21 September 2011

දැක්කොත් බුවා..නොදැක්කොත් එබුවා...

ඉතිං ඔන්න රෑ ජාමෙට මොනවා හරි ලියන්ට කියලා හිතුන හින්දා එහෙමවත් කොරලා බලන්ටයි කල්පනාව. පටන් ගත්තට මොනවා ලියන්ටද මංදා...

අද ඉඳන් දවස් 4ක් මංතුමා එක දිගට රාජකාරි..බොහෝ විට දවස් 4 දවස් 5ක් වීමේ හැකියාවත් තියෙනවා...මගේ වෘත්තීය සඟයා මඟුලේ ගියා නෙව. මඟුලේ කිව්වේ උන්නැහේගේ ඥාතියෙකුගේ වෙඩිමකට බදුළු ගියා කොහොම හරි ඉරිදට වැඩට එන්නං කියලා ගියා උනත් මට ඒ හැටිම ෂුවර් නැහැ..ඒ හින්දා ඕන එකක් කියලා දවස් පහක්ම එක දිගට අදින්න හිත හදාගෙන මං වැඩට ආවා...අනිත් එක මටත් ඊ ළගට මාසෙ අන්තිමට දවස් දෙකක් හෝ තුනක් එක දිගට නිවාඩු ගන්ටත් ඇහැකි මෙහෙම ඇද්දම.. ඒ හින්දා ඔන්න හිත හදාගෙන අඳිනවා..ඒත් කරුමෙට කකුල් හතරයි කිව්වා වගේ වැඩකුත් තියේ ඔය අස්සේ...

ඒ තමා මෙච්චර දවසක් වැඩක් පලක් හරි හමන් විදියට නැති හින්දා ඔහේ ඇදි ඇදි ගිය වැඩ පොලේ අළුත් ඕඩරය ගහන්න අදම පටන් ගත්ත එක..ඇත්තටම ඕඩරේ ඇවිත් ටික දවසක් උනාට අමුද්‍රව්‍ය වල සැපයීමේ අඩුවක් හින්දා වැඩේ ඇදි ඇදි තිබ්නේ..ඒත් අද හවස 6ට විතර බඩු ආවා.. දැන් ඉතිං ලබන මාසේ දහ වෙනිදා වෙනකොට සප්ලයි කරන්න ඕන ඇණවුමේ පලමු කොටස වෙනුවෙන් මේක ඉවරයක් නැතිව වැඩ..අදත් රෑ දහය වෙනකල්..සමහර විට තව හිර උනොත් රෑ දෙක වෙනකල් අදී..

මොනවා කොරන්නද දුක තමා ඇදහංකෝ.. දැන් ඉතිනං නාන්න කන්න නැතිව ඔටුවා වගේ බලං හිටු 10 වෙනකල්... වැඩ කොච්චර තිබුනත් ඒ එකක්වත් කරන්න හිතෙන්නෙත් නැහැ..මේ දවස්වල මට පුදුම කම්මැලි කමක් ගහලා තියෙන්නේ..කොහේ හරි ඇවිදින්න යන්න විතරයි යන්තං හරි කම්මැලිකමක් නැත්තේ... ඒත් ඉතිං මේ දවස් දෙකතුනේ එව්වා සුම්මා...ඔන්න ඔහොමයි පුතේ මෙ දවස්වල අපේ තත්වේ කිව්වළු...

හරි ආව එකේ මොනව හරි කොටලා යමුකෝ...

එහෙම කිව්වට මොනවද අප්පා කොටන්නේ...පරණ මාත්තුරුකා..ම්හූ..එපා මටම අප්පරසන්නයි..කෑම බීම..චැහ් මට බැහැ...අනිත් ඒවත් ඔහොමම තමා... මට පහුගිය කතාවලින් මොනවද ලියන්ට බැරි උන අංස තියෙන්නේ.. හිටු ටිකක් මීටරේ වයින් කොරලා ගන්ට...

..............................................

හරි දෙන්නං ජම්බු... මං අඩුවෙන්ම හෝ ලියලම නැති අංසයක් වෙන්න ඕන ඉස්කෝල ජීවිතේ.. ඔව් බොහොම්යක් අය පස්ට ගගහා ලියන පාසල් කාලය.. ඔව් ඔව් අර ඔය කවුරුත් වාගේ ආපහු වංගියක් යන්ට ආසායි කියන කාලේ තමා..මොකක් ඇහැවුවා..මං ආස නැද්ද කියලා ඇහැවුවා නේද..?

බුදු අම්මේ මටනං එපා... ඒ සුන්දරත්වය යකාට ගියාවේ..මටනං මේ හොඳා... උදේ පාන්දර හතර හමාරට නැගිටලා පහට ගෙදරින් පිටත් වෙලා..හැතැම්ම දෙකක් පට්ට කරුවලේ බයිසිකල් පැදලා.. එතන ඉදන් බස් අල්ලන්නට අමු කට්ටක් කාලා.. ඉස්කොලෙට ගියාය කියමුකෝ... නැති බැරිකං හින්දා එහෙට මෙහෙට විසි වෙවී... තේරෙන්නේ නැති දේවල් අහගන්ට විදියක් නැතිව ඔය අතට අහුවෙන විදියට ඉගෙන ගත්තු කාලේ..හවසට ආයෙම වංගියක් සීටීබී බස් අල්ලගෙන එන්ට ට්‍රයි කොර කාලේ..

ඇයි වදේ රුපියල් 60ක් වෙච්ච මාසික වාර ප්‍රවේශ පත්තරේට ප්‍රයිවෙට් බස්වල අපිව එක්ක යනවයෑ.. ඒ මදිවට ඔය කාලේ පුරාවටම අර දෙමටගොඩ ගුවන් පාලම හදනවා..මං ඉස්කෝලේට ගිය දවසේ ඉඳන්..මං ඉස්කොලෙන් අයින් වෙනකලුත් ඔය මඟුල හැදුවා නෙව.. දැන්නං ඉතිං ඒක උඩිං යන වාරයක් වාරයක් ගානේ ඒ සිද්දි මතක් වෙනවා..අමාරුවෙන් අල්ල ගන්න සීටීබී එකේ දෙමටගොඩට වෙනකල් ආවත් එතන ඉදන් බස්එක යන්නේ පැයකට මීටර් දහයේ වේගෙට..කොයි වෙලේ බැළුවත් ට්‍රැෆික්...

අපි මොකද ඉතිං කරන්නේ බස් එකෙන් බැහැලා ඇවිදගෙන එනවා ඉස්සරහට... අනන්තවත් වාර වලදී පාලම උඩට එනකල්ම පයින් ඇවිත් තියෙනවා.. ඒ එනකොට තමා බස් එක යාන්තං මතුවෙන්නේ.. ඊ්ට පස්සේ ආයෙම වංගියක් ඒකේ එල්ලිලා එනවා..සමහර දවස්වලට පාලම උඩට එනකොට ගම්පහ කොලඹ සීටීබී එකක් අහු වෙනවා..අපි ඉතිං සීසන්නේ ඒකේ එල්ලිලා එන්ට එනවා... කොහොම හරි ගෙදර එනකොට හවස හතරහමාරත් පැනලා... හිතලා බලන්ටකෝ එක හමාරට ඉස්කෝලේ ඇරිලා පැය තුනක් තිස්සේ පාරේ කට්ට කාලා එනකොට... ගෙදර ඉදලාම ඉස්කෝලෙට තිබුනේ කිලෝ මීටර් 25ක් වගේ දුරක්... ඔය කිලෝ මීටර් 25 වෙනුවෙන් මං කාපු කට්ටක්...

ඉතිං ආයේම වංගියක් මොකට කනවද ඔය කට්ට..මට මෙහෙම හොදා...

ඉතිං මං මේ කියන්ට යන්නේ අපි එකොළහ වසරේ වගේ හිටිය සංදියේ වෙච්ච සීන් කෝන් එකක්...මේකේ කතානායකයා මේ හෝමාගම පැත්තේ පොරක්.. එළ කොල්ලෙක්.. මාත් එක්කම එකට පන්තියේ අන්තිම පේළීයේ සදාකාලිකව ස්ථීර පදිංචියට ගිය එවුන්ගෙන් එකෙක්...

බුවා උසයි... සුදු කොල්ලා..කට පුරා නළ දත් කියමුකෝ... වමත් කාරයා... අවුරුදු ගානක් එකට වැටිලා එකට කාලා හිටිය හින්දා එහෙම හිටිය කිහිප දෙනාව මට කට පාඩං.. අනික් ඉතිං ඌත් මැට්ටා..මාත් මැට්ටා... අපි දෙන්නා අතර තරගයක් තිබුනනං ඒ පන්තියේ අන්තිමයා වෙන එක වගේ එහෙකට තමා... ඒත් ඉතිං තව අපිට වඩා හොඳ වැඩර්ලා කිහිප දෙනෙක් හිටිය හින්දාම අපි දෙන්නට අගින්වත් කප් එක ගහන්ට ලේසි උනේ නැහැ..හැමදාම 40ක් ඉන්න පන්තියේ මං 35 නං ඌ 36..ඌ 35නං මං 36 වගේ තමා... හැබැයි ඉතිං ප්‍රතිඵලේ කොහොම උනත් ඌට ඇති ගානකුත් නැහැ මට ඇති ගානකුත් නැහැ... අපේ නෙවෙයි වගේ අපි ආතල් එකේ හිටියා...

අපරාදේ කියන්ට බැහැ ඔය චිත්තර සංගීත වගේ විෂයන් වලදී එකටම පංති කට් කරන්ටයි... එතනින් ගියාම පුළුවන් හැම වෙලාවෙම ඉස්කොලෙන් එළියේ පරිසරයේ සිරි නරඹන්ට යන්නයි.. වගේ දහසකුත් එකක් දේවල් කොරන්ට අපි දෙන්නා නිතරම සහයෝගයෙන් වැඩ කොලා කිව්වොත් හරියටම හරි... උගන්නන වෙලාවල් වලදී උනත් ඔළුවේ කැක්කුමක් කියලා පොඩි නින්දක් දාන්ට උනත් අපි දෙන්නම දක්ෂයෝ...

කොහොම හරි ඉතිං දැනට මේ මදෑ ඒකා ගැන විස්තර... උගේ නම මේකේ දාන්ට හැටියක් නැහැ..මොකද මෑන් මේ සයිබර් අවකාශයේ සැරිසරනවා..ඒ හින්දා කොයි වෙලේ හරි තොගේ අ**ට හු** පුතෝ කියලා සුන්දර වචන මාලාවකින් සංග්‍රහ ලබන්ට ඉඩ කඩ වැඩි හින්දා මං ඒ නම භාවිතා නොකර ඉන්නං... මොකද ඌයි මමයි දෙන්නම ඒ කාලේ එය අපේ භාෂාවෙන් ගිලිහී යන සුන්දර වචන සමුදායක ගිලි පිහිනා නාන ගමන් ඒ වචන උපයෝගී කරගෙන ඉතා විශිෂ්ඨ නිර්මාණ ලොවට හඳුන්වලා දීලා තියෙනවා...

සමහර විට සමහරු විශ්වාස කරන එකක් නැහැ... ඒත් ඔය සනත් නන්දසිරි මහත්තයගේ ඔබේ සුවඳ පිරුනු පුංචි කාමරේ කියන ගීතය අපේ ඉස්කෝලෙන් මුලින්ම නවීකරණය කලෙත් විශේෂඥ පදමාලා රචකයින් දෙපලක් හැටියට ඒ වන විටත් නම් දරා සිටි අපි දෙන්නාම තමා... පස්සේ ඒක ඉස්කෝලේ පුරාම ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත් උනත් එහි නිර්මාපකයින් වෙච්ච අපි දෙන්නව කාලයේ වැලි තලාවෙන් වැහිලා ගියා නෙව.. තාමත් කටේ වැලි...චිහ්...

පහු කාලෙක අපේ ගීතයම වගේ ගිතයක් මුළු මහත් ලංකාව පුරාම පැතිරිලා ගියත් මට කියන්න බැහැ ඒ අපේම නිර්මාණය කියලා..මොකද අපි වගේම හිතන්න පුළුවන්..පද බඳින්න පුළුවන් කොල්ලෝ තව කොච්චර ඇද්ද රටේ... ඒත් අපි දෙන්නා ඔය නිර්මාණ කාර්යයට අත ගහනකොට ඒ ගීතයට ඔහොම සුවිශේෂී වෙනත් පදමාලාවක් අපේ බජාර් එකට ඇවිත් තිබුනේ නැහැ කියන එක බොහෝම වගකීමෙන් මට කියන්න ඇහැකි. හැබැයි ඉතිං අදටත් මට ඔය නිර්මාණ වැනසීමේ හැකියාව තියෙන බවනං කියන්ට ඕන..අරූටත් එහෙමම ඒ හැකියාව ඇති කියලා හි‍තෙනවා...

කොහොම හරි ඔන්න එක දවසක් අපේ පන්තියේ උගන්නන්ට කිසිම ගුරුවරයෙක් නැහැ... අදාළ ගුරුවරයා ඇවිත් නැතිවා හරි මොකක් හරි පුස්නයක්. අපිත් ඉතිං ඉගෙන ගන්ට නැති වීම පිළීබඳ අප්‍රමාණ ශෝකයෙන් යුතුව බජව්වක් දාගෙන ඉන්න වෙලාව.. පන්තියේ කොල්ලන්ගෙන් බාගයක්වත් පේන්ට හිටියෙත් නැහැ..උන් කොහේ කොහේ හරි ගෙහුන්... අපි ටික ඉතිං අපේ මේ ශාස්ත්‍රෝද්ග්‍රහණයට ඇති වී තිබූ බාදාව ගැන හද පුපුරා නැගෙන සෝකය තුනී වෙන්ටත් එක්ක පුංචි පහේ සිංදුවක් දෙකක් වේදනාත්මක ස්වර ඉස්මතු වෙන අන්දමට ගායනා කරමින් ඉන්න වෙලාව...

මෙන්න මේ වෙලාවේ තමා එක පාරටම අපේ බුවා පංතියට කඩාගෙන බිදගෙන දුවගෙන එන්නේ... මං හිතන්නේ ඌ ගිහින් හිටියේ වතුර බොන්න.. ඒකට යන්ට එපෑ පහළටම අපි ඒ දවස්වල හිටියේ තට්ටු තුනේ බිල්ඩිමක දෙවෙනි තට්ටුවේ කෙලවරකට ආසන්න පංතියක... ඉතිං පඩං පෙල බැහැලා..එළියට ගොහින් අංශබර විදුහල්පති කාර්යාලයේ ඉස්සරහින්ම හුරේ රන් එකක් දීලා හෝ වැදගත් අහිංසක මුහුණක් මවාගෙන ගාම්භිර ලෙස ගමන් කොට තරණය කල යුතුයි... දිව්වොත් අල්ලන්ට ලේසි නැහැ..බයක් සැකක් නැතිව වැදගත් විදියට යනකොට අහන්නට එකෙක් නැහැ..ඔය දෙවිදියෙන් එම මාරක ස්ථානය තරණය කරලා එන්ට ඕන..

කොහොම හරි මෙච්චර වෙලා පංතියේ හිටියේ නැති යාළුවා එක පාරටම දුවගෙන ඇවිත් පංති කාමරය ඉස්සරහ බ්රේක් පාරක් ගහලා වංගුව අරගෙන කෙලින්ම පංතියට හරවලා කඩාගෙන ගිහින් පිටිපස්සේම පේලියේ කට්ටිය අතර ආසනයක වාඩි වෙලා හති අරින ගමන්ම මූණත් නිකං හොර පූසාගේ වගේ කොරගෙන ඉන්නවා.. මූත් එක්ක එකට හිටි සඟයා හැටියට මංනං දන්නවා මූ හොර බළලා වගේ ඉන්නේ මොනවා හරි ගොබ්බ වැඩක් කරලා විත්තිය..ඒත් ඌ ඉන්න තත්වේ සලකලා බලලා මාත් නිහඩවම හිටියා...

ඒත් ගත උනේ විනාඩියකටත් අඩු කාලයක්... මේන් බොලේ පංතියේ දොරකඩින් තවත් මුහුණු දෙකක් මතු උනා...ඒ මුහුණු දෙක දකිනකොටම අපේ බුවාගේ ඇස් නළලට යනවා වගේම මූණ හංගගන්න වගේ වෙනත් පැත්තක් බලන හැටිත් මට හොදටම නිරීක්ෂණය උනා...ඇත්තටම එයින් එක මුහුණක් දැක්කමනං අපේ ඇසුත් ඉහළට යන එක නවත්තන්න ලේසි නැහැ.. ඒ තරං මාරාන්තික දර්ශනයක් තමා ඒ... අනිත් මුහුණනං එහෙමට මාරාන්තික නැති උනත්... ඒ දැක්කත් ඉහළ යනවා...

..................................................
කට්ටිය ඔෆ් වෙලා ගියා..මං දැන් නාලා කාලා ඉන්ට ඕන... ඉතිරි ටික පස්සේ කියඤ්ඤං...

34 comments:

  1. චික් විතරක් ..බලන් යනකොට සේරම එකයි...මෙච්චර වෙලා නාන්න කන්න හිතක් නැහැ කිය කිය හිටපු එකාට නාන්න මතක් වෙන්නෙත් කතාවෙ හොඳම හරිය එනකොට තමයි...
    කාලෙකට පස්සෙ ඔන්න අද මාරයා ට්‍රැක් එකට ඇවිල්ලා..බොහොම සන්තෝසයි.

    ReplyDelete
  2. සිකේ මාරයෝ මෙහෙමත් කතා නවත්තනවද බන්... කොහොමහරි පාසල් කාලයත් කියහංකෝ බලන්න

    ReplyDelete
  3. මරේ අයියත් මගුලක් කරනවා නේ
    පොල්ලෙන් ගැහුව වගේ නවත්තල නේ

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සික්, ඉතුරු ටික? ? ? ආතල් කඩනවා කියල ඔහොමත් කරනවද ඈ. . . .

    ReplyDelete
  6. සිද්ධිය මේ දැන් මම දැන ගත්තා...කියන එක හරි නෑනෙ......බලාගෙන ඉන්නකො කස්ටියම...මෙයා " මාර වැඩ " කරන්නෙ

    ReplyDelete
  7. අන්න අන්න ඒවා වැරදි වැඩ.......පැහැදිලිවම අනිත් පාඨකයන්ට කරන අසාධාරණයක්...
    පාට කාවියන්ට පස්ස දොරෙන් කතාව ලීක් කරල......එනව මෙතන තව......

    ReplyDelete
  8. මොකද්ද බං උඹේ ඉස්කෝලේ? ඔච්චරම නරක විදිහට හැසිරෙන්න දෙන ඉස්කෝලයක් මං අහලම නෑ!

    ReplyDelete
  9. හ්ම්ම්......මාරයා සහ බුවා...මතු සම්බන්ධයි.....!!!

    ReplyDelete
  10. මේවා හරි අසාධානරනයි අනික දිල් ඔහොම අහන එකත් අසාධානරනයි,,අහලා කටවහන් ඉන්න ඕනා එක්කෝ,,,ඒක මෙතන ඇවිත් කියනවා

    ReplyDelete
  11. එල කිරිස්.... ඇත්තම් කියනවනම් මාරෙ අයියා උබේ බ්ලොගෙ කියවපං කියල දුන්න එකා ඒක එඋව කියවල බලපං සිරා කියල... මම මුල්ම හරියෙ ඒව වගයක් ඕපන් කරං කියෙවුඅ.. ඒ දවස්වල අර බීල ලියන ඒව.. මුලින්ම මට හිතුනෙ මොන හු**** කියලයි... ඒත් පන්සලේ ජීවිතේ ටික්ක දක්කම මට නැගිටින්න හිතුනෙ නෑ... ඒ තරමට මම පට්ට ආසයි ඒ ටිකට..

    හැමෝටම ගන්න බැරි සිරාම අත්දැකීම් ටිකක් තියෙනවා ඔබතුමාට.. ඒවයින් මිනිහෙක්ට ගන්න පුලුවන් ආදර්ශ කියල වඩක් නෑ... අනිත් උන් ගැන මම දන්නෙ නෑ මම කියන්නෙ මගේ ගැන.. ඔය කෑම චාති ඒව ගැන ලියන් ලිපිවලට මම එච්චර කැමති නෑ.. ඒත් බ්ලොගේ උබේ.. ලියන දෙයක් මාරයියගෙ කැමැත්තෙ අනුව.. ඒත් මෙන්න මේවට තමයි පට්ටම ආස....

    ලියපං මාරයෝ ඉක්මනට.....

    ReplyDelete
  12. මෙහෙමත් කතා නවත්තනවද?? කමක් නෑ මොකද උනේ කියලා ඉක්මනට දාන්න....

    ReplyDelete
  13. පෙන හැටියට අර අපු දෙන්නා සෙට් එකටම හොද පෝරියල් එකක් දීල වගේ....

    ReplyDelete
  14. මාරයා #2$58&00 #$%^)(*&^% !@#$56&84#%^ $%@&*9)($#@ ....!!!

    ReplyDelete
  15. "තාමත් කටේ වැලි" මැක්සා ...

    ReplyDelete
  16. ඔය කොරලා තියෙන්නෙ.......... ලියා ගෙන ලියා ගෙන ඇවිල්ලා මලවලාම ගියා......,
    ඇත්තටම පාසල ගමන මතක් වන විට මතක් නොකරම බැරි දෙයක් තමා දෙමටගොඩ ගුවන් පාලම අම්මේ අවුරුදු කීයක් තිස්සෙ හැදුවද ? මතක් වෙනකොට ඇග හීතල වෙනවා...............

    ReplyDelete
  17. මාරයා බුවා ! ඉක්මනට කතාවේ ඉතුරු ටිකත් එබුවා නම් ශෝයි !

    ReplyDelete
  18. යකෝ... කන්ට නාන්න කොයි වෙලාවෙ නම් බැරිද....

    ReplyDelete
  19. පැහැදිලි කෑමක් සෙට් වෙලා වගෙයි.

    ReplyDelete
  20. කොළඹ ඉදලා යක්කලටත් කිලෝමීටර් 30ක් විතර තියෙනවා. මේ යෝධයා කොහේ ඉන්න කෙනෙක් ද.....ම්හ්

    ඔබේ සුවද පිරුණු සිංදුවේ ප්‍රතිනිර්මාණයක් අපිත් කිය කියා හිටියා. ඒක මාරයා අයියලා හදපු එකද මන්දා.

    ඉක්මනටම කතාවේ ඉතුරු හරිය ලියන්න.

    ReplyDelete
  21. මූ නම් මොකෙක්ද මන්ද?

    ReplyDelete
  22. මොකද්ද අයියේ..මෙහෙමත් කතා නවත්වන සිරිතක් තියනවද මන් අහන්නේ....අයියෝ......හොඳම කොටස යනකොට අර ටීවී එකේ වගේ නැවැත්තුවා....

    ReplyDelete
  23. අප්පා උඹලා ඔය රීමික්ස් කොරපු සින්දුව අපි ඒ කාලෙ පතුරු ගැහුවා නෙව පොදු පාසල් පxx වාxx ස්කූල් බස් එකේ....

    පාඨකාවියන්ට දුරකතනයෙන් කතාවෙ කොටස් පැවසීම පිළිබඳ *මාගේ බලවත් විරෝධය*. ඔව්ව මහ අසාධාරන වැඩ. මාරයගෙ හෝරාව වර්ජනය කල යුතුයි

    ReplyDelete
  24. ඔන්න දැන් මාරයත් මෙගා සීරීස් ලියන්න පටන් අරං ඉතුරැ ටිකත් ඉක්මනටම දැම්මොත් හොඳා...

    ReplyDelete
  25. ෂිහ්ක්... කැත වැඩ ඕවා..හොඳම හරියෙනෙ නැවත්තුවෙ...

    ReplyDelete
  26. අපොයි මංදා....... ඕක නාලා ඇවිත් ලිව්වනම් මක් වෙනවද.

    ඕන් කඩ කෑම කන මේ දවස් ටිකේ තමා කට්ටිය පුලුවන් නම් මාරයියට දිට්ඨදම්ම වේදනීය කරුමේ පලිසන්දෙන හැටි පෙන්නන්න පුලුවන් වෙන්නේ. හික්ස්..........

    ඔය යාළුවා මේක බලනවා නම් ඇනෝනිමස් විදියට හරි කතාව දාන්ට.

    ReplyDelete
  27. තාම නානවා වෙන්ඩ ඕන. එක්කො ඇදගෙන නානවා; එහෙම නැත්නම්, මේ නාන්නෙ මාස ගානකට පස්සෙ.

    ReplyDelete
  28. @Luckey

    කෙල්ලෙක් උනාම වාසි ගොඩයි කියලා අහලා නැද්ද ? පේනවනේ.....හික්ස්

    @ItalyDilan

    බලන්නකො මාරයියෙ..මෙයා මෙතන අසාධාරණ කතා කියනවා..අපි දෙන්න ඊයෙ කාපු කට්ට දන්නෙ අපිනෙ..නේද...වැඩේ කියන්නෙ කට්ටෙ රසම හරිය අද උදේ මට ආපු කෝල් එකෙන් නෙ ආවෙ....:P

    @නිශ්

    කාටද ඔය කෑ ගහන්නෙ.....අපේ මාරයියටද නිශ්

    ReplyDelete
  29. අයියෝ අයියේ තව කොච්චර කල් යයිද ඉතුරු කොටස ලියන්න...ඉක්මනට ලියන්ඩෝ....

    ReplyDelete
  30. ෂැහ් මොකද්ද බන් ඒ කරපු වැඩේ. දැන් ඉවර වෙයි කියලා ඉක්මනට ඉක්මනට කියවගෙන ගියා.

    දාපන් යකෝව් ඉතුරු ටික.....

    ReplyDelete
  31. අයියෝ සල්ලි :DDD

    කේවා කේවා රුපියෙල් පා කේවා

    ReplyDelete
  32. අපෝ... උදේ පාන්දර 4 ට විතර නැගිටන් කට්ට කරුවලේ බයිසිකලේ 3Km විතර පදිනව කියන එක මතක් වෙද්දි නම් ආපහු ඉස්කෝලෙ යන්න ඕන කියල හිතෙන්නෙ නෑ මටත්...

    ReplyDelete
  33. ආයෙ කැඩුවොත් දෙන්නේ පයිං....

    ReplyDelete