05 October 2011

සඳු මහ දසාවේ හැටි...

සඳු මහ දසාව...

අවුරුදු දහයයි හරිද ළමායි...

මේ සඳු මහ දසාවේ පලා පල බලන්ට කලින් අර මං කිව්ව කලින් කතාව නැවතත් බලන්ට ඕන..ඒ කිව්වේ උපතේදී සඳුගේ තත්වය... ඒකත් ටිකක් බලාගෙන තව විශේෂම කාරණාවක් තියෙනවා හොයලා දැන ගන්ට..ඒ තමා තමන් ඉපදිලා තියෙන්නේ සඳු පුර පක්ෂයේ ඉද්දිද.. නැත්තං අව පක්ෂයේ ඉද්දිද කියලා... පුර පක්ෂය කියන්නේ කලාවෙන් කලාව හඳ මෝරන කාලෙට..අව පක්ෂය කියන්නේ හ‍ඳේ ප්‍රමාණය ටික ටික අඩු වෙවී යන කාලෙට.. ඕක ඔය හැටි හිතන්ට දෙයක් නැහැ..හොයා ගන්න කේන්දරේ..ඒකේ ඇති තමන් උපන්නේ පුර චන්ද්‍රයගෙන්ද..අව චන්ද්‍රයගෙන්ද කියලා... (ඔකේ තව ක්‍රමයක් තියේ..ඒත් එච්චර කැටයං ඔයාලට මොකටද නේද..?)

පුර චන්ද්‍රයගෙන් උපන් අයට මේ වසර දහය තුලදී බොහෝම හොඳින් කාලය ගත කරන්ට ඇහැකි ගතියක් තියෙනවා... හිතේ කරදර ගතිය ටිකක් අඩු වෙලා.. හිත විනෝදමත් වෙන කාලයක් වගේම යන එන තැනදී ස්ත්‍රී පාර්ෂවයේ කා එක්කත් හොඳින් කතා බහ කරලා උදව් උපකාර ගත හැකි තත්වයක් වගේම දෙමාපියන්ගේ ආදරය රැකවරණය කරුණාව මැද යහතින් කල් යවන්ට ඇහැකි.. ඒ වගේම තමා අධ්‍යාපන කටයුතුවල දියුණුවට වගේම අළුත් ඇඳුම් ආයිත්තම්.. හොඳ රසවත් ආහාර පාන.. පිරිසිදු වාතාශ්‍රය ඇතිව කල් යවන්ට ඇහැකි ගතියක් හිමි වෙනවා...

ඒ වගේම නරක වැඩ කරන්ට හිතෙන්නේම නැති කාලයක් වගේම වන්දනා ගමන් විනෝද චාරිකා ආදියටත් යොමු කරවන්න පුළුවන්... මේක එහෙම ගත්තාම හොඳ සැපවත් කාලයක්...

ඒත් අව පක්ෂයේ සඳුගෙන් උපන් අයට ටිකක් මේ හොඳ පැත්ත නරකට හිටිනවා..විශේෂයෙන්ම වෘශ්චික..කුම්භ වගේ රාශියක නම් උපතේදී සඳු පිහිටියේ තත්වය ටිකක් නරකම පැත්තට තමා යන්ට ඇහැකි.

හිත කලකිරවන.. යන එන තැන අපහාස අවනම්බු සිද්ධවෙන.. බොහෝම දුකින් කල් යවන්ට වෙන.. අතේ පයේ අමාරු එනකල් මහන්සි වෙන්ට වෙන කාලයක්.. ඒ වගේම අධ්‍යාපන කටයුතුවල බිඳ වැටීම්..ආදර සම්බන්ධකං නැති කරවලා දාන ගති ඇති වෙන්ට ඇහැකි. අනිත් ග්‍රහයින්ගේ අපල එහෙමත් තියේ නං ඒවා එක දෙක කරවලා දෙවෝනවා. විශේෂයෙන්ම මෙහෙම තියෙද්දී සෙනසුරු ඒරාෂ්ඨකයකුත් කලවං උනානං ඔය කිව්ව දේවල් නරක අතටම තමා ගමන් කරන්නේ...අම්මට තාත්තට හිටං කරදර වැඩි ගතියක් තමා වෙන්ට ඇහැකි...

පොදුවේ උත්පත්තියේදී සඳු වෘශ්චික රාශියේ හිටිය අය වගේම උපතේදී සඳුත් එක්ක සෙනසුරු එකට හිටි අයනං හොඳ කල්පනාවෙන් ගත කරන්ට ඕන කාලයක් මේක.. සතා සරුපයගෙන්..ස්වභාවික කරදරවලින් පවා කරදර ගෙනෙන කාලයක් වෙන්ට හොඳ ටෝම ඉඩ තියෙනවා...

ඒ හින්දා එහෙම අය සඳු මහ දසාව ආරම්භයේ සිටම යහපත් කල් කිරියාවෙන් කල් යවන්ට ඕන...

එහෙනං දැන් මේ මදෑ සඳු මහ දසාව ගැන කිව්වා...

ඊ ගාවට කුජ මහ දශාව...

12 comments:

  1. හොඳයි හොඳයි. ඊගාව එක ගැනත් දාමුකො.

    ReplyDelete
  2. මම සඳු ..පුර පක්ෂෙද අවද මතක නෑ ..පොඩි කාලේ ගොඩාක් ලෙඩ උනා ඒනිසා මට හිතෙනව අවද කියල .

    ReplyDelete
  3. ආ මම් ඉපදිලා තියෙන්නෙ කුජ මහදසාවෙන්.

    ReplyDelete
  4. බොහොම සරලව ලියලා තියෙනවා.නියමයි.

    ReplyDelete
  5. අනේ මාරෙ මට කියන්ඩකො මගෙ ඕක මොන පසද කියලා. ඔයා ලඟ තියෙනවනෙ මගෙ ඩීටේල්ස්...

    ReplyDelete
  6. හඳ ඉවරයි මගේ. උපන්නෙ හඳෙන්. හඳ ඉන්නෙ මකර රාශියෙ . මකරුන්ට ආස ඒ හින්දා වෙන්න ඇති නේද ?

    ReplyDelete
  7. මම නං මොන දසාවෙද මංදා. මාරයට කියල ඔන්ලයින් බලවගන්න ඕන.

    ReplyDelete
  8. ආයෙත් පටන් අරන්, හා...හා...ඉතින් රස්සාවනේ

    ReplyDelete
  9. කියෙව්වෙමි...

    ReplyDelete
  10. මම මේ රාහුට එනකල් ඉන්නෙ... අපෝයි ඕක මට දුන්නු දස වදයක්... දැන්නම් ඉවර වෙන්න ලඟයි... බලමු ගුරු කොහොම වෙයිද කියල...

    ReplyDelete
  11. හරියන්නේ නෑ.. මගේ හදහනත් ලග තියාගෙනම ඕන මේක බලන්න...

    ReplyDelete
  12. මගෙත් හඳ ඉවරයිද කොහෙද :_\

    ReplyDelete