04 October 2011

හිතන්නෙපා මඩයි කියා ඔබ රැවටේවී...


මම දැන් මේ බ්ලොග් ලිවිල්ල පටන් අරං ටික දවසක් වෙනවා.. ගූගල් උන්නැහේට පින්සිද්ධ වෙන්නයි... මේ සිංහල යුනිකෝඩ් කියන එක හදාපු උන්නැහේලට පින් සිද්ධ වෙන්නයි මේක මෙහෙම කොරගෙන යන්න ලැබුනා මිසක් ආයේ නැත්තං අපිට මොන බ්ලොග්ද කිව්වළු.. එහෙමනං මං තාම ඉංගිරිසි අකුරු ගැට ගගහා ඔය මොනවා හරි වල් පල් කියව කියව ඉන්න තවත් එක මොකෙක්ද එකෙක් වෙන්ට තිබුනා.. ඒත් යන්තං දැන් මං මොන මොනවා හරි ලිය ලිය ඉන්නවා..ඒකත් මදෑ...

ඉතිං මේ බ්ලොග් කෙරුවාව පටන් ගත්තට පස්සේ ඒ හරහා දැන අඳුර ගත්තු අය බොහෝමයි... සමහර අය මුල් කාලයේ ඉඳන්ම හිටි උදවිය.. සමහරු අතර මඟදී එක්කාසු වෙච්ච අය.. ඒ වගේම මෑත කාලීනව හඳුනාගත් කිහිප දෙනෙක්ද ඉන්නවා.. ඉතිං කොහොම නමුත් දන්න කියන අඳුරන අය එක්ක ඉඩ කඩක් ලැබුන වෙලාවකට කතා බස් කරන්න අමතක කරන්නේ නැහැ වගේම..ඒ අයත් පුළු පුළුවන් වෙලාවට මාත් එක්ක කතා බස් කරලා දුක සැප කියනවා... ඉතිං ඔය අතරේ මේ ඊයේ පෙරේදා වෙච්ච කාරණා දෙක තුනක් ලියන්ට ඕනයි කියලා මං හිතුවේ ආයේ ඉතිං ඒ කාටවත් මඩක් ගහන්ට එහෙම නෙවෙයි ඕං...

මුලින්ම අපි යමු දැනට ටික දවසකට කලින් වෙච්ච සිද්ධීයකට..ඔහේලා දන්නවා නෙව අර මං එක වංගියක් දැම්මා වඩේ හදන හැටි ගැන කියලා පෝස්ට් එකක්... මේ සිද්ධිය උනේ ආන්න ඒකෙන් පස්සේ...

ඔය මං හදන කෑම බීම ගැන බ්ලොග් එකේ දැම්මම ඒවා බලාගෙන හදන කිහිප දෙනෙක් ඉන්නවා නෙව.. ඉතිං මේ කියන ගෑණු දැරිවිත් එහෙම දේවල් කරනවා... ඒත් ඉතිං "අයියේ අරවා හැදුවා කෑවා..රසයි" කියනවා ඇර මලාට අපිට එවන එකක්යෑ.. ඒකනං ඉතිං නැතත් කමක් නැහැ කියමුකෝ..ඒත් මං නිතරම මතක් කරනවා පුළුවන්නං හදන දේක පොටෝ එකක් හෙම ගහලා මටත් එවාපිව් කියලා...

අනේ ඉතිං කාලයක් තිස්සේ එහෙම කියනවා උනත් එහෙමත් කෙනෙක් තමා ඔය දේ ඉස්ට කරන්නේ... ඉතිං මං මේ කියන නගත් කාලයක් තිස්සේ එවඤ්ඤං එවඤ්ඤං කිය කිය ඉඳලා මේ ඊයේ පෙරේදා එව්වා නෙව පොටෝ එකක්... ඒ ඉතිං මං අර කිව්ව වඩේ පාඩම බලාගෙන හදපු වඩේවල තමා...

ඔක්කෝමත් හරි පොටෝ එක එවුවට පස්සෙයි ඒක එවපු නගාට වැඩේ රුයිතෙට ගිය විත්තිය තේරුනේ... වඩේ ටිකනං අපරාදේ කියන්ට බැහැ හොඳ පදමට බැදිලා තිබුනා..ඒත් ඉතිං ඒකේ පසුබිම බැළුවම තමා මට තේරුනේ මේ ළමයා මේ දවස්වල මොකද කරන්නේ කියලා... පව් දෙයියනේ... ආ නැහැ නැහැ පව් කිව්වේ මේ ගෑණු දැරිවි නෙවෙයි... ඒ ගෑණු දැරිවිව සහේට ගන්ට බලං ඉන්න අපේම මේ තවත් බ්ලොග් ලියන කොළු පැටියෙක් ගැන තමා මට පව් කියලා හිතුනේ... ආයේ ඉතිං මං කියන්ට ඕනය.. ඔන්න ඔහේලම බලා ගන්ටකෝ කාරණාව...

මෙන්න කතා බහ...

ළමයා-
ඕන් අද පට්ට බොරුවක් අතඇරලා පොටෝ ගත්තා. වඩේය රසලු. මට බැන බැන අයියා කන ලදී. ආයේ මොකක්ද මාර සරණිය තියෙනකම් හොඳා. හික්ස්.........


හැමදාම කියනවා වගේ ටැංකිව් ඈ අයියණ්ඩි................

මම-
ෂා නියමෙට ඇවිල්ලා තියෙනවා වැඩේනං.. අප්පරමාණ සංතෝසයි... ඔන්න ඉතිං දැන් කිව්ව හැකි අරුන්දට..(***)ගේ වාසනාව තමා කියලා..:D


මේ ඒක නෙවෙයි..දැන් මොකද මේ **** පිටුව පෙරලගෙන ඒවා බලන ගමන් වඩේ බැද්දේ..හිටුකෝ කියන්න:P

ළමයා-
අඩේ අප්පා............ පළ වෙනිපාර තිව්වේ **** පිටුවක දෙවෙනි පාර **** අහු වෙලා තියෙන්නෙ. කාපන්කෝ දැන් වඩේ එක්ක මඩත්.......

පාප්පු ටික කොටා ගන්න විදියක් නැතුව කොහෙද මුල්ලක තිබුන ඇඹරුම් ගල හොයන්. ඒකේ වැටිලා තිබුන සිමෙන්ති හූරලා හෙන වැඩ තොගයක් කරන්ට උනා. අයියත් එක්ක බෑනේ ඉතින්.

මම-
ආයේ මොනවද..මටනං වඩේ නෙවෙයි පෙනුනේ අර අකුරු ටික..හැකිස්.. ළඟදීම බලාපොරොත්තුවන්න

ළමයා-
මටත් වෙනදා වගේ කෑවා රහයි කියලා ඉන්න බැරි උනාට යසයි දැන්.... පී............

මම-
හැක් හැක්.. ඔන්න පැපරාසි පොටෝ කාරිට වෙච්ච දේ...

ඔන්න එහෙනං අඳාළ පොටෝ කෑල්ල...



................................................

දෙවෙනි එකත් එහෙමම කෙලියක් තමා...

ඔන්න මේ ඊයේ පෙරේදා දවසක හවස් අතේ අපේ එක්තරා බ්ලොග්කාරිනියක් මට කතා කරලා කියනවා..

"අනේ අයියේ අද උදේ ඉඳලම මට හොඳටම සනීප නැහැ..ගැස්ට්‍රයිටීස් වැඩි වෙලා... හරි අමාරුයි..මං නරක කෑමක් බීමක් ගත්තෙත් නැහැ අනේ මංදා මොනවා වෙලාද කියලා.."

ඔහොම කිව්ව ගමන් මට මතක් උනේ මේ කියන්නේ මොන පට්ටපල් ඇත්තක්ද කියලා..මොකද ඊට කලින් දවසේ හැන්දෑවේ මොනවා හරි කාරණාවකට මට කතා කරපු වෙලේ කිව්වා නෙව...

"අයියේ මං මේ පරාට පාරක් දාන්නයි හදන්නේ" කියලා..

මං ඉතිං ඒත් හිතුවා පරාට වගේ පිටි කෑම ඔය ලෙඩේට නරකක් නැතිව ඇති කියලා..මොකද දැන් මෙයා කියනවනේ එහෙමට නරක කෑමක් කෑවෙත් නැහැ කියලා..ඒත් ඉතිං මාත් ඔය නිකං ඉන්න බැරි මෝඩකමට වගේ ඒකත් මතක් කලා.. "ඊයේ පරාට කෑව එකවත්"... කියලා..

මෙන්න බොලේ ඒ පාර මේ ළමයා කියනවා...

"අනේ ඇත්ත නේන්නං අයියේ ඔය කියනකල් මට ඒක මතක් උනේ නැහැනේ...ඒත් ඉතිං මං වැඩිය කෑවේ නැහැ අපේ එක්කෙනා මට බත් කන්ට බැහැ කියලා කිව්වම පරාට හතක් ගෙනල්ලා දුන්න හින්දයි පරාට කෑවේ.. එයා කෑම ගේන්ට ගියාම එහෙම තමා ඊයේ කොකා කොලා එක ඉවරයි කිව්ව හින්දා මෙන්න අදත් කොකා කොලා ලොකු බෝතලයක්ම ගෙනල්ලා.."

පරාට මදිවට කොකා කෝලා..කාලා වරෙංකෝ මට මතක් උනේ අපේ ජුංඅලයට හැදුන බඩේ අමාරුව ගැනයි..හ්ම්ම් මං ඒ කතාව කිව්වද නැද්ද කියලා මට මතක නැහැනේ... කියලා නැත්තං පස්සේ වෙලාවක මං ලියන්නංකෝ ජුං අලගේ අසනීපය ගැනත්...

කොහොම උනත් අන්තිමට බලාගෙන යද්දී මේ නගාටනං ගෑස් වැඩිවෙන්න හේතුවෙන කිසිම දෙයක් කාලාවත් බීලාවත් නැති විත්තිය තමා මටත් හිතුනේනං... පව් නේද නගා...? හිකිස්...

එහෙනං අදට මේ ඇති... තව තව දේවල් පස්සෙන් පහු දාන්ට බැරියෑ...
ඔන්න ළමයි බලාගෙන හොරාට කලින් කෙහෙල් කැන් වැට පැන්නොත් මං ඒවට නැහැ...

79 comments:

  1. palaweni kenawa dannawa... deweni kenawa nikan nikan podi samabandayak thiyanawa wage matath... :D :D :D :D hikiz.. maraiyath dan wadeta bahala ne?? mada gahanna hoda na alo.....

    ReplyDelete
  2. මම වැට ලඟ කවුද බලමු පයින් එකී :DD

    ReplyDelete
  3. මූත් ටික ටික රංග, අභීත වගේ වෙන්නද කොහෙද යන්නෙ...:D

    ReplyDelete
  4. පළවෙනි කෙනාගෙ බස් වහරින්ම කෙනා කවුද කියලා දැන ගත්තා

    ReplyDelete
  5. ආ පළවෙනි එක්කෙනා පැපරාසි පොටෝකාරිද? :D

    ReplyDelete
  6. @නඟා...

    යන්ට නඟා යන්ට..අපි නැහැනේ ඔය මඩ ගැහිලි වලට..අපි දැහැමින් සෙමින්..ඇල්වතුරත් නිවලා තමා බොන්නේ කරන්නේ..

    ReplyDelete
  7. @වැප්...

    ආ උඹ වැට ගාවනං ෂුවර් එකට වැට පනින්නත් ටිකට් කඩයි..හැක්..

    ReplyDelete
  8. @රාජ්...

    චී චී අපි එහෙම නැහැ..අපි හොඳ ළමයි...

    ReplyDelete
  9. @ශානු...

    ඒකනං වෙන්න බැහැ...

    ReplyDelete
  10. @පූසා...

    හික්...
    (අන්න අරූ වැට ගාව මොකද කරන්නේ කියලා බලහං...)

    ReplyDelete
  11. අප්පා දෙන්නම දනී දෙවෙනි කෙනා නම් වැට පැන්නා උදේම ඕන්නම් ගොහින් එයාගේ බ්ලොග් එකම බලන්නකෝ................:D

    මේ මාරයෝ මෙතන ලියන්න දේවල් නැතිව වගේ මඩ ගහන්නෙ නැතිව ලියහන් හොඳ පෝස්ට් එකක්. මඩ වලට ඔය බස් තියෙන්නෙ....:)

    ReplyDelete
  12. @මාරයා ආහ් එහෙනම් අනුමානය වැරදි ඇති

    ReplyDelete
  13. අපි නොදනී ...කැරට් වලින් වෙඩි තියයි

    ReplyDelete
  14. @නිශ්...

    මං දැක්කා ඇඳගෙන නාලා ලස්සනට හිනා වෙවී ඉන්න හැටි..හික්

    මඩවලට බස් තිබුනට දැන් මගේ පරණ ලැයිසොමට කෙල වෙලානේ බං...
    (වැපාලගේ කුමණ්ත්‍රණවල ප්‍රතිඵල)

    ReplyDelete
  15. මඩක් මඩක් සුපිරි මඩක් ...... දෙන්නවම හිතාගන්න පුලුවන් .......:D

    ReplyDelete
  16. @ශානු...

    සමහර විට හරිත් ඇති...වැට කඩාගෙන පනිනකල් ඉවසන්ට වෙනවා..ඒත් මං ටක්කෙටම දන්නවා ආයේ උන්දැට කාලෙකට වැට පනින්නට වෙන්නේ නැහැ කියලා..ඒකයි බය නැතිව මෙහෙම දැම්මේ..:D

    ReplyDelete
  17. @Bindi...

    එහෙම නැවතුනොත් මදෑ... දකින්නේ නැහැ කියලා සීයට දෙසීයක් ෂුවර් හින්දාම දැම්මා මිසක්...

    ReplyDelete
  18. දෙවෙනි කෙනා නම් ටක්කෙටම දන්නවා....අර අකුරු දෙකේ නමින් අපි හදුන්වන කෙනා නේ....පලවෙනි කෙනත් නිකන් නිකන් මීටර් වෙනවා

    ReplyDelete
  19. මේ ල යන්නට ඉස්පිල්ලක් තියෙනවා වගේ පේනවා.... ;)

    ReplyDelete
  20. ඔය පත්තර කොල උඩට කෑම දාන්න එපා.
    ඒවායේ ගඳෙන් තේරෙන්නේ මහා විසක් තියෙන බවයි.

    ReplyDelete
  21. අනේ ඕකා ගැන බලලා වැඩක් නෑ මාරයියේ. කොච්චර කිව්වත් හදන්න බෑ. අර මතකනේ එක පාරකුත් තියුණු ආයුධ තියාන එහේ මෙහේ අහුමුලු වල රැකගෙන ඉඳලා පොලෝසියට අහුවෙලත් තිබ්බා :D

    ReplyDelete
  22. පලවෙනි කෙනාගෙ බස් වහරෙන් වගේම අයිය ගැනත් කියපු නිසා කවුද කියල යන්තමට හිතාගතහැකි. අනිත් කෙනත් මම හිතන කෙනාම වෙන්ටෝනෙ.අපේ එක්කෙනා පරාට ගෙනාව කියල කියන්න පුලුවන් මම දන්න දෙන්නයි ඉන්නෙ.අනිවා ඔය දෙන්නගෙන් එක්කෙනෙක් සුවර් !!!

    ReplyDelete
  23. ‍හොඳ වෙලාවට මාරය අපට කතා කරන්නෙ නැත්තෙ. :D
    දැන් ඒ ගමන අලුත් ජොබ් එකක් පටන් අරන් වගෙයි.
    කොහොම උනත් අර කතන්දර කියල තියෙනව වගේ පත්තර කොල වලට කෑම දාන එකනං ඒ හැටි හොඳ දෙයක් නෙමෙයි.

    ReplyDelete
  24. අර අඩුවෙන් බැදුන වඩේ ඒක ළඟ තියන දැන්වීමේ මාරය වගේ නමකුත් තියනවද මන්ද...

    ReplyDelete
  25. මාරයියේ අපිත් මාර සරණිය කියලා ප්‍රොග්‍රැම් එකෙක් පටන් ගමුකෝ ? ඔය කියන දෙන්න ගැන නම් මටත් අනුමාන කරන්න පුලුවන් කොහොම උනත් ෆොටෝ එක නම් එල

    ReplyDelete
  26. @ItalyDilan...

    ඩිලා නොදැන ඉන්ට හැටියක් නැහැ..මේ දෙන්නම ඩිලාගෙත් හොඳ යාළුවෝ...

    ReplyDelete
  27. @තනෝජා රාජපක්‍ෂ...

    හික්...

    ReplyDelete
  28. ෂා...ෂා..රංගයි...අභීතයි වගේ මඩ සෙල්ලමක් පටන් අරන් වගේ...ලබන පාර ඡ්න්දෙවත් ඉල්ලන්ද මාරයියෙ....පැපරාසිව නම් දන්නවා...කවුද මේ අනිත් කෙනා ඇත්තට...මීටර් වෙන්නෙම නෑනෙ....

    ReplyDelete
  29. @කතන්දර...

    ඔය කතාවනං හුඟ දෙනෙක් මටත් කිව්වා..ඒත් ඉතිං අපි පුරුදු වෙලා තියෙන්නේ ඕහොමමනේ.. දැන් බලන්ටකෝ අවුරුදු කාලෙට අපේ ගං ගොඩවල්වල උදවිය කැවුං බැඳ බැඳ දමන්නෙම පත්තර කඩදහි උඩටම නෙව... එක අතකින් බලද්දී අප කන අනිත් වහ ජාති වල හැටියට මේකනං මොකක්ද කියලත් හිතියෑකි... කොහොම උනත් වැඩේනං නරක තමා...

    හැබැයි මේ පින්තූරය මගේ නෙවෙයි නෙව...

    ReplyDelete
  30. @පූසා...

    ආ ඔව් ඔව් ඒ ගැන පත්තරවල හිටං ගියා නෙව...:D

    ReplyDelete
  31. @සිහින...

    අපි බලමුකෝ මලේ..කොයි වෙලේ හරි කෙහෙල් කැන පනිනවා පනිනවාම තමා එළියට...

    ReplyDelete
  32. @Praසන්ன...

    ඕකට ඉතිං හිත අමනාප කොරගන්ට කාරි නැහැ..ඕනනං මං කතා නොකලට ඒ අහ ආපු දවසේ දැකපු කියපු කතන්දර මෙතන දාන්නං..වැඩිය නෙවෙයි ලුනු ඇඹුල් ටිහිකුත් යහමින් තවරලා..

    ReplyDelete
  33. @Tanikada...

    වෙන්ට බැහැ..වෙන්ට බැහැ...

    ReplyDelete
  34. @cjgayan...

    අපොයි ඔය දැනට යන සරණිය මදෑ මලේ..ඔයිට වඩා තව මොනවද..?

    ReplyDelete
  35. @දිල්...

    ආ දිල් නගා..කොහොමද..දැකපු කල් නේද..?

    ආ ඔය අනිත් එක්කෙනා ගැන අර නිශ් නම් හරියටම දන්නවා..ටිකක් අහලා බැළුවනං...

    ReplyDelete
  36. @වැප්...

    උඹ වැට ගාව වැටිලා නිදිද බං..?

    ReplyDelete
  37. @මාරයාගේ හෝරාව

    එහෙනම් ෂුවර් එකටම නිශ් ගෙ හාමිනේට වෙන්න ඇති..ඒකනෙ නිශ් දන්නෙ.... මොනා උනත් පරාටා කියන්නෙ පට්ට කෑමක් වගේ නේද මාරයියේ....

    ReplyDelete
  38. ඇත්තටම වැප් වැට ගාව නිදිද දන්නෙ නෑ...මේ සින්දුත් ඇදේට වගේ යන්නෙ....

    ReplyDelete
  39. පලවෙනියා කන් දිග කෙනෙක්.

    දෙවෙනියානම් සුවර් මදි

    පලවෙනියා මේ දවස් වල මංගල යෝජනා බලන්නෙ මොකටද දන්නෙ නෑ

    ReplyDelete
  40. අපේ හාමිනෙත් ලඟදි මෙහේ එන්න හිතාගෙන ඉන්න ගමන් පහුගිය දොහක ගේන කෑම ජාති ගැන කතාකරපු ( කතා කරනව කිව්වට උන්දැ කතා කරනව මම අහගෙන ඉන්නව නොවැ වෙන්නෙ ) කියපි මාරයගෙ ක්‍රමේට කජු මාලුවක් උයාගෙන එනව කියල.. කොහොමද මාර සරණිය නැගල ගිහින් තියෙන හැටි...

    ...

    සමහර විට අර ගැස්ට්‍රික් නගා පරාට නිකම් කන්න බැරි හින්ද හෝටලෙන්ම ගෙනාපු තෙල් මිරිස් අඩු චිකන් හොදිත් ඩිංගිත්තක් වෙන්න( පරාටත් හතනෙ කාල තියෙන්නෙ )කන්න ඇති...

    ReplyDelete
  41. මාරයා අඩුවෙන් බැද්ද වඩේ, දාල තිබුනෙත් ඔය විධියෙම දැන්වීම් තියෙන පත්තර කෑල්ලක. ඒ ගැන මං කොමෙන්ට් කොලාම ඒකට උත්තරයක් වත් නොදී සද්දෙ වහල හිටිය, හප්පට සිරි වෙන කාට හරි මඩක් ගහන්න චෑන්ස් එක හම්බුනාම,බලන්නෙපෑ වැඩකිඩ දාල මඩ ගහන හැටි....හෙහ්.....හෙහ්....හෙහ්...

    ReplyDelete
  42. @දිල්...

    පරාටනං මංදා..සමහරුන්ට දැන් කොකා කෝලා නැතිව පරාට කන්නත් බැහැ කියන්නේ...

    වැපා ඔහොමමයි... කවදාවත් කරන වැඩේ හරියට කරන්නේ නැහැ..

    ReplyDelete
  43. @අලුත් කොල්ලා...

    කන් විතරක් නෙවෙයි දත් දෙහෙකුත් තියෙනවා දිග...

    දෙවෙනියානං දැනටමත් වැට පැනලා ඇති වගයි ආරංචිය... වට පිට බැළුවනං හෙයියෑකි...

    අනේ මංදා අර කන් දිග ගොයියා මේවා දැක්කම මොනවා කොරයිද කියලා...

    ReplyDelete
  44. @සපතේරු උන්නැහේ...

    අනේ ඔව් අපරාදේ කියන්න බැහැ ආරංචියනං පරාට හත නිකං කැළණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ කියලයි... අනිවාර්යයෙන්ම අර කිව්ව විදියේ හොදි පීරිසි දෙකක් වගේ ඩිංගිත්තක් එක්ක කාලා කොකා කෝලා ලීටර් බාගයක් වගේ බොනවා කියන එක මහ කජ්ජක් නෙවෙයි ඒ නගාටනං..:D

    බය නැතිව හදලා බලන්ට කියන්න ඒ විදියට කජු මාළුව..ආයේ ඉතිං ජීවිතේට එහෙම කෑමක් කාලා නැති වග තේරේවි... අමු කජු ටිකක් හොයාගන්ට කියන්න...

    කොහොම උනත් සපතේරු මස්සිනාට හොඳ කාලයක් ලබන්ට එන හැඩයි...

    ReplyDelete
  45. @Observer...

    චී චී කෙත කතා කියන්ට එපා අයියා..මං ඔය මඩ ගහන වැඩ කවදාවත් කොරලත් නැහැ..කොරන්නෙත් නැහැ..ඕනනං මේ බලන්ට මං කොච්චර හොඳ දරුවෙක්ද කියලා..මේවා සාක්කි...

    1.මං කරපු උදව්

    2.ආදර්ශමත් කතා

    3.ආදර්ශමත් කතාවලට පසු වදනක්

    ReplyDelete
  46. අර මොනාදෝ ඇඩ් එකක් කියනවනේ ඒව නැතුව කෑම එපා කියලා මාරයියෙ...ඉතින් කොකා කෝලා නැතුව පරාටා එපා කියලා ඒක වෙනස් කොරමු....මර්කටීන්....මර්කටීන්....

    ReplyDelete
  47. @දිල්...

    එතකොට මිරිස් හොඳි ඕනත් නැද්ද නගේ..? කෙලින්ම කොකා කෝලා සහ පරාටා විතරද දැන් නග්ගලා ගන්නේ..?

    ReplyDelete
  48. @දිල්...

    අමතක උනා දිල් නගේ..ඔය ඔබා මාමාට කියා දෙන්නකෝ ඔය මං කියලා තියෙන කතා තුනෙන් පලවෙනි එක කොයි තරංනං ඇත්තද කියලා...

    ReplyDelete
  49. පලවෙනි දරුව නං අවුද කියල හිතාගත්තෑකි . . .

    ප.ලි.
    මාරයා ගැහැනු ළමයින්ට වඩේ බද්දනවද දැං ????

    ප.ප.ලි.
    ඈ බොල වල් මාරයෝ . . . බොගෙ ජංගමේ අපි කතා කොලාම තමයි වැඩ නැත්තෙ නේද ???

    @වැප්:
    වැට අයිනෙ හිටියට කමක් නෑ . . . එහෙ මෙහෙ පනිනවනං බලාගෙන . . .

    ReplyDelete
  50. පළවෙනි කෙනානම් දන්නේ නෑ කවුද කියලා.. ඒත් දෙවෙනි කෙනාව දන්නවා... කලින් පෝස්ට් එකක ඔය ගැන කමෙන්ට් එකක් තිබුනා...

    ReplyDelete
  51. අනේ ඇත්තට මේ මාරයියව නම් ඉතුරු කරලා වැඩක් නෑ...ඉස්සර ඉඳන් මට ගහන තරමක් මඩ ගහන කෙනෙක් නෙ මෙයා...පේන්නෙ නැද්ද .....

    එදත් මඩ....අදත් මඩ......

    ReplyDelete
  52. හොඳා හොඳා ඉතින් කොහොමින් කොහොමින් හරි වඩ බැදලානෙ..ඒ ගැන සතුටුවෙමු ! පරාටා 7යි කෝක් එකයි නම් මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගෙයි වෙන්න ඇති.. මන් නම් මේ දෙන්නවම දන්නේ නැත .. දන්නව ඇති ඒත්.. අනුමාන කරන්න මම දන්න විස්තර මදි !

    ReplyDelete
  53. @Dinesh...

    ඔව් ඔව් පළවෙනි කෙනානං හොයා ගතැකි..දැනටමත් උන්දෑ වැට පැනලා..වටේ ඉනිත් ගලෝනවා..

    අංක එකනං අද කිසිසේත්ම ගේමට එන්නේ නැහැ..ඒ ළමයා අද අන්න පේරාදෙණිය පැත්තේ නමෝ විත්තියෙන් ගෙහුන් වියායාම කොරනවළු...

    ReplyDelete
  54. @ඕනයා...

    එහෙම තමා යකෝ මගේ ජංගමේ... ඒක දන්නවා වැදගත් නොම්මර සහ වරත්තු නොම්මර හඳුන ගන්න... අළුත්ම තාක්ෂණික ක්‍රමයක් දැන් ඒකේ ස්ථාපිත කරලා තියෙන්නේ..අනිත් පැත්තෙන් කෝල් කරන එකාගේ ශරීරයේ ඇති ඇල්කොහොල් ප්‍රමාණය ක්ෂණීකව ගණනය කරලා එම ප්‍රමාණය වැඩි නම් වැරදිලාවත් කෝල් එක සම්බන්ධ කරන්නේ නැහැ... මේ ක්‍රමයට තියෙන්නේ මගේ වගේ 5G මොඩල් වලට විතරයි...

    ReplyDelete
  55. @දිල්...

    හා හා ළමයා බලාගෙන..වැට වැට...
    (අනේ ඉතිං උඹලා නැත්තං මට වෙන කෝ මඩක් ගහන්න හොඳ නංගිලා..?)

    ReplyDelete
  56. @Weni...

    හොයාගන්න ඒ හැටි අමාරුවක් නැහැ වෙනි... ඔය ඉන්නේ වත්තේ හතර මුල්ලටම පැන පැන එක්කෙනෙක් තද වෙලා.. ඕනනං ඩිංගක් විතර උඩ බලන්ට අහු වෙයි මං හිතන්නේ...

    අනිත් කෙනත් පනින කෙනෙක් තමා..ඒත් අදනං උන්දෑ වෙන පැත්තක ගිහින් බට්ටෝ පනින්ට...

    ReplyDelete
  57. @ ඕනයා,
    තොගේ ජන්ගමේ වැඩ කොරන්නෙත් නා බොල, මාරයාගේ එකත් වැඩ කොරන්නෙ නෑ තමා.

    @ මාරයා,
    දීල තියෙන ලින්ක් තුනම බැලුව, (මගේ ඊළඟ පොස්ට් එකේ ඉඳල බොලාටත් මං වැඩ කිඩ දාල ලින්ක් දාන හැටි බලා ගත්තෑකි) ඒක නෙමේ මොකෝ මං කියපු පොස්ට් එකේ ලින්ක් එක දාල නැත්තෙ, ඒකෙ තමය් මං කිව්ව පින්තුරෙය්, මගෙ කොමෙන්ට් එකය් බැබලි බැබලි තියෙන්නෙ තාමත්...හිකිස්....

    ReplyDelete
  58. දැන් මට තියන ප්‍රශ්නේ ඇයි මරේ අයියට බ්ලොග්කරියෝම විතරක් කතා කරන්නේ කියන එක

    ReplyDelete
  59. හප්පේ මේ කමෙන්ට් වල දිග.. යන්තම් ආවා.,.. හිකි හිකි

    ReplyDelete
  60. @දිල්
    ගෑස්ට්‍රික් වලට මහ වෙදනාගෙන් වත් බේතක් අහ ගන්න...අනික කොකා කෝලා නම් ඕනම නැහැ...

    ReplyDelete
  61. ශික් අපිටත් කතා කරන්න ඔය ජංගම දුක ප්‍රසිද්දියේ දෙන්න බැරිද???

    එක නම් පොඩ්ඩක් විතර මිටර් වගේ.. ඒත් තාම නම් දෙකක් නැ වගේ

    ReplyDelete
  62. මෙයාගෙ මඩ පාරවල් ඔස්සෙ තාම කට්ටිය හොයනවා වගෙ නේද ?

    ReplyDelete
  63. ආයේ අමුතුවෙන් හොයන්න දෙයක් තියනවද....ඔය පැනලා තියෙන්නෙ

    ReplyDelete
  64. මඩේලුනේ නෙලුම් මල් පිපෙන්නේත්.......

    ReplyDelete
  65. @Observer...

    එහෙම හැම එහෙකටම ලින්ක් දීලා ඇහැකිද..? මට වාසියි වගේනං දුන්නා..අවාසියි වගේනං නොදැක්කා වගේ හිටියා.. හික් හික්... අද ඔබායියාට මං ලින්ක් දාන පාඩම කියා දුන්නා වගේ..තව සෑහෙන්න පාඩං තියෙනවා කියා දෙන්න.. පොඩ්ඩක් හිටු දැන්ම මූසිල වෙන්න එපා... ගුත්තිල තාම බැට් කරනවා...

    ReplyDelete
  66. @මහිම...

    පිස්සුද මලේ බලහංකෝ දැන් ඔය උඩ දෙන්නෙක්ම සද්දේ දාලා තියෙන්නේ මේ දවස්වල මගේ නොම්මරේ වැඩ නැහැ කියලා... මොකද ඒත් බ්ලොග් "කාරියෝ" දෙන්නෙක්ද..? පට්ට වයසක ඔබා මාමා සීයයි.. එතකොට අර සද්ගුණවත් ඕනයා තුමයි...

    ReplyDelete
  67. @හසී...

    හික් හික්... බලාගෙන නගේ..අහක යන බාල්දිත් ඇඟට වැටෙන්න ඇහැකි..කට්ටිය බල බල ඉන්නේ කවුද වැට පනින අනිත් වාසනාවන්ත ළමයා කියලා...

    ReplyDelete
  68. @දේවා ගේ අඩවිය...

    සිකේයියා..එහෙමත් තැන් තැන්වල ප්‍රසිද්දියේ දුක කියන්න හොඳද..?

    පොඩ්ඩක් උඩ යට බැළුවනං එකක් හරියටම දැන ගතෑකි.. අනිත් එකනං ඔහොම මීටර් කරන්න බැහැ..අර පූසා එහෙම දීලා තියේ ඉඟියක්...

    ReplyDelete
  69. @දිල්...

    ඒක නේන්නං... මේ කට්ටියට වැට පේනනෙත් නැහැ.. කැන පේන්නෙත් නැහැ...

    ReplyDelete
  70. @ලකී...

    ඒක නෙවෙන්නං... ඒත් කට්ටිය බලං ඉන්නේ හොරා ඇවිත් කැනට අත තියනකල්මයි.. "ආ මේක තමා එහෙනං වැට පැන්නේ" කියලා කියන්න...

    ReplyDelete
  71. @රතු මුහුද...

    ඒකත් එහෙමයි...

    ReplyDelete
  72. වැපා වැට මුල ගොරෝ ගොරෝ නිදි.
    ඒ අතරෙ වැටෙන් පැන්න ළමයි දෙන්න මේ ඉන්නෙ බැබලි බැබලි... ඔය වඩේ දෙතුන් සියක් බැද ගෙන අපිට පාටියක් දුන්න නම් ඉවරයිනෙ !

    ReplyDelete
  73. වඩේ නම් හදන්න තවම බැරි උනා හැබැයි වට්ටක්ක මාලුව නම් අපේ හාමිනේ ඔය කී විදිහට හැදුවා.. නියමයි මාරයෝ.. මේ පිනෙන් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා වට්ටක්ක වගේ වටකුරු රවුම් .....අර අර මේ එවුව තියෙන හාමිනේ කෙනෙක්..

    ReplyDelete
  74. @Weni...

    වැපාලට වැඩක් බාර දුන්නොත් ඔහොමමයි..දැක්කේ නැද්ද අර එක පාරක්..ආරාධිත අමුත්තටත් ටිකට් කැඩුවේ හීනෙන් වගේ...

    තවම එක්කෙනයි වැට පැන්නේ වෙනියෝ... අනිත් එකී මේ දවස්වල මේ අල්ල පනල්ලේ නැහැ.. (ඒකනේ මේ බය නැතිව මේවා මේහෙම දැම්මේ..)

    ReplyDelete
  75. @සරත් ලංකාප්‍රිය...

    සන්තෝසයි දාපු පෝස්ට් එහෙකින් කවුරු හරි වැඩක් ගත්තා කියලා දැන ගත්තහම...

    අනේ ඒ ප්‍රාර්ථනාවනං ඕනම නැහැ.. මං නැහැනේ ඔය ලොකු වට්ටක්කා වලට ඒ හැටි ආසාවක්.. එක එක්කෙනාගේ රුචිකත්වය වෙනස් කියනවා නෙව... හැක් හැක්...

    ReplyDelete
  76. එක මංගල යෝජනාවක්වත් කියවගන්න බැහැ නෙව කෙහෙල්මල් වඩෙ වගයකට වැහිල.

    එහෙනං ලොවි ගැට වගේ එහෙමත් නැත්නං දෙහි ගැට වගේ.... :)

    ReplyDelete
  77. දෙන්නවම හිතා ගත්තෙ හැකි මටනම් කමෙන්ට් ටික දැක්කාම...හික්ස්...

    ReplyDelete
  78. හපොයි ඔය වැටට උඩින්ම පැනලා තියෙන්නේ .....:D

    ReplyDelete