22 September 2011

නිල අල්ලන වීරයෙක්...ඉස්කොලේ කතාවේ දෙවැනි භාගේ...

අපොයි ඔන්න මං ආවා... හැබැයි ඊයේ නාන්ට ගිය වෙලේ ඉදන් නනා හිටිය කියලා එහෙම හිතන්ට එපා..තව තව කොයිතරංනං වැඩ රාජකාරිද මට..? රෑ 12ට විතර බ්ලොග්වල ටෙම්ප්ලේට් හදන්නයි..ආයේ පාන්දරට නැගිටලා බලලා රෑ පැය දෙකතුනක් හදපු එක උදේම අනිත් බාසුන්නැහැ විසින් වාස්ප කොරලා කියලා මර නින්දේ ඉන්න අයට කතා කරලා කියන්නයි.. ඔය වගේ වැඩ එමටයි මට...

ඊයේ ඉතිං යන්තං වැඩ ටික පිළිවෙලක් කොරලා නාගන්නට සෙට් උනාට පස්සේ මේක ලිය ලිය ඉන්ට හිතුනේ නැහැ..මොකද ඒ වෙනකොටත් පතරංග ජාතකයක් ලියවිලා තිබුන හින්දා...
අනික ඉතිං ඔච්චර මෙගා බලන අපේ රටේ උන්දලට මේ අහිංසක මං වෙනුවෙන් දවසක් ඉවෂන්ට බැරිද..? හා නැද්ද මං අහන්නේ..?

හරි ඒ කතා වැඩක් නැහැ අපි පටාන් ගනිමු ඊයේ නවත්තාපු තැනින් ආරම්භය ගන්ට... අමුතුවෙන් කියන්ට දෙයක් නැහැනේ දැන් ඔන්න අපේ බුවා හොර පූෂා වගේ යටැසින් බැළුම් හෙල හෙල ඉන්නකොටම පැන්නා දෙන්නෙක් පංති කාමරයට... එක්කෙනෙක් සැමදාමත් අපේ සුපුරුදු භිතිකාව... නොහොත්... විනය භාර ආචාරිය උතුමා වෙච්ච නිලවීර මැතිතුමා... හපොයි උන්නැහේ ගැනත් මොනවාම හරි කියන්ට එපැයි...

අපරාදේ කියන්ට බැහැ උන්නැහේ උගන්නනවානං දකින්ට හරි අමාරුයි..මට මතක හැටියට සිංහල හා බුද්ධ ධර්මය වගේ විෂයන්ද කොහේද තමා ඉගැන්නුවේ..ඒත් ඉතිං උගන්නන්ට කොහේද එතුමට වෙලාවක්..පුරස්න පුරස්න.. ඇයි හත් ඉලව්වෙ මේ අපි වාගේ දැහැමින් සෙමින් ඉගෙන ගන්නවායෑ ඔය කොඹළ ඉස්කෝලවලට යන හැම එකාම.. උන් පීරියඩ් කට් කරනවා.. ඉස්කොලෙන් පනිනවා.. කොහේ හරි අහු කොනකට වෙලා ලස්සන ලස්සන කතා රූප එහෙම තියෙන පත්තර බලනවා.. ගහ මරා ගන්නවා.. ඕවා හොයන්ටත් ඕන එතුමා නෙව.. ඒ විතරක්යෑ.. කොන්ඩ වවාගෙන එන උන්.. මාල පළන්දාගෙන එන උන්.. එකෙක් දෙන්නෙක් කියලද..? ඒ විතරක්ද පොඩ්ඩ ඇත්තං පන්ති කාමරවල ගෝසා කොරන උන් එමටයි... ඉතිං ඔය දේවල් බලන්ට අපේ නිලවීර ගුරු මහත්මයට සිද්ධ වෙලා තිබුනේ...

සුදු වේට්ටිය ඇඳලා..අත් දිග කමිසේ ඇඳලා..හංකඩ ගැහුනු නිල්පාටට හුරු ගමන්මල්ලක් වගේ එකක් එක කිහිල්ලක ගහගෙන..අනිත් අතින් දිගම දිග දාර සයිස් වේවැලත් අරගෙන.. බුලත් විටක් එහෙම හප හපා වත්ත වටේ ඇවිදින එක ලේසි වැඩක්ද..?

ඒ කිව්වාම මතක් උනේ මේ ගුරුමහතැන් නමේ හැටියටම තමා ඉතිං වැඩත් අපරාදේ කියන්ට බැහැ... නිල ඇල්ලීමේ විශාරදයෙක් තමා ඕං... කොච්චර දක්ෂ නිල වෙදකම දත් අයෙක්ද කිව්වොත් මට මතක් වෙනවා එක වංගියක් මාත් උන්දැගේ නිල වෙදකමේ රග සොභාව අත්දැකපු හැටි...

එතකොටනං අපි හිටියේ දහය වසරේ... තාප්පය අයිනටම වෙන්න හදාපු තට්ටු දෙකේ බිල්ඩිමක උඩ තට්ටුවේ පංති කාමරයක.. තාප්පෙන් එහා පැත්තේ තිබුනේ තරමක් විශාල තට්ටු දෙකක බංගලාවක්.. ඔය බංගලාවේ ලේසියෙන් කෙනෙක් ඉන්නවා දකින්ටනං නැහැ... ඒ හින්දා අපිත් ඔය පැත්ත බලනවා හරි අඩුයි.. ඒත් දවසක් දා අපේ ගණීතය විෂය භාර ගුරුතුමිය අපිට උගන්න උගන්න ඉන්නකොට මොනවා හරි දේකට උත්තර දෙන්ට අපේ පන්තියේ හිටිය අප්පයියා බාල ක්‍රිෂ්ණන් යන ආරූඪ නාමයෙන් පිදුම් ලද පෝරිසාදයාට සිද්ධ උනා.. ඌ නැගිටලා උත්තර දුන්නා උනත් ඒක වැරදුන නිසාද කොහේද දැන් ඒකට වාඩි වෙන්ට තහනං..දඩුවම සිටගෙන සිටීම...

ඔහොම යනකොට ටික වෙලාවකින් අපිට පේනවා මුගේ මොනවා නමුත් විපරියාසයක්... උගේ ඇස් දෙක දැන් තියෙන්නේ බිත්ති කණ්ඩියට එහායින් අල්ලපු වත්ත දිහාවේ.. ආයේ ඉතිං කියන්ට ඕනද..අපි දන්නවනේ සතාගේ තරම... ඕකා ඔච්චර උනන්දුවෙන් බලයිද තොරනක් දිහා මිස වෙන මොන යම්ම හෝ දෙයක් දිහාවේ.. ඉතිං හිමිහිට අහනවා..

"මොනවද යකෝ එබි එබි බලන්නේ..?"

අනේ මූත් කියනවා

"කිය කිය ඉන්න බැහැ යකෝ හෙන ආතල් සීන් එක නැගිටලා බලපියවු"

දැන් මක්කා කොරන්නද එකා දෙන්නා හිමි හිමිහිට ඉස්සිලා විපරං කොරනවා..මොකද ඉතිං මාත් කියලා නිකං හිටීයෑ.. බැළුවා ඉස්සිලා.. හත් ඉලව්වයි... එහා පැත්තේ අඩනිරුවත් දරුශනයක් නේද බොල...

අර කවදාවත් සෙනඟ පුළුටක් දකින්න නැති බංගලාවේ සඳළු තලයේ කවුද මංදා කාන්තා රත්නයක් යට ඇඳුම් පිටින් වෙන කොහේදෝ බලං ඉන්නවා කියහංකෝ...

මේක ඉතිං කටින් කට ගිහින් ඇහින් ඇහැට යන්ට තත්පර ගානක් යන්ට ඇති ඕනනං.ආයේ ඉතිං කියන්ටත් ඕනද..? හත් අවුරුද්දකින් කෑම නැතිව ඉඳලා හිටි හැටියේ වතුරට දාන පාන් කෑලි කන්ට මැණික් ගගේ බට්ටො මාළු උඩ පනින්නැහේ අපිත් එකා එකා නැගිටිනවා ඉඳ ගන්නවා.. ඒ අතරේ සමහර උන්ට දර්ශනය අඛණ්ඩව ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙලා..ගුරුතුමියගෙන් අහනවා

"මං උත්තර දෙන්නද ටීචර්..මං උත්තර දෙන්නද..?" කියලා...

බලහල්ලාකෝ තියෙන උනන්දුවක තරම... හැබැයි නැගිටින එකෙක්වත් හරි උත්තරේනං කියන්නේම නැහැ..වෙනදට එකෙන්ම කප් එක ගහන උනුත් දෙන්නේ මේ අපි වගේ උන් විසින් දෙන්න නියමිත උත්තරමයි.. රහස තමා ඉතිං උත්තරේ වැරදුනහම හිටෝලා තියනවනේ... දැන් ඉතිං පංතියෙන් බාගයක් හිටගෙන..ඒත් ඩිංග වෙලාවක් යනකොටම ගුරුතුමීට සීන් එක මීටර් උනා කියමුකෝ.. එතුමියත් ඉතිං පොඩ්ඩක් ඇඹරිලා කරලා කාරිය..

"හා හා.. වාඩි වෙනවා ඔක්කෝම.." කියලා කිව්වේ නැද්ද..?

අනේ ඉතිං එහෙම කිව්වට හරියනවද..? මෙච්චර දුර්ලභ දර්ශනයක් ටිකට් නැතිවම යන වෙලාවේ... අපි තාමත් අර මාළු බල්ටි ගහනවා වගේ නැගිටිනවා වාඩි වෙනවා..දැන්නං ගුරුතුමියගේ පුෂ්ප කදම්භයම විකසිත වෙලා.. මෙන්න බොලේ හිටි හැටියේ දුන්නා නේද අපිට අඤ්ඤකොරොස්වෙලා යන්නම පෝරියල් එකක්...ඇත්තටම දුන්නා නෙවෙයි දෙවුනා...

මේ කොහේවත් නැති අල්ල පනල්ලේ හිටි හැටියේ අපේ පන්තිය ගාවින් ගියේ නැද්ද මං කලින් කිව්ව ජාතික වීරවරයා.. මල විකාරයයි...නිලවීර සර්...

"මිස්ටර් නිලවීර.... පොඩ්ඩක් ඉන්නකෝ..." කියාගෙන අපේ ටීචර් ගියේ නැද්ද එළියට.. ගිහින් කුටු කුටු ගෑවා උන්නැහේ එක්ක...

ඒත් ඉතිං මේ දර්ශනයෙන් මන්මත් වෙලා ඉන්න අපි සැලෙයිද ඕව්වට... අනිත්ම අවස්ථාවේ හරි තව එකම එක පාරක් හරි ඇහැට දාගන්න ඕන කියලා හිතලා මාත් ඉස්සුනා දඩං ගාලා... හුට්ටාරේ....

නිලවීර සර් ඇසිල්ලකින් පංතිය ඇතුලේ...

"ඔන්ඩු පකං.."
"රෙණ්ඩු පකං..."
"මූණු පකං... "
"නැගිටපියවු ප** තුන්දෙනාම... තොපි මොකද කරන්නේ ආච්චිගේ ත* කිරි හොයනවද..? මෙහෙට වරෙවු ගස් බල්ලෝ තුන් දෙනාම" කිය කිය අපි තුන්දෙනෙකුටම ආරාධනා කලේ නැද්ද..?

අපිට නිකං බැන බැන වගේ උනත් මොකද උන්නැහේටත් හිනා මේ වැඩේට.... අපේ ගුරුතුමී පොලොව හාරගෙන යන්න තැනක් හොයනවා.. නිලවීර සර් අර ගුරුතුමියත් ඉන්න තැනම හරි ලස්සන භාෂාවකින් අපිව අමතනවා.. මොනවා කොරන්නද උන්නැහේව පන්තියට වැඩැම්මෙව්ව වරදට ගුරුතුමිත් ඉවසා වදාරා ඉන්නවා...

කොහොම හරි මං උතුමාත් ඇතුළුව තුන්දෙනෙක්ම දැන් මාට්ටු කියමුකෝ මේකට...

අපි දන්නවනේ කොටියගේ තරම.. දැන් නිකං බයේ ගැහි ගැහි යනවා පන්තියේ ඉස්සරහට... කකුල් දෙක මැණ්ඩලීන් ගහනවා... මොකද අපි දන්නවා මෙවුන්දැගේ දඬුවම්වල ගති සොබාව... ඒත් පොඩ්ඩක් හිත සැනසෙන දෙයක් උනා.. ඒ තමා අතේ තිබුන වේවැල මේසය උඩින් තිබ්බ එක.. ඒ කියන්නේ වේවැල් පාර වදින එකක් නැහැ..බුදු අම්මෝ.. ඒත් එක්කම සිහි උනේ කනේ පාර... හරි තමා දැන්නං හම්බ වෙන්න යන්නේ මදි නොකියන්නම..අද කනට තෙල් සාත්තුවක් දෙන්න වෙනවා...

ඒත් කවදාවත්ම නැතිව උන්නැහේ අපිට ආදරෙන් අමතන ගමන් හිනා වෙවීම මෙහෙම කියනවා...

"ඕක වයසේ වැරැද්ද..උඹලට ගහලා වැඩක් නැහැ.. ඒත් මොනවා හරි දඬුවමක් දුන්නේ නැතොත් උඹලා ඊ ළග දවසේ මාව පඩේකටවත් ගනන් ගන්නේ නැහැ ඒ හින්දා මං තොපි තුන්දෙනාට දෙන්නං පොඩි ඉන්ජෙක්ෂන් එකක්.."

එහෙම කියලා අපේ එකෙක්ගේ අත කෙලින් කරලා අල්ලගෙන අනිත් අතින් හරියටම වැලමිට ගාව ඇතුල් පැත්ත තද කරලා ඇල්ලුවා..හරියටම මාපටැගිල්ල වැලමිටේ නැමෙන තැන ඇතුලට කිඳා බහින විදියට..එහෙම තද කරලා අල්ලගෙනම දැන් අරකගේ අත නවනවා දිග අරිනවා... ඔහොම විසි තිස් පාරක් කරලා අතෑරියා..දෙවෙනියට මට..තුන් වැනියට අනිත් එකාට.. එහෙම කරලා ඉවර වෙලා සර් තුමා එළියට යන ගමන් කියාගෙන යනවා..

"දැන් ඕන තරමක් බලාගනියවු.. ඒත් බලන තරමට වැඩක්නං නැති වෙයි.." කියලා..

වැඩේ ඉවරයි..දැන් අපි ඉන්නවා නිකං සුපර්මෑන් තුන් කට්ටුව වගේ..ඇයි යකෝ මුන්නැහේගේ අතටම මාට්ටු වෙලත් කනත් බේරගෙන වේවැලෙනුත් අවුලක් වෙන්නේ නැතිව ඉන්නවා කියන්නේ ලේසිද..? ටීචර් තුමියත් නිකං අස්පය මැරිච්ච සෝරෝ.. අහ් නැහැ.. අස්පය මැරිච්ච ජොකියා වගේ හේබාලා ඉන්නවා...

දැන් ඉතිං නැවතත් පාඩමට..සහ ඒ අස්සේ කතා බහ...

"මොන මඟුලක්ද බං..අරකට පිස්සුද..කිසි අවුලක් නැහැනේ..මොකක්ද ඒ ගත්ත ආතල් එක..?"
"ඒක නේන්නං..මං හිතන්නේ මෑනුත් අපිට අනුග්‍රහය දක්වලා ගියාද කොහේද.."

වැඩේට මාට්ටු උන අපි පුරසාරං කියන අතරේ තවත් අහක හිටිය උනුත් අර අපිට කරපු දේ තමන්ම කරගෙන බලනවා මොකද වෙන්නේ කියලා..

"කෝ බං මුකුත් නැහැනේ" උනුත් කියනවා.. සර්ට පිස්සුද කොහේද කියලා හිතාගත්ත අපි දැන් සංවර ළමයි හැටියට නැවතත් ඉන්නවා නොකර සද්දෙන්..

ඔක්කෝම හරි කියමුකෝ... පීරියඩ් දෙකක් විතර ගත වෙලා ගියා...අනෙ අම්මේහ්... අර වෙලාවේ නොදැනුනාට මොකද දැන්නං අපට තේරෙනවා මොනවා නමුත් අවුලක් තමා කියලා...දැන්නං නිකං අත අපේ නෙවෙයි වගේ...ටිකෙන් ටික අත හිරි වැටෙනවා..රතු වෙනවා..සුට්ටක් විතර ඉඳිමෙනවා... දැන්නං බයත් හිතෙනවා...

කොහොමින් කොහොම හරි එදා ඉස්කොලේ ඇරෙන වෙලාව වෙනකොටනං අපි තුන්දෙනාටම හොඳ ගණන්... එකෙක්ටවත් ඒ අතින්නං කිසිම වැඩක් කරගන්න බැහැ... අපි තුන්දෙනානං බැරියෑ.. ඒක මොකක්ද කියලා කරලා බලන්න ගිය උනුත් කිහිප පොලක්ම ඔය ඉන්නේ හරි සනීපෙට... නිකං අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන...

අනේ ඉතිං එදා හවස ගෙදර යද්දී බස් එකේ පොල්ලක් වත් අල්ලං යන්න අර අතින් බැහැ... බොහෝම අමාරුවෙන් වම් අතින් බස් එකේ සීට් එකක් අල්ලගෙන ගියා ගෙදර පහුවදා එළි වෙනකොටත් අර කැක්කුමනං ගිහින් තිබුනේ නැහැ... එළි වෙන ජාමෙට තමා මට තේරුනේ අර සර් තුමා පංතියෙන් එළියට යන ගමන් කියාගෙන ගිය හරුපේ තේරුම...

..............................................

කැඩුවා කැඩිල්ලක් බෙල්ල සාක්කුවට වැටෙන්නම ඕං..අර කිය කිය හිටිය කතාවේ ඉතිරි ටික ඊ ළග ලිපියෙන් හරිද..?

34 comments:

  1. හිකි හික්...හොඳ වැඩේ ..............

    ReplyDelete
  2. "ටීචර් මාත් උත්තර දෙන්නද ?"
    හැබැයි මම් හරි උත්තරේ නම් දන්නේ නෑ. හික්ස් :)
    සර් නිල වෙදෙක් දෑ. ඔය නිල ප්‍රතිකාර එහෙම කරන.

    ReplyDelete
  3. බොට නියම දඬුවම අර කතාවෙ ඉතුරු ටික කිව්වෙ නැතුවට.

    ReplyDelete
  4. හරියටම හරි නවියා අයියේ....

    ReplyDelete
  5. අත් දෙකටම වැඩේ දුන්න නං තමා හරි, අර කතාවක් තියෙනවනේ "හිත ඇත්තන් මොකද්ද එක කුඩාද?" කියල.

    ReplyDelete
  6. අනික් ඇත නුහුරුවෙන් හරි වැඩේ කරගන්න යහතින් තිබුනනේ නේද මාරයියේ?

    ReplyDelete
  7. ඉතුරු ටික නොකිය හිටිය හින්දම තමා ඕක උනේ..හිකිස්‌

    ReplyDelete
  8. ඉඳල් හිටල ගමන බිමන වමෙන් ගියාමත් මාර ආතල් එකක් තීනව හැබැයි!

    ReplyDelete
  9. අපොය් දෙය්යනේ රාහු කාලෙ එලියට බැහැපු නිසා වෙන්ටැ

    ReplyDelete
  10. ඔය කිව්වට මාරය අයිය නිකන් ඉඳියිද...තව අතක් තිබ්බේ....

    ReplyDelete
  11. හික්ස්..... හොඳ වැඩේ....

    (ඊයෙ රෑ නිදි මරාගෙන දෙන්නෙක් එක්ක බ්ලොග් එකට ඇඳුමක් හැදුවලු...මහ රෑ යාමේ පැයකටත් වැඩිය ෆෝන් එක කනේ ගහගෙන ( අපොයි මගෙ ෆෝන් බිල් එක ) යන්තම් 2කට විතර නිදා ගත්තලු....ඔය අස්සෙන් මේ කතාවත් කිව්වලු.(.දිල් ඔන්න කාටවත් කිව්වෙ නෑ......) උදේ පාන්දරම ඔන්න කෝල් එකක් එනවලු...රෑ යාමේ ෆෝන් එක කනෙ ගහගෙන හදපු ඇඳුමට බාස් උන්නැහෙ පාන්දර ජාමේ වැඩේ දීලාලු.... :P ) හදපන්කො ආයෙම...උදේ 8 ට පටන් ගත්ත ඇඳුම් හැදිල්ල මේ දැන් ඉවර කොලාලු )

    ReplyDelete
  12. හයියෝ ට්‍රැක් පැන්නානේ ඉතින්...

    ReplyDelete
  13. ඇඬෙනව... නිලවීර සරුත් මාර ඩයල් එකක්නෙ... අපරාදෙ හොඳ සීන් එක නේද මාරෙ අයිය...

    අපිනම් ඉතිං දකුණෙ ඉන්න වමේ කොල්ලො... ;)

    ReplyDelete
  14. හපොයි හපොයි... කෝ මේ කියාගෙන ආපු කතාව???

    මොනව වුනත් මේ කතාවත් පට්ට මාරයියේ...

    ReplyDelete
  15. අපරාදේ එහෙනම් බලාගෙන හිටියා විතරයිද අන්තිමට.. දවස් කීයක් විතර ගියාද අත හරි යන්න....

    ReplyDelete
  16. මෙහේ තියෙන සේරම වමෙන් පදවන වාහන.....ඔය අගේට යන්නෙ..
    වම මොකද..දකුණ මොකද...:D

    ReplyDelete
  17. හික්ස් තිබුනු ගාය නැතිවුනාද ඊටපස්සෙ :ඩී

    ReplyDelete
  18. Oh! What happened ? This is not a nice template. Please, Please... change this colours. It is very tiresome to read this. So please change the colours

    ReplyDelete
  19. මේ ඇනෝව මොනව කියනවද මංද.. තිබිච්ච එකට වඩා මේක හොදයිනෙ...

    දැන් අලුත් සපත්තුවක් දාගෙන ගමනක් ගියොත් කකුල් කැපෙනවමනෙ... ඒවගෙ තමයි අලුත් අතත්.... ගමන්මාරිගයේ හැඩේ වෙනස් නිසා අතුරු ආභාදවලට ලක්වෙන්න පුලුවන්..

    අත්දැකීමෙන් කියන්නෙ

    ReplyDelete
  20. පැන්න නේද කැලේ ? අදත් !

    ReplyDelete
  21. ඔය නිල වැඩේ නම් මමත් කාලා තියනවා ගැබැයි ගොන් වැඩකට ගිහින්...මූ අදත් කතාව පැන්නුවා නේ

    ReplyDelete
  22. හහ් හහ්... කී දවසක් ඉවසන් උන්නැයි අත හරියනකන්... ලොල්.

    ReplyDelete
  23. මුං ගෙදර ගිහිල්ල කරන වැඩත් නිලවීර සර් දැනගෙන ඉඳල තියෙනව එහෙනං.

    ReplyDelete
  24. ඊයේ නම් මදෑ අදත් කේවා රුපියෙල් පා :DDD

    ReplyDelete
  25. මාර වැඩනේ වේන්නේ.

    ReplyDelete
  26. ඔය කියන නිලවීර සර් නාලන්දෙ හිටපු එක්කෙනාද? මට මතකයි මාරයා නාලන්දෙට ගිය බවක් කලින් කියලා තිබුනා.කොයි කාලෙද ඔය?එයා නම් දවසක් අහම්බෙන් අපේ පන්තියට ඇවිත් බුද්ධාගම ප්‍රශ්නයක් අහලා එකෙකුටවත් උත්තර දෙන්න බැරුව මුලු පංතියම ගුටි කෑවා.තව දවසක ඇහැව්වා බෝ ගස මුලදී ජිනරත්න තන මිරිකීය කියන එක තේරුම් කරන්න කියලා.

    ReplyDelete
  27. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්වාලු..

    කමක් නෑ ඉතිං මේ කතාවත් මරු නේ...:D

    ReplyDelete
  28. මාර වැඩ කරුවෙක්නෙ ......

    ReplyDelete
  29. මම 10 දි හිටියේ බී.කේ ලා පොන්නම්පෙරුමලා හිටිය පන්තියේ 10 එච්ද කොහේද?මම පන්තියේ හිටපු අන්තිම අහිංසක කොල්ලෙක් නිසා වැඩිය දඩුවම් විදලා නැහැ.ඒත් ඉංග්‍රීසි නම් පේන්න බැහැ.9,10,11 පන්ති තුනේම හිටියේ චීටාරා කියලා ආදර්ට කිව්ව මිස් කෙනෙක්.නිලවීර සර් අපිට උගැන්නුවේ 9 වසරෙදි සිංහල අම්මෝ සැරයි කියන්නේ උපරිම.මිනිහ දවසක් මාව ඩෙස් එක යටින් රිංගෙව්වා.මමත් හරිම මෝඩ විදියට යටින් රිංගලා එලියට එන්න ඉස්සෙල්ලම නැගිට්ටා.අම්මෝ පිට වැදුනා ඩෙස් එකේ තරු පේන්න.ඔය නිලවීර සර්ව වැඩිය මිස්ලට දිරවන්නේ නැත්තේ ළමයි ඉස්සරහම නොහොබිනා කතා කියන හින්දමයි.2001 දී විතර නිලවීර සර් මට හම්බවුනා මාතර ටවුන් එකේදී ඒ විදියමයි.නැෂනල් එක ඇදලා බුලත් විටක් කකා හිටියේ මම ගිහින් කතා කළා.එයාට මාව මතක තිබුනේ නැහැ.ඉස්සර අපි නවය වසරෙදි පැරණි නිර්දේශය පොතේ තිබුනා "කාන්ති" කියලා අමුතු කතාවක්.පොත් ගන්න පරක්කු වුන හින්දා මට විතරයි ඔය "කාන්ති" කතාව තිබුණ පැරණි නිර්දේශය පොත තිබුනේ.මේ "කාන්ති" කතාව කියවන්න පන්තියේ කොල්ලො සේරම මගේ පොත ඉල්ලනවා.අන්තිමේ පන්තියේ ළමයි මට "කාන්ති" කියලා නමකුත් දැම්මා.ඒ නම රෙජිස්ටර් කලෙත් ඔය නිලවීර සර්ම තමයි.

    ReplyDelete
  30. මේ විදියට ළමයින්ට හිරිහැර කරන එක විහිළු නෙමේ දවුවම් ලැබිය හැකි වැරදි!

    තාමත් කල් වැඩි නෑ පැමිණිලි කරන්න.

    ReplyDelete
  31. මාර මලයා පුලුවන්නම් මෙන්න මේක පැහැදිලිකරලා දෙමුද ? මේක අද දිවයින පත්තරේ තිබුන ලිපි දෙකක කොටස්

    1. බුධට අයත් කන්‍යා රාශියේ රවි - සඳුÊ- බුධ - සිකුරු - ශනි යන ග්‍රහයන් මේ කෙටි කාලය තුළ ඒකරාශී වන අතර මේ කාලය තුළ උපදින දරුවන් නැණ නුවන අතින් ඉතා ඉහළ මට්‌ටමක්‌ අය වේවි. රටට පලදායී දරුවන් වේව්. රට බාර ගන්නා නායකකාරකාදීන් මේ උගතුන් බුද්ධිමතුන් වේවි. 27-29 තුළ උපදින දරුවන් ඉතා වාසනාවන්ත වේවි

    2. පංචග්‍රහ යෝගවල පලවිපාක මෙන්න
    රවි සඳු බුධ කිවි ශනි යෝගය
    අතමිට හිඟ, දරුඵලද හීන, සුවසම්පතින්ද දුර්වල, අධික ලොම්
    සහිත ඉතා උස සිරුරක්‌ හිමි කෙනකු විය හැකි අතර තමන් විසින්ම
    මරණය සිදු කරගන්නටද බැරිකමක්‌ නැත.

    කොයි එකද නිවැරදි ?

    ReplyDelete
  32. අර කිව්වත් වගේ හිත ඇත්තම් පත කුඩාද... අනික බුවා ටනම් අවුලක් නැතුව ඇති මයෙ හිතේ. ඌ වමත් කාරයෙක් කිව්ව නේ...

    ReplyDelete
  33. ගොඩක් කාලෙක ඉදල මාරයියාගේ විස්තර කියෙව්වට මොකද කොමන්ට් එකක් දාන්න විදිහක් තිබුනේ නෑ බ්ලොග් කට්ටක් නැතිවයි ඕවා කරන හැටි දන්නේ නැති නසයි. මදැයි හා හා පුරා කියලා කොමනට් එකක් දාන්න කියවපු කතාව හොද වැඩේ. ස්කොලෙ ගිහින් ලස්සනට ඉගෙන ගන්නවට කියල තමයි කියන්න තියෙන්නේ.

    ඔන්න අය්යෙ මමත් මාර සේනාවට එකතු වුනා එහෙනම්

    ReplyDelete
  34. ප්‍රතිචාර දැක්වූ සියළුම දෙනාහට බොහෝමත්ම ස්තූතියි...

    ඒ වගේම අළුතින් මාර සේනාවට එකතු වූ "සි.මි.සි." වත් ගෞරවයෙන් පිළීගන්නවා ඕං...

    ReplyDelete