03 September 2011

බඩු සීට්ටුවකට ඉන්න කැමතිද..?

ඇත්තටම මට මේකත් ලියලා තියන්න ඕන කියලා හිතුනේ මේ ළගකදී ගූගල් බස් එහෙකදී සිද්ධ වෙච්ච කතා බහක් හින්දයි.

එදා මේ මාත්තුරුකාව ගැන කතා කරද්දී තමා තේරුනේ අපේ අයගෙන් සෑහෙන කොටසක් මේ සීට්ටු ගැන දන්නවා අඩුයි කියන එක.ඒ හින්දා මට හිතුනා මේ ගැනත් මං දන්න හරිය ලියලා දාන්න.කොහොමටත් කලවං අච්චාරුවක් වගේ තියෙන මගේ බ්ලොග් එකේ ඔය ඕන දෙයක් ලියන එකේ මේකත් ලියලා දාන්න ඕන...

හරි එක එක සීට්ටු වර්ග තිබුනත් මංනං දන්නේ ජාති තුනයි..ඉතිං ඒ හින්දා මං දන්න හරිය කියලා දාන්නං..

1. බඩු සීට්ටු
2.තුණ්ඩු සීට්ටු
3.ඉල්ලන සීට්ටු

ඔය දැම්මේ මං ජීවත් වෙන පළාත්වල ඕවට කියන නම්..ඕවට වෙන පළාත්වල වෙන වෙන නම් කියනවත් ඇති... ඒත් ඉතිං මං දන්න විදියටම කියඤ්ඤංකෝ...

හරි අපි යමු පළවෙනි එකට..නම දැක්ක ගමන් මොනවද හිතෙන්නේ.. ඔව් බඩු සීට්ටු කිව්ව ගමන්ම තෙරෙනවනේ මේ බඩු සීට්ටුවක් කියලා... සමහරුන්ටනං මොනවා හිතෙයිද මං දන්නේ නැහැ..ඒත් ඉතිං බඩු නැත්තං භාණ්ඩ ගැන කවුද නොදන්නේ..

ඉතිං මේ බඩු සීට්ටු යටතේ නොයෙකුත් ජාති අපේ පැතිවල සීට්ටු හැටියට දානවා...

පිඟන් බඩු සීට්ටු..
බෙඩ්ෂීට් තුවා සීට්ටු..
වළං පිඟන් සීට්ටු..
ගෘහ භාන්ඩ සීට්ටු..
විදුලි උපකරණ සීට්ටු..
ඔය ආදී වශයෙන් ‍බොහෝමයක් දේ මේ යටතේ සීට්ටු දානවා...

මේ සීට්ටු කෙරෙන්නේ මෙහෙමයි...

කොයි සීට්ටුවටත් වගේ මේකටත් මූලිකයෙක් ඉන්න ඕන අපි හිතමු මමයි දැන් සීට්ටුවේ මුල කියලා.. මුල කියන්නේ සීට්ටුවේ අයිතිකාරයා කියන එකයි. ඉතිං මේ සීට්ටුවකදී මුලින්ම තීරණය කරන්න ඕන මොනවද දෙන භාණ්ඩ වර්ගය කියලා. අපි හිතමු ගෑස් ලිපයි,ගෑස් සිලින්ඩරයයි,රෙගියුලේටරය හා බට සෙට් එක කියලා.. පැහැදිලියිනේ.. ගෑස් ලිපකට ඇවසි සියළුම දේවල් තමා දැන් මේකට දෙන්නේ...

එතකොට මං කරන්නේ ගෑස් ලිප් විකුණන ක‍ඩ කිහිපයක් ගැන හොයලා බලලා මාසයක් ගානේ ලිප ගානේ ගන්නවනං සාමාන්‍ය මාකට් එකේ මිලට වඩා කීයක් හරි අඩුවට ගන්න පුළුවන් විදියට ගෑස් ලිප් ගන්න තැනක් අල්ල ගන්නවා. අනිත් දේවළුත් එහෙමම තමා. අපි හිතමුකෝ ගෑස් ලිපක් රුපියල් 3000 කටත් ගෑස් සහිත සිලින්ඩරය 5000කුත් රෙගියුලේටරය හා බට වලට 1000යි කියලා...

එතකොට එකතුව 9000යි.. ඒත් ගෙනවිත් ගෙදරටම දීමේ ගමන් ගාස්තුවත් එක්ක මේකේ මිල තවත් 1000ක් එකතු කරලා රුපියල් 10000 කට තීන්දු කරනවා...

ඊට පස්සේ මං වගේම කැමති තව දහ දෙනෙක් කතා කර ගත්තම එක්කෙනෙකුට යන්නේ රුපියල් දාහක මුදලක් එක මාසයක වාරිකයක් සඳහා...

ඉතිං පළමුවන මාසයේ හැම දෙනාගෙන්ම රුපියල් 1000 ගානේ එකතු කලාම හම්බවෙන 10000න් මට පුළුවන් මගේ සීට්ටුවට අදාල භාණ්ඩ කට්ටලය ගන්න හරි මුදල ති‍යාගෙන නිකං ඉන්න උනත්. මොකද මගේනේ සීට්ටුව..මට ඒක කැමැත්තක් කලහැකි.

දෙවන වාරයේදී කරන්නේ මම හැර අනිත් නව දෙනාට එන්න කියලා තුණුඩු උඩ දාන එකයි...

පුංචි කොල කෑලි නවයක් අරගෙන ඒවයේ 1 සිට 9 දක්වා අංක ලියලා ඒ අංක නොපෙනෙන විදියට රෝල් කරලා ඒවා උඩ දාලා බිම වැටුනම අර නව දෙනාට ඇහිදින්න කියනවා.

ඉතිං එයින් අංක 1 ලැබුන කෙනාට තමා දෙවන වාරයේ බඩු සෙට් එක ලැබෙන්නේ...ඒක ගෙදරටම ලැබෙන්න සලස්වන එක මගේ යුතුකම...

ඔතනදී තව දෙවිදියකට සීට්ටුව කෙරෙන අවස්ථාත් තියෙනවා..ඒ කියන්නේ සමහර අය හැම මාසෙකදීම සීට්ටුව සඳහා තුණ්ඩු උඩ දාලා ඒ ඒ මාසේ අංක 1 එන කෙනාට බඩු ටික දෙන විදියක් වගේම අර මුල්ම වාරයේදී උඩ දැම්මට පස්සේ ලැබෙන පිළිවෙලටම අවසානය දක්වාම සීට්ටුව ගෙවිම් කරනවා මං දැකලා තියෙනවා..

ඒත් හැම වාරයකදීම ඉතිරි වෙලා ඉන්න ගානට ආයෙත් තුන්ඩු දාන සීට්ටු වලදී පොඩි ගැම්මක් ලැබෙනවා..නැත්තං මුලදිම අග අංකයක් වැටුන අය සීට්ටුව ගැන උදාසීන වෙලා එයින් අහක් වෙන වෙලාවළුත් තියෙනවා..ඒත් හැම මාසෙම තුණ්ඩු උඩ දාන සීට්ටු වලදී පොඩි උද්යෝගයක් සාමාජිකයින් අතර තියෙන බවත් ඒ සීට්ටු අනිත් ක්‍රමයට වඩා හොදින් නිමා වෙන බවත් දකින්න පුළුවන් කාරණාවක් තමයි...

මේ සීට්ටු වලදී දකින්න ලැබෙන කාරණාවක් තමයි මේවට වැඩි හරියක්ම එක්කාසු වෙන්නේ කාන්තා පාර්ශවය කියන එක. මොකද මුදල් සීට්ටු වලදී පිරිමි පාර්ශවයේ සම්බන්ධයත් හරි හරියට තිබුනත් බඩු සීට්ටු වලදී කාන්තාවෝ තමයි එහෙම්පිටින්ම දකින්න හම්බ වෙන්නේ...

වතාවකදීනං මං දන්න විදුලි උපකරන බෙදා හරින ඒජන්සියක් කරගෙන ගිය මගේ මිත්තරයෙක් ශිතකරණ සඳහා සීට්ටුවක් දැම්මා තමන් දන්න කියන ව්‍යාපාරික මිතුරන් එක්කාසු කරගෙන..ඒ වගේ අවස්ථාවලදී ඇර ටිකක් පිරිමි අය මේ ක්‍රමයට එකතු වෙනවා අඩුයි.

ඒ වගේමයි සමහරු ඉන්නවා තමන්ගේ නිශ්පාදන අලවි කරගැනීමේ ක්‍රමයක් හැටියටත් මේක යොදා ගන්නවා...

මම අඳුරන මනුස්සයෙක් හිටියා එයා වානේ කබඩ් නිශ්පාදකයෙක්. ඔය දම්රෝ වගේ ආයතන වලින් විකුණන වානේ කබඩ් දන්න‍වනේ.. අර වානේ අල්මාරි.. ඔෆීස් කබඩ්.. ලියන මේස එහෙම තියෙන්නේ අන්න ඒවා සුළු පරිමාණ වැඩ පලක් දමාගෙන නිහ්පාදනය කරන ගමන් ගමේ අය දැනුවත් කරලා ඔය සීට්ටු ක්‍රමයට භාණ්ඩ දෙන්න ගත්තා. ඒක ටිකක් ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ දෙනවා වගේ වැඩක් උනත් ඇත්තටම ඒ මනුස්සයාට හැම මාසයේදීම නිකුත් කරන භාණ්ඩයට අඳාළ මුදල ලැබෙනවා...

ඇත්තටම හොඳ ව්‍යාපාරික ඥාණයක් තිබුන මනුස්සයෙක්.. මාව ළගින්ම ආස්සරේ කරපුකෙනෙක්..තමන් වැඩ කරපු තැන ප්‍රධානියා කරන අසාධාරණ ඉවසාගන්න බැරි තැන එයින් අස් වෙලා තමන්ගේම කියලා වැඩ පලක් දාපු කෙනෙක්..නිතරම මගෙත් එක්ක කතා බහ කරමින් ඒ දවස්වල ව්‍යාපාරය දියුණු කරපු හරි අපූරු..අරුම පුදුම මස් මාළු ටිකක්වත් නොකාපු හැම පෝයටම පවුලේ හතර දෙනාම සිල් සමාදන් වෙච්ච ඒ මනුස්සයගේ බිරින්දෑත් උන්නැහේවම පතාගෙන ආපු ගෑණු මනුස්සයෙක් වැරදිලාවත් බොරුවක් කියන්නේ නැති ජෝඩුව.. පුංචි පුතාලා දෙන්නෙක් හිටියේ නිවුන්නු.. හිතාගන්න බැරි තරං ධාර්මික මනුස්සයෙක්.. ධාර්මික පවුලක්..පස්සේ මගේ උපදේසයක් අනුව සාමාන්‍ය පෙළ ලියපු ළමයි දෙන්නෙක් යොදාගෙන පෞද්ගලික ආයතන සම්බන්ධ කරගෙන වෙනම අලවි ප්‍රවර්ධන වැඩ සටහනකුත් කරලා අද වෙනකොට හොඳ ස්ථාවර මට්ටමකට ආව කෙනෙක්.කොල්ලෝ කිහිප දෙනෙක් අද අලවි නිලධාරීන් වශයෙන් උන්නැහේ ගාව වැඩ කරනවා.මුලින් බඩු දීගන්න නැතිව හිටිය වෙලාවේ මෑන්ස් ගොඩ ගියේ ඔය සීට්ටු ක්‍රමයෙන්ම තමා..

වැඩි හරියක් ඔය බඩු සීට්ටු වලදී සීට්ටුව දාන කෙනාට ලාබෙට අහුවෙන දේවල් තමා සීට්ටුවට යොදා ගන්නේ..සමහරු තමන්ගේ නිශ්පාදනම එහෙම යොදලා සීට්ටු කරනවා... ඔය මිදුල්වල තියලා තියෙන අර කොන්ක්‍රීට් ගල් බංකු එහෙමත් බොහෝම ජයට නැගලා යන සීට්ටු තමා අපේ පැතිවලනං.

විශේෂයෙන්ම විවහා වීමේ බලාපොරොත්තුවෙන් කීය කීය හරි දෑවැද්දට එකතු කරන ගෑණු ළමයි බොහෝ වෙලාවට මේ සීට්ටුවලට එකතු වෙනවා...

මොකද තාමත් අපේ රටේ එක්තරා මට්ටමක පිරිසක් පැරණි සම්ප්‍රධායට අනුවම හිතන පිරිසක්.. දීග යනකොට නිවසකට ඇවසි සියළුම බඩු බාණ්ඩ හා ස්වර්ණාභරණ රැගෙන යායුතුයි කියන මතයේ ඉඳගෙන දුක් විඳගෙන බඩු මුට්ටු එක්කාසු කරනවා..එහෙම අයට මේ සීට්ටු හරියට වටිනවා..බොහෝමයක්ම භාණ්ඩ සීට්ටුවලදී ඒ සීට්ටු කරන අයගේ ඉලක්කය වෙන්නේ මෙහෙම අය.

මං දන්න අක්කලා කිහිප දෙනෙක්ම ඉස්සර හිටියා ගෙදර තමන් ඉන්න කමරේ පුරා වංගෙඩි, වළං, පිඟන්, ගෑස් ලිප්, අල්මාරි, පුටු සෙට්, අහුරගෙන ජීවත් වෙන... ඇත්තටම දුක හිතෙන කාරනාවක් උනත් ගාමන්ට් එහෙක මැෂිමක් පාගලා ගන්න තුට්ටු දෙකෙන් ගෙදරටත් වියදං කරලා කොහොම හරි සීට්ටු දෙක තුනකට ඉඳලා බඩු මුට්ටු එක්කාසු කරගෙන දීග යන්න හීන මවන එහෙම පිරිසකුත් අදටත් ඉන්න විත්තියනං කියන්නම ඕන.
එහෙම අයට ඉතිං මේක ලොකු දෙයක්...

ඒ වගේම තමා මේ සීට්ටුවලදීනං හොර කෙරෙනවා අඩුයි. ඒත් සීට්ටුව කරන කෙනාට පොඩි පොඩි වාසි තියෙනවා. ඒ තමා ඉතිං භාණ්ඩවලට වඩා සුළු මුදලක් හෝ වැඩිපුර තියලා සීට්ටු මුදල තීරණය වීම..ඒ වගේම තමන්ගේ හෝ තමන් අඳුරන කෙනෙකුගේ නිශ්පාදනයක් අලවි කරගන්න පොඩි මාර්ගයක් පෑදීම..

ඉතිං ඔය තමා බඩු සීට්ටුවල ක්‍රමය... මං ඊ ළගට කියන්නං තුණ්ඩු සීට්ටුව සහ ඉල්ලන සීට්ටුව ගැන.. දැනට මේ මදෑ... නොදන්න දෙයක් සහ අපහැදිලි දෙයක් තියෙනවනං අහන්න.. මීට වඩා වෙනස් අත්දැකීම් තියෙනවනං ඒ ගැනත් කියමු..අපි කාටත් දැන ගන්න...

27 comments:

  1. මම හිතුවා මාරයා සීට්ටු කඩෙත් එක්ක ගිවිසුමක් ගහල කියලා...ඇත්තටම පිරිමි අයට බඩු සීට්ටු දාන්න බැරිද...?

    කෝ හැබෑටම අර කොමෙන්ට් වලට උත්තර දෙන හොඳ පුරුද්ද..?

    ReplyDelete
  2. @Luckey...

    බොලාටත් බඩු සීට්ටුවක් කිව්වම ඉතිං දැවිල්ල වගේ ඇති නේද..?
    ඕනනං ඔය ඔටුවොන්ට හරි සීට්ටුවක් දාමු..මං දන්න කියන තව ඔටුවෝ ටිකක් ඉන්නවා ඔය අහ..දාන්ට බැරි වෙන එකක් නැහැ...

    අනේ බං මේ ටිකේ කේන්දර වැඩත් ටිකක් වැඩි වේගන එනවා.. ඉතිං ඒවත් බලන ගමන් තමා මේකත් දුක සේ කරගෙන යන්නේ..ඉතිං කොමෙන්ට් වලට උත්තර දෙන්න නැවතුනානං මට තව ලිපියකට යන්න වෙන්නේ නැහැ.. ඒ හින්දා උත්තර බැඳිල්ල පස්සේ නිවාඩු පාඩුවේ කරනවා කියලා එහිතලා මං ඊ ගාව ලිපියට ගියා...

    අනික උඹලා අහන ඒවට උත්තර දෙන්න පුළුවන්ද යකුනේ.. නොදැක්කා වගේ ඉන්නවා ඇර..:D:D:D

    ReplyDelete
  3. ජීවිතේ ඉතිං දුක තමයි!

    ReplyDelete
  4. ඇත්තටම මටනම් කිසිම දැනුමක් නෑ මේ සීට්ටු ගැනනම්...ඇයි ඉතින් කොහෙන් හොහෙන් හරි අවශ්‍ය දේවල් ලැබෙනවනේ...ඒ නිසා මේ ලිපිය මට ඉතා වැදගත් වේවි.

    ReplyDelete
  5. ටොපික් එක දැක්කම ඒත් මං බැලුවා මාරයා මොකාටද මේ එන්න හදන්නෙ කියල.. හික්.
    අපේ ගෙදර අත්දැකීම් අනුව නම් බඩු සීට්ටු හෙනම පාඩුයි..

    ReplyDelete
  6. මං හිතන්නෙ ඔය ඉල්ලන සීට්ටු කියන්නෙ වෙන්දේසි සීට්ටු වලට වෙන්නැති! ඒවනං ජනප්‍රිය බිස්නස් කාරයො අතරෙ තමයි. ඔය වැඩේ ඉන්දියන් කාරයො අතරෙත් ජනප්‍රියයි. උන් රටේ පළාත අනුව එක එක නම් දාගෙන තීනව. මෙහෙත් ඉන්නව වෘත්තීමය සීට්ටු දාන්නො සහ පොළී මුදලාලිල.

    ReplyDelete
  7. සිට්‍ටු ක්‍රමේ මේ භාණ්ඩ ක්‍රමේ ගැන නම් මම ටිකක් දන්නවා.. එත් ඔය ඉල්ලන සිට්‍ටු ගැන තමා මම නොදන්නේ.. ඒකත් කියලා දෙන්නකෝ අය්යේ

    ReplyDelete
  8. ඔය සීට්ටු සෙල්ලම ගැන දැනගන්න මටත් ආස හිතුනා.අනිත් කොටසුත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  9. සීට්ටු ක්‍රමේ නරකම නෑ අපේ ගෙදරත් ඔය වගේ බඩු සීට්ටු වලින් ගත්තු මේස රෙදි බෙඩ් ශීට් වගේ එව්වනං තියනවා . මේ පැත්තෙ සීට්ටු ගෙදර කියලා ගෙදරකුත් තියනවා.. ඒ ගොල්ල වුර්තීය සීට්ටු කරුවො මගෙ හිතේ.

    ReplyDelete
  10. පාරෙ යද්දි මට ඇහුනා හයේ හතරෙ මරුමුස් සෙට් එකක් කතා වෙනව "හුහ් ඔය බඩුව නම් සීට්ටු ක්‍රමේටත් ගන්න පුලුවන්..උඹ නැහී ගෙන පස්සෙන් ගියාට" කියල..මට දැන් තමයි ඒ කතාව හරියටම තේරුනෙ..අපරාදෙ ඒ වෙලාවෙ දැනන් උන්නනම්.. මටත් ජොයින් වෙන්න පුලුවන්ද කියල අහන්න තිබ්බ සීට්ටුවට..

    ReplyDelete
  11. කොලඹින් පිට ප්‍රදේශයක සුලු පැමිලිනි අංශේ පොලිස් රාලහාමි කෙනෙක්ගෙන් අහන්නකො සීට්ටු ගැන ලස්සනට කියා දෙයි . විස්තරේ පටන් ගන්නේ

    ඔය සිට්ටු දාන &^%&$%#$ #@@^^%^#&%$ මෙතන #$#$#^%#$^(*&)& .......

    ReplyDelete
  12. අපේ පැත්තෙත් ඔය වැඩේ ජයටම කෙරෙනවා..
    හැබැයි මේ පැත්තේ නම් ඔය ගොඩක් සීට්‍ටු වලදි අවසානෙදි වෙන්නේ ඔය මුල එක්කෝ සල්ලිත් අරන් පැනල යනව..නැත්තම් අම්බානකට චාටර් වෙනව හොර කොරන්න ගිහින්...
    හැබෑටම මොකක්ද ඔය ඉල්ලන සීට්‍ටු කියන්නේ...මාත් දන්නේ නෑනේ ඒ ගැන.. :D
    අනික ඔය සීට්‍ටු සීන් එක නීත්‍යානුකූල නෑ නේහ්..?

    ReplyDelete
  13. මාරයියේ, මට පොඩි ගැටලුවක් තියෙනවා බඩු සීට්‍ටු ගැන...
    දැං අපි හිතමු සීට්‍ටුවට 12 දෙනයි කියලා. එතකොට ඔය සීට්‍ටුව ඉවර වෙන්න අවුරුද්දක්ම යනවනේ. ඔය අවුරුද්ද ඇතුලත අර බඩුවේ මිල අඩු වැඩි වෙන්න පුලුවන් නේද? හොඳයි අඩුවුනාම අවුලක් නෑ කියමු, වැඩිවුනොත් මොකද කරන්නේ???

    ඔය 'ඉල්ලන සීට්‍ටු' කියලා කියන්නේ සීට්‍ටු වෙන්දේසි කරන එකට වෙන්ඩ ඇති මයෙ හිතේ...

    ReplyDelete
  14. ආ ... චතුගෙ කම්න්ටුවෙන් මතක් වුනේ , මම දන්න තරමින් සීට්ටු දැමීම ලංකාවේ නීතියට අනුව සපුරා තහනම්

    ReplyDelete
  15. මාත් ඔය ඉල්ලන සීට්ටු වැඩේ නං කරල තියෙනව.
    දැන් බඩු සීට්ටු වෙනුවට ගෙවීමේ ක්‍රමයට ‍ගෙවල් වලට ඕන කරන බඩු ගෙවල් වලටම ගෙනිහිල්ල දෙන ආයතන මේ පැත්තෙ බිහිවෙලා තියෙනව. ඒ බිස්නස් එකනං නැගල යනව.

    උඹ මොකටද ගාමන්ට් අක්කලගෙ කාමර ගානෙ රිංගන්න ගියේ. :D

    ReplyDelete
  16. මං ඔය සීට්ටු කෙරුවාව දන්නෙම නෑ. ඒ අතින් මෙහෙම හරි කියලා දෙන එක හොඳා. අපේ අම්මවත් ඕවට නෑනේ ඉතින්....

    ReplyDelete
  17. "උඩ දාලා බිම වැටුනම"
    vetunnethoth?

    ReplyDelete
  18. අයියෝ මේවද . . .. මම ඒත් හිතුවා . . .

    ReplyDelete
  19. මාතෘකාව දැකල කට්ටිය වෙන වෙන එව්වා හිතල වගේ . මම උගන්නපු ඉස්කෝලේ ගුරුවරු ටික හරි සීට්ටු කාරයෝ තමයි. විදුහල්පහි තුමා දෙවන රැකියාව විදියට ඕක කළා වගෙයි මතක .කාටවත් හානියක් නැහැ ඉතින්.

    ReplyDelete
  20. කව්රු හරි බඩු සීට්ටුවක් දානවනම් මටත් කියන්න

    ReplyDelete
  21. සීට්ටු කියන්නේ සම්පූර්නයෙන්ම අන්‍යෝන්‍ය විශ්වාසය මත තියන දෙයක්.... හැබැයි ගම් වල ඉන්න ගෑනු අයගේ සමගිය නැති වෙන්න ප්‍රධානතම හේතුවක් වෙලා තියෙන්නෙත් සීට්ටු තමා...

    පොලිසි වල වැඩිම සුලු පැමිණිලි තියෙන්නේ සීට්ටු ගැන වගේම, සමථ මණ්ඩල වල නඩු වලිනුත් වැඩිහරියක් ඔය සීට්ටු කේස් තමයි.

    මම නම් පුද්ගලිකව අනුමත නොකරන මූල්‍ය ක්‍රමයක්...

    ReplyDelete
  22. මම නම් සම්බන්ධ වෙන්න අකමැතිම දෙයක්... තමන්ගේ හිතේ ඔනිකම තියේනම් සීට්ටු ඔනි නෑ ඉතිරි කරගන්න...

    අයියට කියන්නේ අපෙ එව්වෝ මෙහෙත් සීට්ටු දානවනේ.....

    ReplyDelete
  23. අපේ පැත්තෙ තියනවා ඔයිට වඩා වෙනස් සීට්ටු ක්‍රමයක්... ඒකට බඩු සීට්ටු වගේම නත්තල් සීට්ටු කියලත් කියනවා... මොකද ඒවා වැඩිපුරම ඉලක්ක කරලා තියෙන්නෙ නත්තල් කන්න ඕනා කරන බඩු...

    මුලින්ම සීට්ටු දාන එක්කෙනා කරන්නෙ බඩු ලැයිස්තුවක් හදන එක...
    උදා:-
    සම්බා කිලෝ 5
    අල කිලෝ 2
    කුකුල් මස් කිලෝ 1
    කෝඩියෙල් බෝතල් 1
    අරක්ක බෝතල් 1
    බීයර් බෝතල් 2

    මේ විදිහෙ බඩුත් මීට අමතරව රෙදි පිලි වගේ අරව මේවාත් මේකට දානවා...

    ඊටපස්සෙ ඔය වටිනාකම 12ට බෙදලා හැම මාසෙකම යම්කිසි දිනේකදී ගෙවන්නයි තියෙන්නෙ...

    හරියට වාරික නොගෙව්වොත් සීට්ටුව අවලංගු වෙනවා...

    අපිට අන්තිමට ඒ කිව්වෙ දෙසැම්බර් මාසෙ අන්තිමට ඔය බඩු ටික ලැබෙනවා....

    හැබැයි දැන් දැන් උද්ධමනය නිසා ඔය සීට්ටු අඩුයි...

    ReplyDelete
  24. අපි පොඩි කාලෙ අඳුරන ඇන්ටි කෙනෙක් හිටිය "සීට්ටු මිසිස් සිල්ව" කියල මහත්තය මිය පරලොව ගිහින් පවුල නඩත්තු කලේ ඔය වෙන්දේසි සීට්ටු වලින්, එයා මට මතක විදියට සීට්ටු ගණනාවක් එක පාර රන් කළා, ඉඳල හිටල එයාට පාඩුවක් වුනත් සාමාජිකයන්ට පාඩුවක් වෙන්න නොදී ලෙසටම වැඩේ ගෙනිච්ච කියලය් මතක.

    ReplyDelete
  25. මම නං එච්චර බඩු සීට්ටුවලට කැමති නැහැ, වෙන්දේසි සිට්ටු නං ලාබයි, හොඳයි .......

    ReplyDelete
  26. දැන් මේ සීට්ටු කතන්දරේට අදාල නීති නැද්ද???

    ReplyDelete
  27. දැන් මේ සීට්ටු කතන්දරේට අදාල නීති නැද්ද???

    ReplyDelete