04 September 2011

සීට්ටු ගැන දෙවන ලිපිය.. තුණ්ඩු කෙලිය...

හරි මට මේ ලිපියනං ඒ හැටි දික් කරන්න ඕන වෙන එකක් නැහැ..මොකද මේක ටිකක් සරලයි. අනිත් එක මං කලින් විස්තර කල බඩු සීට්ටුවේ විස්තරයත් එක්ක මට මේක විස්තර කරන්න ඒ හැටි අමාරු නැහැ.

මං හිතන්නේ මං කලින් ලියපු ලිපියේ කරුණු ගැන අපැහැදිලි ස්වභාවයක් කාටවත් ඇති වෙලා තිබුනේ නැහැ වගේ.. හැමෝටම කියපු දේ තේරුන ගතියක් තිබුන හින්දා මං දෙවෙනි කොටසට යන්නං කලින් එකේ උදව්වත් අරගෙනම...

දෙවන වර්ගය මුදල් සීට්ටුවක්.. ගෙවීම් තීරණය කරන්නේ අංක ලියූ තුණ්ඩු උඩ දැමීමෙන්...

උදාහරණයක් හැටියට ඔන්න මං තව පිරිසකුත් එක්කාසු කරගෙන සීට්ටුවක් කරන්නයි යන්නේ...

අපි හිතමු මාත් එක්කම පිරිස 10 යි කියලා.. සීට්ටු වාරිකය කලින්ම තීරණය කරන එක්තරා ස්ථාවර මුදලක්..

අපි සීට්ටු වාරික මුදල රුපියල් 1000කට තීන්දු කරමු. එතකොට එක්කෙනාගෙන් 1000ක් ගානේ එක මාසයකදී රුපියල් 10000 ක මුදලක් එකතු කරනවා..

කලින් සීට්ටුව වගේම මේකෙත් සීට්ටුවේ අයිතිකාරයා හැටියට මුල්ම වාරිකය ලැබෙන්නේ මටම තමා.. එතකොට පළවෙනි මාසේ මට ඇද කුද නැතිව 10000ක් ලැබෙනවා.

මේකේ තුණ්ඩු දාන්න පටන් ගන්නේ දෙවන මාසේ ඉඳලා තමයි. මං අතෑරියම තව වාරික 9ක් ඉතිරි හින්දා 1 සිට 9 දක්වා අංක ලියූ තුණ්ඩු කෑලි උඩ දැමීමක් කරනවා.. අනිවාර්යයෙන්ම තුණ්ඩු ඇහිලීම සඳහා සීට්ටුවේ සාමාජිකයින් ඉන්න ඕන..නැත්තං නියෝජිතයෙක් හරි ඉන්න ඕන.. නැත්තං ඉතිරි වෙන තුණ්ඩු නොසලකා හැරලා අනිත් තුන්ඩුවල අනු පිළීවෙලට තීන්දු කරනවා.

අංක 1 ලැබුන කෙනාට තමා දෙවන වාරිකය ලැබෙන්නේ..2ක ලැබුන කෙනාට 3වන වාරිකය ආදී වශයෙන්...

ඒත් සමහර විට හැම සීට්ටු වාරෙකදීම තුණ්ඩු උඩ දාන සීට්ටුත් තියෙනවා.. එතකොට තුණ්ඩු උඩ දාන ප්‍රමාණය වෙන්නේ වාරික ගෙවන්න ඉතිරි වෙලා තියෙන අයගේ ප්‍රමාණයට විතරයි..අපි හිතමු දැන් සීට්ටුවේ වාරික 5ක් ගෙවලා ඉවරයි..තව තියෙන්නේ 5ක් විතරයි කියලා..එතකොට තුණ්ඩු 5යි උඩ දාන්නේ..ඒත් ඒ එක තුණ්ඩුවක විතරයි අංකය හෝ සලකුණක් දාලා තියෙන්නේ ඒ සුවිශේෂ තුණ්ඩුව හිමි කෙනාට ඒ වතාවේ මුදල හිමි වෙනවා. ඔක් තමයි ක්‍රමය.. දැන් අපි බලමු මේකේ තියෙන අරවා මෙව්වා කොහොමද කියලා...


මේකේ තියෙන එක දෙයක් තමා වාසනාවට මුලින් අංකයක් අහු උනොත් හොදයි..නැත්තං මොකාද එකා වගේ අග වෙනකල් බලං ඉන්න වෙන එක.. ඒ විතරක් නෙවෙයි ඔබ යොදන මුදල කිසි සේත්ම වර්ධනය වීමක් නැහැ.. පොලියක් නැහැ.. ඇත්තටම මං දකින විදියටනං මේ විදියේ සීට්ටු දානවට වඩා බැන්කුවක සල්ලි දානවා හොදයි..

ඒ වගේමයි මේ වර්ගයේ සීට්ටු බොහෝම ඉක්මනින් කඩා වැටෙනවා..මොකද මුලදී 10ක් හිටියත් තුණ්ඩු උඩ දාපු හැටියේ සමහරු හැගෙනවා. එහෙම නැත්තං මුලින් සල්ලි ගත්ත අය අගදී ගෙවන්නේ නැතිව ගියොත් සීට්ටු හිමිකරු ලොකු අවුලකට පත් වෙනවා.. හොඳ සීට්ටු කරුවොනං එහෙම වෙලාවට තමන්ගේ අතින් දාලා හරි සීට්ටුව පියවනවා. ඒත් ඔය අතරින් පතර සීට්ටු කරන එදා වේල ටුවර්ස් අයනං මෙතනදී පිස්සු කෙලිනවා.

ඇත්තටම ඕනම ගමක ඉන්නවා වෘත්තීය සීට්ටු කරුවන්.. ඒ අය අතරේ බොහෝම හොදින් තමන්ගේ නම ආරක්ෂා කරගෙන මේක කරන අය ඉන්නවා. එයාලා තමන්ට වෙන පාඩුවක් උනත් දරාගෙන සීට්ටුව ඇදගෙන යනවා.. මොකද ඒක එයාලගේ ව්‍යාපාරය හින්දා. එයාලා කැමති නැහැ එක මනුස්සයෙක් හින්දා තමන්ගේ කීර්ති නාමය හානි වෙනවා දකින්න.

ඒත් සමහරු ඉන්නවා.. තමන්ට මුදල් හදිසියක් හින්දා තව කාව කාව හරි එකතු කරගෙන සීට්ටු කරන්න යනවා..ආන්න ඒ වගේ අය ඔය වගේ අසීරු තැනකදී මග අරිනවා.. ඒ හින්දා මතක ඇතිව සීට්ටුවකදී නිතරම පළපුරුදු විශ්වාසවන්ත වෘත්තීය සීට්ටු කරුවෙක් හොයා ගන්න. එදා වේල කාරයින්වනං සීට්ටු වලට ගාව ගන්න එපා..විශේෂයෙන්ම ඥාතීන් සහ හිතවතුන් අසල් වැසියන්.. ඔබට අවසානයේදී මුදලත්..ඥාතියා හෝ හිතවතා අහිමි වීම පමණක් නෙවෙයි... පොලිසියක හරි සමථ මණ්ඩලයකත් ගාටන්න වෙනවා සිකුරුයි.

හරි ඔය ගැන මදෑ..එහෙනං ඊ ළග ලිපියෙන් බලාපොරොත්තු වෙන්න සීට්ටු අතර සුවිශේෂීම සීට්ටුව වන ඉල්ලන සීට්ටුව නැත්තං වෙන්දේසි සීට්ටු පිළිබඳව...

මේකෙත් අපහැදිලි තැනක් තියෙනවනං අහන්න..දන්න හැටියට කියා දෙන්නං...

රජයේ අවවාදයයි:- සියළුම මුදල් සීට්ටු වර්ග නීති විරෝධී මූළ්‍ය කටයුතු ගොන්නටම ඇතුලත් වේ..:D

12 comments:

  1. රජයේ අවවාදයයි:- සියළුම මුදල් සීට්ටු වර්ග නීති විරෝධී මූළ්‍ය කටයුතු ගොන්නටම ඇතුලත් වේ..:D පච!!!
    මලා අම්මට කියන්න ඕනි ඔව්වා දාන්න එපා කියලා :D

    ReplyDelete
  2. හෑ මමද එක :D අර වැපාගෙ වවුල් සීට්ටුව ගැනත් ලියමුද?

    ReplyDelete
  3. Sinhalen COmment karanda vidihak naha....
    Habayi maath Sittu valata indala weda godak karagena thiyenava.....

    ReplyDelete
  4. අපේ බෝඩිමේ අක්කා දානවා සීට්ටුවක්.... මාසෙකට 8000 යි සීට්ටුවෙ ඉන්නව 15 දෙනෙක්. මම ඕකට හොට දාන්න හැදුවා ඒත් වෙලා මදිකම නිසා වැඩේ චොර වුණා. ඒ නැතත් මම නම් සීට්ටු වැඩේට වැඩිය කැමතිම නෑ

    ReplyDelete
  5. මාරයත් හරියට රජයේ අවවාදය දාල තියෙන්නේ හරියට සිගරැට් ඇඩ් එකේ වගේනේ... හික්ස්...
    මම අහල තිබ්බ අපි දන්න ගුරුවරු ටිකක් සාරි වලටත් සීට්ටු දානව.. !!!
    සීට්ටු ක්‍රමය ගැන දැනුවත් කිරීම ගැන ස්තූතියි... නමුත් එහි නරක පැත්ත තව ගොඩක් තියනව...
    මාරය කියුව වගේ මිනිස්සු ගොඩක් සීට්ටු දාන්න පෙළඹෙන්නෙ තමුන්ට සල්ලි හදිස්සියක් ආවහම තමයි... එතකොට ඒකට එකතුවෙන අනිත් අය ආරම්බයේදී සිය වාරිකය ගෙවීමට වත්කමක් තිබුනත්, අතර මගදි සිදුවන කුමක් හෝ අපහසු තාවක් නිසා සීට්ටුවෙන් මග හැලුනොත්... ලොකු පාඩුවක් ඒ මුලු කණ්ඩායමටම වෙනව... බැංකුවක් වගේ මූල්‍ය ආයතනයකට නම් එක පුද්ගලයෙක්ගේ වාරිකය පමා වීම ප්‍රශ්නයක් නොවුනත්, මේ වගේ කුඩා කණ්ඩායමකට ඒක ලොකු බලපෑමක් කරනව...
    ඔය අතරේ සිද්දවෙන තව දෙයක් තමා ඔය වගේ සීට්ටු කන්ඩායමෙන් ඉවත් වෙන්න කිසිදු සහන දායී ක්‍රමයක් නොමැති වීම. හිතන්නකො මම මගේ කොටස ගන්න පෙර, මට ඉවත් වෙන්න උනොත්... මට මම ගෙවපු මුදල යලි ලැබෙන්නෙත් නෑ.. ( ඒ වෙද්දි අනිත් මුදල් ගත්ත අය ඒ මුදල වියදම් කරල ඉවරයි එතකොට ) ඒ වගේම තමයි මට මගේ වාරිකය ගෙවන්න සහන කාලයක් ලබාගන්න කිසි සේත්ම නොහැකි වීම... ඒකත් ලොකු පාඩුවක්... ඔය අතරේ මාරය කියුව වගේ හොඳ හිතත් නැති වෙලා...

    ඒ නිසා මුදල් හදිස්සියකදී නම් මම අනුමත කරන හොඳම දේ තමයි පුද්ගලික ණය.. දැන් ඉතින් ඔය හැම බැංකුවෙන්ම වගේ පුද්ගලික ණය දෙනවනේ... අනික බඩු ගන්නවනම් ඒ භාණ්ඩය විකුණන ආයතනයත් සමග ඇති කරගන්නා ගිවිසුමක් මත, පහසු ගෙවීමේ ක්‍රමයට මිලට ගැනීම...

    ReplyDelete
  6. මාරය බඩු සීට්ටු දාන්න එහෙම සෙට් වෙන්නෙ, ලතාගෙ කතාව ගොඩ දාගෙන වත්ද?

    ReplyDelete
  7. ඔය ක්‍රමයේ සීට්ටු වලට වඩා ඉල්ලන සීට්ටු (වෙන්දේසි සීට්ටු) තමයි හොදම වර්ගය වන්නේ.

    ReplyDelete
  8. ඔය කරමෙත් නරකම නැහැ, ඒත් ඉල්ලන සීට්ටු තමා හොඳ ..

    ReplyDelete
  9. හුම්ම්ම්ම්ම්ම්...............

    ReplyDelete
  10. තුණ්ඩු කෙළියෙදි හොඳ හොඳ සෙල්ලං වෙනවා මාරයියෙ.
    2-3 වගේ ඒවා හීනියට අඹරලා එහෙම......

    ReplyDelete
  11. හැමදාම පුරුදු විදියට පරිප්පු ටිකක් උයලා අල ටිකක් තෙල් දාලා ඔය කොළ මැල්ලුමක් එක්ක බත් ටිකක් කන්න තියනව නම් ....මාර රසයි...

    හුටා..වැරදුනා ......මේක මාර සරණිය නෙවෙයි නෙ

    ReplyDelete
  12. සීට්ටු දාන එකෙ වාසිය කුමක්ද කියල මට තාම තේරෙන්නේ නෑ බන අයියේ...

    ReplyDelete