26 September 2011

තේරුමක් ඇද්ද නැද්ද..?

මටත් පිස්සු.. හිතට එන හැම එකම කියන්න හොඳ නැහැ. හරි හෝ වැරදි හෝ වේවා... තමන්ට දැනෙන..තමන්ට හැගෙන හැම දේම ඔහේ ඉවක් බවක් නැතිව ගෙඩිය පිටින් අතාරින්න ගියහම වෙන්නේ මිනිස්සු අමනාප වෙන එකයි. මිනිස්සුන්ට කියලත් හැමදාම මේ වදේ ඉවසියෑකිද..? මං මිනිස්සුන්ව පරීක්ෂා කරනවා වැඩිද කියලත් වෙලාවකට මට හිතෙනවා.

මිනිහෙකුට හොඳ ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න සෑහෙන කාලයක් යනවා. සමහරු උවමනාවෙන් එහෙම කරන අතරේම.. තවත් සමහරු උත්සහ නොකරම එහෙම ගොඩ නගා ගන්නවා.. ඔය දෙක අතරින් වටින්නේ දෙවෙනි කොටස..මොකද පළවෙනි කාණ්ඩය කරන්නේ එක්තරා ආකාරයක මවා පෑමක්. එතන පෙන්නන හැම දේම ඇත්ත නොවෙන්න ඉඩ කඩ වැඩියි.

ඒත් දෙවෙනි කොටස ප්‍රතිරූපය ගැන හිතලා වැඩ කරන අය නෙවෙයි.. ඒත් ඒ අය තුල තියෙන සැබෑ යහපත්කම මතම ගොඩනැගෙන ප්‍රතිරූපය හරිම සවිමත්. ඒක නිර්ව්‍යාජ ප්‍රතිරූපයක්...

ඔකේ අනිත් පැත්ත ගත්තහම ..ඒ කියන්නේ නරක ප්‍රතිරූප... මං මෙතනට සාපේක්ෂ කියන වචනය ඈඳා ගන්න බලන්නේ නැහැ.. මොකද මේ කියන දේත් එක්ක ඒක පැටළුනාම මේක සංකීර්ණ වැඩි වෙනවා.

අපි පොදු සමාජයේ ජීවත් වෙනකොට දකින කළු චරිත ගැනයි මං කියන්නේ... එතනත් ඉන්නවා මං කලින් කිව්ව ජාතියේම කොටස් දෙකක්.

එකක් තමා උවමනාවෙන් හා මවාපෑම මත කළු චරිතයක් එහෙම නැත්නම් නරක චරිතයක් පෙන්නන අය.

ඒ වගේම ස්වභාවයෙන්ම කළු චරිත... ඒ අයට මවා පාන්න දෙයක් නැහැ..සැබෑවටම කළු...

දැන් ප්‍රධාන කොටස් හතරයි...

1.හොඳ චරිත ලෙස හුවා දක්වන මුත් ඒ සැබෑවම නොවන අය
2.හුවා දැක්වීමක් හෝ අන් යම් ඉස්මතු කිරීමක් නොකලත් පැහැදිලි ලෙසම හොඳ චරිත
3.නරක අය ලෙස හුවා දක්වමින් එන සැබෑවටම නරක නොව අය..
4.ස්වභාවයෙන්ම නරක චරිත..

ඊ ළඟට...

මොනවද මං මේ ලියන්නේ... නිකං පණ්ඩිතයෙක් වෙන්න හදන්නේ නැතිව හිටිං යකෝ... තෝ දැන් හැදුවේ ඕක ආයෙම බෙදලා පෙන්නන්න නේද..? තොට අභිධර්මය බැහැ. ඒක තේරුං ගනින් මෝඩයා...

32 comments:

  1. යමක හරි වැරදි හොඳ නරක දැකීමට අභිධර්මය දැනසිටිය යුතුම නොවේ. මම මේ ලියන්නේ මගේ මිනුම් දඩුවට අනුව. ඒක වෙන කෙනෙක්ට වැරදි වෙන්න පුළුවන්. එහෙම වුනා කියලා ඔහුවත් මමවත් නරකයි කියලා කියන්න බැහැ. කොහොම හරි ඔබ වැනි අය ඉතාම දුර්ලභයි. ඒනිසාම වටිනාකම වැඩියි. මම ඔබ මුණ ගැසී නැහැ. එහෙම වෙයි කියලා හිතන්නත් බැහැ. මම හැමදාම පිටින් ඉන්නයි කැමති. ඔබලාගේ එකතුවකටවත් මම එයි කියලා හිතන්න අමාරුයි. ආවත් මම ක්වුද කියලා නොකියයි. කෙසේ හෝ ඔබ වැනි අය නිසා සමාජයට යම් හෝ යහපතක් වෙනවා. ඒ යහපත කවුරුත් අගය නොකලත් ඔබ දන්නවා නම් ඒ ඇති.

    චරිත ගැන නම් මම කලින් ලියලා තියනවා වගේ මතකයි. නැවතත් ලියන්න සිතෙත් තියනවා. එදාට සංවාදයක් කරමු.

    ReplyDelete
  2. මේක බීම නවත්තල මල් අදින්න පටන් අරන්ද කොහෙද

    ReplyDelete
  3. ඔබා හරි අර ට්‍රිප් ගිය වෙලේ මල් අරන් ඇවිත්. පූජාවක් තියල වගේ..

    ReplyDelete
  4. තාම නිදාගත්තේ නැතෙයි අයියේ???????? මඤ්ඤං ගතිය වැඩි වෙලා වගෙයි............

    ReplyDelete
  5. මැදයි පුටුවේ හරි බරි ගැහිල දිග පෝස්ට් එකක් කියවන්න ලෑස්ති වුණා.

    ReplyDelete
  6. හික් හික් මේ මොක බොල මේ

    ReplyDelete
  7. පොඩ්ඩක් තේරෙන්න කිව්ව නම්....

    ReplyDelete
  8. උඹම කියපන්කෝ මම මොන වර්ගයේද කියලා....
    ජීව්..

    ReplyDelete
  9. ලිපියම පැහැදිලි මදි :D

    ReplyDelete
  10. හප්පේ... මාරයියටත් හිතෙන දේවල්....

    ReplyDelete
  11. පහුගිය දවස්වල අර ටීචර් කතා කිව්වනෙ...මේ ළමයින්ට හැදෙන්න කියා දෙනවා...හොඳට අහගන්න ළ...මා......යි.....

    ReplyDelete
  12. වට් හැපන් අයියේ ?

    ReplyDelete
  13. @හිස් අහස

    " මාර " වැඩේනෙ සඳරූ...උදේ හදිස්සියෙ එහෙට මෙහෙට වෙද්දී අර තඩි මේසේ මාරයියගෙ ඔළුව වැදිලනෙ...මම ඒත් කිව්වා දොස්තර කෙනෙක් ලඟට දුවන්න කියලා...කොහෙද අහන එකක්යෑ....ඔය දැන් පේනවනෙ.....අනේ අපේ මාරයියට වෙච්ච දෙයක් මං අහන්නෙ..........

    ReplyDelete
  14. මටනම් නොතේරේ කිසිත්... ඊලග එකවත් බලමු

    ReplyDelete
  15. හිතේ මොකක්දෝ පැටලිල්ලක් ඇති හැඩයි...

    ReplyDelete
  16. මොනවා නමුත් දෙයක් තියෙනවා වගේ කර කියාගන්න බැරි...මිනිස්සු මොනවා හිතුවාම මොකෝ බ0 ...

    කුරුමිනියා.

    ReplyDelete
  17. මොකක් නමුත් විපර්යාසයක් වෙලා වගෙයි....

    ReplyDelete
  18. ඔයින් ගියා මදැයි !

    ReplyDelete
  19. මාරයියේ කොහොම උනත් ලොකේ හැමොම...මොකක් හරි චරිතයක්...රඟපානව......

    ReplyDelete
  20. ටිකක් විතර වැඩි වෙලාද මන්දා?

    ReplyDelete
  21. අපොයි මාරේ අයියේ මොකැ මේ?

    ReplyDelete
  22. උඹ පන්සලේ හිටපු එකේ අභිධර්මය පොතක් හරි අල්ලල ඇති. අපි එහෙමවත් නෑ බං. ඉතිං අපිට ඕව තේරෙයිද?

    ReplyDelete
  23. මාවෞරිස්සෙන් අල්ලලා හොල්ලලා හොල්ලලා අතෑරියා වගේ. මට මඤ්ඤං වගේ.... (වගේ මොකෝ...)

    ReplyDelete
  24. වෙනදට කියන්න තියනදේත් කියන්නෙ නැතුව වටේට රවුංගහන උඹ, දැං එකපාරටම මිසයිලයක් ගැහුවවගේ උඩින් පාත් උනාම අපි කොහොමද මොකුත් කියන්නෙ?

    ReplyDelete
  25. මාරයාගේ ග්‍රහ මාරු අනාවැකිය නම් එන්න එන්න හරි යනවා වගේ...
    කොච්චි අනතුර...
    ඊට පසු දුම්රිය සේවක, ඇමති අතර ප්‍රශ්න.
    ආමි කෑම්ප් එකේ ආයුධ ගබඩාව පිපිරිම...
    STF නිලධාරින් දෙදෙනාගේ මරණ.
    අපොයි තව මොනවා වෙයිද දන් නැ...

    ReplyDelete
  26. මොකෝ මාරෙ. කවුද බොට මොනාද කීව්වෙ.

    ReplyDelete
  27. මේක කමින් කෑල්ලක් බොලවු... කෑනුගහ හිටපල්ලා... ඊලග එකෙන් දැනගන්න පුලුවන් ...

    ReplyDelete
  28. අනිවා මල් පූජාවක් වත් තියන්න ඇති.... නැත්තම් මොකද මේ.....

    ReplyDelete
  29. ????????????????????????????????????????????????

    ReplyDelete
  30. මෙහි පළවෙනි වාක්‍යය සමග එකඟ වෙමි. ඒ අනුව අනුමාන කළ හැක්කේ රචකයාට ඇත්තේ සයිකෝසිස් රෝගයක් නොව, නියුරෝසිස් තත්වයක් බවයි.
    දෙවෙනි වාක්‍යය සමගද එකඟ වෙමි. හිතට එන හැම එකම කිව්වොත් බොහෝ ප්‍රශ්න ඇති විය හැක. උදාහරණයක් ලෙස, බස් එකේ කොන්දා "පස්සෙන් සල්ලි ගන්ඩ" කියනවිට මට හිතට එන්නේම "පස්සෙන් සල්ලි ගන්ඩ අපි මැජික් කාරයොද?" කියාය. එහෙම කියන්ඩ ගියොත් ලොකු අවුලක් ඇති විය හැකිය.
    "මිනිස්සුන්ව පරීක්ෂා කරන්නේ" මා දන්නා තරමින් දෙවියන් වහන්සේය. මාරයෙක් එසේ කළ යුතු නැත. එහෙමනම් මාර දිව්‍යපුත්‍රයාවත් විය යුතුය.
    ප්‍රතිරූප යන වචනය ප්‍රබුද්ධ ලෙස සළකා බැලීමේදී, එයින් අදහස් වන්නේ ප්‍රති+ රූප, එනම් විරුද්ධ රූප යන්නය. එහෙම එකක් වෙනම ගොඩ නගා ගත යුතුමය. එහෙම නැතුව තියෙන එකම පෙන්නුවොත් ඒක රූපයක් මිස ප්‍රතිරූපයක් වෙන්නේ නැත.
    මේ නිසා තුන්වෙනි ඡේදයේ සිට ඉදිරියට මෙම පෝස්ටුවේ ඇති අදහස් අර්ථවිරහිතය; ග්‍රාම්‍යය; අපේක්ෂාවිරහිතය; උත්කෘෂ්ඨය; පදවිප්‍රාප්තිය.

    කුරිරු සිනා

    ReplyDelete