20 September 2011

ඇයි අපිට තහනංද..?


මල මඟුලක්නේ යකෝ... මුං එහෙං පොටෝ දානවා.. මෙහෙං පොටෝ දානවා... එක කෙලියයි...
ඔහොම කලාම අපිට පැහැදිලි ඊරිසියාවක් එනවනේ.. ඕන මගුලක් කියලා මටත් ඕන උනා.. ඒත් ඉතිං කවද කාපු ටකරංද..? තනියම යන්ටත් මහ මෙව්වා එකයි... ඒ මදිවට 21 වෙනිදා ඉඳන් 25 වෙනිදා වෙනකල්ම අඛණ්ඩ රාජකාරියකුත් වැටිලා... ආයේ කවදා යන්ටද..?

අනේ ඉතිං එහෙම හිතලා "මටත් ඕන අරක බලන්න යන්න.."කිව්වම යන්තං එක්කෙනෙක් සෙට් උනා වැඩේට...
"ආ වර... අපිත් ආසයි පින් දහං කරන්න" කියලා ඔන්න මාවත් ඇන්න ගියා මේක බලන්ට...

කොහොම හරි අද දහවලේ ගොහින් කකුල් කඩිත්තුව හැදෙනකල්ම හැම තැනම බඩ ගාලා..ඇති වෙනකල් බලලා..අතගාලා.. පිටින් බලලා ඇතුලින් බලලා.එහෙට මෙහෙට පෙරල පෙරල බලලා යන්තං අත වන වන එන්නේ නැතිව එකක් දෙකක් ඇන්නත් ආවා...

හුගාක්ම සංතෝස අවුරුදු ගානක හීනයක් ඉස්ට වීම ගැන...
ඔය දොස්තර උන්නැහේගේ එක මං කාලෙක ඉඳන් හෙව්ව එකක්... මෙයිට අවුරුදු හයකට විතර ඉහතදී කොලඹ ජාතික පුස්තකාලය ගාව තිබුන ප්‍රදර්ශනයකදී මට අහම්බෙන් මුණ ගැහුනට ඒ වෙනකොට අතේ තිබුන හත් අට දහම වැය කරලා වෙන වෙන ඒවා අරගෙන හිටියේ.. ඒ පාර බොහෝම දුකෙන් තියලා එන්න ආවා.. ඒත් මේ පාරනං ගියේ වෙන එකක්වත් එපා ඕකමයි ගේන්නේ කියලා.. ඒත් මගේ අම්මේ ඕක හොයන්න කාපු කට්ටක්..තව පොඩ්ඩෙන් මං අතරමං වෙනවත් එක්කලා...

කොහොමින් කොහොම හරි ඒක මට හම්බ උනා... කොච්චර හිත තදකරගෙන ගියා උනත් ඕක විතරයි ගේන්නේ කියලා..තව දෙකක් තුනක් ගන්න උනා... ගෙනාව වගේ නෙවෙයි දැන් කියවහල්ලාකෝ...

කොහොම උනත් හිතුවට වඩා ලාබයි... ඒ වගේම අවුරුදු ගානකින් ඉස්ට වෙච්ච බලාපොරොත්තුව ගැන අප්පරමාණ සංතෝෂයි...

ඉතිං කොහොම හරි ඔය ටිකත් බලලා කරලා රටේ තියෙන තරං කඩ චෝරුත් ගිලලා ආපහු එන්ට ආවා...අයිස් කිරිං.. නූඩ්ල්ස්.. පොප්කොන්.. පැණි බීම... අරකද මේකද නානාප්‍රකාර විකාර...

ඒ ඔක්කෝමත් හරි... ජීවිතේ පලවෙනි වතාවට පීට්සා කෑවේ අදයි කියමුකෝ... මෙච්චර දවසක් කාලා නැති විත්තිය දැනගෙන හිටන් මට පීට්සා ගිල්ලෙව්ව කෙනාටත් බොහෝම පින්... උන්දැට උපදින උපදින ආත්මයක් පාසාම පීට්සා.. පාන් බනිස් හා රෝස්පාන් අඩු නැතිවම ලැ‍බේවා..!

55 comments:

  1. පොත් නම් මොනවද බං...පිට්සා එකේ ෆොටෝ එකක් නැද්ද ?

    ReplyDelete
  2. මාරය්යා හොඳයි බලනකොට . අපිනම් තාමත් පීට්ස කාල නෑ. මම හිතන්නේ ලකී අය්යත් කාල නෑ වගේ...

    ReplyDelete
  3. ආව් කාලයක් නහයෙන් අඬ අඬා හිටපු දොස්තර පොත හම්බ වෙලා. නුවර පිට්සා හට් එකක් දැම්මට පස්සෙ මටත් සෑහෙන කාලයක් ආසාවක් තිබ්බා පිට්සා කන්න. ඒත් තනියම ගිහින් ඔවුවා ඕඩර් කරන හැටි කන දැනන් හිටියෙත් නෑ, දන්නෙ නෑ කියල කාටවත් කියන්නත් ලැජ්ජයි වෙවී ඉඳලා අවුරුදුම ගාණකට පස්සෙ යාලුවෙක්ගෙ උපන්දිනේකට පිට්සා කෑවා :)

    ReplyDelete
  4. යනවද නැද්ද ? ඇත්තටම කිව්වොත් යන්න වෙයිද නැද්ද කියල තාම ශුවර් නැ .....

    පීසා කාල නැති යාලුවෙකුට ඔය තැනදිම පිසා කැල්ලක් අරන් දීල තියෙයි (හැබැයි උත්සවය වෙන එකක් ) , උගේ ප්‍රතිචාරය

    නොදකින් බන් , මීට හොඳයි තෝසයක් කැව නම් ....

    කියල තමයි , අපරාදේ කැල්ල මාරයට අරන් දුන්න නම් පින්වත් දෙනවනේ

    ReplyDelete
  5. හෙහ් හෙහ්.. මට මතක්වුනා ඒ දවස්සොල ඕකට ගොහිං අතිං-කටිං පොත් මිටි උස්සගෙන ආපු හැටි.. මටත් තියෙන ලෙඩක් නොවැ ඔය, යන්නෙ නං මෙන්න මෙච්චරයි ගන්නෙ කියලා කලිංම හිතාගෙන.. ඒ වුනාට කොහොමද අප්පා ඒවා දැක්කහම දාලා එන්නෙ..?? තණ්හාවේ බැරුවා.. :))

    ReplyDelete
  6. විද්‍යාත්මකව ස්වයංජාත වූ විතාරන මහතාගේ මරණයට දොස්තර ෂිවාගෝ පැමිණ ඇත. :P

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මමත් ගියා. පොත් ටිකකුත් ගත්ත.
    භද්‍රජී මමත් කැමති චරිතයක් තමා. ඒත් මට නං භද්‍රජී ගේ පරිවර්තන නීරසයි. ඩොක්ට ශිවාගෝ හොඳ කෘතියක් කියල මමත් අහල තියනවා. තාම කියවල නැහැ. ඉංග්‍රීසි පිටපත කියවන්නයි හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
  9. අපි කවදා යන්නදැ...... කමක් නෑ අර පෝටෝ දදා අපිව කුලප්පු කර අයට පේන්න අපිව නියෝජනය කරමින් අයියවත් ගිහින් ආවනේ.......

    පිට්සා ඉස්සර මාත් හරි ආසයිනේ. අපේ අප්පා දවසක් එපා වෙනකම් අරන් දුන්නා. තාමත් නම් ආසයි හැබැයි.... හී........ මෙහේ තියන එව්වා ඔරිමජිනල් නෙවෙයි අප්පා.

    නලිනි අක්කටත් හිතෙන එව්වා.... හිහ්....

    ReplyDelete
  10. මම අදත් දවසම හිටියේ BMICH එක ඇතුලෙනෙ..ඒත් මාරයාව ඇහැ ගැටුනෙ නැහැ..අහක බල බලා ගිහින් කුණු එකතු කරගෙන යන ටැක්ටරේක හැප්පෙන්න නම් ගියා..ඒකට යට උනා නම් මාරයාව දකින්නත් තිබුනා..

    ReplyDelete
  11. මචං අයියේ පීට්සා හදන රෙසිපි එකක් දාන්ඩකෝ

    ReplyDelete
  12. ඔය තියෙන්නේ අයියත් හොද පොත් ටිකක් අරගෙන.. මමත් ඔය ගන්නේ නෑ කියල හිතාගෙන ගොහින් අරන් ආපු දේවල් නම් එමටයි...

    ReplyDelete
  13. රසයි...
    නෑ බන්..
    පීට්සා...

    ReplyDelete
  14. අපේ කොළඹ යාලුවෙකුත්, මාතරිනුත් හුඟක් ඈත පලාතකින් ආව හිතවතෙකුට, පීසා අරන් දීල සෑහෙන්න බැණුන් අහල තියෙනව. "පීසා හට්" "ඩොමිනෝස්" "මැක්ඩොනල්ඩ්" වගේ තැන් වල බෝර්ඩ් එක විතරය් පිටරට කොලිටියට කිට්ටුවෙන් යන්න තියෙන්නෙ කියල, ඉඳල හිටල ලංකාවට ආව වෙලාවල් වල තේරුං ගත්ත දෙයක්.

    ReplyDelete
  15. Pizza කෑ එක ගැන මාගේ සුබ පැතුම්. කවුද ඔය අනික් කෙනා? (ඔබා මාමවත්ද?)

    ReplyDelete
  16. dough:
    http://breadbaking.about.com/od/flatandpocketbreads/r/panpizza.htm

    method:
    http://www.youtube.com/watch?v=eWKeuN1_-zY

    toppings:
    cheese, මාළුමිරිස්, හතු, තෙල් ස්වල්පයක් දමා බැදගත් පොඩියට කැපු වම්බොටු, ඉදුණු මිරිස්, ළුණු, ලීක්ස්, හීනියට ලියාගත් කරපිංචා, etc...

    තක්කාලි සෝස්:
    තක්කාලි උණු වතුරේ ටිකක්වෙලා තියල පොත්ත ඇරලා අළුයටදමා පුළුස්සා ගත් සුදුළුණු ,ලුණු ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක් සමග හොදින් අනාගන්න.

    Enjoy your best homemade pizza's ever!!!

    -අම්බි

    ReplyDelete
  17. මාරේ අයියත් ගිහින් තියෙන්නේ පොත් බලන්ට. අපරාදේ 18 වෙනිදා මාරේ අයියා ආවනම් වචනයක් දෙකක් කතා කරලා එන්න තිබ්බා. අපට කොයින්ද එහෙම වාසනාවක් !!!

    ඒක නෙමේ මාරේ අයියත් ගියේ බ්ලොග් ලියන උන්දැලාත් එක්කද ?

    මාත් එකම එකපාරක් පීට්සා කාලා තියේ. පීසා හදන හැටි දාන්න පුලුවන් නම්.

    ReplyDelete
  18. අම්මෝ නිවන් යන පිනක් කර ගෙන තියෙන්නෙ......... ,
    ඒක නෙවේ අය්යෙ වැඩිය රහ පීට්සා ද තෝසෙ ද ?

    ReplyDelete
  19. ඔව් ඔව් ගත්තනම් දැන් ඉතින් කියවහන් කෝ.....

    ReplyDelete
  20. මාත් ගියා ඊයෙ රෑ.. හිටපල්ලකෝ ෆො‍ටෝ එක්ක මාත් දානකම්...

    ReplyDelete
  21. මේ දවස් වල බ්ලොග් කියවන්න හොඳ නැහැ දෙය්යනේ . හැම එකාම පොත් අරන් . දොස්තර ශිවාගෝ මටත් කියවන්න බැරි වුන පොතක් තමයි. අපි ඉතින් වෙන වෙන දොස්තරලගේ එව්වනේ කියවන්නේ . දැන් ඔය පොත් ප්‍රදර්ශනයට නොගිහින් ඕකෙන් පොත් ගන්න ක්‍රමයක් දන්නවද . මට නම් එහෙම පුළුවන් . ඔන්න බලන්න හොඳ යාළුවො ඉන්නකොට .

    ReplyDelete
  22. ගෙනාව වගේ නෙවෙයි දැන් කියවහල්ලාකෝ...

    පීසා හදන ආකාරය ළගදීම මාර සරණියෙන් බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  23. අපිත් දැක්ක පාපී මාරයා යනු කවරෙක්ද කියල බුකියෙ එහෙම දාල තියනව.මොනව උනත් හෙන සංතෝසයි අපි පොටෝ දැකල කුලප්පු වෙලා ඔය පොත් ප්‍රදර්ශනේ බලන්න ගියානම්.දැන් ඊලඟට අපේ එකෙක් බැන්දම (වැපා වගේ..) මාරයටත් හිතෙයි මුන් වෙඩින් පොටෝ දාල අපිව කුලප්පු කරනව.හිටපල්ල මාත් බඳිනව කියල...

    ReplyDelete
  24. සිහින මරු කතාව! :D
    පීට්සා කන්න නම් ආසයි ගාන තමයි ප්‍රශ්නේ!

    ReplyDelete
  25. ස්වයංජාත පොත පෙරල පෙරල ඉඳලා ඒ වෙනුවට වෙන පොතක් අරන් ආවා. දැන් හිතෙනවා අපරාදෙ ඒක ගත්තනම් ඉවරයි කියලා. බොලාලට 18 එන්න තමා බැරි නේ. ආවනම් මක් වෙනවද.

    ReplyDelete
  26. පිසා කාපු පලවෙනි දවසෙ මටත් හිතුනෙ මේ මොන මල ඉලවුවක්ද කියල.. හැබැයි පීස වලට ආස උනේ ඩයි මෝ එකේ පීස කාලා... පීස එපා උනේ ගාල්ලෙ හොට් පැක් එකෙ මල ජරාව කාල....

    මමනම් පීස කියන්නෙ ආස කෑමක් තමයි.. ඒත් ඉතිං තාම ඉතිං අපි ශාක වෙච්ච අපට ආර්ථිකේ තමා ඕකට අප්සට්..

    ReplyDelete
  27. @Luckey...

    කෑම බීමවල පොටෝ ගන්න තහනං කරලා තමයි බං හැම දේම අරං දුන්නේ..මොන පොටෝද..?

    @Gimhani...

    ගිම්හානි ඉන්න පැත්තටනං තියෙනවා නේද ඔය රොටී කඩ..?
    ලකීයා මොන පීසා කෑමක්ද ගිම්හානි... තුන් වේලට අරාබි හන්දියේ රොටී කඩෙන් චපාති ගිලිනවා ඇර..

    @Chanaka Aruna Munasinghe...

    අම්මේ ඔව්..ඔය පොත සෑහෙන කාලෙක ඉඳලා හොය හොය හිටියේ..යන්තං අහු උනා..අද හවස සිටවත් කියවන්න ගන්න ඕන... ලේසි නැහැ 766ක්ම පිටු.

    මටත් එහෙමම තමා බං..තුන් හතර වතාවක්ම ඔව්වා විකුණන කඩේකට ගොඩ වෙන්න හිතුනත් නිකං මොකටද වරිගෙ නහ ගන්නේ කියලා හිතලා ඉවසං හිටියා... යන්තං ඒකත් හරි...

    @buwa...

    කාලාන්තරේක ඉඳලි තිබුන ආසාවක් නෙව..කොහොම උනත් ඒකත් හරි... හොඳ සාම්බාරු පාරක් එක්ක තෝසයක් කන එකත් ටොපේ ටොප් වැඩක් තමා..මේකත් නරක නැහැ..ඒත් කන ගමන් අපි දෙන්නම කතා උනේ මීට වඩා හොදට මේක අපිට ගෙදරදීම හදන්න ඇහැකිනේ කියලා...

    @Buratheno...

    මාත් ගියේ ඉවසපාං පපුව කියලා හිතාගෙන. මට ඕන පොත ගන්න ඕන ගානට සල්ලි තියෙද්දී කෝකටත් කියලා යන ගමන් අර කාඩ් එක එබුවම සල්ලි එලියට පනින මැසිමෙන් තවත් කීයක්ද මංදා අරං ගිය එකේ වරද..?

    ReplyDelete
  28. ආවු ආවු දැන් දෙන්නත් එක්ක පීට්සා එහෙම කනව ඈ.

    දැන් ඉතිං ඕක හදන හැටි හොයාගෙන බුකියයි, බ්ලොග් එකයි පුරවයි. :D

    ReplyDelete
  29. සිහින ගෙ කතාව තමා මරු

    ReplyDelete
  30. @නලිනි චන්දිමා...

    විතාරණ මහතාගේ මරණය ස්වයංජාතව නොවූ ඕනෑම අයකුගේ විද්‍යාත්මක ඉරණම බව දොස්තර ෂිවාගෝ මහතාගේ නිගමනය විය කිව්වළු.. :P

    @පිසාචයා...

    මොකදෑ මේ මකාගෙන..?

    @පොත් ගුල්ලා...

    මගේ ජීවිතේදී මං දැක්ක විවිධ ක්ෂේත්‍ර ගණනාවක පුදුමාකාර හැකියාවන්ගෙන් සපිරි මිනිහෙක් භද්‍රජී කියන්නේ... ඇත්තටම එක්තරා විදියකින් මං ඔහුව අදහනවා කිව්වත් වැරැද්දක් නැහැ.. ඔහුගේ පරිවර්ථන පිළිබඳව නම් මට තවම කිසිවක් කියන්න බැහැ මොකද මං තාව මේක කියවන්න පටන් ගත්තේ නැති හින්දා..ඒත් මං කියවූ ඔහුගේ ස්වයං නිර්මාණ නම් සුපිරිම තත්වයේ තිබෙන බව කිව යුතුමයි.. උලමාගේ රාත්‍රිය වගේම පවුරු බැඳි රාජ්‍යය ඒ අතරින් විශ්ෂ්ඨම ඒවා බව මතක් නොකර කොහොමද...

    ඔය මං කියපු දෙවැන්න අදටත් මගේ ඔළුවේ තියෙන සුවිශේෂී මතකයක්...

    @හා පැටික්කි...

    ආයෙත් අහලා නගේ... දැක්කනේ පහු ගිය දෙදොහේ මුං අපිව කන්න හැදුව හැටි...

    ඇත්තටම ඔව්වා මෙහෙ තියෙන කෝක කෑවත් කවදා හරි අපිට ඉතාලිය පැත්තේ ගෙහුන් ඔයින් එකක් කාපු දවසට හිතෙයිද දන්නේ නැහැ මුං මේ අපට කවලා තියෙන්නේ පාන් මෝලියමද කියලා.. අර චීනෙත් නැති චීන කෑම තියෙන රට නෙව මේක..

    එයාට හිතෙන්නේ ඔහොම එකක් තමා ඉතිං...

    @Weni...

    කවුද දන්නෙ එහෙම වගක්.. අනික මාත් කලින් කියලා නෙවෙයි නෙව ගියේ..නැත්තං බොලා ටිකක් වට පිට බලනවනේ...

    ReplyDelete
  31. @හිස් අහස...

    යකෝ කෑවෙත් ඊයේ.. අද කොහොමද බං ඕක දාන්නේ..තව එක පාරක් දෙපාරක් කෑවමනං දාතෑහැකි.. ඒත් බං මං උබට ලේසි වැඩක් කියන්නං.. බිත්තර ඔම්ලට් එකට තව පාන් පිටි හැඳි දෙකක් දාලා ඒකටම තව එළවළු ළූණු මස් කෑලි ටිකක් ඉහලා බැදෙන ගමන් උඩින් චීස් ටිකක් ඉහලා වහලා ලිපේ ගින්දර අහක් කරලා යන්තං රස්නෙන් තියෙන්න ඇරහං..අරකට වඩා හොද එකක් උඹට හම්බ වෙයි...

    @Dinesh...

    කොච්චර තද කරං ගියත් පොත් දැක්කම හිත උනු වෙනවා බං...

    @මාතලන්...

    රසයි රසයි.. ආයේ නැතිව...

    @Observer...

    චීන්නුත් නොකන චෛනීස් තියෙන රට අයියේ මේක...

    @අලුත් කොල්ලා...

    යකෝ ඔබා මාමා එක්ක ගියානං මෙතන ලියන්න වෙන්නේ පොත් පත් කතාවක්වත්.. පීට්සා කතාවක්වත් නෙවෙයි ..තනිකරම බේබදු කතාවක්...

    ReplyDelete
  32. @ඇනෝ...

    අහ් ඔය දාලා තියෙන්නේ..තැන්කූ...

    සඳරුවෝ මෙන්නෝ...

    @මධුරංග...

    මේක මේ ඊයේ යන්ට හිටි ගමනක් නෙවෙයි මලයා..අපි හිතං හිටියේ සිකුරාදා දිහාවේ යන්ට..ඒත් මට අද ඉඳලා එක දිගට දවස් හතරක් පහක් රාජකාරි වැටුන හින්දා ඊට කලියෙන් බලමු කියලා තීරණය කොරලා ගියාපු ගමනක්...

    ඔව් ඔව් බ්ලොග් එකක්ද මොකක්ද එකක් වගේ ලියන අයනං තමා...

    හිටිංකෝ වෙලාවක මගේ පදමට හදන හැටි දාන්ට...

    @sameera...

    පීට්සා හොඳයි.. තෝසේ හොඳායි...ඒ උනාට තව වතාවක් දෙකක් කාලා බලන්ට ඕන.. ඕවායෙත් එක එක ජාති තියෙනවා නෙව...

    @ප්‍රසංග...

    නැතිව නැතිව...

    @පැණි දොඩම්...

    පරක්කු කොරන්ට එපා...

    ReplyDelete
  33. @Bindi...

    ඒකත් නරක නැහැ නේද..? ඔන්න බින්දි කිව්ව හින්දා මං ප්‍රදර්ශනය අස්සෙම අර උඩ ගිය බබා..කාර් බබා වගේ සිබිල් නැන්දගේ පොත් හතර පහක්ම කියෝලා ඉවර කලා...

    ReplyDelete
  34. @නචියා...

    කියවන්ටනං බැරියෑ..මේ නෙට් එක තමා පරම හතුරා...

    @සිහින...

    බොලාගේ අර කැහුටු පොටෝ දැකලා ඕක බලන්ට යන්ට මට පික්ෂුවක් ඇතෙයි.. අර පිණී බින්දු නගා හෙමනං ගත්තු පොත් පත් ටික හිටං දාලා තිබුනා..ආන්න ඒවා දැක්කමයි අපි කුපිත වෙන්නේ.. බොලා මොනවද දාලා තිබුන පොටෝ.. නිකං පෙරහැරෙ නටන්න ලෑස්සති වෙන රෑකඩ ටික වගේ... සික්... ඒවෑ තිබුනේ කන බොන ඒවා විතරමයිනේ...

    අඩෝ තෝ මට අහුවෙන්න එපා හරිද..? පිඹිනවා අජටාකාසෙටම යන්ට...

    ReplyDelete
  35. @පූසා...

    ඔය හීනියා කෝටු මස් කොල යුතුයි...
    අප්පේ ඔව්..මං හිතන්නේ ඔව්වට රත්තරනුති ටික වෙන්න දානවද කොහේද...?

    @පිණිබිඳු...

    අපරාදේ..ස්වයංජාත ටිකක් උඩිං පල්ලෙන් කියවන්ට කියලා පිටිවක් පෙරල ගත්තා..මල කෙලියයි තව පොඩ්ඩෙන් අද උදේ වැඩට එන්ටත් පරක්කු වෙනවා..

    බොලා එක්ක ආවනං මට අරං දෙනවද පීට්සා..? ඇහ්...

    ReplyDelete
  36. @පොඩි මෑන්...

    ඒකනං ඇත්ත පොඩ්ඩෝ.. අපේ උන් අපිට කෑම එපා කොරවනවා..හුගක්ම හේතුව මේවා ඒනවට වඩා දේශීය කොරන්න යන එක...
    ගානනං සැරයි තමා...

    @Praසන්ன...

    අඩේ තැන්කිව් කිව්වා..මෙයිට කලින් වංගියකත් බොලාමද මංදා 10000 ගැහැවුවේ..?


    හිටිං මේක එක පාරක් හදලා බලනකල් දෙන්න බැටේ...

    ReplyDelete
  37. @ශානු...

    ඔව් ඉතිං උඹලටත් එව්වා තමා මරු..අනෙ අම්මපා...

    ReplyDelete
  38. හැමොම හරිම නරකයි......යන්න බැරි වෙච්ච අයට ඉරිසියා හිතෙනවනෙ අප්පා.............

    ReplyDelete
  39. @මාරයියා : දන්න කියන කෙනෙක්ට හොඳක් වෙනකොට අපිට ඉතින් මරු තමයි

    ReplyDelete
  40. @සිතුවිලි නිහඬයි...

    අතාරින්ට එපා අර කොවවට වද දෙමු.. හොඳ "හිතිං එක්ක පල කියලා..."

    @ශානු...

    අනේ ඉතිං මං නොදන්නවද ඒ හරිය..හැක්

    ReplyDelete
  41. මාරයා කියන කොට තමයි මතක්වුනේ... ඔය උලමාගේ රාත්‍රිය පොත මමත් ඉතා ආසාවෙන් පොඩි කාලේ කියවපු පොතක්... අප්පච්චි පුස්තකාලයෙන්ද කොහෙද ගෙනත් දුන්නෙ..ආයෙත් සැරයක් හොයාගෙන කියවන්න ඕනේ.....

    ReplyDelete
  42. අම්මෝ අයියත් මේ අරන් තියෙන්නෙ පොත් ටිකක්. හොදයි හොදයි..මං නම් පොත් දෙකක්ම කියවලා ඉවර කලා ඊයෙයි,පෙරේදයි දවස් දෙකේ.

    ReplyDelete
  43. හා හා කොල්ල ගොඩගිහින් වගේ.... ඔහොම යමුකෝ....:)

    ReplyDelete
  44. මට ඊරිසියාවේ බෑ ඔක්කොම ගිහින් පොත් ගන්න.හිටුකෝ අන්තිම දවසේ හරි මමත් යනවා...

    ReplyDelete
  45. මෙව්වො ඔක්කොම පොත ගන්න ගිහින් වැඩි කාලයක් කෑමට ගත කර ඇති බව මූනු පොතේ දකින සහ කියවන දේ තුලින් පෙනී යයි.

    ReplyDelete
  46. මාත් පොත් ටිකක් ගන්න ඕනා. හැබැයි ගන්න ඕන මොන පොත්ද කියලා තාම හිතුවෙත් නෑ.

    ReplyDelete
  47. ඔයා පොත් අස්සෙන් මාරිච්චියෙක් (මාර අම්මණ්ඩි කෙනෙක්) එහෙම ඇස ලාලා හිත් ලෑවේ එහෙම නැද්ද ?

    ReplyDelete
  48. බද්‍රජී මහත්තයගෙ හොඳම පරිවර්තනය විදියට හඳුන්වන්න පුළුවන් පොත! බොරිස් පැස්ටනැක් ලියොනොඩ්විච් ට නොබෙල් සාහිත්‍යත්‍යාගය හම්බුන පොත! ඔය පොතත් එක්ක හෙන පොලිටික් කතාවක් තියෙනවා. බොරිස් ට නොබෙල් තෑග්ග දෙන්න තීරණය වෙන්නේ රුසියාවට (එවකට රුසියානු සමූහාණ්ඩුව) පහර ගැසීමේ අරමුණින්. බොරිස් ට මරණීය තර්ජන හා පි‍ටුවහල් කිරීමේ තර්ජන කේජීබී එකෙන් කරන්නේ මේ අතරෙ. බොරිස් නොබෙල් කමි‍ටුවට නොබෙල් ත්‍යාගය ප්‍රතික්ශේප කිරීමේ ලිපියක් යැවුවත්, ජර්වහල්ලාල් නේරු තුමාගෙ මැදිහත්වීම නොවන්නට බොරිස් පි‍ටුවහල් කිරීමට හෝ අතුරුදන් කිරීමට සෝවියට් බලධාරීන් තීරණය කරල තිබුනෙ.

    හරිනෙ එහෙනං..

    ජයවේවා...

    ReplyDelete
  49. මගෙත් හිතේ නම් තියනවා යන්න, ඒත් ඉතිං යනකං ෂුවර් නැහැ...

    ReplyDelete
  50. කාපු Pizza එකට නෙවේ පොත් ටික දැක්කම කෙල ගිලුනා

    ReplyDelete
  51. මමත් ඉතින් ගිහින් පොත් දුසිමකට වඩා අරන් ආවා. දැනටම පොත් 3ක්ම කියවල ඉවරයි.. මුලින්ම කියෙව්වේ සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ "කවි කඳුර". ඒකනම් තාමත් මගේ ඔලුවේ දෝංකාර දෙනවා වගේ..

    ReplyDelete
  52. මටත් ඉස් ඉස්සෙලාම පිට්සා කන්න ගිහින් මහ විහිළු වැඩක් තමයි වුනේ... දැං නම් මගේ ආස කෑමක්!

    ඒක නෙවෙයි මාරයියේ, මාත් ගියා ප්‍රදර්ශනේ බලන්න 17 වෙනිදම... දාන්නම්කෝ පෝස්ට් එකක්... :)

    ReplyDelete
  53. maraiya book fair ekata gihin poth aragena madiwata pizzath kalane.maarama salli karayek wage.nathnam mama amuma amu higannek.me para salli nathiwamai giye naththe."swayanjaatha" potha godak lassanai drama ekata wada.issarahata "pizza srilankan style" recipe ekath dandako.

    ahh! ara kalin daapu soldier ge kaviyath niyamai....
    matath dan nam blog ekak liyanda hithenawa.
    jaya wewa!!!!!!!!!!!!

    ReplyDelete
  54. මාර මලයෝ.... මේ කියන කතාව ඇත්තද ?

    සිංහ
    දේපල ආරවුල් - රැකියා බාධක.

    සිංහ ලග්න හිමියන්ගේ රාහු ග‍්‍රහයා හතර වැන්නටත් කේතු ග‍්‍රහයා දස වැන්නටත් නීච වී පැමිණේ. දේපල පිළිබඳ අවුල් වියමුල් ඇති වේ. ඔබට හිමි වීමට තිබූ උරුම දේපලක් පිළිබඳ ගැටළු මතු වේ. එය නොලැබී යාමට කරුණු යෙදිය හැකිය. පදිංචි නිවසද එපා වෙයි. අළුතින් ඉඩකඩම් මිලට ගැනීම, නිවසක් සෑදීම ආදියෙන් ඔබ පාඩු අලාභ ගෙන දේ. රැකියා බලාපොරොත්තු වූ අයට රැුකියා ලැබීම ප‍්‍රමාද වේ. දැනට නිරත වී සිටින රැකියාව එපා වන තරමට කරුණු යෙදේ. රැකියා ස්ථානයේ රහස් සතුරු කරදර ඇති වේ. ඔබට අස්ථාන චෝදනා ඇති විය හැකි බැවින් කල්පනාකාරීව සිටිය යුතුය. ව්‍යාපාරිකයන්ට පාඩු අලාභ ඇති වේ. අළුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට එතරම් සුභ කාලයක් නොවේ. වැටීම්, තැලීම්, තුවාල ආදියෙන් ප‍්‍රවේශම් වන්න. මුදල් ගනු දෙනු වලදී වංචාවන්ට හසු විය හැකිය .

    මිථුන
    සුරා සූදුවට යොමු වේ.

    මිථුන ලග්න හිමියන්ගේ රාහු ග‍්‍රහයා හය වැන්නටත් කේතු ග‍්‍රහයා දොළොස් වැන්නටත් පැමිණීම අසුභ ප‍්‍රථිඵල අත් කරන ග‍්‍රහ චාරයකි. මිථුන ලග්න හිමි ඔබට අවුල් වියවුල් රැසක් ඇතිවන වකවානුවකි. අධික වියදම්, ලෙඩ දුක්, මානසික පීඩා නිතර ඇති වේ. එක් කරදරයක් අවසන් වන විට තවත් කරදරයකට මුහුණ පායි. ලෙඩ දුක් නිමක් නැත. ගුප්ත දෝෂ වලින් හට ගන්නා ලෙඩ දුක් මෙන්ම මානසික බිඳ වැටීම්ද ඇති වේ. රෝහල් ගතවීම් පෙන්නුම් කරයි. බඩේ අමාරු, අජීර්ණ, බෝවන රෝග, කුෂ්ට රෝග ඇති විය හැකිය. විෂ කුරු සතුන්ගෙන් ප‍්‍රවේශම් වන්න. මිථුන ලග්න හිමි තරුණ වයසේ පසුවන දරුවන් සුරාවට, සූදුවට යොමුවිය හැකි බැවින් දෙමාපියන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුය. තරුණයන් පමණක් නොව වැඩිහිටි අයද යම් යම් මානසික සිත් වේදනා හමුවේ සුරාවට යොමු කරන ග‍්‍රහචාරයකි.

    ReplyDelete