15 September 2011

මගේ ලෝකය පෝෂණය කල. ඔබට නිවන් සුව අත්වේවා..!


අද දවසම එහෙ මෙහෙ දුවලා.. මහ වරුසා කීපයකටම අහුවෙලා.. තෙත බරියන් වෙලා ඇවිදින් හවස් අතේ ගෙට ගොඩ වෙලා.. යන්තං නාලා කරලා නෙට් එකට ඇවිත් ටික වෙලාවකින් දකින්න හම්බ උනේ ඔබේ වියෝව..

අදහාගන්නට බැරි උනේ නැහැ.. මං දැනගෙන හිටියා ඔබ දැන් වයස්ගතයි කියන එක.. ඒත් ඉතිං එක පාරට දැක්කම හිතට දුකක් නොදැනුනේ නැහැ.. ඒක දුකක් උනේ ඔබේ මරණය නිසා නෙවයි..උපන්නොත් කවුරු උනත් මැරෙන්න එපැයි.. ඒත් ඉස්සරහට ඔබ නැති අඩුව පුරවන්නට කවුරුවත් නැහැ නේදෝයි කියලා හිතෙන කොට පොත පත කියවන උන් ගැන.. අපි ගැන.. දුකයි.

මට හුගක් මහන්සියි වගේම..දැන් රෑ වෙලා.. ඒ මදිවට එළියේ හොඳටම වහිනවා... නැත්තං මං නෑවිත් ඉන්නේ නැහැ.. කන්නි මහරට ඒ හැටි දුරක් නැහැ මෙහෙ ඉඳලා ඕනනං ගේ හොයා ගන්නත් එක්ක විනාඩි හතළීස් පහක් යයි... ඒත් මගේ තියෙන කාලකණ්නි කමට මට දැන් ගෙයින් එළියට බහින්න හිතෙන්නෙම නැහැ. හෙට වැඩට යන්නේ දවස් තුනක් එක දිගට ඩියුටි අදින්න බලාගෙන... ඒක කලින් ඉඳලම මගේ අනිත් සඟයා ඉල්ලලා තිබුන නිවාඩුවක් ඔහුට ලබා දීම වෙනුවෙන්..නැත්තං මට හෙට දිහාවේවත් ඇවිත් යන්න එන්න තිබුනා... ඒත් ඒකත් වෙන්නේ නැහැ.. මොනවා කරන්නද..?

පුංචි කාලේ ඉඳලා බොහෝම ආසාවෙන් කියෙව්ව ඔබේ පොත පත ඇසුරෙන් මට මගේ ජීවිතයට ලැබුන දේ කොච්චර විශාලද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ.. ඒත් මං දන්නවා මං වැඩිම කැමැත්තෙන් කියවපු සිංහල ගත් කතුවරයා ඔබයි... මං දන්නේ නැහැ මං ඔබේ පොත් කොච්චර ප්‍රමාණයක් කියවලා තියෙනවද කියලා..ඒත් ඒ ප්‍රමාණයයි..ඔබ ලියා ප්‍රකාශයට පත් කල ප්‍රමාණයයි අතර වැඩි වෙනසක් තියෙන්න බැහැ.. ඒ තරමටම මං හොය හොය කියවපු කෙනෙක් ඔබ...

අද මං ලියන්න හිතාගෙන හිටියේ මගේ මේ බ්ලොග් එකේ 450 වැනි ලිපිය. ඒකට කටු සටහනක් හිතෙන් ගහගෙන හිටියට හවස දුටුව පුවතින් පස්සේ ඒ කටු සටහනට මොනව උනාද මංදා... ඒ 450 පැත්තකින් තියලා ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරලා මේ ලිපිය දාන්න තීරණය කලේ මට මගේ බ්ලොග් එකේ ලිපියකට වඩා සිය දහස් ගුණයකින් ඔබව වටින නිසයි..

අද මම ලියන අකුරක් ගානේ මම ඔබටත් ණයගැතියි කිව්වොත් ඒක වැරදි නැහැ... මගේ ළමා කාලය පෝෂණය කරන්න ඔබෙන් ලැබුන දායකත්වය අච්චරයි මෙච්චරයි කියලා පමණ දක්වලා කියන්න පුළුවන් කමක් නැහැ... ඒ තරමට ඔබෙන් මා ලද දේ අපමණයි..

ගමේ හිඳිමින්.. ගම ගැන ලියමින්.. ගමේ චරිත අපට පෙන්වූ වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ගැමියෙකු වූ ඔබ... ඔබේ ගමටම.. මුළු මහත් සිංහල ග්‍රන්ථකරණයටම.. ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයටම විශාල ආලෝකයක්... අද ඔබේ සමු ගැනීමෙන් ඒ ආලෝකය නිවී යෑම පිළිබඳව මට දුක් නොවී ඉන්න පුළුවන් කමක් නැහැ..

ඒ දුක වෙනුවෙනුත්.. ඔබට උපහාරයක් පිණිසත්.. මේ වචන කිහිපය මම මේසේ ලියා තබන්නම්...

කේ ජයතිලක නම් වූ ජාතියේ මහා ගත්කතුවරයාණෙනි..

ඔබට නිවන් සුව අත් වේවා..!

46 comments:

  1. පොඩි කාලෙ ඉඳන් ආදරය කරපු ලේඛකයෙක්... මේ දැන් ලියන්නගෙ බ්ලොගේ ලේඛකයො ගැන කොමෙන්ට් එකක් දාල හැරෙන කොට මේක දැක්කෙ. පොත් ටික ඔක්කොම මතක් වෙනව, පොත් වල නම් නෙමේ, පොත්වල හිටපු චරිත

    ReplyDelete
  2. ඔයාගෙ බස් පළු කතාවකට මම කලින් කමෙන්ටුවක් දැම්මා - එදා පෝස්ට් එක කියෙව්වාම මතක් වුණෙ මේ ලේඛකයා කියලා...

    ReplyDelete
  3. ඉස්කෝලේ සිංහල පොතේ තිබුන චරිත තුනක් කියෙව්වහම තමයි මම එතුමාගේ පොත් වලට ආසාවක් ඇතු උනේ.. පරාජිතයෝ මම ආස තවත් පොතක්....

    ReplyDelete
  4. සහතික ඇත්ත මාරයො, අද උදේ මේක අහපු ගමන් අපි අකම්පාල වෙච්ච හැටි දැකලා අපේ අම්මා අහනවා "ඔයාල හිතා හිටියෙ කේ.ජයතිලක මහත්තයා අමරණීය කෙනෙක් කියලද?" කියලා. කිව්වත් වගේ එතුමාගෙ මරණය අකාල මරණයක් වගේ දැනෙන්නෙ ඔහු අපේ හිත්වලට තරුණයෙක් වගේ දැනෙන නිසා. මොන හේතුවක් නිසාද මන්දා මම ඊයෙ රෑ ඔහුගේ "මායා මාළිගා" පොත ගැන හිතමින් හිටියෙ.ඒ පොත මම හුඟක් රස විඳපු පොතක් උනත් ඒක මා ළඟ නෑ.මේ පාර පොත් ප්‍රදර්ශනෙන් වත් ගන්න ඕන කියල හිත හිත තමයි හිටියෙ.
    හිස්තැන් ඇතිවීම ස්වභාවිකයි. ඒ හිස්තැන් පුරවන්න අය නැතිවීම ඛේදනීයයි.

    ReplyDelete
  5. මොනවා කරන්න්ද අයියා එන හැමෝම යන්නත් එපැයි.

    ReplyDelete
  6. මම් මෙතුමගේ පොත් ගොඩක් කියවලා තියනව.

    එතුමාට නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  7. චරිත තුනක්...... මාත් මෙතුමාගේ පොත් කියවන්න පටන් ගතපු තැන..........

    එතුමාට නිවන් සුව පතනවා......!!!!

    ReplyDelete
  8. 450 වෙනි පොස්ට් එක අපේ ලෝකය එළිය කරපු එතුමන් වෙනුවෙන් කැප කිරීම බොහොම හොඳයි මාරයෝ.
    වසර 35 කට ඉස්සර අපෙන් වෙන්වුන මහගම සේකරයන් තවමත් අප සමග ජීවත් වන්නා සේ මහගමසේකරයන්ගෙ සමකාලීනයෙක් සේම, මහා පරපුරක අවසන් පුරුක වු කේ ජයතිලකයන්ද අප තුල චිරාත් කාළයක් ජීවත් වේවි.

    ReplyDelete
  9. කේ ජයතිලක නම් වූ ජාතියේ මහා ගත්කතුවරයාණෙනි..
    ඔබට නිවන් සුව අත් වේවා..!

    ReplyDelete
  10. මමත් ආසාවෙන් කියවපු ලේඛකයෙක්. මේක ඇහුවහම එක පාරටම හරිම දුක හිතුනා..

    ReplyDelete
  11. @කතන්දර...

    ඔව් රදාවානේ මායිමේ තියෙන ලස්සනම පැත්තක්.. මම නිතර යන එන ගමනක් වැටිලා තියෙන්නේ ඔය ගම හරහා වැටුන පාරක් මැදින්...

    ReplyDelete
  12. @Observer...

    ඇත්ත ඔබා අයියා... පුංචිරාළගෙන් පටන් ගත්තම කොච්චර ඉන්නවද..?

    ReplyDelete
  13. කලාකරුවන් අමරණීයයි . සිංහල ලේඛනයේ ඔහු තැබූ ලකුණ හැමදාම මතකයේ තියේවි .

    ReplyDelete
  14. මහා පෞරුෂයක් තිබුන ලේඛකයෙක්.චරිත තුනක් මවපු මහා චරිතයක්.

    ReplyDelete
  15. මම ලංකාවෙ හිටියනම් අපි දෙන්න මේ වෙනකොට කන්නිමහර මාරයෝ..අනිවාර්යයෙන්ම මම උඹත් ඇදගෙන යනවමයි...

    ReplyDelete
  16. @Dee...

    යන්තමට වගේ එහෙම මතකයක් තියෙනවා...

    ඇත්තටම අපි කියවන දේවල් අපේ ලිවීමට සෘජුවම බලපානවා...

    ReplyDelete
  17. @Dinesh...

    ඒ දවස්වල මං හීනෙනුත් ඉසා එක්ක කෝකිළාන අස්වද්දනවා...

    ReplyDelete
  18. @ලකී වික්‍රමසිංහ...

    ඇත්තටම මරනය පුදුමයක් නෙවෙයි..ඒත් අපි කාටත් අවුල ඒ අඩුව පිළීබඳවම තමා...

    අදමද මංදා ලකීව දැක්කේ..?

    ReplyDelete
  19. @නිසුපා...

    ඒක ඇත්ත..ඒත් යන තරමට එන අය අඩුයි.. ඒකයි ලොකුම අවුල

    ReplyDelete
  20. කේ. ජයතිලක යාණනි නැවත එන්න......

    ReplyDelete
  21. සිංහල සාහිත්‍ය පෝෂණය කළ ලේඛකයෙක්. අද මිය ගියත් අපේ හිත්වල ඔවුන් දිගටම රැඳේවි. හෙට උපදින දරුවන්ටත්, අප පුංචි කාලෙදි වින්ද මෙවන් පොතපත ලබා දෙන්නට හැකිනම්...

    ReplyDelete
  22. මම නම් තාමත් ආසම එතුමගේ "චරිත තුනක්" නවකතාවට... අති විශිෂ්ඨ චරිත ගොඩනැඟීමක්!
    හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හා මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඇසුරින් පන්නරය ලැබූ දක්ෂ ලේඛකයෙක් එතුමා!

    ReplyDelete
  23. //හිස්තැන් ඇතිවීම ස්වභාවිකයි. ඒ හිස්තැන් පුරවන්න අය නැතිවීම ඛේදනීයයි.//

    ඇත්තටම මටත් බොහොම කණගාටුවක් ආවා... සිංහල සාහිත්‍ය කථාවේ ඉතිරි වෙලා ඉඳපු හොඳම චරිතයක් වුනු කේ. ජයතිලක මහත්මයත් දැන් අපි අතර නෑ... කොච්චර දුක වුනත් හැමෝටම හැමදාම ඉන්න බෑනේ...

    මතු භවයේදීත් සිංහල බස පෝෂණය කරන්න මේ පොළවේම සාහිත්‍යධරයෙකුව ඉපදේවා... ඒ පින ඇති නිවන් දකින්නට...

    ආචාරය....!!!

    ReplyDelete
  24. ඇත්තටම මම ගොඩාක් ප්‍රියකරපු ලේඛකයෙක් . . . . . ඔහුට නිවන් සුව පතන්නෙ නෑ . . . . මක් නිසාදයත් . . . . කේ. ජයතිලකයන් නැවතත් අප අතරෙහි ඉපිද ග්‍රන්ථකරනයෙහි යෙදිය යුතු බැවිනි . . . . . .

    ReplyDelete
  25. අම්මො.. ටයිටල් එක දැක්කම මම හිතුවෙ රංග අයියා (මගේ ලෝකය) කියල!

    ReplyDelete
  26. // හිස්තැන් ඇතිවීම ස්වභාවිකයි. ඒ හිස්තැන් පුරවන්න අය නැතිවීම ඛේදනීයයි //

    ජාතියේ අභාග්‍යය නේද.. මහ දැවැන්ත නුග රුක් එකින් එක බිම වැටෙනවා.. ලේඛනයේ විතරක් නෙවේ, හැම මාධ්‍යයකම.. ඒත් ඒ තැන්වලට එන්න ඉන්නෙ කවුද..!!?? සාහිත්‍යය කන්නද කියලා අහපු අය රට කරවීමේ පලවිපාක නෙවෙයිද..?? ඉතිහාසය, සාහිත්‍යය පාසල්වලින් ඉවත්කිරීමේ වන්දිය ගෙවන්නට කාලය ඇවිත් වගේ නේද..??

    ReplyDelete
  27. අමතක නොවන මතකයක් එක් කල මහා ගත්කතුවරයෙක්. ඔහුගේ සෑම පොතක්ම මාත් කියවල තියනවා.
    එතුමා අද අපෙන් සමු අරගෙන ගියත් එතුමා අපිට සදා මතකයේ තියෙනවා..නිවන් සුව පතනව!!

    ReplyDelete
  28. කේ ජයතිලක කියන්නෙ සිංහල තත්‍ය කතා, එහෙම නැත්නං අර රියැලිස්ට්ක් කතා (වෙන්න පුළුවන්, හා වෙන දේවල්) සෑහෙන්න රසයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කම තිබුණ සමතෙක්. මමත් සෑහෙන්න ආසාවෙන් එතුමාගෙ හැම පොතක්ම වගේ කියවල තියනවා. මහල්ලෙකුගේ ප්‍රේම කතාවක්, පුංචිරාල, චරිත තුනක්, පරාජිතයෝ වගේ පොත් තව සෑහෙන්න කාලයක් යනකන් මතකයේ තියේවි.

    සෙත් කවි සේ ළඟ හිඳ සිත් සතන් සැනැස්සූ..
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ...

    ReplyDelete
  29. post එකේ Heading එක දැක්ක ගමන් මන් හිතුවේ මගේ ලෝකය ලියන රංගයා මැරිල කියල.

    ReplyDelete
  30. මෙවන් නිර්මාණ කරුවන් තවත් බිහි නොවීම දුකට කාරණයක්. නමුත් ඊටත් වඩා දුක හිතෙන දෙය නම්, අද පරපුරට එවන් නිර්මාණ රස විඳීමට හැකියාවක් හෝ උවමනාවක් නොමැතිකමයි. විවිධාකාර රස භාවයන් මතුකරන ඒ ශ්‍රේෂ්ඨ කලාකෘතීන් පරිශීලන ය කිරීමේ හැකියාව තිබියදීත් මගහරින නූතන පරපුර ගැන මා සිතන්නේ ඒ ඔවුන්ගේ අවාසනාව බවයි. කේ ජයතිලක වැන්නන් කියවීමෙන් අයෙකුගේ සිතුවිලිවලට එක්වන සංවේදී භාවයේ සහ ලෝ දැක්මේ අඩුව අද බොහොතැන් වලදී දැකිය හැකි දෙයකි. තරුණ පරපුරට මෙවැනි දේ වල අගය වටහා දීමේ දී අන්තර්ජාලය උදව්වක්ද භාදවක්ද?

    මහ ගත්කරු පරපුරක අවසන් පුරුක වූ එතුමාට සදා ජීවනය ලැබේවා!

    ReplyDelete
  31. මගෙත් ප්‍රියතම සිංහල නවකතාකරු කේ. ජයතිලකයන්. මට දැනගන්න ලැබුනේ ඊයේ ප්‍රවෘත්ති වලින්. ඒ වෙලාවේ මම සපතේරු උන්නැහැගේ බ්ලොග් එක කියවමින් හිටියේ. හිතේ ඇතිවුණු කම්පාවට එතනම සටහනක් දැම්ම. මට හිතෙන්නේ එතුමන්ගේ මරණයත් සමග එක්තරා යුග පරපුරක් අවසාන වෙනවා කියලයි. දැන් ඉතින් ඒ අඩුව සිංහල ලේඛන කලාව තුල හැමදාටම රැදේවි.

    පරිනත මහලු වියේදී නවකතා කරණයෙන් බැහැර වුනු එතුමන් ශාස්ත්‍රීය පොත පත ලිවීම කෙරෙහි නැඹුරු උනා. ඒ පත පොත තුලින් හෙළ පාඨකයන්ට මහඟු සේවයක් කලා. ඒ අතරින් මීට වසර හතර පහකට පෙර ලියූ "බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට" කෘතිය මා ඉතාමත්ම ප්‍රියකරනවා. විචාරශීලීව ලෝකය දකින්නට මා පෙළඹවූ කෘතියක්.

    ReplyDelete
  32. මෙතුමා ලියපු "චරිත තුනක්" නවකතාව මාත් බොහොම කැමැති පොතක්

    ReplyDelete
  33. හික් මං හිතුවෙම රංගයා මැරිල කියල...
    අනිවා.. චරිත තුනක් තමා ආසම පොත... ආපහු හොයාගෙන කියවන්න හිතුණා.

    ReplyDelete
  34. කේ ජයතිලක ගත්කතුවරයාණන්ට නිවන් සුව අත් වේවා..!

    මාරයාගේ 450 පෝස්ට් එකටත් සුබ පැතුම්.

    ReplyDelete
  35. සිංහල සාහිත්‍යට, නවකතාකරණයට ආලෝකයක් වුණ ජයතිලක මහත්මාණෙනි ඔබට නිවන්සුව....!

    ReplyDelete
  36. මෙවැනි පුද්ගලයන් විරලයි.....එවැනි යුග අප රටතුල නැවත කවදා ඇතිවෙදො.....

    ReplyDelete
  37. එතුමා අද අප අතරින් වෙන්වුනත් තව අවුරැදු 100ක් ගියත් ඔහු ලියපු පොත් පත්වලින් එතුමාගේ මතකය මේ මිහිතලයේ රැදී තියේවි.

    ReplyDelete
  38. මමත් බොහොම ගරු කරපු ගත් කරුවෙක් .. ලියපු බොහෝ දේවල් ඔහුගෙ සැබෑ ජීවිතයට සම්බන්ධයි කියලයි මට හිතෙන්නෙ. ඒ ලියපුව අපේ හදවතටම වදින්නෙ ඒ නිසා.
    එතුමාට නිවන්සුව පතනවා.

    ReplyDelete
  39. පෝස්ට් එකේ නම දැක්ක ගමන් හිතුනෙ අසේලයට මඩක් වත් ගහලද කියලා.

    කරන්න දෙයක් නෑ මරේ පුළුවන් කමක් තිබ්බා නම් යනවනෙ. ඒ ගැන පසුතැවිලි වෙලා පලක් නෑ.

    එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..!!!!

    ReplyDelete
  40. මගෙත් ප්‍රියතම ලේඛකයෙක්....

    මහත්මයානෙනි... ඔබට නිවන් සුව

    ReplyDelete
  41. @ කතන්දර

    K = කන්නිමහර නොවේ

    එතුමන්ගේ නම කළුඅච්චිගමගේ ජයතිලකයි..සමහර විට ඔබ කියාවි ඔබ අදහස් කලේ එතුමන්ගේ නම නොව ගම කියලා..නමුත් ඔබේ කොමෙන්ටුවෙන් වැරදි අදහසක් දෙන බව කිවයුතුමයි.

    ReplyDelete
  42. @ Ano 8:43 pm

    ස්තුතියි. කරුණාකර සබැඳියක් ලබාදෙන්න පුළුවනිද?

    මහගම සේකර ගේ නම මොකක්ද? මහගම කියන්නේ ගමද?

    ReplyDelete
  43. @ කතන්දර
    මේ සොයා බැලීම ඔබ මීට කළින් කලානම් මගේ ස්තූතිය ඔබට හිමිවන්න තිබුනා. මහගමසේකරයන්ගේ උප්පැන්නේ පිටපතක් එතුමන්ගේ වෙබ් අඩවියෙහි ඇත.

    ReplyDelete