06 October 2011

එහෙනං බලමු කුජ මහ දසාව කොහොමද කියලා...

මේක බොහෝම කෙටි කාල සීමාවක් පවතින දසාවක්... ඒත් අපි අර කියන්නේ හොඳයි ටිකයි කියලා..ආන්න ඒ වගේ තමා මේ ටික කාලය අතරතුරේදී ඇඟට දැනෙන්නම දෙන එකනං දෙනවා... හරියටම අවුරුදු හතක කාලසීමාවක් තමා කුජ මහ දසාවට වෙන්වෙලා තියෙන්නේ...

කෙනෙක් සඳු මහ දසාව ගෙවලා ඇවිත් එක පාරටම කුජ මහ දසාව ලැබුවම කලින් හිටියට වඩා තද වෙනසක් දැනෙන්නනං හොඳටම ඉඩ කඩ තියෙනවා... විශේෂයෙන්ම වෙනදට වඩා තද තීරණ ගන්න හිතෙන..කුමන හෝ නමුත් දෙයක නිරත වෙන්න උනන්දුව හා උවමනාව ඇති කරවන එක කුජගේ හැටි.. හැබැයි ඒ දේ හොඳට මෙන්ම නරකටද බලපාන්නනං ඇහැකි.

ඇ‍ඟේ උෂ්ණ ගතිය වැඩි කරවන්න මෙන්ම හොඳට කෑම එහෙම ඕන කරන ගතියකුත් මේ කාලෙදි දැනෙනවා..හැබැයි කොච්චර කෑවත් ඇඟට අල්ලන ගතියකුත් නැහැ.. ඒකට හේතුව වෙන්නේ මේ කාලෙදී ශරීරයේ තියෙන වැඩි ක්‍රියාකාරීත්වය... කන බොන දේ ශක්තිය හැටියට ශරීරයෙන් පිට කරවමින් වැඩ පලවල නිරත වන ස්වභාවය හින්දා ආයේ ඇඟ මහත් කරවන්න බලනවා අඩුයි...

ඒ වගේම තමා මේ දසාවෙදි ඇඟමහන්සි නොකර ඉන්න හදන ඕන කෙනෙකුට ඇගේ දාහ ගති..උෂ්ණ රෝග වගේ දේවල් ඇති කරවන්න පුළුවන්... සමහර විට කැපුම් කෙටුම් තුවාල..රුධිරයේ යම් යම් අසනීප තත්වයන්..සමේ රෝග වගේ දේවල් වගේම කකුල්වලටත් යම් තරමක ආබාධ ඇති කරවන්න බලනවා...ඒ වගේම ඔළුව පරිස්සං කරගන්න ඕන කාලයක්...

ඒ වගේම තමා මේ කාලයේදී ටිකක් වෙනදට වඩා ඉස්සරහට කඩාගෙන යන ගතියත් වැඩියි.. ඒ ඉස්සරහට යන ගතිය වැඩී වීම සමහරුන්ට හොඳටත්..සමහරුන්ට අන්තිම නරකටත් හේතු වෙනවා...ඒ කියන්නේ සමහරු කලකෝලාහලවලට සම්බන්ධ වීමත් අධික ලෙස කෝපවීමත් හරහා අනතුරු ආරවුල් වගේම නඩු හබත් පටල ගන්නවා.. තුවාල කරගන්නවා..රටේ නැති කරදර...

අනිත් අය වෙනදට නැති උනන්දුවකින් හා උත්සහයකින් වැඩ කරනවා.. තමන්ට ලැබෙන සුළු අවස්ථාවෙන් පවා රිංගලා ගිහින් අනිත් කාලෙකනං කරයිද කියලවත් හිතන්න බැරි තරම් දේවල් කර ගන්නවා. පස්සේ බලද්දි තමන් මේ දේ කලාද කියලා තමන්ට උනත් පුදුම හිතෙන දේවල් කරන්ට හිතට කයට ශක්තියක් දෙන කාලයක් මේක... ඇත්තටම ඒක එක්තරා විදියට බැළුවොත් ටිකක් අතිධාවනකාරී ස්වභාවයක්... හොඳ නරක ගැන හිතනවා අඩු වීම නිසාම බය නැතිව ඉස්සරහට යාමක් වගේ දෙයක්...

කොහොමත් මේ කුජගේ දසාවෙදි මිනිස්සු ටිකක් ආත්මාර්ථකාමී..කිව්වා නාහන ගති ලක්ෂණ පෙන්නුම් කරනවා.. ආගම දහම ගැන තියෙන උනන්දුව හීන කරවනවා වගේම වැඩිහිටි ගුණවතුන්ට නින්දා අපහාස කරන්න උනත් වැඩි හරියක් යොමු වෙන කාලයක්... තරමක් අධ්‍යාත්මික අතින් පිරිහෙන... තමුන් හරි කියන මතයේම ඉන්න ස්වභාවයක් පෙන්වනු ලබන කාලයක්...

ඒ වගේම මංගල කටයුතු වගේ දේවල්වලටත්.. තරමක් වෙනදාට වඩා ස්ත්‍රීන් නම් පුරුෂයින්වත්.. පුරුෂයින්නම් ස්ත්‍රීන්වත් සොයා යන්න.. ඔවුන් හා කතා බහ කරන්න.. ඇසුරු කරන්න හදන ගතියකුත් තියෙනවා.. ඊට අවස්ථාව නොලැබීමේදී තදින් කේන්ති ගැනීමත් දකින්න පුළුවන්.. විවාහය ප්‍රමාද අය නම් මේ කාල වලදී තදින් කෝප ගෙන හැසිරෙන ආකාරයත් පැහැදිලිවම දකින්න ලැබෙන අවස්ථාව වැඩියි. කේන්ති ගන්න හේතුව ඇහුවට කියන්නෙත් නැහැ..ඒත් නිතර කේන්ති ගන්නවා... ඒ වගේම අනියම් සම්බන්ධකම්... තමන්ගේ තරාතිරමට නොගැලපෙන ආස්සරයන්ට යොමු වීමත් මේ කාලෙදිම සිද්ධ වෙන්ට ඇහැකි...

කෘෂිකාර්මික වැඩ වලට හා.. යන්ත්‍රසුත්‍ර..රසායන දුව්‍ය.. පතල් සම්බන්ධ කර්මාන්ත වලින් මෙම දසාව ගෙවන අයට වාසි ගන්නත් පුළුවන් කමක් තියෙනවා උනත් ඒ ක්ෂේත්‍රයන් හරහා සිදුවන අනතුරුත් බල පවත්වන බව කිව යුතුයි.

කොහොම උනත් අර අනිත් දසාවන්ට වගේම මේ කුජ මහ දසාවෙදිත් උත්පත්තියෙදී කුජගේ පිහිටීම හොඳද නරකද කියලා බලලා තමා අවසාන තීන්දුවක් දෙන්ට ඇහැකි.. හැබැයි හොඳටම හිටියත් පොඩ්ඩක් හරි කරදරනං කරවන දසාවක් තමා කුජ කියන්නේ... නරකට හිටියොත් ඉතිං මං කියන්ට ඕන නැහැනේ...

මේ කාලවලදී අපල ගෙවෙන්ටයි කියලා ඔය බෝධි පූජා එහෙම කරන්ට කියලා වැඩක් නැහැ..මොකද පන්සලේ දොරකඩින් ඇතුලට යවාගන්ටත් අමාරු වෙන්ට ඇහැකි හින්දා.. ඒ ගියත් ගිහින් මොනවා හරි නොගැලපෙන දෙයක් කරන්ට හරි..වචනයක් කියන්ට හරිත් ඇහැකි...

පුළුවන් තරං උෂ්ණ කෑම අඩු කරලා හොඳට එළවළු පලතුරු වැඩියෙන් ආහාරයට අරගෙන දවසට දෙවේලේ නාලා කරලා ඉන්න බලන්න ඕන කාලයක්.. ඒ වගේම හරක් මස්නං නොකනම තරමට හොඳයි... මං දැකලා තියෙනවා කුජ මහ දසාව ගෙවන අය හරක්මස් කෑවොත් එදාට වලියක්... ආන්න ඒ හින්දා ඔය හත් අවුරුද්ද ටිකක් මස් මාංශ භාවිතය අඩු කරලා ජීවත් වෙන තරමට අපල අඩුයි... අනිත් වතාවත් ඉතිං හොයලා බලලා කරන එකත් හොඳයි...ඒ වගේම පාර තොටේ යද්දි හොද කල්පනාවෙන් යන්ට එන්ට ඕන..රිය පදවනවනං වෙන දේවල් ගැන නොහිතා.. නිතර වේගය පාලනය කරගනිමින් රිය පැදවීම කරන්ටත් ඕන...

හැබැයි ඇතැම් විට බොහෝම සුළු දෙනෙක් විතරක් ඔය කාලෙදි ඔය කිව්ව කිසිම දෙයක් නැතිව මහා බයගුල්ලෝ වගේ හැංගිලා ඉන්න හැටිත් දකින්ට පුළුවන්.. ඒ බොහෝම සුළු පිරිසක්...

හරි ඊ ළගට කාගෙත් යාළුවා.. රාහු ගැන තමා කියන්ට හිතං ඉන්නේ...

19 comments:

  1. රාහූ 7 උනාම මොකද වෙන්නේ කියලා කියපන් ඈ

    ReplyDelete
  2. කොයි කාලෙත් ඔලුව පරිස්සං කරගෙන ඉන්න එකනං හොඳයි.

    ReplyDelete
  3. අප්පේ මම් ඉපදිලා තියෙන්නෙ කුජ මහ දශාවෙන්.අම්ම කිව්වෙ පොඩිම කාලෙ මගෙ ඔලුවේ උශ්ණ බිබිලි වගයකුත් ආවලු.

    ReplyDelete
  4. @ වැප්

    රාහියි රවියි 7 හිටියම මම් වගේ එකෙක් වෙනවා :)

    ReplyDelete
  5. හොඳ විද්‍යාත්මක විග්‍රහයක්. මේ ගැන ටිකක් ඉගෙන ගන්න හිතුනා. ස්තුතියි.

    ReplyDelete
  6. යමක් ඉගෙන ගත්තා.

    ReplyDelete
  7. මාරයියේ....මාර කෙස් එක කියන්නේ....මගේ කෙන්දරේ ..කුජ හතේ ....

    ReplyDelete
  8. මාත් ඉපදිලා තියෙන්නෙ කුජ දසාවෙන්. කකුල් වල තුවාල හැදුනා පුදුම විදියට ඒ කාලෙ..

    ReplyDelete
  9. මාත් කුජ මහ දශාවෙන් නොවැ ඉපදිලා තියෙන්නේ. මගෙත් පොඩි කලේ කකුලේ තුවාල වගය හැදිලා සැහෙන කාලයක් බේත් කරල තිබුනා.

    ReplyDelete
  10. අම්මේ මට නම් රාහු ලැබුවා විතරයි. රටෙත් නොහිට යන්න වුනා නේ.

    ReplyDelete
  11. රාහුවා ගැන නම් කියල වැඩක් නෑත.ජීවිතේම වෙනස් කරා.:(

    ReplyDelete
  12. පවුල් සැලසුම් කරන ඇත්තෝ මේවාටත් chapter වෙන් කරන්නට.... තමුන්ට නැතත් දරුවන්ට හරි හොඳ කලක් යයිනේ...(insurance කලා වගේ තියේවී)....

    ReplyDelete
  13. රාහුව ගැන හොඳට දැන ගන්න ඕනේ........ මට කෙල වෙලා තියෙන්නෙ ඕක හින්ද තමයි....

    ReplyDelete
  14. අම්මප ඔය රාහුව මට කොරපු හරියක්... දැන් අවුරුදු දහයක් තිස්සෙ මේ රටෙන් රටට ( ඒකත් හරි හමන් තැනකනම් බැරියැ.. මේ කාන්තාරෙ )ඇවිද්දවල මගෙ කකුලුත් ගෙවිල... අවුරුදු දහයටම මාස 6ක් වත් ලංකාවෙ ඉන්න හම්බවුනේ නෑ.. එකෙනුත් දෙකක් අත කැඩිල එකතැන....

    ReplyDelete
  15. සිකුරා ගැන නං අහලා තියෙනවා...

    ReplyDelete
  16. @ සපතේරු උන්නැහේ,
    විකුණන සපත්තු වල කොලිටිය......හ්ම්.....

    ReplyDelete
  17. @වැප්...

    අන්න ඊළග එකේ කමෙන්ට් එහෙක කියලා ඇති..:D

    @Praසන්ன...

    ඒක හරි...

    @නදී...

    ඉතිරි දසා එක්ක අනිත් කාල වකවානුත් සසඳලා බලන්න නදී...

    @වෙද ගෙදර මහ වෙදනා...

    මේක බොහොම සරලව යන වැඩක් අයියේ... මෙහෙම නෙවෙයි ඔයා මේක හරි තැනකින් පිළිවෙලකට ඉගෙන ගන්න ඕන..ඒක හරියට වටිනවා..

    @සුසන්ත...

    සතුටුයි...

    ReplyDelete
  18. @Raj...

    කුජ 7 හිටියම අවුලක් නැහැ..උන්දෑ ඉන්නේ මොන තත්වයකද කියලා හොයන්ටත් ඕන තීන්දුවකට එන්ට කලියෙන්...

    @Geethika Dilruk...

    ඔව් ගීතික කුජගේ දසාවෙදි එහෙම ගති හුගාක්ම ඇති වෙනවා..

    @ඇනෝ1 සහ 2...

    වෙලාම බලන්න ඕන මේ ගැන තේරුම් යන්නත් විශ්වාස කරන්නත් පටන් ගන්න...

    ReplyDelete
  19. @නදී...

    රාහු ගැන පෝස්ට් එක දැන් දාලා තියෙන්නේ..ගිහින් බලන්ට...

    @widanarala...

    කිසිම දෙයක් ඕනවට වඩා කරට ගැනීමත් විපතක්.. කොහොම කලත් එන කෙනා එන්නේ එයාට හිමි වෙලාවටම තමා...

    @ඇනෝපිලිස්...

    අන්න යන්ට ඊ ළග පෝස්ට් එකට...

    @සපතේරු උන්නැහේ...

    ඊ ළග..ඊ ළග...

    @ඔබ නොදු‍ටු ලොවක්...

    අහලා මදි.. මාත් කියනවා ඉස්සරහට...ඔහොම යං බලාගෙන...

    ReplyDelete