06 September 2011

වඩේ අඩුවෙන් බඳිමුද..?


හරි මාත්තුරුකාව පැහැදිලියිනේ..පැහැදිලි නැත්තං මගක් යනකොට පැහැදිලි වෙයි...

අද ලියන්න යන්නේ වඩේ බැඳීම ගැන තමා ඕං.. කොයි කවුරුත් වගේ ආසා කරන කෑමක්.. මගේත් ආසම කෑමක්.. වඩේ කිව්වහම ඉතිං දන්නවනේ ජාති දෙකක් විතර තියෙනවා කියලා.. එකක් තමා පරිප්පු වඩේ.. අනික තමා උළුඳු වඩේ.. එතකොට මසල වඩේ කියන්නේ මොකකටද..? මං දන්නෙත් නැහැ..ඔය දෙකෙන් එහෙකට වෙන්ට ඇති..දන්න කෙනෙක් ඉන්නවනං කියන එකයි ඇත්තේ..

හරි මං කියා දෙන්න යන්නේ මං ආසම පරිප්පු වඩේ හදන විදිය තමා. අනිත් ජාතිය..ඒ කිව්වේ උළුඳු වඩෙත් නරක නැහැ..ඒත් හොඳම කඩේකින් මිසක් හරි හමන් උළුඳු වඩයක් කන්න හම්බ වෙන්නේ නැහැ..සමහර තැන්වල තෙල් ගොඩවල්..කනවා තියා හිතන්නවත් බැහැ..අන්තිමට මට මතක හැටියට හරි හමන් උළුඳු වඩයක් සැරම සැර අර සම්බෝලෙකුත් එක්ක කොටා බෑවේ බේරුවල පැත්තේ මුස්ලිම් කඩේකින්..ඒකත් දැනට අවුරුදු 4කට විතර කලියෙන්..

පරිප්පු වඩේනං ඔය හැම තැනම තියෙනවා..ඒත් ඉතිං ඔය වඩේ කරත්තවල තියෙන අර චුට්ටං ගුලි වලටනං මං ඒ හැටිම ආසා නැහැ. ඒවායේ මෙලෝ රහක් නැහැ. අනික වැඩි හරියක් තියෙන්නේ කඩල පරිප්පු වලින් බැඳපුවනේ.. ඒකත් ඒ හැටිම හරි නැහැ.

ආ අමතක උනා පරිප්පු වඩේ එකේ උඩින් ඉස්සන් දෙතුන් දෙනෙක් අලෝලම බැද්දනං ඉස්සෝ වඩෙත් කෑහැකි.

මේ ලගදී දවසක හවස් අතේ එක පාරට හිතුනා හදන්න ඕන වඩේ කියලා.. මීට කලින් මං එකම එක පාරක් හදිසියකට කියලා වඩේ දෙකක් බැදලා තිබුනා.. ඒකනං උනේ මගේ බේබදු කාලේ.. ඒ කිව්වේ උදේ ඉඳලා බීලා හවස් වෙනකොට බයිට් හිගයකට මුහුණ පෑවා.. ගේ හරියේ බිත්තරයක්වත් තිබ්බේ නැහැ..ඒත් පරිප්පු ටිකක් තිබුනා.. ඒ ගමන පරිප්පු ටික කොටලා හැදුවා හදිසියට වඩේ දෙකක්.. පරිප්පු පොගව පොගව ඉන්න වෙලාවක් නැති හින්දා තම්බලා තමා අරගෙන කෙටුවේ..කොහොමද මගේ හදිසිය..?

ඒ හැදුවත් ඒකත් නියමෙටම හරි ගියා.. ඉතිං ඒ මතකයත් හාර අවුස්සගෙන මං බැස්සා වැඩේට.. ගෙදර තිබුනා ගෙනාව පරිප්පු වගයක්.. ග්‍රෑම් දෙසීයක් වගේ තමා අතට දැනුන බරේ හැටියට ඉතිරි වෙලා තිබුනේ.. ඉතිං ඒ ටික මෙන්න මෙහෙම හෝදලා කරලා පෙ‍ඟෙන්න දැම්මා...



හරි ඊට පස්සේ පැය දෙක තුනක් පෙඟුනට පස්සේ මේක කොටා ගන්ට ඕන.. මෙන්න මෙහෙම...


දැන් කොටලා අවසානයි..නියම පදමට ඇවිත් තියෙනවා.. පිටි ගතියට ඇලෙන්නත් ඕන..එහෙං පිටින්ම පිටි වෙන්නේ නැතිව කැලි ගතිය ටිකක් තියෙන්නත් ඕන.. පේනවා නේද කොහොම ගානටද තියෙන්න ඕන කියලා...

හරි ඊට පස්සේ තියෙන්නේ මේකට කලමනා ටික එකතු කරන එකයි...

ලුණු කුඩු තේ හැන්දයි...
මිරිස් කුඩු තේ හැදි එක හමාරයි..
පහේ කුඩු තේ හැන්දයි
කෑලි මිරිස් තේ හැදි දෙකයි..
කහ කුඩු තේ හැදි බාගයයි..
උම්බලකඩ කෑලි මේස හැදි 3ක්...
සිහින්ව ලියා ගත් රතුළුණූ ගෙඩි පහක් හයක්..
සිහින්ව ලියා ගත් කරපිංචා ඉති දෙකක පමණ කොල..
කොච්චි කරල් ටිකක්..කොච්චි කොච්චරක්ද කියලා ඔයාලා තීරණය කරන්න..වඩේ එහෙක රහ තියෙන්නේ කොච්චි වල තමා ඉතිං..ඒත් සැර කන්න බැරි අයට..පොඩි ළමයින්ට එහෙම හදනවනං පොඩ්ඩක් දෙපාරක් කල්පනා කරන්න වෙයි. කොහොම උනත් මංනං මේකට කොච්චි කරල් 15ක් විතර දැම්මා..කොච්චි හීනියට ලියලා දාන්නත් පුළුවන්..නැත්තං යන්තමට පළලා එකතු කරන්නත් පුළුවන්.. කොච්චි නැත්තං ඉතිං වෙන මොනවා කරන්නද..අමු මිරිස් තමා...
තව මේකට හීනියට ලියා ගත්ත රම්පේ ටිකක් එහෙම දාන්නත් පුළුවන්..
ඒ වගේම දෙහි බෑයක විතර ඇඹුල්..මතක තියා ගන්න දෙහිනං වැඩි කරන්න එපා..වඩේ එක ලෙහෙන්න බලනවා..ඕවා අපේ තාත්තා ඉස්සර වඩේ හදන ගමන් නිකමට වගේ කියපු දේවල්..තාමත් මගේ මතකයේ තියෙනවා...ඔන්න ඔය ටික අර පරිප්පු වලට එකතු කරලා හොදට කලවං කරලා ටිකක් තියන්න ඕන සැර වදින්න... මේ තියෙන්නේ එහෙම හදාපු මිශ්‍රණය...


හරි දැන් කරන්න තියෙන්නේ බඳින එකයි...තාච්චියක් ලිපේ තියලා ඒක රත් වෙද්දී ටිකක් වැඩි පුර තෙල් ටිකක් දාන්ට ඕන..ඔය මං දාලා තියෙන්නේනං ටිකක් ලෝබ තෙල් දැමිල්ලක්..ඔයිට වඩා තෙල් ඕන ඇත්තටම වඩේ බඳින්න..මොකද වඩේ එක තාච්චියේ පතුලේ ගෑවෙනවනං ඒක ඉක්මනටම කළු වෙනවා..මැද අමුවෙන් තියෙද්දී වටේ කර වෙනවා.. ඒ හින්දා තෙල් ටිකක් වැඩිය ඕන.. තෙල් ටික රත් වෙනකොට අපේ හදාගත්ත මිශ්‍රණයෙන් පොඩ්ඩක් අරගෙන ගුලි කරලා ඊට පස්සේ දෙපැත්තෙන් තැළුවනං පෙත්ත වගේ ලස්සනට එනවා.. වඩේ එක තුනී වෙන තරමට බැදෙනවා හොඳයි. ඊට පස්සේ මෙන්න මෙහෙම බැඳ ගන්නවා...


ඔන්න අපි දැන් මාත්තුරුකාවට අනුව කතා කරමු..වඩේ අඩුවෙන් බඳිනවා කියලා අහල ඇතිනේ නේද..? හැබැයි ඕක නිකං දෙපිට කැපෙන කතාවක් වගේ කියලත් හිතෙන්ට පුළුවන්.. ඒත් ඇත්තටම වඩේ හොඳ අඩුවෙන් බැඳලා..ආයේම පස්සේ දෙවෙනි වතාවට බැද්දම තමා.. ඒ කිව්වේ එවෙලේ කන්න හදිසියක් නැත්තං වඩේ එක යන්තං කහ පාට ගැහෙද්දී ගොඩ අරගන්න..තෙල් බේරෙන්න තියලා නිවෙන්න අරින්න. ඊට පස්සේ ආයෙමත් කන්න ඕන වෙලාවට දෙවෙනි පාර බඳින්න.. අන්න එතකොට වඩේ එක නියම ගානට බැදිලා..මැදත් තැම්බිලා..වටෙත් කර වෙලා ලස්සනට එනවා.. ඒකයි කිව්වේ වඩේ අඩුවෙන් බඳිමු කියලා..
මේ තියෙන්නේ යන්තං කහ ගැහෙද්දී ගොඩ දාලා.. අවසාන පෙනුම බලන්න උඩම ඇති පොටෝව තුලින්...

හරි ඔන්න වඩේ බැදිල්ලත් කියා දුන්නා..කැමති කෙනෙක් හදලා බලලා අපිටත් රස කියලා එවන්ට..අර මිරිස් එහෙම දාද්දි ටිකක් හොයලා බලලා දාන්ට මං කන ගානටයි ඔය තියෙන්නේ..ඔයාලාගේ ගණන් දන්නේ ඔයාලම නෙව.. ආ මංනං පරිප්පු 200g යෙන් වඩේ හරියටම 10ක් බැද්දා... ඒක ඉතිං ඔයාලා හදන වඩේ වල හැටියට තමා... හරි ඒ කතාවත් ඉවරයි ඕං...

------------------------------------
යන්ට කලින් කියන්ට ඕන මේ තියෙන්නේ මගේ ෆේස්බුකියේ මං හදන කෑම බීමවල පොටෝ කෑලි දාන මගේ ආසම ඇල්බමය.. කැමති අයට ගොඩ වෙලා බලන්ට ඇහැකි.ඒකේ පොටෝ යන ඒවා තමා පහු පහු වෙලා මේකට පෝස්ට් හැටියට එන්නේ..මගේ බුකියේ මිත්තරයෝ ටිකනං ඕක හොඳට දන්නවා..මට හරි කරදරේ නිතරම කෑම වල ෆොටෝ දාලා එයාලව ටැග් කරන්න කියලා..(විහිළුවටවත් හිතන්නනං එපා මං බොරු කියනවයි කියලා..)




54 comments:

  1. මේක බලල මට වඩේ බඩගිනි ආවා.. :D

    ReplyDelete
  2. හිහ්.. හිහ්... මටත් පෙරේත් බඩගින්නක් ආවා...
    මගේ බ්ලොග් එකේ අලුත් URL එක
    http://kinnaravi.blogspot.com/

    කොට ජීවිතේ

    ReplyDelete
  3. මාරයත් දැන් වඩේ බදින වැඩ වගේ කරන්නේ.....

    ReplyDelete
  4. මම STDP ඉන්න දවස්වල නම් නියම වඩේ කෑව. අලුත්ගම පැත්තෙ තියෙන දර්ගා නගරයෙ තියෙන මුස්ලිම් කඩවල නියම පරිප්පු වඩේ තියෙනවා. කන්න හරිම ආස දෙයක් උනත් හදන්න ටිකක් අමාරු නිසාම මඟ හැරෙනවා...

    මාර සරණියෙන් තවත් කෑමක් නේද..
    අතිවිශිෂ්ටයි!....( ආයේ කතා කලාම එදා වගේ තව කෑමක් හන්දන හැටි කියලා දෙන්න...වෙන්න මහත්තයාට අර කෑම හදලා ඕනෙලු....)

    ReplyDelete
  5. අඩෙහ්! සොයං වියාපාරයක් විදිහට කොරන්න පුලුවන්නෙ මේක :D

    [අහ් කියන්න බැරිවුනා, මම පළවෙනි පාරටයි ඔයාගෙ බ්ලොග් එකේ කමෙන්ට කරන්නෙ]

    ReplyDelete
  6. මේකේ හරි අපූරුවට සරලව නියමෙට ක්‍රමේ කියලා දීලා තියෙනවනේ.අම්මප මටත් හිතෙනවා වඩේ හදාගෙනම කන්න.

    ReplyDelete
  7. වඩේ ටික ඔන්‍න‍ මමත් කැව නියමයි

    ReplyDelete
  8. නියමයි අය්ය,මේ ලගදී මටත් යාලුවෙක්ට වඩේ හදලා දෙන්න උනා.එයානම් ආස උනේ කඩල් පරිප්පු වඩේ වලට.උම්බලකඩ කෑලි එහෙමත් දැම්මා.යාන්තන් කහ වෙනකොට අරන්, ටිකක් තියල ආයම බැද්දම හොදට බැදෙනව වඩේ එක.කළු වෙන්නෙත් නෑ.රහත් හොදා.

    පුලුවන් නම් ඇඹරෑල්ල චට්නියක් හදන හැටි ලියන්නකො.

    ReplyDelete
  9. මේ වැඩේ නම් අනිවා කරන එක කරනවා, කටට කෙලත් ඉනුවෝ....

    ReplyDelete
  10. ඈ බං මාරයෝ, මට නම් පේන්නෙ මෙන්න මූ ඒ පාර සයිවර් කඩයකුත් දාන්න ප්ලෑන් කරනවද කොහෙද ?

    බං, මසල වඩේ කිව්වට, හරි වචනේ "මසාලා" වඩේ. සයිවර් කඩවල ඔය පරිප්පු වඩේටම තමයි මසල වඩේ කියලා කියන්නේ. ඉන්දියාවෙ වගේනම් ඕකට තව එක කේ ජාති දානව, ලූණු, කරපිඤ්ඤා, තක්කාලි වගේ දේවල්....!

    ReplyDelete
  11. දැන්නම් ඉතිං තියෙන්නේ බෝතලේ අරගෙන එන්න විතරයි............:D :D :D.

    ReplyDelete
  12. මෙන්න බොලේ මාරෙයියා වඩේ හදලා ?

    ReplyDelete
  13. මමනම් පරිප්පු වඩේ වලට ආස නෑ... මොකද කන්න ගියාම කට රිදෙනවා.... කැමතිම එක තමයි උළුදු වඩේ... මේ ලඟදි ලංකාවෙදි කඩේකින් කෑවා... බලගෙන යනකොට ඒවා උළුදු වඩේ නෙමෙයි.... තනිකරම පාන්පිටි වඩේ....! හෆොයියෝ...!

    ReplyDelete
  14. සා සා... :) මාත් හදන්න ඕනෙ... නිතර පාරෙ තොටෙ හමු වෙන රස කෑම , ගෙදර විදියට හදන හෑටි කියා දෙන එක නම් හරි වටිනවා

    ReplyDelete
  15. වඩේ වල හුඟාක් වර්ග තියෙනව දකුණු ඉන්දියාවෙ පැති අනුව... ඉන්දියානුවන් ඕක කියන්නෙ වඩා.. එහෙම නැත්නම් වඩායි.. කියල..

    මසාල වඩා කියන්නෙ පරිප්පු වඩේ ම තමා හැබැයි සිංහල අපි හදනව වගේ තුනී නෑ ඒක්.. හොඳට පිරුණු මැද කරවෙලා නැති ලොකු වඩයක් ඒක..

    තව තියෙනව ලූනු දාල හදන "උල්ලි වඩායි" කියල එකක්...

    ඒ වගේම පලා වර්ග දාල හදන "පලක් වඩායි" කියල එකක්..

    මී කිරි එක්ක කන "දහී වඩායි" කියල එකක්....ඔය මදෑ..
    .............
    ලංකාවෙදි හරි උලුඳු වඩේ කන්න එක්කො දමිල හිතවතෙකුගෙ ගෙදරින් කන්න ඕනෙ.. නැත්නම් හොඳ රෙස්ටුරන්ට් එකකින් කන්න ඕන...

    ඉස්සර තිබුන තුම්මුල්ලෙ ශාන්ති විහාර් එක.. අනේ මේ පාර ගිහින් බලනකොට ඒක දැන් නෑ...

    මෙන්න තැන් කීපයක්...

    තිඹිරිගස්යාය රෝයල් ඉන්ස්ටිටියුට් එක අසල ඇති බුද්ධි කීර්තිසේන මහතාගේ ඉන්දියානු අවන්හල..[ නම මතක නැත - මධුරා.. ? ]

    තිඹිරිගස්යාය වජිරපාරට හැරෙන ස්ථානයේ ඇති ඉන්දියානු අවන්හල[ නම මතක නැත ]

    කසන සල්ලියක් ඇත්නම්... ටාජ් සමුද්‍රා හෝටලයේ ඇති "නවරත්න" ඉන්දියානු අවන්හල...[ මා දන්නා තරමට ලංකාවේ ඇති හොඳම ඉන්දියානු අවන්හල මේකය ]

    ReplyDelete
  16. ලංකාවට ආවොත් සපතේරු හාමිනේ කොච්චර බැන්නත් නොවැරදීම කන කෑමක් වන පාර අයිනේ කරත්ත වල ඇති තඩි උම්බලකඩ කෑල්ලක් වටා පරිප්පු ආලේප කර සාදා ඇති උම්බලකඩ වඩේ ලංකාවට අවේනික වඩයක් යැයි සිතමි...

    ReplyDelete
  17. වඩේ බදිනවානං ඉතිං අඩුවෙන් බදින්නවත් ඕනෑ තමයි!

    ReplyDelete
  18. බලමු ඔයාගෙ රෙසිපි එකටත් වඩේ හදලා...

    ReplyDelete
  19. පෙරේත කමට මෙව්ව කාල කාලා බයි ගෙඩිය පුන් කලසක් වගෙ උනහම එන ප්‍රශ්න තමයි ඔව්ව..වඩේ බදින්න වෙනවා.. වඩේ බදින කොට අඩුවෙන් බදින්නත් වෙනවා.. අපි නෑ ඔව්වට.. ප.ලි. හදන්න නම් බැහැ මාරයො ඔය සපතෙරු කිව්ව තිඹිරිගස්යායෙන් කනවා..අල්ලපු වැටේනෙ මන් ඉන්නෙ

    ReplyDelete
  20. හොද මසාලා වඩේ කනවනං මේ අපි වගේ ජනයාට තියන හොදම තැන ආමර් වීදියෙ තියනවා ප්‍රරසිද්ද තැනක් මට නම මතක නෑ , තැන හරියටම ප්‍රෙරේමදාස සමාධිය තියන තැන ( ප්‍රෙරේමදාස මහත්තයට බෝම්බ තියපු තැන ) පොලීසිය ඉස්සරහම

    ReplyDelete
  21. මාරයියා කියල තියෙනවා හරි! ගොඩක් අය පරිප්පු වඩේ හදන්නේ කඩල පරිප්පු වලින් (ඔරිජිනල් එක එහෙමද දන්නෙ නෑ) ඒ වුනාට මයිසූර් පරිප්පු වලින් හැදුවාම තමා මාර රසට එන්නෙ...

    සපතේරු උන්නැහේගෙ අවන්හල් ලිස්ට් එකට තව තැනක් එකතු කරන්නම්...

    වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ ඉන්ෆොමැටික්ස් ආයතනය අසල ඇති 'ෂන්මුගාස්' එක. කෑම නම් පට්ට, ගණන් නම් ඉතින් ටිකක් වැඩියි තමා...

    ReplyDelete
  22. අනිවා මේක නම් ඉක්මනටම ට්‍රයි කොරන්න ඕනෙ. උඹ නැත්නම් මේව කියල දෙන්න එකෙක් නෑ බං අයියෙ.

    ReplyDelete
  23. මාර වඩේ, බයිට් එකටනං නියමයි.

    ReplyDelete
  24. මාරෙ අයිය කුකරි කෝස් එකක් කරලද මන්දා ???????? නරකද හොඳ හොටෙල් එකක් පටන් ගත්තොත්..නැත්තන් හොඳ හොටෙල් එකක කුක් ජොබ් එකක් උනත් වරදක් නැ

    ReplyDelete
  25. උදේ පාන්දර මේවා දැක්කම බඩගිනි වැඩිවේනවා :)

    ReplyDelete
  26. අප්පා මෙන්න මූ වඩේ හදලා.....

    කෑම හදන එකත් අපූරු වැඩේ නේ බන්....


    # සපතේරු උන්නැහේ ,

    තිඹිරිගස්යාය රෝයල් ඉන්ස්ටිටියුට් එක ගාව තියෙන්නෙ මාථූර්

    තිඹිරිගස්යාය වජිරපාරට හැරෙන ස්ථානයේ තියෙන්නෙ අම්රිත්

    ශාන්ති විහාර් එකත් දැන් ආපහු ඇරලද කොහෙද... ඔය තැන් තුනම ඉන්දියානු කෑම කන්න නියම තැන්.

    ReplyDelete
  27. හොඳටම රසම වඩේ කන්න තැනක් තව තියනවා. මෙතන ගානත් අඩුයි. නුගේගොඩ කන්දවත්ත පාරෙ තියන ෆුඩ් වේව්. ඉරිදාවක රෑට ආවොත් මමත් ඉදියි.

    ReplyDelete
  28. බැදපු වඩේ පත්තර කොල වල දමන එක හොඳ වැඩක් නෙවි.තින්ත විෂ සහිතයි.

    ReplyDelete
  29. මමනම් සෙනසුරාදා හැදුව... කඩෙන් ගෙනාවම කන්නෙ නැති කෙල්ලො දෙන්නා මේන් බැදෙන බැදෙන එක තරඟෙට කනවා...

    ආ මුගුණුවැන්න කැරට් බෝංචි හෙම දාල තිනෙ කීර වඩේ එක කාල නැද්ද කවුරුවත්...

    මමනම් ඔය කියන කඩවලින් කාලා නෑ... කන්න හිතන්නෙත් නෑ.. හැබැයි... කොට්ටාවෙ වීරසිරි යෙත් නරකම නෑ.. :)

    ReplyDelete
  30. දැන් ඉතින් හොයපල්ලකො වඩේ පෙරේතකම ඇරගන්න.

    ReplyDelete
  31. හරිම හොඳයි . හදන්නත් ලේසියි. මේක නම් හදල බලන්න ඕනෑමයි. හැබැයි වඩේ හදා නාස්ති කිරීමට පරිප්පු නැති එක ගැන දුකයි . මාරයා මේවා ගැන ලියා අපිට වැඩ වැඩි වෙන එකයි වෙන්නේ
    @සපතේරු ..
    ශාන්ති විහාර් වැසු එක ගැන අපිටත් දුකයි . අපි දෙන්නගේ පරණ මතකයක් . මධුර්.. නෙමේ මථුරා වගේ තමයි මතක අනික් එක . . කොට්ටාව පැත්තේ නම් ''වීරසිරි කැෆේ'' අනුමත කරමි. බොරැල්ලේ ''උපවංශ හෝටලයද'' නරක නැත . ටවුන් හෝල් එකේද කඩ කීපයක් තිබේ . හොඳට පත්තියන් වෙන බඩක් ඇති අයට නිර්දේශ කරමි.

    ReplyDelete
  32. මහවෙදනා

    අපෝ බන් ඔතන ගොහින් පැය ගානක් බලා ඉන්න එක එපා වෙන්නෙ නැද්ද බන්? කෑම නම් හොඳයි ගානත් අඩුයි තමා. පැයගානක් බලන් ඉන්න එක නෙ කොරන්න බැරි

    ReplyDelete
  33. ‍මෙන්න ‍මෙතන මාකටින් ‍කෙ‍රෙන‍වෝ............ හික්ස්...

    මං අනිවා හදනවා. ‍කෝමහරි ‍පො‍ටෝවකුත් අමුනන්න බලඤ්ඤං.

    ReplyDelete
  34. නිශ්,
    කථාව ඇත්ත. මම කොරන්නේ කලින්ම දන්වනවා මගේ අවශ්‍ය දේවල්. ඊට පස්සේ වෙලාව කියලා හරියටම වෙලාවට යනවා. තව දෙයක් මම හිතන්නේ දවල් කෑම ලාභම තැන. දවල් කෑම එකත් එක්ක දෙන අඩු වැඩියත් මහ ගොඩයි. සව් එකක් දෙනවා කියලා වැඩක් නැහැ. තව රසම් හොද්දකුත් දෙනවා. ගාන රුපියල් 150/= හෙන ලාභයි. හැබැයි ඕඩර් කරලාම යන්න. නැත්තන් කිව්ව වගේම කට්ට. මෙන්න නොම්බරේ 0112822992

    ReplyDelete
  35. අනේ මගේ කටට කෙල ඉනුවා...මගෙත් ආසම ආසම කෑමක් තමා වඩේ කියන්නේ....

    ReplyDelete
  36. @ නිශ්
    පහුගිය අවුරුද්දෙ නිවාඩුවට ආපු වෙලේ එක වරක් ගොඩවුනා.... කතාව සම්පූර්ණ ඇත්ත කස්ටමර් සර්විස් එකක් කියල දෙයක් ඇත්තෙම නැති ගානයි... හැබැයි එහෙම කරගෙන යන්න පුලුවන් වෙලා තියෙන්නෙ නුගේගොඩ අවට හොඳ ඉන්දියන් ජොයින්ට් එකක් නැති නිසාත්... කෑම රස නිසාත්... හැබැයි කෑම නියම ඉන්දියන් කෑම නෙමෙයි... ලංකාවෙ ටේස්ට් බඩ්ස් වලට හරියන්න ඕල්ටර් කරල තියෙන්නෙ..

    ReplyDelete
  37. නරකද ජෝතිෂ්‍යය කාර්යාලය ලගින්ම වැඩේ කරත්තයකුත් දාගත්තොත්. :D

    ReplyDelete
  38. මාරයා අඩුවෙන් බැදපු වඩේ දාල තියෙන්නෙ, පත්තරේ මංගල යෝජනා තීරයෙ

    ReplyDelete
  39. @ ඔබා..

    මදෑ එහෙම් කිව්ව... හිට් ඇඩ්ස් තීරුව නොකිය.. :D

    ReplyDelete
  40. මාත් හැදුව ඔන්‍න‍, ස්තුතියි කියල දුන්නට :) හිතුවට වැඩ හොඳට තිබ්බ :ඩි

    ReplyDelete
  41. වඩේ කියන්න මගේ ප්‍රියතම ආහාරයක්.. දැන් ඉතින් මේකට ගොඩවෙලා ගෙදරදීම හද ගත්තහැකි.. මම කාල තියෙනවා අමුතුම වඩේ ජාතියක් ගොදක්ක් ඉස්සර මගේ ඔෆිස් එකේ හිටිය යාපනෙන් ආපු මිත්‍රයෙක්.. එයා ගමේ ගිහින් එනකොට මට අරන් එන්නේ මේ වඩේ පැතලියි.. හොඳට කර වෙන්න බලා රවුම් පෙත්තක් වගේ.. බයිට් එකට මාරයි.. එක පාරක් අපි ට්‍රිපක් ගිහින් කොල්ලෝ කිවුව වැඩිය සුර් උනේ බීව එකට නෙවෙයි දර්මලින්ගම්ගේ වඩේ එකට කියල.. අනේ ඒ යහපත් මනුෂ්‍යය දරුවෝ එක්ක ඉන්න කැනඩාවට ගියා. ඒ ගිහිනුත් මට ටික කලක් යනකම් කාඩ් එහෙම එවුව..

    ReplyDelete
  42. @ සරත් ලංකාප්රිය,
    ධර්මලිංගම්ගෙ නෝනටද අර කලුපාට යකෙක් වැහුනෙ?

    ReplyDelete
  43. මෙ‍ කෙලත් බේරෙනවා බොලගේ පොස්ට් සහ කමෙන්ටු කියවලා...
    හැබැයි මක නම එල... ලේඉසියෙන් හදාගන්න පුළුවන් වගෙ... අඩු වැඩියත් හොයාගන්න පුළුවන්...

    එඉකේ නෙමේ මොකක්ද මෙ‍ි අඩුවෙන් බැදෙන කතාව කවුරු හරි කීවානම්... ?

    ReplyDelete
  44. ගෙදර හදන වඩේ වල මැද අමු වෙන එක තමා අවුල. මෙහෙම දෙපාරක් බැදල බලමුකො වැඩේ හරි යයිද කියල. අර සයිවර් කඩවල් වල තියන තඩි බෝල වගේ පරිප්පු වඩේවල අගේට මැද බැදිල තියෙන්නෙ කොහොමද අප්පා... [හැබැයි පොඩි සයිස් ඒව තරං ඒ ලොකු ඒවයෙ රහක් නං නෑ]

    ReplyDelete
  45. @ nawammaawatha,
    "පොඩි සයිස් ඒවා තරං ලොකු ඒව රහ නැහැ" ........හ්ම්....

    ReplyDelete
  46. @කතන්දර:
    වඩේ බදිද්දි අඩුවෙං බදින්න ඕනෙ තමයි . . . . හැබැයි ඔක්කොටොම කලිං දැල්ල පොඩිකරගන්න ඕනෙ . . . .

    ReplyDelete
  47. ඕනයා.. අඩේ අපිව නරක් කරන්න එපා යකෝ..

    ReplyDelete
  48. අප්පට සිරි අයියෙ මේකනම් මං අනිවා වෙලාවක ට්‍රයි කරලා බලනවා. තැන්කූ ඈහ්..

    ReplyDelete
  49. meka mama haduwa. eath kisi rahak naha. amu gatiyak tiyenne

    ReplyDelete
  50. @අන්තිම ඇනෝ...

    අමු ගතියක් එනවා කියන්නේ පැහැදිලිවම බැදිලා මදිනේ...

    ReplyDelete
  51. වඩේ එකක් කාපු කාලයක් මතක නෑ.....

    ReplyDelete
  52. මට මාරයට බැනල ඇති වෙලා. මුකුත් නොකියා ඉඳිමි. වඩේ වලට මමත් ආසයි බොලව්..

    ReplyDelete
  53. ආ අමතක උණා බ්ලොගේ අලුත් ඇඳුම ලස්සනයි

    ReplyDelete