07 October 2011

මෙන්න එහෙනං රාහු...

ආයේ මට අමුතුවෙන් කියන්ට දෙයක් ඉතිරි කරලා නැහැ..කලින් මං දාපු ලිපිවලදී හුඟ දෙනෙක් රාහු ගැන විස්තර කියලා තිබුනා...ඇත්තටම ලේසියෙන් කෙනෙකුට අමතක නොවෙන යාළුවෙක් තමා රාහු කියන්නේ... ඒ තරමට අපූරු හාදයා...

මේ රාහුගේ රඟ කොහොමද කියලා හිතා ගන්න පහසු වෙන්න පොත පතේ මෙයාට දීලා තියෙනවා රූපයක්.. ඒ රූපේ හැටියට රාහු කියන්නේ බොහෝම දිග කකුල් තියෙන උස හාදයෙක්... ඒත් අපූරු වැඩේ තමා උන්දැට මේ අපිට වගේ මිනිස් හිසක් එහෙම නැහැ..තියෙන්නේ නාග හිසක්... මෙතනින් පෙන්නුම් කරන්නේ රාහු ඇවිල්ලා ඇවිදින්නම උපන්න ගොයියෙක් කියලයි.. කකුල් දෙක දිගට දිගේ විතරක්නං බැරියෑ.. අස්සයෙක් උඩ නග්ගලා තමා රාහුව තියලා තියෙන්නේ... අස්සයට බ්රේක් තියෙනවා කියලයෑ...

ඒ ඔක්කෝමත් හරි මනුස්ස ඔළුවක් නැති කමින් පෙන්නන්නේ රාහුට කිසිම සිහි කල්පනාවක් නැති විත්තියයි... ඒ හැටි දුර දිග නොහිතන.. කන බොන දේක රහක් ගුණක් ගැන දැනුමක් නැති.. කිසිම දෙයක් නිවී හැනහිල්ලේ කල්පනා නොකර මහ ගුස්ප චරිතයක්...

ඉතිං අපි මේ රාහු ලැබුන කෙනෙක්ගෙනුත් ඔය ටිකම තමා වැඩියෙන් දකින්නේ...

යන්නේ එන්නේ කොහේද කියලා දන්නෙත් නැතිව ගමන් බිමන් යන.. යන එන ගමන්වලින් ඒ හැටි පලයක් නැති..එක තැනක ඉන්න හිත් දෙන්නේ නැති.. වැඩිහිටියෙක්..ගුනවතෙක්.. දැනුමැත්තෙක් කියන කිසිම දෙයක් අහන්න සූදානම් නැති... ඕන දේකට වාද විවාද කරහින් ඉන්න.. තේරුමක් නැතිව කේන්ති ගන්න.. රණ්ඩු සරුවල් වලට යන.. ආගම් දහම් වලට බැන බැන ඉන්න... පන්සලක් පල්ලියක් හතර මායිමට ගෙනියන්න අමාරු... ගති ලක්ෂණ තමා එහෙම රාහු මහ දසාවක් ලැබුන අයගෙන් ප්‍රකට වෙන්නේ...

ඒ වගේම තමා රාහු තරං අධ්‍යාපනයට හරස් කපන තව එකෙක් නැති තරං.. මොකද සෙ‍නසුරත් අධ්‍යාපනයට බාධා කලාට ඔය ගුප්ත සාස්තර..එතනින් ගියහම සාහිත්‍යයට බර දේවල්වලට.. පුරා විද්‍යාව.. ප්‍රාචීන භාෂා සාස්ත්‍ර වගේ දේවල්වලට පොඩි සප් එකක් දෙනව මං හුග වෙලාවකට දකිනවා.. එතනින් ගියහම සිකුරත් ඔය අධ්‍යාපනේට ගේම දෙන ජාතියේ හාදයෙක්.. මොනවා එහෙම කිව්වම ටිකක් අවුල් ගියා වගේ නේද..? ඔව් කවුද හිතන්නේ සිකුරුගේ නරක තියේ කියලා.. ඔව් ඇත්තටම සිකුරුත් බොහෝම වෙලාවට අධ්‍යාපනේට පොඩි ගේමක් දෙනවා.. හිතලා බලන්නකෝ යසට ඉගෙන ගෙන යන එහෙකුට මගුල් විසේ ඉහට ගැහුවම මොකද වෙන්නේ කියලා.. ආන්න ඒ විදියටම තමා නිසංසලේ ඉගෙන ගන්න ළමයෙකුට විනෝදාත්මක දේට යොමු වීම වැඩි උන ගමන් එතනත් වෙන්නේ අධ්‍යාපනයට හරස් කැපෙන එකම තමයි.. ඒත් මං කිය කිය හිටියේ සිකුරු උනත් කලා කටයුතු වලට නිර්මාණශීලී විෂයන්ට ලොකු තල්ලුවක් දෙනවා..ඒත් රාහු..ම්හූ.. ලේසියෙන් දෙයක් දෙන්නේ නැහැ...

හැබැයි දැන් හිතන්න එපා රාහු නොදෙනවමයි කියලා... රාහු දෙන වෙලාවල් තියේ..ඒ දෙනකොට දෙන්නෙත් කානුවට දාලා පෙරලගෙන හොම්බට ඇන ඇන තමා... මදි නොකියන්නම දෙනවා.. හැබැයි රජෝ කොච්චර දුන්නත් ඒක නිකං ණයට ගත්තා වගේ වැඩක්..ඒ කියන්නේ රාහු මහ දසාවේ මුලදි මැදදි දෙන දේවල් දසාවේ අගදී හෝදගෙන පිහගෙනම යනවා... එහෙමත් කෙනෙක් තමා රාහුගෙන් ලැබුන දෙයක් පරිස්සං කර ගන්නේ... ඔය උත්පත්තියේදී රාහු උච්ච වෙලා එහෙම හිටියොත් රාහුගේ පොඩි හොඳක් දෙන අවස්ථා තියේ.. ඒ වගේම තමා උපතේදී රාහු නව වැන්නේ හරි එහෙමත් නැත්තං එකොලොස්වැන්නෙහි හරි තරමක් හොදින් හිටියනං ආන්න ඒ අයට රාහු මහ දසාව ගුණදායකයි.. එතකොට ගෙවල් ඉඩං යාන වාහන දීලා බොහෝම සතුටින් ‍ඉන්ට සලස්සනවා.. ඒ වගේම වන්දනා ගමන්..විදේශ සංචාර.. එහෙමත් දෙනවා වගේම දේසපාලනය කොරන කෙනෙක් එහෙමනං එක පාරට ප්‍රසිද්ධ කරවලා මැති ඇමති තනතුරු හිටං අරං දෙන්ට මේ රාහුට හයිය හත්තිය තියේ..හැබැයි මතකනේ..දුන්නා වගේම ගන්නවා කියලා.. එහෙම දිනලා තනතුරු නම්බු නාම ගත්ත අය දසාව අවසානේදී නිකංම නිකං බලු කුක්කෝ වගේ පීචං වෙලා පැරදිලා ගෙදර යන්නේ ආයේ ප්‍රසිද්ධ සමාජෙට එන්නවත් තැන නැති කරගෙන...

එතකොට රාහු ගැන පොඩි පැහැදිලි අදහසක් කට්ටියට එන්න ඇතිනේ..? රාහු කියන්නේ වද දෙන කරදර දෙන..ලෙඩ දෙන.. වාත අමාරු හදවන.. ඇවිද්දවන හාදයා... එක තැනකට වෙලා ඉන්න වෙනවනං එහෙම වෙන්නේ අතක් පයක් කඩලා බෙහෙත් කරවන්න තමා.. එහෙම නැත්තං බඩට කන්න ටික නැතිව ආතක් පාතක් නැතිව ඇවිද්දවනවා...

ඒ වගේම දෙන්න ගත්තොත්.. හදිසි ධන ලාභ.. ඒ කිව්වේ ඔය ස්වීප් ටිකට් එහෙම ගොඩදාලා දෙනවා.. විශේෂයෙන්ම සූදුවට හොඳම හාදයා තමා රාහු.. රාහු බලවත් අයට අස්ප රේස් එහෙම හොඳට අල්ලලා යනවා.. හොඳ බූරු කප්පිත්තෝ වෙන හුග දෙනෙක්ගේ රාහු බලවත් වෙලා තියෙන හැටිත් මං දැකලා තියේ...

රාහුගේ තවත් අපූරු හැකියාවක් තමා මිනිස්සු හදිසි කසාඳ වලට පටලෝන එක... මේ ජීවිතේට නොබඳින උන්දලවත් අවුරුදු හතලිස් පණස් ගණන්වලදී හිටං කසාද බන්දන්න මෙයාට පුදුම හැකියාවක් තියේ.. සමහර ඉගෙන ගන්න ළමයි හිටං රාහුගේ සිකුරු අතුරු දසාවක් ලබලා ටික දවසකින්ම ඉගෙන ගන්න එක නවත්තලා දාලා කසාද බදින අවස්ථා කිහිපයක්ම මං අත්දැකලා තියේ.. ඕක රාහුගේ සිකුරු අතුරු දසාව වගේම සිකුරුගේ රාහු අතුරු දසාවෙදිත් තදින් දකින්න ඇහැකි දෙයක්.. හැබැයි ප්‍රධානම කාරණාව තමා එහෙම කෙරෙන විවාහයන් ඒ හැටිම සාර්ථක නැති වෙන එක... ඒත් කොහොම හරි පටලෝලනං දෙනවා...

ඊ ළගට නරකම දේ තමා ඔය රාහු මහ දසාවේ සෙනසුරු අතුරු දසාව... ගෙදරින් පන්නලා නවතින්නේ නැහැ..සමහර වෙලාවට රටෙනුත් පන්නලා දානවා... උපන් තැන ඉන්න එක ලේසි නැහැ.. ඔය බෝඩිං වෙලා එහෙම ඉන්න අයටනං මේක ඒ හැටි අවුලක් නැහැ... එහෙම නැතිව ගේ ඇතුලටම වෙලා හිටිය ළමයි හුග දෙනෙක් ගෙවල් වලින් පාරට අඩිය තියන්නේ ඔන්න ඔය කාල වලදී තමා..රාහුගේ සෙනසුරුත් එකයි..සෙනසුරුගේ රාහුත් එකයි.. දෙන්නම මිනිහෙකුට දෙන්න තියෙන උපරිම වද දෙනවා...

මොලේ කල්පනා කරලා වැඩ කරනවනං රාහුගෙනුත් වැඩ ගතෑකි... ටිකක් කල්පනා කරලා බලන්ටකෝ...

34 comments:

  1. මාරතුමා, පොඩි කොස්සක් තියෙනවා. මම මගේ උපන් නැකත දන්නේ නැනේ. කේන්දරේ ලංකාවේ නිසා ඕව ගන්නත් ක්‍රමයක් නෑ. උපන් වෙලාව දන්නවනම් නැකත හොයාගන්න ක්‍රමයක් නැද්ද. ලග්නේ ක්‍රමේ නම් දන්නවා. නැකත හොයන විදිහ දන්නේ නෑ.

    ReplyDelete
  2. අපේ පැත්තෙ හිටිය උස බුවෙක් කේන්දර එහෙම බලන මිනිහට කියන්නෙත් රාහු කියල තමයි.

    'සමහර ඉගෙන ගන්න ළමයි හිටං රාහුගේ සිකුරු අතුරු දසාවක් ලබලා ටික දවසකින්ම ඉගෙන ගන්න එක නවත්තලා දාලා කසාද බදින අවස්ථා කිහිපයක්ම............' මාරයත් ළගදි බ්ලොග් එක නවත්තනව කිවුව නේද?

    ReplyDelete
  3. අඩේ අප්පා, මෙලෝ දෙයක් ගැන නොහිතා, හම්බුණු එකක රහක් ගුණක් නොබලා, යන්නෙ එන්නෙ කොහෙද කියල නොහිතා, පලක් නැති ගමන් බිමන් යන්න රෙඩිනම්, රාහු කියන්නෙ එල ග්‍රහයෙක්නෙ. ඌව එක්ක යන්න ඕන ඊලඟ ට්‍රිප් එකට.

    ReplyDelete
  4. @Grey...

    මචං මූණු පොතෙන් මැසේජ් එකක් දාහං මං හදලා දෙන්නං

    ReplyDelete
  5. @Praසන්ன...

    මං ගුරුගෙන් ඉපදිලා සෙනසුරාගෙන් වරං අරං දැන් දැහැමෙන් සෙමින් බුධගේ දසාව ගෙවන එකා..අපි නැහැ ඕවට...

    ReplyDelete
  6. ඔන්න දැම්මා

    ReplyDelete
  7. @නලිනි චන්දිමා...

    ඔව් ඒකනං ඇත්ත..අපිටත් හිටිය ගමන් ඔහොම රාහු ලබනවා..:D:D:D

    ReplyDelete
  8. @Grey...

    හරි මචෝ මං බලන්නං

    ReplyDelete
  9. මගේ යන්නෙ රාහු දසාව. රාහු 7 ඉන්නෙ. උච්ච. රාහු දසාවෙ තව අවුරුදු 7ක් විතර තිබේ. ඒකට සෙනසුරු ඒරාෂ්ටකේකුත් සෙට් වෙලා අවුරුදු 7 1/2ක. මාරයෝ මා නැතෝ නේද ?

    ReplyDelete
  10. කෝ කියලා නැහැ නේ රාහු 7 ට ගියාම වෙන දේ කැතයි හොඳේ

    ReplyDelete
  11. @Chanaka Aruna Munasinghe...

    ඒ හැටි අවුලක් නැහැ මකරා..ඔය ඉන්නවා වගේම ඔහේට වෙලාම හිටිං..ඒ තමා අපලේ ගෙවෙන්න හොඳම විදිය..අන්තිම ජුංඩ දැක්කේ නැත..?

    ReplyDelete
  12. මාරයා මල්ලි, ඕනයගේ කේන්දරේ බලල දෙන්න බැරිද? ඉපදිච්ච වෙලාව උගේ හොඳ වෙලාවක් වෙන්නැති, හරියටම කියන්න ඒ යකා දන්නෙත් නෑ, පොර කියන්නෙ තාම 34 ය් කියල.

    ReplyDelete
  13. @වැප්...

    ආ එහෙම උනාම ඔය නොදන්න නිවේදකකං කරන්න ගිහින් වරිගෙ නහ ගන්නවා වගේ වැඩ සිද්ධ වෙන්ට ඇහැකි...:D

    ReplyDelete
  14. @ Observer

    ඕනයා කියන්නෙ සිකුරාජපති පරම්පරාවෙ එකෙක්. වෙලාව දන්නෙ නෑ කියන්නෙ බොරු. පොර කවද හරි ලංකාවෙ ජනාධිපති වෙනවා

    ReplyDelete
  15. @Observer...

    ආ ඒක මං දැන් මාස තුන හතරකට කලින් බැළුවා..හැබැයි උපන් දිනේ තිබුනේ 1969 අවුරුද්දේ..ෂහ් මට ගණං වැරදුනාවද්ද එහෙනං...

    ReplyDelete
  16. අයියෝ මට උපන් දා සිට රාහුද කොහෙද.......

    ReplyDelete
  17. කපීකේකිOctober 7, 2011 at 4:28 PM

    රාහුවා තමා රාහු.ඔලුවෙ නයි පෙනයක් තියෙනෙ හින්දද මන්ද කිසිම දෙයක් අවසානයක් වෙනකම් කරන්න හිත දුන්නෙ නෑ මටනම්, විශේෂයෙක් ඉගනීමේ කටයුතු.අනික නිකම් මුරන්ඩු ගතයකුත් පෙන්නුව තමන්ගෙ මතයම තමා ස්ථිර කරන්න බලන්නෙ.ඒ නිසා කෙළ වෙච්ච වාර අනන්තයි.අප්‍රමානයි.අනික හිත් රිදිම් වගේ දේවල් හරියට දැනෙන්න උනා. සමීපතම කෙනෙක්ගේ වියෝවීමකුත් සිද්ද උනා.ඔයදේවල් නිසාම අවුරුදු 2ක් විතර සෑහෙන්න විදෙව්වා.හැබැයි අවසානේ කොහොම හරි ගොඩ ගියා.දැන් මෙහෙම ඉන්නෙ ඒ නිසා :)

    ReplyDelete
  18. මන් හිතුවෙ මගෙ නොසන්ඩාලකමට තමයි මේ විදියට සිහියක් පතක් නැතුව වගේ ඇවිදින්නෙ කියල.. මේ රාහු නේ ..අහුවෙද්දෙන්කො මට !

    ReplyDelete
  19. මේ විදිහට නම් මටත් මේ ටිකේ රාහු වගේ.....

    ReplyDelete
  20. @සිහින...

    මට පේන්නේ උඹට සිකුරු කියලා...

    ReplyDelete
  21. @කපීකේකි...

    අඩු නැතිවම දෙන්න තියෙන හරිය දීලා...

    ReplyDelete
  22. @Weni...

    හා හා ඕක ග්‍රහයින්ගේ වරදක් නෙවේ වෙනියා... සමහර උන්ව කෝවේ දාලා මකලවත් හදන්න බැහැ කියනවනේ ඕක ආන්න එහෙම ප්‍රශ්නයක්...

    ReplyDelete
  23. @Dinesh...

    සමහර විට රාහු මහ දසාවක් නොවුනත් වෙන දසාවක මැද්දෙන් එන රාහු අතුරු දසාවකදී උනත් ඔය වගේ තත්ව එනවා...

    ReplyDelete
  24. උඹ අවතාරෙ ආයෙත් වෙනස් කොරල මොන වගෙ ඩෙඟා නැටිල්ලකටද ලෑස්ති වෙන්නෙ?

    ReplyDelete
  25. මගෙ නම් රාහු 1 කොටුවෙම සුවීට් එකට ඉන්නවා දෙයියනේ කියලා. හැමදාම ඔන් ද වේ!!!!! හික් හික් හික් මම ඌට හරි ආදරේ අප්පා... මම ආසම ඇවිදින්න නිසා ඌ මාව ඇවිද්දවනවට නම් ආසයි ඒත් ඉතින් කන්න නම් නැති කරන්නෙ නෑ දෙයියනේ කියලා කන්න නම් හම්බ වෙනවා ඕනි දෙයක්

    ReplyDelete
  26. දැන් අනෙකුත් ග්‍රහ අපල ගැනත් පිළිවෙලට දාගෙන එනව නේද ...?

    ReplyDelete
  27. මගෙ රාහු 9 ඉන්නෙ. දැන් ගෙවෙන්නෙ රාහු මහ දසාව.සෙනසුරු අතුරු දසාව මෙ මාසේ 2 න් ඉවරයි.ඉදිරි කාලය කොහොම වෙයිද?

    ReplyDelete
  28. රාහු 7 ඉද්දි මොකද වෙන්නෙ මාරයා අයියෙ?මම අහල තියෙනව රාහු 7 අය කසාද බදිනවනම් හරියටම ගැලපෙන්නෙ බදින කෙනාගෙත් රාහු 1,4,7,10 තැනවල තියෙන්න ඕන කියල.ඒක එක එක්කෙනගෙ වෙලාවෙ හැටියට වෙනස්වෙන දෙයක්ද නැත්තම් සම්මතයක්ද?

    (සජී)

    ReplyDelete
  29. සද රාහු ගිල්ලා කියන්නේ ඇත්තද ...? පොඩි කාලේ මම අහල තියෙනවා.......

    ReplyDelete
  30. පිස්සු හැදෙන වැඩ තමයි රාහුත් කරන්නෙ...!
    මටත් රාහුද කොහෙද..?

    ReplyDelete
  31. රාහු ගැන මාර මලය මොනව කිව්වත් රාහු නිසා මමනම් ඉගෙන ගත්තා. හොඳ ‍රැකියාවකුත් ලැබුන. ඒත් ඔය හොඳයි කියන ගුරුගෙන්නම් මට මොකුත් ලැබුනෙ නෑනෙ. ගුරු ඉතිං ඔහෙ ඇවිත් ගියා විතරයි.

    ඉතිං කියමුද බලන්න සෙනසුරා ගැන. මොකද මාරතුමා අඬගහනකන් මට ඉන්න වෙලා තියෙන්නෙ සෙනසුරා එක්කනෙ. සෙනසුරා මට මොනවද දෙන්නෙ කියල දැනගන්න තියෙනවනම් හොඳයි.

    ReplyDelete
  32. හෆෆා.. මට අද තමා මේ බ්ලොග් එක හම්බුනේ... ඇත්තටම හුගාක් දේවල් හරි.. මමත් 50%ක් විතර කේන්දර විශ්වාස කරනවා. මොකද මෙච්ච්රකාලෙකට මගේ කේන්දරේ බලලා කියපුවා හරි ගිය නිසා.

    මම කන්‍යා ලග්නේ, මේ ඔක්තෝම්බර් ඉදන් මටත් කේන්දරේ හැටියට රාහු ලැබුවා. කේන්දරේ බල බලන අය කියන්නෙනම් මම පිට රට යනවමයි කියලා.හැබැයි තවම මට එහෙම හිතිලවත් නෑ... ඉස්සරහට මොකාක් හරි නස්පැත්තියක් වෙලා මට ගම රට දාල යන්න ව්එයිද කියලත් බය හිතෙනවා මේවා කියෙව්වහම..:(

    ReplyDelete
  33. 1992 08 22 ........ උදේ 8 51 ............ කොළඹදි. මම ඉපදුනේ......... උපතින් රාහු 4 වැන්නෙ නීච වෙලා........ කේතුගෙ නැකතක......... මම අහල තියෙනවා රාහු 4 නම් අධ්‍යාපනය විනාස කරනවමයි කියලා...... අනික මට 2005 ඉදන් 2023 වෙනකම්ම රාහු මහ දසාව...... ඒලෙවල් කරනකොටත් රාහු මහ දසාව........ඒත් මම ගනිත අංශයෙන් උසස්පෙල කරලා ලංකාවෙන්ම පලවෙනි 100 අතරටත් ආවා........දැන් යන්නෙ රාහුගෙ සෙනසුරැ අතුරැ දශාව............ පුලුවන්නම් පැහැදිලි කරන්න මේම උනේ ඇයි කියලා...... :P .......මමත් කන්‍යා ලග්නයේ

    ReplyDelete
    Replies
    1. adyapane..gana..balanne..nam..4n..newe..5nui..9nui..ethendi..malli..oyage..chandraya..wrushabaye..thamangema..nakathaka..uchca,,balayen..innawa..nawansketh..chandraya..inne..wrushabaye..e..kiyyanne..chandraya..wargoththamai...e..chandrayath..ekka..9..inna..kujath..thamngema..nakathakai.inne..e..anuwa..oyage..usas..adyapanaya..bohoma..sarthka..wenna..ona...shani..inne..5..uchchawa..wakrayen..oyata..A/L karaddi..gewenne..shanige..athuru.dashawak..thawath..kiyanawanam...oya..mulika..adyapanyen..ganitha..anshayen..ithama...sarthaka..wenna..ona...10..inna..lagnadi..pathi..budha.kiyanne..oyage..rakiyawa..ganithamaya..shesthrayakin..kiyalai..e..shani..inne..kalin..kiwwa..wargoththama..chandrayage..nakathakai..e..nisa..oyage..ganitha..shethraye..diunuwa..isthirai...12..inna...ravi..swashethra.balayen...12..inna...sikuru sha..guru..ekka..sambnada..wenawa..guruth..sikuruth..sikuruge..nakath..walamai..inne..e..sikuru..rahuta..drusti..denawa..eken..pena..deyak..tamai..oya..me..rahu.maha..dasawedi..widesha..gathwena..bawa...2017 oya..widesha..gathawei...

      Delete