25 September 2011

කුජ මාරුව ගැන පොඩි කෑල්ලක්...

පහුගිය දවස්වල මගේ කොමෙන්ට් තීරු හරහා කීප දෙනෙක්ම මේ කේන්දර ගැන මොන මොනවද මංදා පුරස්න වගයක් අහලා තිබුනා උනත් ඇවිත් තිබුනේ ඇනෝලා හැටියට හින්දා මං ඒ ගැන වැඩිය අවධානය යොමු කරන්න ගියේ නැහැ. ඒත් මට හිතුනා මොනවා හරි පොඩ්ඩක් කිව්වත් වරදක් නැහැනේ කියලා.. ඒත් ඕවා ලිය ලිය ඉන්න කම්මැලි හින්දා මං පොඩි පොතක් පෙරලන්න හිතුවා..

ඒ තමයි මේ ලගදී මං දාපු කේන්දර බස් එකේ බෝඩ් එකට මං දාපු වචන ටිකම මෙතන ගෙනත් අත අරින එක. ආයේ අළුතින් ලිය ලිය ඉන්නවට වඩා ඒක කොයි තරංනං සිම්පල් ප්ලෑන් එකක්ද නේද..?

මේ බස් එක විතරක් නෙවෙයි එදා බස් දෙක තුනක්ම ඔය ක්‍රජ මාරුව හරහා අපට සිද්ධ වෙන හොඳ නරක ගැන කතා කර කර දිවෙව්වා.. විස්සකට විතර ආසන්න පිරිසකගේ කේන්දර වලට අනුකූලව ඒ ඒ අයට මේ මාරුව කොහොම බලපායිද කියන එක ගැනත් යම් යම් අදහස් ලබා දුන්නා... බස් ගැන දන්න අයනං මේ ගැන හොඳටම විස්තර දන්නවා.. ඒත් නොදන්න කවුරු හරි හිටියොත් ඒ අයට හරි වැඩක් තියේවිනේ..ඔන්න එහෙනං ගෙඩිය පිටින්ම කොපි කරලා දානවා මෙතන...

"කුජ මාරුව ඔබට කොහොමද..?

2011/09/09 සිට 2011/10/30 දක්වා ඇති විය හැකි වෙනස්කම් දැන ගන්න අද එක්වන්න මාර කේන්දර බස් සේවය සමඟින්...
-නිතර බස් පදිනා අයට වැඩි ප්‍රමුඛතාවය දෙනු ලබන බැව් කාරුණිකව සලකන්න -

දැන් මතක තියා ගන්න ඕන මේ කියන්නේ දීර්ඝ කාලීන පලා ඵල නොවන වගත්..ඔය උඩින් දාලා තියෙන කාල සීමාවට අදාල කාලය තුලදී විය හැකි දේවල් කියනා එකත් මුලින්ම මේ ටික කවුරු කවුරුත් අවධානයට ලක් කර ගන්න...

කුජ මෙච්චර කල් හිටියේ මිථුන රාශීයේ...දැන් මේ පහුගිය නව වැනිදා ආවේ කටක රාශීයට..කටකයේදී කාගේ කේන්දරයට කොහොම වුනත් කුජ නීච වෙලා තමයි ඉන්නේ..ඒක අපි කාගෙත් කේන්දර වල එහෙමම තමා.. ඒ අතින් බලපුවාම මේක එච්චර හොද තත්වයක් නෙවෙයි..

සාමාන්‍ය වශයෙන් ගත්තොත් කුජ නීච වීම පාලක පක්ෂයට එච්චර හොඳ දෙයක් නෙවෙයි...කම්කරු ආරවුල්.. තමන්ගේ බලය අඩුවීම්.. පොඩි පොඩි පීචං වීම් සිද්ධ වෙන්න පුළුවන්.මෙතනදී පාලක පක්ෂය කිව්වේ රජය විතරක් නෙවෙයි.. ඕනම තැනක නායක කාරකාදීන්ටත් ආයතන පාලකයින්ටත් ගෘහ මූලිකයින්ටත් ආදී වශයෙන්තමා..

ඒත් මෙතනදී තව පැත්තක් තියෙනවා ඒ කියන්නේ අපි හිතන්න පුළුවන්නේ ලොක්කට නරකයිනං පොඩි එකාට හොදයි කියලා... ඒත් ඒ අය අතරත් අසමඟිකං හින්දා හුගාක් පාඩු සිද්ධ කර ගන්නවා.. ඒ වගේම ලේ වැගිරීම් වැඩි හරියක් සිද්ධ වෙන්ටත් ඇහැකි කාලයක්.එතනින් ගියාම ඔය වෛද්‍යවරු උනත් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන ටිකක්..මොකද ඒ අය අතින් සිද්ධවන සැත්කම් ආදිය වරදින්න ඉඩ තියෙනවා..අනිත් අතින් රථවාහන අනතුරු..කම්හල්වල සිදුවන අනතුරු..රසායනික ද්‍රව්‍ය වලින් වන හානි.. ගිනි විපත් ආදිය වගේම කාර්මික ක්ෂේත්‍රයේ විය හැකි අනතුරු සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යන්න පුළුවන්..
විශේෂයෙන්ම පාරතොටේ යද්දී..අවි ආයුධ එක්ක කටයුතු කරද්දී..යන්ත්‍ර සූත්‍ර සමග වැඩ කරද්දී කවුරු උනත් සිහි කල්පනාවෙන් ඒ වැඩ කරන්ට ඕන.හරි ඔය ටික මුලින් කවුරුත් හිතට අරගන්න.. ඒ හින්දා මේ කාල වකවානුව ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම පොඩ්ඩක් ආරංචි කරලා බලන්න මේ දවස්වල දන්න කියන අයගේ මරණ වැඩි වෙන්න පුළුවන්..දැනටමත් මට මරණ 8ක් ගැන ආරංචි ලැබිලා තියෙනවා. දෙන්නෙක් ප්‍රසිද්ධ කලාකරුවෝ. දෙන්නෙක් බ්ලොග් හිතවතුන්ගේ පියවරු..අනිත් හතර දෙනත් දන්න කියන ආස්සරේ කල අයගේ.. ඒ හැමෝම වගේ වැඩක් ඇති යමක් කල අය..

ඒ හින්දා කස්ටියටම කියන්න තියෙන්නේ අනේ හොඳ අහන්න ආසාවෙන් ආවානං අද ඒකට බස්එක නෙවෙයි.. ඒ හින්දා එහෙම අය කරුණාකර තම තමන්ගේ නම් ඉවත් කරගන්න.පස්සේ හිත රිදෝ ගන්නවට වඩා ඒක හොදයි...."

ඔන්න ඉවරයි...
‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍..........................හත් ඉලව්වයි සිකුරු මාරුව ගැනත් බස් එකක් දාන්න එපැයි...(කරුණාවෙන් සලකන්න ඔය බසය දමනා විට අලව්වේ දුම්රිය අනතුර සිදු වී තිබුනේ නැති අතරම ජෝ අබේවික්‍රම මහත්මාද ජීවතුන් අතර සිටින ලදි..)

16 comments:

  1. සෑහෙන්ඩ පරිස්සන් වෙන්ඩ වෙය් එහෙනං.

    ReplyDelete
  2. හුම්ම්ම්ම්...... ඔය කට්ටියට මාරු නොවී ඉන්ට බැරි හැටි......

    කාලෙකට පස්සේ ඕන් 2වත් උනා.....

    ReplyDelete
  3. මම හිතුවෙ මේ කජු මාලුවක් හදන හැටි කියලා, බලන කොට මේ කුජ මාරුව ගැනනෙ ලියලා තියෙන්නෙ.....
    අවුලක් නැහැ , අපි ඉතින් කොහොමත් පරිස්සමෙන් ඉන්න ජනතාවෙනෙ...

    ReplyDelete
  4. අනේ අපිනං ඔය ප්‍රසිද්ද වැදගත් කට්ටිය නෙමෙයිනෙ.

    ReplyDelete
  5. මමත් ඔය කුජ මාරුව දවසේ බස් පැද්දා. ඒත් කේන්දරේ අහගන්න උනේ නෑ. :(

    ReplyDelete
  6. මගේ 7 ඉන්න කුජටත් එතකොට මොකක් හරි වෙනවද ???

    ReplyDelete
  7. @මාරයෝ,
    ඔය කුජයා මාරු උනේ ලංකාවෙ ඉන්න අයට විතරයිද ?

    ReplyDelete
  8. බුදුන් වහන්සේ පැවසූ ලෙසම යමක් කරන්නට ඕනැය කියා කිසිවෙකුට සිතට නැගෙන යම් මොහොතක් වේද ඒ මොහොත ශුභ වෙලාවයි. එසේ නම් මේ කමෙන්ටුව දැම්මේද ශුභ මොහොතකය. සමහර විට එය ඔබට රාහු කාලය විය හැකිය. රාහු කාලයේ සුභ වැඩ වලට අත ගසන, නැකත් නොබලන මා හට මෙතෙක් නම් කිසිදු අපලයක් වී නොමැත. සැබවින්ව ඕවා මත්තේ නැහෙන ජීවිත වලට වඩා ඕවා ගැන කිසි වග විභාගයක් නොකරන අයගේ ජීවිත වල ගැටළු අල්පය. මොනවා නැතත් සිත නිදහස්ය. කිසියම් දෙයක් යම් දිනෙක විය හැකි බව අර්ධ සත්‍යයක් සේම අර්ධ අසත්‍යයකි. සම්භාවීතාවය ලෙස සරලව හැදින්වෙන්නේ එයයි. ඔබ මේ කමෙන්ටුවට ගැන උරණ වීමට ඇති සම්භාවීතාවය 75% හෝ ඊට වැඩි අගයක් බව පැවසීමද අර්ධ සත්‍යයක් හෝ අර්ධ අසත්‍යයක් විය හැකියි. කෙසේ වෙතත් දුමීයා කියන පරිදිම ඔය ග්‍රහයන්ගේ මාරු වීම් වැඩි වශයෙන්ම විශ්වාශ කරන්නේ නම් ශ්‍රී ලාංකිකයෝම විය හැකියි.

    ReplyDelete
  9. කේන්දරය විස්වාස නොකරමි... ඒත් මාරයාගෙන් කේන්දර අසාගැනීමට කැමතිය... කේන්දර බසයේ මාරයා එදා මට කියූ දේවල් 100% සත්‍ය විය...

    ReplyDelete
  10. අපි හොඳට දන්න අයගේ රිය අනතුරු කිපයක්ම ආරංචි උනා..එයින් එකක් මරණයක්...:( අපි කල්පනා කරා ඇයි එක පාරට මෙහෙම වෙන්නේ කියලා..

    මම මේ කුජ මාරුව ගැන දැනගෙන හිටියේ නෑ

    ReplyDelete
  11. කතාව ඇත්ත වගේ. ඇසිපියක මහිම බ්ලොග් එක ලියපු මහේෂ් කියන අයියා ඊයේ රිය අනතුරකින් මිය ගිහින්

    http://asipiyakamahima.blogspot.com

    http://www.facebook.com/media/set/?set=a.263890960317226.71193.100000889736861&type=1

    ReplyDelete
  12. මටත් අයියාට කියලා කේන්දරේ බලවගන්න හිතෙනවා.

    ReplyDelete
  13. ෂික් මට ඔය එක බස් එකකටවත් සෙට් වෙන්න බැරි උණානෙ. මගෙ කුජ 7 තියෙන්නෙ මාරෙ. අවුලක් නැතුව ඇති නේද බන්...

    ReplyDelete
  14. හ්ම් අපේ පැත්තෙත් පහුගිය ටිකේ මරණ කීපයක් නං උනා ඒත් ඒගොල්ලො කාලෙක ඉඳං ලෙඩ ඇඳේ හිටපු අය.

    ReplyDelete
  15. මගගෙත් කුජ 7 තමා.ඔයවගේ කාලෙට ආගමානුකූල දේවල් වලට වැඩිය නැඹුරු වෙනව නම් හොදයි කියලයි මම් අහලා තියෙන්නෙ.එතකොට හිතට සහනයක් ලැබෙනවනේ.

    ReplyDelete