30 September 2011

පඬි කතා.. පොර ටෝක්... ඕනනං මෙන්න...

ආයේ ඉතිං අමුතුවෙන් කියන්ට ඕන නැහැ මේ පහළින් දාන්නේ ඊයේ රෑ 08.30 ට "බස් රේඩියෝව" තුළින් විකාශය වූ මාරයාතුමා නොහොත් මංතුමාගේ අර සුමිහිරි හඩ (එක එකානං ඔය අනං මනං කියනවා නිකං බැරල් එකක් ඇතුලේ ඉඳන් කෑ ගහනවා වගේ කියලා..මං දන්නවා ඒ පැහැදිලි ඉරිසියාවට කියලා..:D) සහිත කතා බස් වැඩ සටහන...

ඇත්තටම මේ සඳහා මාව දායක කරගත්ත සියළුම බස් රේඩියෝ සැට් එකටත් බොහෝම ස්තූතියි.. ඒ වගේම අමාරුවෙන් අහගෙන හිටිය හැමෝටමත්.. ඒ වෙනුවෙන් "මරණයා"තුමා විසින් දුවවන ලද "බස් රථයේ" ගමන් කරමින් හතර අතට මඩ ගහපු සියළුම දෙනාටත්... ස්තූතියි.

ඒ වගේම විශේෂයෙන්ම අපේ නිවේදකතුමා වෙච්ච "වැප් මහතා"ට අමාරුවෙන් මේ කතා බහ අහං හිටිය එකට වෙනමම ස්තූති කරන්න ඕන... ඇත්තටම උන්නැහේ හොඳ නිවේදක මහත්තයකුගේ ගති ලක්ෂණ ඔක්කෝම මැනවින් විදහා පානවා... කොහොමත් තව අවුරුදු 30ක් විතර ගියාම හොඳම හොඳ නිවේදකයෙක් වෙයි කියලා ටක්කෙටම කියන්ට ඇහැකි. ඒත් මට පොඩි දෙයක් අමතක උනා ඔය කතා බහේදී කියන්ට... ඒක මෙහෙමවත් කියලා දාමුකෝ..නැත්තං ආයේ වැප් මහත්තයා මාත් එක්ක තරහා වෙයි... වෙන දෙයක් නෙවෙයි වැඩ සටහන පටන් ගන්ට කලින් වැප් මහත්තයා කිව්වා

"අනේ මචං මේක අස්සෙම කියහං මං ගැන වෙනම ටිකක්.. දන්නෙ නැද්ද ඔය මං හොදයි..මං හොදයි.. මං හොදයි.. වගේ ටිකක්... ඔය මාත් එක්ක කතා නොකර ඉන්න ගෑණු ළමයි එහෙම බය නැතිව කතා කරන්ට හිතෙන ජාතියේ ටිකක් කියහං කියලා"

කොහේද මට ඒක මිස් උනා.. ඒ තරහටද මංදා ඔය බස් රේඩියෝ වැඩ සටහන යන අස්සේ වැප් මහත්තයා දෙතුන් වතාවකදීම රේඩියෝවේ මීටරේ එහෙ මෙහෙ කැරකෙව්වා..ඒත් උන්දෑ කිව්වෙනං මේ මොකක්ද සර්වර් අවුලක් කියලා.. ඒත් මං ටක්කෙටම දන්නවා අර තරහා පිරි මැහුවා කියලා.. ඒත් ඉතිං වරද මගේනේ.. මට බැරි උනානේ අර ටික කියන්න.. ඒ හින්දා ඔන්න මං දැන් කියනවා...

"මං හොඳයි.. මං හොඳයි.. අහ් නැහැ වැරදුනා.. වැප් හරි හොඳයි..හරිම හොඳායි.. ඔය වැප්නි අයියත් එක්ක මෙච්චර කාලයක් කතා නොකර ඉන්න ගෑණු ළමයි එහෙම ඉන්නවනං අදම එයාට කතා කරලා දැන හඳුන ගන්න ඒ තරමට එයා හොඳයි.. ආ කතා කරන විදියද.. ඒක හරි පහසුයි..මට කතා කරලා එයාගේ නොම්මරේ ඉල්ල ගන්න..:D"

ඒ වගේම මේක පටිගත කිරීමෙන් සහ එය කැපීමෙන් කෙටීමෙන් ඔය එක එක හට්ටි මුට්ටි පෙර ලෙනවා වගේ සද්ද බද්ද එකතු කිරීමෙන් සහය වූ "දුලාන්"ටත්... මට කෙලවීමේ පරම පවිත්‍ර වේතනාවෙන් අච්චර සුවීට් පුරස්න හදාපු "බීටල්" (පස්සේ වෙලාවක මං උන්දෑ ගැන බලා ගන්නං..) මහත්මාටත් මගේ අවංක ආදර ස්තූතිය...

මෙන්න එහෙනං ඒ කතාව....


ආ අවසාන වශයෙන් තවත් දෙයක් කියන්ට ඕන... අර මං කලින් වතාවක දාපු කෙටිකතා තරඟයෙන් අපේ "සිත්ආර" බ්ලොගය ලියන නලිනි චන්දිමා සහෝදරිය විසින් ඉදිරිපත් කරපු "අබූත" කෙටි කතාව ජනප්‍රියම කෙටි කතාව හැටියට තේරිලා තියෙනවා... එම තරඟය සංවිධානය කරපු "පොත් කියවන අයගේ ෆේස් බුක් එකතුවේ" සියළුම දෙනාට තව තවත් මෙවන් වටිනා වැඩ සටහන් කරන්නට ශක්තිය ධෛර්යය පතන අතරේම... ජයග්‍රාහිකාවට මගේ උණුසුම් සුභ පැතුම්...!

23 comments:

  1. ඔක්කොම හොඳයි අර 500න් ඉවර කරනවා කියපු කතාව ඇරෙන්න. එහෙම කලොත්නේ බලාගන්න.... හොයාගෙන එනව ජෝතිෂ්‍ය කාර්යාලෙට.

    ReplyDelete
  2. කෝ මගේ පෝන් නම්බරය දාලා දාපූ කමෙන්ට් එක ..ඒක පබිල්ෂ් කරපන්

    ReplyDelete
  3. මාත් ඉතින් ඔන්න ඊයේ අහගෙන උන්නා මෙයා මොනාද කියවන්නෙ කියලා...ඔය ටකරං කට හඬ නම් ඉතින් අහලා පුරුදුයි නොවැ...වැපාගේ කතා බහ කිරිල්ලත් එල...

    ReplyDelete
  4. දැන් වැඩට යන්න වෙලාව ලඟය්, ගිහිල්ල රේඩියෝව අහලම කොමෙන්ට් කොරන්නං.....

    ReplyDelete
  5. අර පන්සීයෙන් ඉවර කතාවට මාත් කැමති නෑ.. කොහෙද ඉවර වෙනකම් අහන්න බැරි උනානෙ. චැප්ගෙ කටහඩනම් ඇත්තට හරිම ලස්සනයි.

    නලිනි දොස්තර නෝනට උණුසුම් සුභ පැතුම්!!!

    ReplyDelete
  6. අනේ හරි ස්වීට් වොයිස් එකක්. (සුමිහිරි හඬ) කියල වැඩක් නෑ.

    ReplyDelete
  7. වැප්ගේ කටහඩ නම් ඇත්තටම ලස්සනයි තමා:)

    හැබෑට 500න් නවත්තනවද?

    ReplyDelete
  8. හික් හික් හිකිස් පව්නේ අර වැප් මහත්තයාගෙ නම්බර් එක දාන්න

    ReplyDelete
  9. ආහ්...මෙහෙම කරපු එක හොදයි.මට ඊයෙ කතාව අහන්න බැරි වුනා නොව.

    ReplyDelete
  10. හිමින් සැරේ අහන්න ඕනේ . ඊයෙත් බැරි වුනා . මේ ඔබ්සර්වර් මාමා වැඩට යන්නේ බස් අහන්නද ??

    ReplyDelete
  11. හපොයි දිල් නගාගේ කොමෙන්ටුව... හෙහ් හෙහ් හෙහ්..!!!

    ReplyDelete
  12. අන්තිම පේලියේ http://tlr.thelastrow.net/ කතා පබ්ලිෂ් කරන්නෙකු සහ සිංහල බ්ලොග් වල කොමෙන්ට් කරුවෙකු වන "බුරතෙනෝ" ගේ පියාණන් පරලෝ සැපත් වී ඇති බව රන්දිල් ගේ බ්ලොග් අඩවියේ පෝස්ට් එකකින් දැනුම් දී ඇත. බුරාගේ පියාණන්ට නිවන් සුව පතමු.

    ReplyDelete
  13. හොඳ කතාබහක්.....බස් රෙඩියෝවට..ජය

    ReplyDelete
  14. ඊයේ අහන්න නම් බැරි උනා..ඒත් ඕන්න දැන් අහන්න පටන් ගත්තා...
    අහලත් කොමෙන්‍ටුවක් දාන්නම්කෝ... :

    ReplyDelete
  15. නමට සාදාරනය ඉටුකරන චරිතයක්.....

    ReplyDelete
  16. මේ ස්ත්‍රී පරාන ටිකට වැප්ගේ කටහඩට විතරනෙ ඇහිලා තියෙන්නේ.. සදරුව කියනවා වගේ ඔකද වෙලාද මන්ද ...

    ReplyDelete
  17. ලයිව් අහන්න බැරි උනා.. පස්සෙ තමයි අහුවේ... ඔක්කොමත් හරි අර පන්සීයේ කතාව තමයි අප්සට්... බ්ලොග් එක නවත්තන්න එපා කියන්න බෑ.. ඒත් නැවැත්තුවොත් ඒක අපිට ලොකු පාඩුවක් වේවි...

    ReplyDelete
  18. පන්සීයෙන් නැවැත්තුවත් කමක් නැහැ බං, පස්සෙ (සඳරුව වගෙ) ඔකඳ වෙලාවත් අලුත් බ්ලොගක් පටං ගන්න බැරියැ , මාරයගෙ නරක පැත්ත පෙන්නල ඉඳහං ඔක්කොටොම ඉස්සෙල්ල.
    (ආයෙ තොගෙ හොඳ පැත්තක් තිබුන වගෙ,පොර ටෝක් ඉෂූ කොරල තියෙන්නෙ..හිකිස්..)

    තාම බාගයය් ඇහුවෙ....අර පන්සල් ටෝක් හරියට එනකන් විතර....බොට බණකට ආරාදනා කොරන්න හිතුන හන්ද ඉතුරු හරිය පස්සෙ අහන්න තිබ්බ. ෆුල් විවේචනයක් සය්බර් යායේ, අභීතයගේ එකේ, ඕනයගේ බ්ලොගේ, විතරක් නෙමේ ඇත්තටම බොට ගහුරවයක් විදියට අන්තිම පේලියේ, ඒ ඇරෙන්න දන්න කියන හැම බ්ලොගේම කොමෙන්ට් එකක් විදියට දාන්නං, "මාරයගෙ හෝරාවෙ" ඇරෙන්න....හෙහ්...හෙහ්...හෙහ්...විහිලුවට කියන ඒවා ගනං ගන්න එපා, ඒ වුනාට නරක පැත්ත නං අහන්න හෙන ඉන්ටරස්ටින් වෙය් කියලමය් හිතෙන්නෙ....

    ReplyDelete
  19. මටත් ලයිව් අහන්නනං බැරිවුනා.. දැනුයි ඇහුවෙ.. මොකක්ද අප්පේ ඒ අන්තිමට කිව්ව කතාව.. හෑ..

    ReplyDelete
  20. දොස්තර නෝනට උණුසුම් සුභ පැතුම්!!!

    මාරෙගේ කටහඬත් ඇහුවා

    මාසෙත් ගෙවී ගියා

    ReplyDelete
  21. කෝ බොලේ අපේ කොමෙන්ට් වලට උත්තර?

    ReplyDelete
  22. මොකක්ද මේ මිය,පුසා,තාපසය කතාව....?

    ReplyDelete
  23. "කොහොමත් තව අවුරුදු 30ක් විතර ගියාම හොඳම හොඳ නිවේදකයෙක් වෙයි කියලා ටක්කෙටම කියන්ට ඇහැකි"

    හික්ස්....

    ReplyDelete