ලොක්කෙක් වෙන්න තියෙනම් හරි හික් හික්

    ReplyDelete
  36. මාත් ආසයි තුවක්කුවක් අරන් ආගිය අතේ වෙඩි තියන්න. මම් තිබ්බම කෝමත් ආගිය අතේ තමා වෙඩි වදින්නේ... හික්ස් :)

    ReplyDelete
  37. පද කීපයකින් කීවේ කෙනෙකුගේ මූන බලාගෙන කියාගන්න බැරි ලොකු කතාවක් කියලයි මටනම් හිතුනේ .

    මාරයි මාරේ අයියේ !

    ReplyDelete
  38. නැවක රස්සාවකට ගිය කොල්ලෙක් තාත්තට ලියුමක් එවනවලු කාලෙකට පස්සෙ . . . .
    තාත්තේ,
    ඉස්කෝලෙ විනෝද චාරිකාවකදී දැක්ක නැවක ලස්සන දැකල නැවට රස්සාවට ආවට, නැවක් එහෙම ලස්සනට තියාගෙන ඉන්නෙ කවුද කියල කලින් දැනන් හිටියනම් . . . . . ජීවිතේට නැවක් දිහා බලාන බත් ටිකක්වත් කන්නේ නැත.

    ReplyDelete
  39. අපි මතුපිටින් දකින සුන්දරත්වය කොයිතරම්ද කියල ඒක අත්විඳලම බලන්න ඕනි !

    ReplyDelete
  40. කවියත් ලස්සනයි ....දැන් මාර අයියත් ලසනයි....

    ReplyDelete
  41. හිකිස්....මාරයගෙ අවතාරෙ වෙනස් කොරල කියල දැක්කෙ කෂ්ටියගෙ කොමෙන්ට් කියෝන කොටනෙ.....මං ඉස්සෙල්ලම පාස්පෝර්ට් එකක් ගත්ත වෙලාවෙ මගේ යාලුවෙක් ඒක බලල කිව්ව "මරු පින්තුරෙ මචං, ලයිට් කණු වල අලවන්න" කියල

    ReplyDelete
  42. @පිස්සා පලාමල්ල...

    ඔන්න පිස්සා පිස්සු කතා කරනවා.. යකෝ අපි 6 මාසයක් මූලික පුහුනුව ලබනකොට ඔකේ ලොක්කෝ වෙන උන් අවුරුදු තුනක් කෝස් කරනවා... උන් කන කට්ට දැක්කනං ලොක්කෙක් වෙන්න හීනෙන්වත් හිතන්නේ නැහැ... පාස් අවුට් වෙන ආධුනික සෙබළ පාඨමාලා පහක් විතර එක්ක රට වටේ තියෙන හැම කඳවුරකම වගේ උන් පුහුනුවට යන්න ඕන.. අපි මේ එක පාරක් ජංගල් යන්න කටු කනවා..හිතහංකෝ ඒකම අවුරුදු 3ක් අතුලත උන් කීපාරක් ඕක කරන්න ඕනද කියලා..

    ඒකනේ ලෝස් නැතිව උන්ට කට කපලා අත පුරෝලා සැලියුට් එක ගහන්න අපේ හිතට අවුලක් නැත්තේ...

    ReplyDelete
  43. @මධුරංග...

    අනේ වඳින්නං මල්ලියේ උඹ ගෙදරට වෙලා ඉඳින්..නිකං විහිළුවටවත් කැටපෝලයක්වත් අල්ලන්න හිතන්න එපා...

    ReplyDelete
  44. @හිස් අහස...

    ස්තූතියි මල්ලියේ...

    ආයේ ඉතිං ඔය බොලාලගේ පැතිවල ඉන්න ග්‍රාමාරක්ෂකයෝ උනත් මොන කට්ටක් කනවද..ටිකක් පිස්සු කෙලින උන් වැඩියි තමා..ඒත් ඔහොමවත් කරන එක ලේසි පහසුයෑ... අහල බලහංකෝ ජනාගෙන්ම...

    ReplyDelete
  45. @ඕනයා...

    ඔකෙම තව කතාවක් මේ ළගදී අහන්න උනා...

    පොඩිකාලේ ඉඳලා සැමන් එහෙම කන්න ආසා එකෙක් තාත්තට කිව්වළු අළුතින් වැඩට ගිහින් ආව දවසේ "අනේ තාත්තේ සැමන් ටින් කරන එක පන යන වැඩේනේ.. මාළු කූරියා කූරියා ටින් ඇතුලට දානවට වඩා ලේසියෙන් ප්‍රයිවෙට් බස් ලෝඩ් කලෑකි" කියලා...

    ඕනනං ඔය ඔබා මාමාගෙන් අහපං..උන්දෑ දන්නවා කවුද ඒ සැමන් පැක් කොරන කොල්ලා කියලා...

    ReplyDelete
  46. @රතු මුහුද...

    ඇරහං මල්ලියේ කට මෙන්න මේ සුපියල් පහ ඔබන්ට...

    ReplyDelete
  47. @Observer...

    ඇයි ඉතිං දැන් කියලා වෙනසක් වෙලා තියේද..? ඔය දාලා තියෙන එකත් නරක නැහැ ඒ වැඩේට...

    ReplyDelete
  48. අඩෝච් මාරයා.. ආසාව තිබ්බ කියල ගිනි බිඳල එහෙම අහුවෙයන් බලන්න.

    ReplyDelete
  49. අලුත් මාර අවතාරෙ දැකල හැබය් ආයෙ මතක් වුනේ හික්Z

    ReplyDelete
  50. ඕනයගේ කතාව වචනයක් චවනයක් පාසා මෙතෙන්ට නියමෙට කැපේ.............!

    ReplyDelete
  51. මොනදේ උනත් ඒ කරපු සේවය අගය කරන්න ඕනෙ. මාර කට්ටක්නෙ මාරයියෙ.

    ReplyDelete
  52. @පැණි දොඩම්...

    ගිනි බිඳින්න දැන් අවිය නැහැ නෙව...

    ReplyDelete
  53. @බුද්ධි...

    අපොයි ඒකනං ඇත්ත...

    ReplyDelete
  54. @පිණිබිඳු...

    කට්ටෙත් හොඳ එක නංගි...

    ReplyDelete
  55. පොඩි කාලෙ සිහින මවන රස්සාවම ලැබුණය කියලා හිතා ගත්තහමත්....

    ReplyDelete
  56. අනේ මන්දා මාරයො. මාත් ඔය රණවිරුවො ගොඩාක් ඉන්න පවුලකට සම්බන්දයි. හිතෙන දේවල් දන්න දෙවල් කියලත් බෑ නොකියත් බෑ.
    henryblogwalker aka Dude

    ReplyDelete
  57. අනේ මන්දා මාරයො. මාත් ඔය රණවිරුවො ගොඩාක් ඉන්න පවුලකට සම්බන්දයි. හිතෙන දේවල් දන්න දෙවල් කියලත් බෑ නොකියත් බෑ.
    henryblogwalker aka Dude

    ReplyDelete
  58. හීනෙ හැබෑ උනේ නැති නිසාද අයින් වුනේ මාරෙ....

    ReplyDelete