02 October 2011

ඒ ඒ දසාවන්ගේ හොඳ නොහොඳ...

මම මීට කලින් ලියාපු ලිපි වලින් පැහැදිලි කලා යම් තාක් දුරකට කොහොමද මේ මහ දසාව කියන දේ හැදෙන්නේ කියන කාරණාව... මට පුළුවන් තරං සරලව තමා ඒ ඉදිරිපත් කලේ...මං එහෙම කරන්ට හේතුව තමා කාට කාටත් හොයා දැන ගන්නට ඇහැකි වෙන්ට තම තමන්ගේ දැනට යන්නේ මොන දසාවද කියන එක.. ඉතිං කලින් ලිපි ටික හිමිහිට කියෙව්ව ඕනම කෙනෙකුට තමන්ගේ කේන්දරය කියවලා හිමිහිට ගණන් හදා ගෙන තමුන් දැනට ගත කරන්නේ කුමන ග්‍රහයාට අයිති මහ දසාවද..? ඒ දසාව කවදා ඉඳන් කවදා වෙනකල් තියෙනවද කියලා හොයා ගන්ටත් ඇහැකි වෙන්ට ඕන...

ඉතිං ඕක හොයා ගත්තටම ඇති වැඩක් තියේයෑ...

ඔව් දැන් මං කියන්ට යන්නේ ඔය දසාවල හොඳ නොහොඳ ගැන ටිකක් විතර විස්තරයක්... හැබැයි මේක ලේසි වැඩක්මත් නෙවෙයි.. කේන්දරයක් අතට ගත්තාම අපි ඕකේ පලා පල කියන ක්‍රම බොහෝමයක් තියෙනවා නෙව.. ඒ කිව්වේ ඔය දසාව අනුව අනාගතය ගැන ඒ ඒ වකවානුවල හැසිරීම කියනවා වගේම ග්‍රහ ගෝචර ගමනට අනුවත් ඉදිරි කාල වකවානු කොහොමද කියල කියන විදියක් තියෙනවා.. මං ඉස්සරහට ඒ සම්බන්ධවත් ලියන්නං.. ඉතිං මේ කේන්දරයක් බලන කොට දසාව විතරක් බලලා කවදාවත් පලාපලයක් කියන්ට යන්ට බැහැ..මොකද දසාව හොඳ දසාවක් උනත්.. ග්‍රහ ගෝචර ගමන් අනුව එම දසාව අයිති ග්‍රහයගේ තත්වය වගේම අනිකුත් ග්‍රහයින්ගේ හැසිරීම් හිට බලන්ට එපැයි.. ඉතිං එහෙම බැළුවම මේ දසාව මත විතරක් පදනම් වෙලා කොහොමනං විස්තරයක් කියන්ටද..?

ඒත් සුළු වශයෙන්වත් දසාවන්ගේ හැසිරීම මෙන්න මෙහෙමයි කියලා කියන්ට තමා මං මේ ලෑස්ති උනේ..ඉතිං අපි අනිකුත් ක්‍රම වේදයන් පැත්තකින් තියලා දසාව අනුව අපට කොහොමද කියලා බලමු...

මෙතනදී යම් කිසි ග්‍රහයෙකුට අයත් දසාව හොඳද නරකද කියලා උඩින් බලලා කියන්ට බැහැ..ඒත් සමාජයේ තියෙන යම් යම් මත තියෙනවා නෙව.. ඒ කිව්වේ ඔය සෙනසුරා ලැබුවම අපලයි..සිකුරා ලැබුනම බොහෝම හොඳයි වගේ... ඇත්තටම උඩින් බලලා ඔහොම කිව්වට මං දන්නා තරමින්නං හරියට සෙට් උනොත් සෙනසුරා ඔය සිකුරාටත් වඩා හොඳින් සැප දෙන අවස්ථාත් තියේ.. ඒ වගේම තමා සිකුරු මහ දසාව තුලදී විඳින්ට තියෙන ඔක්කෝම නින්දා අපහාස දුක් කරදර විඳින්ට වෙන වෙලාවළුත් තියේ... ඒත් පොදුවේ ගත්තමනං සෙනසුරා අසුභ පලත්..සිකුරු සුභ පලත් දෙනවානං තමා...

එහෙම පොදුවේ බැළුවමනං ඔය ග්‍රහයින් නව දෙනා මුලීක වශයෙන් අපිට කොටස් දෙහෙකට බෙදියැහැකි.. ඒ කිව්වේ සෞම්‍ය ගති ඇති..සුභ පල දිය හැකි යහපත් ග්‍රහයින් හැටියටත්... දරුණු ගති ලක්ෂණ ඇති.. අසුභ පල දිය හැකි මදාවි ග්‍රහයින් හැටියටත්.. දැන් කවුද මේ ස්වභාවයෙන්ම සුභ ග්‍රහයින් වෙන්නේ...

සඳු නොහොත් චන්ද්‍රයා..
බුධ..
ගුරු නොහොත් බ්‍රහස්පතී..
ශුක්‍ර නොහොත් කිවි එහෙමත් නැත්තං සිකුරු...

ඔන්න ඔය හතර දෙනා තමා අපි එහෙම පලවෙනි කොටසට දාන්නේ... එතකොට දෙවෙන් කොටසට අහු වෙන්නේ...

රවි නොහොත් හිරු...
කුජ නොහොත් අඟහරු...
ශනි නොහොත් සෙනසුරු...
රාහු..
කේතු...

ඉතිං ඔය හොඳ ග්‍රහයින්ගේ දසාවලදී හොදත්.. නරක ග්‍රහයින්ගේ දසා වලදී නරකත් දෙන හැටියට තමා සාමාන්‍යයෙන් කතාව තියෙන්නේ.. ඒත් ඔය රවිනං ඉතිං ඒ හැටිම නරකත් නැහැ.. ඒකත් කියන්ට එපැයි.. රවි ඇරුනම අනිත් හතර දෙනානං ටිකක් ලේසි නැහැ...

දසා පලයක් හරියට කියන්ටනං සලකා බලන්ට කරුණු කාරණා බොහෝමයක් තියෙනවා.. ඒ කිව්වේ මේ උපතේදී එම ග්‍රහයා සිටි තත්වය කොහොමද කියන එක.. ඒ කිව්වේ උච්ච වෙලාද.. නීච වෙලාද..එහෙමත් නැත්තං සම..සතුරු..මිත්‍ර අවස්ථාවකද වගේ කාරණා බොහෝමයක් තියෙනවා..සාමාන්‍යයෙන් කේන්දරයේ උත්පත්තියේදී බලවත්ව ඉන්නා ග්‍රහයින් තම දසාවෙදිත් තමාට ඒ ග්‍රහයාගෙන් දිය හැකි උසස් පල ලබා දෙන්න බලනවා වගේම..උපතේදී නරක් වෙලා අප්සට් ගහලා ඉන්න ග්‍රහයින්ගේ දසාවලදී තරමක් කරදරත් විඳින්න වෙනවා.. ඔය එකක් විතරයි..ඔය වගේ හුගාක් දේවල් බලන්න තියෙනවා..ඒ කිව්වේ ඔය සමහර කේන්දර වලට සිකුරු මාරක ග්‍රහයා හැටියටත් යෙදෙනවා..එහෙම උනාම ඉතිං ඒ සිකුරුට අයිති මහ දසාවේ හැටිත් ඒ වගේම වෙන්ට ඇහැකි...ඒත් එහෙම එකින් එක කිය කිය ඉන්ට ගියොත් අද මේක ලියන්ට වෙන්නේ නැහැ... ඒ හින්දා මං ලග නවන්නං...

අපි බලමු එක් එක් ග්‍රහයින්ගේ දසාවන් පොදුවේ ගත් කල කොහොම වෙන්ට ඇහැකිද කියලා...පිළිවෙලකට යංකෝ නේද..?

01.රවි මහ දශාව...

මේ මහ දසා කාලය අවුරුදු හයක් පවතින විත්තිය දැන් හැමෝම දන්නවනේ...

කෙනෙක්ව රජ කරවන්නටත්..බලු කරවන්නටත් ඇහැකි කාලයක් තමා මේක... උත්පත්ති කේන්ද‍රයේ රවි බලවත්ව හිටියොත්නං ඉතිං මේ වසර හය ඇතුලත උසස් ඈයෝ ආස්සරය නිස්සරය කොරන්ට ඇහැකි වෙන්ටත්..ඔවුනගේ ගරු සත්කාර සම්මාන ලබන්ටත් උරුමයි.. ‍ඒ වගේම පාලකයින්ට සමීපව කටයුතු කරන්ටත්..තමන් යම් තැනක පාලනයක් දරනවානං ඒ තමුන් යටතේ ඉන්න හැම දෙනාම තමන්ට බොහෝම කීකරුව ඉන්නා කාලයකුත් තමා මේ... එහෙම හොදට හිටියනං තමුන්ගේ වචන මේ කාලයේදී නිකං වෙඩි වගේ වෙන්ට ඇහැකි... ආයේ ඉතිං කියන දේ ටිප් ටොප් එකටම අනිත් අයට වදිනවා...

තමුන් කර කර ඉන්න වැඩ වලින් ඉහලට යන්ට.. ප්‍රසිද්ධ වෙන්ට.. තනතුරු නම්බු නාම හිමි කරගන්ට ඇහැකි ගතියකුත් තියෙනවා වගේම දේශපාලන කටයුතු..සමාජ සේවා කටයුතු වගේ අංශවල ඉන්න අයටනං හොදටම හොද කාලයක් තමා...

ඒත් වැරදිලාවත් උත්පත්ති කේන්දරයේ රවි හිටි විදිය ඒ හැටි හොඳ නැත්තං මක්කද වෙන්ට ඇහැකි.. ඔව් එහෙම උනොත්නං ඔය කිව්ව දේවල් අනිත් පැත්ත කැරකැවෙන්ටත් ඇහැකි...

තනතුරු වලින් පහතට වැටීම... නින්දා අපහාස විඳින්නට වීම...තද බල ලෙස අසනීප වීම... හිසෙහි කෙස් යන්නට පටන් ගැනීම..ඇගේ උෂ්ණ ගති..උෂ්ණ රෝග ඇතිවීම... උසස් අය සමඟ අමනාප වීමට සිදු වීම.. ආදී බොහෝමයක් කරදර සිද්ධ වෙන්ටත් ඇහැකි.

පොදුවේ හොඳ උනත් නරක් උනත් රවි මහ දසාව ශරීර සනීපයට ඒ හැටිම හොඳයි කියලා කියන්ට අමාරුයි... උෂ්ණ රෝග වගේ දේවල් විතරක් නෙවෙයි.. පීණස් කාරයින්ට එම ගති වැඩි වැඩියෙන් දැනීම හා විශේෂයෙන්ම ඇස් දෙකේ ලෙඩ දුක් දුර්වලතානං බොහෝ විට හට ගන්නවා මේ කාලය තුලදී...

හරි ඊ ළඟට සඳු මහ දසාව...


17 comments:

  1. මේක මරු සීන් එකක් නෙ..දැං මාරයියෙ උප්පත්ති කේන්දරේ බුවා ඉන්න විදිය කියන්නෙ මොකක්ද? හොඳ නම්බරයක් තියන කො‍ටුවක ඉන්නවා කියන එකද? මොනවද හොඳ නම්බර?

    ReplyDelete
  2. කියෙව්ව මට නම් මෙව්ව තේරෙන්නෙ නැහැ අෆ්ෆා..

    ReplyDelete
  3. මගෙ නම් මේ ගත වෙන්නෙ ගුරු මහ දශාව.රාහු ගෙව්ව.අම්මේ රාහු තමා රාහු.

    ReplyDelete
  4. බල‍මුකො මොකක්ද වෙන්නෙ කියල.

    ReplyDelete
  5. [[ උත්පත්තියේදී බලවත්ව ඉන්නා ග්‍රහයින් තම දසාවෙදිත් තමාට ඒ ග්‍රහයාගෙන් දිය හැකි උසස් පල ලබා දෙන්න බලනවා ]]

    ඒ කීවේ රාහු බලවත්නම් රාහු දසාවෙදි උපරිම නරකක් දෙන්න බලනවද ? එහෙමද ?

    ReplyDelete
  6. මට මාර සීන් එකක් උනේ කසාද බදින්න ගිහිල්ලා...මට කේන්දරයක් නැහැ...මම වගේම තාත්තත් ඒවා විස්වාස කරලා නැහැ....පස්සේ එකක් හැදුවා..යන්තං වැඩේ ශේප්.......

    ReplyDelete
  7. @වැම්පයර්...

    ඔව් වැම්පා.. බුවා චණ්ඩියා වගේ බුවාට අයිති ඒරියා එහෙක වැජඹෙන එක තමා හොදින් ඉන්නවා කියන්නේ... ඒත් හොද කොටුව මේකයි කියලා දඩස් ගාලා කියන්න බැහැ..මොකද එක එක්කෙනාට එක එක තැන් තමා හොඳ තැන් වෙන්නේ..

    @Weni...

    උඹට තේරෙන්න නං ඉතිං කියන්න ඕන මේ විදියට නෙවේ..

    අඩෝ &%$%$@@&^$^ මෙන්න මේකා මෙතනනං මුගේ %$%$ වගේ තමා ඩෝ.. කියන භාෂාවෙන්...

    @නදී...

    අන්න නදීට රාහුගේ තරම තේරිලා වගේ.. අපි ඉස්සරහට බලමු කොහොමද ඔය කට්ටියගේම හැටි කියලා..

    @Praසන්ன...

    බලමු බලමු...නැතිව කොහොමද..?

    @Chanaka Aruna Munasinghe...

    නැහැ රාහුගේ උසස් පල හැටියට අපි සලකන්නේ නරකම නෙවෙයි..රාහු ඇවිත් ඔය හදිසි ධන ලාභ වලට එහෙම හොඳම ග්‍රහයා... සූදුවට එහෙම දෙයියා...

    @ඔබ නොදු‍ටු ලොවක්...

    හුගක් දෙනෙකුට කසාඳ බඳින්න ගියාම ඔය අවුල වෙනවා... තමුන්ගේ පැත්තම විතරක් බලලා ජීවත් වෙන්න බැහැ නෙව...

    ReplyDelete
  8. marayo.me mata hithena hati.medawas wala liyana ewwa nam kiyawanda boring wage.meka mama godak asawen kiyawana blog ekak.eka nisai kiyanda hithune.waradi widiyata hithanda epa.hoda widiyakata digatama karagena yanda.jaya wewa!!!!

    ReplyDelete
  9. @ඇනෝ...

    අනේ නැහැ මටත් තේරෙනවා දැන් වැඩේ අප්සෙට් වගේ කියලා.. ඒකට හේතුව මමත් දැන් ලියන්නේ කිසිම ආසාවකින් නොවන එකයි. ලියන්නං වාලේ ලියන එක මේ තත්වය ඇති කරලා තියෙනවා. මේක තව ටික දවසයි. මෙයිට වඩා ලොකු වැඩකට අත ගහන්න මේ දවස්වල හිතින් කටු සටහන් ගහන ගමන් ඉන්නේ. අපි බලමු.. ඇත්තටම ස්තූතියි අවංකවම කියපු වචන ටිකට... මම ඉස්මුදුනෙන්ම පිළිගන්නවා ඔය කියපු දේ...

    ReplyDelete
  10. හපුච්චියේ රාහු මෙහෙමනම් නරකම එකා හෙනහුරා කොහොම වේවිද දන්නෙ නෑ. රාහුගෙනුත් 7ක් විතර ඉතිරුද කොහොදො තව. ඒ 7ටම හෙනහුරෙකුත් ඒරාෂ්ඨකයක් දාල :)

    ReplyDelete
  11. හෆ්ෆෝ මේක නම් බැරැරුම් රාජකාරියක්.. කමක් නැ සුට්ටක් හරි ඉගනගත හැකි නේ..ඔහොම ලියාගෙන යමු මාරයියේ

    ReplyDelete
  12. ආන්න එහෙම කීව නම් තෙරෙනවනෙ එල පහට !
    මට නැහැ නොව ඔය කේන්දරයද මොකද්ද එක.. ඉපදිච්ච වෙලාව බැලුවහම මගේ ලග්නෙත් වෙන මොකද්දලු.. මන් කැමති වෘෂභ ලග්නෙට නිසා..මන් බලන්නෙ ඒ ලග්නෙ පලාපල තමයි ..අපිට කොයින්ද ඉතින් බූල් බල්ලො !?

    ReplyDelete
  13. මාරෙ , මේ ශාස්ත්‍රය ගරු කටයුතු එකක්..මන් මීට පෙර ලියපු කමෙන්ට් එක හරි නැහැ වගේ නම් ඒක මකලා දමන්න.

    ReplyDelete
  14. ආවට කියැව්වේ නැ මාරයා. ආස කරන ඒරියා එකක්. අනිවා එනවා කියවන්න. හිටපන්කෝ... තාම මම නෝර්වේ වලනේ ඉන්නේ...

    ReplyDelete
  15. // Weni said...
    මාරෙ , මේ ශාස්ත්‍රය ගරු කටයුතු එකක්..මන් මීට පෙර ලියපු කමෙන්ට් එක හරි නැහැ වගේ නම් ඒක මකලා දමන්න.//

    මළ කෙළියය්, වෙනියට මොළේ පෑදීගෙන එනවද කොහෙද......හොඳ වෙලාවට මට එහෙම වෙලා නැත්තෙ

    ReplyDelete
  16. MITHURU MARAYA, HETA ANIDDA HENAHURA MARU WENAWA NEDA ? KATADA HODA KATADA NARAKA ?

    ReplyDelete
  17. මෙව්වා මෙහෙමම වෙයි නේද?

    ReplyDelete