25 September 2011

අජිනමොටෝ..අසැබි වදන්...බ්ලොග් ලිවීම...

අජින මොටෝ යනු කෑම රසවත් කරන්නට යොදාගන්නා ජාතියකි. මා දන්නේ එසේය... විවිධ අවස්ථාවලදී මා විසින්ද පාවිච්චි කරනු ලබයි.

අජිනමෝටෝ යන වදන මා හට අසන්නට ලැබුනේ මා කුඩා අවදියේදීය. එහෙත් අපේ තාත්තා ඒවා පාවිච්චි ‍කලේම නැත. අජින මොටෝ යෙදූ ආහාර මුලින්ම මා රස බැළුවේ මහප්පලගේ ගෙදරදීය..ලොකු අම්මා අජිනමෝටෝ පාවිච්චි කරන්නට ගත්තාය.. ඒ හරහා අජිනමොටෝ රස බැළුවද එහි ඇති මහ අමුත්තක් මට නොවැටහිණි.. ඒ සමහරක් විට හැම දේටම අජිනමොටෝ ගැලපෙන්නේ නැති නිසා විය යුතුය.

වෙළෙන්දානං කියන්නේ කෝකටත් දැමිය හැකි රසකාරකයක් ලෙසය.. ඒ වෙළෙන්දංගේ උපන් හැටිය.. ඒවා අප විසින් ගණන් ගත යුතු නැත.ඌ කෙසේ කීවත් අප සුදුසු දේ තෝරා බේරාගෙන පාවිච්චි කල යුතුය. එහෙයින් දැනටද සුදුසු ආහාරයකදී පමණක් මා විසින් අජිනමොටෝ පාවිච්චි කරනු ලබයි... (බුකියේ මාවිසින් දැමූ කුස්සි රාක්කයේ පින්තූරයේ ඇති පුංචි කුප්පියේ රහස කුමක්දැයි කිහිප දෙනෙකුම මගෙන් මීට පෙර අසා ඇත..) ඒ බොහෝ විට චීනාගේ බැදපු බත් වැනි ආහාරයක් සඳහාම පමණි. එසේ නැතිව පරිප්පු හොද්දටයි.. අල හොද්දටයි.. කතුරුමුරුංගා මුල්ලුමටයි ආදී ලෙස හැම එකටම නොයොදමි.

තාත්තා කිසි විට නොදැමු..
ලොකු අම්මා හැම එකටම දැමූ..
මා විසින් සමහරකට පමණක් යොදන අජින මොටෝ...
.................................

බ්ලොග් ලිවීම යනුත් උයනවා වගේම දෙයකි. මොකක් හරි දන්න එකා හැම දේම විග්‍රහ කරන්නට යන්නේ ඌ දන්නා දේ හරහාය... ගස් නගින මනුස්සයෙක් මෙය විග්‍රහ කරන්නට වූවහොත් බ්ලොග් ලිවීමත් ගස් නගිනවා වැනි යැයි කීවොත් එහි වරදක් නැත.

එසේ හෙයින් මා දන්නා ආකාරයටම උයන පිහන දේ හරහාත් මට මෙය යම් ආකාරයකට විග්‍රහ කල හැක.

අපි කෑමක් බොහෝ විට හදන්නේ අපගේ ආහාරය පිණිසය.. මුලින්ම එයින් තෘප්තිමත් විය යුත්තේ අපය... එය සකස් වන්නේ අප උයන්නට දන්නා ආකාරයටය.අපගේ රුචිය පරිදිය...

දෙවෙනුව අපට අනිකුත් අය වෙනුවෙන්ද උයන්නට නොවෙනවාම නොවේ... එසේ ඉවීමේදී අප අප වෙනුවෙන් උයනවාට වඩා යමක් කල යුතු වේ. මක් නිසාද යත් අපගේ රුචියම අනෙකාට නොවිය හැකි බැවිනි. එසේ වූ විට යම් තරමකින් හෝ අනෙකාගේ රිසි නොරිසි දේ ගැනද සිතා උයන්නට වේ... එහිදීද යම් තාක් දුරකට සොයා බලා කටයුතු කල හැකි වේ.

විශාල පිරිසක් උදෙසා ආහාර සකස් කිරීම යනු කිසිසේත්ම පහසු නැත. විවිධ ආකාරයේ පිරිසකගේ මන දොළ සපුරාලනු වස් ඉවීම කිසිසේත්ම කල නොහැකි දෙයකි. එවන් විටකදී කල හැක්කේ හැමෝටම රස වීම කෙසේ වෙතත් නීරස නොවන ලෙස උයන්නට උත්සහ කිරීමයි. මෙයත් පහසු වැඩක් නම් නොවේ.

ඉවීමේදී අප අපහටම ආවේණික ක්‍රම මත පිහිටා කටයුතු කරනවා මෙන්ම වරින් වර විවිධ ආකාරයේ අත්හදා බැලීම්ද කල යුතු වේ.. එසේම නිතරම එකම කෑම ඉවීමද සුදුසු නැත. කොතරම් ගුණ වූවත් එක දිගට සුදුළුණු මාළුවම කෑ හැකිද..? විවිධත්වයක් තිබිය යුතුය.

ආහාර සකස් කිරීමේදී පවතින සම්මත ක්‍රම මෙන්ම අළුත් අළුත් අත්හදා බැලීම්ද කල යුතු වේ.. පබිලිස් සිල්වා පොරක් වන්නේ එසේ කල නිසාය.

එසේම අළුත් අළුත් දේ යැයි කියා හෝ වෙනස්ම කෑමක් යැයි කියා හෝ අත්තනොමතික ලෙස ඉවීමද එතරම් සුදුසු නැත.පොල් කටු හොදි හදන්නට.. සෙරෙප්පු සුප් හදන්නට යාම සුදුසු නැත. ඒවාට අමුතුවෙන් කවුරුවත් උපදෙස් දියයුතු නොවේ.

ලොකු අයට උයන තරමට මිරිස් තුනපහ දමා පොඩි උන්ට කෑම සකස් කල හැකි නොවේ... ඒවා උන්ට සැර වැඩිය... එසේම පොඩි උන්ට උයනා දේවල් වැඩිහිටියන්ටද රසවත් නැත. ඔවූහු එවැනි කෑමවලට අතවත් තබන්නට කැමති නැත.

කතුරුමුරුංගා කොල..අගුණ කොල තරමක් තික්ත රසකින් යුක්තය... එසේ වූවද ඒවාත් ඉඳ හිට හෝ ආහාරයට එක් කරගත යුතුය... පෝෂණයේ වෙනසත්... රසයේ විවිධත්වයත් අත්දැකීමට එවැනි දේ හේතු වෙයි...

එසේම සීනි යොදා සකස් කරන ආහාර තිබුනා වූවද එවැනි කෑම වැඩි පුර කෑමද එතරම්ම ගුනදායි නැත.

අජින මොටෝ ගැන කතාවද එසේමය... ඇතැම් ආහාරවලදී පමණක් ඉතාමත් සුළු වශයෙන් යොදා ගත්තාට වරදක් නැත. එහෙත් වැඩි වූවහොත් එම කෑමේ රසයක් ඇත්තේම නැත.

මට වයස අවුරුදු 16දී 17දි වගේ කාලෙදී පත්තරයක දුටු ලිපියක් ඇසුරන් නිවසේදීම තක්කාලි සෝස් හදන්නට තැත් කලෙමි.සියල්ල නිසි පරිදි සිදු කලද තක්කාලි සෝස්වල රසය අමුතු විය. පැණි රසක් ඇත්තේම නැත..ඒ වෙනුවට මහ මොකක්දෝ අමුතු රසයක් ඉස්මතු විය. නියමිත ප්‍රමාණයට සීනි දමාත් පැණි රස මතු නොවීම නිසා නැවතත් සීනි එකතු කලෙමි..එහෙත් පැණි රස වෙනුවට මතුව ආවේ පෙර කී කට හාරවාගෙන යන රසයය..එය පෙරටත් වඩා තදින් දැනුනි..

කිහිප විටක්ම මෙසේ කොටත් හරි නොයනා තැන අම්මා විසින් පැමිණ සොයා බැලීමේදී මා විසින් සීනි වෙනුවට යොදා තිබුනේ අම්මා රට ගොස් එන විට ගෙනවිත් තිබූ අජන මොටෝ තොගයකි. එක වගේ වූ බෝතල්වල දෙකම දමා තිබූ හෙයින් එම වරද සිදූ වී තිබුනි. ලොකු තක්කාලි ගෙඩි හයක් පමණ නිරපරාදේ නාස්ති වී යාමෙන් මගේ තක්කාලි සෝස් සෑදීම අවසන් වන ලදි...

අජින මොටෝ සුළු වශයෙන් යෙදීම රසවත් වූවත් වැඩි වූ විට නම් ඕනෑම නැත. අනිකුත් කොයි දේත් ඔහොම තමාය...වෙලාවකට මට සිතෙන්නේ අජිනමොටෝත් දෙපිට කැපෙන අසැබි වදන් ලෙසය...

කුනු හරපත් නරකම නැත ඇතැම් විටකදී නිසි අවස්ථාවට පමණක් නිසි මාත්‍රාවෙන් යෙදුවාට වරදක් නැත. ඒ එයින් ලිවීමේ රසවත් භාවයට යම් ආධාරයක් වනවානම් පමණි.මමත් ඉඳහිට අජිනමොටෝ දමමි.

අපේ තාත්තා උයනකොට අජිනමොටෝ නොදැම්මා කියා කෑමවල අවුලක් අඩුවක් තිබුනේ නැත. එහෙම කල්පනා කරනකොට කුණු හරප..දෙපැත්ත කැපෙන වචන නැතිවම ලියුවා කියා කිසිම හානියක් නැත.

එහෙත් ලොකු අම්මා කල ලෙසින් හැම එකටම අජිනමොටෝ දාන්ට ගියහම වෙන්නේ කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නොවේ...

මේ අහල පහල තියෙන ආපන ශාලාවලද අජින මොටෝ පිස්සුව උග්‍ර වූ ඇතැම් කෝකීන් සිටිති. දවසක් දෙකක් යන විටම අජිනමොටෝ වල සැර ගතිය දිව හාරවාගෙන යන්නට පටන් ගත් කල මුලදී රස කර කර කෑ පාරිභෝගිකයින් ඉබේම පැමිණීම අඩු කරනු ලබයි. ඊට පසු මොනවා ඉව්වත් පලක් නැත..පාරිභෝගිකයින් අතර ප්‍රසිද්ධවී ඇත්තේ අජිනමොටෝ වැඩියෙන් දාන කඩ හැටියටය...

අජිනමොටෝ අපට මොටෝ වෙන්නේ එවැනි අවස්ථාවලදීය.. එහෙයින් උයනා විට අජිනමොටෝ දැමීම ප්‍රවේශමෙන් කල යුතුවාක් මෙන්ම ලිවීමේදී එයට උචිත වදන් යෙදීමත් තෝරා බේරා නොකළහොත් අවසාන ප්‍රතිඵලය එතරම්ම හොඳ නැත...

ඉවීම ගැන තව තවත් කිව හැක..අවසානයක් නැත... බ්ලොග් ලිවීමත් ආන්න එහෙම වැඩකි.මං හිතන්නේ එහෙමය...

තෝ කොහොම හිතුවත් අපට මොකෝ කියා හිතුවත් මට මොකෝ...

39 comments:

  1. බොලේ පැයට පෝස්ට් දෙක බැගින් දැම්මම අපි කොමෙන්ට් දාන්නෙ කොහොමද?

    ReplyDelete
  2. අජිනමොටෝවල MSG = MSG = monosodium glutamate තියෙනවා. කන්න හොඳ නෑ කියලයි කියන්නේ.

    http://ctkumara.blogspot.com/2011/08/blog-post_21.html?showComment=1313928975947#c1828006233897732553

    ReplyDelete
  3. මේක මාර ලිවිල්ලක්නෙ... කොහොමද බන් අයියෙ දවසට පෝස්ට් 2-3ක් කොටන්නෙ....

    ReplyDelete
  4. අපට මොටෝ කෑම (පිළිකාකාරකඅඩංගු නිසා) පිළිකා සෑදීමට උරදීමක් බව වෛද්‍ය මතය වේ.........

    ඔව්වා ඇත්තටම අපට මොටෝය.

    අද අයියාට නිදි මත විකාරය වාගේය. ඉක්මණින් නින්දක් ගෙන විවේක ගන්නේ නම් මේ මඤ්ඤං ගතිය මඟහැරෙනු ඇතැ.

    ReplyDelete
  5. මේක යකෝ "මාරම" පෝස්ට් දැමිල්ලක්නෙ.
    ඒ කොහොම වෙතත් ඔය මොටෝ නම් කන එක එච්චර ගුණ නැත. දැනටමත් කියා ඇති පරිධි පිළිකාකාරකයකි. ඒ නිසා පරවේසම මැනවි.
    සමහර ඇමරිකානු ප්‍රාන්ත රාජ්‍යයන් මේ රසකාරකය තහන්ම් කර ඇත.
    දැන් කුණුහරප. මට නම් කුනුහරප කියා දෙයක් නැත. ඕනෑම කුනුහරපයක් ගත් විට එහි ගම්‍යාර්ථයට වැඩි යමක් තිබේ. නමුත් සමාජ සම්මතයට අනුව එවැනි යමක් තිබේ. මේ සම්මතයයි. ඒ නිසා සමහර විට අසම්මතයද සම්මතයට වඩා නිවැරදි වන බව මමද කියමි. එහි යම් රසයක්ද ඇත. නමුත් අප සමාජයේ ජීවත් වන විට සමහර සම්මතයන්ට ගරුකල යුතු වේ.

    ReplyDelete
  6. අජින මොටෝ ( වෙළඳ නාමය ) නොහොත් MSG කන්න හොඳ නැහැ කියලා මතයක් තියනවා. මමත් බොහොම සීමා සහිතව තමයි පාවිච්චි කරන්නෙ...
    කොහොමවුනත් මොනෝ සෝඩියම් ග්ලුටමේට් සහ පිළිකා හෝ වෙනත් රෝග අතර සම්භන්ධය මම දන්න තරමින් තවමත් පර්යෙෂණ මට්ටමේ තියන දෙයක්..කොහොම වුනත් කෘතිම දේවල් වලින් ප්‍රවේසම වෙන එක ශරීරයට හොඳ නිසා පුළුවන් තරම් අඩුවෙන් කනව නම් තමයි හොඳ....

    ඒත් අපි එදිනෙදා ගන්න සාමාන්‍ය ආහාර වලත් මේ ග්ලුටමේට් ප්‍රභේදයන් තියනවා. ඒවා හරියට මාරයාගේ බ්ලොග් එකේ තියන දෙපැත්ත කැපෙන වචන වගේ...ඕක නරක් වෙන්නෙ ඕනවට වඩා වැඩි ප්‍රමාණයක් කෘතිමව දාන්න ගියොත්...සමහරු ඉතින් MSG විතරක් කාලා ජීවත් වෙන්න හදනවනෙ...අපි ඉතින් ඒ වගේ කඩවල් වලට යන එක නතර කළාම ඉවරනෙ..

    ReplyDelete
  7. අද දවසට ආයෙත් පොස්ට් දැම්මොත් කොමෙන්ටුවට අජින මොටෝ දා පළ කරමි....

    ReplyDelete
  8. අජිනමොටෝ ගැන ගොඩක් දේ කියලා තියන නිසා මේ ටිකේ තියන බ්ලොග් කුණුහරප නැගීසිටීමට හොදම පිළිතුරක්,,,දුකාගෙනුත් මේ වගේ හොද පිළිතුරක් මම දැක්කා

    ReplyDelete
  9. හප්පට වෙලාවට අද ලියපු අනික් ලිපි කියලා ගියා විතරයි ...

    මේකටත් කමෙන්ටුවක් නොදම යනවා ..තව එකක් එයි තව ටිකකින්

    ReplyDelete
  10. ලිපිය රසවත් කිරීමට කුණුහරුප යෙදීමේත්,
    කුණුහරුප ලියන්න ඕනෑකමට ලිපි පල කිරීමේත් ලොකු වෙනසක් තියෙනවා.

    බොහොම හොඳ ලිපියක් මාර සහෝ

    ReplyDelete
  11. කැමට අජින මොටෝ නම් " චීනාගේ බැදපු බත් " වගේ ඒවාට පමනක් සුදුසුය , ඒත් ලියවිල්ල ඒසේමයි කියා හිතන්නේ නැත , ඒ ගැන වෙන මොකුත් කියන්නේත් නැත

    ReplyDelete
  12. අද මාරය නන්ස්ටොප් වගේ.
    ඔය කුණුහරුප වලට කුණුහරුප කියල හදාගෙන තියෙන්නෙත් අපිමනෙ. නැත්තං ඒකත් තවත් වචනයක් විතරයි.
    මෙතෙක් කළක් සැමට රහසක්ව තිබූ මාරයාගේ පුංච් බෝතලයේ රහස අද එළිදරවු වී ඇත.

    දැන් ඇතිබං අදට ඔය ලිවුව.

    ReplyDelete
  13. අපේ ගෙදර නම් කෑම උයන්න අජින මොටෝ දාන්නෙත් නෑ. මම් බ්ලොග් ලිපි රසවත් කරන්න කුණුහරුප ලියන්නෙත් නෑ. :)

    ReplyDelete
  14. ඔව්වා කන්ඩ හොදනෑලු.

    ReplyDelete
  15. ඔය අපි පොඩි කාලේ, අජිනොමොටෝ ඉස් ඉස්සල්ලාම ආපු කාලේ, ටී.වී එකේ අජිනොමොටෝ ඇඩ් එකක ගියේ පොල් සම්බෝලෙටත් අජිනොමොටෝ දාලා රස කරගන්න ගෑණියෙක් ගැන. අපේ අත්තම්ම ඕක දැකලා කිව්වෙ, හරියකට පොල් සම්බෝලයක්වත් හදා ගන්න බැරි ගෑනි මොටෝ... කියලයි....!

    ReplyDelete
  16. හ්ම්..කාලෙකින් මේ පැත්තට එන්නත් බැරිවුණා..
    ඉතින් මොකටද දැන දැන වහ කන්නෙ...
    මතකයි ඉස්සර ඕවා ආපු කාලෙද කොහෙද ඒ පැකට් එල්ලපු කාඩ් එකේ පිටිපස්සෙ තිබ්බා දාම් බෝඩ් එකක්

    ReplyDelete
  17. වැඩ ඇරිලා ආවේ දැන් .. කමෙන්ට් කියවනකොටයි දන්නේ මාරයා අයියා පෝස්ට් තුනක්ම පබිලිස් කරලා කියලා .. මටනම් ඔච්චර ලියන්න කම්මැලියි බං උඹ නම් උපන් හපනෙක් ලියන්නම‍

    මමත් අජිනමොටෝ දාලා කතා කරනවා මිතුරෙක් සමග කදේ වැට්ච්චහම නම් . මම දන්න විදිහට අපේ ගමේ ඉන්න බොහොමයක් කොල්ලෝ අජින මොටෝ දම දමා තමයි කතාව .

    ලිපියක් රස වෙන්න ගෑවී නොගෑවී යන නොපිට ගැසූ . අසැබි වදනක් තිබීම නරකමත් නෑ !

    ReplyDelete
  18. මාරයා අය්යටම මේක හිතිල දැම්ම එක හොදයි. පහුගිය කාලේ ඒ ගැනත් පොඩි කතාවක් ගියා. මමත් ඒකටම සහ‍යෝගෙට කොමන්ට් පාරකුත් දැම්මා. එත් ඊට දවස් කීපයකට කලින් ආයෙමත් මටම දකින්න ලැබුණ ව්‍යඤ්ජන වලට අජිනමොටො හරිම වැඩියෙන් දාල මම ඉතිං කන්නෑ වගේ හොරෙන්ම කාල කොමන්ටුවක් නොදා ආව. හිකිස් ..

    ඇත්තටම ඒ ලිපි නිර්මාණාත්මකයි. ඒ නිර්මාණසීලි බව අජි‍නාමොටො අඩුවුවාට වරදක් නැති බව තමයි මගෙත් අදහස. කොහොමටත් අජිනමොටො වලට වහ වැටිච්ච අයත් ඉන්නවා වගෙයි.

    මාරයා අය්යට ස්තුතියි මේ වගේ වැදගත් පණිවඩියක් ‍දුන්නට. ආයෙත් නම් මෙහෙම පොස්ට් ලියන්න එපා අප්පා කොහොම කියවගන්නද. ඔයාට වෙලාව ඉතිරි නම් මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් තියෙන ඒවා කියවන්න හොදදේ..:P

    ReplyDelete
  19. කාලෙකට පස්සේ ගොඩ වදින්නේ. අජින මොටෝ ගැන කිව්වොත් ඕවා දාපු කෑම කන දවසට ඉවරයක් නැහැ වතුර තිබහ. ඒක නිසා වතුර බොනවා ඊට පස්සේ ටැංකි හිස් කරන්න යනවා...........

    ලිවිල්ලත් ප්‍රවේශමෙන් අකුරු ගලපලා අමුණලා කරන්න ඕනේ. නැත්නම් දුම් විසිවෙන්න අහගන්න පුලුවන්ය :))

    ReplyDelete
  20. තුනක් ලිව්වද බොලේ . මන් මේ අද දවසටම ජාලගතවුනේ දැන් තමයි. මාරයා කියන්නේ නිකන් යයි

    ReplyDelete
  21. අජිනමොටෝ නම් හොද නැත.

    අයියාගෙ ලිපියනම් මාරය.....

    ReplyDelete
  22. අජින මොටෝ අත් හදා බලාවත් රස විදවත් නැති නිසා කිසිත් නොකියමි...

    ReplyDelete
  23. අපි නොදන්න මොටෝ...

    ReplyDelete
  24. මම නම් අජිනො මොටෝ නොදාන්නෙ වයස ගැන හිතල...

    "මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ.." කියලත් කියල තියනවනෙ...

    ...........

    ඒ හරිය පැත්තක දාමු...

    ඔය MSG කියන බඩකඩුත්තුව කන්නම එපා පුළුවන්කමක් තියේනම්... තියෙන පලවිපාක කියල ඉවර කරන්න බැරි තරම්..

    හැබැයි ඇල්කොහොල්.. මරිජුවානා වගේ දේවලුත් එච්චර හොඳ මදි නොවැ සවුක්කියට...ඒත් ඉතින් ......නෑ .. එක්කො ඕන් නෑ.....

    ReplyDelete
  25. 1.)තුන්සිය හැට පස් දවසේම චීනාගේ බැදපු බත් හොයන උන්ද... 2.)ඒවා පෙන්නන්න බැරි ගමේ රහට කන උන්ද....
    3.) රහ ඇත්නම් දෙකම කන උන්ද
    4.)රහක් ගුනක් නැතත් දෙන්න වාලේ වගේ වගක් නැතුව කන උන්ද සිටී...

    ඕනෙ එවුන් කාපල්ල යනුවෙන් කැමති දියක් ඉවිය හැක.. උයන දේ අනුව කන එකා පැමිනෙයි... කති බොති යති

    අකැමැති උන් නොකා යති

    කැමති උන් කා යති

    සමහරෙක් හොරෙන් කා නොකෑවා වගේ යති..

    නොකන කෑම ගැන තවත් සමහර එකෙක් දෙස් දෙවොල් තියති

    තවත් එකෙක් හොරෙන් කා වලන් බිදින්නද එති...


    ඉවිල්ල එහෙම වෙති..

    ReplyDelete
  26. මමනම් ඇජිනමොටෝ දාන්නෙම නෑ. අපේ අම්මට කොහොමත් එවා දැම්මොත් දිව කසන්න හැදෙනවා.ඔය රසකාරක කොහොමත් ඇඟට අගුණයි..සමහර ගෙවල් වලනම් පොල්සම්බල් වලටත් දානවා..

    බ්ලොග් ලියන අයත් රසකාරයක් හැටියට ඕව දාන්න ගිහින් එන පිරිස අඩු වෙනබව මාත් දැකල තියනවා...මොකද අපිටත් ගිහින් කොමෙන්ට් එකක්වත් දාන්න බැහැ ඒවට...ඉතින් අත්හැරල දානවා...

    ReplyDelete
  27. oken wenne abbahi veemak wage deyak.night kadawala appa kanda dena lunumirisa mara rahak enne e nisa.owwa nathuwa kana tharamata agata gunai.dan aluthma sellama soup kata.kajaluth mara try ekak denne apita parippu kawanda.

    ReplyDelete
  28. ඇත්තෙන්ම....
    අජිනමොටො නම්...මහ.එපාකරපු..එකෙකි...ඔව කැවම හරියට.."නරියාට.. ඇටිකෙහෙල් කෑ පසු....වෙන සංතැසිය වගේමය.."

    කුනු හරුප කුමට..අපේ හෙල බසේ අපමන ප්‍රහසන.... වචන ඇතිවිට....

    ReplyDelete
  29. අජිනොමොටෝ නම් දාපු කෑම වලින් එන්නේ කෘතීම රැසක නොවැ. එ‍ක හොදට තේරෙනවා.. ඔය බ්ලොග් කතාව නම් 100%ක් ඇත්ත.

    ජය..

    ReplyDelete
  30. වැදගත් කරුණූ , උපමා උපමේය සහිත ලිපියක් , ඇත්තටම කුණුහරුප මගින් බ්ලොග් සටහන් “ලාභ ජනප්‍රියත්වයකට පත් කර“ ගැනීමේදී සිදු වන්නේ ලියන්නාගේත් , කියවන්න්නාත් Virtual fantasy එකක් හද ගැනීමක් , ප්‍රථිපලය ඒ fantasy feeling නිසා reality තත්ත්වය නොපෙනීම , අවසානය මේ fantasy එක කඩා වැටීමේ වේදනාව සහ සමාජය කෙරෙහි වෛරයක් ඇති කර ගැනීම . ඒ නිසා ඔබ කියනා සේම මෙය “ඕනවට වැඩිය ඕනෑම නැත“ ..ස්තුතියි සිංහල බ්ලොග් අවකාශයේ ජේෂඨයෙක්ගෙන් ලෙසින් මෙවැනි උපදෙසක් ලබා දීම ගැන ...තවත් තැනක (http://spsrox.blogspot.com ) මේ ගැන ලියවී තිබුණා මතකයි ..

    ReplyDelete
  31. monosodium glutamate තිබෙන බැවින් ම නම් අජිනමොටෝ කෑමට කැමති නැත.

    ReplyDelete
  32. අජිනමොටෝ සහ බ්ලොග් ලිවිල්ල මනාව පැහැදිළි කීරීමක්.

    කතුරුමුරුංගා කිව්වම මතක් වුණේ. කටේ තුවාලයක් හැදුනම රෑට කතුරුමුරුංගා කෑවනම් උදේ වෙද්දි තුවාලෙ හොඳ වෙනවා. ඒ තරම් ගුන කෑමක්...

    ReplyDelete
  33. අජින මොටෝ හොඳ නැලු... ඒ උනාට බොගේ ලිපිය නම් සුපිරිය....

    ReplyDelete
  34. MSG (අජිනමොටෝ)-shoud not use too much,,, banded in some countries. but in Sri Lanka it is still using. and u can find higher concentration of MSG in canned fish.
    frm :- johney

    ReplyDelete
  35. මාරයා අජිනමොටෝ දැමූ කුණුහරුප බයිට් එකක් සමග වල් ෆැන්ටා බෝතලයක් අනුමත වීමේ කුසල කර්මයෙන්ද මන්දා සීග්‍රයෙන් පොස්ට් දමනු ලැබේ. හැබෑටම මේ දවස් වල අපි උයන්නේ මාරයාගේ රෙසිපි වලට. මේ පොස්ට් එක නම් අද කාටවත් පෙන්නන්න හොඳ නැහැ. එහෙම උනොත් අද රෑට කන්න වෙන්නේ කුණුහරුප.

    ReplyDelete
  36. ගස් නැගිල්ලත් මෙහෙම වෙන්ටැ

    ReplyDelete
  37. මා වැනි නවකයෙක්ට ගොඩක් වටිනා පොස්ටුවකි. ගොඩක් දේවල් අවධාරණය කොට ගතිමි.

    ReplyDelete