24 September 2011

බුවාගේ මිරිකීමෙන් අපට සැප...

හරි රට වටේ ගියා මදෑ..අදවත් එමු හරි පාරට...

මං කිය කිය හිටියේ අර "නිල" අල්ලන සර් එක්ක තවත් කෙනෙක් පංතියට එක පාරටම ආව හැටිනේ.. එයිට තත්පර ගානකට කලින්නේ අපේ බුවා පංතියට කඩං ඇවිත් වාඩි උනේ... ඔන්න දැන් ඉන්නවා මෑන් හොර පූසා ලුක් එක දාගෙන... මූණ රතු වෙලා.. ආ මට කියන්න බැරි උනානේ..මේකා සුදු කොළුවා..ලෝක ඇම්ඩා.. දවසකට එකක් හරි මැන්ටල් වැඩක් නොකර ඉන්නෙත් නැහැ.. හැබැයි ඕනම වෙලාවක මූ හොරයක් වංචාවක් කරපු ගමන් මුගේ මූණ දිහා හරියට බැළුවොත් කියන්ට ඇහැකි. මොකද මුගේ කන් දෙක රතුම රතු වෙනවා බොරු කියද්දී.. ඒත් ඉතිං ඒක දන්නේ අපිනේ.. ගුරුවරු දන්නවද ඕවා...

හරි අපි දැන් අනිත් කෙනාගේ පැත්තට හැරෙමු... ඒ කිව්වේ "නිලේ" සර් එක්ක ආව අනිත් කෙනා.. ඔව් ඔව් ඔයාලට හැරෙමු කියලා මං දැන් කිව්වට අපිනං එයා පංතියට ආව වෙලේ ඉඳලා ඒ පැත්තටම හැරිලා තමා හිටියේ... නිකම්ම නෙවෙයි ඇස් උඩ ගිහින්.. කන් පාත් වෙලා..කට ඇරිලා.. එක විකාරයයි... එහෙම නොවී තියේද ඉතිං ගහක් කොලක් නැති කාන්තාරයක ඉඳ හිට තියෙන තුත්තිරි ගස් කොලන් අතරට පිණී ජම්බු ගහක් වගේ එකක් ආවම...

ආයේ ඉතිං කියන්නත් දෙයක්ද මේ තමා අපේ ඉක්කෝලෙට අළුතින් ආව ගුරුතුමිය... හරි ප්‍රියමනාප පෙනුමක් සහිත... ගුරු භවතිය... ඉගැන්නුවේනං මොනවද මංදා..මට යන්තමට මතක හැටියට ඉංග්‍රිසි හරි විද්‍යාව හරි තමා... වයස ඉතිං තිහත් හතළිහත් අතර විතර ඇති.. ඒත් ඉතිං ගමන බිමන.. ඇල්ම බැල්ම.. කතාව බහ.. සිනහ මල්ල..හපොයි..කොහොමනං වර්ණනා කරන්ටද..ආයේ ඉතිං දැක්ම හිතෙන්නේ දහ අටයි විස්සයි කියලා ඒ තරමට කොමලේ...

ඇත්තම නොකිව්වොත් ඒක අඩුවක්නේ... බොරු මොකටද අපි සෙට් එකම ඉතිං ඒ දවස්වල පික්ෂු වැටිලා තමා හිටියේ... ඒත් අපේ කරුමෙට ඒ ලස්සන සූටි ටීචර්.. ආ සූටි කිව්වට ඉතිං සූටිමත් නැහැ උසයි රතුයි පිරුණු දේහේ ඒ උනාට ලොකු ලොකු කැටපිලර් අස්සේ කිරි බවුසර් සූටියිනේ... ඉතිං මේ සූටි ටීචර් අපිටනං උගන්නන්ට යෙදුනේම නැහැ.. අපිට ඉතිං වෙනදා වගේම අර දැකලා පුරුදු කරමලේ සුදුම සුදු උදවිය තමා... අපි ඉතිං ඒ ගැන විස්සෝප වෙවී ඉන්න දවස්වල එක පාරට මේ වගේ හදිසි ආගමනයක් උනාම කලබල නොවී තියේද..?

ඒත් ඉතිං අපට වඩා එයා කලබලයි.. දාඩිය දාලා.. රතුවෙලා... කේන්ති ගිහින්..වෙව්ල වෙව්ල..එක පාරටම පන්තිය පුරා බැල්මක් හෙළලා...

"ඔය ළමයා මොකද ඔළුව හංගගෙන උස්සනවා ඔළුව.." කියලා ඇඟිල්ල දික් කලා.. අපිත් ඉතිං සුළු මොහාතකට ටීචර්ගේ සිරි නරඹන එක නවත්තලා තියලා ඒ සූටි ඇඟිල්ල දිගු වෙච්ච දිහාවට සරල රේඛීයව ඇස් ගෙනිච්චා... හුටා.. මෙන්න මේ නාම්බා අර සරල රේඛාවේ කෙලවර.. ඔව් ඉතිං අර මං කලින් කිව්ව බුවා තමා...අරුත් හිමිහිට වෙව්ල වෙව්ල ඔළුව ඉස්සුවා...ඒත් එක්කම...

"ඔව් සර්..මෙයා තමා..මෙයා තමා.. මෙයාම තමා ඒ..." කියලා අර සියුමැලි තොල්වලින් ගොරහැඩි වදනින් කියඋනා...

ඒත් එක්කම අපේ නිලේ සර්..
"ඒයි නැගිටහං බලන්න.." කියලා තර්ජනාත්මකව කිව්වා.. උන්දෑ එහෙම කිව්වම අපේ බුවා විතරක් නෙවෙයි අපිවත් නිකම්ම නැගිට්ටෙනවා.. ඒ තරමට අපි උන්දැට බය නෙවෙයි බියයි...

ඔන්න හොඳම වදන් පෙළ නිකුත් උනේ ඒ වෙලාවේ තමා... අපේ බුවා නැගිට්ටා හිමිහිට..හරියට හුඹහින් ඇදෙන තලගොයා වගේ.. ඒ නැඟිටින ගමන්ම මූ කියනවා..

"අනේ සර් මං නෙවේ..මං නෙවේ.." කියලා...

සර්ට විතරක් නෙවෙයි ඉතිං අපිටත් හිනා ගියා කියහංකෝ.. මං නෙවේ කියන්න උනේ මොකක්ද කියලවත් අපි දන්නෙත් නැතිව මූ කොහොමද මං නෙවේ කියලා කියන්නේ...

"හා හා උඹ නෙවේ වගේ තමා.. එහෙනං කවුද කලේ..? මොකක්ද කලේ කියලා දැන ගන්න වරෙංකෝ යන්න එළියට.." කියලා ඔන්න යන්තං කොළුවව මරන්න ගෙනියන හරක වගේ අරං අර ජෝඩුවම පිටත් උනා...
එතනින් එහාට කිසිම තොරතුරක් දැන ගන්න හැටියක් නැහැ..ඒත් හැමෝටම විශ්වාසයි මොනවා නමුත් මගෝඩි වැඩක් අරකා කරලානං තමා කියලා... කොහොම හරි ඉවසා වදාරාගෙන පැය බාගයක් විතර ඉඳලා අපේ උන් දෙන්නෙක් ගියා හොර බළල්ලු වගේ පහල පැත්තට මූට මොකද උනේ කියලා දැන ගන්න... ඒ ගිය දෙන්නා ඊට විනාඩි කිහිපයකින් ආපහු ආවා බඩවල් අල්ලං හිනා වෙවී...

"අඩේ මොකද බං වෙලා තියෙන්නේ...?" ප්‍රශ්නය අපෙන්... උත්තරය උන්ගෙන්...

"අන්න ඉන්නවා භූ**ගේ ඔෆිස් එක ඉස්සරහ දණ ගහගෙන.."

(මෙහි භූ** යනු අපේ අංශභාර විදුහල්පති තුමා බව කාරුණිකව සලකන්න. හිටි හැටියේ නොසිතූ තැන්වලින් ප්‍රාදූර්භූත වීමේ එතුමාගේ ඇති හැකියාවට අප විසින් ලබා දුන් නම්බු නාමයක් විනා එතුමාට කිසිසේත්ම අපහාස කිරීමේ අරමුණකින් දැමූ නමක් නොවන බවත් සලකන්න..මක් නිසාද යත් එච්චර මනුස්සකං තියෙන ගුරුවරු ඇත්තටම දකින්න ලේසි නැති නිසා.. කොයිරං බැන්නත්.. දණ ගස්සවනවා වගේ දඩුවම් දුන්නත් කවදාවත් කාත් එක්කවත් තරහක් තියා ගන්න අයකු නොවේ... අද දඩුවම් කල සිසුවා වූවද හෙට නැවත ගොස් කුමක් හෝ කියා සිටි විට කිසි විටකත් පෙර වැරදි ගැන අබමල් රේණුවකවත් සිහිපත් කිරීමකින් තොරව සිසුන්ගේ කරුණුකාරණා සම්බන්ධව ඇප කැප වී ක්‍රියා කල අයකු වේ..)

"මොකක්ද බං ඌ කරලා තියෙන්නේ..?"

"මොනවද ඉතිං අර අළුත් මැඩම්ගේ පු* මිරිකලා දුවලනේ බං.."

"නෑ..."

"නෑ නෙවෙයි බංස්ලා.. මූ පස්සෙන් ඇවිත් එක පාරට මිරිකලා දුවනකොටම මැඩම් මුගේ අතින් අල්ලගෙන..මූ අත ගසා දාලා දුවලා..ඒත් මැඩම්ට මූණ පෙනිලා...මූ පස්සෙන්ම පන්නගෙන ඇවිල්ලා..කරුමෙට "නිලේ"ත් අතර මඟදී සෙට් වෙලා... අන්න ඉන්නවා පහළ..ඕනනං උඹලත් ගිහින් අහලා බලහල්ලා.."

කොහොම කොහොම හරි ඉතිං අපි හැමෝම මාරුවෙන් මාරුවට ගිහින් ෂේප් එකේ විස්තර අහගන ආවයි කියමුකෝ.. කතන්දරේ ඇත්ත..මුලින් මුලින් මේකා ඇඹරි ඇඹරි කිව්වට මොකද ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙනකොට කිසිම අවුලක් නැතිව හිටියා... එයිට පස්සෙත් දවස් කිහිපයක්ම බුවාගේ රාජකාරිය උනේ උදේට ඉස්කෝලේ ඇවිත් පොත් බෑග් එක පන්තියෙන් තියලා ගිහින් අතන දණ ගහගෙන ඉන්න එකම තමා... හැබැයි හිතන්න එපා ඌනං ලැජ්ජාවෙන් හිටියා කියලා..පොර නිකං හිටියේ ඇමරිකාවට ගහපු බින් ලාඩන් වගේ ෆුල් ආතල් එකේ.. ඇයි යකෝ ලේසි පාසු වැඩක්ද මූ කෙරුවේ...?

හැබැයි ඔය කතාවම ඔයිට කලිනුත් මුගේ අතින් වෙලා තිබුනා..ඒ අපේ උං ටිකක් සීගිරියේ විනෝද චාරිකාවක් ගිය දවසක.. ඒකට මටනං ඉතිං යන්න උනේ නැහැ..දන්නවනේ ඉතිං මගේ ආර්ථිකේ.. පුළු පුළුවන් උං ටිකක් ගිහින් ආවා.. ඒ ගිහිල්ලත් සීගිරියෙදී සුද්දියෙකුටත් ඔය දේම කරලා දුවලා අනූ නවයෙන් තමා බේරිලා ඇවිත් තිබුනේ... ඒ කතාව දන්න හින්දා අර නිව්ස් එක අපිට ඒ හැටිම පුදුම වෙන්න දෙයක් උනේ නැහැ..අපි දන්නවනේ යාළුවා කවුද කියලා...

..................................................................

ඔකේ හොඳම වැඩේ තමා දවසක් දෙකක් යනකොට මූ නිකං අංශභාර විදුහල්පතිතුමාගේ පියන් වගේ වෙච්ච එක... දණ ගහගෙන ඉන්න ගමන් මොනවා හරි දේකට කොහේට හරි යවන්න කෙනෙක් නැති උනාම භූ** තුමා මූව නැගිටවලා ඒකට යවනවා.. බුවාටත් මොකද ඉතිං කොහොමත් රස්තියාදු ගහන එකානේ..ආසාවෙන් ඒ හැම තැනම යනවා..අන්තිමට මේකා හරිම ආසාවෙන් ඉස්කෝලේ එන්න ගත්තා... ඇයි ඉතිං දැන් අංශභාර විදුහල්පතිගේ දකුණු ආසියාව භාර නිත්‍ය නියෝජිත වගේනේ...

ඔය අස්සේම මේකා තවත් පිංකමක් කර ගත්තා.. ඒ තමා අපේ පැමිණීම එහෙම නැත්තං සීයයට අසූව හදලා දීම...

අපි ඉතිං ඉස්කොලේ ගියේ අවාරෙට කජු වැටෙන්නැහේ නෙව... ඒත් සාමාන්‍යපෙළ විභාගෙට පෙනී ඉන්නනං පැමිණිම සීයයට අසූව ඉක්මවලා තියෙන්න ඕන.. මගේ එහෙම ගණන් හදලා බැළුවම තිබුනේ සීයයට 65ක් වගේ තමා.. හැබැයි ඒ පංතියේ නාම ලේඛණයට අනුව. ඒත් විභාගයට අවසර දෙන්න ගණන් බලද්දී ඒ ප්‍රමාණයට අපේ ප්‍රගති වාර්ථා පොත්වල තියෙන ප්‍රමාද වී පැමිණීමේ සීල් ප්‍රමාණය ගැනලා ඒකත් එකතු කරනවා.. ඔය සීල් එක හැමදාම උදේට ශිෂ්‍ය නායකයින් විසින් ගේට්ටුව ගාවදී පරක්කු වෙච්ච උන්ගේ රිපෝට්වලට ඊට අඳාල පිටුවේ මාක් කරලා අහවර වෙලා ගෙනත් තියන්නේ අංශභාර විදුහල්පතිතුමාගේ මේසය උඩින්..

දැන් හිතා ගතෑකිනේ.. සිද්ධ වෙන දේ.. අපේ බුවා ඔය හැම දේම මීටරේට දාගෙන අපේ එක එකාගේ රිපොට් කාඩ්වලට ඔෆිස් එකේ කවුරුවත් නැති වෙලාව බලලා අර සීල් එකේ දින මාරු කර කර ගහලා කොහොම කොහොම හරි පැමිණීම සීයයට අසූව හදලා දුන්නා... එහෙම බැළුවම මං විභාගෙට ලිව්වෙත් ඔන්න ඔය බුවාතුමාට පිං සිද්ධ වෙන්න කිව්වොත් ඒකේ වරදක් නැහැ ඕං...

ඉතිං කොහොමද කටක් ඇරලා ඌට කියන්නේ "කැත වැඩ කරන්න එපා මචං" කියලා... ඒ හින්දම පස්සේ අපි ඉතිං අහන්නේ "ආයේ මිරිකන්න එහෙම එකක් අහු උනේ නැද්ද බං..?" කියලා තමා...මොකද ඉතිං බලාගෙන යද්දී ඒ මිරිකීම හරහා අපටනේ සැප ලැබුනේ..

දැන් ඉතිං මේක බලන උදවියත් සැප ගන්න කියලා ඔය එක එක ඒවා මිරිකන්න යනවා එහෙම නෙවෙයි...සමහර විට සැප කනේ හිටින්නත් බැරි නැහැ...ඕං වේලපහම කිව්වා...

....................................................

මේවා ඉතිං මහා ලොකු කතා නෙවෙයි තමා..ඒත් ඉස්කෝල කාලේ සිද්ධ වෙච්ච දේවල් අතර අදටත් අමතක නොවී තියෙන කතා ගොන්න අතරේ තියෙන පුංචි පුංචි මතක කෑලි නෙව... අමිහිරි මතකයන් ගොඩක් අස්සේ තියෙන පුංචිම පුංචි දේ උනත් කොයි තරං වටිනවද..?

34 comments:

  1. "ලොකු ලොකු කැටපිලර් අස්සේ කිරි බවුසර් සූටියිනේ... "
    හොද වෙලාවට මම් පොඩි එකා. ඒ නිසා මුකූ....ත් තේරුනේ නෑ ඕං.

    ReplyDelete
  2. නරක ළමයි නේද?... ;)

    ReplyDelete
  3. @මධුරංග...

    මලයත් සෑහෙන්න සූටි ළමයෙක් වගෙයි නේද..?

    ReplyDelete
  4. @සාතන්...

    නරකම නැහැ ඒත් සුට්ටක් විතර නෝටි..නේ..

    ReplyDelete
  5. හපෝ මාරයා වගේ එවුන්ව බ්ලොග් වලින් වත් ආශ්‍රය කලොත් අපිත් නරක් වෙනව.

    මට එක පාරටම මතක් වුනේ, අල්ලපු පංතියෙ උගන්නපු සුදසිංහ ටීච, අනේ පස්සෙ එයාගෙ බෝය් ෆ්‍රෙන්ඩ් ( අපිට හෙන තදයෙක් ඒ කාලෙ - කොහෙද පොලීසියක එස්.අය්. කට්ටෙක්) ටීචව බැන්දම කොල්ලන්ට ගිහින් තිබ්බ කේන්ති

    ReplyDelete
  6. මේවගේ යක්කුත් ඉන්නවනේ ඉස්කෝලවල, ලොල්

    ReplyDelete
  7. එල එල මරු කතාව ඒකනම්.... මට පොඩි සැකයක් තියෙනවා හැබැයි ඉතින් ඔය බුවා කියන්නෙත් ඔබ තුමාටමද දන්නෑ..........

    ජයවේවා....

    ReplyDelete
  8. මටත් කතාවක් මතක් වුනා.කියන්න ලැජ්ජයි වගේ.....

    ReplyDelete
  9. @Observer...

    අම්මපා ඔබයියේ උඹනං නරක් වෙන්ටම ඇහැකි... පරිස්සමෙන් හිටිං...

    ReplyDelete
  10. @යකා මහත්තයා...

    අපෝයි නැත... ඔය යාළුවා මගේ මුහුණු පොතේ තාමත් යහතින් වැජඹෙමින් ඉන්න හාදයෙක්...

    ReplyDelete
  11. @පිසාචයා...

    මාත් දහ අතේ කල්පනා කරලා කරලා තමා ඉතිං දැම්මේ...
    මෙව්වා කියලත් බැහැ..නොකියත් බැහැ...

    ReplyDelete
  12. හපොයි... මහ අසික්කිත නැහැදිච්චි එව්වොනෙ උබල... සික් විතරක්. හක් හක්.. යකෝ ඌ මොනා උනත් සිරා බුවෙක් නේ... ටීචර් කෙනෙක් ගෙ පුකක් මිරිකනව කියන්නේ ඉස්කොලෙදි... හපොයි.

    මාරයො ඉස්කෝලෙ කතා ලියකො තව....

    ReplyDelete
  13. යකෝ ඌට තව එකක් දෙකක් මිරිකුවනං ඉස්කෝලෙ ප්‍රින්සිපල් වෙන්න තිබ්බනෙ.

    ReplyDelete
  14. @පිස්සා පලාමල්ල...

    හප්පේ බං ඉස්කෝලේ කතා ලිවිල්ල අති භයානකයි... මොකද මං නොදන්නවා උනත් අපේ උන් මේකේ වැහැ වැහැලා...

    නිකමට හරි උන් පටන් ගත්තොත් මගේ වරුණාව කියන්ට..මට යන්ට වෙන්නේ හොම්බෙන්...

    ReplyDelete
  15. @Praසන්ன...

    ‍කොහොමත් ඌ හිටියේනං ප්‍රින්සිපල්ට පොඩ්ඩක් ඔන්න මෙන්න වගේ තමා...

    ReplyDelete
  16. අපේ එකෙකුත් රුපියල් පනහක ඔට්‍ටුවකට ටීච කෙනෙක් ගේ ඇඟේ හැප්පුනා නෙව.

    ReplyDelete
  17. අර කැටපිලර් කතාවනම් මටත් තේරුනේ නෑ අයියේ...

    ReplyDelete
  18. අඩේ ඌට ඔහොම තනතුරු ආපු එක පුදුම දෙයක් නෙමේ,,ඔහොම මිරිකන්න තරම් ගටක් තියෙද්දී

    ReplyDelete
  19. මම නම් ඉස්කෝලෙ ගියෙ මාරයට හුඟක් කලින් මහිතෙ... කාලෙ විපිරියාසයක්ද මන්ද අපි නම් ඉස්කෝලෙ යන කාලෙ ඔහොම දෙයක් අහලම නෑ...

    මම මේ කල්පනා කරන්නෙ දැන් මාරය ඉස්කෝලෙ ගිහිල්ලත් ටික කාලයක් වෙනව නැතෑ.. දැන් ඉස්කෝල වල ටීචර්ලට තනියම කොරිඩොර් එකකවත් යන්න බැරි සයිස් එකක් තියෙනවද දන්නෙ නෑ...

    ඔහොම දෙයක් ඉස්කෝලෙ යන කාලෙ කරපු බුවා දැන් මොකද දන්නෙ නෑ කරන්නෙ...

    ............
    අලුත් ගවුම දැන් වඩාත් හොඳයි..

    ReplyDelete
  20. @වැම්පයර්...

    මෙව්වනං ඉතිං මුදලට නෙවෙයි..සම්පූර්ණයෙන්ම තමුන්ගේ උවමනාවටම තමා...

    ReplyDelete
  21. @Prasanna...

    හපොයි ඔව්වා එච්චරට හිතන්න යන්න එපා..

    ReplyDelete
  22. @ItalyDilan...

    දැන් කල්පනා කලහමනං අමු මෝඩකං..ඒත් ඉතිං ඒ දවස්වල ඒ හැටි හිතන එකක්යෑ...

    ReplyDelete
  23. @සපතේරු උන්නැහේ...

    ඇත්තටම එන්න එන්නම තත්වය නරක් වෙනවා මිස හොඳ අතට හැරෙන්නේ නැහැ සපතේරු.. මං දැනුවත්වම උසස් පෙළ කරන කෙල්ලෙක් දැන් අවුරුදු 4කට විතර කලින් අළුතින් ආව විද්‍යාපීඨ ගරුවරියක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා... ඒ වගේ සහ ඊට සමාන සිද්ධී කිහිපයක් ගැනම වරින් වර තොරතුරු හම්බ වෙලා තියෙනවා..අනිත් දේවල් පිරිහෙනකොට මෙතන විතරක් ඉතිරි වෙයි කියලා හිතන්නවත් බලිපොරොත්තු වෙන්නවත් බැහැනේ.

    බුවානං බැඳලා කරලා දැන් ලමයෙක් හෙමත් ඉන්න තාත්තා කෙනෙක්...

    ReplyDelete
  24. හුම්ම්... ඒ මැඩම් Western Music නේද කලේ, සීන් එක අපිත් අහුව, එතකොතොට මං 10යේ මයෙ හිතේ, අපිට අරංචි වුන විදියට බුවා වැඩේ කලේ ඔට්‍ටුවකට. මෑන් ඔට්‍ටුව දිනුම්. එතකොට බුවා එක්ක ඔට්‍ටු ඇල්ලුවෙ මාරයද?
    කියමු බලන්න එහෙනම්.

    ඇත්තමයි මාත් දවසක් නිලය තුමාගෙන් කෑව ඉතිහාස ගත කැමක්, මතක් වෙනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනව

    ReplyDelete
  25. @ravinumal...

    හ්ම්ම් සමහර විට විෂය නම් ඒක වෙන්න ඇති.. ඒත් පැහැදිලිවම මේ කේස් එකනං ඔට්ටුවකට වෙච්ච දෙයක් නෙවෙයි. හපොයි ඔය වගේ ඔට්ටුවක් අල්ලන්න හිතනවද හීනෙන්වත්...

    නිලය තුමාගේ කෑම ගැනනං කුමන කතාද..?

    ReplyDelete
  26. හික් හික් හික්...

    කරලා තියෙන වැඩේනම් අවුල් තමා, ඒ වුනාට ඉතිං කතාව දැන් අහනකොට නම් හිනා ඉස්පොල්ලේ යනව! ඔය කියන බුවාට මොනව හිතෙනවද දන්නෙ නෑ දැන් මේව මතක් වෙනකොට...

    ReplyDelete
  27. අර කැටපිලර් කතාව ඇරෙන්නෙ අනිත් ඔක්කොම තේරුනා.. හොද වෙලාවට ඒ ටීචර් අයියලාට ඉගැන්නුවේ නැත්තේ... එහෙනම් තව තව දේවල් වෙනවා.. මම කිව්වේ බුවාට පනිශ්ම්න්ට්....

    ReplyDelete
  28. ඔය තියෙන්නේ කරපු හපන් කම්......එලි වෙන ජාමෙටලු හොද හොද මාර කියමන්...අපිත් ඉන්නවා ඇහැර ගෙන.....

    ReplyDelete
  29. මේ දැන් අද වෙනකන් මාරය දාපු පෝස්ට් ඔක්කොම කියවල ඉවර කලා...
    මාසෙක දෙකක ප්‍රොජෙක්ට් එකක්...
    බුවා කියන්නේ එල කොල්ලෙක්නේ......
    දැන්නම් හොඳටම දොයි මතයි
    Tizanidin පෙත්තක් බිල ඉන්න නිසා, මට දැන් කි බෝර්ඩ් එක පේන්නෙත් නැහැ, එහෙට මෙහෙට විසි වෙනවත් වගේ

    මාරයාට ජය වේවා
    JK

    ReplyDelete
  30. මටත් මතක් උනා අපේ ස්කෝලෙටත් අර විද්‍යාපීඨ වලින් එන සූටි මිස්ල ආපු කාලෙ... ඔයවගෙ දේවල්නම් කරේ නෑ අපි ටීචර්ගෙ අකමැත්තෙන් ..

    ReplyDelete
  31. 3 a.m. හපොයි.හපොයි.

    ReplyDelete
  32. එහෙනම් එහෙනම්.. මට චූටි සැකයක් තියනවනෙ මාරයියේ......

    ReplyDelete